Monday, February 16, 2015

ගූගුලයේ පරවුනු පර​සකුරා මල​ (Google Search)

   imagesඑක්තරා අපූරු සිදුවීමක් ගැන වාර්තා විය​, අපූරුවක් නොව අසම්මාජාතයක්, සිදුවීමක් නොව සිදුවීම් පෙළක්. අරුමයකුත් නොවන්නේ, අසාමාන්‍ය එකක් වුවත් සාමාන්‍ය ලෙස එය කෙරෙන නිසාය​. අරුමය වන්නේ, ආදාල අය හා ඔවුන් අයත් සංස්කෘතික පසුබිමය. පිළිකුල් කල යුතුව තිබුනත් පිළිකුල් සිතක් ඇති නොවන්නේ, මලක් වූ නිසයි, ඒ පරසකුරා මලයි 'පපුව දනව ඕයි ! ඒ දැවීල්ල,​ කරල තියෙන වැඩේ නිසාම​ත් නෙවෙයි, වැඩේට යොදාගත්තු වස්තුවේ වටනය දැකලා. මැණිකක වටිනා කම තේරුම් ගන්න නොදත් ඕකා නම් මහ​ නරුමයෙක්! මට ලැබුන නම් 'ඇස රකින ඇහි බැම වගේ ආරක්‍ෂා කරනවා' පපුව දනවයි කීවේ ඕකටයි. දැවීල්ල ඇති වුනේ ඉරසියාවටයි, ඉරිසියාවක් ඇති වෙන්නේ නැද්ද...

දෙවඟනක් වගේයි, ඇස් පියවෙනවා ඒ ඇස්වල දිස්නය​ට​, බඩගින්නක් දැනෙන්නේ නෑ බලාගෙන හිටියම, මලක් විනාශ කලා, කාල කන්නියා. ඕනෑම එකකට අකුල් හෙලන ගෑණුන් ඉන්න එකේ, කියන දේ විතරක් නෙවෙයි මූ හිතන දේත් කරනවා මේකී, ඒකත් සතුටින්ම​. මේ වගේ දේක දීත් ඔහොම නම් සාමාන්‍ය ජීවිතයක දී කොහොම ඉඳීද​. ලැබෙයිද ඕවගේ එකක්. පූසියක් වගේ හීලෑ මේ වගේ සුන්දර ගෑණියක් එක්ක යහමෙන් ජීවත් වෙන්න නොදත් මේකා නම් මී හරකෙක්. සල්ලි ගෙනෙයිද නියම සතුට? මුදල් කෑදරකමට​ ඔය මල ඕකා විනාශ කලා. සතියක් විතර වෙන්න ඇති මුල් වරට ඔය මුහුන දැකලා, ඔය කෙල්ලගේ රූපේ තාමත් මගේ ඇස් ඉදිරියේ මැවී පේනවා. ගෑණි කියන්නත් කට එන්නේ නැත්තේ ඒකි ඒ තරම් හුරුබුහුටි නිසයි. දඟකාර ඇගේ හැසිරීම​ සිතේ රඟ දෙනවා, ඇත්තමයි කියන්නේ පිළිගන්නවනම්, මේක ලියනකොටත් මං කම්පනයෙන් මිදිල නෑ. 

ඕඔං සතියක් විතර මගේ හිතේ වද දෙමින් තිබුනු කාරනයක සාරාංශයයි ඔය​. මං කියපු ඔක්කෝම ඇත්ත​. ඔය පිටවුනේ හිතේ ගින්දරයි, කියවුනේ ඒ තුල​ කැකෑරුනු සාංඛාවයි. මට මොකෝ, ඔහේල මොනව හිතුවත්, මගේ මූනවත් දන්නැති ඔයාල මට මොනව කියන්නද​? ඇත්ත කියන්න මට ලැජ්ජාවක් නෑ. මගේ ගෑණි ඇරෙන්න​ වෙන කවුරුන් මේක​ කියවල මං ගැන මොනව හිතුවත් මට කමක් නෑ (ගෑණි කියෙව්වොත් නම් ලෙඩක් තමයි) මං හිත ඇරල ඇත්ත​ කිව්වට, ඕකා පස්සෙන් එලවන ගොඩක් දෙනෙක්ගේ ප්‍රශ්නයත් ඕක ත​මයි. හිතේ තෙරපෙන​ ආතතිය පිටකර ගන්න මුං ඕකා පස්සේ එලවනවා, ඕකා මරන්නත් ඕනේ කියනවා, ඒකෙන් ආතතියයි ඉරිසියාවයි දෙකම අඩු වෙනවා.

මොකක් ගැනද මේ කියවන්නේ? මේකේ අග මුල නම් මොකක්ද​? ඒ අසන්නේ ඔබයි!

