Friday, August 22, 2014

පුරුෂයා පුරුෂයෙක්ම වීමට නම් !

healthy manපුරුෂත්වය ! පුරුෂ ශක්තිය යනු කුමක්ද​? එය පරිපූර්නව තිබීමෙන් හා අවම වීමෙන් වන ප්‍රතිපල මොනවාද​? සතුටුදායී ජීවිතයකට එය බලපාන්නේ කෙසේද​? එයේ බලපෑම වැටහෙන්නේ කිනම් වියේහිද​? එයේ අගය අවම නම් යතා තත්වයට පත් කර ගන්නේ කෙසේද​? යන්න ????? මැදි විය පසු කරන බොහෝ දෙනෙකුට මතුවන ප්‍රශ්න වන අතර එය බලවත් සාංකාවක්ද වෙයි.

මැදි වියයි ! සාමාන්‍යයෙන් පුරුශයෙක් තරුණ විය පසු කර මැදි විය එළඹෙත්ම මෙයේ බලපෑම සක්‍රීය වෙන්නට ගනීයි. මේ තත්වය​ 'ආක්‍රමනික අධෝභෞමභාවය'  ( late-onset hypogonadism) ලෙස හඳුන්වයි. නොයෙකුත් ශාරීරික දුබලතා නිසා හෝ වෙන යම් කරුනුන් නිසා තරුණ වියේ දී හෝ ඊට පෙරාතුව වුවත් මෙය සිදුවීමට අවස්තා ඇති අතර විනයානුකූල හා ක්‍රියාශීලී ජීවින කලාපය නිසා මැදිවිය පසු කර සිටියත් හොඳ සෞක්‍යමය තත්වයෙන් කල් ගෙවන පිරිස්ද ඉන්නට පුළුවන​.

'Low T? How's the rest of my alphabet?'තරුණ වියේ දී සාමාන්‍යයෙන් හා උනන්දුවෙන් කල දේවල්, අශාවන්, ඉච්චාවන් එය පසු කරත්ම ක්‍රමක් ක්‍රමයෙන් හීන වී යන්නේය​. මේ වෙනස්කම් සිදුවන්නේ ශරීරයේ පුරුශ ශක්තිය පාලනය කරගෙන සිටින හෝමනයක අගය හීන වීම නිසයි. එය නමින් ටෙස්ටෝතෙරෝන් ( Testosterone ) වෙයි. ටෙස්ටෝතෙරෝනය හෝමෝනයකි, රසායනික දූතයකි. එය පුරුශයා, පුරුශයා බවට වග කියන පුරුශ හෝමෝනයයි. ස්ත්‍රීන් තුලද මෙම හෝමෝනය සුළු ප්‍රමානයක් අඩංගු වෙයි. මෙය ඇන්ඩ්‍රෝජන්  (Androgen) ලෙසද හඳුන්වයි. ටෙස්ටෝතෙරෝන් බොහෝම වශයෙන් නිපදවෙන්නේ අණ්ඩවලය​ ( Testicles ).  අණ්ඩවල සමහර කොටස්වල ඇති  Leydig නම් වූ සෛල මෙම ටෙස්ටෝතෙරෝන් නිපදවයි. ටෙස්ටෝතෙරෝන් නොමැති පුරුශයන් වඳ පුරුශයන්‍ බව සැලකෙයි.

ශුක්‍රාණුජනනය ( පරිනත ශුක්‍රාණු වර්ධන ක්‍රියාවලියේ දී ) ටෙස්ටෝතෙරෝන් නොමැතිව ජීවානු සෛල අභිජනන කෝෂය කරා යාමට අපොහොසත් වන්නේය​.

ශුක්‍රානු නිශ්පාදනයට අමතරව පුරුශයන්ගේ ශරීරයේ තවත් බොහෝ කාර්‍යයන් මෙම ටෙස්ටෝතෙරෝන් මගින් ක්‍රමවත් කරයි.

