Friday, May 22, 2015

අපේ උසාවි හා අපේම පොලිසි !

'අපේ බදු මුදලින් නඩත්තුවෙන​, අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින​, ​අපට සාධාරනය කරන, අප වෙනුවෙන්ම ස්ථාපිත වී ඇති අපේම උසාවී හා එම බදු මුදලින්ම වැටුප් ලබන අපේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කරන​ අපේම පොලිසි'

චූදිතයෙකු,පැමිනිලි කරුවෙකු හෝ සාක්‍ෂි කරුවෙකු   ලෙස තම නඩුව විභාගයට ගන්නා තුරු රැඳී සිටින පිරිස, කාකිය දරා සිටින පොලිස් මාමා දකින්නේ මහා පිළිකුල් සහගත නරුමයන් ලෙසයි. පොලිස් මාමා ඒ වනවිටත් ඔවුන් සියල්ලන්ව​ වරදකරුවන් ලෙස දැක තිබූ නිසයි ඒ, කෙනෙක් උසාවියකට පයගහපු පමනින් වරදකරුවකු වෙතැයි චිත්‍ර මවන​ පොලිස් මාමාගේ නොදැනුවත්කමයි. ආසන පිරුනු පසු අසුන් නොමැතිකම නිසා සිටගෙන ඉන්නා පිරිස ඔහු නඩත්තු කරන්නේ ගව ගාල ඉඩ ආවමයෙන් තෙරපෙන ගවයන් හා සමානවය​. 


උසාවියක​ දී ආත්මගරුත්වය භුක්තිය විඳීමේ වාසනාව තිබෙන්නේ, නඩුකාර, නීතීඥ හා නිල දරන්නන්ට පමනද​? බොරු ආටෝප සඳහා මෙතරම් මුදලක් වැය​කරන රටක, උසාවි පැමිනෙන්නන් සඳහා එහි සරිලන ​පහසුකම් සපයා දීම බලධාරීන්ගේ යුතුකමක් නෙවෙයිද​? සියල්ලන්ගේම ආත්ම ගරුත්වය ආරක්‍ෂා කිරීම මානව හිතයිශී නොවෙයිද. තරමක් ජැන්ඩියට ඇඳ පැළඳ පැමින සිටින කෙනෙකුට​ පොලිස් මාමා විනීතවන්නේ නීතිය ඔහුට වෙනස් නිසාද​? එහි වරදක් නැති නමුත් උසාවි එන හැමෝටම එකවගේ ජැන්ඩියට ඇඳන් එන්න​ පුළුවන් වෙයි?

වැරදීමකින් හෝ යමෙක් ශබ්දයක් නිකුත් කලොත් හොස්ස ලඟින් මැස්සා පියඹන්නේ පොලිස් මාමා වියරු වට්ටවමිනුයි.

එවැනි අවස්තාවක පොලිස් මාමා එම පුද්ගලායට බැන වදින්නේ ඔහුගේ ආත්ම ගරුත්වය තම කකුලට පාගමිනුයි. ඔහු එය කරන්නේ,​ තෝල්කට​ත් වඩා ඉහළ ස්වරයක් පෙන්වමිනි. අනෙකුන් ඉදිරියේ හෑල්ලුවට ලක්වන එම පුද්ගලයා මුහුන පහත් කර ගන්නේ ලැජ්ජාගතවය. මේ හේතුව නිසාම, ලැජ්ජා බය ඇති අය කිඹුහුමක්, කැස්සක් ඇති වූවත්, ඒවා මැඩ පවත්වාගන්නේ ලොකු සටනක් දීලය​​. එය ඔහුගේ හෝ ඇයගේ නොදැනුවත්කමය. 

සාවිය උත්තරීතරයි, ඝරු ඝාඹ්හීරයි, එහි අනවශ්‍ය ශබ්ද ඇති කිරීම වරදකිඋසාවිය අසලින් යන වාහනයකින් පිට කරන නලා හඞ පවා තහනම් ඇත්තේ ඒ නිසාමයි. උසාවි පරිශ්‍රයේ තම ජංගම දුරකතනය නාදවීමෙන් කෙනෙක් හ​සුවුනොත් නඩුකාර තුමා ඔහුට දඩයක් නියම කරයි, සමහර විට උසාවි කාලය අවසන් වන තුරු කූඩුවේ තපින්නත් ඔහුට සිදුවෙයි. සාමාන්‍ය ජනයා නීතිය​ට අවනත විය යුතුයි, එය​ අකුරටම පිළිපැදිය යුතුයි. 


