Monday, December 7, 2015

සුරා අන්-නිසා ( ස්ත්‍රීය​ ) චේදය​: 4 වක්‍යය​: 24


@Lankika Situwili

*මේ ඔබ ලබා දුන් දෙවන​ කුර්-ආන් වැකියයි එය ඔබ තේරුම් ගත් ආකාරයයි


         http://corpus.quran.com/translation.jsp?chapter=4&verse=24


//මෙහි ඉතිහාසය දැනගත යුතුයි. අත්අඩංගුවට ගත් සතුරු පක්ෂයේ ස්ත්‍රීන් දුෂණය කිරීමට අල්ලා අවසර දී ඇතත් 
මේ කියන යුද්දයේ දී අදාළ ස්ත්‍රීන් සමග ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් සිටි නිසා මේ ගැහැනුන් දුෂණය කිරීම මෙය අනාචාරයේ හැසිරිමක් දැයි 
මොහොමඩ් තුමාගේ සෙබළුන්ට සැකයක් ඇති වී ඇත, මිට පිළිතුර මෙහිදී අල්ලා දෙවියන් ගේ අදහස විඅත්තේ විවාහක ගැහැනුන් දුෂණය 
අනාචාරයක් නමුත් ඔබ අත්අඩංගුවට පත් විවාහක ගැහැනුන් නම් එය කිසිලෙස අනාචාරයක් නොවන බවයි.//

*මේ ඔබ ලබා දුන් කුර්-ආන් 4:24 චේදයේ ඉංග්‍රීසි පරිවර්තනයන් කිහිපයක් හා හැකි අයුරින්  මා කල සිංහලය පරිවර්තනයන් 


Sahih International: And [also prohibited to you are all] married women except those your right hands possess. [This is] the decree of Allah upon you. And lawful to you are [all others] beyond these, [provided] that you seek them [in marriage] with [gifts from] your property, desiring chastity, not unlawful sexual intercourse. So for whatever you enjoy [of marriage] from them, give them their due compensation as an obligation. And there is no blame upon you for what you mutually agree to beyond the obligation. Indeed, Allah is ever Knowing and Wise. තවද​, [එසේම ඔබට තහනම් වන සියල්ල වන්නේ] ඔබේ දකුණත් හිමි හැර​ විවාහක ස්ත්‍රීන්. [මෙයයි] ඔබ වෙත අල්ලාහ්ගේ නියමය​. තවද​ ඔබට නීත්‍යනුකූල වන්නෙ මෙයින් ඔබ්බට [අනෙක් සියල්ල] ඔබ ඔවුන්ව අපේක්‍ෂා ​කලහොත් [විවාහයෙන්] ඔබේ දේපලවලින් [ත්‍යාග] සහිතව​, ඉච්චා කරන බඹසර, නීතිවිරෝධී ලිංගික සංවාසයෙන් තොර. අර ඔවුන්ගෙන් ඔබ බුක්ති විඳින කුමක් හෝ වෙනුවට [විවාහය තුලින්] ඔවුන්ගේ වන්දිය හිලව් කිරීම ඔබේ යුතුකමයි . තවද​, යුතුකමින් ඔබ්බට ඔබ අන්‍යෝන්‍ය එකඟ වන​ කුමක් හෝ එය උදෙසා ඔබ වෙත වරදක් නොවෙයි.  සැබැවින්ම​, සියල්ල​දන්නාද, ප්‍රඥාවන්තයාද අල්ලාහ්ම වෙයි


Pickthall: And all married women (are forbidden unto you) save those (captives) whom your right hands possess. It is a decree of Allah for you. Lawful unto you are all beyond those mentioned, so that ye seek them with your wealth in honest wedlock, not debauchery. And those of whom ye seek (by marrying them), give unto them their portions as a duty. And there is no sin for you in what ye do by mutual agreement after the duty (hath been done). Lo! Allah is ever Know-er, Wise. තවද (ඔබ වෙත තහනම්) ඔබේ දකුණත් හිමි අර (සිරගත) කවුරුන් ඉතිරිව සියලු විවාහක ස්ත්‍රීන්. මෙයයි ඔබ වෙත අල්ලාහ්ගේ නියමය. ඔබ වෙත නිත්‍යානුකූල වන්නේ සඳහන් වූවායින්ගෙන් බැහැර සියල්ල​, වස්තු සහිතව තෙපි අවංක විවාහ බන්දනයට අපේක්‍ෂා කලහොත්, සල්ලාලකමින් තොර  (ඔවුන්ව විවාහ කිරීමෙන්), යුතුකම වශයෙන් ඔවුන් වෙත ඔවුන්ගේ කොටස ලබා දී. තවද යුතුකමින් පසුව තෙපි ඇති කරගන්නා කිනම් හෝ අන්‍යෝන්‍ය එකඟතාවයක් ඔබ උදෙසා පවක් නොවෙයි (එක්තැන් වූ පසු.)  බලව​! නිරතුරුව අල්ලාහ් සියල්ල දන්නාද​, ප්‍රඥාවන්තයාද  වෙයි.


