Sunday, July 19, 2015

ගින්න! බුරු බුරු ගා නගින රාජ...රාජ.. ගින්න!

ගින්නක් නැතිව දුමක් නගින්නේ නැති වගට කියමනක් ඇත. ආදී මානවයාගේ පටන් නූතන මිනිසා දක්වාවූ මානවයා තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා ගින්න බෙහෙවින්ම උපකාර කරගත්තෝද ගනිමින්ද සිටින්නෝය. ගින්නක් නැති මුලුතැන්ගෙයක් නැති අතර කන්න කෑමක්ද නැත. එවිට ඇතිවන්නේද ගින්නකි. ඒ බඩගින්නයි. කර්මාන්තශාලාවල නිෂ්පාදන ක්‍රියාවලියේ දී ගින්න භාවිතා කරයි.  මෙකී නොකී බොහෝ දේට ගින්න අත්‍යවශ්‍යවෙයි.
එහෙනම් ගින්න අපට ප්‍රාධානතම අවශ්‍යතාවයකි. ගින්න මිනිසාට උපකාරකයක් සේම විනකාරකයක්ද වෙයි. ගින්න මහා විනාශයක්, ව්‍යසනයක් ඇතිකරන්න වුවද සමතෙකි. ගින්න සිදුකල​ ජීවිත, දේපල හානි අනන්තය​. යොදවන්නන්ගේ උවමන්නාවන්ට අනූව ගින්නේ ස්ව්භාවය මෙන් ප්‍රමානතාවයද වෙනස්වෙයි.

ගින්නට සිතක් පපුවක් නැතුවා සේම ආගමක් ධර්මයක්ද 
නැත
. ගින්න සැමවිටම තවකෙකුට නතුවන්නකු හා භාහිර​ බලයක් විසින් පාලනය කරනු ලබන්නකි. සත්‍ය නොදත් මිනිසා එය තමන් යැයි සිතා සිටියත් එහි සැබෑ පාලනය අදෘශ්‍යමාන බලයක් සතුය. ගින්නක්, එය යොදවන්නාගේ අනසක නොතකා හිතුමනාපෙට හැසිරීම එම අදෘශ්‍යමාන බලයේ පැවැත්මතාතාවය කියා පායි. ගින්නට තවත් ආදාරක වචන එකතුවූ කළ නොයෙකුත් අර්තයන් ලැබෙයි. 


ඉහත කී බඩගින්න එවන් එකකි. බඩගින්නක් දැනුනුකළ මිනිසා මොනම දෙයක් හෝ ගිල දැමිම සිදු කරයි. නැත්නම් අම්ලපිත්ත අසහනය සෑදෙයි. එය දැවිල්ලකි, එයද ගින්නකි.  එනිසා බඩගින්නක් දැනුනුවිට යමක් හෝ ගිල දැමීමට මිනිසා පුරුදු වී සිටියි. ඒ අම්ලපිත්ත නොහොත් බඩ දැවිල්ලෙන් ආරක්ශාවීමටයි. අනුන් කනවා බලන්න ඉරිසියා කරන්නන්ද එමගින් මූලග්ගින්න හදාගත්තන්ද ඒ අතර වෙයි. තන්හාවට කන්නෝද සිටියි. ගිනි පොලී කාරයෝ වගේම දිය යටින් ගින්දර ගෙනියන්නෝ අප අතර සිටියි. අනුන්ට ගින්දර දෙන්නත් ඔවුන් ඒ සමානව දක්‍ෂයෝය​. සිතේ ගින් ඇවිලෙන කල​ ලැම්බෝගිනි පදවන්නෝද සිටියි. 



අද සමාජයේ බලවතුන් තම උවමනාවන් ඉටුකර ගන්නත් අදහස් මුදුන්පත් කර ගන්නත් ගින්න නොයෙකුත් ආකාරයෙන් උපයෝගී කර ගනීයි. තමන් වෙතින් සිදුවෙන අතපසුවීම්, අසාදාරනකම් යටිගසාගන්න, ආදිපත්‍යය ආරක්‍ෂා කරගෙන අනසක පතුරුවන්න, තම​ මඩිය තර කරගන්න,නොහැකියාව නොහොත් විලිය වසාගන්න ගින්න මනා ලෙස උපයෝගී කර ගනීයිඔවුන්, ඒ දේ කරන්නේ තමන් කාගේ කරමත්තෙන් පැමින ඒ තැන ලබා ගත්තෝද, ගින්නේ සැබෑ ස්වරූපය වසන් කර​ එම ගින්න ඔවුන්ට​ සංග්‍රහ​ කිරීමෙනුයි. ඒ ක්‍රෝදගින්නයි, අවුලනු ලැබූ ලැව්ගින්නයි.

