Sunday, December 13, 2015

සූරත්-උල් තව්බා (පශ්චාත්තාපය) චේදය​: 9 පදය​: 5

lankika situwili 

http://corpus.quran.com/translation.jsp?chapter=9&verse=5

 මෙය ඔබ ලබා දුන් කුර්-ආන් පාඪයයි එය ඔබ  //මරාදමන්න ඔවුන් තම ඇදහිල්ලෙන් ඉවත් නොවෙනවානම්, සමාව දෙන්න ඔවුන් ඉස්ලාම් ආගම අදහන්ට පටන්ගත්තොත් //තේරුම් ගෙන ඇති ආකාරයයි, මෙහි දී ඔබ තේරුම් ගෙන සැටිය ගැන මට තර්කයක් නෑ, එය ඒ සැටිමයි. 

*පරිවර්තන සියල්ල සිංහලයට ගැනීම මහන්සිකාරක නිසාත්, අන්තර්ගතය තේරුම් ගැනීමට එක පරිවර්තනයක් වුවද සෑහෙන නිසාත් ලැබුනු පලමු පරිවර්තනය තුලින් සුලු විවරනයක් දෙන්න අපේක්‍ෂා කලා.

9:5 කුර්-ආන් පදය.

Sahih International: And when the sacred months have passed, then kill the polytheists wherever you find them and capture them and besiege them and sit in wait for them at every place of ambush. But if they should repent, establish prayer, and give zakah, let them [go] on their way. Indeed, Allah is Forgiving and Merciful. තවද ශුද්ධවූ මාසයන් ගෙවී අවසන් වී ඇති කල​, එසේනම් බහුදේවවාදියා මරණයට පත් කරන්න කොහේ හරි ඔබ ඔවුන් සොයාගෙන අත් අඩංගුවට ගෙන රැස් කරගන්න සියලු රැක සිටින ස්තාන වල ඔවුන් වෙනුවෙන් රැඳී ඉන්න​. නමුත් අනිර්වාර්‍යයෙන් ඔවුන් පසුතැවිලි වෙනවා නම්, යාච්ඥාව සතාපිත කරගෙන zසකාහ් (තම ධනයෙන් (ධනපතීන් පමනක්) දුගීන්,අසරනයින්ගේ (අනිර්වාර්‍ය වූ) කොටස) දෙනවා නම්, ඔවුන්ව ඔවුන්ගේ මග (යන්න) අරින්න​. සැබැවින්ම​, අල්ලාහ් දයාන්විතද  අනුකම්පාසහගතද වේ.

පහත දැක්වෙන්නේ අදාල කුර්-ආන් පදයට පසුවෙන් එන 9:6 කුර්-ආන් පදයයි,

http://corpus.quran.com/translation.jsp?chapter=9&verse=6

Sahih International: And if any one of the polytheists seeks your protection, then grant him protection so that he may hear the words of Allah. Then deliver him to his place of safety. That is because they are a people who do not know. තවද බහුදේවවාදීන්ගෙන් කවුරුන් හෝ ඔබගෙන් අරක්‍ෂාව පැතුවෝතින්, එසේනම් ඔහුට අරක්‍ෂාව සපයන්න එයින් අල්ලාහ්ගේ පණිවුඩයන් ඔහුගේ කන වැටෙනවා ඇති. පසුව ඔහුව ඔහුගේ ආරක්‍ෂක ස්තානයක් වෙත ඇරලවන්න​. ඒ ඔවුන් නොදන්නා පිරිසක් වූ නිසයි.

පසුබිම​:

  පද 129 කින් සමන්විත මෙම චේදය මදීනාවේ ප්‍රකාශිත අවසන් කුර්-ආන් චේදයන්ගෙන් එකක් වන අතර මෙය ප්‍රකාශ වුනේ විරාම ලබමින් අවස්තා තුනක් තුල​ තබූක් යුද සමයේ දීයි​. මෙය සම්පූර්ණව​ පහල වී අවසන් වන්නට සැලැකිය යුතු කාලයක් ගත වූ අතර එය විශේශයෙන් ප්‍රකාශ වුනේ පවතින වාතාවරණය සැලකිල්ලට ගෙනයි. මෙම කුර්-ආන් චේදය තුලින් අල්ලාහ් බොහෝ ලෙස වචන භාවිතා කරන්නේ (පෙර දවසක හුදයිබියා නම් ස්තානයේ ඇතිකරගත්) ගිවිසුම කඩකල බහුදේවවාදීන් වෙත හා විශේශයෙන් ශාශ්තෲන් සමඟ ඉඳිමින් කූට උපායයන් යොදන්නට වූ කෛරාටිකයන් පිරිසක් එල්ල කරමිනුයි. අල්ලාහ් මෙම චේදය තුලින් කෝපාවිශ්ඪව​ අනතුරු ඇඟවීම් කරන බව නම් සත්‍යයක්. වරකට සමාදාන වීද නැවැතත් උදහස් වීද අල්ලාහ් ප්‍රකාශ නිකුත් කර ඇති බව චේදය පුරාවට පෙනෙන්නට තිබෙයි. මෙයින් තමාව පිළිනොගත්තන් වෙත අල්ලාහ් පුන පුනා අනතුරු අඟවන්නේ මිහිපිට වන දඬුවම් ගැනම නොවෙයි, මරණයෙන් පසු නැවත ජීවය දීමෙන් පසු දෙන්නට අපේක්‍ෂා කරන දඬුවම් ගැනයි.

