Wednesday, December 11, 2013

සරාගය නැති ​කරන​ ආහාර!​

මිනිසාගේ සරාගි මනෝභාවය ඇතිකරන හා කාමය උත්පාදනය කිරීමෙහිලා අනිකුත් සියළු දේ අභිබවා අප ගන්නා ආහාර ඉදිරියෙන් සිටී. කාමය සූන්‍යකරන අහාරද අතර වෙයි. දෙදෙනා තනිවී රාත්‍රී භෝජනය ගැනීම යම් සරාගී මනෝභාවයක් ඇති කළත් එම ආහාර වේල සපයා ගන්නා අහාර වට්ටෝරුව එය තව වැඩි කර දීමක් හෝ නොසිතූ ලෙස එය උඩු යටිකුරු කිරීමටද සමත් වෙයි.  එනිසා සංසර්ග සතුට උපරිමව විඳින්න බලාපොරොත්තුවන අපි සැමවිට අප ගන්නා ආහරයන් ගැන සැළකිලිමත් විය යුතුයි.



ප්‍රතමයෙන් අපි මනෝභාවය නසන ආහාර ගැන බලමු. 



අසුරන ලද ආහාර 'Caned foods'

අසුරන ලද ආහාර​, බොහෝ අසුරන ලද ආහාරවල සෝඩියම් බහුලව හා පොටෑසියම් අවමවද අඩංගු වෙයි. එය අප ශරීරයේ රහස් අවයවන්වලට රුදිරය ගමන් කිරීම අවම කර එවායේ ක්‍රියාකාරිත්වය අඩාල කරයි. එමගින් අප කාමරාගයද  අවමවෙයි.

මද්‍යසාරය 'Alcohol'

අදික ලෙස මත් පැන් භාවිතය පුරුෂ හෝමෝන බලහීන කරන අතර​ මද්‍යසාරය එක්තරා අවපීඩකයක් වන අතර කායික ශක්තියද හීන කරයි. නමුත් වයින් ස්වල්පයක් ගැනීමෙන් මනෝභාවය තරමක් ඉහල දමන බවත් සඳහන් කළ යුතුයි. 

චීස් 'Chees'

වෙළඳපොලේ ඇති බොහෝ චීස් වර්ග නිපදවා ඇත්තේ එළකිරිවලින් නමුත් එය නිපදවීමේදී එකතුකරන ලද කෲත්‍රීම හෝමෝන හා ප්‍රතිජීවකාරක තරමට වඩා එස්ට්‍රෝජන නිකුත් කිරීමෙන් රහස් අංගයන්ගේ ක්‍රියාකාරිත්වය අඩාල වෙයි. එයින් කාම දුෂ්කෘතිය ඇතිවීමටද පවා ඉඩකඩ ඇත​. එනිසා සැමවිටම පිළියම් නොකළ චීස් බාවිතයට ගන්න වග බලා ගත යුතුයි.

කෝපි 'Coffee'

අදික ලෙස කෝපි බීම අධිවෘක්ක ග්‍රන්ථින්ට හානිකරයි. අපගේ ආයාසය ඇතිකරන මෙම ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය ආඩාල වීම නිසා කාම හා තයිරොයිඩ් ග්‍රන්ථියේ සමතුලිනතාවය සූන්‍ය වන්නට අවකාශ ඇත​.
වෙළඳපොලේ බහුලව ඇති සෝයා වර්ග අදික ලෙස පිළියම් කර ඇති අතර ඒවායේ ඇති සෞක්‍ය හිතකර අංෂු ඉවත් කර ඇත. සෝයාවල ඇති සංයෝගය සමහරවිට ස්ත්‍රී පුරුෂ දෙපක්ශයේ හෝමෝන සමතුලිනතාවයට හානිකර වෙන්න පුළුවන්. ලොව පුරා සිටින බික්‍ෂු බික්‍ෂුනියන් තම කාමාශාවන් අඩාල කර ගැනීම සඳහා සොයා බහුලව ආහරයට ගන්නා බවට රාවයක් ඇති නමුත් එහි සත්‍යතාවය සොයා බැලිය යුතුයි.

මින්චි'Mint'

මුකයේ දුගඳය නැතිකරන්න සපන මින්චි කොළ හෝ මින්චි අඩංගු කෑම වර්ග මුකයේ දුගඳය නැති කරන තරමට අප ශරීරයේ කාමරාගයේ උන්නතියට​ සෙතක් කරන්නේ නැත​. මින්චිවල අඩංගු මෙන්තොල් ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අවම කරන බවට සඳහන්. එය අප ශරීරය මෙන්ම කාමයත් සීත කරයි. අනෙක් වතාවේ මිංචි වෙනුවට ඉංගුරු කැල්ලක් සපන්න වෙනස වටහා ගත හැක​.

විජලනය, ශරීරය මහත්වීම​, දත්වලට හානිකරවීමට අමතරව සෝඩා සංසර්ගයටත් බෙහෙවින් බලපායි. සෝඩා අප කාමය, කාමරාගය බිඳලන නරකම ආහරයකි.

සෝඩා 'Soda'

කෘතිම රසකාරක හා එවා අඩංගු අහාර ගැනීමෙන් අප ශරීරයේ 'serotonin' නැමති භෂ්මය නිකුත් කිරීම අඩාල කරයි. එය සතුට, මනෝභාවය පාලනය කර කාමරාගය ඉහල දමන රසායනයකි. තවද එම රසායනය අවම වීමෙන් හිසරදය​, ආතතිය හා උද්දීපතය වැනි අසහන ඇතිවන්නට පුළුවන​.



               මගේ සත්‍ය ආදර කතාව සීත උක්‍රේනයේ ​සුමුදු සැඳෑවක්! කියවා  ප්‍රතිචාර දෙන්න.