Sunday, May 31, 2015

සමලිංග සේවනය ! Homosexuality !



    මා මේ ලිපිය තුලින් කතා කරන්න අදහස් කරන්නේ සමලිංගික සේවනය ගැනයි. ලෝකයා මෙය පිළිගැනීම​ හරිද වැරදිද​ බව​ තර්ක​ කරන්න හෝ මේ පිළිබඳව මා දැනමුත්තෙකු කියන්න හෝ නොව මා මෙයින් උත්සාහ කරන්නේ. මේ පිළිබඳව මට දැනුනු දේ  ඔබ ඉදිරියේ තැබීමයි මගේ අරමුන​. මේ කාරනාව, ලෝකයේ අදටත් විසඳුමක් නැති ප්‍රශ්නයක් බව මා පෙන්වා සිටින අතර​ මගේ අනිකුත් කෙටි කතා, ලිපි මෙන්ම මෙයද මනසාශ්‍රිත කාරනාවක් බව කියන්නයි උත්සාහ කරන්නේ. 

මේ තුලින් මා ප්‍රතමයෙන් සංවාදයට ගන්න අදහස් කරන්නේ මිනිසාගේ මනස ගැනයි. 'මනස' ජිවියකගේ කැමැත්ත, අකැමැත්ත​, අශාව​, පිළිකුල​, සතුට, වේදනාව යන මානසිකව බලපාන සියුම් දේ හා සම්භන්ද වන සංවේදී ඉඳ්‍රීයකි. ප්‍ර​බල​ මනසක් ඇති දුබල ශරීරයක් ඇති පුද්ගලයෙකු 'මහමේර' පෙරලන්න ඉදිරිපත් වන අතර​  'හර්කියුලස්'  ශරීරයක් තිබ, මනස දුබල පුද්ගලයා,  සුළු විරෝදයක දීත් පසුබෑමට ලක්වෙයි. මනස සමතුලිනයෙන් තොර ජීවියා අසාමාන්‍ය සත්වයෙකි. 


ජීවිතය සාර්තක කර වෙන්න මනස අති ප්‍රබල සාදයකයකි. ජීවයක් මත, එපිට වූ බලයක් මගින් එය​ අකැමැති යමක්   බලෙන් පටවන්න තැනුවෝතින් හෝ  කැමැති දෙයක් නොකරන ලෙස බලයක් යෙදුවෝතින් එම​ මනස පීඩනයට ලක්වෙයි​. උදාහරනයක් හැටියට ​ක්‍රීඩාවට කැමැති දරුවෙක් එයින් බැහැර කර ඉගෙනීමට යොමු කිරීම සඳහා ඔහු වෙත බලයක් යෙදීමයි. මේකේ වැරද්දක් නැති මුත්,  බලයක් යෙදීමයි ගැටළුව​. තමාගේ දරුවාම හෝ වේවා සියුම් ලෙස යමක් පහදා දීමට උත්සාහ කරනවා වීනා​ බලයක් යොදා හෝ තමාගේ කැමැත්තට නම්මවා ගැනීමට​ උත්සාහ  කිරීම​ වැරැදියි. එය එම මනසට ඇති වෙන අසහනයකි. අනිර්වාරයෙන් කළ යුතුයි! එය කල යුත්තේ බලයක් යෙදීමෙන් නොව පහදා දීමෙනි. එය​ එසේ නොවේනම්, මෙසේ දිගින් දිගටම​ මානසික අපහසුතාවය​න්ට ලක්වන ​මෙම​ දරුවා පසු කාලීනව​මානසික අසමබරතාවයන්ට ලක් වෙයි.  ඊට එහා ගිහින් මානසික​ රෝයෙගීකු වෙන්නත් පුළුවන්. 


මානසික රෝගියෙකුසැමවිටම​ අප පාර තොටේ දකිනා පිස්සෙක්ම විය යුතු නැත​. අසාමාන්‍ය ලෙස අමතක වීම්, බලාගෙනම අතේ ඉඳීම්, හේතුවක් නැතිව කෝප වීම් තනියම සිනාසීම් වැනි මෙකී නොකී කාරනාද මනසේ අසමතුලිනතාවය නිසා ඇති වෙන අතුරු පලයන්‍ය​. අපි යමෙක් සමඟ වචන හුවමාරු කර ගැනීමේ දී සෞම්‍ය වචන යෙදීමෙන් හා ප්‍රිය මනාපව හැසිරීමෙන් එම පුද්ගලයාගේ මනස සතුටු වී ප්‍රභෝදමත් වන්නේය. එයින්, ඔහුද පෙරලා ඒ අයුරින්ම හැසිරීමට උත්සාහ කරන්නේය​​. සිදුවූ මෙම ක්‍රියාවලිය නිසා මෙහිදී සම්භන්ද වන දෙදෙනාගෙම මනස සතුටු වී ඇත​. එය​ ඔවුන්ගේ සිත් නිරෝගිමත් වන්නට කාරණා වන්නේය. එසේනම්, ජීවිතය ජයගන්න නම් මනස සතුටින් තිබිය​  යුතුමයි.


ජීවයක් නිර්මානය හෝ පරිමානය වෙලා තියෙන්නේ එය එක්තරා රාමුවක් තුල සිට ලෝක, පාරසරික​, ආගමික​, දාර්ශනික සාරධර්මයන්ට අනුකූලය​. මෙහිදී, මානවයා හා තිරිසනා ස්වභාවයන්ට අනූව වෙනස් වෙන අතර​ එම ජීවයන් අතර ඉහත කී සාරධර්මයන්ට විරුද්ද හා විකෘති මානසිකත්වයන් ඇති ජීවීන්ද ලෝකයේ සිටීයි. මෙතෙන් සිට අප තිරිසනා අමතක අකර මිනිසා ගැන පමනක් හා එකී මිනිසාට ආකර්ශනය වන   කාරණා ගැන​ සංවාදයට ගමු. 


මිනිසාට ආකර්ශනය වන නොයෙකුත් කාරණාවන් අතුරින්, ආකර්ශනය, කාමය ප්‍රධාන තැනක් ගනී. ලෝකයේ කවුරුන් හෝ වේවා කිසියම් අයුරකින් කාමය කෙරෙහි ආකර්ශනය වන්නේය​. එසේ නොවන්නෙක් අසාමාන්‍යය​න් හෝ රෝගීන් වෙයි. පොදු න්‍යායයට අනූව, කෙනෙකුට කාමුක ආකර්ශනයක් ඇතිවිය යුත්තේ විරුද්ද ලිංගිකයකු සමඟයි. එකිනෙකාගේ ශරීරයන් නිර්මානය වී ඇත්තේ එයට අනුකූලවයි. අසාමාන්‍ය ක්‍රම තිබුනත් සාමාන්‍ය ලෙස කිසියම් වින්දනයක් ලබා ගැනීමද​ තම වර්ගයා බිහි කරගන්නේද​  මේ පිළිගත් ක්‍රමය​ තුලිනුයි. සමබර පවුල් සංස්තාවක් ගොඩ නැගෙන්නේද​, සමාජය පිළිගන්නේද මේ ක්‍රමයයි.


මා කතා කරන්න යන්නේ මෙම සාමාන්‍ය න්‍යායයට පරිභාහිරව තමාට සමාන ලිංගිකයන් වෙත ආකර්ශනය වෙන විකුර්ති ආශාවන් ඇති අය පිළිබඳවයි. මොවුන් සමාජයේ සමලිංගිකයන් Gays හා සමලිංගිකාවන් Lesbians ලෙස හඳුන්වයි. සමලිංගිකයන් යනු තවත් පුරුශයෙක් කෙරෙහි ආකර්ශනය වන​ විලාසවත් පුරුශයන් වෙන අතර ඔවුන් සංසර්ගයක දී එකා අනිකාගේ ගුදය හා කලවා භාවිතා කරයි. සමලිංගිකාවක් යනු තවත් ස්ත්‍රීයක් කෙරෙහි ආකර්ශනය වන ලෙස්බියනි ස්ත්‍රීයන්ව වෙන අතර මුඛාශ්‍රිත​ සංසර්ගවල​යෙදෙමින් ඔවුන් තම අවශ්‍යතාවයන් සපුරා ගනීයි. පොදුවේ මෙවෙනි අය විරුද්ද ලිංගිකයන් කෙරෙහි ආකර්ශනය වීම විරලයි. සමාජීය බලපෑම නිසා විරුද්ද ලිංගිකයන් සමඟ එකතු වෙන්න සිදු වූවත් මොවුන් එයින් තෘප්තියක් නොලබයි.