. කාමය උත්පාදනය​

. ඇටමිදුළු ස්කන්ධය​ වර්ධනය

. මේදය බෙදාහැරීම

. පේශ පරිමානය හා ශක්තිය​ වර්ධනය

. රතු රුධිර සෛල නිශ්පාදනය​

old manපුරුශයා වයසට යත්ම මෙම ටෙස්ටෝතෙරෝන් අගය ක්‍රමයෙන් හීනවීම සිදුවෙන අතර වයස අවුරුදු 40 ඉක්මවා ගිය පසු අවුරුද්දකට 1.6% වශයෙන් ටෙස්ටෝතෙරෝන් අගය හීන වෙයි​. වියපත් මරන අතුරින් බොහෝමයක් පසු- ආක්‍රමනික අධෝභෞමභාවය නිසා වූ අවම ටෙස්ටෝතෙරෝන් අගය ආශ්‍රිතව සිදුවන බවත් වාර්තා වෙයි. නමුත් බොහෝ පුරුශයන් විශ්මජනකව අවුරුදු 60 දී නැවතත් තරුණ වියේ දී තිබූ ඒ ටෙස්ටෝටෙරෝන් අගයම ලැබී ඇති බවටත් තතු ඇත. කෙසේ නමුත් වයසට යත්ම ටෙස්ටෝතෙරෝන් අගය හීන වීම සාමාන්‍යයකි.

පහත ඇති ලක්‍ෂනයන් අතරින් බොහෝමයක් පසු- ආක්‍රමනික අධෝභෞමභාවය​ හේතුවෙන් සාමන්‍යයෙන් වයසට යන විට දැකිය හැකි වෙයි.

. කාම ඉච්චාවන් අවම වීම​

. පුරුශ නිමිත්ත උත්තේජනය අලස බවින් පෙලීම​, විශේෂයෙන් රාත්‍රී කාලවල දී

. බුද්ධිය අවම වීම හා ඥානාත්මක ශක්තීන් හීන වීම​

. තරබාරු ගතිය ආතතිය හා කිපෙන සුළු ගති ඇති වීම​

. මාංශ පෙශී ස්කන්ද හා ශක්තිය හීන වීම​

. ශරීරයේ රෝම අඩු වීම​

. සමේ පෙනුම විකෘතිවීම​

. ඇට මිඳුළු හා ධාතු ශක්තිය හීන වීම​

. උදරයේ මේද ස්කන්දය ඉහල යාම​

කාම දුබලතාවයට අමතරව පසු ආක්‍රමනික අධෝභෞමභාවය ආශ්‍රිතව පරිවෘත්තීය රෝග ( metabolic disease ) හා හෘද්වාහිනි රෝගද ( cardiovascular disease) ඇති වන්නේය​.

''අහ්හ්.....ටෙස්ටෝතෙරෝන් ! අන්‍යෝන්‍ය අපේක්‍ෂාවෙන් යුතුව ඔබ තරමක්, නැහ​...බොහෝම ​විෂේශිතයි ! එමෙන්ම​,මෑතක දී ඔබ ලැබූ එක්තරා නුසුදුසු නාමයක් හේතුවෙන්, තරමක් ! නැහ​...බොහෝම​ දුක්බරයි. ඒ බහුතරයන් ක්‍ෂනයෙන් කිපෙනසුළුව​, කලහකාරීව​, ප්‍රචන්ඩකාරීව​, ආක්‍රමනකාරීව හා ඒ ආශ්‍රිතව හැසිරීම නිසාද, පොදුවේ බුද්ධියෙන් තොරව කරන ක්‍රියාවන්වල නිරතවීමද නිසාද වේ''

