Monday, November 30, 2015

සූරා මුහම්මද් (අදියරය: 47 පදය​: 35)


ඔව් කම්මැලි නම් තමයි, ඒකයි පිළිතුරු දෙන්න තරමක් කල් ගත්තේ.......මට පහසු කරන්න සබැඳියාවන් ලබා දීම ගැන ඔබට ස්තූතියි.


*මේ ඔබ ලබා දුන් පළමු කුර්-ආන් වැකියයි එය ඔබ තේරුම් ගත් ආකාරයයි. 


http://corpus.quran.com/translation.jsp?chapter=47&verse=35

//මෙන්න ඔබේ මුලික ප්‍රශ්නයට පිළිතුර මුස්ලිම් ජාතිකයන් සාමය සදහා ඉදිරිපත් වියයුත්තේ ඔවුන් දුර්වල ස්ථානයක සිටිනවානම් පමණයි ඔවුන් බලවත්නම් 
සාමය උවමනා නොකරයි.//

මේ ඔබ ලබා දුන් කුර්-ආන් 47:35 චේදයේ ඉංග්‍රීසි පරිවර්තනයන් කිහිපයක් හා හැකි අයුරින් මා කල සිංලයට පරිවර්තනයන් 

Sahih International: So do not weaken and call for peace while you are superior; and Allah is with you and will never deprive you of [the reward of] your deeds.  තවද, අල්ලාහ් ඔබ සමඟ වන අතර​ කිසිවිටකත් ඔබේ කර්මයන් සඳහා වූ ( පරිදාන ) අහිමි නොකරයි​; එම නිසා, ඔබ උසස්ව​ සිටින තාක්කල් දුර්වල වී සාමය සඳහා ඇරයුම් නොකරන්න, 

Pickthall: So do not falter and cry out for peace when ye (will be) the uppermost, and Allah is with you, and He will not grudge (the reward of) your actions. තවද, අල්ලාහ් ඔබ සමඟ වන අතර​ ඔබගේ කර්මයන් සඳහා වූ ( පරිදාන ) දීම ඔහුට අසතුටක් වන්නේද නැත​; එම නිසා, තා ( නියතවම​ ) සිටින්නේ උසස්ම තත්වයක නිසා පැකිලමින් සාමය සඳහා පිංසන්ඩු නොවන්න​​.

Yusuf Ali: Be not weary and faint-hearted, crying for peace, when ye should be uppermost: for Allah is with you, and will never put you in loss for your (good) deeds. අල්ලාහ් ඔබ සමඟ නිසාද​, ඔබගේ (යහපත් ) කර්මවලට ඔබව​ අලාභයට පත් නොකරන නිසාද​; තා නියතවම සිටින්නේ උසස්ම තත්වයක නිසා,  වෙහෙස වී බියසුලු සාමය සඳහා පිංසන්ඩු වෙන්න​ අවශ්‍ය නැත​.

Shakir: And be not slack so as to cry for peace and you have the upper hand, and Allah is with you, and He will not bring your deeds to naught.  තවද, ඔබ සමඟ අල්ලාහ් සිටින නිසාද​, ඔහු ඔබගේ කර්මයන් ශූන්‍ය නොකරන නිසාද​, සාමය අයාගෙන ලිහිල් නොවන්න​, ඔබ සිටින්නේ උසස් තැනකය​​.

Muhammad Sarwar: Do not be weak hearted and do not appeal for an (unjust) settlement; you have the upper hand. God is with you and He will never reduce the reward for your deeds. දෙවියා ඔබ සමඟද, ඔබගේ කර්මයන්  වෙනුවෙන් පරිදාන ඔහු කිසිවිටක අඩු නොකරන බැවින්ද, හදවත දුබල කරගෙන ( අසාධාරණ ) ගිවිසුමකට​ ආයාචනා නොකරන්න​​.