පහත ඇත්තේ ඔබ ලබා දුන් 2:106 සූරත්-උල් බකරා (ගවයා) කුර්-ආන් පාඪයයි එය ඔබ තේරුම් ගෙන ඇති ආකාරයයි,

//http://corpus.quran.com/translation.jsp?chapter=2&verse=106 
මෙය තමයි ඔබ තේරුම් ගතයුත්තේ

//"කුරානයේ මුලින් සදහන් වෙන කිසිවක ට පරස්පර දෙයක් පසුව සදහන් වෙනවානම්, අල්ලා වඩා හොදදෙය ලෙස සදහන් කරන්නේ පසුව සදහන් කල දෙය වන අතර මුලින් සදහන් කල දෙය තවදුරටත් වලංගු නොවේ."

මෙහිදී දැනගතයුත්තේ කුරානයේ මුලින් සදහන් සාමය ගැන සියල්ල පසුව සදහන් යුද්දය වැනි කරුණු වලින් නිශ්ප්‍රභ වන බවයි.//

  එය එසේ ඔබ කියන පරිදිම වේ නම්, ආදාල කුර්-ආනික චේදයේ පසුව ප්‍රකාශ වුනු 9:6 පදය හේතුවෙන් පෙර ප්‍රකාශිත 9:5 පදය අවලංගු වී ඔබට වදයක් වුනු ඒ මතභේදකාරී ප්‍රකාශය අහෝසි වෙලා යන්න තිබුනා. නමුත් ඔබ නොදන්නවා වුනාට එය එසේ නොවන වග මා දන්නවා. ඒ පදය ඒ ලෙස නිෂ්ප්‍රභා වෙන්නේ නෑ, එය සක්‍රීයයි. හුරුපුරුදු නිසාද සාමාන්‍ය ව්‍යවහාරය නිසාද මුස්ලිම් වරයෙක් එය නිසි පරිදි තේරුම් ගනීයි. අනික 9: 6 පදයේ දී වුවත් යමක් නිසා යමක් අවලංගු වන බවක් කියවෙලා නැහැ. නැවත වරක් ඒ දෙස විපරමින් බලන්න​, 

ඔබ ලබා දුන් සබැඳියාව තුලින් ලැබුනු, මා සිංහලයට පරිවර්තනය කල ඉංග්‍රීසි පරිවර්තිත 2:106 පදය​,

Sahih International: We do not abrogate a verse or cause it to be forgotten except that We bring forth [one] better than it or similar to it. Do you not know that Allah is over all things competent? ඉදිරි (එක​) වඩා හොඳව හෝ ඊට සමානව ගෙනෙනවා විනා අප පදයක් අවලංගු කරනවා හෝ මතකයෙන් ඉවත් කිරීමට සලස්වනවා නෙවෙයි​. සියලු කාරණාවලට ඉහලින් අල්ලාහ් පරිමිත බව ඔබ දන්නේ නැද්ද​? 

 මෙන්න මෙහි දී තමා 'ඔබේ වචනය තුල​' ඔබ ඇසූ Phd කතාව ආදාල කර ගන්න වෙන්නේ. කුර්-ආනයේ අර්ත තේරුම් ගන්න​ Phd එකක් නැතිවුනත් සාමාන්‍යයෙන් එය හසුරුවන්න පුලුවන් දැනීමක් වත් තිබෙන්න ඕනේ. 

  මෙමගින් ඔබ සහයට ගත් වීඩියෝව තුලින් David Wood විසින් විකුර්ති චිත්‍ර මවන්න උත්සාහ කල, අභූත චෝදනා එල්ල කරන්න උත්සාහ කල​, ඔබ ඉදිරිපත් කල​ ඒ කු-ආන් පාඪ කිහිපය, 2:106 පදයද ඇතුලුව සියලුම කුර්-ආනික පාඪ ඔබ අර්තකථනය කරන්න උත්සාහ කලා වැරදියි කියන එක මා ඔප්පු කලා. 9:5 පාඪය ඔබ තේරුම් ගත්තා හරි වුනත් පසුව පැමිනි පදය එහි දරදඬු බව ලිහිල් කල​ බැවින්, ඔබ අපේක්‍ෂා කල එල්ලය එතන ලැබුනේ නෑ. ඉතිරි කල David Wood ගේ ඉතිරි සොයා ගැනීම් ටික ගැන​ ඔබ තැකීම් කලෙත් නැති නිසා මම ලියන්න ගියෙත් නැහැ.

තැනින් තැන කොටස් ඇහිඳං ඇවිත් කුර්-ආනයේ වැරදි කියන්න බෑ, එකතුවක් වශයෙන් ඒකෙන් දෙන පනිවුඩයයි බලන්න ඕනේ. කුර්-ආනයට විතරක් නෙවෙයි මෙය ඕනෑම කරුණකට පොදුයි. 