Yusuf Ali: Also (prohibited are) women already married, except those whom your right hands possess: Thus hath Allah ordained (Prohibitions) against you: Except for these, all others are lawful, provided ye seek (them in marriage) with gifts from your property,- desiring chastity, not lust, seeing that ye derive benefit from them, give them their dowers (at least) as prescribed; but if, after a dower is prescribed, agree Mutually (to vary it), there is no blame on you, and Allah is All-knowing, All-wise. තවද ( තහනම් වනුයේ ) අර කවුරුන් ඔබේ දකුණත් හිමි හැර පෙර විවාහක ස්ත්‍රීන්. මෙසේ අල්ලාහ් ප්‍රව‍්‍රජ ( තහනම ) ඔබට එදිරිව එක්තැන් කර ඇත:
මෙවුන් වෙනුවට බැහැර අනික් සියල්ල ඔබට නීත්‍යානුකූල වෙයි, ඉච්චා කරන බඹසර​, දේපලවලින් ත්‍යාග සහිතව තෙපි (ඔවුන්ව විවාහයට) අපේක්‍ෂා කරනවානම්, අනාචාරයෙන් තොර, ඔවුන් තුල උපදින ප්‍රතිලාභ දකිමින්,  නියමිත (අවම හෝ) ඔවුන්ගේ දෑවැදි ලබා දී​; නමුත් දෑවැදි නියමිත වීමෙන් අනතුරුව, අන්‍යෝන්‍ය එකඟ වීම් (එය වෙනස් කරන​) ඔබ මත වරදක් පැටවෙන්නෙ නැත​, තවද අල්ලාහ් සියල්ල දන්නාද  ප්‍රඥාවන්තයාද වෙයි


Shakir: And all married women except those whom your right hands possess (this is) Allah's ordinance to you, and lawful for you are (all women) besides those, provided that you seek (them) with your property, taking (them) in marriage not committing fornication. Then as to those whom you profit by, give them their dowries as appointed; and there is no blame on you about what you mutually agree after what is appointed; surely Allah is Knowing, Wise. තවද අර කවුරුන් ඔබේ දකුණත් හිමි හැර සියලු විවාහක ස්ත්‍රීන් (මෙය) ඔබ වෙත අල්ලාහ්ගේ ආඥාපනත​, තවද ඔබ උදේසා නිත්‍යානුකූල වන්නේ මෙවුන් ඇරත් (සියලු ස්ත්‍රීන්) ඔබේ දේපල සහිතව (ඔවුන්ව) අපේක්‍ෂා කලහොත්, (ඔවුන්ව) විවාහයට ගැනීමෙන්, මෛථූනයෙන් තොරඑවිට ඔවුන් කවුරුන්ද ඔබ ප්‍රයෝජනය ලබන ඔවුන්ට නියමිත දෑවැදි දී; තවද දෑවැදි නියමය කිරීමෙන් පසු ඇති කර ගැනෙන​ අන්‍යෝන්‍ය එකඟතා ඔබ වෙත වරදක් නොවෙයි. නියත වශයෙන්ම ​අල්ලාහ් දැන සිටින්නා, ප්‍රඥාවන්තයාද වෙයි.