Mohsin Khan: So be not weak and ask not for peace (from the enemies of Islam), while you are having the upper hand. Allah is with you, and will never decrease the reward of your good deeds. අල්ලාහ් ඔබ සමඟ, ඔබේ යහපත් කර්මයන්වල​ පරිදාන කිසිවිටක නොපිරිහෙනද, නිසාවෙන්, ඔබ උසස් තත්වයක සිටින තාක්කල්  දුබල වී සාමය සඳහා ( ඉස්ලාමයේ සතුරන් වෙතින්  ) ආයාචනා නොකරන්න   

Arberry: So do not faint and call for peace; you shall be the upper ones, and God is with you, and will not deprive you of your works. තවද​, දෙවියා ඔබ සමද​, ඔබගේ කාර්‍යයන්වලට අහිමි වන්නේ​ නැතිබැවින් බියසුලු වී සාමය ආයාචනා නොකරන්න; ඔබයි උසස්


 කෙටි පැහැදිලි කිරීමක්,

වාක්‍ය 38 කින් සමන්විත මෙම සූරාව ( චේදය ) ප්‍රකාශ වුනේ මක්කාවේ සිටි මුස්ලිම්වරුන් මදීනාවට සංක්‍රමනය වීමෙන් අනතුරුවත්, විරුද්දවාදීන්ගේ හිරිහැර නොනැවතී ඇති අවස්තාවකයි. 'කුරයිෂ්' සතුරන්ගේ අඩතෙට්ටම් උග්‍ර වීමෙන්, ඔවුන් අපහසුතාවයට පත්ව ඇති මොහොතකයි. ඒ, මුස්ලීමුන් මුහුන දුන් ප්‍රතම යුද්දය වන බද්ර් යුද සමයයි. එසේනම්මෙම සූරාව ප්‍රකාශ වී ඇත්තේ අනර්තකාමී පරිසරයක් තුල දුෂ්කරතාවයෙන් පෙලෙන පිරිසක් වෙනුවෙනි. මෙම කුර්-ආන් වැකියෙන් කියවෙන්නේ, දුෂ්කරතා ඇති කරන​ සතුරෙක් සමඟ ඇති කර ගන්න නියමිත​/අපේක්‍ෂිත යම් ගිවිසුමක දි වග බලා ගත යුතු ආකාරයක් මිස, සාමාන්‍ය වාතාවරණයක දී සාමාන්‍ය කෙනෙක් හෝ පිරිසක් සමඟ හැසිරිය යුතු ආකාරයක් ගැන​ නොවෙයි. 

මෙම චේදය මුල සිට අවසානය දක්වා එකිනෙක කියවගෙන ගියා නම් මේ 35 වෙනි වාක්‍යය එතරම් බරපතලව දැනෙන එකක් නැති අතර​ ප්‍රකාශ වූ අවස්තාවේ තිබූ පසු බිම නොබලා එම වාක්‍යය පමනක් ඉස්මතුගෙන බැලුවා නම් සමහර විට එහි වැරද්දක් දකින්නත් පුළුවන්.

බද්ර් යුද්දයේ දී  පිරිස් බලය​, ආවුද, ප්‍රවාහන පහසුකම් වැනි සෑම අතින්ම යුදමය වශයෙන් මුස්ලිම්වරු දුර්වල ස්තානයකයි සිටියේ. https://en.wikipedia.org/wiki/Battle_of_Badr මෙම සූරාව බද්ර් යුද්දය තවමත් ක්‍රියාකාරී නොවී ආරම්භක මට්ටමේ පවතින කාල වකවානුවේ ප්‍රකාශ වී ඇති බව කියවෙන සුළු තොරතුරක් http://englishtafsir.com/Quran/47/index.html 

මේ චේදය තුලින් අල්ලාහ් අමතන්නේ ලෞකිකව දුර්වල සිටින පිරිසකටයි. එයින් අල්ලා කියා පාන්නේ ඔබ ශක්තිමත් නිසා 'ඔබ උසස්, එනිසා සාමයට නොයන්න​' ලෙස නොවෙයි, මා ඔබ සමඟ සිටින නිසා ඔබ උසස්, එනිසා ඔවුන්ට බිය වී සාමයට නොයන්න' ලෙසයි

ඔබේ දෙවෙනි කුර්-ආන් වැකියට පිළිතුරක් ලියන්න සතියක් විතර කල් දෙන්න, අනික ඔක්කෝම මේකේ ලියන්න ගියොත් හැතැම්මක් විතර දිග යයි, ඒකෙන් මාතලං ආයේ මේකට මාව වද්ද ගන්නෙත් නැති වෙයි.