නුවර කිට්ටුව​ මහවැලි ගඟ අසබඩින් එයට​ සමගාමීව දිගට ඇදෙන​ මනරම් පරිසරයක පිහිටි කුඩාවූ නගරයකි. තරු පහේ හෝටලයක් එහි තනවා තිබීම අරෙන්න වෙන​ ​විශේෂයක් එහි නැත. මෑත කාලයක දී ඉඳන් එම නගරයේ නම ගූගුල් සෙවුම්වල මතුවෙමින් පවතීයි. ගූගුල් වල පලවන විස්තර තරු පහේ හෝටලයක් ගැන නම් නොකියයි, එහි විස්තර කරන්නේ වෙන යම් දෙයක්. එහි​ තැනින් තැන මතු කරන්නේ, සිදුවී තිබෙන​ එක්තරා අපූරු වානිජයක් ගැනයි. මෙම​ වානිජය කෙරී ඇති ආකාරය අනූව, එහි පළමු පියවර​ පවා තැබී ඇත්තේ ඍජුවම අන්තර්ජාතික මට්ටමෙන් බව කීම විශේෂයි. එම වානිජමය කටයුත්ත ඉටු කල ඒ පුද්ගලයාගේ සහජ හැකියාව ගැන,​​ ලාංකිකයන් වශයෙන් අපට ආඩම්බර විය හැකියි. සතුටු කඳුළු ඉනුනත් වරදක් නෑ....

ලැබුනු තතු වලට අනූව නම්, ඉහත කී වානිජය මාස කිහිපයකට පෙර​ කෙරීගෙන ගිහින් තිබුනත් ටිකින් ටික කාන්දු වී, ඒ බව​ කරලියට ආවේ මෑතක දීය​. එක්තරාවූ කොට්ටාශයක් දැනගෙන සිටියත් බහුතරයන්ට මෙය​ තාමත් රහසකි. ඒ මෙය​ අන්තර්ජාලයට පමනක් සීමා වී ඒ හරහාම සිදුවූ වානිජයක් නිසයි. මේ පුවත් ​හුවමාරු මුල දී සිදුවුනේ අන්තර්ජාලයේ එක්තරා කරුණක් ඉතා ඕනෑ කමින් සොයා යන්නන් අතරයි. ඔවුන්ද තම මිතුරන් අතර පමනක් බෙදාගෙන මෙය රහසක් හැටියේම තබා ගත්තේ, සමහරවිට​ මෙයින් වෙන ප්‍රතිලාබය තමන් දිගටම විඳීමේ අදහසින් විය හැකියි.

ඔබ​ : මේ මොන අප්‍රභංශයක්ද මේ?​ 'ඉතිං ඔය කියන නගරයයි, ඔය වෙලඳාමයි අතර තියෙන         හුලව්ව මොකක්ද​?කියන රෙද්දක් තේරෙන්න කියනවා, නිකං වට වන්දනාවේ                     යන්නැතුව!@#$%^&*+

මම ​:  සමාවෙන්න ඕනේ සහෝ......ඕනේ දෙයක් නිකං'වක්කඩේ ඇරියා වගේ' එක පාරට​            කිව්වොත් ඒකේ කිසිම අගයක් නෑනේ....රසයකුත් නෑනේ.... මගේ කතා කිය​වල ඕ            බවක් ඔයාල තේරුම් ගන්නත්​ ඇති නේ....

ටිකින් ටික කාන්දු වී කරලියට එන්න වූ මේ කෙරුනු වානිජයේ අසම්මත බව නිසා පිරිස් කුපිත වන්නට වූහ, බැන වදින්නට වූහ​, පිඩාවට පත් වූහ, පිළිකුල් කලහ, පටිසන් දෙන්නට වූහ​, ප්‍රසිද්ද දේශනාවල දී එකතු කර ගත්හ, (මේ එක පැත්තක්)

'ලෝකයේ පැරනිතම රස්සාව කියන එකවත් කරාද කවුරු හරි' ඔයාල හිතයි, නැවත් ඔයාලා 'ඉතිං ඕක ඕ හැටි කියන්න දෙයක්ද​' කියලත් හිතයි.

එහි අග මුල සොයන්නට වූහ​, තොරතුරු පිපාසයෙන් පෙළුනහ​, අලුත් තොරතුරු එන්නට විය, ලැබෙන තොරතුරක් සාමූහිකව බෙදා ගත්හ, තරුණයන්ට රසබර ආහාරයක් විය,මැදිවියේ අය​ 'උගුරට හොරා බෙහෙත් බිව්වෝය' (මේ අනෙක් පැත්තයි)

දැනට ලැබී ඇති විස්තර ඔස්සේ එහි සත්‍ය, අසත්‍යතාවය සොයන්නෝ බොහෝ වෙති.  එය​ සොයන අටියෙන් එහි සංෂිප්තයන් ලබා ගැනීමට ඔවුන් උත්සාහ කරමින් සිටීයි. 'උගුරට හොරා බෙහෙත් බොන්නේ' ඒ ලෙසිනි​. ඔවුන් ගූගුලය ආපිට හරවා තතු පීරමින් සිටින්නේ කොහෙන් හෝ එකක් හමු වේදෝයි බලාපොරොත්තුවෙනි. ඔවුන්ගේ අවාසනාවට ගොඩගත කර තිබූ ඒවායින් බොහොමයක් දැනට​මත් ඉවත් කරලාය. බසුබට නොවන ඔවුන් ගූගුලයේ අකුරක් අකුරක් පාසා තව තවත් පීරන්නේ තමාගේ වාසනාව උරගා බලන්නටය​. ඒ ගූගුලය යනු මහා සාගරයක් බව දන්නා නිසාවෙනි​.