නමුත් පෙරකදෝරුවරු /වරියන්ට​න්ට ඇත්තේ වෙනම නීතියකි. උසාවි සාලය අසලම ඇති පෙරකදෝරු විවේ කාමරය තුල​ පෙරකදෝරූ මහත්ම මහත්මීන් එකිනෙකාට විහිළු කරමින් ශබ්ද නගා කතා කරයි. ඔවුන්ගේ සිනා හඞ නිසා උසාවි විනයට කිසිදු හානියක් සිදුවන බවක් නොපෙනෙයි. සමහර පෙරකදෝරුවරුන් සාමාන්‍ය ලෙස උසාවියේ තම දුර කතනය භාවිතා කරයි. 


උසාවි විනය ආරක්‍ෂා කිරීමේ අරමුනින්, කෙනෙක් වෙත​ තරමක් තදින් හෝ හැසිරී එය​ ආරක්‍ෂා කිරීමට උත්සාහ කිරීම​ පිලිබඳ, පොලිස් නිලධාරියාගේ ක්‍රියා කලාපය සාධාරිනීකරණ​ය කළ හැකි මුත්, උසාවි විනය ගැන​ හොඳින් දන්නා නීතිඥ මහත්ම මහත්මීන්, එම වරදම සාමාන්‍යයෙන් කරයි නම්, උසාවියක් සාධාරන බවට සංකේත වෙයිද​එතෙන දී නඩුකාරතුමා/තුමී දෙන තීන්දු පරස්පර විරෝදී නැද්ද​? පොලිස් මාමාගෙන් කෙරෙන රාජකාරියද සාදාරන එකක්ද​? 


පරිභාහිර ශබ්ද නිසා අසමින් පවතින නඩුවට බාදා වෙන හේතුව නිසාම ශබ්ද නිකුත් කිරීම වරදක් වේ නම්, පවතින නඩුවට නොආදාලව​කවුරුන් ශබ්දයක් නිකුත් කලත් එය වරදක්ම නොවෙයිද​? තවද, දේශපාලකයන් හෝ නගරයේ හයිය ඇති යමෙක් උසාවි පැමිනියහොත් කාර්‍යාල සෙවකයන් ඔවුන් වෙත​ විශේෂ සැලැකීම් දක්වන්නේ ඔවුන් වරප්‍රසාද ලත් පුද්ගලයන් නිසාද​? එහෙනම් අප රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ දෙවිදියකින්ද?


පොලිසියක් මගින් පුද්ගලයෙක් වරදකට චූදිතයෙක් කර උසාවියකට ඉදිරිපත් කර 
ඇති අවස්තාවක​වරදකරු වූ හෝ නොවූ එම පුද්ගලයා, තමා වැරදි බවක් පිළිගෙන දඩය ගෙවා නිදහස්වීමප්‍රිය​ රයි. ඔහු කරන්නේ කාලෝචිත දෙයකි. එසේ කිරීමෙන් ඔහුගේ මුදල් ඉතිරි වෙනවා මෙන්ම අනවශ්‍ය රස්තියාදුවෙන්ද ඔහු නිදහස් වෙයි. කිසියම් දඩයක් ගෙවා එසැනින් නිදහස්වීම, නොකරපු වරදකට ( වරදක් කර නැතිනම් ) වරදකරු වීමේ අසහනයට වැඩිය එය සහනයකි. 


එය එසේ නම්, පොලිසියක් සැමවිටම නිවැරදිය. පොලිසියක් මගින් ඉදිරිපත් කරන නඩුවක් තර්කයට එන්නේ කළාතුරකිනි. පොලිස් නිලධාරියෙක් පුද්ගලයෙක්ව චූදිතයෙක් කරන්න​ (වරදකට හසු කිරීමට ) මැලි නොවන්නේ තමා කවදත් දිනන බව ඔහු දැන සිටින​ නිසාය​.