Muhammad Sarwar: You are forbidden to marry married women except your slave-girls. This is the decree of God. Besides these, it is lawful for you to marry other women if you pay their dower, maintain chastity and do not commit indecency. If you marry them for the appointed time you must pay their dowries. There is no harm if you reach an understanding among yourselves about the dowry, God is All-knowing and All-wise. ඔබේ වහල් තරුණියන් හැර විවාහක ස්ත්‍රීන් විවාහ කර ගැනීම ඔබට තහනම් කර ඇත​. මෙයයි අල්ලාහ්ගේ නියමය. ​මෙවුන් ඇරත්, ඔවුන්ගේ දෑවැදි ලබා දෙනවා නම් අනෙකුත් ස්ත්‍රීන් විවාහ කර ගැනීම ඔබට නීත්‍යානුකූලයි.  පතිවත ආරක්‍ෂා කරගෙන අවිනීත නොවී, නියමිත කාලයක් සඳහා ඔබ ඔවුන් විවාහ කර ගන්නවානම්, ඔබ ඔවුන්ගේ දෑවැදි ලබා දිය යුතුයි. දෑවැද්ද සඳහා ඔබ අතර අවබෝධයක් ඇතිවෙනවා නම් එය හානියක් නොවෙයි. දෙවියා සියල්ල දන්නාද​ සියලු ප්‍රඥාවන්තයාද වෙයි.


Mohsin Khan: Also (forbidden are) women already married, except those (captives and slaves) whom your right hands possess. Thus has Allah ordained for you. All others are lawful, provided you seek (them in marriage) with Mahr (bridal money given by the husband to his wife at the time of marriage) from your property, desiring chastity, not committing illegal sexual intercourse, so with those of whom you have enjoyed sexual , give them their Mahr as prescribed; but if after a Mahr is prescribed, you agree mutually (to give more), there is no sin on you. Surely, Allah is Ever All ­Knowing, All Wise. තවද (තහනම් වන්නේ) අර ඔවුන් ​ඔබේ දකුණත් හිමි (සිරගත හා වහල්) හැර පෙර විවාහක ස්ත්‍රීන්. එසේ අල්ලාහ් ඔබ උදෙසා නියම කර ඇත​ඔබේ දේපලවලින් මහ්ර් ( විවාහය සිදුවෙන අවස්තාවේ මනාලයා විසින් මනාලියට දෙනු ලබන මංගල මුදල ) සමඟ ඔබ අපේක්‍ෂා කලහොත් අනෙක් සියල්ල​ ඔබට​නීත්‍යානුකූලයි, ඉච්චාකරන බඹසර, නීතිවිරෝධි ලිංගික සංසර්ග නොකර​, අර ඔවුන් වෙතින් ඔබ ලිංගිකව තෘප්තිමත්වී ඇති බව කරුණට ගෙන, ඔවුන්ගේ මහ්රය නියමිත කල පරිදි දෙන්න;​ නමුත්, මහ්රයක් නියමිත කලායින් පසු ( තවත් දෙන්න ) ඔබ කැමැති නම්, ඔබ කෙරෙහි පවක් නැත​. නියත වශයෙන්ම​. අල්ලාහ් නිරතුරුවම සියල්ල දැන සිටින්නාද​​, ප්‍රඥාවන්තයාද වෙයි


Arberry: and wedded women, save what your right hands own. So God prescribes for you. Lawful for you, beyond all that, is that you may seek, using your wealth, in wedlock and not in licence. Such wives as you enjoy thereby, give them their wages proportionate; it is no fault in you in your agreeing together, after the due proportionate. God is All-knowing, All-wise. තවද විවාහක ස්ත්‍රීන්, ඔබේ දකුණත් හිමි ඔවුන් ඉතිරිවඔබ උදෙසා දෙවියා එසේ නියම කරයි. ඔබ උදෙසා නීත්‍යානුකූල වන්නේ අර සියල්ලෙන් ඔබ්බට, ඔබේ වස්තු උපයෝගී කරමින්, අර ඔබ අපේක්‍ෂා කරණු ඇති, විවාහ බන්ධනයකින් හා හිතුමතයේ නො හැසිර, එයින් ඔබ බුක්ති විඳින එබඳු බිරිඳෑවරුන් නිසා, ඔවුන්ට ඔවුන්ගේ සමානුපාතික වැටුප් ලබා දෙන්න. සමානුපාතික නියම ලබා දීමෙන් පසු, ඔබගේ එක්වී​එකඟවන​ එයින්​ ඔබට වරදක් නැතඅල්ලාහ්  සියල්ල දැන සිටින්නාද​, ප්‍රඥාවන්තයාද වෙයි.