මෙම ව්‍යාපාරයේ දී මේ පුද්ගලයාට සහ​කාරියක්ද සිටී. මෙහි දී ඇගේ සහාය අති උත්කෘෂ්ටය, ඈ උරෙනුර ගැටී තම සහාය මොහුට ලබා දෙන්නේ අප විමතියෙනුත් විමතියට පත් කරවමිනි. තමා නැත්නම් නිෂ්පාදනයන් කිසිසෙත්ම කරන්න බැරිය කියනා තරමට ඈ මොහුට සහායවන්නීය​​. 'තනි අතකින් අප්පුඩි ගහන්න බැරිය' කියන්නේ, අන්න ඒ වගෙයි. මොහු නොමැතිව​ උනත් මෙය සාර්තකවත් කර ගැනීමට​ තරම්, ඇය ක්‍රියාකාරි බව නම් සැබෑව. ඇය සතු වත්කම් ඉහලය​, ඉතා ඉහලය​, මොහු මෙම​ වානිජයේ සාර්කතවය ලබන්නේ ඈ සතු ඒ වත්කම් නිසාමය​​. මෙම​ හවුලේ නියමුවා මොහු  වූ නමුත් ප්‍රධාන කාර්‍යයයන් ඉටුවන්නේ ඇගෙනි. ඈ නිරාසයෙන්ම ලබා ඇති වත්කම් නිසාවෙනි. වත්කම් පමනක් නොව ඈ සතු උපන් හැකියාවද මෙම නිර්මානයන් කිරීමෙහිලා සාදක වෙයි.

(මේ පරිච්චේදය මගේ මුල්ම පරිච්චේදයන් හා සම්භන්ද වෙයි: මැය,​ ඔහු ලැබූ සැබෑම සම්පතකි, ​බුද්ධිමත්ව ඈව පරිහරනය කර ගැනීමට​ නොහැකිවීම මොහු ලැබූ අභාග්‍යයයි. මා මේ කී දෙයේ සත්‍ය, අසත්‍යතාවය මේ වෙන විටත් මේ රූප රාමු දැක නරඹා තිබෙනවුන් මා සමඟ එකඟ වෙයි​.​ සමහරවිට මට ඇති වූ ඉරිසියාවම ඔවුන්ටත් ඇති වෙන්න ඇති. සත්තකින්මයි සහෝ කියන්නේ, මේ ගෑණි ඒ තරම් ලස්සනයි, ඇගේ ඇස්වල තිබුනු කාන්තියයි​ එකේ තිබුනු දඟකාර කමයි අතිශයින්ම​ සිත් වශී කරන සුළුයි, හිනාවෙනකොට 'මීරා ජෙස්මීන්' වගේයි, ඒ දෙතොල් නැලවෙනකොට​ ඇගේ මුව විඳින වදේ දකිනකොට උරන්න හිතෙනවා, සිරස් තිරස් නොබලා මරුවෙන් මාරුවට ??? මාරුවෙන් මාරුවට? ??? ඇසුත් උරනවද​? ??? න්න්නෑ තොල්....???...ම්ම්ම්ම් ම්මට කියවුනාද? තිරස් කියලත්​? ඕඕ ​...මේ උන්මතකයා කොහේ ගියත් තමන්ගේ ගතිය පෙන්නනවමනේ )

ඔබ​: 'මේ මොන කුනු හරුපයක්ද ? කතාවේ අග මුල කෝ?' කියා ඔබ බනිනවා මට ඇහෙනව​.....

මම​:  කුණු හරුප​! මම කුණු හරුප කිව්වා.......මං මෙතන ලියන්නේ කුණු හරුපයක් ගැනයි කියලද​ ඔයාල කියන්නේ​!

සාමාන්‍ය ලෝකයේ කෙරෙනා පරිදිම අන්තර්ජාලය තුලත් වෙල, හෙළඳාම් කෙරෙයි. භාන්ඩ හා සේවා අන්තර්ජාලය තුලින් හුවමාරු වෙයි. පාරිභෝගිකයන් මෙන්ම​ භාන්ඩ හා සේවා සපයන්නන් ඒ අතර වෙයි. ඒවාට මිලක් නියම වෙයි. ඒවා හුවමාරු වන්නේ විද්‍යුත් මුදල් නොහොත් Virtual money වලටයි. එවාට ගෙවීම් කරනු ලබන්නේ බොහෝ විට ණය කාඩ්පත් Credit Card හරහාය​, බැර කාඩ්පත් Debit Card වලින් හා Pay pal වැනි නොයෙකුත් ක්‍රම තුලින්ද ගෙවීම් කෙරෙනු ලබයි.

