Sunday, June 21, 2015

කර්තේලිස්ගේ කරෙත්තෙට කාලයක් !





  උදේම ලැහැස්තිවී අම්මා වක්කර දුන් කහට කෝප්පය එක උගුරට බී අල්ලේ ඉතිරිවී තිබුනු සීනි ටිකත් කටේ දාගෙන හනි හනිකට මී දෙන්නා දක්කාගෙන අහල ගමේ සිරාගේ කුම්බුරට යන්න ලැහැස්ති වූ තම පුතාට කරතේලිස් කතා කලේ යමක් කියන්නටයි. 'උම්බ තව කී දෝහකට​ ඔය ලැබෙන සොච්චමට අනුන්ගේ කුම්බුරු මත්තේ නහින්න යනවද?  ආයේ මොනව කරන්නද? පෙරලා ප්‍රශ්නයකින්ම සුමනේරිස් පිළිතුරු දුන්නේය. ඔය ප්‍රශ්නය සුමනේරිස්ට අලුතක් නොවූයේ, කර්තේලිස් ඔයවගේ කතා නිතර දෙවේලේ කියවන නිසාය. 'උම්බ ඔය එක එකාගේ කුඹුරු මත්තේ මී නාම්බො දක්කන එක නතර කොරලා මං කියන දේ අහල වැඩ කරපන්' කර්තේලිස් ඔහොම කීවේ තම පුතා අනුන්ගේ කුඹුරුවල සී සාන්න යන එක​ තමාට වන මදිකමක් ලෙස සිතූ නිසයි. 




'අන්න අර දිරන්න ඇරල තියෙන කරත්තෙට අලුතින් ලෑලි දෙකක් තුනක් ගහල ඇනමුරිච්චිවලට තෙල් ටිකක් එහෙම දාලා ඕක හදාගන් බලපන්, අප්පච්චි කියන දේ අහන්න ගියොත් අපිට කන්නත් නැතිවෙය්, දන්නවනේ බඩුවල තියෙන ගනන්, සීනි කීයද? පරිප්පු කීයද? පිටි කීයද? මොනව හරි එකක් අඩුවට තියෙනවද? 'රත්නපාල මාම දැන් නය දෙන්නෙත් නෑ, ඌත් හැමවෙලේම නාහෙන් අඬනවා පාඩුයි කියලා, කඩේ වහන්න වෙයි කියලත් නම් කිව්වා, මටත් ආරන්චියි, ටව්මේ කඩ දෙක තුනක්ම වැහිලලු, පාඩුයි කියලා, හාල් විතරයි අපිට කන්ට තියෙන්නේ, ඒ අර දෙවටයායේ කුම්බුරු කෑල්ලට පින් සිද්ද වෙන්න, අනික​, ගොන් කරත්තවලට දැන් කොහේද වැඩ තියෙන්නේ. ආආං බන්ඩාර මුදලාලිත් ඊයේ පෙරේදා ලොරි බාගයක් ගෙනල්ලලු, ඕකත් එක්ක ගමේම ලොරි තුනක් වෙලා, ඕවයේ පහසුවටත් ඉක්මනටත් යන්ට තියෙද්දී මිනිස්සූ අපේ ගොන් කරත්තවල බඩු ගෙන යාවියෑ? අප්පච්චී ඔය ගැන වැඩිය කල්පනා කොරන්නෙපා, ඔය පුළුවන් විදිහට එදා වේල කන් මං මොනාහරි ගෙනත් දාන්නම්, මං යනවා ! සුමනේරිස් එක හුස්මටම කියාගෙන කියාගෙන යන්ට ගියේය. 