කෙටි හැඳින් වීම​:

  පද 167 කින් සමන්විත සූරා අන්-නිසා (ස්ත්‍රීය​) කුර්- ආනයේ දෙවෙනි දිගතම සූරාව වේ. ''මදිනීයිය'' (මදීනාවේ ප්‍රකාශ වූ) මෙම සූරාව ප්‍රකාෂ වී 
තිබෙන්නේ 100 වැන්නට ආසන්නව නමුත්, මෙය අල් කුර්-ආනයේ තැන ලබන්නේ 4 වැනි සූරාව​ ලෙසිනි. මෙම සූරාව ප්‍රකාෂ වන්න වූ පරිසරය වන්නේ මුස්ලීම් වරුන් මුහුන දුන් දෙවන යුද්ධය වන 'උහද්' යුධ පරාජයෙන් පසු එලඹූ කාලයි. පුරුෂයන් බොහෝමයක් මරණයට පත් වී ඇති තත්වයක​වැන්දඹු වී ඇති ස්ත්‍රීන්ගේ ඉදිරි අනාගත​ය කාරනා කොට​ගෙනඅනාතයන් අරඹයා ව්‍යවස්ථා සම්පාදනයක් වශයෙනි https://en.wikipedia.org/wiki/An-Nisa

මා ඉදිරිපත් කර තිබෙන්නේ ඔබ ලබා දුන් සබැඳියාව තුලින් මතු කර ගත් පදය තුලින්ම 
බව මා මෙහිදි මෙනෙහි කරන අතර​ 'සතුරු පක්‍ෂයේ ස්ත්‍රීන් දුෂණය කිරීමට අල්ලා අවසර දී ඇත්තෙහිද​, අදාළ ස්ත්‍රීන් සමග ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් සිට ඇති බවක්ද' ඔබ උද්ධරණය කරගෙන ඇත්තේ කොයි අන්දමින්ද  බව නොතේරෙයි. 

පෙරදී මෙන්, මෙහිද ඉතිහාසය නොබලා ඉදිරිපත් කල පදය පමනක් සමාලෝචනයට ගත්තා නම් සමහරවිට එහි බරපතල බවක් දැනෙන්නට ඉඩ තිබෙන නමුත් පද 167 ම නොවුනත් අවම වශයෙන් මෙයට පෙර හා පසු පදයන් දෙක හෝ තේරුම් ගන්න උත්සාහ කලා නම් සත්‍යය වැටහේවි.

සහෝ Lankika Situwili, මාතලංගේ බ්ලොගයේ ඔබ ඉදිරිපත් කල ඉතිරි ප්‍රශ්න සියල්ලට මා පැහැදිලි කිරීමක් කරන තුරු මා වෙත අතුරු ප්‍රශ්න යොමු නොකරන ලෙස ඉල්ලා සිටින අතර එසේ ඔබ නගන ප්‍රශ්නයක් ඇත්නම් එය​ වලංගු නොවන බවත් කියා සිටිමි. තවද​, අනෙක් අයට පිළිතුරු දෙන්න මා හැකි අයුරින් උත්සාහ කරන බවත් සලකන්න​. 

ස්තූතියි. 



28 comments:

  1. යකඩෝ මේක බලලා අපි උන්මන්තක උනා

    ReplyDelete
    Replies
    1. හොඳ සිහියෙන් කියන කෙනෙක් මට 'උම්මත්තක' කියල කිව්වා

      Delete
  2. ඔබ ප්‍රශ්නයට උත්තර නොදී වැල් වටාරමක්නෙ කියන්නෙ. මොහමඩ් තුමාගෙ සෙබලුන්ට ප්‍රශ්නයක් වුනා යුධ සිරකාරියන් දූෂනය වරදක්ද කියන එක. අල්ලා දෙවියන් ඊට පිළිතුරු දෙනව එය වරදක් නොවන බව .ඕකනෙ ඔය සුරාවෙ කිය්න්නෙ.

    ඔබ ඊට පිළිතුරු ලෙස කුරානයේ කාන්තාවන් ( නිදහස් මුස්ලිම් ආගම් වැළදගත් ) වෙනුවෙන් ඇති පාඨ ගනනාවක් උපුටනව.ඒව හරි. නමුත් අර පාඨය අර විදියමයි නේද? ඒ කියන්නෙ යුධ සිරකාරියන් දූෂනය ගැන තියන එක.

