Wednesday, June 18, 2014

ශුක්‍රානු පරිමාව

cartoon sperm : Two funny drawn sperm - a girl and a boy. Vector.
සංසරගයක දී ස්ත්‍රීය හෝ පුරුෂයා  නියම වින්දනය ලබන්නේ තමන් අපේක්‍ෂා කල පරිදිම එහි අවසානය දැකීමෙනි.  එයින් ඔවුන් කායිකව​ වින්දනයක් ලබයි. එය එසේම වූ නමුත් ඊට එහා ගිය වින්දනයක්ද එතන ඇත​. එය එක්තරා වූ මානසික වින්දනයකි. එය තමා හා එක් වූ සහායිකාව සතුටු වී ඇති බව දැකීමෙන් පුරුෂයාටද තමා හා එක්වූ පුරුෂයා සතුටු වී ඇති බව පසක් වීමෙන් ස්ත්‍රීයටද ලැබෙන මානසික වින්දනයයි. එසේත් නැතිනම් ගෙවුනු ලිංගික ක්‍රියාවලියේ දී තමා අනිකාව​ සතුටු කළාද නැද්ද යන දෙගිඩියාවයි. එය එසේම වී ඇති නම් එයින් ලබන​ සොම්නසයි. ජයගත්තා යන සැනසීමයි. පරාජය කලා යන ඝර්වයයි. ස්ත්‍රීය පසෙකලා, පුරුෂයා ලබන මානසික වින්දනයද එය සාක්‍ෂාත් කර ගැනීමට​ ඔහුට​ සාදක , පාදක වන කාරනා ගැනද අපි බලමු. 

පුරුෂයා එම වින්දනය ලබන්නේ එම අවස්තාවට තමා හා එක් වූ ගැහැණිය සංසර්ග සතුටේ උපරිමය දැක ඇති බව සනාත​ වීමෙනි, නැත්නම් තමා  සයනයේ දී ඇයව ජයගෙන ඇති බව ස්තීරවම දැනගැනීමෙනි. අවසන් වූ ක්‍රියාවෙන් ඇය යම් වින්දනයක් ලැබුවාද? නැද්ද​? එය අඩුද? වැඩිද​? යන්න ක්‍රියාව අවසන් වූ විගසම ඇගේ ඇස් වලින් හා ඇගේ ශරීර චලනයන්ගෙන් දිස්වෙන​ ඉරියව්වලින් දැක ගත හැකියි . එසේ තමා හා එක් වූ සහායිකාවගේ සතුට ගැන තැකීමක් නොකරන පිරිමියා නියම පිරිමියෙක් නොවන අතර එසේ කල ඔහු ලබන්නේ කායික වින්දයක් පමනයි. කොටින්ම එය වින්දනයක් නොවන අතර​ මානසිකව නොලැබ කායිකව පමනක් විඳී ඇති එම​ පුරුෂයා අසහනයට​ පත්වෙයි. මානසික තෘප්තිය යනු හර්ධ​ සෞක්‍යයට ඉවහල් වන ප්‍රබලම සාදකයකි.

සංසර්ගයක දී ඉදිරිපත් වන දෙදෙනාගේ සතුට රඳා පවතින්න නොයෙකුත් කාරනා හේතු සාදක වෙයි. පුරුෂයාගේ ලිංගයේ ප්‍රමානය, මෝචනය පසුකර රඳවා ගැනීමේ ශක්තිය වැනි කාරනාවන්ට අමතරව පුරුෂයා සංසර්ගයේ අවසානයේ දී පිටකරන ශුක්‍රානුවල පරිමාව, එයේ කැටිවන් බව වැනි කාරනාද​ අධිකතර සුරන්තයක් විඳීම​ සඳහා ප්‍රබලව​ සාදක වෙයි. සංසරගයක අවසානයේ දී පයිප්පයක් ඇරියාක් මෙන් කැටිවන් ශුක්‍රානු ධාරිතාවක් පිටකිරීම ඕනෑම පුරුශයෙකුගේ ආශාවයි. සැඟවුනු අභිලාශයයි. ශුක්‍රානුවල කැටිවන් තුනීවන් බව හා ධාරිතාව නොයෙකුත් හේතූන් නිසා එකිනෙකාට වෙනස් වෙයි. වයස, ආහාර, ක්‍රියාශීලී අක්‍රියාශීලී බව සෞක්‍ය තත්වය​, මානසික පීඩාව, ආතතිය​, ජීවන රටාව වැනි මෙකී නොකී දේ මෙයට බලපාන කාරනාය​​.