''ප්‍රශ්නයක් අහන්නවත් අවස්තාවක් ඉතිරි නොකර කැමැරාවක් ඉදිරියේ පමනක් ඉඳගෙන, පාලු ගෙයි ඉඳං වලං බිඳල ගිය එකෙන්ම පේනව නේද තමන්ගේ තර්ක ගැන ඩේවිඩ් වූඩ්ට තිබුනු විශ්වාසයේ තරම​,, 

//මගේ වචනයෙන් කිව්වොත් හරි සරලයි, මුස්ලිම් බහුතරය කුරානය දෙව වචනයක් ලෙස අදහනවානම් සහ කුරානයේ ඇත්තටම මේ ත්‍රස්තවාදී ක්‍රියා අනුමත කරනවානම් ඉස්ලාම් ආගමට වැඩි ඉඩක් ලබාදෙනවා කියන්නේ ත්‍රස්තවාදය ප්‍රවර්දනය කිරීමයි, ඔබ කියන්නේ මෙය දැනගැනීමට මට ඉස්ලාම ආගම ගැන PhD එකක් උවමනා කියලද?



මෙහිදී කලයුතු දෙයනම් රටේ ඔත්තු සේවා ඉතා තර කිරීමත් මෙවැනි අහිතකර වැඩසටහන් වලට සම්බන්ද පුද්ගලයන්ට දැඩි දඩුවම් ලබාදීමයි.
මෙය තේරුම් ගැනීමට සිංගප්පුරුව වැනි රටක් ගැන විමසා බලන්න.

අනෙක් අතට මෙවැනි ක්‍රමයක් හටගත් විට අපරටේ සිටින බෝද්ධ අන්තවාදී පිරිස විසින් කරන ත්‍රස්තවාදය පටන්ගත් විට මුළු රටම ගිනිගන්නා නිසා සාමය ඇතිකිරීමට කුමන මිනිසුන් සමුහයක් හෝ යෙදෙනවානම් දැඩි දඩුවම් උවමනා කරයි. //

කුර්-ආනය ත්‍රස්තවාදී ක්‍රියා අනුමත කලේ නෑ, (එය එහෙම එකක් බව පිචර් පෙන්නන්න​ නම් ලොකූ උත්සාහයක් නං ලෝකය පුරාවටම තියෙනවා, ඩේවිඩ් වූඩ්ගෙ උත්සාහයත් ඒකයි. බටහිර මාධ්‍යයන් උපරිම සප් එක දෙනවා) එනිසා මුස්ලිම් බහුතරය දේව වචනය ලෙස අදහනවා නම් වෙන්නේ, මුස්ලිම්වරු වෙතින් ලෝකයට, සමාජයට වෙන හානිය අවම වෙනවා කියන එකයි. මුස්ලිම් වරයෙක් දේව වචන හරි හැටි පිළිපදිනව නම්, ඔහුගේ තිබෙන ලෞකික ඇල්ම අඩු වෙනවා, අශාවන්, කෑදර කම් බලාපොරොත්තු තුරන් වෙනවා, කේන්තිය නැති වෙනවා, නිමුනු සුලු ස්වභාවයක් ඇති වෙනවා, සියල්ල සැල්ලුවට ගන්නවා, හරියට බුදු දහමෙන් කියවෙන 'අත් හැරීම' වගෙයි. අද මුස්ලිම් ලෝකයේ එහෙම මිනිස්සු නැති තරම්, එහෙම හිටියොත් ඉන්නවා ඇත්තේ දවසේ වැඩි හරියක් මස්ජීද්වල ගෙවමිනුයි, අර තපස් රකිනවා වගේ.

 සියලු බැඳීම් අත් ඇරලා තවුසෙක් වගේ වෙනව කියන එක නෙමෙයි මෙයින් කියන්නේ, ඇල්ම අඩු වෙනවයි කියන එකයි කිව්වේ ( බඩගින්නක් ඇති වුනොත් මිසක් කෑදර කමට කන්නේ නැතිවා වගේ) 
 අනික කුර්-ආනය සියලු කාලයට ඔබින පූර්ණ ජිවන මගක් ලෙස පැමිනියා මිස ඒ ප්‍රාතමික අවදි මානසිකත්වයේම තබාගෙන මිනිසා එක තැන ලොප් කරන නිකම්ම නිකං පොතක් ලෙස​ නම් නොවෙයි. අද කාලයේ මුස්ලිම් වරයා එය තේරුම් ගෙන ක්‍රියා කරනවා නම් ඔහුගෙන් කාටවත් අසාධාරනයක් වෙන්නේ නෑ.
මේ අරෙන්න ඔබේ වචනය තුලින් ඔබ ඉදිරිපත් කල ඉතිරි චේදයන් දෙකෙන් ඔබ කියූ කාරනාව මගෙත් කැමැත්ත බව කියා සිටිනවා.