hyper active boyසමාජ විරෝදීව හැසිරෙන හා අධික ශාරීරික ආක්‍රමනශීලී භාවයන් පෙන්නුම් කරන තරුණයන් සමාන්‍ය සාන්තභාවයෙන් යුතු හා අඩු ආක්‍රමනශීලී භාවයන් පෙන්නුම් කරන තරුණයන්ට වඩා අඩු ටෙස්ටෝතෙරෝන් හෝ පුරුෂ ශකිතිය අවම ප්‍රතිශතයක් හිමි අයවලුන් බව අධ්‍යයනයන් කියයි. වැඩුනු පුරුෂයන් සම්භන්දයෙන්ද ප්‍රතිපල සමානම බවද තව දුරටත් කියයි. කේවල් කිරීම වැනි තරඟකාරී තත්වයන්හිදී ටෙස්ටෝතෙරෝන් ප්‍රතිශතය බහුලව ශරීරයේ අඩංගු පුරුෂයන් ටෙස්ටෝතෙරෝන් ප්‍රතිශතය අවමව ශරීරයේ අඩංගු පුරුෂයන්ට වඩා සාධාරනව හා සාර්තකව කටයුතු කර ඇති බව ස්විට්සර්ලන්ත පර්‍යේෂකයන් සොයාගෙන ඇත.

මිත්‍යාවක්ම හෝ වේවා නමුත් ටෙස්ටෝතෙරෝන් පිලිඹදව​ කරුනු දැන​ එයට හිමි, යෝග්‍ය සැළකිල්ල දක්වමු.

'ටෙස්ටෝතෙරෝන්' මානව​ අභිලාෂයේ මුදුන් මුලයි, එය පුරුෂ ඉච්චාව හා පුරුෂ ඉතිහාසයද වෙයි. ටෙස්ටෝතෙරෝන් නොමැතිව ගවේෂණද​, සොයාගැනීම්ද​, විජයග්‍රහනයන්ද නැතිවා සේක​.

පුරුෂයන් නමේ අර්තයෙන්ම​ නොවේනම් ඔවුන් පුරුෂයන් නොවේ.

indeඅද කාලීන පුරුෂයන් අපේ පැරන්නන් හා සැසැඳීමක් කර බැලුවෝතින් පැරන්නන් එලවත් බව තේරුම් යාවි. එයට, පුරුෂභාවය හීනවීම සම්භන්දව එය අභිබවා ගිය ආක්‍රමනික​ එස්ට්‍රෝජන හා සංස්කෘතියේ බලපෑම හේතුකාරක වී ඇති බවට වාද ඇත​. කෙසේ වෙතත් අධ්‍යනයන් පෙන්වා දෙන සත්‍ය තොරතුරකට අනූව දශක දෙකකට ඉහත සිටී පුරුශයන්ට වඩා අද සමාජයේ පුරුෂයන්ගේ ටෙස්ටෝතෙරෝන් නොහොත් පුරුෂ ශක්තිය 20% කින් අඩු බව කියවෙයි.

එයට කාරනය වන්නේ මොනවද​?

happyටෙස්ටෝතෙරෝන් මනුෂ්වයන් නිර්භීතයන් හා ශක්ති සම්පන්නන් කිරීමට සමත්‍ය​.  උපරිම ජීවන සෞක්‍යයක් සඳහා ස්ත්‍රී පුරුශ දෙපක්‍ෂයටම​ එය මහෝපකාරී වන හෝමෝනයක් වන අතර​ එය​ පුරුෂයන් සඳහා විශේෂිතයි. අති ප්‍රබල​ප්‍ර පුරුෂානු ශක්තිජනක​ හෝමෝනය  ටෙස්ටෝතෙරෝනයම​ වන අතර​  පහත ඒවාද අඩංගුව, බොහෝ දෙනාට ප්‍රිය ගතිලක්‍ෂණ වර්ධනකාරී භූමිකාවේද​ ටෙස්ටෝතෙරෝනය​ නියලෙයි.

. උසස් වූ ශක්ති මට්ටම​

. උත්සන්න වූ ලිංගික ප්‍රාජකය

.  අස්ථීන් කීරි ගැසී කැඩී බිඳී යාමේ ප්‍රවණතාවයේ  (osteoporosis ) අවම වූ අවදානම

. ​දියුණු වූ මනෝවෘත්තිය

. උත්සන්න වූ තරඟ වැදීමේ හැකියාව​

. උසස් වූ මස් ගොබ ස්කන්ධය

. අවමව අඩංගු ශරීරගත මේද ප්‍රතිශතය​

. උත්සන්න වූ අස්ථි ඝනත්වය​


 සිතන්න සුළුයි නේද​? එහෙනම්, එම තත්වය ලඟා කර ගැනීම කෙසේද බලමු !