නාඹර වියේ දී ශුක්‍රානු පිට කිරීමේ පරිමාව මැදිවියට වඩා ඉහල බවක් පෙන්නුම් කරන​ අතර මැදි විය මහලු වියට වඩා එලවත් වෙයි. පෙර අවස්තාවන් පසුකර ඇති බැවින් මහලු වියේ පසුවන්නන්ට ඒ වෙනස හොඳ හැටිම තේරෙයි. තරුණ විය පොදුවේ කාර්‍යශීලී වන නිසාත් එම වියේ දී රුධිර ගමනය ක්‍රමවත් නිසාත් ශරීර ශක්තිය ඉහල නිසාත් ආතතියන් පීඩනයන් වැනි රෝගාබාද අවම නිසාත් එය පොදුවේ ඵලදායී වෙයි.

අප එදිනෙදා ගන්නා ආහාරයන් මෙයට​ ප්‍රධානවම බලපාන අතර ප්‍රෝටීන්, තුත්තනාගම් ( zinc) බහුල අහාර ශුක්‍රානු පරිමාව සඳහා බෙහෙවින් සාදක වෙන අතර​ එල්-කාර්නිටින් (L-Carnitine) අඩංගු අහාරද ධාතු ශක්තිය ඉහල දැමීම සඳහා බෙහෙවින් සාදක වෙයි. බෙල්ලෝ මාලු වැනි මුහුදු ආහාරද මස් වැනි ආහාරවලින් ඒවා සපුරා ගත හැකියි. ජලය පානය අවමකම නිසාත් ශුක්‍රානු අන්තර්ගතය අවම වෙයි. එහෙයින් ජලය හෝ ජලාශ්‍රිත පානයන් ශරීරයට අවශ්‍ය ප්‍රමානයට ශරිර ගත කිරීම වැදගත්. නමුත් සෝඩා අඩංගු බීමයන් ධාතු සෞක්‍යයට අහිතකරය​. ඇමයිනෝ අම්ලය බහුලව ලබා ගැනීමෙන් ධාතු ශක්තිය වැඩිකර ගත හැකියි. රට කජු, ගස් කජු, වට්ටක්කා ඇට වැනි දේ ආහාරයට ගැනීමෙන්  ධාතු ශක්තිය වැඩිකර ගත හැකියි. අලි ගැට පේර වැනි පලතුරු අනුභව කිරීමෙන්ද ධාතු ශක්තිය වැඩිකර ගත හැකියි. එළවලු බහුලව ආහාරයට ගෙන ශරීර සෞක්‍ය තත්වය ආරක්‍ෂා කර ගැනීමෙන් ධාතු ශක්තිය ඉහල දැමිය හකියි.