ලාබයක් බලාපොරොත්තුවෙන් හෝ ක්‍රෝදයක් පිරිමහ ගැනීමේ චේතනාවෙන් පුද්ගලයන් වරදට හසුකර උසාවි ඉදිරිපත් කරන සිද්දීන්ද බොහොමයක් සිදුවෙයි.


පොලිසියක් එදිරිවාදියෙක් කරගන්න චූදිතයාගේ ඇති බියගුළු කම පොලිස් නිළධාන්ගේ අති බලවත් ආයුදයකි. බොහෝම​ තදින් ක්‍රියා කර පුද්ගලයෙක් වරදට හසුකරන පොලිස් නිළධාරියා, එම පුද්ගලයා නඩුව කරා ගෙන යන අවස්තාව වනවිට ඔහු සමඟ හැසිරෙන්නේ ගජ මිතුරෙකු සේය​. පොලිස් නිළධාරියා දැන් ඔහුගේ බොක්කය. නඩු විභාගයේ දී ඔහුගේ ප්‍රධාන උපදේශකයාද වන්නේ එම පොලිස් නිළධාරියාය​. පෙරකදෝරුවාට හිමිවන්නේ ඔහුගෙන් පසුවූ ස්තානයකි. නඩුව අවසන් වී, සමහරවිට නොකළ වරදට දඩයකුත් ගෙවා උසාවියෙන් නික්ම යන එම චූදිතයා, නික්ම යන්නේ පොලිස් නිළධාරියාට දනින් නොවැටී අචාර කර​මිනි. මටද පොලිසියේ මිත්‍රයෙක් ඇතෙයි යන හිත පිරී සතුටකිනි. නොකල වරදකට තමා වැරදිකරුවෙකු වී ඇති බවින් සිත රිදී ඇති බවක් මොහුගේ මුහුනේ පෙනෙන්න්නට නැත්තේ ඔහුගේ නොදැනුවත්කම නිසාය​. මහ ජාතික භාෂාව හසුරුවන්න නොදත් කෙනෙක් හමුවුනෝතින් ඉතිං 'නරියට කුකුළා ලැබුනා වගෙයි' 


පොලිසිය
ක් නීතියෙන් පිට ගිහින් නීතිය කරන​ අවස්තාද ඇත​. එවැනි එක සිදුවීමක් මෙසේ සිදු විය​, විශේශ අවස්තාවන්වලදී විශේෂ තැනක් ගන්නා, නොයෙකුත් දෑ එකතු කර කටේ දා සපන යමක්, අමතරව කිසිවක් අඩංගු නොකර අමතර​ ශ්‍රමයක් දරා එහි රසස් භාවය වැඩිකර​ විකිනීම නිසා, එය කලවුන් වටලා චූදිතයන් ලෙස​ උසාවි ඉදිපත් කිරීමෙන්, ඔවුන් වරදකරුවන්ද බවට පත් කල සිද්දියකි.​ඔවුන් එසේ දඩ ගෙවීමට සැලැස්වූ එම පොලිස් නිළධාරීන් ඒ සවස එම වෙළසැලට පැමින තමන්ට අවශ්‍ය කරන දෑ රිසිසේ අරගෙන ගියේ තමන් ​ඔවුන් ඔවුන්ගේ මිතුරන් බව අඟවමිනුයි. 



ඔවුන් මේ කරන්නේ කාකිය දරා කරන සවස් මංකොල්ලයක් නොවෙයිද​? කොතරම් අසහනයක් සිතේ තෙරෙපුනත් වෙළඳසල් හිමිකරු මෙය ඉවසා සිටියි​. වෙළඳ සැළේ හිමිකරු වැරද්දක් කර නොතිබුනත්, නීති ගැන ඇති අවිශ්වාසය නිසා, සිදුවූ පාඩුවයි අවමානයයි විඳගෙන කරබාගෙන ඉඳින්න ඇත්තේ, තම​ දෛවය මෙයයි බව බාරගෙනය. ඔහු කළ වෙලඳාම සෞක්‍යයට අහිතකර එකක් නමුත් නීතියට පටහැනි නොවන එකකි. ඔහු කළ දේ වැරදිනම් අප රටේ බොහෝ දෙනෙක් එම වැරද්ද කරයි. සමහරවිට ඔහුට දඩය නියම කල නඩුකාර උන්න්නාන්සේ පවා ඒ වැරද්දම කරනවා වන්නට ඇත​. 