අසාමාන්‍ය රසයන් ඇති මොවුන් සාමාන්‍යයෙක්/යක් සමඟ විවාහ වෙන්න සිදුවුනත්, රසාස්භාවයේ ඇති වෙනස්කම් නිසා ඝට්ටන ඇති වී විවාහ දෙදෙරා යාම බොහෝ විට සිදුවෙයි​. එසේත් නැති නම්, තම පවුල් වට පිටාවට හා සමාජය වෙත ප්‍රශ්නය වසන් කර තමන්ගේ සිත් තුල පමනක් සිර කර තබ​මින් අසහනකාරී ජීවිතයක් ගත කරයි. මෙයින් පලමු දේ වුනොතින් කෙනෙකුගේ හෝ ප්‍රශ්නය එතනින් අහවර වන අතර​ දෙවෙනුව කී දේ වෙනවානම් තත්වය භයානකය​. එයින් දෙදෙනෙකුගේ ජීවිත පීඩාවට ලක් වෙයි. සමලිංගිකයෙක් සමලිංගිකාවක් සමඟ විවාහ වී තමන් අසාමාන්‍ය කෙනෙකු නොවන බවක් සමාජයට අඟවන්න සමහරුන් පෙළඹෙයි. එසේ ඉඳගෙන​ කැමැති පරිදි තම තමන්ගේ මාර්ගයේ ගිහින් හොර රහසේම තම උවමනාවන් සපුරාගන්නත් ඔවුන් සමත් වෙයි. 

ලෝකයේ ඇති ආගම් හා දර්ශනයන් මේ පිළිබඳව විවිද මත දරයි. දේවවාදී ආගම් දේශනා කරලා තියෙන්නේ මෙය​ වැරදියි හා මෙවන් දේ කිරීමෙන් පව් සිද්ද වෙන බවත් එවන් දේ කිරීම නිසා දඬුවම් ලැබෙන බවයි. ශාස්තෲන් ලූත්/ ලොට් වරයාගේ කාලයේ දී මෙවන් විකුර්ති කාමාර්ශනිකයන් සිටී ප්‍රදේශයක් මැවීම්කරු විසින් පොලොව ආපිට පෙරලා විනාශ කළ බව කුර්-ආනයේ මෙන්ම බෛබලයේද සඳහන් වෙයි. දැනට මල මුහුද ලෙස හඳුන්වන වන අධි සාඳ්‍රනයකින් යුත් මුහුදු ප්‍රදේශය මෙය බව එම ආගමික ඉතිහාසයන් සඳහන් කරයි. මැදුම් පිලිවෙතක් දරන බුද්ධාගමේ මෙය වලකාලන හෝ අනුබල දෙන ආකාරයේ කිසිම වදනක් දක්නට නොලැබෙන අතර හානිකර නොවන කිසි දෙයක් කිරීමේ තහනමක් නැතැයිද සඳහන්. 


හින්දු ආගමේද ඒ පිළිබඳව පැහැදිලි කිසිවක් සඳහන් වෙලා ඇති බවක් නොපෙනෙයි.  අනෙකුත් ආගම් මේ පිළිබඳව මොනවා කියා තිබේද යන්න මා නොදන්නා අතර දන්න කෙනෙක් සිටියෝතින් ප්‍රතිචාරයක් මගින් අප සමඟ බෙදා ගන්න.. ගුදය භාවිතා කරමින් සංසර්ගවල යෙදීම නිසා මෙවන් අයට මාරාන්තික සමාජ රෝගවලට ගොදුරුවන්නට සිද්ද වෙන බව විද්‍යාව කියයි. මෙවන් කෙනෙකු සමාජයේ හඳුනාගනු ලැබුවෝතින් ජනයා ඔවුන් දෙස බලන්නේ පිළිකුලෙන් වන අතර​ ජනයා ඔවුන්ගෙන් ඇත් වී සිටීමට උත්සාහ කරයි


හඳුනා ගැනීමකින් පසු මෙවැනි අයවලුන්ව ගෙදරින් පන්නා ගැනීමේ අවස්තාද ඇතිවෙයි. එහෙයින් මොවුන්ට වෙන්නේ හව් හරනක් නැතිව පාරට වැටීමටය​. එයින් නොනැවතී සමාජයේ අඩතෙට්ටම් වලට මුහුන දෙන්නත් මොවුන්ට සිදුවෙයි. ඔවුන්ට සිදුවෙන්නේ සමාජයෙන් ඇත් වී කොන්වී සිටීමටයි. එ නිසා ඔවුන්ගේ මානසිකත්වය තව දුරටත් පහත වැටෙයි. මානසිකව පීඩනයට ලක් වී ඇති මොවුන් නොයෙකුත් ප්‍රචන්ඩ ක්‍රියාවන් වල යෙදෙන්නට පවා පෙළෙඹෙයි. එය සමාජ සුභ සිද්දියට වන බරපතල හානියකි. බටහිර රටවල ඉන්න මෙවැන්නන් ඔවුන්ගේ අයිතීන් උදෙසා සටන් කරන අතර සමහරු එම අයිතීන් දිනාගෙනද ඇත​. නමුත් සංස්කෘතියන්ගෙන් පොහොසත් අප වගේ ආසියාතික රටවල ඉන්න මෙවන් අයගේ තත්වය අනුවේදිනීයයි. ඔවුන්ට වෙලා තියෙන්නේ තමන්ගේ ඇති මෙම විකුර්ති අශාවන් යටපත් කරගෙන මානසිකව පීඩා විඳීමටයි.


එලිපිට ධෛරියමත් සමාජයට​ තමාව පෙන්වාගන්න මැලි වෙන මොවුන් තමාගේ රසාස්වාදියන් හඳුනා ගෙන​ තමන්ගේ උවමනාවන් සපුරාගන්න විකල්පයක් වශයෙන් අන්තර්ජාලයේ මිතුරු සමාජ වෙබ් අඩවිවි හරහා දැන්වීම් පලකර තමාගේ සහායකයා සොයන්න උත්සාහ ගනී. මෙම වෙබ් අඩවිවල පලවෙන ඇරයුම් අතරින් අති බහුතරය මෙවන් විශමාකර්ශනීය පුදලයන්ගෙන් බව දැකීමෙන් අප රටේද සාංකාවෙන් පෙලෙන මෙවැනි අසහනකාරී පුද්ගලයන් කොපන සිටීද බව​ පැහැදිලි වෙයි. ආගම් හා දාර්ශනිකයන් මොනවා දේශනා කර බාදා පමුනුවා තිබුනත් ජීවයක් තම සිතේ හැටියට ජීවත් වෙන්න අපොහොසත් වුවොත් එය එම ජීවයට වන​ මානසික අසහනයක්.  විද්‍යාව එය සහතික කරයි


එම මානසික අසහනය නිසාම ඔවුන් සමාජයේ පිළිකුල් කරන නොයෙකුත් වැරදි සහගත ක්‍රියාවන් කරන්න පෙළෙඹෙයි. එසේත් නැති තැන එම අසහනයෙන් පෙළෙන්නා එය තම සිත තුලම සිර කරගෙන පීඩා විඳ, හර්ද රෝග වැනි නොයෙකුත් රෝගවලට ගොදුරු වෙයි. අප නීතිය හා ආගම පසෙක දමා මානසිකව සිතුවෝතින්, කැමැති පරිදි ජීවත් වීමට ඇති මොවුන්ගේ  අයිතිවාසිකම් උල්ලංගනය වී ඇත.  මේ තත්වය මොවුන්ට වන බලවත් අසාදාරනයකි. මා මෙයින් අදහස් කරන්නේ මොවුන්ගේ ක්‍රියා කලාපයන් අනුමත කර මෙය නීතිගත කල යුතුයි යන්න නොව මෙයට විසඳුමක් සෙවිය යුතුයි යන්නයි.


තැකීමක් නොකර​ මොවුන්ව මෙසේ නිදැල්ලෙ ඇරීම මොවුන්ට මෙන්ම සමාජයටත් වන බලවත් හානියකි. ලමා පරපුරේ ඉදිරි අනාගතයටත් මෙය බෙහෙවින් බලපායි. මෙවැනි මානසිකත්වයන් ඇත්තවුන් සාමාන්‍යයන් නොවෙයි. මොවුන්ගේ ක්‍රියා කලාපයන් වැරදිමයි. එහි තර්කයක් නෑ. මොවුන් ගැන අවදානය යොමුකල යුතුමයි. එහෙනම් කොහින්ද පටන් ගන්නේ. මොවුන් මෙසේ වීමට හේතුව මොවුන්ගේ වරදින්මද​? නැතිනම් මොවුන් හැදී වැඩුනු පරිසරයේ වරදින්ද? උපතේ දීම මොවුන් ලැබූ ස්වභාවයමද​? නැතිනම් අතරමගදී ඇති වූ වෙනස්කම් නිසා වූ බලපෑමද​? යන කාරනා ගැන සොයා බැලිය යුතුව ඇත​. අනිර්වාරයෙන් මෙයට මුල්වූ කාරනාවක් තිබෙන්නම ඕනේ. අපි මොවුන් දෙස බලන්න ඕනේ සානුකම්පිත භාවයකිනුයි, එසේ නැතිව මොවුන්ට බැන වැදීම හෝ තරවටු කරන්න යෑම වැරදියි. කොටින්ම ඔවුන්ව සමාජයෙන් කොන් කිරීම වැරදි දෙයකි. මොකද ඔවුනුත් සාමාන්‍යයන් අතර ජීවත් වෙන අසාමාන්‍ය මිනිස් කොට්ටාශයකි. අපි කතා කල යුත්තේ ඔවුන්ගේ මනසටයි. ඔවුන්ගේ වැරදුනු තැන් සොයා එයටයි ප්‍රතිකාර කල යුත්තේ.