ශරීරයට තද වෙන පරිදි යට ඇඳුම් ඇඳීමෙන් අන්ඩයන් රත් වීමෙන්ද ධාතු ශක්තිය හීන වෙයි. නිතරම අප අන්ඩයන් වෙත වාතය නිදැල්ලේ ලැබෙන පරිදි තබා ගැනීමෙන් ධාතු ශක්තිය ආරක්‍ෂා කර ගත හැකියි. සෝයා අඩංගු ආහාර එස්ට්‍රෝජන අන්තර්ගතය ඉහල දමා ටෙස්ටෝටියරොන් ක්‍රියාකාරිත්වය අඩාල කිරීම නිසා ඒවා අනුභවය ස්ත්‍රීන්ට යෝග්‍ය වෙතත් පුරුෂයන්ගේ ධාතු ශක්තියට බලපානු ලබයි. දුම් බීමෙන් ධාතු ශක්තිය හීන වෙයි. මද්‍යසාරය ධාතු ශක්තිය බල පැවත්වීමට අගුනය​. අප ශරීර සෞක්‍යතාවය රඳවා ගැනීම සඳහා දිනපතා කරන ව්‍යායාම නිසා රුධිර සංසරනය ක්‍රමවත් වී හර්දයට මෙන්ම රහස් ඉඳ්‍රීයයන්ටද රුදිරය නිසි පරිදි ගමන් කර ධතු නිශ්පාදන ක්‍රියාවලිය ක්‍රමවත් කරයි. එමගින් ශුක්‍රානු අගය ඉහල මට්ටමකින් තබා ගැනීමට හැකි වෙයි.

රුධිර පීඩනය, මධුමේහය වැනී රෝගාබාදවලින් පෙලෙන්නන්ට ඒවායින් වන අතුරු ආබාද නිසාද ඒවාට ගන්නා බෙහෙත්වලින් වන අතුරු ඵලයන් නිසාද ඒවායින් වන අසහනයන් නිසාද ශුක්‍රානු පරිමාවේ හීනතාවය ඇතිවන්නට පුළුවන​. එනිසා එවැනි රෝගාදවලින් පෙලෙන්නන් හා ඒවා සඳහා ප්‍රතිකාර ගන්නන් වෛද්‍ය උපදෙස් මත ඒවා ලබා ගැනීම වැදගත්. පොදුවේ තරුණ විය සෞක්‍ය සම්පන්න වූ නමුත් ඉහත කී කාරනාවන්ගේ අඟහිඟ කම් නිසා හා අස්වභාවිකව අක්‍රියාකාරී ලෙඩ රෝග වලින් පෙලෙන තරුණ වියක් ගත කරන තරුණයන් අතර ඉහත කී ශුක්‍රානු හීනතාවය දක්නට ලැබෙන අතර ක්‍රමානුකූල ජීවිතයක් ගත කරන මැදිවියේ මහළු වියේ පසුවන්නන් ඔවුන්ට වඩා ඉහල​ ධාතු ශක්තියකින් හෙබී පසුවන තත්වයන්ද ඇත​.

සිත ප්‍රශ්නවලින් තොර නිතරම සතුටින් තබා ගැනීම හර්ධ සෞක්‍යයට මෙන්ම ධාතු ශක්තිය ආරක්ශා කර ගැනීමටද බෙහෙවින් සාදක වෙයි. ඒ සඳහා අපේ ජීවිතයේ අපේ එදිනෙදා කටයුතු අපේ සිතට සතුටු වෙන පරිදි හැඩ ගස්සවා ගැනීම වැදගත්. එය අනුන් කෙසේ කීවත් තමන්ට ඇති ප්‍රශ්න තමන්ම දන්නා බැවින් ඒවා කලමනා කරනය කළ යුතුව ඇත්තේ තමන් විසින්මය​. සතුටුදායී විවාහ ජීවිතයක් ගත කිරීමේ දී සංසර්ගයක දී පුරුෂයා පිට කරන​ ධාතු පරිමාව වැදගත් බව මා මෙතන අවදාරනය කරන අතර එවන් සතුටුදායී විවාහ ජීවිතයක් ගත කිරීමට නම්  තම තමන්ගේ ජීවිතයන් ක්‍රමානුකූලව හැඩ ගස්සවා ගැනීමෙන් ඒ සතුට සපුරා ගත හැකි බවත් මා මෙතන පෙන්වා දෙමි.

              මගේ සත්‍ය ආදර කතාව සීත උක්‍රේනයේ ​සුමුදු සැඳෑවක්! කියවා  ප්‍රතිචාර දෙන්න.