මා මෙතන 
උලුප්පා පෙන්වන්නේ, නැති නීතියක් ක්‍රියාත්මක කරන්න පොලිසිය කටයුතු කර ඇති බවයි. අප රටේ නීති පද්දතියේ දකින සමහර අඬු ලුහුඬු කම් නිසා සාමාන්‍ය ජනයාගේ මනසේ නීතිය ගැන පැහැදීම, විශ්වාසය හීන වී ඇති බවයි. නීතිය තමාට සාධාරන නොවන වගක් ඔවුන්ගේ සිත්වල ලියවී ඇති බවයි. අහවරයක් නොමැතිව නඩුවක් දින යෑමෙන් පෙරකදෝරුවරුන්ට සෙතක් වෙන නමුත් නඩුවට ඉදිරිපත් වන්නාට සහනයක් වන වගක් නැත. පෙරකදෝරුවරුන් ජීවත් කරවීම සඳහාම උසාවි පවත්වනවාද ලෙස සිතෙන සුළුයි. මේ හේතුව නිසාම නොකළ වරදකට වුවත් වැරදිකරුවීම සහනදායී යැයි ජනයාට​ සිතෙනු ඇත​. තමාගේ අයිතීන් උල්ලංගනය වී ඇති බවක් දැනගෙනම, විරුද්දව නැගී සිටීමට ශක්තියක් නොමැති කමින්, ධෛවය මෙයයි ලෙස භාරගෙන ජීවත් වීමට ජනයාට​ සිදුවී ඇති වග​යි.



මධ්‍යම පලාතේ කේතලේ මළුවට ප්‍රසිද්ද නගරයක​ ඇති දිස්ත්‍ර්ක්ක උසාවියේ රෙජිස්ටාර් වරිය වශයෙන් සේවය කරන, අවුරුදු 30කටත් එහා පළපුරුද්දක් තමාට ඇතෙයි බවට උදම් අනන, සමහරවිට 
පෙර කලක මැයද කේතලේ මල්ලක් විය හැකි, මැනිකක් වන, මැගේ අලසකම හා උඩඟු කම නිසා බැංකුවක් සමඟ ඇති වූ නඩුවක් සමතයට පත් කර ගත් එක්තරා පුද්ගලයෙකුට, එම මුදල් ගෙවා නිම කිරීමෙන් පසු, ත​ම ඔප්පුව නිදහස් කර ගැනීමට අවුරුදු 3ක් ගතවිය​. ඒ සඳහා එම පුද්ගලයා නිකරුනේ විඳී රස්තියාදුවද​, වියදම් කල මුදල් අපමනය​. මෙම රෙජිස්ටාර් වරිය සමඟ කිසි කෙනෙකුට තම අයිතීන් වෙනුවෙන් වාද කළ​ නොහැකිය​. එසේ කිරීමට යෑමෙන් ය උරන ව නිසා ආදාල පුද්ගලයාගේ කාර්‍යය තව තව දිග් ගැහෙන්න ඉඩ ඇත​. මෙය කාගේවත් නොදැනුවත් කම නොව අවාසනාවන්ත කමය​.


ඇය සියල්ල දන්නීය​. තර්ක කරන්න ගියවුන්ට​ මුහුනට කඩා පනින්නීය. පිට පලාතකින් පැමිනි පෙරකදෝරුවරියක් සමඟ ඇය රන්ඩු දබර ඇති කර ගත්තු අවස්තාවක් මා සියැසින් දුටුවෙමි. එපමනක් නොව ඉහත කී බැංකු නඩුවට​ සම්බන්ද පුද්ගලයා එම​ නඩුවේ ලිපිගොනු පරික්‍ෂා කීරීමට උත්සාහ කළ අවස්තාවක,​ උවමනාවෙන්ම එම ලිපිගොනු සැඟවූ එහි ලිපිකරුවෙක් , එය​ සෙවීමට ඇති අපහසුතාවය ගැන පවසා ඔහුගෙන් මුදල් ගරාගෙන ඇති බවත් සඳහන් කළ යුතුයි. මා මෙතන සඳහන් කළේ අප රටේ උසාවිවල, පොලිසිවල සිදුවෙන​ අසාධාරන කම් අතුරින් අල්පයක් පමනයි.