 ටෙටෝතෙරෝන් අගය වර්ධනය​ කර ගන්නේ කෙසේද​?


 1. healthy fatසෞක්‍යම මේද බහුලව ආහාරයට ගනිමු!

'සෞක්‍යය' වැරදි අවබෝද වචනයයි. ඇටවර්ගවල හමුවන අසන්තෘප්ත මේද ( Polyunsaturated fat ) පමනක් නොව 'සන්තෘප්ත මේදය​'  ( Saturated fat ) ටෙස්ටෝතෙරෝන් ගොඩනැගීමට බෙහෙවින්ම අවශ්‍යයි. ශක්තිය ලෙස​ 40% වඩා අඩුවෙන් මේද ( විශේෂයෙන් සත්ව ආහාර මගින් ලැබෙන මේදය ) සහිත ආහාර වේලක​ ටෙස්ටෝතෙරෝන් ප්‍රතිශය අඩු බව අධ්‍යනයන් කියයි.

 

vit dඅවශ්‍ය තරම් විටමින් D ලබාගන්න​!

විටමින් D  (Steroid ) නම් හෝමෝනයක්, එය උදේ සූර්‍යාලෝකයට අනාවරනය වීමෙන් ලබා ගත හැක​. අවාසානාවකට අලසකම නිසාත් ශරීරය දුර්වර්නය වේවියි යන බිය නිසාත් අද කාලයේ බොහෝ දෙනෙක් සූර්‍යාලෝකයට විවෘත වෙන්න මැලි වෙතියි. පොදු ශරීර සෞක්‍යය සඳහා විටමින් D අත්‍යවශයි. විටමින් D බහුලව ශරීරගත කර ගැනීමෙන්, ලොව වසරකට මිලියනයක් පමන බිලිගන්නා නිදන්ගත රෝගවලින් මිදෙන්න හැකි බව දොස්තර මාකොලා පවසයි.

3. stressආතතිය අවම කර ගැනීම​

අප ආතතියකට මුහුන දෙන අවස්තාවක දී අධිවෘක්ක ග්‍රන්ථියේ  (Adrenal gland)  secrete Cortisol නොහොත් ප්‍රති ආතතික හෝමෝනය, එම තත්වයට විරුද්දව හෝ එයට​ සරිලන පරිදි ප්‍රතික්‍රියා දැක්වීම සඳහා අප ශරීරය සූදානම් කරයි. මෙය කල යුතු අවශ්‍යම ක්‍රියාවලීයක්. කෙසේ නමුත් දික් ගැස්සුනු, කාලයක් උත්සන්නව, සක්‍රීයව​ ඇති ප්‍රති ආතතික ( Anti-stress ) හෝමෝන ක්‍රියාකාරී තත්වය ශරීර හා මන සෞක්‍යයට අහිතකරයි. උත්සන්න වූ ආතතික තත්වයත් නිදන්ගත රෝග තත්වයත් අද සමාජයේ සාමාන්‍යව දක්නට ලැබෙන දෙයකි. අවාසනාවකට, ටෙස්ටෝතෙරෝන් හා ප්‍රති ආතතික හෝමනය අතර ඍජු සම්භන්දතාවයක් තිබේ. ප්‍රති ආතතික හෝමෝනික ක්‍රියාකාරිත්වය අධික තත්වයක දී ප්‍රතිලෝම වශයෙන් ශරීරයේ ටෙස්ටෝතෙරෝන් අඩංවු අවමය​. ආතතිය කලමානාකරනයේ දී භාවනාව ( Meditation ) නිරත වීම, අවස්තාවට ආවේගයකින් හෝ පාලනයකින් තොරව මුහුන දීම නොකර සැහැල්ලුව තැන්පත්ව දරා ගැනීමට උත්සාහ කිරීම වැනි මන පාලන තුලින් අලාබය අවම කර ගත හැකියි. කොයි දේත් වෙන්නේ මනුසසයාටයි, හැම දේම ජීවත්ව ඉන්නකන් විතරනේ වැනි දේ සිතට ගෙන සිත සහනය කර ගැනීමට උත්සාහ ගැනීම​ කල යුතුවේ .