තාත්වික භාන්ඩයක් නම් මුදල් අය කර ගැනීමකින් පසු ප්‍රවාහන සේවයක් මගින් පාරිභෝගිකයා වෙත පිටත් කර යැවෙන අතර විද්‍යුත් පිළිබිඹුවක් වැනි දෙයක් නම් එවනු ලබන්නේ අන්තර්ජාලයේ බාගත කල හැකි ක්‍රමයට හෝ මාර්ගගත ක්‍රමයන් හරහාය​. දෙතැනක සිට දෙදෙනෙක් හෝ විවිද වූ තැන්වල සිට කිහිප දෙනෙක් ජීවමානව එකිනෙකා බලාගෙන තොරතුරු බෙදා ගැනීම, සතුටු සාමිච්චියේ යෙදීම අද ලෝකයේ බහුලව සිදු වෙයි. Online Chat නොහොත් එය මර්ගගත සම්භාෂණය, සල්ලාපය හෝ සාමීචිය ලෙස හඳුන්වයි. මේ ක්‍රමය හරහා මුදලට සේවාද සැපයෙන අතර​ ඒවා Skype, වැනි ප්‍රකට​ සේවයන් ඔස්සේ බහුලව කෙරෙයි.

නුවර අවට ඇති ඉහත කී නගරය​ සම්භන්ද වන්නේ එතනයි, ඉහත කී පුද්ගලයා හා ඔහුගේ සහකාරිය ගැන සඳහන් වන්නේ ඉහත කී නගරයේ හෝ ඒ අවට පදිංචිකයන් ලෙසයි. ඔවුන්ව මෙහි දී කතා නායකයා හා කතා නායිකාව ලෙස සඳහන් කලත් එය නිවැරදිය​. ඒ දෙදෙනාගේ නම් ගම් මෙතන​ මා සඳහන් නොකලත් මෙය කියවන බොහෝ දෙනෙකු දැනටමත් ඒවා දැන සිටින බව මා දනිමි. නමුත්, ඒවා මා සඳහන් නොකරන්නේ මගේ වූ ප්‍රතිපත්තියක් නිසයි.

මොවුන් ප්‍රේම සම්භන්දෙකින් පසු මෑතක දී, එනම් 30 අගොස්තු 2014 විවාහ වූ තරුණ යුවලකි. ලෝකය ගැන​ හරි වැටහීමක් නැති පරිනත නොවූ මොවුන් දෙපලගෙන්, පුරුෂයාගේ වයස අවුරුදු 26 ක් ලෙසද ස්ත්‍රීයගේ වයස 23 ලෙසද සඳහන් වෙයි. මොවුන්ගේ පෞද්ගලික විස්තර කියන්න​ මින් එහා කිසිවක් මා නොදන්නා අතර මොවුන් කරලා තිබෙන හපන්කම​ ගැන කියන්නයි මා මේ ලිපිය දිග ඇරියේ......

මොවුන් ආර්තික ඌනතාවයක් තිබිලා කරාද?​ හුදෙක්ම වින්දනයක් ලෙස මේ දේ කරාද? කියන එක තවම ප්‍රෙහෙළිකාවක්. මෙවැනි දේ ලෝකේ අනන්තවත් සිදුවෙන නමුත් ශිෂ්ට සංස්කෘතියක් ඇති ලංකාවේ, තදබල නීති රාමුවකින් පිරිපුන් ආගමික පසුබිමකින් පැමිනි මොවුන් මෙවැනි දෙයක් කිරීමයි විමතියට කාරනේ​. මුදල් අයකරගෙන වුනත් මොවුන් කරේ යම් කිසි සත්කාර්‍යයක්දෝ ලෙසත් වරෙකට සිතෙන්නේ, ඒ ඔවුන් කර තිබෙන්නේ මානසික ආතතියන්ගෙන් පෙළෙන​ අයගේ පීඩන දුරු කිරීමට උත්සාහ​ කිරීමක් නිසයි.

යමෙකුට​ මානසික සහනයක් ලබා දී ඔවුන්ට උපකාර කිරීම සත්කාර්‍යයකි. නමුත් යමෙක්ව සතුටු කිරීම පිනිස​ මේ තරම් අන්තයකට යනවාද​? සැබැටම එය සත්කාර්‍යයක්ද? 'ආගමක' පාප කර්මයක්ද​ 'දර්ශනයක' අශිෂ්ටද,​ නීතියෙන් මෙය වරදක්ද වෙයි. ඔවුන් සැබෑවටම​ ආර්තික ඌනතාවයකින් පෙලී සිටියත්, එය ජය ගන්න විකල්පයක් වීමට තිබුනේ මෙයමද​? මොවුන් කිසිසෙත්ම ආර්තික අහේනියකින් පෙළිලා නැතැයි කියන එක දර්ශනවල තිබුනු පසුබිම්වලින් පෙනීයයි. මොවුන් මේ දේ කර තිබෙන්නේ මුදල් කෑදර කමටමයි.