කර්තේලිස් තව මොනවදෝ කියන්න හැදුවත්, ඒ මොකුත් නෑසුනාක්මෙන් ලෙහාගත් මී දෙන්නාත් දක්කාගෙන සුමනේරිස් වැටෙනුත් පිටවිය. නොපෙනී යනකම්ම ඔහු යන දිහා  බලාන හිටී කර්තේලිස් හිතට දැනුනු බරක් නිසාදෝ දිග සුසුමක් පිට කළේය​. අවුරුදු තිස්පහක් වෙලත් සුමනේරිස් තවම කසාදයක්වත් කරගත්තේ නෑ. සුමනේරිස් කියපුවා ඇත්තක් බව කර්තේලිස්ට සිතුනි.'ගොන් කරත්තවලට කවුද දැන් වැඩ දෙන්නේ? ගොන් කරත්තයක් දැන් දකින්නත් නෑ, ඔක්කෝමලා දැන් බඩු අරං යන්න පුරුදු වෙලා ඉන්නේ ලොරිවලින් නොවැ' කර්තේලිට සිතිනි. පහුගිය අවුරුදු දහයක පහලවක කාලයක් තිස්සේ පවුලේ ආර්තිකය ටික ටික පිරිහෙන්නට වීමත් සුමනේරිස්ගේ කසාදය පහුවෙන්න හේතුවිය​. ඒ දවස්වල ගමේ හිටපු යමක් කමක් තිබුනු පවුලක් වූ නිසාත් තමන්ගේ තත්වෙට අඩු එවුන් එක්ක කටයුත්තක් කරන්න කර්තේලිස්ගේ මාන්නය ඉඩ නොදුන් නිසාත් සුමනේරිස්ගේ කසාදය පහුවීගෙනම ගියේය. සුමනේරිස් ඔහුගේ එකම පුතාය.


ගමේ පහුගිය කාලයේ නොයෙකුත් වෙනස්කම් සිදුවුනී. ගමේ සමහරුන් හිටි හැටියේම සල්ලි භාගෙන් සරුවී ඉදිරියට ආවේ හතු පිපෙන්නාක් මෙන් පුදුම සහගතවයි. ඒ සියලු දෙනාම පාහේ දේශපාලනයට සම්බන්ද එවුන්මයි. අනිත් එවුන් එන්න එන්නම ආර්තිකයෙන් පිරිහෙන්න වූ අතර ඔවුන් දිනෙන් දින සරුවෙන්න වූහ​. එවැනි තැන්වලින් කටයුතු කිහිපයක්ම කතා කරල ආවත් කර්තේලිස් එකහෙලාම ඕවා ප්‍රතික්ශේප කලේ ඔවුන්ගේ පැටිකිරිය දන්නා නිසායිඔවුන් මේ ඊයේ පෙරේදා සල්ලි දැක්කවුන් නැවෑ, කරතේලිස්ට කියවිනි. අනික කර්තේලිස් මුදල් හදිස්සියකට​ තමාගේ කුඹුරු කෑල්ලක් විකුනගන්න තනපු වෙලේ, අඟ හිඟ කම් දැනගෙන තැරව්කාරයන් යවා එම ඉඩම තුට්ටු දෙකට ගන්ට මොවුන් මාන බැලූ හැටි මතක් වෙද්දී, කර්තේලිස්ට​ පැසවුනු තුවාලයක් මෙන් තවමත් වේදානා දෙන්නට විය​. ඔවුන් ඔය තත්වයට ආවේ ලඟදී බලයට ආපු දේශපාලන පක්ශයක​ට වැඩ කළ​ නිසා බව කර්තේලිස් දනී. දැන් ගමේ කානු හදන්නෙයි, බෝකු හදන්නෙයි, තාර දාන්නෙයි ඕකුං තමයි, කර්තේලිස්ට කියවිනි.