ප්‍රතම පියවරක් ලෙස සැමවිටම​ දෙමාපියන් තමන්ගේ දරුවන්ගේ චර්‍යාවන් ගැන අවදානයෙන් සිටිය යුතුයි. ඔවුන්ගේ හැසිරීම්, ආශ්‍රය කරන්නවුන්, රසයන්, කතා බහ කරන විලාසයන්, අඳින පලඳින ආකාරයන් වැනි නොයෙකුත් දේ ගැන අවදානයට ගත යුතුයි. තම​ දරුවා අයත්වන ලිංගික භාවයට වෙනස්ව ප්‍රතිවිරුද්ද ලිංගික භාවයට අයත් හැසිරීම්වල යෙදෙනවානම් ඔහුව මනෝචිකිත්ස වෛද්‍යවරයෙක් වෙත රැගෙන යෑම සුභදායකයි. ලදරු අවදියේ මෙවන් විකෘති ලක්‍ෂන දකිනවානම් එය හෝමෝන අසමතුලිනතාවයන් නිසා ඇති වූ වක් වන්නට පුළුවන​​. 


සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට හෝමෝන දෙවර්ගයම පිහිටන අතර පිරිමි දරුවාට පිරිමි හෝමෝන වැඩියෙන්ද ගැහැණු දරුවාට ගැහැණු හෝමෝන වැඩියෙන්ද පිහිටයි. එ පිරිමි දරුවෙක්ට​ අසාමාන්‍ය ලෙස ගැහැණු හෝමෝන වැඩිවීමක් නිසාද ගැහැණු දරුවෙක්ට​ අසමාන්‍ය ලෙස පිරිමි හෝමෝන වැඩිවීමක් නිසාද මෙම විකෘති භාවයට පත්වන්නට ඉඩ ඇත​. වාසනාවකට​ වෛද්‍ය විද්‍යාවේ දියුනුව හේතුවෙන් මෙවන් අයට තමා අයත් ලිංගික වර්ගයට අයත් හෝමෝන ශරීර ගත කිරීමෙන් මෙය යතා තත්වයත පත් කර ගත හැක​. පොරොවෙන් කොටනවට වඩා නියපොත්තෙන් ගලවන එක පහසුයි නේද​?මෙවැනි විකුර්ති පුද්ගලයන් අතර තවත් වෙනස් වූ ආකාරයෙන් මෙවන් තත්වයට පත්වූවන්ද සිටී. එනම් කාලයක් එක ලිංගික කොට්ටාශයට අයත්ව ඉඳ පසුව ඇතිවූ හෝමෝන වෙනස්වීමක් හේතුවෙන් විරුද්ද ලිංගික ගති පැවැතුම් ඇති වීමයි. මොවුන්ව Transgender ලිංග වෙනස් වුවන් (ස්වභාවයට අනූව නොවුනත් නොවුනත් මානසිකව)ලෙස හැඳින්විය හැකියි. ඇය-පුරුෂ​, Shemale ස්ත්‍රී-කොල්ලා Lady boy යන නම් වලින් හඳුන්වනු ලබන්නේත් ඉහත කී අයවලුන්මය​.


අනික් කාරනය නම්, පිරිමි ළමයි කිහිප දෙනෙක් සිටින නිවසක තනි ගැහැණු දරුවෙක් සිටී නම් එම ගැහැණු දරුවා තම ගැහැණු ගතියෙන් බැහැර වී පිරිමි ලක්‍ෂන උපයොද කර ගන්නා අතර එම දරුවා සමලිංගිකාවක්ම නොවූනත් පසු කළක දර දඬු, ආදිපත්‍යය පතුරන තාලේ මුරන්ඩු ගැහැණියක් වෙනවා. තනි ළමයා පිරිමී නම් මේ කියූ දෙයින් අනෙක් පැත්ත සිදු වෙනවා. සමලිංගිකයෙක් හෝ සමලිංගිකාවක් නොවී මේ ලක්‍ෂන හිමිවෙනවා වුනත් එය ඉදිරි අනාගතයේ දී ගත කරන්න බලාපොරොත්තු වන විවාහ ජීවිතයට මෙය​බෙහෙවින්ම බලපානු ඇත​. 


මේ අවස්තාවන් සඳහාද මනෝචිකිත්ස ප්‍රතිකාර මගින් යටි මන​සට කතා කර​ උපදෙස් දී​ යතා තත්වයට පත් කල හැක​. විනිශ්චය තරමක් අසීරු වුන​ත් නිවාරණය සඳහා පොදුවේ ලදරු අවස්තාව පහසු වන අතර තත්වය​ දියුනු වීමෙන් ඇති වන පල විපාකද අවම වෙයි. පාරසරික බලපෑම් Environmental effect හා මනෝවිඥාන බලපෑම් Psychological effect නිසාද මිනිසා මෙවන් තත්වයන්ට ගොදුරු වෙයි. පාරසරික බලපෑම් හා මනෝවිඥාන බලපෑම් එකිනෙක සම්භද වී මිනිසා ගොදුරු කරගන්නා බවක් මට සිතෙයි. මෙවන් බලපෑම්වලට අසුවන්නන් බොහෝ දුරට ගොදුරු වන්නේ පෙර තුරුණු වියේ හා තුරුණු විය තුල නේවාසිකා ගාරවල, ආශ්‍රමවල හා අනෙකුත් සමලිංගිකයන් ලඟින පොදු ලැගුම් හල්වල ඉන්න අවස්තා ඇති වන අයටයි. ලිංගික ආශාවන් ඇති වීමේ මූලාරම්‍භය සිදුවන්නේ පෙර යොවුන් වියේ සිටමයි. එය යොවුන්විය වන විට තව තවත් වර්ධනය වී පරිපූර්න වන්නේය​.


එම යොවුන් වියේ ඇතිවන කාමාශාවන් විරුද්ද ලිංගිකයන් කෙරෙහි වුවත් එවැනි කෙනෙකු වෙත පහසුවෙන් ලඟා විය නොහැකි තැන​ උපදින කාමාශාව කෙසේ හෝ සපුරා ගත යුතුයි යන තත්වය නිසාත් පහසු විකල්පය වන සම ලිංගිකයෙක්ගේ සේවනය පැතීම සිදුවෙයි. වරක් දෙකක් එසේ කිරීමෙන් පසු එය සාමාන්‍ය දෙයක් බවට පත් වී මොවුන් මෙයට ඇබ්බැහි වෙන තත්වයට පත් වෙයි. මෙවන් දේ කිරීමේ දී විශේෂයෙන් ස්ත්‍රීන් තම කන්‍යා පටලයට හානි නොවෙන නිසාත් පසු කලක එය තමාට ප්‍රශ්නයක් නොවේ යැයි සිතන නිසාත් බියෙන් සැකෙන් තොර මෙවන් කාර්‍යයන්වල නිරත වෙයි. වයසින් වැඩි කෙනා වයසින් අඩු කෙනාව මෙයට යොදා ගැනීම මෙහිදී බොහෝ දුරට සිදුවෙයි. පසුව එම වයසින් අඩු කෙනා වයසින් වැඩිවන විට හෝ ඒ වයසේම දීම තමාට බාල කෙනෙක්ව​ එම කාරනයටම යොදා ගනීයි.  

විවාහය තහනම් කර ඇති ආගමික පරිසරයක් ඇති තැන්වල මේවා බහුලව සිදුවෙන බව වාර්තා වෙයි. හේතුව ස්වාභාවිකව ඇති වන ශාරීරික ආශාවන් සපුරාගන්නට බලාපොරොත්තු තියාගෙන ඉන්න, ​මතුකාලයේ දී ඔවුන්ට අවස්තාවන් උදානොවන බව නිස්චිතවම​ දන්නා නිසාය​. එම නේවාසික කාලයේ දී මෙවන් දේට පුරුදු වී සිට, පසු කලක එම පුරුද්දෙන් බැහැර වුනත්, තවත් සමහරුන්  ඇබ්බැහි වූ  පුරුද්ද මත්තෙන්ම නියලී සිට දිගටම විෂමලිංගිකයන්වම සිටීයි​. අප හඳුනාගත යුත්තෙත් ප්‍රතිකාර කල යුත්තෙත් මෙවන් අයටයි.