 ඔබට ස්තූතියි.....


20 comments:

  1. Oba muslumda. Ehema nathnam balen ho kona kapalaada...
    Me wage amana lipiyak sinhalen kiyewwe palamu wathaawata...
    Loku putha

    ReplyDelete
    Replies
    1. ප්‍රාතමිකව මම මනුස්සයෙක් සහෝ,

      ඔබට ස්තූතියි

      Delete
  2. ඔබේ පැහැදිලි කිරීම ඉතා වටිනවා. කුරානයෙන් ඇතැම් පාඨ උපුටගෙන ඒව ගැන එක එක කතා කියන අය ඒ පාඨ වලට හේතු ගැන කතා කරන්නෙ නෑ. ඒ පාඨ පිටුපස කතන්දර තියනව. ඇත්තටම ඉස්ලාමය යුද්දෙකට මුහුන දුන් විශේෂ අවස්ථාවල මේ පාඨ ඔවුන්ට වැදගත් වුන බවයි මගෙ හැඟීම.
    වෙන ආගම් මේ වගෙ යුද්ධවලට මුහුන දීල නෑ. ඒ නිසා ඒ ආගම්වල මෙහෙම දේවල් නෑ.

    ReplyDelete
    Replies
    1. මේක මම ලිපියක් හැටියට ලියපු එකක් නෙවෙයි, තවත් බ්ලොගයකට ලියපු ප්‍රතිචාරයක්, එකේ පලවුන්නැති හින්දා මෙහේ පල කලා.

      ඔබට ස්තූතියි.

      Delete
    2. මධ්‍යස්ථ මතධාරියා සහ උන්මන්තක,

      //මෙම සූරාව ප්‍රකාශ වී ඇත්තේ අනර්තකාමී පරිසරයක් තුල දුෂ්කරතාවයෙන් පෙලෙන පිරිසක් වෙනුවෙනි.//

      මේ ලෝකයේ මිනිසා ඇතිවූ කාලයේ සිට අදදක්වා පවතින මුළු කලපච්චේදයේම අනර්තකාමී පරිසරයක් තුල දුෂ්කරතාවයෙන් පෙලෙන පුද්ගලයන් සිටියා සහ සිටිනවා. මේඅනුව මේ නිතිය අහවල් කාලයට පමණයි අදාළ මේ කාලයට අදාළ නෑ වැනි දෙයක් හොද සිහියෙන් කිව නොහැකියි (උම්මත්තකයකුට නම් කිව හැකියි :) )

      ඔබ බලන්න ආසියාව දිහා දැනට ශතවර්ෂයකට පෙර පැවති ඉන්දුනීසියාව, බංගලිදේශය පමණක් නෙමෙයි පාකිස්තානයේ පවා බලයෙන් ඉස්ලාම් ආගමට හරවා ගත අවස්ථා නැද්ද?.

      ඔබට කියන්න පුලුවන්ද බහුතරය ඉස්ලාම් දර්මය අදහන රටක සිටින අන් ජාතිකයන්ට නිදහසේ තම ආගම අදහන්න දෙන ? මා දන්නා පමණින් තුර්කිය පමණයි යම් හෝ නිදහස්සක් ඇත්තේ නමුත් තුර්කිය පුර්නලෙස රජය පාලනය ආගමෙන් වෙන් කර තමයි පවතින්නේ.

      මා කියන්නේ ඉස්ලාම් ආගමට පමණක් නෙමෙයි කිසිම ආගමික සන්විදානයකට රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමට ඉඩදිය යුතු නෑ.
      රටේ පොදු නිතිය මෙඅනි අන්තවාදී ආගම්වාදී සංවිදාන උල්ලංගනය කරනවා නම් දැඩි දඩුවම් පමුනවා නතර කල යුතුයි.