ඕවා සාදාරනයෙන් හම්බකරගත්තු සල්ලි නොවෙන වගත් ප්‍රමිතියක් නැති කොන්තරාක් කරලා නොයෙක් යටිකූට්ටු වැඩකරල හම්බකරගත්තු සල්ලි වගත් කර්තේලිස් දනී. තමන්ගේ තත්වෙට ගැලපෙන පවුලකින් සම්බන්දයක් එනකන් කසාදයක් කරන්නෑ කියා කර්තේලිස් තරයේම සිටියේය. එහෙම පවුල්වලින් යෝජනා කිහිපයක් ආවත් කර්තේලිස්ගේ පවතින අඟ හිඟ මත ඕවා මග හැරී ගියේ කර්තේලිස්ට ඔච්චම් කරමිනුයි.   එහෙයින් මෙයින් සුමනේරිස්ට ඕන වයසේ කසාදයක් කරගන්න වාසනාව ඇහිරී ගියේය. මනමාලියක් හොයන්න ගත්තු කාලෙම ඒ දේ සිද්ද වෙලා තිබුනානම් කර්තේලිස්ට දැන් අවුරුදු අටක නවයක පමන වයසැති මුනුබුරෙකුගේ හෝ මිනිබිරියකගේ සුරතල් බලන්නත් තිබුනි.

  කර්තේලිස් සිතේ ඇතිවූ වේදනාව නිසාම දැනුනු තෙහෙට්ටුව මගහරවා ගන්න ඉඳන් හිටපු හාන්සි පුටුවේම ටිකක් හරි බරි ගැහී හාන්සි විය. හාන්සි පුටුවේ බර වැටෙන හරියේ වේවැල් කැඩී ලොකු හිලක් සෑදී තිබූ නිසා එතුලින් කිඳා නොවැටෙන්නට කර්තේලිස්ට ලොකු ආයාසයක් දරන්න සිදු විය. ඒ හාන්සි පුටුව මිළ දී ගත්තේ ලොකු දුවගේ දෑවැද්දට බඩු ගන්න ගිය වෙලාවේ දී බිසෝහාමිගේ පෙරෙත්ත නිසාමයි. ලොකු දුව බැන්දලා ගිහින් අවුරුදු දාහතරක් වෙලත් ඈට තාම දරු සුරතල් බලන්න වාසනාව නොවීය​. ඒ හේතුවත් කර්තේලිස්ට ලොකු සාංකාවක් විය​. 'ගුනදාස පුතත් ඔය මගුල කෙරුනු කාලේ නම් නමේ අර්තයටම හිටියා, දැන්නම් කාලෙක ඉඳන් නරක ආශ්‍රයට වැටිලා, බොනවා කියලත් ආරන්චියි, සල්ලි භාගේ එහෙමත් දැන් වැඩිපුර ගැවසෙනවලු, බිසෝහාමිටම් ඒ ගැන හරි සතුටුයි. ඕ ඒ ගැන අහල පහල එවුන්ට කියන්නෙත් ආඩම්බරයෙන් මහ​ උජාරුවටයි, ලඟක දී ඉඳලා පාලක පක්ශයේ මැම්බර් කෙනෙකුත් වෙලාලු, අනේ මටනම් ඔවයෙන් හම්බකරන සල්ලිවලින් කම්බි ලේන්සුවක් වත් එපා, කර්තේලිස්ට සිතිනි. 'ලොක්කී මාත් එක්ක නොක්කාඩු වෙලා ඉන්නෙත් ඒ නිසයි'