ප්‍රතිකාරයන් කුඩා දරුවන්ට මෙන්ම වෙනසක් නැතිව වැඩි හිටියන්ටත් තිබීම හේතුවෙන් වැඩි වියේ සිටින මෙවන් අයද වෛද්‍යවරුන් වෙත යොමු කිරීමේ අවස්තාවන් අපට ඇත​. මෙවෙනි අයව අප හඳුනා ගන්නේ කෙසේද​? මෙය සිදුකල යුත්තේ පවුල් පරිසරයේ සිටමයි. තම පවුලේ විකුර්ති ගති ලක්‍ෂන පෙන්නුම් කරන යමෙක් දුටුවෝතින් ඔහුට මෙය කෙලින් නෝඟවා හෝ පහදා දීමකින් පසු ඔහුව මනෝචිකිත්ස වෛද්‍යවරයෙක්ට පෙන්වීම කල යුතුයි. කිසිසෙත්ම ඔහුගේ හෝ ඇයගේ මේ තත්වය අනුන්ට එලි නොකිරීමට වග බලාගත යුතු අතර ඔහුව/ඇයව කොන් කිරීම හෝ ඔහුගේ/ඇයගේ සිත රිදවීම හෝ නොකල යුතුයි. කාර්‍යාලවල හෝ වෙන යම් තැනක මිතුරු මිතුරියන්ට පවා මේ දේම කල හැකියි. 


මේ තුලින් සමාජයට වන හානියක් වැලකීමට කල උත්සාහය නිසා මානසික තෘප්තියක්ද ලැබෙනු ඇත​. කුඩා ළමුන්ව මෙන් පහසුවෙන් වැඩි වියේ පසුවන මොවුන්ව නම්මවා ගැනීම පහසු කාර්‍යයක් නොවන අතර තමා ගැන වැරදි අවබෝදයක් ඇති කරගෙන ඉන්නා බව කියමින් කෝපාවිෂ්ඪ වී ප්‍රශ්න ඇති කරන්නත් මොවුන් පෙළෙඹෙන්න ඉඩ ඇත​. අනික තමා ඇබ්බැහි වී ඇති සතුටින් එපිට සතුටක් ගැන නොදන්නා මොවුන් තමාගේ සතුට නැති කරන්න තනන ද්‍රෝහියකු, විරුද්දවාදියකු ලෙසත් ඔබව දකින්නට​ පුළුවන්.


එම නිසා බොහෝම කල්පනාකාරීව ඔවුන්ව කලමනා කිරීම කල යුතුව ඇත​. මෙය ඇරෙන්න සෞඛ්‍ය බලධාරීන් මැදිහත් වී මේ පිළිබඳව අවබෝදයක් ලබා දී මාද්‍යයන් මගින් හෝ වෙන යම් මගකින් ජනයා දැනුවත් කිරීමෙන් හා සෞඛ්‍ය සායන, වැඩමුළු වැනි දෑ පැවැත්වීමෙන් මෙවැනි අසාමාන්‍යයන් අවම කර ගත හැකි වන​ අතර ඒ තුලින් සමාජයටත් සෙතක් සැලසිය හැකියි. අපි වගේ ආසියාතික රටක ඉන්න තමාව එලිපිට නොපෙන්ව ගන්නා මෙවන් අයව හඳුනා ගැනීම තරමක් අසීරු කාර්‍යයක්ම වන අතර කෙසේ හෝ හඳුනාගෙන යහ මාර්ගයට ඔවුන්ව ගැනීම අප සියළු දෙනාගේම පාහේ වගකීමකි. 


රටක නියම දියුනුව ඇත්තේ පාරවල් සෑදීම, අහස උසට ගොඩනැගිලි තැනීම ගුවන් තොටුපොලවල්, වරායවල් හෝ වෙන ඕනෑම යමක් සෑදීම පමනකින් නොව රටේ නියම සංවර්දනය ඇත්තේ නිරෝගී පුරවැසියන් බිහි කිරීමෙනි. මිනිසා නිරෝගී වීමට නම් මනස නිරෝගී විය යුතුයි. ඒ නිසා මා අදහස් කරන්නේ මෙවැන්නන් යතා තත්වයත පත් කිරීම පිනිස පවතින රජය මැදිහත් වී සධ්භාවනීය උත්සාහයක යෙදෙන්න ඕනේ ලෙසයි. 


ලිපිය අවසන් කිරීමට ප්‍රතම සිතට නැගුනු අදහසක් මට​ කියන්න සිතෙයි. මොකද මා සියලු දේම මනස මුල් කරගෙන බලන කෙනෙක් නිසයි. මා ඉහත කතා කල අස්වභාවිකයන් නිට්ටවට හෝ හැකි අයුරින් යතා තත්වයට පත් කරන්න හැකි බව ​වෛද්‍ය විද්‍යාව කීවත්, එසේ කල නොහැකි පිරිසක්ද​ සිටින බව​ එම වෛද්‍ය විද්‍යාව කියයි. එහෙනම්? මගේ ප්‍රශ්නය එතනයි. මොවුන්ට යන කල දසාව මොනවද​?


මොවුන්ව එසේම අයාලේ අරිනවද නැතිනම්  'ඔහොම හිටපං' කියා වැට බැඳ කොටු කර තියා ගන්නවද? අනෙක් සාමාන්‍යයන් මෙන් ඔවුන්ටත් තමන්ට උවමනා ජීවිතයක් ගත කිරීමේ අයිතියක් තියෙනවා.  ආගම, දර්ශනය, නීතිය පසෙක දමා මට මගේ සිතට හැඟුනු දෙය කියන්නම්. සුව කිරීමට උපරිම උත්සාහයක යෙදීමෙන් පසුත් විකල්පයක් නැතිම තැන, කෙසේ නමුත් සෞඛ්‍ය සායනයන් තුලින් ඔවුන් මුහුන පෑ හැකි සෞඛ්‍යමය ගැටලු ගැන දැනුවත් කර, සමාජයේ හැසිරිය ආකාරයන් ගැන උපදේශයන් ලබා දෙමින් ඔවුන්ව ඔවුන්ගේ සිතේ හැටිය සමාජයේ ජීවත් වන්නට ඉඩ ඇරීම මානුශීය ක්‍රියාවක්.


මේ මගේ සිත කියූ දෙයයි, එය ආගමානුකූලව දාර්ශනානුකූල හා පවතින නීතියානුකූලව, හරිද වැරදිද මා නොදනිමි.. නීතිය පසෙකට දමා අප ආගම් දර්ශනයන් ගැන සිතුවොත්, කෙනෙක්ව වැරදිකරු ලෙස දකින්නේ හා දඬුවම් පමුනුවන බවට පවසා ඇත්තේ ක්‍රියාවට නොව චේතනාවටයි. යහ ක්‍රියාවක් කිරීමේ චේතනාවක් තිබී එය ඉටුකර ගන්න බැරිව යමෙක් මියදුනානම් එම ක්‍රියාව කළම බවට පිං ලබාදෙන බවට ආගම් පවසනවා . චේතනාවෙන් තොර කල වැරද්දක් ගැන පවතින නීතිය පවා සැලකීමක් දක්වයි. 


එහෙනම් මා ඉහත කතා කල මැවීම් හෝ පරිනාමයන් විකල්පයක් නැතිව චේතනාවකින් තොර කරන එම වැරද්දට දඬුව​මක් තිබෙයිද​??? ඔවුන් මියදෙනකම්ම තම ආශාවන් යටපත් කර ගනිමින් පිඩා විඳිමින්ම ජිවත් විය යුතුමද​? ඔවුන්ව ඒ තත්වයෙන් ලොවට බිහි කලෙත් එම ශක්තියමනම්, එම ශක්තිය මෙම අසාමාන්‍යයාගේ සැබෑ තත්වය හා ඔහු හෝ ඇය මුහුන පා ඇති තතවයන් ගැන නොදනීද​? මොවුන් තම ජීවිත කාලය පුරාවට නොසපිරුනු පිපාසයකින් ජීවත් විය යුතුමයි ලෙස එම ශක්තිය බලාපොරොත්තු වෙයිද? ?????...?????????


               මගේ සත්‍ය ආදර කතාව සීත උක්‍රේනයේ ​සුමුදු සැඳෑවක්! කියවා  ප්‍රතිචාර දෙන්න.