      අනෙක් වැදගත් ම කාරණය ඉස්ලාම් ආගමේ සාමය පිලිබදව ඉතා ප්‍රගතශීලි අදහස් සදහන් වෙනවා නමුත් ඔබ දැනගත යුතු ඉස්ලාම් ආගම අදහන පිරිස් ඔබට නොකියන දෙය නම් පසුව සදහන් යුද්දය පිළිබද තොරතුරු වලින් අදාළ සාමය පිළිබද තොරතුරු අහෝසිවීම පිලිබදවයි.

      බුදුරජානන් වහන්සේ භික්ෂුන්ට දේශනා කර තිබෙනවා රටේ නීතියට අනුව කරයුතු කල යුතු බව.

      Delete
    3. කුර් ආන් පොත අරාබීන්ගෙ නිර්මානයක් ලෙසයි මම දකින්නෙ. යුදෙව්වන්ගෙ පරන ගිවිසුම සහ අරාබි ජනප්‍රවාද එකතුකර පොත ලිව්වා. නමුත් මේක ලියනකොට ශුද්ධ ග්‍රන්ථයක් නිසා යුද්ධ ලියනකොට පරිස්සමෙන් ලියන්න වෙනව. නමුත් වෙන කිසිම ආගමක් මුහුන නොදුන් යුද්ධවලට ඉස්ලාමය මුහුන දුන්න. ඉතින් මේ සදහා ආගමික මගපෙන්වීමක් ඔවුන්ට ලැබුනා.ඉතින් මේක ලියන්නෙ කොහොමද .මීට වඩා ක්‍රමයක් නැහැ. මම එහි වරදක් දකින්නෙත් නෑ. ශාස්තෲවරය මුහුන දුන් සිද්ධි . ඒවට දෙවියනුත් සම්බන්ධයි. ඉතින් මීට වඩා මොනව ලියන්නද.

      ප්‍රශ්නෙ අයි එස් ල වගෙ අය අද කාලෙටත් මේව ගලපගන්න එක. එතනදි තමා මොඩරේට් ලට වගකීම එන්නෙ. ඒත් ඒක සාර්ථක නෑ. මොකද අද මුස්ලිම් වීරයෙක් කාට භරි එරෙහිව යුද්ධ ප්‍රකාශ කලොත් ඔය වගන්ති ඔක්කොම ඒකට අදාල වෙනව . අදාල කරගන්නව . ඒකයි වෙන්නෙ.

      Delete
    4. නැහැ සහෝ කුර්-ආනය කාගේවත් නිර්මාණයක් නොවෙයි, එහි අක්‍ෂරයක් පාසා දේව වදන්, අනික එවැනි නිර්මාණයක් කරන්න තරම් ශාශ්තෲන් උගත් කෙනෙක් නෙවෙයි. ඔහු අරාබි හෝඩියේ අකුරක් පවා නූගත් අති සාමාන්‍ය පුගලයෙක් පමනයි. තතු පරික්‍ෂා කර බැලුවා නම් ඔබට වැටහෙයි.

      Delete
    5. lankika situwili

      //මේ ලෝකයේ මිනිසා ඇතිවූ කාලයේ සිට අදදක්වා පවතින මුළු කලපච්චේදයේම අනර්තකාමී පරිසරයක් තුල දුෂ්කරතාවයෙන් පෙලෙන පුද්ගලයන් සිටියා සහ සිටිනවා. මේඅනුව මේ නිතිය අහවල් කාලයට පමණයි අදාළ මේ කාලයට අදාළ නෑ වැනි දෙයක් හොද සිහියෙන් කිව නොහැකියි (උම්මත්තකයකුට නම් කිව හැකියි :) )//

      ඔබ ඔබගේ මතයේම ඇලී ඉන්න නිසා මට මේකට නම් පිළිතුරක් දෙන්න තේරෙන්නේ නෑ, නමුත් අවසානයේ වරහන් තුලින් කල යෙදුම මට දමල ගසපු පහරක්දෝ කියලත් හිතනෙවා.