ස්තූතියි

49 comments:

  1. සාතන් ජේසු ලඟට ඇවිත් කිව්වා ජේසුට රජ වරු සැප විඳින හැටි මවලා පෙන්නුවා. ඉන්පසු උඹ මට එකවරක් වැන්දොත් මේ රජසැප සියල්ලම උඹට දෙනවා කියලා. ජේසු කිව්වා සාතන් පලා යව. කියලා
    කාලෙකට පස්සේ සාතන් දුප්පත් අසරන අරාබි කාරයෙක් ලඟට ලොස් ඕකම කිව්වා ඔහු ඔහු එක වතාවක් වෙනුවට පස් වතාවක්ම සාතන්ට වඳින්න පොරොන්දු වුනා.

    ReplyDelete
  2. ගල් ගැහිලි ,අත පය කැපිලි , බෙලි කැපිලි නබිතුමා ම උගන්වපු දේවල්ද නැත්නම් අනාදිමත් කාලයක් තිස්සෙ අරාබිවරු අතර තිබුන දඩුවම් ක්‍රමද.

    ReplyDelete
    Replies
    1. සහතිකවම මෙතන කියන්න තරම් මට මේ පිලිබඳව දැනුමක් නෑ, ඔබ විසින්මයි එය සොයා ගත යුත්තේ. ඔබේ ප්‍රශ්නය දුටුවායින් පසුව මා පිවිසී වෙබ් පිටුවක තොරතුරක් මේ
      http://islam.stackexchange.com/questions/943/where-do-we-get-the-idea-of-beheading-stoning-and-hand-mutilation-in-islam

      Delete
  3. // නමුත් අනිර්වාර්‍යයෙන් ඔවුන් පසුතැවිලි වෙනවා නම්, යාච්ඥාව සතාපිත කරගෙන zසකාහ් (තම ධනයෙන් (ධනපතීන් පමනක්) දුගීන්,අසරනයින්ගේ (අනිර්වාර්‍ය වූ) කොටස) දෙනවා නම්, ඔවුන්ව ඔවුන්ගේ මග (යන්න) අරින්න​. //

    කොපමන සීනි දව්ටා සැදුවද, ඔය වැකියෙන් අදහස් වෙන්නේ කප්පම් දෙන එකාව යන්න අරින්න කියා ය!

    ReplyDelete
  4. තමන් වසන පරිසරයට, තමා අවට සිටින්නන්ට ගැලපෙන/වැටහෙන අයුරින් මේ කිසිම පාඨයක් අනුවර්තනය කරන්නට නොහැකිකම නිසාම මේ ලෝකේ බොහෝ දෙනෙකුට ඔය ආගමත් එහි දැක්වෙන පාඨයනුත් අසාත්මිකයි. ඒ වගේම, එදා කියවුණු සියල්ල ඒ ලෙසම කියවනවා හැරෙන්නට කිසිම නව්‍යකරණයක් නෑ. ඉස්ලාම් ආගම තාමත් තියෙන්නේ එය බිහිවූ සියවස් වලමයි.

    ReplyDelete
    Replies
    1. අපි මොහොතකට සිතමු. දෙවි කෙනෙක් ඇත්තටම මේ ලෝකෙ මැව්වා කියල. ඔහු ගෙ බුද්ධිය අසමසමයි. ඔහු තම පනිවිඩය එවන්න තෝරගන්න ක්‍රමයත් මොනතරම් බුද්ධිමත් එකක් වෙන්න ඕනද.
      මට සිතෙන්නෙ තනි මිනිසුන්ට දර්ශනය වෙලා ආගම කියන එක බුද්ධිමත් ක්‍රමයක් නොවෙයි. ඇයි ඔහුට ප්‍රසිද්ධියෙ පෙනී සිට යම් ලකුනක් දෙන්න බැරි. මිනිසුන්ට බොරු කියන්නත් පුලුවන් නෙ.

      අනික තමයි තමන්ගෙ පනිවිඩය දෙන්න ඕන ශිෂ්ට සම්පන්න ජනකොටසකට. දෙයියො තෝරගන්නෙම ම්ලේච්ඡ ගෝත්‍රනෙ. එක පාරක් යුදෙව්වො ,අනෙක් පාර එඩේර කූඩාරම්වාසී අරාබියො. රෝම පර්සියන් වගෙ අධිරාජ්‍යවල දියුණු සභ්‍ය‍යත්වයක් තිබුන.ඇයි දෙයියො එහෙ නොගියෙ. අරාබිකාරයන්ගෙ ලිඛිත ව්‍යාවහාරයක්වත් තිබුනෙ නෑනෙ.නබිතුමාට අකුරුත් බැරි එකේ ඔය පොත ලියන්න ඇත්තෙ හුගක් පස්සෙන් පහු.

      Delete
    2. මධු මාධවි

      //තමන් වසන පරිසරයට, තමා අවට සිටින්නන්ට ගැලපෙන/වැටහෙන අයුරින් මේ කිසිම පාඨයක් අනුවර්තනය කරන්නට නොහැකිකම නිසාම මේ ලෝකේ බොහෝ දෙනෙකුට ඔය ආගමත් එහි දැක්වෙන පාඨයනුත් අසාත්මිකයි//

      මුස්ලිම් විද්වත්තු මේ ගැන ගැඹුරට සිතන්නට ඕනේ.