    ReplyDelete
    Replies
    1. වැල් වටාරම් යෑමක් මෙතන සිද්දවෙලා නැහැ මිත්‍රයා,ඔබ වරදවා වටහා ගෙන ඇති එකයි සිද්දවෙලා තියෙන්නේ.මේ ලිපිය ලියන්න මූලික වුනු එක්කෙනා හිටිය තැනයි දැන් ඔබත් ඉන්නේ.

      //මොහමඩ් තුමාගෙ සෙබලුන්ට ප්‍රශ්නයක් වුනා යුධ සිරකාරියන් දූෂනය වරදක්ද කියන එක. අල්ලා දෙවියන් ඊට පිළිතුරු දෙනව එය වරදක් නොවන බව//

      මෙන්න මේ ටික ඔය කුර්-ආන් පදයෙන් ඔබ උද්ධරණය කර ගත්තෙ කොහින්ද? මට පෙන්නල දෙන්න​.

      //වෙනුවෙන් ඇති පාඨ ගනනාවක් උපුටනව//

      මෙතන පාට ගනනාවක් නෑ, එකම පාටයයි ඒ එකම පාටයට පරිවර්තකයන් කිහිපදෙනෙක් ලබා දී ඇති ඉංග්‍රීසි පරිවර්තනයන්. ඒකත් මුල් ප්‍රශ්නකරුවා ලබා දුන් ලින්ක් එකෙන් ගිය එකක්​, මම ගෙනාපු එකක් නෙවෙයි. ඔබ නැවැත සැරයක් ඕක විපරමින් බලන්න​, එතකොට තේරෙයි.

      //නමුත් අර පාඨය අර විදියමයි නේද?//

      කොයි පාටය ගැනද ඔබ කියන්නේ? ඒ පාටය මට අරගෙන පෙන්නන්න​. උපකල්පනය කරගන්නා දේවල් වලට මගෙන් උත්තර නැහැ මිත්‍රයා.

      Delete
    2. මා සුළු මොහොතකට පෙර මෙම පාඨය ගැන කෙනෙකුගෙන් විමසා සිටියා. ඔහු දුරකථනයෙන් ඒ පාඨය මට කිව්ව. ඔහු කී ලෙස එය විරුද්ධවාදීන් කියන ලෙස බරපතල දෙයක් නොවෙයි. එහි වහල් කතාවක් නෑ. දකුනු අත ගැන කියපු එකෙන් වෙන්න ඇති වහල් කතාව ආවෙ.
      උන්මන්ත මිත්‍රයා මේවා පැහැදිලි කරන එක හොදයි.
      අර හිරු රෑට මඩවලක බහිනවා කියා කුරානයෙ තිබෙනවා කියන එකත් මේ වගෙ එකක්(විරුද්ධවාදීන් විසින් විකෘති කිරීමක් ) වෙන්න ඇති.

      මෙය අපටත් හොද පාඩමක්. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි.

      මට හිතෙනව කුරානයක් සොයාගෙන කියවන්න.

      Delete
    3. ඔබ මේක​ තේරුම් කර ගැනීම ගැන සතුටුයි

      Delete
    4. Madyastha kapankoo oya lanuwath...
      Sinhalunta Aluthen purudu wenna dekuth nahane, kohomath mun apita naas lanuwa daalane thiyenne...
      Ekama gataluwa thawama Sinhala ganu tika munge dakunu athata ayath noweema pamanayi...
      Allah ta Hukaa paan...
      Ugath blog karuwo ambaru allahta erehi mage mathaya gena kamaa karathwa...
      Me kunu potha idiriye mata honda minisek weemata nohaki weemata kamanna...

      Delete
    5. මධ්‍යස්ථ මතධාරියා,

      මට පෙනෙන්නේ ඔබ හොරාගේ අම්මගෙන් පේන අසා ඇති බවයි.
      සරල ඉංග්‍රීසියෙන් http://sunnah.com/abudawud/12/110

      මේගැන පැහැදිලි කරලා තියෙනවා

      Delete
    6. ඒ තරම් සැරට කියන්න තරම් මේ පැත්තේ අවුලක් නැතත්, ලොකුස් මාත් උඹ එක්ක. මොකද උඹට අද දැනෙන දේ මට නුදුරු අනාගතේදි නොවරදවාම දැනෙනවා.

      Delete
  3. ඔය කියන්නේ අනුන්ගේ හෝ ගැනියෙන් ගනින් නැත්නම් දකුනු අත පාවිච්චි කරපන් කියලා නේ?