4. zincඅවශ්‍ය තරම් තුත්තනාගම් ( ZINC ) ශරීරගත කිරීම​

ශරීරයේ තුන්තනාගම් අඩුවීමෙන් ටෙස්ටෝතෙරෝන් අගයද අවම වන බව සැලකේ. ලෝ ජනගහනය අතරින් බහුලවයන් තුන්තනාගම් ඌනතාවයෙන් පෙලෙයි. මා අදහස් ලබාගත් අදාල බ්ලොගයේ ලිපිකරු, තමා තුන්තනාගම් ශරීරගත කිරීම වැඩිකර ගැනීම නිසා තමාගේ ටෙස්ටෝතෙරෝන් අගය විශ්මජනකව ඉහල ගිය බව කියයි. කෙසේ නමුත් තුන්තනාගම් උච්චකාය මාත්‍රා ලබා ගත් පමනට අප මහා ශක්තිවන්තයන් ( Superman) නොවෙන බව තේරුම් ගත යුතුයි. නියමිත මාත්‍රාව අනූව තුන්තනාගම් ගැනීමෙන් ප්‍රතිලාබ රාශියක් ලැබෙන​ අතර මාත්‍රාවන් ගැන උපදේශයක් ගෙන එය ලබා ගන්න​.

5. estrogeneපාරසරික එස්ට්‍රෝජන ( Estrogen ) වලට නිරාවරනය වීමෙන් වලකින්න

කඩාකප්පල්කාරී කර්මාන්තික හෝමෝන ක්‍ෂෙනෙස්ට්‍රෝජන​ ( Xenoestrogen ) භයානකම පැත්තක්. ක්‍ෂෙනෙස්ට්‍රෝජන​ විවිදාකාර පිළිකා ඇති කිරීමට සමත් වන අතර වඳ බව ඇති කිරීම, ශරීරයේ අධික මේදය තැන්පත් කරවීම හා ස්නායුවල ක්‍රියාකාරිත්වයද අඩාල කිරීම වැනි දේද කරයි. එමෙන්ම එය ශරීරයේ ටෙස්ටෝතෙරෝන් අගයද  හීන කරයි. ක්‍ෂෙනෙස්ට්‍රෝජන​ නොහොත් කඩාකප්පල්කාරී කර්මාන්තික හෝමෝනය, ශරීරයේ එස්ට්‍රෝජන අනුකරනය කරන එක්තරාවූ රසායනයකි. අප තරමට වඩා මෙම එස්ට්‍රෝජනයට -අනුකරනකාරී රසායනයට අනාවරනය වීමෙන් සැලකිය යුතු අන්දමට ටෙස්ටෝතෙරෝන් අගය පහත බහීයි.  භයානකම පැත්ත වනුයේ එදිනෙදා ජීවිතයේ අප සමාන්‍යයෙන් අනුභව කරන, පරිහරනය කරන අහාර​, දත් බෙහෙත්, ප්ලාස්ටි, ෂොපිං මලු, සුද්ද පවිත්‍ර කරන රසායන වැනි මෙකී නොකී ද්‍රව්‍යවල මෙම ක්‍ෂෙනෙස්ට්‍රෝජන​ සාමාන්‍ය ලෙස අඩංගු වී ඇති එකයි. අවාසනාවන්ත කමේ මහත වන්නේ ඉහත සඳහන් බොහෝ දේ අපට අත්‍යවශ්‍යමත් හා  ඒවා මත අපට යැපෙන්නටත් සිදුවීමයි. 

කෙසේ නමුත් අප තරමක් කල්පනාකාරී වුවෝතින් අප හා විශේෂයෙන් අපේ දූ දරුවන්වත් මෙම රසායනයෙන්, අවාසනාවන්ත තත්වයෙන් ආරක්‍ෂා කර​ගත හැකියි.