      //කිසිම නව්‍යකරණයක් නෑ//

      ඔබ වටිනා දෙයක් එළි පෙහෙලි කලා, අවුරුදු 1400 පසු කරල කුර්-ආනය අක්‍ෂරයකින් හෝ වෙනස් වෙලා නැති බව සත්‍යයක්, කුර්-ආනයේ කර්තෘභාගය හිමි අල්ලාහ් නිසා එය වෙනස් කරන හැකියාවක් මිනිසාට නැහැ.

      //ඉස්ලාම් ආගම තාමත් තියෙන්නේ එය බිහිවූ සියවස් වලමයි//

      මේ ගැන මුස්ලිම් වරු කරුණට ගත යුතුමයි.

      ඔබේ වටිනා අදහස් වලට ස්තූතියි

      Delete
    3. මධ්‍යස්ත මතධාරියා

      දෙවියන් පනිවුඩ යවන්න තෝරගත්තු ක්‍රමයේ ඔබ දකින වරද මොකක්ද​?

      වඩා ප්‍රායෝගික වෙන්න එසේ කලා වෙන්න බැරිද​? සාමාන්‍ය මිනිසා අතර සාමාන්‍ය ලෙස ලැබෙන පරිදි එය සාමාන්‍ය මිනිසෙක් හරහා දෙන්නට සිතුවා වෙන්නට බැරිද​? මා දන්නා පරිදි වැසී ඇති දෙය විශ්වාස කිරීමයි ආගම, එසේ නොවී මිනිසා ඉදිරියේ දෙවියා මැවී සිට ආගමක් ප්‍රධානය කරනවා නම්, සියලු මිනිසා එක එල්ලයේම විශ්වාස කර එක හඬින් පිලි දෙවියා ගනීවි. එසේ නම් එකිනෙකාගේ තත්වයන් ගැන මනින්නේ කෙසේද​, ස්වර්ගයක් නරකාදියක් තිබේ නම් ඒවාට ගැලපෙන පුද්ගලයන් තෝරගන්නේ කෙසේද​? නරකාදිය හිස්වෙන්නේ නැද්ද​?

      ඔබ සාමාන්‍යයෙන් පංති භේද, කුල භේද​ කියන එක ජන කොටස් අතරේ දකිනවා නේද, ඔබ හැඳින්වූ දියුණු සභ්‍ය‍යත්වයක් තිබුණු ඒ ශිෂ්ට සම්පන්න ජනකොටස්වලත් පංති භේද, කුල භේද​ ඉහලටම තිබුනා (උදා: ටයිටැනික් කතාව ගන්න) එවැනි සිනමා වලින් එලිදුටුවේ එවක ජන ජීවිතයේ තිබූ සැබෑ තත්වයයි, එපමනක්ද​, අප ලංකාව ආක්‍රමනය කල යුරෝපානුවන් තුලත් ඕක තිබුනා,

      එහෙනම්, ආගමක් එවැනි ප්‍රභූ කොටසක් අතරේ පිළිගැනුනොත් ලෝකයේ ඉතිරිවෙන අනික් කොටස් වලට, සියල්ලන් වෙතම තම පනිවුඩය සේන්දු විය යුතුයි ලෙස දෙවියා අපේක්‍ෂා කල ඒ කාරණාව ඉටුවෙයිද​? එයින් කිසි කෙනෙකුට හෝ අංශු මාත්‍රයකවත් අසාධාරණයක් නොකරන බව කියාගන්නා දෙවියාගේ වාක්‍යය වැරැදී යනවා නොවෙයිද​?

      Delete
    4. අල්ලාහ් ශාශ්තෲන්ට පරම්පරාවක් ඇති නොකලෙත් තම ආගම කාටත් හිමිකම් කියන්න බැරි සියල්ල්ලෝගේ ආගම විය යුතු නිසයි

      Delete
    5. ශාශ්තෲන්ගේ කාලයේ ඉඳි කොල​, ගස් වල පට්ට​, ගල් පතුරු ආදියෙහි ලියවා තබා ගෙන තිබූ කුර්-ආනය පොතක් වශයෙන් පලමුව සකස් කරනු ලැබුවේ ඉස්ලාමයේ තෙවෙනි කලීෆා උත්Zමාන් ගේ කාලයේ දීයි.

      Delete
  5. උන්මන්තක මිත්‍රයා ඔබ කැමතිනම් අපි ආගමික සංවාදයක් කරමු මගෙ බ්ලොග් එකේ. ස්ථාපිත ආගමක් අදහන්නෙ නැති කෙනෙක් ලෙස මාත් එයට සම්බන්ධ වෙන්නම්.

    ReplyDelete
    Replies
    1. ඉස්ලාම් ආගම පමනක් නියෝජනය කරන කෙනෙක් හැටියට නැතුව පොදුවේ එන්න කැමැතියි. සිතට වදයක් වන කරුණක් දැක්ක තැන වචන අවදි කරන්නම්. ​ඔබ නිකමට සිතල බලන්න​, ඔබේ බ්ලොගයට දිනකට පනහක් විතර එනව කියල, මාතෘකාව ඉස්ලාමයේ මොකක් හරි එකක් කියල හිතමු, මගේ ඉරනම කොහොම වෙයිද​, මගේ ගෑණි මාව ගෙදරින් පන්නගන්නේ නැතිවෙයි කියලද කියන්නේ නොකර ගෙදෙට්ට වෙලා ඉන්නවයි කියල​​.