'රේඩියෝ එකේ එහෙම නිතරම​ කියනවා යුද්දෙන් පස්සේ රට ගොඩාක් දියුනුයි කියලා, අපිටනම් එහෙම එකක් දැනුන්නෑ නැවැ, අමාරුකම් තව​වැඩිවුනා මිසක්, හැමෝටම දැනෙන්නපෑය දියුනුවක්නම්, වෙලාවකට හිතෙනවා යුද්දෙ තියෙන කාලේ මීට වැඩිය හොඳට අපි කාල බීල හිටියයි කියලා, යුද්දෙ කියන කොටමයි මතක් උනේ දැන් තම්බි මිනිස්සුත් එක්කත් යුද්ද කරන්න යනවලුනේ අපේ සාදුලා එක්කහුවෙලා, අල්ලපු ගමේ බඩු කඩේ ලෙබ්බේ මුදලාලි එහෙම හරි බයෙන් බයෙන්ලු ඉන්නේ බුරුමේ මැරුවා වගේ මෙහෙත් මරයි කියලා, එහෙත් මැරුවේ සාදුලාමලූ,  මුස්ලිම් ගෑනු අඳින ලෝගු දැක්කාම බය හිතෙනව කියලත් කියන්නේ, ඒ ඇඳුම රටේ ආරක්‍ෂාවට තර්ජනයක්ලුනේ. එතකොට ඔය ගෑනු යුද්දෙ කාලෙ දීත් ඔය ඇඳුම ඇන්දා නොවැ. එතකොට ඒක ආරක්‍ෂාවට තර්ජනයක් වුන්නැත්තේ මොකද​? ඒ මිනිස්සු කන කෑම අපට විසයි කියලත් කියන්නේමට නම් මේවා තේරෙන්නෙත් නෑ, ඕවයේ මොනව හරි ඇත්තකුත් ඇති නැත්තම් අපේ සුවාමීන් වහංසේලා නිකං කියාවියෑ? මොකද එයාලා බොරු කියන අයයැ?ඇයිද මං අහන්නේ?

ඉස්කෝලේ මහත්තයා කියලයි අපි ඕව දන්නේ. මොකද අපි ඉගෙනගෙන තියෙනවයෑ ඔය පත්තර කියවන්න​?ලින් මැඩියෝ වාගේ ඉන්නව මිසක්, ආන්ඩුවනම් කිසිම දෙයක් කියන්නේ නෑ, මොකුත්ම නොවුනා වගෙයි ඉන්නේ කියලයි ඉස්කෝලේ මහත්තයා කිව්වේ, එක එක විවුර්ත කිරීම් තමයි ආන්ඩුව​කරන්නේ. ටෙලිවිෂොන් එකෙනුත් පෙන්නුවා ලඟදී ජනාදිපදිතුමා ගුවන් තොටුපොලක් විවුර්ත කරපු එක. එතුමාවනම් දැන් බලන්නත් ආසයි නිකන් ජපන් බෝනික්කෙක් වගෙයි.  ඒ හැටි වයසක් පේන්නෙත් නෑ දැන්. යුද්දේ දිනල දෙනකොටනම් මම ඔහුව දැක්කේ දෙවියෙක් දැක්කා වගෙයි. ඒ දවස්වල​ අපේ ගමේ සමහර උදවිය බුද්ධ රූපෙ ගාවින්ම පින්තූරයක් තියලා පහන් තියෙලය් වැන්දේ. ඇත්තමයි කියන්නේ දැන්නම් මට දකින්නවත් හිත නෑ. ඔවා කතාකරන්නත් බයයි, මේ මැරෙන්න බලාන ඉන්න කාලේ නිකං ඔවා කතා කරලා අමාරුවේ වැටෙන්නේ මොකටද? විරුද්දව කතා කරන එවුන්ව​ සුදුපාට වෑන්වලින් ඇවිල්ලා අරන් යනවා කියලත් මිනිස්සු කියනවා, ඒක වෙන්ටැයි විරුද්ද පක්ශයේ නායකතුමා විරුද්දව කතා කරන්නෙවත් නැත්තේ, එතුමා හින්දා විරුද්ද පක්ශයක් දැන් නැතිවෙලාම ගිහිං කියලත් කියන්නේ, තවත් මොනවදෝ හුටපටයකුත් වෙනව කියලා රේඩියෝ එකේ කිව්වා. 