මුනුපිටුවල හඬපට නිකුත් කරමින් කතා කරන මේ ස්ත්‍රීය​ කියන්නේ සියල්ල සිද්දවුනේ තමා නොදැනුවත්ව බවයි. තමන් වෙනුවෙන් ලෙස​ කියා දර්ශන ගත දර්ශන පට​, තම පුරුෂයා තමාට හොරෙන් අලෙවි කර ඇති බව මැය මෙයින් කියා සිටීයි. තමා නිර්දෝෂියි කියමින් පුරුෂයා මත පමනක් වරද පටව​න්න උත්සාහ කරන මේ ස්ත්‍ර්‍රීය තම විවාහ ජීවිතයේ ආයු කාලය​ දින 40 කින් සීමා වූ බව වැඩි දුරටත් කියයි. පුරුෂයා තම ජීවිතය විනාශ කල බවට​ ඔහුට​ දොස් පවරයි. ඕවා කියවෙන අතර කිඹුල් කඳුලු වැටුනු හඬකුත් හඬ පට හරහා අපට ඇසෙන්න ලැබුනි, ඒ ගෑණු ගතියයි.

නමුත්, සිදුවී ඇති සියල්ල සිද්දවෙලා තිබෙන්නේ මැය දැනුවත්වම​ බව වීඩියෝ දසුන් හොඳ හැටි සනාත කරයි. තමා කල වරදින් නිදොස් වෙන්න මැයට කිසිසෙත් බැරිය​. 

පුරුෂයා මුනුපිටුවේ වෙනනම​ කල පාපොච්චාරනයේ දී තමා මේ දේ කලේ මුදල් ලැබෙන නිසාම​ බවට පිලිගනීයි. විවාහයට පෙර පාසලේ ප්‍රේම කරන කාලයේ දීම මෙලෙස අන්තර්ජාලය හරහා මුදල් ඉපයිය හැකි ක්‍රමයක් ගැන​ ඇය දැනුවත් කර​ ඇති බවත් ' වීවාහ වී අප ඒ දේ කරමුයි' ලෙස කියා ඇගේ එකඟත්වය පළකර තිබූ බවත් ඔහු සඳහන් කරයි. දින 40ක් තුල ලක්‍ෂ 35ක මුදලක් මෙමගින් තමා උපයා ඇති බව​ ඔහු කියන්නේ අප විමතියට පත් කරමිනි. ඔහු තමා කල වරද ඍජුවම​ පිළිගනීයි, එය පිරිමි ගතියයි.

මුදල් කෑදරකම දෙදෙනාගේම ඇස්වල හොඳාකාරව දිස්වුනි. එකිනෙකා ගැන වැරදි කීවා මිසක් තමන් බරපතල වරදක් කර ඇති බවක් හෝ එහි බැරෑරුම් කම වැටහී පසුතැවිලි වන බවක් හෝ මොවුන් දෙදෙනාගෙන්ම දිස් නොවුනි. මෙහි චෝදනාව ඍජුවම යා යුත්තේ මොවු වදාපු දෙමාපියන්ටයි.

අප දෙදෙනා මෙලෙස වෙබ්කැම් හරහා සජීවි දර්ශන රඟ දැක්වූවා මිස පටිගත කිරීම් නොකල බවක් ඔහු වැඩි දුරටත් කියා සිටීයි. බිත්ති සතරක් තුල සිටි තමන්දෙදෙනා හැර ඒ දසුන් නැරඹුවේ මාර්ගගතව අනෙක් පැත්තෙන් සම්භන්ද වූ අය​ පමනක් බව කියන මොහු, තව දුරටත් කියන්නේ එම පිරිස තමන් රවටා එම දර්ශන අන්තර්ජාලය පුරා පතුරුවා හරීයි බව බලාපොරොත්තු නොවූ වගයි.

මොහු කියන දේ සත්‍යයක් වෙන්න පුළුවන්, මොවුන් දෙපලගේ නොදැනුවත් කම ප්‍රයෝජනයට ගනිමින් අනෙක් පැත්තේ සිටි තැරව් කාරයන් ශූක්‍ෂම ලෙස දර්ශන සියල්ල පටිගත කර ඇත​. පසුව එවා අන්තර්ජාලයේ බෙදා හරින්නට ඇත​. මොවුන්ට සොච්චමක් දී මැගේ ශරීරයේ දසුන් විකුනා තැරැව් කාරයන් අධික මුදලක් උපයන්න ඇති. මෙහි දී ස්ත්‍රීය තම පුරුෂයාගේ බුද්ධිමත් බව ඉතා ඉහලින් විශ්වාස කර ඇති අතර මේ දේ සිද්ද වෙලා තිබෙන්නේ දෙදෙනාගේම අනුදැනුම මතමය.