      Delete
    2. නොකර කියල කිව්ව් 'වැඩක් නොකර' කියන එකයි, ආයේ වෙන එකක් හිතා ගන්නේ නැතුව​

      Delete
  6. ආගිය තොරතුරු කියමින් සිත රැදි
    බ්ලොග් ලොවතුල අප ඊයේ සිටි හැටි
    අර බලපල්ලා කවුදෝ එන සැටි
    අහස බලයි කියවයි පොත අත ඇති


    කවුරුද මේ අමුතුම බ්ලොග්කරුවා
    ජුබ්බාවක් ඔහු ඇදගෙන සිටියා
    අහසට නිතරම අත දිගු කෙරුවා
    දිනකට පස් පාරක් වැද වැටුනා


    මිත්‍රවරුනි මගෙ නම උන්මන්තක
    එක දෙවියෙක් ගැන තිර අදිටන ඇත
    කෑමට තොප සමගින් මේ බ්ලොග් බත
    ආවෙමි සිත සතුටින් මා තොප වෙත

    සුබනාඅල්ලහ් කියමින් ඔහු ආවිට
    බ්ලොග් ලොව තිබු මහ අඩුවක් නැති විය
    සැම මතයම මෙහි රජකළ යුතුමය
    මත ගැටුමින් බිහිවෙයි අප නව ලොව

    ReplyDelete
    Replies
    1. ඉන් පසු අප සැම සතුටින් සිටියෙමු
      හොද්දට රට ඉදි පදමට දැම්මෙමු
      බ්ලොග් ලොව මනරම් සී පද කිව්වෙමු
      කාලිෆ් ලෙස ඔබ ඔටුනු පැළදුවෙමු


      මෙය මට නිකමට සිතුන කවි සංකල්පනාවකි. මීට පෙර කන්දෙ ගමයා නම් බ්ලොග් කරුවා බ්ලොග් අවකාශයට කන්දාගෙන ඒමට පැදිපෙළක් ලියා ඇත.

      Delete
    2. මා ලෙස ඔබ ඇඳී සිතුවම වරදකි
      තරමක වෙනසකි සිත ගැති මිනිසකි
      ජුබ්බා නැත මුත් මට නැත වරදකි
      ජුබ්බාව කමිසකි තව එක් වැස්මකි

      ලබ්දිය බැඳි නැත ජුබ්බාවන් පිළිබඳි
      පාකිස් තානික නිත ඇඳි ඒ දිග කමිසකි
      ඒ මොට මා ඇඳ මට නැත ඔය ගැති
      පටලව ගනු නොව වෙන වෙන කරුණකි

      ඔබ හට මගෙ තුති
      ලියුවට මා සැටි
      තිබුනත් වරදති
      හද පිරී සතුටකි

      Delete
  7. කුරානේ සිංහලෙන් තිබ්බ වෙබ් එකක් මම සෞදි ඉන්න කාලේ කියෙව්වා, ඒකෙ තිබුනා උපවාස කාලයෙන් පසු මුස්ලිම් නොවෙන අය සිටින ගම් බිම් වලට පැන පිරිමින් මරා දමා ගැහැණුන් පැහැර ගැනීමට අවසර දීමක් ගැන. ඔවුන් දකුණු අතට ඒ කියන්නේ යුද්ධයෙන් අයත් කරගත් ගැහැනුන් නිසා ඔවුන්ව ලිංගික වහලියන් කර ගැනීමට අවසර පවා ඒකෙ තිබුනා...
    ජීසා බද්ද නොගෙවන මිනිසුන්ගේ ඇඟිලි අතපය කපා දමා ඔවුන් ත්‍රස්ත කරවන ලෙසත් එහි තිබුනා...
    මෑතකදී බැලුවට ඒ වෙබ් එක හොයා ගන්න බැරි උනා...

    ReplyDelete
    Replies
    1. 100% ක් මුස්ලිම් වෙලා තියන රටවල් ඔය විදියට තමා වෙලා තියෙන්නෙ. කාශ්මීරයවිතරක් මුස්ලිම් වෙලා තියෙන්නෙ එහෙ පාලකය (සිකන්දර් ලෝඩි ) මුස්ලිම් නොවන අය මැරීම හා පලවා හැරීම කළ නිසාලු. වෙනත් ප්‍රදේශවල එය කළ නොහැකි වුනා. ඉන්දියාවට ආ ඊජිප්තු පූජකවරු හින්දූන් විදින දුක් වේදනා දැක ඉන්දියාවෙ සුල්තාන්වරුන්ට ප්‍රශංසා කළ ලිපි මා කියවා තිබෙනවා.