අවසන් වශයෙන් මා අත්දුටු සිදුවීමක් කියා මෙම ලිපිය අවසන් කිරීමට බලාපොරොත්තු වෙමි. මෙය අවුරුදු විස්සකට පමන ඉහත දී එළවලුවලට ප්‍රසිද්ද එක්තරා නගරයක දී, මගේ වාහනයට ඉන්දන පිරවීම සඳහා පිරවුම් හලක​ට ගිය අවස්තාවක, 
මා ඉදිරියේ තමාගේ වාහනයට ඉන්දන පුරවමින් සිටි අයෙක්, එම කාර්‍යය අවසන් වී ඇතත් තව දුරටත් එහි රැඳී සිට යමෙක් සමඟ සාකච්චාවක යෙදී සිටිනු මා දුටුවෙමි. මගේ තිබුනු හදිස්සියක් නිසා තරමක තදින් නලාව ශබ්ද කරන්න පෙළෙඹුනු මට, වහා මා වෙත පැමිනි පිරවුම්හල් සේවකයෙක්, එසේ නොකරන ලෙස මට  උපදෙස් දුන්නේය​. 


ඔහු එසේ කලේ මට උදව්වක් කරන චේතනාවෙන් වන අතර ඔහු වැඩි දුරටත් කියා සිටියේඑම වාහනයේ සිටින්නේ ප්‍රදේශයේ නඩුකාරවරිය බවත් ඇය සැරපරුෂ​ බවයි​. මා කළ දෙයින් කිසි වැරද්දක් නැති බව මා දැන සිටි අතර එම නඩු කාරිවරිය දැන එය දැන සිටියත්, සාමාන්‍ය ජනයාට තමන්ගේ මූලික අයිතීන් පවා නොතේරෙන තරමට එම නිළ දරන්නන් වෙත ඇති බියගුළුකම ගැනයි  මා මෙතන පෙන්වා දෙන්නේනීතිය කාටත් සමානද​, පොදු එකක්ද වන අතර​, කවුරු කළත් වැරද්ද වැරද්දම බව අවබෝදයකින් තොර ජනයා ජීවත්වෙන වන වගයි​.


'විනය, නීති ගරුක නඩුකාර​, නීතීඥ, පොලිසි, කාර්‍යාල සේවක හා අනිකුත් වගකිව යුතු මහත් මහත්මීන් මා මේ කරන චෝදනාවෙන් නිදහස් බවක් කියා සිටින මා ඔවුන් වෙත මගේ හද පිරී ඝෞරවයද පිරිනමමි' 


ඔබගේ අදහස් උදහස් වලට මගේ ස්තූතිය.............


19 comments:

  1. ඔන්න මං එක.සහතික ඇත්ත.මෙහෙම කියන ඔයාට උම්මන්තක කියන්නේ ඇයි හැබෑටම

    ReplyDelete
    Replies
    1. සැක්.. මං දෙක.. තාම කියෙව්වෙත් නෑ හැබැයි..

      Delete
    2. හැබෑට මටත් ඒකයි තේරෙන්නේ නැත්තේ.....

      Delete
  2. කියවන්නත් කලින් කොමෙන්ට් කරපු කල්‍යාණ මිත්‍රට පලවෙනි තැන දෙන්න වත්සලා....ඔයාට පිං සිද්ද වෙයි...........

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු දෙනවා දෙනවා...ඔයැයි මගෙත් කල්‍යාන මිත්තරයෙක් කොට හිත රිද්දන්නේ කෝම

      Delete
  3. පහත් තැනින් ජලය ගලා බසී , මේවා වැඩවසම් සමාජ වල ලක්‍ෂණ වේ

    ReplyDelete
    Replies
    1. මම කට්ට කාගෙන අකුරු තොගයකින් කියපු දේ ඔබ තනි වචනෙකින් කීවා....

