Monday, August 24, 2015

මා උන්මතයෙක් වූ වගයි!


මා උන්මතයෙක් වූ වගයි


දෙයක් කෙරෙහි ඇති           උන්මාදයයි


අතේ දුරක ඇති                   උන්මාදයයි

මනස විකෘති කරන            උන්මාදයයි

සිතේ පිරී ඇති                    උන්මාදයයි


මා උන්මතයෙක් වූ වගයි



සිත නොපිරුනු නිසා වූ        උන්මාදයයි 

ගත නොවිඳිනින නිසා වූ      උන්මාදයයි

ඇතත් නැතයි යන              උන්මාදයයි

මනස පීඩාකරන                 උන්මාදයයි 


මා උන්මතයෙක් වූ වගයි


සවස් යාමෙදී                       උන්මාදයයි

අඳුර අයා සිටින                   උන්මාදයයි

රැය පහන් වනතුරුත්              උන්මාදයයි

එළිය දුටුවිටත් ඇති              උන්මාදයයි


මා උන්මතයෙක් වූ වගයි



අනුන් දුටු විටත් ඇති            උන්මාදයයි

ඉරිශියාව රජයන​                 උන්මාදයයි

සිත​ කලකිරවන                  උන්මාදයයි

ජීවිතයේ අරුත සොයන        උන්මාදයයි


මා උන්මතයෙක් වූ වගයි


අතේ ඇති     මුත්               උන්මාදයයි

මුකට​ නැති   එය​                උන්මාදයයි

යහන බලා සිටින                උන්මාදයයි

මෙලෝ රහක් නැති             උන්මාදයයි



මා උන්මතයෙක් වූ වගයි



සිත අයාලේ යන                 උන්මාදයයි
ගත දවාලන ඒ                     උන්මාදයයි
මිල මුදල් ඇත මුත්               උන්මාදයයි
කුමන පලක්ද මට එය​           උන්මාදයයි

මා උන්මතයෙක් වූ වගයි

සිතුම් සම නොවූ ඒ               උන්මාදයයි
පැතුම් ඉටු නොවූ ඒ              උන්මාදයයි
ගතින් පෙලෙන වූ ඒ             උන්මාදයයි
දුම් රියේ ​දන්ඩයන් වූ ඒ         උන්මාදයයි
මා උන්මතයෙක් වූ වගයි

මා ගොළුවෙක් කළ ඒ              උන්මාදයයි
මිතුරුට නොකියන​ ඒ               උන්මාදයයි
සිතින් කතුවෙක් කළ  මා           උන්මාදයයි
සිහින් කවියෙක් කළ                 උන්මාදයයි

12 comments:

  1. //සිතින් කතුවෙක් කළ මා උන්මාදයයි
    සිහින් කවියෙක් කළ උන්මාදයයි//
    ++++++

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්........ස්තූතියි

      Delete
  2. ඒ මටත් උන්මත්තක කේස් ඒකක් තියෙනවා වගේ නේද????

    ReplyDelete
    Replies
    1. තමන් ගැන තමන් දන්න තරම් අනුන් දනීද​?

      Delete
  3. පරන ඒව නේද බන්.
    මං දැක්ක පරන පෝස්ට් එහෙම පිටින්ම ඇදබානවා

    ReplyDelete
  4. උම්මතක ගතියනම් අපිටත් ලාවට වගේ තියෙනවනේ බං ඉතින්..

    ReplyDelete
  5. පරන ඒව තමා, මේක කාරන්න මට කාරනා දෙකක් හෙතුවුනා,

    * අලුතින් මොකක් හරි හිතන්න තියෙන කම්මැලිකමට මෙහෙම කලා,

    * කවුරුත් පරන පෝස්ට් හොයාගෙන ගිහින් කියවනවා අඩුයි, ඒ හින්දා මෙහෙම කලා.

    ReplyDelete
  6. උමතු බව අසහනයක් නොව සහෝ මනසහනයකි

    ReplyDelete
  7. ඇත්තටම උන්මාදය කියන්නේ මොකද්ද උන්මත්තක මේ රසවත් කවි වලින්වත් නිර්වචනය ලැබේයයි හිතුවා ඒත් නෑ නේ. කොහොමටත් ඕක මගේත් නම තේරුනාද ?

    ReplyDelete
    Replies
    1. //කොහොමටත් ඕක මගේත් නම තේරුනාද ?// ''සාරිකා විචාරනී''ඇත්තටම මට තේරෙන්නේ නෑ ???

      පැහැදිලි කරන්න පුළුවන්නම් නම් මෙනෙහි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. 'උන්මාදය​, උන්මන්තක​' ( මෙය 'උන්මත්තක' ලෙස නිවැරදි විය යුතුයි ලෙසත් සමහරුන් කියනවා ) කියන්නේ පිස්සුවක්! පිස්සෙක්! ????? මෙය සාමාන්‍ය කෙනෙක් දකින​,සමාන කරන හෝ අර්ථ ගන්වන හැටි. නමුත් 'උන්මන්තක' එහෙම කෙනෙක් නොවන වග අප දෙදෙනා දනිමු. ඒ එම 'උන්මන්තක'ට පන පොවන්න මා මෙන්ම ඔබද උත්සාහ කරන නිසයි​​. 'උන්මත්තක' තරමක අසාමාන්‍ය ගති පෙන්නුම් කලත් මොහු අපි පාර තොටේ දකින සාමාන්‍ය පිස්සෙක්/පිස්සියක් නම් නෙවෙයි.

      යම් කරුනක් කෙරෙහි ඇතිවූ ආදරය​, කැමැත්ත​, අධිකාශාව​, විරහ​, පෙරේතකම​, තද ඇල්ම ඒ කෙරෙහි මොහුව​ උන්මත්තක කරයි. සැමැවිටම මොහු අශෝභන හෝ අප්‍රසන්න ලක්‍ෂන පෙන්නුම් කරයි කියා බලාපොරොත්තු වෙන්න බෑ. එසේ වෙන්නත් නොවෙන්නත් පුළුවන්. අනුන්ට හිරිහැරයක් වෙන්න, නොවෙන්නත් පුළුවන්. මොහුගේ විශේෂ ලක්‍ෂන ලෙස මා දකින්නේ උක්ත කාරනයෙන් බැහැර අනෙකුත් කාරනා දෙස මොහු බලන්නේ තරමක උදාසීනවයි. බොහෝ දුරට​, එම කාරනාව ඉදිරියේ අනෙක් ඒවා මොවුන්ට පුස්සක්. කෙසේ නමුත්, ආධාල වූ කාරනයේ දී විශෙශිතයෙක්.

      එහෙයින් 'උන්මත්තක' නොහොත් 'උන්මන්තක​' මටනම් විශේශිත වූ කෙනෙක්, ඒ මං උන්මන්තක වූ නිසයි.

      Delete