      ඉස්ලාම් ආගම පතුරුවන්න කළ සටන් වලදී ස්ත්‍රී දූෂන ඉතා ප්‍රයෝජනවත් වුනා.මධ්‍යම ආසියානු රටවල වීරයන් ලෙස සළකන්නෙ අරාබි ආක්‍රමනිකයන්ව. ඔවුන්ගෙ සොහොන් ශුද්ධ ස්ථාන ලෙස වන්දනා කරනවා.මේක තාත්ත මරපු එකාට අම්මත් දීම වගෙ වැඩක්. සිකුරාදා දේව මෙහෙයෙන් පසු කඩු රැගෙන ගම් වදින බැතිමතුන් එකල සුපුරුදු දර්ශනයක් වුනා.

      Delete
    2. මගේ පෙර ලිපියේ ඇති කුර්-ආන් පදයමයි, නමුත් ඔබේ සටහනේ ඇති වචන වල ස්වභාවය අනූව ඔබට සම්භ වී ඇත්තේ විකුර්ති කර ලියන ලද ඒ කුර්-ආන් පදයම බව පෙනේ.

      Delete
    3. ඉතිහාසය සම්භන්ද ඔබ කියූ අනෙක් කරුණු ගැන කියන්න මා නොදනිමි නමුත්, යමකට පූජනීය්ත්වයක් දෙමින් වන්දනාමාන කිරීම ඉස්ලාමයේ තහනම් දෙයක්, එසේ කල ඔවුන් මුස්ලිම් නෙවෙයි. මා මේ දේ කියන්නේ වගකීමෙන්.

      Delete
    4. කිසිම විකෘතියක් නැහැ...
      ඒවා විකෘතිනම් සාමකාමී ලෙස ආගම ප්‍රචාරණය මගින් මුස්ලිම් කරණය වූ එක රටක් පෙන්වන්න...
      බහුතරයක් බෞද්ධයින් සිටි රටවල් යටත් කරගෙන මරමින් කපමින් කොටමින් පැමිණි කොණක හමුදා මාලදිවයින දක්වා පැමිණියා, ඉන්දියාවේත් කොටසකට පැමිණියා, නමුත් යම් ස්වභාවික හේතුවක් නිසා උන්ට ලංකාවට එන්න බැරි උනා...
      මට ඒ ස්වභාවික හේතුව මතක නැහැ...


      ///යමකට පූජනීය්ත්වයක් දෙමින් වන්දනාමාන කිරීම ඉස්ලාමයේ තහනම් දෙයක්, එසේ කල ඔවුන් මුස්ලිම් නෙවෙයි. මා මේ දේ කියන්නේ වගකීමෙන්.///
      එතකොට මක්කමේ කළු රෙද්දෙන් වහල තියෙන ගල් පතුරට වන්දනාමාන කරන එක හරිද...
      ඒ ගල් පතුර එතනට ආපු හැටි එහෙම කියවල නැතෙයි, ඔටු පාලකයා මක්කමට ඉහලින් ඇති කඳු වැටියේ ලෝගුධරයින් සිටි ආශ්‍රමයක් වැනි තැනට ගොස් ඔවුන් ඝාතනය කර එහි වූ ශුද්ධ වූ ගල් පතුර පහලට ගෙන ආ හැටි කියවෙන අනෙකුත් කතා අරාබි පොත් වලින් කියවා නැද්ද...
      ඔහු එය ගෙන ආවේ යුද්ධයකට ගොස් ජයග්‍රහණය කර පැමිණි පසු, ඒ යුද්ධයේ ඔහු නායකයෙක් නෙමෙයි, නමුත් යුද්ධය අතරතුරේ නායකයින් මියගිය පසු ඔහු ඉදිරිපත් වී නායකත්වය දී යුද්ධය ජය ගන්නවා...
      එතනින් තමයි ඔහු පොරක් වෙන්නේ, නැතිනම් ඔහු ඔටුවන් බලාකියා ගත් වැසියෙක්...
      පසුව ආශ්‍රමයේ තිබු ශුද්ධ ගල් පතුර ඔහු සන්තක කර ගන්න ඔහු වෙත මිනිසුන් නම්මවා ගැනීමට...
      එම ආශ්‍රමයේ වූ පිළිම නොකඩන ලෙස ඔහුගේ ඉරිසට උපදෙස් දී තිබෙනවා...

      ඔහු මිය යන්නේ කුඩාරම තුළ අයිෂාගේ (13 හැවිරිදි ළමා බිරිය) ශරීරය මතමයි, මියගිය පසු ඔහුගේ පසුකාලින අනුගාමිකයින් එම පිළිම කඩා බිඳ දැමු බව සඳහන් වෙනවා...
      ඒ ඔය එළු හමෙන් ලියපු පොත ලියවෙන වකවානුව වගේ කියල මතයක් තියෙනවා...

      එමෙන්ම ඔබ Ali Sina ගේ ප්‍රසිද්ධ අභියෝගය ගැන අසා නැද්ද...

      http://www.faithfreedom.org/challenge.htm

      ඒ වගේම ලොව පුර පිස්සෙක් මෙන් දෙසමින් යන අර මන්දබුද්ධික ඩොකෙක් ඉන්නවා දන්නවා ඇති නේද, ඌ කියන්නේ මුස්ලිම් ගෑනියෙක් වෙන ආගමක පිරිමියෙක් බැන්දොත් ඒක හරියට සයිස් දෙකක රෝද දාපු වාහනයක් වගේලු, යන්න බැරිලු. නමුත් මුස්ලිම් මිනිහෙක් වෙන ආගමක ගෑනියෙක් බැන්දොත් අවුලක් නැතිලු. එතකොට රෝද සයිස් එකේ ගැටළුවක් වෙන්නේ නැතිලු, ඒවා ගැනත් අදහස් දක්වමු...