      Delete
  4. සමස්ථ අති සම්ප්‍රදායික අධිකරණ ක්‍රමයම සැකසී ඇති රටාව පැහැදිලිවම විවේචනාත්මකයි.

    ReplyDelete
    Replies
    1. ඕක කවදා හැදෙයිද​? කවුරුන් හදයිද​?

      Delete
  5. ඕනම දෙයක් පූජනීයත්වයට පත්කරලා ප්‍රශ්න නොකරන මට්ටමට ආවම ඔහොම තමයි. නීතීඥයන්ට සහ පොදු ජනතාවට නීති දෙකක් තියන බවට ඔබ කළ කියන එක ඇත්ත.
    මේක තේරුම් ගන්න ඕන ජනතාව. මෙහෙම පෝස්ට් දාන එකත් ලොකු දෙයක්. මම බ්ලොග් කලාවට ආදරය කරන්නෙ මේ වගෙ නිදහස් අදහස් වලට එය තෝතැන්නක් නිසයි.

    ReplyDelete
    Replies
    1. මේ දේවල් මෙහෙම නොකියා අනන්‍යතාවය ඇතිව කීවොත් අපිව උන් හිටි තැන් නැති කරලා දාවී පෙළක් වෙලාවට​. එක්නෙළියගොඩ​, ලසන්තලාට උනේ ඒකනේ.

      Delete
  6. නීති පීට පීටාදිපති යාපන සිසුවිය දූශනයේ ප්‍රදාන සැකකරු හීන් නූලෙන් නිදහස්කරගෙන කොලඹ යැවීම..... හිකිස්....

    ReplyDelete
    Replies
    1. මේක වෙනස් වෙන්න ඕනේ කියලයි අපි කියන්නේ

      Delete
  7. කපුවගෙ පුතා දේවාලෙ මැද මළපහ කළාට කමක් නෑ කියල කතාවක් තියනවනෙ. උසාවියටත් එය අදාළ ඇති. පොලිසියේ "උස්තැන් දැක හැකිළෙන්නේ , මිටි තැන් දැක පුප්පනේ " තියරිත් ඊට නොදෙවැනි නෑ.

    ReplyDelete
  8. මේක ලංකාවේ නිලධාරීන්ට විතරක් සීමා වුනු දෙයක් කියල නම් මම හිතන්නේ නැහැ.
    මේක තුළ තියෙන්නේත් සාමාන්‍ය මනුස්ස ගතියක්ම තමයි. ඒ තමයි තමා සතු බල තල පුළුවන්කාර කම අනුන්ට පෙන්වීමේ හීන මානය.
    වඩා විවෘත්ත සමාජ ක්‍රම පවතින රටවල සාපේක්ශව මෙවැනි හීන මිනිස් ගති වල යම් අඩුවක් ඇති බව ඇත්තයි ඒත් මිනිසුන්ගේ සමාජ අවබෝධය හා බුද්ධි මට්ටම අනුව අපේ වගේ සමාජ වල මේවා උග්‍රයි.
    මෙවැනි දෙවල් ශූන්‍ය කිරීමටනම් සමස්ත සමාජයම බුද්ධිමතුන් කල යුතුයි.
    වැඩේ ප්‍රායෝගිකද?

    ReplyDelete
    Replies
    1. ප්‍රායෝගික කරවගන්නයි අපේ මේ උත්සාහය​. හැමෝම නැතත් දශම ගානකට හරි අවභෝදයක් ඇතිවෙයි කියල අපි ප්‍රාර්තනා කරමු.

      Delete
  9. "උසාවි ගානෙ ගිහින් රස්තියාදු වෙලා කාලෙ නාස්ති කරගන්නවාට වඩා නේද?
    මෙහෙම නේද? ඔව් ඉතින් කෙරෙන ඕන දේ කෙරෙන්න එපයි" කියලා ට්‍රැෆික් මාමලා නම් පාරෙදිම කියලා නඩුව බලවනවා.

    ReplyDelete
    Replies
    1. ටැෆික් මාමලාට පින්සිද්දවෙන්න උසාවියේ තද බදය නම් අඩුවෙනවා........

      Delete