      ඔබ කියූ අනෙක් කාරනාවන් සමඟ තර්ක කරන්න මම එන්නේ නෑ, එවා එසේ වෙන්නත් පුලුවන්

      //බුදුරජානන් වහන්සේ භික්ෂුන්ට දේශනා කර තිබෙනවා රටේ නීතියට අනුව කරයුතු කල යුතු බව.//

      තමා අයත් රටක නීතියට අනුකූල වීම මුස්ලිම්වරයාගේ 'ඊමානය​' නොහොත් විශ්වාසයේ අංගයක්, එය 'අඩක්' කියලත් කියවෙනවා. එනිසා රටේ නීතියට අවනත නොවන මුස්ලිම්වරයාගේ ඊමානය සම්පූර්ණ වන්නේ නෑ. ඔහු අල්ලාහ්ට පිටුපාන්නෙක්

      ඔබට ස්තූතියි

      Delete
    6. උන්මන්තක​,

      //එනිසා රටේ නීතියට අවනත නොවන මුස්ලිම්වරයාගේ ඊමානය සම්පූර්ණ වන්නේ නෑ. ඔහු අල්ලාහ්ට පිටුපාන්නෙක්//

      හැබෑට,

      http://www.theguardian.com/world/2011/mar/03/niqab-ban-france-muslim-veil

      එහෙනම් ප්‍රංශයේ මුහුණ වැසීම තහනම් කලවිට https://www.youtube.com/watch?v=tsiIAepcapE
      මුස්ලිම් කාන්තාවන් ඊට විරුද්ද වන නිසා ඔවුන් අල්ලාහ්ට පිටුපාන අය වියයුතුයි.

      ඔබට අහන්න ලැබිල තියෙනවද මෙසේ "අල්ලාහ්ට පිටුපාන කාන්තාවන්ට" විරුද්දව මුස්ලිම් ජනයා විරෝදය පලකරනවා .

      මේක තමයි කියන්නේ කන්න ඕන උනාම කබරගොයා තල ගොයා කරගන්නවා කියලා.

      මගේ මතය ඉතා පැහැදිලියි කිසියම් ආගමක් නිසා රටේ පුරවැසියන් ගේ මුලික අයිතීන් උල්ලංගනය වනවානම් වහාම එම ක්‍රියාවලි
      පතුරවන අයට කිසිම සමාවක් නැතිව දැඩි දඩුවම් ලබාදිය යුතුයි ඕනෑම ආගමකට සමාන වියයුතුයි.

      Delete
    7. මුහුන වැසීම අනිර්වාර්‍ය නෑ, අමතර ආරක්‍ෂාව සඳහා මුහුන වසනවා නම් එහි වරදකුත් නැහැ, ස්ත්‍රීන් අන්ග වැසීම සම්භන්දයෙන් මේකයි ඉස්ලාමයේ ස්තාවරය​. රටේ ආරක්‍ෂාව පිනිස රජයක් 'සධ්භාවයෙන් යුතුව' පනවන නීතියකට එහි පුරවැසි මුස්ලිම් වරයා අනිර්වාර්‍යයෙන්ම යටත් විය යුතුයි.

      //ඔබට අහන්න ලැබිල තියෙනවද මෙසේ "අල්ලාහ්ට පිටුපාන කාන්තාවන්ට" විරුද්දව මුස්ලිම් ජනයා විරෝදය පලකරනවා//

      පාරට බැහැලා පිකටිං කලේ නැහැ කියලද ඔබ කියන්නේ? එහෙම සිරිතක් ඔබලගේ තිබෙනවද සහෝ? ආගමික වශයෙන් කෙරෙන හෝ කෙරුනු යම් වැරද්දක් ගැන සමාලෝචන ඔබලා ප්‍රසිද්දියේ කරනවද​? ඉස්ලාමයේ එවැනි වැරදි ගැන පහදල දීම් මස්ජීද්වල, රැස්වීම් ශාලාවල සාමාන්‍යයෙන් කෙරෙනෙවා. සිකුරාදා දේශනාව විශේෂයි. ඒකත් කෙනෙක්ට ඇඟිල්ල් දික්කරන්නේ නෑ, පොදුවේ කියනව මිසක්. අනික ඔවා කියන්න විතරයි පුලුවන් ඒවා ක්‍රියාවට නැගීම් ඒ ඒ අයගේ වැඩ. බල කිරීමක් නෑ 'තමන්ගේ වලට (පිං දහම්) තමන්මයි සපයා ගන්න ඕනේ.