    ReplyDelete
    Replies
    1. එහෙනං වම් අතට මක් වෙලාද​?

      සිලිකන්....සිලිකන්...පාවිච්චි කරහං....

      Delete
    2. //සිලිකන්....සිලිකන්...පාවිච්චි කරහං....//

      අල්ලාහ්.. අල්ලාහ්... සිලිකන් අල්ල...

      Delete
  4. හම්මේ බං... පිස්සු වගේ...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් දැං මොකද කරන්නේ?

      Delete
  5. මට හිතෙන්නෙ අපිම කුරානයක් හොයාගෙන කියවන එක හොඳයි කියල. නමුත් අපට කුරාන් පාඨ තේරුම් ගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. අනික් එක හොඳ කුරානයක් කොහෙන්ද හොයා ගන්නෙ.

    ReplyDelete
    Replies
    1. සිංහල පිතපතක් ගන්න පුළුවන් තැනක් ගැන හෝඩුවාවක් හොයාගෙන කියන්නම්.

      Delete
  6. මුල්ම සබැදිය මා ඔබට ලබාදුන්නේ https://www.youtube.com/watch?v=LXBgqa-xQwY
    ඇත්තෙන්ම මේ වචන පටලවා ඇති ආකාරයට කියවන කෙනා උමතු වීමයි වෙන්නේ.
    මොහු සරල ඉංග්‍රීසියෙන් මෙය විස්තර කරනවා.

    මෙච්චර දිර්ගව යන්න පෙර අපි ඇසිය යුත්තේ මේ කාන්තාවන් දුෂණය උනාද නැද්ද යන්නයි (මේ වැල්වටාරම් ඇත්තටම අනවශ්‍යයි )
    මෙන්න ඔහු විස්තර වශයෙන් මෙය ගෙනන ආකාරය

    https://www.youtube.com/watch?v=2EhNCAP3cz0

    මේ අනුව මොහොමඩ් තුමාගෙන් උපදෙස් පැතු ගෝල සමුයයට ප්‍රශ්නය උනේ " අත්අඩංගුවට ගත් සතුරු පක්ෂයේ පුරුෂයන් ජීවත්ව සිටියදී ස්ත්‍රීන් දුෂණය කිරීමට අල්ලා අවසර දී ඇද්ද යන්නයි " මිට මොහොමඩ් තුමා ඔවුන්ට උපදෙස් දෙනවා මේ කාන්තාවන් සමග ලිංගිකව එකතුවීමට කාලයක් ලබාදෙන ලෙස, මන්ද දැනටමත් දරුවකු බලාපොරොත්තු වෙන් සිටින කාන්තාවක් සමග සංවාසය නොසුදුසු බවයි ඔහුගේ අදහස. ඉන්පසු අදාළ අදාළ කාන්තාව දුෂණය කර තෑගී ලබාදෙනවා අපුරුයි !!

    මෙහිදී සැමවිටම මේ කැත වැඩ වසාගනිමට ඉස්ලාම් භක්තිකයන් (මා දැක්ක ඔබත් මෙය කරනවා ) කියන දෙයක් තමයි "එම අවස්ථාවට" අනුව මෙය හොද දෙයක් බව.
    මෙහිදී අල්ලගෙ අදහස මේ කාන්තාවන්ට තෑගි දී දුෂණය කිරීම නෙමෙයිද ? ඒ කියන්නේ මෙසේ දුෂණය කර තමාලග තබාගෙන සිටින විට කලකදී එම කාන්තාව මේ මිනිසා සමග එගගව සිටිනවානම් කිසිම ප්‍රශ්නයක් නෑ.

    අද ලෝකය දිහා බලන්න කොහොමද අර බොකු හරාම් මිනිසුන් අර දැරියන් පැහැරගැන ගියේ කුමන ධර්මයකට අනුවද ?

    මිට වඩා දිර්ගව මේගැන බලන්න උවමනා නෑ වචන වලට හසු නොවී වෙච්ච දේ තේරුම් ගන්න එච්චරයි !!

    ස්තුතියි!!