අර මොකක්දෝ රටක් අපේ රටට විරුද්දව චන්ද තියලා ඒකෙන් අපි පරාදයිලු, ඒ මොන කෙන්ගෙඩියක්ද. අපිට චන්දේ දාන්න කතා කරෙවත් නෑ නොවෑ. ඒ මදිවට තහන්චිත් දාන්න යනවලු. ආයෙ මොන වින්නැහියක් වෙන්ට යනවද බොලං ඒ පාර​? ආයේ මොනව වෙන්නද? කබලෙන් ලිපට මිසක්,නේද මං අහන්නේ? ගෙට වම්පැත්තෙන් මනා උසට වැවී ඇති කරත්තකොළොම්බා ගහ යට  කනු හිටුවා තහඩුවලින් වසා ඇති ගොං මඩුවේ දකුනු කෙලවරේ  නවතා ඇති කරත්තයට අඹ​ගහේ කොල අස්සෙන් රිංගාගත් උදේ හිරු එළිය වැටෙන්නට වුයේ කරත්තය මුළුමනින්ම නිරාවරනය කරමිනි. ඒ දසුන දකිද්දී ඈලි මෑලී අබල දුබල වී සිටි කර්තේලිස්ට​ අලුත් විස්වාසයෙන් මුසු උද්‍යෝගයක් ඇතිවන්නට විය. ඒ ඇතිවුයේ ක්‍ෂනිකව​ මතකයට ආ කාරනාවක් තුලින් ඇතිවූ අලුත් බලා පොරොත්තුවක් නිසයි. අද ලෝකයේ සිදුවෙන සමහරක් සිදුවීම් හරහා අපට සිදුවේවි යැයි සිතිය හැකි යම් යම් බලපෑම් නිසා සිදුවිය හැකි යම් යම් වෙනස්වීම් තමාට වාසිදායක එකක් වෙනු ඇතැයි ඔහු සිතීය.'මොකා මොකී එක්ක ගියත් අපි අපේ බඩ ගෝස්තරය ගැනයි සිතන්නයි වෙලා තියෙන්නේ, ඕක නේ හැම එකාම කොරන්නේ, ඉතිං අපි කියල මොනව කරන්නද?

'මොනවද ඔය හැටි කල්පනාව' ඇසූ බිසෝ හාමි දික්කල තේ කෝප්පය අතට ගත් කර්තේලිස් බිරිඳ දෙස හැරී මුව පිරී සිනහවක් පෑවේ තම ස්වාමියා දිහා විමතියෙන් බලන්න වූ බිසෝ හාමිට සොම්නසකුත් පාමිනීටිකක් වෙලා තම ස්වාමියා දිහා බලන් හිටි ඈ 'මොකද අප්පේ ඔහේගේ මූනේ ඒ හැටි සතුට, නිධානයක් වත් පහල වෙලාද' ඇසුවාය. 'අපිට අයෙමත් කාලයක් ආවා මැනිකේ' කියූ කර්තේලිස් හිරුඑළිය තම ඇඟපුරා වට්ටාගෙන තනිකමේ පාලුව නිසා සුසුම් හරිමින් සිටී කරත්තය දිහා සෙනෙහසින් බැලුවේය. එය අවුරුදු ගානක් වැඩක් ගත්තේ නැති හන්දා ලෑලි දිරලා ඉරි තැලිලා ගොස් තිබුනි. මකුළු දැල් පවා බැඳිලා. අන්තීම උගුරත් බී තේ කෝප්පය බිරිඳ අත තැබූ කර්තේලිස් අසල කනප්පුවේ ඇති බුලත් සෙප්පුවෙන්   විටක් සාදා හනිකට කටේ ඔබාගෙන පුටුවෙන් නැගිට්ටේ, කරත්තේ දිහාට යන්ටය.


ඒ සමඟම වන්ගුවෙන් මතුවී බොරලු පාර දිගේ මී දෙන්නාද දක්කාගෙන තමන් දෙසට පියනගන සුමනේරිස් එනු දැක්කේ එවිටයි. නිරාසයෙන්ම ඇස්වලට උනුනු කඳුලු බිසෝහාමි චීත්තයෙන් පිසදාගත්තේ තම පුතා එනු දැක වූ උපන් සෙනහසිනි. කර්තෙලිස්නම් තම පුතාව දැක්කේ වැටෙන්න යන තම රාජධානිය වැටෙන්න නොදී නගාසිටුවන්න යන ඔටුන්න හිමි කුමාරයා ලෙසයි. පපුව කෙලින් තියාගත් කර්තෙලිස් කරත්තය වෙත පියනැගුවේය.