      //මේක තමයි කියන්නේ කන්න ඕන උනාම කබරගොයා තල ගොයා කරගන්නවා කියලා.//

      ඔය කබරගොයි ගැරඬීන් කන පුරුදු නියම මුස්ලිම් වරයා ගාව නැතිව ඇති සහෝ.....නාමික මුස්ලිමුන් ගැන කියන්න අපි දන්නෑ, ඔවුන් කරන වරදට කුර්-ආනය පලිත් නෑ

      //මගේ මතය ඉතා පැහැදිලියි කිසියම් ආගමක් නිසා රටේ පුරවැසියන් ගේ මුලික අයිතීන් උල්ලංගනය වනවානම් වහාම එම ක්‍රියාවලි
      පතුරවන අයට කිසිම සමාවක් නැතිව දැඩි දඩුවම් ලබාදිය යුතුයි ඕනෑම ආගමකට සමාන වියයුතුයි.//

      අනෙක් කාරණා සම්භන්දයෙන් ඔබ සමඟ තර්ක විතර්ක​ ඇති වුනත් ඔබේ මේ ස්තාවරය නම් සිත්ගන්නා සුළුයි, අගය කල යුතුයි, ලෝ පුරාවට එය එසේම වෙනවා දකින්න මාත් කැමැතියි.

      Delete
  3. ඔය මුස්ලිම් අයෙග් සම්ප්‍රදායයක්. ඔවුන් කුරානයේ අප්සට් තැනක් දැක්කවිට මේක පරිසරයේ/යුගයේ වරදක් හැටියට පෙන්වා මඟහරිනවා. වාසි දෙයක් දැක්කවිට මේක ඉස්ලාමයේ හොඳක් හැටියට පෙන්වනවා.
    (ඔය පුරුද්ද බෞද්ධයා් අතරත් තියෙනවා. බුද්ධාගමේ පුර්ෂ ආධිපත්‍යය ගැන කියවෙන දෙයක් දැක්කවිට. කිසි හෙවිල්ලක් නැතුව බමුණු මතයක් හැටියට හඳුන්වන බෞද්ධයෝ ඉන්නවා)

    ඔයා කියපු අදහස අනුව කුරානයේ වාක්‍ය සදාකාලයටම වලංගු දේව වාක්‍ය නොව ඒක් එක් සිද්ධියට අදාලව ලියැවුනු අදහස්. ඒ අනුව මේ යුගයට ගැලපෙන විදියට තව කොටස් කුරානයට එක්කලත් වරදක් නෑ.

    ReplyDelete
    Replies
    1. නැහැ, කුර්-ආනය එක අක්‍ෂරයක් නෑර මුලුමනින්ම දේව වාක්‍ය​, සදාකාලිකයි, එය ඕනෑම යුගයකට ගැලපෙන​ සම්පූර්න ජීවන මගක්, අලුත් කොටස් එක්කිරීම මුස්ලිම් වරයාට වරදකි, එයින් කියන ආඥාවන් උපදේශයන් අවස්තානුකූලව ක්‍රියාවට නගන ලෙසයි අල්ලාහ් කියන්නේ.