පසු වදන​,

මා මේ ලිපියේ මුලින් සඳහන් කලා සේ මා මේ පිළිබඳව දැනමුත්තෙක් නොවන අතර මා මෙහි අදහස් දක්වා ඇත්තේ මගේ සිතට නැගුනු ඒවා පමනි. මෙහි අඩංගු මා නොදන්නා යම් යම් තොරතුරු මගේ ඥාති වෛද්‍ය වරයෙකුගෙන් ලබා ගත්තා. මා මේ පිළිබඳ සංක්‍යා ලේකන සොයා සඳහන් කරන්න උත්සාහ නොකලේ, එසේ සංක්ක්‍යා ලේකන තිබුනත් අනිර්වාරයෙනම එය වැරදි විය යුතුයි ලෙස මා සිතූ නිසයි. මොකද මෙහිදී මා කතා කල පිරිස සාමාන්‍යයෙන් තමන්ව එලිපිට පෙන්වා ගන්නා අය නොවන නිසයි. මගේ මේ පිළිබඳ වූ දැනුම බොහෝම සුළු බවක් මෙය කියවූ ඔබට වැටහෙනවා ඇති. එම නිසා දයාබර පාට​ක ඔබෙන් ඉතාමත් බැගෑපත්ව ඉල්ලා සිටින්නේ මගේ අනෙකුත් කුනු හරුප ලිපි, කතා මෙන් කියවා පසෙක නොදමා මේ කරුන ගැන​ තමන් දන්නා කියන යමක් හෝ ප්‍රතිචාරයක් වශයෙන් ඉදිරිපත් කර සියල්ලන් සමඟ බෙදා ගන්නා ලෙසයි. කුනු හරුප ලියනවාට බැනවැදුනත් කමක් නෑ,


           

56 comments:

  1. //නිට්ටාවට හෝ තරමක් දුරට වෛද්‍ය විද්‍යාවෙන් සුව කරන්න හැකිව තිබුනත් යතා තත්වයට පත් කරන්නම බැරි වෙන රෝගීන්ද සිටිය හැකි බවත් එම වෛද්‍ය විද්‍යාවම කියයි.//

    Being gay is NOT a disease....

    ReplyDelete
    Replies
    1. Palamu wathâwata ballai buruwai eka adahasaka
      Patta happy

      Delete
    2. රෝගීන් ලෙස හැඳින්වීම මගේ වරදක් බව මම පිළිගෙන, මා එසේ හැඳින්වූ, ඔබ පෙන්වූ චේදය වෙනස් කර ලියා ඇත්තෙමි, වරද පෙන්වා දීම ගැන ඔබට ස්තූතියි.

      Delete
    3. ++++++++++++++++++++++++++++++++++ සලකුනු එකඟත්වය ප්‍රකාශ කිරීමක් ලෙස සිතා සතුටක් ලබමි.

      Delete
    4. සමලිංගිකත්වය වරදක් නෙවෙයි

      Delete
  2. ශාරීරික තත්ව කෙසේ වෙතත් සමලිංගිකත්වයට ඇබ්බැහි වීමට සිත රවටා ගැනීම් ද හේතු විය හැකියි.ඒත් එක්කම පෞර්ෂ වර්ධනයේ යම් යම් පැතිකඩ වල ඇති දුර්වලතා ද මෙම මානසික වෙනසට හේතු වන්න පුලුවං.. ඔබ මාතෘකාව 'ලිපියක්' ලෙසින් වැඩි දුරටත් කරුණු කාරණා සහිතව සාකච්ඡා කිරීම අගෙයි.
    මෙන්න මා ඒ ගැන ලියූ කතන්දරය.
    http://gaslabba.blogspot.com/2015/03/blog-post_8.html
    ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. ලිපිය අගේ කිරීම ගැන සතුටුයි, ඔබේ ලිපියත් කියවා මගේ අදහස් සමඟ සසඳන්න උත්සාහ කරමි.

      Delete
  3. හොද කරුණු ටිකක් එකතු කරන් ලියපු ලිපියක්. ඒත් මගේ අදහස නම් සමලිංගිකත්වය කියන්නේ රෝගයක් නෙමෙයි කියන එක.. ඒක ඒ ඒ කෙනාගේ හිතේ ඇති වෙන කැමැත්ත.. සමහර කෙනෙක් ඒකෙන් පස්සේ මිදෙනවා.. සමහරු ජීවිත කාලෙම ඒ තුලම ජීවත් වෙනවා.. මේ ලෝකෙ කොහේ හරි තැනක කෙනෙක් සතෙක් එක්ක ලිංගිකව එකතු වෙද්දී සමරිසි වීම තව ටිකක් හරි හොදයි..

    ReplyDelete
    Replies
    1. රෝගයක් ලෙස හූවා දැක්වීම වරදකි, එය අසමාන්‍ය එකක්ම නිසා එය සාමාන්‍ය එකකට පත් කිරීමේ කාර්‍යයේදී වෛද්‍ය සහාය පැතීමක් සිදුවෙන බැවින්, ලිපියේ කිහිප පොලක රෝගයක් ලෙස ලියවින​. මා එසේ සඳහන් කල සියළු අවස්තා ඉල්ලා අස්කර ගනිමි. ස්තූතියි.

      Delete
    2. මචන්, මේ වගේ දෙයක් ලියන්න ගටක් තිබීම හොඳයි. (සාමාන්‍යයෙන් මේ කාලේ හිට්ස් ටිකක් එකතුකරගන්න සෑහෙන දෙනා මේ ගැන ලියනවා කියන ෆැක්ට් එක අතාරිනවා මෙතනදී)
      හැබැයි මචන් ලිපිය හොඳ ලිපියක් කියන්න බෑ. එහෙන් මෙහෙන් අහුලගත්ත කරුණු ටිකකට හිතලු ටිකක් එකතු කරලා කොත්තුවක් ගහලා තියෙනවා. එච්චරයි. (අවුලක් නෑ, මුලින්ම කියල තියෙන නිසා මේක ශාස්ත්‍රීය ලිපියක් නෙවෙයි කියලා.)
      හැබැයි ඉස්සරහට දේවල් ලියනකොට පොඩ්ඩක් නිවැරදිව කරුණු හොයාගෙන, පොඩි රිසර්ච් එකක් කරලා ලියන කොට තමයි වැඩක් තියෙන්නේ. එල.

      Delete
  4. හොඳ අදහස් දැක්වීමක් නමුත් නූතන මනෝ විද්‍යාත්මක අදහස් අනුව සමලිංගිකත්වය මානසික රෝගයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. එකඟයි, එකඟයි, අසමාන්‍ය බව රෝගයක් ලෙස හූවා දැක්වීම මගේ වැරද්දක්

      Delete
  5. ඔබේ විස්තර කිරීම් හොඳයි නමුත් ඔබ මෙයට දෙන විසඳුම් මමනම් පිළිගන්නේ නෑ. ඒ වෙනත් දෙයක් නිසා නොවෙයි මේ සේරම සම්ප්‍රදායික ගතානුගතික ආකල්ප මත පිහිටල ලියල තියෙන නිසා. සමලිංගිකත්වය යනු වරදක්වත් වලක්වාලියයුතු දෙයක්වත් නොවේ. මෙය නූතන ලෝකය පිළිගත් ලිංගික චර්යාවකි. ඔබට ඒ ගැන දැනුමක් නෑ. සමලිංගිකත්වය ලෝකේ දියුණු බටහිර රටවල් ගොඩක් අනුමත කරලා තියෙන්නේ. තව ඉදිරියට යනකොට ගෑනු පිරිමි කියලත් වෙනස්කම් හොයන්න බැරි වෙනවා. විශේෂයෙන් කාන්තාවන් පැත්තෙන් බලන විට සමලිංගිකත්වය කාන්තාවන්ගේ ආරක්ෂාවටත් හඔඳයි. ඒ තුලින් පවුල් ප්‍රශ්න හෝ ප්‍රජනන ගැටළු පුරුෂාධිපත්‍යට යටවීම ආදී ප්‍රශ්න වලින් මිදෙන්නත් පුළුවන්. සමලිංගික පිරිමින්ටත් තමන්ට රිසි ලෙස කාන්තාවන්ට හින්සා නොකර තමන් රිසි සහකරුවකු සමග සතුටු විය හැකියි. මෙය ඉතා ප්‍රගතිශීලී තත්වයක්. ඒකයි ඌතන ලෝකයේ කාන්තාවන් විශේෂයෙන් සමලිංගිකත්වය අනුමත කරන්නේ. මෙය ජාත්‍යන්තරව පවා පිළිගෙන තියෙනවා. ඉතින් ඇයි මේ විහේෂ හැසිරීම් වලට බිය වෙන්නේ. අනෙක නවීන විද්‍යානුකූලව මෙය බුද්ධිමත් ලිංගික ඇසුරක් වෙනවා. විශේෂයෙන් මේ තුල කාන්තාවන් ආරක්ෂා සහිතයි. අනෙක අනාගතේ කාන්තාව පිරිමියා අභිබවා ඉදිරියට යමින් පිරිමින් කරන සියල්ල කිරීමට සමත් වනවා. මේ තත්වය තුල ලිංගික වෙනස්කම් හා හැසිරීම් කිසිම ප්‍රශ්නයක් වන එකක් නෑ.

