Sunday, June 21, 2015

කර්තේලිස්ගේ කරෙත්තෙට කාලයක් !





  උදේම ලැහැස්තිවී අම්මා වක්කර දුන් කහට කෝප්පය එක උගුරට බී අල්ලේ ඉතිරිවී තිබුනු සීනි ටිකත් කටේ දාගෙන හනි හනිකට මී දෙන්නා දක්කාගෙන අහල ගමේ සිරාගේ කුම්බුරට යන්න ලැහැස්ති වූ තම පුතාට කරතේලිස් කතා කලේ යමක් කියන්නටයි. 'උම්බ තව කී දෝහකට​ ඔය ලැබෙන සොච්චමට අනුන්ගේ කුම්බුරු මත්තේ නහින්න යනවද?  ආයේ මොනව කරන්නද? පෙරලා ප්‍රශ්නයකින්ම සුමනේරිස් පිළිතුරු දුන්නේය. ඔය ප්‍රශ්නය සුමනේරිස්ට අලුතක් නොවූයේ, කර්තේලිස් ඔයවගේ කතා නිතර දෙවේලේ කියවන නිසාය. 'උම්බ ඔය එක එකාගේ කුඹුරු මත්තේ මී නාම්බො දක්කන එක නතර කොරලා මං කියන දේ අහල වැඩ කරපන්' කර්තේලිස් ඔහොම කීවේ තම පුතා අනුන්ගේ කුඹුරුවල සී සාන්න යන එක​ තමාට වන මදිකමක් ලෙස සිතූ නිසයි.