    ReplyDelete
    Replies
    1. මෙන්න ඔබට උවමනා කෑල්ල http://sunnah.com/abudawud/12/110

      Delete
  7. මෙතන මොකක්ද දකුනත්හිමි කතාව. එයින් අදහස් වන්නේ වහල්ලු කියන එක නේද? යුද්ධයකින් පසු යටත් කරගන්නා සියල්ලන්ම වහලුන් නේද? ඒ කියන්නේ හැමෝම දූෂණය කරන්න අවසරයි කියන එකද? ඔය ලිපිය සරලව තේරෙන විදිට‍ෙ ලිව්වානම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. //මෙතන මොකක්ද දකුනත්හිමි කතාව. එයින් අදහස් වන්නේ වහල්ලු කියන එක නේද?//

      ඔව් වහල්ලු ගැනයි කියවෙන්නේ,

      //යුද්ධයකින් පසු යටත් කරගන්නා සියල්ලන්ම වහලුන් නේද?//

      තිබෙන තතුවලට අනූව ඒ කාලයේ එවැනි සිරිතක් තියෙන්න ඇතැයි කියලයි විශ්වාස කරන්න වෙන්නේ.

      //ඒ කියන්නේ හැමෝම දූෂණය කරන්න අවසරයි කියන එකද?//

      ලිපියේ ඇති කුර්-ආන් පදයෙන් එහෙම කියවෙන්නේ නෑ, නමුත් මුල් ප්‍රශ්නකරු මේ ලිපියේ ලබා දී ඇති සබැඳියාවෙන් ලැබෙන පිටුවේ ඒ බවක් කියවෙනවා. එය කුර්-ආන් පාඨයක් නොවෙයි වක්තෲන්ගේ ජීවිතය අලලා ලියවුනු පොතකින් එන වාක්‍යයක් ලෙසයි සඳහන් වෙන්නේ. ඒ ගැන සොයා බලන්න වටිනවා

      Delete
    2. jagath pathirana,

      ඔබට අපේ මිත්‍ර උන්මන්තක තුමා කියන දේ හරියටම දැනගත හැකි වන්නේ මෙරටේ ජනගහනය බහුතරය මුස්ලිම් වූ විටයි.
      එතකොට අපේ මිත්‍රයා අපහසුවෙන් පරිවර්තනය කරනලද කාරනාවල නියම අර්ථය වැටහෙයි.

      jagath pathirana මහතාට පමණක් නෙමෙයි මෙරටේ සිටින මුස්ලිම් නොවන අනෙක් ජාතින්ටත් මෙය වැටහෙයි.

      නවීන ලෝකයේ මෙය තේරුම් ගැනීමට https://www.youtube.com/watch?v=EYAcLudBbhg

      අවාසනාව කියන්නේ ලිදේ ඉන්න ගෙම්බෝ වගේ ශ්‍රී ලංකික සිංහල මිනිසුන් රුපවාහිනිය ඉස්සරහට වී කෙල්ලයි, කොල්ලයි, පොන්නයි, මන්ද බුද්ධිකයයි බලබල සිටිනවා.

      හිටපු ගමන් මෙම ප්‍රශ්න ඇති උනහම පිස්සු හැදිච්ච හරක් වගේ අර බොදුබල හාමුදුරුවොත් එක්ක පිස්සු කෙලිනවා, ආයිත් අමතකයි.

      ඒ අතර අපේ උන්මන්තක මහත්මය වැනි අය මේ පිළිබද දැනුවත් කරනවා ඒවා කියවන අපිටත් පිස්සු ඩබල් වෙනවා. නමුත් සිද්ධිය හරි සරලයි.

      මේ පිළිබද දුටු හොදම උදාහරණය තියෙන්නේ සිංගප්පුරුවේ, එහෙ ආගම පුද්ගලිකයි නිතිය සැමට සමානයි. වරදක් කලොත් මොකා වුනත් දඩුවම් විදි, එවැනි රටවල සියලු දෙනා සමගියෙන් සිටි (ආණ්ඩුවට බනින උද්ගෝෂණ කරන වැනි දේ නම් බෑ තමයි ) නමුත් අපි වැනි අයට සුදුසු එවැනි පාලනයකුයි.


      Delete
    3. අවසාන ලෙස ඔබට කුරානයේ තේරුම් දැනගන්න ඕනේ නම් ඔබ ඔබේ මුස්ලිම් මිතුරකුගෙන් එය ඇසීමෙන් වැලකි මුස්ලිම් ආගමික නායකයන් කියන්නේ කුමක්දැයි ඔවුන්ගේ වචනයෙන්ම දැනගන්න https://www.youtube.com/watch?v=L-4jC5iAl8E

      දැන්වත් මේ අන්තර්ජාලය කියන දේ හෙළුවෙන් ඉන්න පිරිස බැලීමට යොදවනවා වගේ ලෝකේ වෙන දේවල් සොයන්න පුරුදු වෙන්න.