සති දෙකකින් අමතක වීමක් ගැන කියමන් ඇති නිසාදෝ මොවුන් තිස් අවුරුද්දේ භීශිත ගින්න ගැන නිතර දෙවේලේ මතක් කරයි. සංග්‍රහ​ය ලබන්නන් සිතන්නේ එසේ කරන්නේ, ඔවුන් තමන් වෙත පාන ​ආලයේ වැඩිකම නිසාම බවය​. මදසීතලට ලාගින්නෙන් දැනෙන්නා වූ සනීපය නිසා සුරක්ශිත වූ දරුවමල්ලන්ගේ අනාගතයක සිහින මවමින් නොදැනීම ඇස්පියවන සංග්‍රහය ලබන්නන්, නැවතත් පියවී සිහිය එන්නේ, ගිනි රකුසා එම දරුවන්ගගේ අනාගතය​ දවා අළු දූවිලි කලාටත් පසුවයි. ඒ වනවිටත් සිහිනෙන් දුටු අනාගතය ගිනිකෝච්චියේම ගිහින් අවසන්ය​. ඉතිරිව ඇත්තේ ඉවක් බබවක් නොතේරෙන ගින්න ඇති කල​ අළුදූවිලි හා දුමේ අන්දකාරය පමනයි.


මේ බලවතුන් මලවන ගින්න  ඇවිලෙන්නේ ලැව්ගින්නක් මෙන්‍ හා පසුව හිතුමතේටම බුරු බුරු ගාමිනි. අවුලන්නා එම ගින්නෙන් ගිනිතපින්න උක්සුකුවෙයි. එම ගින්නටම අසුවී අවුලන්නාද​පිළිස්සී අළුවෙලා යන අවස්තාද නැතුවා නෙවෙයි. විස්වාස කළවුන් අතරමන් කර තම මඩි තර කර ගැනීමේ අධිඨානයෙන් විරුද්දවුත් සුලුවුත් පැතිවලින් පැමින ප්‍රධානීන්ට මුක්කු දුන් කූහකයන් ගින්නට අසුවන්නේ බලවතුන්ගේ කූහක කමේ බලවත්බව නිසයි.  පසුව එම කූහකයන් දැවි තම ඇඳි වස්ත්‍ර පවා අහිමි කරගෙන හෙලුවෙට වැටෙන්නේ තමන් කෙරේ විශ්වාස තැබුවන්ද එම ගින්නටම තල්ලු කරමිනුයි.


මේ සඳහා බලවත්තු ඉතා සුක්ෂම ලෙස යොදා ගන්නේ බහුතරයා වඩාත් ඝරු කරන හා භුහුමන් දක්වන විශ්වාසයන් හරහාය. එම විශ්වාසය කෙරෙහි තමන් පාන්නා බලවත් ඝෞරවය​ හා කැක්කුම ගැන පෙන්වා, එහි පෝශනය සඳහා තමන් කටයුතු කරන්නාද බැහැරවූ විශ්වාසයන්ට කෙනෙහිළි කරන්නාද බවක් අඟවාය. 

බහුතරයන්ට උපදෙස් දෙන්න බැඳී සිටිනා හා ඔවුන්ගේ වඩාත්මවූ ඝවුරවයට පාත්‍ර වන්නන්‍ අතරින් තමන්ගේ තත්වෙට කොහෙත්ම නොහොබිනා හා කිසිම ලෙසින් අනුකූල නොවී ක්‍රියා කරන  චරිතයන් මේ සඳහා යොදා ගනී. බහුතරයන් මොවුන් ඇඳී වස්ත්‍රයට පවා ඝරුබුහුමන් දක්වති. මොවුන් තමන්ගේ අසෝභන ක්‍රියාකළාපයන් නිසා තමන් මෙන් නමුත් සීලවූත්, අනුකූලවූත් චරිතයන් අවාසානාවන්ත ලෙස ලබන්නාවූ නින්දා අපහාස තුට්ටුවකට මායිම් නොකරයි. බැඳී සිටින විස්වාසයට වන පරිහානියද මොවුන්ට පුස්සකි. එම චරිතයන් ගින්නට නොයෙකුත් අර්තකතනයන් ලබා දී නොනිමෙන්නම ඇවිලෙන්නට​ වග බලාගනී.