. හැකි පමන​ ස්වාභාවික පරිසරයේ හැදුනු වැඩුනු සත්ව මාංශ අනුභව කරන්න​ (සත්ව මාංශ ආහාරයට​ ගන්නන්)

. හැකි පමන කාබනික එලවලු හා පලතුරු අහාරයට ගන්න

. අහාර රත් කිරීමේ දී හෝ අසුරා තැබීමේ දී ප්ලාස්ටික් වෙනුවට වීදුරු භාජන භාවිතයට ගන්න​.

. සෝයා අඩංගු අහාර ගැනීමෙන් වලකින්න​.


 6. sweetsසීනි අඩංගු ආහාර අවම කිරීම හෝ ගැනීම නවතා දමන්න​.

සිනී ! දිව පිනවයි, දිවේ රැඳී ගත සිත​ කුල්මත් කරයි, නමුත් සෞක්‍යමය වශයෙන් ? 

සීනි අඩංගු අහාර ගැනීමෙන් පසු ටෙස්ටෝතෙරෝන් අගය අවම වෙයි, සීනි අඩංගු ආහාර යනුවෙන් අප හඳුන්වන්නේ අප සාමාන්‍යයෙන් ගන්නා සීනි ගැන නොවන අතර එය අධික සීනි සංයුතියකින් යුතු පැනි අහාර හා ෆෲක්ටෝස් අඩංගු පාන්, පස්ටා වැනි අහාර ගැනයි. අධි ඉන්සුලීන් අගය අඩංගු පැනි රස අහාර ගැනීමෙන් ටෙස්ටෝතෙරෝන් අගය පහත වැටෙයි. පාන් පිටි වලින් පිලියෙල කල ආහාර වෙනුව හාල් පිටි වලින් පිලියෙල කල ආහාර ආහාරයට ගැනීම සිත යොමු කරන්න​. සීනි හා සම්භන්ද සෞක්‍යමය අනුමිතිය ගැන අප තේරුම් ගත යුතුයි.

7. sleepසරිලන තරම් නින්ද සපුරා ගන්න​

නෝවමව​ පැය 7-8 ක නින්දක් ගත කරන්න​. අවශ්‍ය තරම් නින්දක් සපයා ගැනීම ටෙස්ටෝතෙරෝන් අගය වර්දනය කර ගැනීම සඳහා බලගතු සාදකයක් වෙයි. පැයක් පහක් හෝ එයට අඩු නින්දක් ගත කරන අයවලුන්ගේ ශරීරගත ටෙස්ටෝතෙරෝන් අගය ප්‍රතිශත වශයෙන් 10-15 කින් අඩු බව ඡිකාගෝ විශ්ව විද්‍යාලය මගින් කල අධ්‍යනයකින් හෙලිවෙයි.

8. vegසාර්‍ෂප ( Cruciferous ) එළවලු බහුලව ආහාරයට​ ගන්න​

ගෝවා, මල්ගෝවා, බ්‍රොකෝලි වැනි එලවලු සාර්‍ෂප වර්ගයට අයත් වෙයි. සාර්‍ෂප එළවලුවල ඇති සංඝටකයක් වන අයිඩල්ස් ( Idoles ) ශරීරයේ ඇති හානිකර එස්ට්‍රෝජන ඉවත් කිරීමට සමත්. ​පොදුවේම එළවලු ශරීර සෞක්‍යයට හිතකරයි. ඒවා ක්‍ෂාරත්වයට සහාය වන අතර ප්‍රදාහයද​ පහත හෙලයි. එය සෞක්‍යය ප්‍රවර්දනයේ දී විශාල කාර්‍ය බාරයක් කරන අතර හීන්දෑරී ශරීරයක් පවත්වා ගැනීමටත් උපකාරී වෙයි. ටෙස්ටෝතෙරෝන් අගයේ වර්දනය සඳහා මෙය වක්‍ර ලෙස​ සහාය වෙයි.