    \\ප්‍රතම පියවරක් ලෙස සැමවිටම​ දෙමාපියන් තමන්ගේ දරුවන්ගේ චර්‍යාවන් ගැන අවදානයෙන් සිටිය යුතුයි. ඔවුන්ගේ හැසිරීම්, ආශ්‍රය කරන්නවුන්, රසයන්, කතා බහ කරන විලාසයන්, අඳින පලඳින ආකාරයන් වැනි නොයෙකුත් දේ ගැන අවදානයට ගත යුතුයි. තම​ දරුවා අයත්වන ලිංගික භාවයට වෙනස්ව ප්‍රතිවිරුද්ද ලිංගික භාවයට අයත් හැසිරීම්වල යෙදෙනවානම් ඔහුව මනෝචිකිත්ස වෛද්‍යවරයෙක් වෙත රැගෙන යෑම සුභදායකයි. ලදරු අවදියේ මෙවන් විකෘති ලක්‍ෂන දකිනවානම් එය හෝමෝන අසමතුලිනතාවයන් නිසා ඇති වූ වක් වන්නට බොහෝ විට ඉඩ ඇත​.


    සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට හෝමෝන දෙවර්ගයම පිහිටන අතර පිරිමි දරුවාට පිරිමි හෝමෝන වැඩියෙන්ද ගැහැණු දරුවාට ගැහැණු හෝමෝන වැඩියෙන්ද පිහිටයි. එ පිරිමි දරුවෙක්ට​ අසාමාන්‍ය ලෙස ගැහැණු හෝමෝන වැඩිවීමක් නිසාද ගැහැණු දරුවෙක්ට​ අසමාන්‍ය ලෙස පිරිමි හෝමෝන වැඩිවීමක් නිසාද මෙම විකෘති භාවයට පත්වන්නට ඉඩ ඇත​. වාසනාවකට​ වෛද්‍ය විද්‍යාවේ දියුනුව හේතුවෙන් මෙවන් අයට තමා අයත් ලිංගික වර්ගයට අයත් හෝමෝන ශරීර ගත කිරීමෙන් මෙය යතා තත්වයත පත් කර ගත හැක​. පොරොවෙන් කොටනවට වඩා නියපොත්තෙන් ගලවන එක පහසුයි නේද​?මෙවැනි විකුර්ති පුද්ගලයන් අතර තවත් වෙනස් වූ ආකාරයෙන් මෙවන් තත්වයට පත්වූවන්ද සිටී. එනම් කාලයක් එක ලිංගික කොට්ටාශයට අයත්ව ඉඳ පසුව ඇතිවූ හෝමෝන වෙනස්වීමක් හේතුවෙන් විරුද්ද ලිංගික ගති පැවැතුම් ඇති වීමයි. \\

    ඔබ කියන මේ කාරනා පිළිගන්න බෑ. මේ තත්වයන් කුඩා කළ දරුවන් තුලින් හඳුනගත්තත් ඒ කිසිවක් වෙනස් කරන්න අවශ්‍ය නෑ. ඔවුන්ට රිසි සේ තමන් කැමත් දෙයක් කිරීමට ඉඩ දිය යුතුයි කියල මමනම් කියන්නේ. ඒ අය වැඩිහිටියන් වෙලා තමන්ගේ ලිංගිකත්වය ගැන මොන තීරනයක් ගන්න ඕනද කියල අපිට මුලින් කිඅයන්න බෑ. ඒක් ඈඅ අයගේ කැමැත්ත. අනෙක දියුණු ලෝකයට යන්න ඔවුන්ට ඉඩ දෙන්න ඕනේ. ඔබ කියන විදිහට දෙමවුපියන් දරුවන්ගේ ලිංගික හැසිරීම ඔවුන්ට ඕන විදිහට පොඩි කාලෙම තීන්දු කරන්න ඕන කියන්නේ පුරුෂාධිපත්‍ය සමාජ බලපෑමත් ඇතුවයි. මෙය ඉතා නරක තත්වයක්. ගැහැනු දරුවා කුඩා කළ සිට පිරිමින්ගේ ලිංගික ආශාව තෘප්තිමත් කරන්නත් ප්‍රජනනය සඳහාත් සූදානම් කිරීම ඔවුන්ගේ ප්‍රගතියටත් හානියක්. එකක් මතක තියාගන්න. ස්ත්‍රී දූෂණ වගේ ලිංගික අපරාධ කරන්නේ සමලිංගිකයන් නෙවෙයි කියන එක. සමලිංගික පිරිමින් කාන්තාවන්ට ඉතා හොඳින් ගරු කරන්නත් දන්නවා. පිරිමියාගේ ආධිපත්‍යත් ඔය විසම ලිංගික උත්තමවාදයේ තියෙනවා. මේවා ඉතා හානිදායකයි.

    ReplyDelete
    Replies
    1. this is just sad..If parents find out their child is gay the best and the only correct thing is to support him..No one can change someone`s sexual orientation..Gay/Lesbian teens need their parents to be with them than anyone else as they live under a huge burden specially in countries like Sri lanka , Arab and other African countries where society is hardly educated

      Delete
    2. වනිතාවක් වශයෙන් ඔබ දැක්වූ අදහස්වලට ස්තූතියි, සමලිංගිකයන් වීම නිසාම එය ස්ත්‍රීන්ට ආරක්‍ෂාකාරීයි ලෙස ඔබ දක්වන අදහස් සමඟ එකඟ විය හැකියි නමුත් විෂම ලිංගිකයන් වීම සැමවිටම ස්ත්‍රීන්ට අනාරක්‍ෂාකාරීයි ලෙස දකින ඔබේ අදහස් සමඟ නම් එකඟ විය නොහැකියි. එය එසේ වෙනවා නම් ප්‍රතිශතයක් වශයෙන් ඉතා ස්වල්ප ප්‍රමානයක් වන සමලිංගිකාවන් හැරෙන්න බහුලවන විෂම ලිංගික ඇසුරක් සහිත පවුල් නිරන්තරයෙන්ම​ අනර්තකාරීම විය යුතුයි. විශම ලිංගිකයන් වීමෙන් පුරුෂෝත්තමවාදය ඉස්මතුවෙනවා ලෙස දකින ඔබේ අදහසත් පිළිගන්න බැරිය​. එකා අනෙකාට අතෑර දී ජීවත් වීමෙන් එවැනි තත්වයන් ඇති නොවෙයි. අප කොතරම් සාධාරනීකරණය කරන්න තැනුවත් සමලිංකත්වය සාමාන්‍ය එකක් නොවෙයි. සමලිංගිකත්වය සාමාන්‍ය සමාජ ක්‍රමය විකෘති කරන අතර දීර්ගකාලීනව එය පැවැතුනෝතින් මානව වර්ගයාගේ පැවැත්මත් එය අඩාල කරයි. මෙයයි, සිදුවිය යුත්තේ, මෙලෙසයි සිදුවිය යුත්තේ යන ස්වභාවය සමඟ අප එකඟ විය යුතුමයි. 'ඉදිකට්ටට නූල මිස ඉදිකට්ටට ඉදිකට්ටම' අසාමාන්‍යයකි. අසාමාන්‍ය බවක් පෙන්නුම් කරන ළමයෙක් සෞම්‍ය ලෙසව සාමාන්‍ය බවට පරිවර්තනය කිරීමට උත්සාහ කිරීම වරදක් නොවෙයි, බලය යොදා දරුවා අසහනයට පත් කිරීමයි වරද​.

      Delete
    3. I agree with you, parents should support there child when they find the child shows an abnormal behavior of a gay or a lesbian. But, that can be done after failing from a fair effort to bring the child to normal. Thank you for your comment.