ඔහු​ ඇය රවටා නැත​. රැවැටුනේ දෙදනාමය​. කැමරාවකට හසුවී සිටියත් සැබෑටම ඔවුන් සිටි පරිසරය, තනිවූ ඔය දෙදෙනාගේ පමනක් වූ පෞද්ගලික පරිසරයයි. එහෙයින්, මැයට ලැජ්ජාවක් නොදැනෙන්නත් ඇති. මෙවැනි දෙය සිද්දවෙයි කියල දැනිල තිබුන නම් ඇය කිසි සෙත්ම මෙවැනි දෙයකට එකඟ වන එකක් නැත. මොහුව අවතක්සේරු කරන්නත් බැරිය කියන්නේ, තමන්ගේ ගෑණි වුනත් මෙවැනි දේකට පොළොම්බව ගන්න එකත් පහසු කාර්‍යයක් නොවන නිසායි.

ස්ත්‍රීය කියන තම විවාහ ජීවිතයේ ආයුව දින 40ද​, පුරුෂයා කියන ලක්‍ෂ 35 උපයන්න ගත වූ දින 40ද අපව සිතන්නට පොලොඹවයි. සාමාන්‍යයෙන්, විවාහයකින් පසු බිරිඳක් පුරුෂයාට තමාව විවෘත කර දෙන්නම සමහරවිට දින කිහිපයක් ගතවෙයි. එහෙව් එකේ ඔය දෙපලම කියූ දින 40ක් තුල ඔය කී සියල්ල සිදුවුනා නම්! ????????? 

අනෙක් විමතිය​, ඔවුන් දෙදෙනාගේම පාපොච්චාරනයන්ට අනූව සියල්ල සිදුවුනේ දින 40 කින් නම් මෙම ක්‍රියාවෙන් දිනකට මොහු උපයා ඇති මුදල රු 87500/ ම්ම්ම් නරක නෑ නේද​? හොඳ නැද්ද අපිත් ඔය ගැන ටිකක් හිතල බැලුව නම්? තම හඬ පටයේ පුරුෂයා කියන පරිදි ඔහු පැයකට 10000/ සිට  20000/ දක්වා උපයා ඇති බව කියයි. පැයකට 20000/ ක් ලෙසම බැලුවත් ඔවුන් දිනකට පැය හතරකටත් වඩා මේ සඳහා කැප කර ඇත​. එය එසේම වුනත් විවාහ වූ දිනයේ සිට ඇය කියනා අවසන් දිනය දක්වා දිනක් හෝ මග නොහැර සෑම දිනකම? විවාහයක් වෙලා නෑගම් ගිහින් අහවර කරන්නවත් මාස දෙකක් හෝ මදිවන මෙවන් කාලයක​, කොහොමද මොවුන්ගේ ව්‍යාපාර​ භක්තිය​? මධු සඳුදාම ව්‍යාපාරය අරඹලා වගේයි.

එහෙනම්, මොහු මැයව විවාහ කරගෙන තිබෙන්නේ තමන්ට ජීවිතයක් කර ගන්නද? නැහ! කොහෙත්ම නැහැ! ඇගේ පියකරු බවයි දඟකාරකමයි උපරිම ප්‍රයෝජනයට ගනිමින් මුදල් මවන යන්ත්‍රයක් හැටියටයි ඔහු ඇයව යොදාගෙන තිබෙන්නේ. ඔහු ඈට කලා කියන ආදරයත් බොරු එකක්, සැබෑ ආදරවන්තයා තම ආදරවන්තිය මත දූවිල්ලක් වැටෙන එකත් අප්‍රිය කරයි. ස්ත්‍රීය දෝශාරෝපනය කර කාරනේ දී මොහු ඇයව නොරැවටුවත් පොදුවේම ඔහු කර තිබෙන්නෙ ඈව රැවටීමයි. (ඇයි, නරියාගේ මිදි වැල​ මතක් වුනාද​) 

ස්ත්‍රීය තරමක් හෝ මේ බවින් නිදොස් වන්නේ මන්ද යත් බිරියක් යහ මග කරා ගෙන යන වගකීම පුරුෂයා සතු නිසාය​. පුරුෂයා යන දිහාවට භාර්‍යාව යන්නේ නිරාසයෙන්මය​. නරක පැත්තට නොගොස් හොඳ පැත්තට ගිහින් තිබුනා නම් මේ ගෑණිට මේ ඉරනම අත් නොවෙන්න ඉඩ තිබුනා. 'ගෑණි ගැන පමනක් මා එසේ කීවේ' සිද්දවුනු දෙයින් ආගතියට පත්වන්නේ මේ ගැහැණියයි​. ඇගේ ඉදිරි අනාගතය ප්‍රශ්නාන්තරයක් වේවි. සමාජයේ කොන්වේවි, වපර ඇසින් බලාවි, අයුතු යෝජනා ඒවි 'තෙමුනු කුකුළාට ගහන්න ලේසි නේ' ඒ ඇය ගැහැණියක් වූ නිසයි. මඩ 'වගුරක වැටී නැගිට්ටත් මඩ සෝදා ගත් කල පිරිමියා පිරිසිදුයි' ඔහුගේ අනාගතය ඇයට තරම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