9.  amainoඇමෛනෝ අම්ලය  Branch Chain Amino Acids (BCAA)  ආදානය​ බහුල කරන්න

ටෙස්ටෝතෙරෝන් වර්දනයට ඇමෛනෝ අම්ලය BCAA ප්‍රතිපල වන බව විද්‍යාඥයන් යෝජනා කරනවා, විශේසයෙන් කාලයක් ප්‍රතිරෝධක පුහුනුවීමක් යටතේ මෙය​ ලබා ගැනීමෙන් පලදායී වන බව කියවේ. මෙම ඇමෛනෝ අම්ලය BCAA පරිපූරක ( Supplements ) වශයෙන් ලබා ගත හැකි අතර BCAA ගව නිශ්පාදනවල අධිසාඳ්‍රව අඩංගු වෙන බැවින් කිරි ආහාර බහුලව ගැනීමෙන්ද මෙය සපුරා ගත හැක​,  තක්‍ර ප්‍රෝටීන ( Whey protein)  හා කේජු ( Cheese )  ප්‍රධාන වශයෙන් මෙය අඩංගු වේ.

10. bodyපුරුශයෙක් මෙන් පුහුනුවේ යෙදෙන්න​ 

නොයෙකුත් පර්‍යේෂන, ටෙස්ටෝතෙරෝන් වර්දනය කර ගැනීම සඳහා බර ඉසිලීමේ ව්‍යායාමයේ උපයෝගය පිළිබඳව උද්‍යෝගිමත් කර ඇත​​. ශක්ති වර්දන පුහුනුව ටෙස්ටෝතෙරෝන් අගය ඉහල දැමීම සඳහා යෝග්‍ය බව සමහරක් සනාත කර ඇති අතර තවත් සමහරක් දීර්ග වූ ව්‍යායාමයන් ටෙස්ටෝතෙරෝන් අගය වැඩි කරන බව කියයි. එම නිසා, බර ඉසිලීමේ ව්‍යායාමය කරන අතරේම කායවර්ධන, මලල ක්‍රීඩා හෝ ඔබ කැමැති තවත් ඕනෑම ව්‍යායාමද කිරීමෙන් සාර්තක ප්‍රතිපල අත් කර ගත හැක​. කෙටි දිවීමද​ ටෙස්ටෝතෙරෝන් අගය වර්දනය කරන බව කියවෙයි. 

අවසාන වශයෙන්, ශරීර සෞක්‍යය, ජෛවය හා දීර්ඝායුෂ සඳහා ටෙස්ටෝතෙරෝන් ඉතා අවශ්‍යම හෝමෝනයකි. මෙහි කිසි රහසක් නැත, විනයයි සෞක්‍යමය ජීවිතයයි.මේ කරුනු ඔබේ වැඩි කරන්නේ ඔබේ ටෙස්ටෝතෙරෝන් අගය පමනක් නොව ඔබේ පුහුනුව​, පුරුෂත්වය​, සියල්ලට ඉහලින් කාමය. විඳින්නට නැති නම් ... තිබී ඇති පලේ මොකක්ද​? ඇයිද මං අහන්නේ ! මේකවත් කිව්වේ නැත්තම් මං 'උන්මන්තක' වෙන්න බෑනේ, නේද​?

පසුවදන​,

ඉහත කියවූ ලිපිය සම්පූර්නයෙන්ම අන්තර්ජාල ආශ්‍රයෙන් අදහස් ගෙන ලියූ එකකි. මෙය කියවීමෙන්, යමෙකුට​ මෙහි අඩංගු දෑ, අත්හදා බැලීම් කර බලන්න​න්න අදහසක් මතු වූවා නම්, ඒ සම්භන්දව​ වෛද්‍ය උපදේශයක් ලබාගෙන එය​ කරනවානම් මෙනෙහිය​. හර්දාශ්‍රිත රෝගයන්ගෙන් පෙලෙන්නන් විශේෂයි. අනෙක් ඒවා කෙසේ වෙතත් සංස්තෘප්ත මේද අහාරයට ගැනීම හා බර ඉසිලීමේ ව්‍යායාමය​ යන දෙක ගැන සැලකිලිමත් විය යුතුයි.

          මගේ සත්‍ය ආදර කතාව සීත උක්‍රේනයේ ​සුමුදු සැඳෑවක්! කියවා  ප්‍රතිචාර දෙන්න.