      Delete
    4. That cannot be done ! Go and talk to a well known psychiatrists like Dr Kapila Ranasinghe or Prof Marcel De Rose in Colombo..Please go and talk to medical professionals at Angoda hospital..Go to UK , USA , Germany , Australia and talk to psychiatrists there ! They`ll explain it to you..There`s no way one can turn gay person to a straight person or a straight person , Gay...and there is no need for that either

      Delete
    5. When you talk to doctors in private they explain it to you.Most SLn experts are scared to talk about this in public fearing that religious fanatics may cause a backlash that`ll harm their private life .I know this because my cousin is gay and we took him to the best psychiatrists in the country as well as experts in England. His condition made me research more about the subject so I am ready to answer any critics

      Delete
    6. Thank you for your useful information, I do not need to go anywhere to get this clarified, even though to a doctor, who supposed to be living next door. I can rely on your information, that ought to be correct. I have no any issues with gays or lesbians, or else one in there kind related to me in any of way. I just made the ball to spin and waiting to see how and how long it spins. As a blogger I just wanted dig out ideas, share and convey information, this time on related matter, I am not against to gays, lesbians or there behaviors, I just look at them with my naked eyes, that's all .Thank you.

      Delete
    7. ඔය ගෑනියෙක් නෙමෙයි අර ප්‍රතිවාදියා කියන බ්ලොග් එක කරන පිස්සා

      Delete
    8. උඹ දන්න මගුලක් නෑ මේක කරන්නේ කාන්තා කටයුතු අමාත්‍යංසේ ඉඳලා අයින් වෙලා NGO එකකට සම්බන්ධ වෙලා වැඩ කරන එකෙක්. මූ ගෑනියෙක්නම් නෙවෙයි. ඔය සංවිධානේ මොකද්ද කියල හරියට දන්නේ නැති උනාට NGO එකක කොන්ත්‍රාත් එකක් තමයි මෙයා කරන්නේ.

      Delete
    9. මචන් මම ඕක මුල ඉදලම බලනවා. ඕක කරන්නෙ ගෑනියෙක් බව නම් ෂුවර් . එන්ජීඕ එකකින් වෙන්නත් පුළුවන් .

      Delete
    10. ඔය කවුරුත් දන්නේ නෑ වනිතාහඬ ලියන්නෙ කවුද කියල. මේක ලියන්නෙ හැලපයියා. එයා කාන්තාවක් විදිහට ලියන තව බ්ලොග් එකක් තියෙනව අර ප්‍රේමලතාගෙ කතාව එහෙම යන. උට උගේ අහිංසක ආසාව ඉශ්ට කරගෙන ඉන්න දීපල්ලා.

      Delete
    11. ආ.... වනිතා ඇන්ටි කොහොමද? අපිට පොඩ්ඩක් ආතල් එකක් දෙන්න ඇවිත් වගේ. හික් හික් හික්......

      Delete
  6. ඔබ මේ ලිපිය ලියා ඇත්තේ විරුද්ධ ලිංගිකයින් නිවරතියි, සමලිංගකියින් වැරදියි, නමුත් සමලිංගිකයින් ගේ ඬැරදිවලට යම් බුරුලක් දැක්වීය යුතුයි යන පදනම මත සිටයි. එය වැරදියි.

    ලොවේ නීති සැමට සාම විය යුුතුයි. පුද්ගලයෙකු ගේ ලිංගික නැඹුරුතාවය මත නීතියෙන් වෙනස්ව සැලකීම අවනීතියකි.

    ReplyDelete
    Replies
    1. Absolutely..I am straight but I believe its uncultured , uncivilized and even against Buddhism to mistreat or abuse someones human rights of another based on their sexual orientation

      Delete
    2. සමලිංගිකයන් වරදකාරීන් ලෙස මගේ ලිපියේ මා මෙහි සඳහන් කර නෑ, ඔවුන් අසාමාන්‍යයන් බවයි මං කියන්නේ. නීතියෙන් ඔවුන්ට වෙන අසාධාරන කම් ගැන මගේ එකඟතාවයක්ද නැත​, ඒ බවක් මගේ ලිපියේ කිසිම සඳහනක්ද නෑ​. මෙවැන්න ප්‍රකුර්ති තත්වයට පත් කරන්න පුළුවන්නම් 'මෙනෙහියි' කියන එකයි මම ලිපියෙන් කියන්නේ....

      Delete
    3. ඔබ හරි. තමන් අසාමාන්‍යයි කියල පිළිගෙන ඒ අය සුදුසු ප්‍රතිකාරයක් ලබාගන්න පෙළඹෙනවනම් ඔවුන්ට ප්‍රකුර්ති තත්වයට එන්න අනෙකුත් සියළුදෙනා උදවු කරන්නත් ඕනේ.

      Delete
  7. Being gay is not a disease..Since sex education is not done in SL , the knowledge of most SLns regarding sex , sexual orientation and human sexuality among general public absolutely minimal so its so easy to misguide them..Please take some responsibility as a blogger as you media people have a massive responsibility to educate this country..There is no cure for homosexuality as it is`n t a disease and its a criminal offence to mistreat/abuse them in almost every developed country (Including USA , Eng, Germany , France , Aus , Brazil , Russia , Korea, Japan etc)

    ReplyDelete
    Replies
    1. ප්‍රතිවාදිය පල ඩෝ යන්න
      එනව මෙතන ඇනෝ

      Delete
  8. 1)basically 90-95% of the human race (and most animals too) are born straight..The rest could be homosexual or bisexual..Or they could also be transsexual/asexual.

    2) No one becomes gay later in their life they are just born like that..Just that at the age of 13 ,14 when they hit their puberty they discover their sexuality.this can make people in countries like SL think they have become gay due to bad influences ( bad friends , western culture , movies , internet etc )

    3) Being gay is not a disease but being homophobic is a disease

    4) Abusing homosexual people is a criminal offence in every developed country ! and none of these countries consider being homosexual as a disease.

    5) Every human should have equal rights

    ReplyDelete
    Replies
    1. also being NOT HOMOPHOBIC or supporting a group of or society that has got mistreated and tortured (mentally even more than physically ) for decades doesn`t make anyone gay..

      Delete
    2. මේ අර ප්‍රතිවාදිය

      Delete
  9. මට නම් වැඩිය තෙරැන් නෑ

    ReplyDelete
    Replies
    1. ඉදිකට්ටට ඉදිකට්ටම නොදමා නූල දාන එකයි 'හරීයි' කියල මං කිව්වේ.....

      Delete
  10. අනෙක් හැම දෙයක් සම්බන්ධයෙන්ම වගේ ලිංගිකත්වය ගැනත් බටහිරින් ඔවුන්ගේ මතවාදයන් බලෙන් ලෝකයට පැටවීමක් සිදුවෙනවා. සමලිංගිකත්වය මොනම හේතුවක් නිසාවත් සාධාරණීකරනයට ලක්කරන්න බෑ. සමලිංගිකත්වයට මානසික ප්‍රතිකර්ම පවා සාර්ථකව අතීතයේ කර තිබෙනවා ලෝකයේ විවිධ රටවල. සමලිංගිකත්වය සාධාරනයි කියන මතය අද ලෝකයටම බටහිර සමාජීය පරිවර්තන හරහා බලෙන් පැටවෙනවා. මෙයට නූතන යටත් විජිතවාදයත් බලපානව.

    ReplyDelete
    Replies
    1. අසමාන්‍ය දෙය අසමාන්‍යමයි කීමෙන් මා සමඟ එකඟ වීම ගැන මගේ සතුට​

      Delete
  11. http://www.ranker.com/list/famous-gay-men-list-of-gay-men-throughout-history

    ReplyDelete
  12. මම ළඟදි ලිපියක් කියෙව්වා ඒකෙ හැටියට පුරුෂ සමලිංගිකත්වය මානව පරිනාමයට දායක වෙලා තියෙනවා. එයින් පුරුෂයන් එකිනෙකා තරඟ කරන, මරාගන්න ප්‍රවනතාව අඩුවෙලා වඩා ස්ථාවර ගෝත්‍ර හැදුනලු. හැබැයි මේක මතයක් විතරයි.

    ReplyDelete
    Replies
    1. 'මතයක් විතරයි' ???

      Delete
    2. මේ මත ඉදිරිපත් කරන්නේ සමලිංගිකත්වය පිළිගෙන තියෙන රටවල ඊනියා පරීක්ෂණ කණ්ඩායම්. මේ ඊනියා මත වල අරමුණ සමලිංගිකත්වය හරි කියන්න පෙළඹෙන විදිහට මිනිස්සුන්ගේ මොළේ හෝදන එක " Brain Wash " ඔය මත නිවැරදි ඒව නෙවෙයි. මේක මහ බොළඳ තර්කයක්. පිරිමින්ට තම සහකාරිය වෙනුවෙන් හැම විට මරාගන්න ඕන නෑ. එතන අවශ්‍ය බුද්ධිමත්කම මිස සමලිංගිකත්වය නෙවෙයි.

      Delete
  13. Eagle speaking:

    @ihalin comments dala thiyena mahathma mahathminta kiyanne...