මොන හේතුව නිසා කරත්, කිනම් පරිසරයක් තුල කර තිබුන​ත් ඔවුන් කල දේ වැරදිමය​, අන්ත වරදකි. ආගමික රාමුවෙන් පිට මොනම දේ කලත් එය ගෙන දෙන්නේ නරක ප්‍රතිපලයි. අවුරුදු 5 ක කුඩා ළමයෙකු පවා වැරදීයි ලෙස දකිනු ඇති මෙය මොවුන් නොදැන කරා කියා අපිට විශ්වාස කල නොහැකියි. එය වැරද්දක් බව දැනගෙනයි මොවුන් කරලා තියෙන්නේ. සම්භෝග සතුට සඳහා දේව අනුමැතිය හිමි විවාහක යුවලක් වන මොවුන් දෙපල කලේ තම අයිතිය භුක්ති විඳීමයි. වරදක් ලෙස​ ඔවුන් කලේ එය ප්‍රදර්ශනය කිරීමයි, ඒ දේ අනුන් වෙනුවෙන් කර​ ඔවුන් පිනවන්නට උත්සාහ කිරීමයි, එය මුදලට අලෙවි කිරීමයි.

වරදකි ! 'පුරුෂයා බිරිඳගේ පොරෝනයයි' යන ශාශ්තෲ වදනට පවා පිටුපා ගිය මොවුන් කලේ වරදකි. ඔවුන් වැරදි කලා පමනක් නොවී කී දෙනෙක් වරදේ පොළොඹවලා ඇත්ද​? ඕවා නැරඹූ කීදෙනෙක් ඈව මානසිකව කෙලසන්න ඇතිද​? ටෝකන් වලට මැගේ නිරුවත් දර්ශන අලෙවි කල මේ හාදයා ලොකු ලංසුවක් ලැ බුනුනු තැනක මැයව මසට අලෙවි නොකරයි කියා කොහොම කියන්නද​? ස්වාමි භක්තිය නිසා ඇය ඕකටත් එකඟ වනු ඇත​. එකේ පලවිපාක විඳින්නට සිද්දවෙනු වෙනු ඇත.

තමන්ට පමනක් නොවී, තමන්ට පෙර, පසු පරම්පරාවට, රටට​, ජාතියට, සමාජයට​, ආගමට කලේ බලවත් අසාධාරනයකි. තම දෙමාපියන් ලෝකයා ඉදිරියේ මුහුන දෙන්නේ කෙසේද​? කවදා හෝ උපදින්න ඉන්න දරුවා මේ බව දැන ගත්තොත් පිළිකුල් නොකරයිද? සහෝදර සහෝදරියන් පත් වෙන ඉරණම​. ඔවුන්ගේ විවාහ ජීවිත අවදානමට ලක් නොවෙයිද​? ඥාතීන් පත් වෙන තත්වය​? ?????

ඒ පමනක්ද​? තම ආගමට, ජාතියට​ ඇති වූ කැළලක් බව කියමින් ඉහත කී පුද්ගයාව මරා දමා හෝ තම ආවේගය​ දුරු කර ගන්න, තවත් පිරිසක් කට මත දොඩමින් සිටීයි. එතෙන දී මෙම යුවල කලේ පවක් නම් ඔවුන් කරන්න තනන්නේ මහා පවකි. අදාල ආගමේ මිනී මැරීම මහා පවක් බව ​සඳහන් වෙයි. වැරදි කිරීම මනු හා ජින් වර්ගයාගේ ස්වභාවය වන අතර​ සමාව දීම හෝ නොදීම දේවිඳුන්ගේ පරම අයිතියයි. සියදෙනෙකු මරුමුවට පත්කල තැනැත්තෙක් පවා සමාව ලබන බව ආගමික පොත් පත් සඳහන් කරයි.

එහෙයින්,  ආගමෙන් වරදක් මුත් අනුමත සහකරුගෙන් පිට (අප දන්නා පරිදි) කාමයේ හැසිරීමක් කර (පුස්ථකයන්ට අනූව) මොවුන් මහා පාප කර්මයක් කර නැත​. බිත්ති සතරකට මුවා වී කාටත් නොපෙනෙන්න​ එවැනි මහා පව් කරමින් සමාජයේ මහ උජාරුවට වැඤබෙන අයවලුන් කොපමන සිටිය හැකිද​? සමහරවිට මොහු සොයමින් සිටින අයවලුන් අතර එවැනි අයත් සිටිය හැකියි නේද? 