      එක් කරුණ​ක දී සහායට ගත් වාක්‍යයක් සමාන වූ තවත් අවස්තාවකදී ගැලපෙන්නේ නැතිවෙයි, නොයෙකුත් කාරණා ඒකට පාදක වන අතර අපේ යටි සිත ඒ බවක් අපට කියයි, අවස්තාවන්ට අනූව වඩාත්ම උචිත වාක්‍යයන් ආදාර කරගන්න මුලිම්වරයාට නිදහස තියෙනවා.( උදාහරණයක් වශයෙන්: අනුභවයට තහනම් ඌරු මස අවස්තාවක දී කෑමට අවසර ලැබෙනවා ) ('ස්තානෝචිත ප්‍රඥාවෙන්, තැනට ඔබින නුවන, බුද්ධිඝෝචර​ 'වැනි යෙදුම් කුර්-ආනික මුස්ලිම් වරයාටත් පොදුයි ) නියම කුර්-ආනික ජීවිතයක් ගත කරන මුස්ලිම් වරයා පටලව ගන්නේ නැතිව තැනට ඔබින ලෙස ක්‍රියා කර යහ ජීවිතයක් ගත කරයි.

      ඔබට ස්තූතියි

      Delete
    2. //කුර්-ආනය එක අක්‍ෂරයක් නෑර මුලුමනින්ම දේව වාක්‍ය​, සදාකාලිකයි, එය ඕනෑම යුගයකට ගැලපෙන​ සම්පූර්න ජීවන මගක්, අලුත් කොටස් එක්කිරීම මුස්ලිම් වරයාට වරදකි, එයින් කියන ආඥාවන් උපදේශයන් අවස්තානුකූලව ක්‍රියාවට නගන ලෙසයි අල්ලාහ් කියන්නේ. //
      වෙරි සොරි සර්! මං හිතුවේ උඹවත් නිදහස් මුසල්මානුවෙක් කියලා. මොකටද බං මේ ලබපු මනුෂ්‍යත්වය, නොපෙනෙන දෙවියෙකුගෙ වාක්‍යවලට යට වෙච්ච?

      Delete
    3. මධුවෝ දෙවියෙක් ඉන්නව කියල මොහොතකට සිතමු. ඔහු මින් පෙර නොසිටි මිනිසුන් මොනයම් හෝ හේතුවක් නිසා මැව්වාය කියා සිතමු. ඔහු තම පනිවිඩ මෙලොවට එවීමට තෝරාගන්නෙ අසම්පූර්න මිනිසුන් වයි. ඉන් පසු අනෙක් මිනිසුන් අන්ධානුකරනයෙන් එය විශ්වාස කළ යුතුයි. ග්‍රහයන් සූරයයය්න් මන්දාකිනි ඇතුළු තෙරක් නොපෙනෙනෙ විශ්වය මැවු දෙවියෙක් මෙවැනි බාල ක්‍රමයක් තෝර ගනියිද.
      මට නම් සිතෙන්නෙ එවැනි දෙවියෙක් සිටිනවානම් ඔහු තෝල්කයො පස්සෙ හැංගිමුත්තන් නොකර ප්‍රසිද්ධියෙ පෙනී සිටිනවා.

      Delete
    4. මම මේ ලියන ඒවා වලින්ම පෙනෙන්නැද්ද මම නිදහස් කියලා, කුර්-ආනය මිනිසෙක්ගේ නිදහස කිසිසෙත්ම අහුරල නෑ, බුද්ධි ගෝචරව ජීවත් වෙන්නයි කියන්නේ, කුර්-ආනය හරි හැටි තේරුම් ගෙන ජීවත් වන්නෙකුට එහි අපහුතාවයක් දැනෙන්නේ නෑ....සතා සර්පයා වගේ ජීවත් වෙන්න මොනම ආගමක්, දර්ශනයක් දිරි දෙන්නේ නෑනේ.....කවදා හරි දවසක අපිත් මියදෙන්න ඕනේ නේ සහෝ...

      ස්තූතියි

      Delete
  4. බොහොමයක් දේවල් අදයි ඉගෙන ගත්තේ....

    ReplyDelete
    Replies
    1. ඔබට අලුත් යමක් ඉගෙන ගන්න දායක වන්නට හැකි වීම මට ඉහල සතුටක්...........

      ඔබට ස්තූතියි

      Delete
  5. අලුත් දෙයක් දැන ගත්තා

    ReplyDelete
    Replies
    1. අලුත් යමක් දැනගන්න සහය වීම ගැන මගේ සතුට​,

      ඔබට ස්තූතියි

      Delete