    SUDDO kiyanawa nam, Gay kama saha LESBI kama ledak newei kiyala eka LEDAK NEWEI......

    passe kaleka SUDDO kiyanawa nam, GAY kama saha LESBI kama ledak kiyala, eka LEDAK.... ehema neda....????

    eka ledak kiyala, ledak newei kiyalai tharka karana aya godak innawa.. eth ewa tharka witarai...

    minissu atara godak usa minissu ipadunama issara kale kiwwalu, eka samanyai kiyala.. ehema wenawa thamai kiyala.... eth

    passe kaleka hoyagatta, Testosterone Hormone eka adu ayatath ehema wenawa kiyala...

    mekath ledak newei kiyala kenek ta kiyanna puluwan... habai asamanyai kiyala nam piligannama wenawa.. e

    asamanyathawata hethuwak tiyenawa.. hethuwak nathuwa asamanya dewal wenna baha kiyala tamai mama wishwasa

    karanne...


    passe kaleka Gay and Lesbi kama athi wenna kohomada kiyala hoyaganiwi... ethakotat samaharu kiyai ledak newei kiyala...

    tawa samaharu kiyala ledak kiyala.... Habai eka samanya deyak newei kiyala nam piligannama wenawa...

    ReplyDelete
    Replies
    1. මේ අර ප්‍රතිවාදිය

      Delete
  14. මානව ලිංගිකත්වයේ සංකීර්ණ මනෝභාවයන් ගැන අවබෝධයක් නැතුව මේ වගේ මාතෘකා ගැන කතා කරන්න අමාරුයි. එම මනෝවිද්‍යානුකූල ලිංගිකත්වය නොසලකන්න් පුරුදු කරන එක නූතන කුහකත්වයක්. ඇත්තෙන්ම මානවයාගේ විතරක් නෙවෙයි ඒක ලිංගික ජීවී ඛාණ්ඩ සියල්ලගේම ලිංගික පෙරැත්ත කියන්නේ පුරුෂ ප්‍රජනන බීජය ස්ත්‍රී ප්‍රජනන බීජය වෙත ලඟාකරවීම හා ප්‍රජනන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ස්වභාවධර්මයෙන් ආදේශ වන යාන්ත්‍රණයයි. එය වැරදි මනෝගති කුඩා කළ සිට ප්‍රගුණ කර තම ලිංගයට අයත් තවෙකෙකු සමග කරන කාම සේවනයක් දක්වා යෑම සමාජයේ වැරදි වලින් වන දෙයක් මිස ඒ තත්වය නිල වශයෙන් හරි කියන්න ඉක්මන් වෙන්න අවශ්‍ය නෑ. මානව වර්ගයාගේ පවුල් සංස්ථාව මවු පිය දූ දරු සබඳතා ඉදිරියට විකාශනය වෙලා තියෙන්නේ නිකම් නෙවෙයි. කෙනෙකුගේ ලිංගික පෙරැත්ත තීන්දු වෙන්න තදින් බලපාන්නේ පවුල් පරිසරය මවුපියන්ගේ ස්වභාවය ආදියයි. මේවා පැහැදිලිව මනෝවිද්‍යානුකූලයි. මානව ලිංගිකත්වයේ ස්වභාවය ගත් කළ පිය පාර්ශවයේ ස්වභාවික උරුමයක් ලෙස සියලු පුරුෂයින්ට පුරුෂ ලිංගික පෙරැත්ත ඇතුළු පෞරුෂයන් පිහිටන අතර මවු පාර්සවයේ ස්වභාවික උරුමයක් ලෙස සියළුම ස්ත්‍රීන්ට ස්ත්‍රී ලිංගික පෙරැත්ත ඇතුළු ස්ත්‍රීත්වයේ සුවිශේෂත්වයන් පිහිටයි. එසේ වන්නේ ස්වභාවිකවම පුද්ගලයෙකු කුඩා අවධියේ සිට වැඩිහිටියෙකු දක්වා හැදී වැඩී ලිංගිකව පරිනත වනවිට සිය විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ශනය වී ලිංගිකත්වයන්ද එකිනෙක ගැලපෙන ලෙසය.මේ කරුණු උවමනාවෙන් අමතක කර මානව ප්‍රජාවන් තුල ස්ත්‍රී පුරුෂ ලිංගික සුවිශේෂීතා හා එහි මනෝභාවයන් නොසලකමින් ලිංගික කුහකත්වයේ වැරදි ආදර්ශ කුඩා දරුවන්ට දීමේ කුහකකමද සමලිංගිකත්වයට පාර කපන බව පිළිගන්නටත් සියල්ලෝම තමන් විසින් තමන්ටම අවංක විය යුතුය. මේ ගැන අවබෝධයක් ඇතිව වගකීමකින් සියළු මවු පියන්ට දරුවන් හදා වඩා ගැනීම කළ හැකිනම් අගක් මුලක් හොයාගත නොහැකිව ලිංගිකත්වය ගැන මායාවන්ගේ පැටලී සමලිංගිකත්වය සාධාරණීකරනය කිරීමට තර්ක ගෙන එන්නට අවශ්‍ය නැත. මා කිසිවෙකුගේ ලිංගික කුහකත්වයන්ට ගරු නොකරන අතර. සමලිංගිකත්වය සාධාරණීකරනය කිරීමේ කුහක මානසිකත්වයක් ඇති අයට සිදුවන සිත්තැවුල් වෙතොත් ඒ ගැන වගකියන්නේද නැත.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔබ කියන දේ හරි. අම්මලා තාත්තලා දැනගන්න ඕනේ ළමයි හරියට පිළිවෙලකට හදාගන්න පොඩි කාලේ ඉඳලා. එහෙම වෙනවනම් මේ ගැටළු බොහොමයක් මතු වෙන්නේ නෑ. ඔබ කුහකකම කියන දේ ගැනත් යමක් කියන්න කැමතියි. ඔය සදාචාරය කියන මල ඉලවුව උනත් ඕනවට වඩා ඕනම නෑ. ඕක ඕනවට වඩා වැඩි උනහමත් ස්වභාවය පැත්තක තියෙද්දී විකුර්තිය වැලඳගැනීමේ උමතුවක් ඇතිවෙනවා කාටත් නොදැනී. ඒ නිසා සොබාදහමට ගරු කරමින් මොන දේකවත් අන්තෙට නොයා ඉන්න තරමට යහපත් කියන එකයි මම නැවතත් කියන්නේ.

      Delete
    2. 100% එකඟ වෙනව මචෝ. අම්මල තාත්තලට වගකීමක් තියෙනව පොඩි කාලෙදිම ළමයි හරියට හදාගන්න.

      Delete
  15. ප්‍රතිවාදියා පල

    ReplyDelete
    Replies
    1. කවුද බන් උඹේ ප්‍රතිවාදිය. හීනෙන්වත් බයවුනාද .බලපන් ගෑනි ඇදේ ඉන්නවද කියල. උඹට නගින්නැති එකට ගමේ ඉන්න ප්‍රතිවාදීන්ට බැණල වැඩක් නෑ. ගෑනි ඇහට කනට පේනවනම් උඹට නගින්නෙත් නැත්නම් ගමේම මිනිස්සු උඹට ප්‍රතිවාදියො තමයි.

      Delete
  16. ප්‍රතිවාදියා=සැබෑ ලිංගික නිදහස=වනිතා හඬ

    ReplyDelete
    Replies
    1. වනිතා හඬ = NGO , අනිත අය ගැනනම් කියන්න දන්නේ නෑ. ඒත් එක්කෙනෙක්නම් වෙන්න කොහොමටත් බෑ.

      Delete
  17. මචන්, මේ වගේ දෙයක් ලියන්න ගටක් තිබීම හොඳයි. (සාමාන්‍යයෙන් මේ කාලේ හිට්ස් ටිකක් එකතුකරගන්න සෑහෙන දෙනා මේ ගැන ලියනවා කියන ෆැක්ට් එක අතාරිනවා මෙතනදී)
    හැබැයි මචන් ලිපිය හොඳ ලිපියක් කියන්න බෑ. එහෙන් මෙහෙන් අහුලගත්ත කරුණු ටිකකට හිතලු ටිකක් එකතු කරලා කොත්තුවක් ගහලා තියෙනවා. එච්චරයි. (අවුලක් නෑ, මුලින්ම කියල තියෙන නිසා මේක ශාස්ත්‍රීය ලිපියක් නෙවෙයි කියලා.)
    හැබැයි ඉස්සරහට දේවල් ලියනකොට පොඩ්ඩක් නිවැරදිව කරුණු හොයාගෙන, පොඩි රිසර්ච් එකක් කරලා ලියන කොට තමයි වැඩක් තියෙන්නේ. එල.

    ReplyDelete
    Replies
    1. ඔබගේ වටිනා අදහසට මගේ ස්තූතිය​

      Delete