      Delete
  8. Joe Wong ·

    CEO of GIFTS (Global Investment For Theocratic Souls) at My Father's Business

    I don't wish to offend our peace-loving, law-abiding, and life-progressing fellow Muslim Singaporeans here. But I would like to share that the Terrorism in Paris today is the result of mass immigration of Arab Muslims plus the excessive human rights given to them without recognising their religious/political agenda in their belief as one ex-Muslim contributed his personal view on this horrible terror:-
    "153 People killed in Paris France by the Jihadist:
    These type of terrorism can only stop when the West acknowledge the fact that Islam is the greatest threat to Humanity and World Peace and stop being politically correct about Islam. Even though not all Muslims are terrorist but any Muslim who take teaching of Muhammad seriously would have no choice but 'KILL THE INFIDELS WHEREVER THEY FIND THEM' Quran (2:191-193).
    Islam and Secularism is diametrically opposite...They cannot coexist.. Islam does not acknowledge presence of other religion or culture.... Islam has problem with woman's right and Non-Muslims rights.
    Europe has not learn their lesson from Muslims, It's the same Europeans often defend the Muslims and claim that it has nothing to do with Islam and its the same European would welcome them as migrants and claim that they're fleeing persecution and deserve protection in the West, but the truth is that Muslims are not in Europe to live and assimilate into Western society, Muslims are in Europe to kill as many as they can to takeover Europe.
    When Israel defend themselves against Arabs terrorists, Israeli get condemnation from European Governments without acknowledging the fact that Israel has been in forefront fighting a war the Europeans themselves would find it difficult to fight. Israel is the only Country in heart of Savege Middle Eastern region defending Western Civilization and Democracy but instead of the Europeans to support and defend Israel, they condemn Israel and support the Arabs Barbarism, but when you condemn Israel and support the Arabs, you will surely taste what Israel has been fight against for decades because you thought that the enemies are the victims.
    ISIS had promised to flood Western Countries with 500,000 Jihadist disguised as refugees, but Western Countries ignore the threats despite Jordanian and Libyan Army Generals warned that there could be thousands of ISIS sympathizers among the so called Refugees.
    Of the multiple current world conflicts in the Muslim World, The West are yet to understand that Islam is the greatest threat to world peace not their Nations, It's the Islamic ideology the Muslims embrace inspires them to destabilize their own region.
    Quran (8:12) - 'Cast TERROR into the hearts of those who disbelieve. Therefore strike off their heads and strike off every fingertip of them'
    Quran (3:151) - 'Soon shall We cast TERROR into the hearts of the Unbelievers, for that they joined companions with Allah, for which He had sent no authority.'
    Quran (4:74) - 'Let those FIGHT in the way of Allah who sell the life of this world for the other. Whoso FIGHTETH in the way of Allah, be he slain or be he victorious, on him We shall bestow a vast reward.'
    Quran (9:14) - 'FIGHT against them so that Allah will punish them by your hands and disgrace them and give you victory over them and heal the breasts of a believing people.'
    Quran (48:29) - 'Muhammad is the messenger of Allah. And those with him are hard (ruthless) against the disbelievers and merciful among themselves.'
    Say NO to Political correctness and identify the threats and defeat Jihad. If you ignore this message you might end up as one of their next victims. I am an Ex-Muslim and I know what Islam teach and act like this is 100% justified in Islam according to Quran and Sunna. The above verses from the Quran are just few of it." - Karim Bin Abdullah

    ReplyDelete
  9. මේකෙ හැටියට, මම යුද්දෙන් දින්නට පස්සේ උබගෙ අම්ම සිරකාරියක උනොත් මට දූෂණය කරන්න පුලුවන් අල්ලා කියන විදියට. ඒක කමක් නැද්ද? උබේ අම්මට වඩා උබ අල්ලා කියන දේ පිලිගන්නවනේ.

    ගෑනුන්ට බලෙන් කොරන්න එන්නේ බල්ලෝ. ඕව කරන්න නීති හදන එක නම්.. එක්කෝ ඕන නෑ.

    උන්මත්තක නොවේ, මොන්ගල් කියන්නේ ඕකට බං. 😁

    ReplyDelete