මා මෙතන මොවුන්ව සාධාරනය කරනවා නොව​, ආදාල දර්ශනයන්ට අනූව ඔවුන් කර තිබෙන්නේ රඟපෑමක් මිස කාමයේ හැසිරීමක් නම් නොවෙයි. ජවනිකාවල ඔවුන් වෙතින් කිසිම කාමාන්විත​ හැඟීමක් දිස් නොවුනි, එය හුදෙක්ම රඟපෑමක්. සාමාන්‍ය රඟපෑමත් පවක් බව දකින ආගමක නිරුවත් රඟපෑමට කිනම් ඉඩක්ද​?. දර්ශනයන්ට අනූව, ඔවුන් කල කිසි දෙයක් දෙදෙනා පමනක් තනි වූ පරිසරයක ඉඳ විඳී තිබුනා නම්, එය අනුමත දෙයකි. තම වරද අවබෝද කරගෙන මනසින් දුක්විඳ, හෘදයාංගව​ දෙවිඳුන්ගෙන් ඔවුන් ක්‍ෂමාව පැතුවේ නම් සමාව නොලැබේවි කියා කවුරුන් සහතික වන්නද​?

දෙවිඳුන්ට සමාන කිරීමේ වරදට හැරෙන්න අන් සියළු වැරදීන්ට සමාව ඇති බව ඔවුන්ට අදාල ආගමේ පුස්තකයන් කියා සිටීයි. ක්‍ෂමාව පැතීම යනු, ඒ තම වරද හඳුනගත් ඔවුනොවුන් හා දෙවිඳුර අතර වන පෞද්ගලික​සම්භාෂනයකි. ඒවාට අතරමැදි වෙන්න අප කාහටත් සාදාචාර​​ අයිතියක් නැත​.

මෙලෙස​ පසුවිපරමින් පසුවන අයවලුන් අතර මෙම යුවල රඟපෑ දර්ශන පෙළින් එකක් හෝ නරඹා නැති අය කී දෙනෙක් ඉඳීද? එයින් රසයක් වින්දාද නැද්ද බව ඔවුනොවුන්ගේ සිත් සතන්ම​ දනී. නිරුවත් දර්ශන රඟපෑම පමනක් නොව පුස්ථකයන්ට අනූව ඒවා නැරඹීමද ඒ සමානවම පවකි​. අනික ඕවා ගැන සොයා බලන්නට රටේ බල​ පවතින නීතියක් තියෙනවා. නීතියානුකූල යම් දඬුවමක් ඇත්නම් ඒ ආදාල​ අධිකාරීන් ඒවා බලාගනීයි. එහෙයින්, ඔවුන්ගේ වැරදි නිවැරදි කරගෙන ජීවත් වීමට ඉඩ ඇර අප අපේ පාඩුවේ ඉන්න එක නේද නිවැරදි දේ. 

ආගමික විද්වතුන් ලවා අනුශාසනා ලබා දීම කරන්න වටීයි. ඒ තුලින් ඔවුන්ව ක්‍ෂමාවට පොළොඹවා වරදින් නිදහස් වීමට මගක් සදා දීම කල යුතු දෙයක්. එයත් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි නොවන්නට වග බලාගත යුතුයි. අනුන්ව තරවටු කරන්න පෙර, තමන් තම තමන්ගේ යටි සිතන් වලට තට්ටු කර බැලුවෝතින් කියාවී, තමන් කරන දේ හරිද වැරදිද කියා. ඒ ඇතුලේ සැඟවී ඇති සත්‍යයන් ගැන​​. මා මේ යෝජනාව ගෙන එන්නේ, ඔවුන් මරණයට පත් කිරීමට අවි අමෝරාගෙන සිටින බලා සහෝදරයන්ටයි.


                    මගේ සත්‍ය ආදර කතාව සීත උක්‍රේනයේ ​සුමුදු සැඳෑවක්! කියවා  ප්‍රතිචාර දෙන්න.

පසු වදන​,

සතියකට ඉහත දී මට ලැබුනු මේ සම්භන්ද දර්ශන, චායා රූප සියල්ල මගේ බ්ලොගයේ පල කරන්න මා ලැහැස්ති වුවත් ලිපිය ලියමින් යන අතරේ මගේ සිතේ ඇති වූ වෙනස් කම් නිසා ඒ දේ කිරීමෙන් වැලකී, ලිපියකින් පමනක් වහින් ඔරෙන් කියා අවසන් කරන්න සිතුවෙමි. මේ පිළිබඳව පාටක ඔබගේ අදහස් උදහස් අපේක්‍ෂා කරමි. 

 ස්තූතියි.

2 comments:

  1. උම්මන්තක..................

    දන්න විදිහට අපි අද තමයි ම්‍‍ෙ පැත්තට එන්න ඇත්තේ.... කොහොම වුණත් බ්ල‍ොගය නම් අගෙයි.... ඉතින් දිගට ම එන්නම්... සතුටුයි.....

    ReplyDelete
  2. සතුටුයි, සතුටුයි, ඔබේ පැමිනීම ගැන සතුටුයි, පැමින්නෙන්නන් දැකීමයි බ්ලොග්කරුවාගේ සතුට​. යහළු මිත්‍රාදීන්ද කැඳවාගෙන නිතර පහේ, ඔබ මෙහි පැමින යනවටයි මගේ කැමැත්ත​.

    ReplyDelete