ලැබුවාවූ උපදෙස්වලට අනූව ගින්න එල්ල කරන්නේ සුළුතරයන්වූ කොටස් කරාය. මෙහිදී මොවුන්ගේ දක්‍ෂකම​ කෙසේ වෙතත් ජනතාවගේ අන්ධ භක්තිය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනේ. ඒ, ගොනාට අන්දවීමයි. බහුතරයන් අතර වූ බහුතරයන් මෙවන් නොමග යැවීම්වලට අසු නොවුනත් එයින් සුළුතරයක් හෝ මොවුන්ව පිළිගැනීමට ඉදිරිපත්වෙයි. අළුවලින් පිරී දුමින් වැසී ඉදිරිය නොපෙනෙන තම දරුවන්ගේ අනාගතය දකින්න බැරි තරමටම මොවුන් අන්ධ වෙලා. මෙය ගිනි අවුලන්නන්ගේ බලවත් අයුදයද ජාතියේ කරුමයද වෙයි.

පසුවදන​,

තම පැවත්ම සඳහා කැළැම්බිලි සහිත ගින්න බලවත් සාදකයක් නිසාත් බලවත්තු තරහ කර ගැනීමට ඇති අකමැත්ත නිසාත් ගින්න නිවෙන්න නොදී තෙල් වක්කර එය නිවෙන්න නොදී ඇවිලවීමේ කාර්‍යය  පුවත් බෙදන්නෝ නියමෙටම කරයි. ගින්න නිවන අදහසින් ඉදිරියට පැමිනි පුවත් බෙදන්නෝද නැතිවා නොවෙයි. එසේ පැමිනි ඔවුන්ට සිදුවන්නේ 
අඬුවක් අතේ තිබියදී අත නොව --ක පුච්ච ගන්නයි. ඉතින් ගින්නේ රුදුරු බව දැන දැනත් ගින්නට ඇඟිල්ල දමන්න​ කවුරුන් කැමැති වෙයිද!  ඒත් ඔබ කොමන කල් ඔහොම ඉඳීද. ගින්නෙන් ආරක්‍ෂාවී එය හරියාකාරව හරි තැනට යොදවා එමගින් උපරිම පලප්‍රයෝජනය ලබා ගැනීම අප කාගෙත් අයිතිය හා යුතුකමද නොවන්නේද​?

(මෙ අවුරුදු 4 කට පෙර මා ලියූ මගේ පලමු ලිපියද, දොරට වැඩුමද  වූ අතර මට බ්ලොගයක් නොතිබූ අවස්තාවක වෙනත් බ්ලොග් අඩවියක පළකලද ලිපියක් වෙයි. පැරණි ලිපි නැවතත් පාටකයන් වෙත ගෙන ඒමේ ක්‍රියාවක් ලෙස මෙය මගේ බ්ලොගය නව ලිපියක් ලෙස පල කරමි)

4 comments:

  1. ගින්න ..... ගිනි තිබ්බොත් ගිනි ගනී...... මේ සෑම දෙයක්ම .... එක්තරා ගින්නකි. වෙලාවකට ගින්න යනු ආශාවන්හි ප්‍රභේදයකි...... ගින්නට සමාන පද ඇත්ද .....? එතකොට නියම ගින්න සංකීර්ණ අර්ථ දනවන්නකි. මිතුර

    ReplyDelete
    Replies
    1. ගින්න යනු ආශාවන්හි ප්‍රභේදයකි++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  2. ගිනි නං වර්ග කීයක් තියනවද!
    (කමෙන්ටුව දැක්කෙ පස්සෙ. ඔන්න රෝලට ද‍ාගත්ත)

    ReplyDelete
  3. කතාව සහතික ඇත්ත.
    අපේ එවුන් දන්නේ නැහැ උන්ව කන්ට්‍රෝල් කරන්න කට්ටියක් උඩින් ඉන්නවා කියල.

    ReplyDelete