      Delete
    5. ඔබගේ ඉතිරි කරුණු පිළිබඳ සංවාදයට එන්න පෙර, ඔබ'කිසිම විකුර්තියක් නැහැ' කියන කුර්-ආන් පදය මෙතන පෙන්වන්න​,

      Delete
    6. ලිස්සා යාමට උත්සාහ කිරීම තරම් නොවේ මිත්‍රයා...
      ජිසා බදු ගැන තියෙන කුරාණ පදය සොයා කියවන්න, ඔබ කුරානය කියවා තේරුම් ලියන්නේ අරාබි බසින් තියෙන එකෙන්ද, එහෙම නැත්නම් ඉංග්‍රීසි පරිවර්තනයෙන්ද...

      දැන් එහෙනම් ඉතිරි කරුණු වලට උත්තර දෙන්න බලන්න...

      Delete
    7. ඔව් මිත්‍රයා, ලිස්සා යෑම තරම් නොවන වග මාත් ඔබ සමඟ එකඟයි, ඒත් ලිස්සා යන්න උත්සාහ කරන්නේ මමද ඔබද කියන එකයි මෙතන ගැටලුව​ ''කිසිම විකෘතියක් නැහැ' යි ඔබ සඳහන් කුර්-ආන් පාඨය මෙතෙන්ට ගේන්න​, ඔබට ඔබගේ සොයා ගැනීම ගැන විශ්වාසයක් තිබුනු නිසානේ එහෙම එකක් තියෙන බව​ කිව්වේ. ''ජිසා බදු ගැන තියෙන කුරාණ පදය'' ඔබ විහිළුවක් කලාද​ මිත්‍රයා, මා විසින්ම ඕක හොයාගෙන කියව්වෙහම, ඕකේ තියෙන වැරදි මං වසං කරයිනේ, ඉතිං ඔබ කොහොමද ඕවා කරලියට ගේන්නේ, ඔකේ වැරද්දක් දැක්ක ඔබට බැරිද ඔබ සොයා ගත් වැරැද්ද​ අනෙක් අයත් දැනගන්න මෙතන විස්තර කරන්න​. ඊට පස්සේ මම ඒකට පිළිතුරු දෙන්නම්.

      ඔබට ජය​

      Delete
    8. Fight those who believe not in Allah nor the Last Day, nor hold that forbidden which hath been forbidden by Allah and His Messenger, nor acknowledge the religion of Truth, (even if they are) of the People of the Book, until they pay the jizya with willing submission, and feel themselves subdued.

      https://en.wikipedia.org/wiki/Jizya

      මේ කියනේ මුස්ලිම් නොවෙන එව්වන්ගේ කිරිජ්ජපල්ල අත ගාන්න කියලද...
      මේවා විකෘති නොවෙයිද...
      මට ආපහු ඔය කුණු පොත කියවන්න හිතෙන්නේ නැහැ ඔබ වෙනුවෙන්වත්...

      ඔබ ලස්සනට ප්‍රශ්න මග හරිනවා, අඩු ගානේ Ali SIna ගේ අභියෝගය ගැන හෝ ඔබ කුරානය කියවා ඇත්තේ කුමන බාශාවකින්ද යන්නවත් නොකියා සිටින්නට තරම ඔබ පරෙස්සම් සතිතයි සහ සුපුරුදු පරිදි කපටියි...
      දැන් නැවතත් ලිස්සා යන මගක් සොයන්න බලන්න...

      Delete
    9. අෑ ලොකු පුතේ, ඔබව කවුරුත් කරකවල අතෑරියවත්ද? ඔබ හිටපු තැන නෙවෙයිනේ දැං ඉන්නේ, ඔබ මේ ඉදිරිපත් කර තිබෙන ඉංගිරීසි අකුරු ටික බලලා මට ABC ඉගෙන ගන්නද ​කියන්නේ? කුර්-ආන් පද තියෙන්නේ කුර්-ආනයේ,(ඔබට නම් කුනු පොත​) විකිපීඩියාවේ නොවෙයි, චේද අංක​, පද අංක ගේන්න ඕනේ, නිකං ඉංගිරීසි අකුරු ටිකක් ගෙනාවම ඒක පිලිගන්න පුලුවන්ද, ඕවගේ කරුණු නිරාකරණය කරගන්න ලෝකයේ පිලිගත් ක්‍රමයක් තියෙනව නේ.

      ඔබත් එහෙනං අරය වගේ මයි ඈ

      අලි සීනාලා මට වැඩක් නෑ මං දන්නවා කුර්-ආනය මොනවද​? ඒකේ අඩංගු මොනවද කියලා, මම කට්ටයෙක්ම වෙන්නම්කෝ, ඔබ කට්ට නැති නිසා, ඔබ දෙවෙනි කොමෙන්ටුවෙන් කියපු'කිසිම විකෘතියක් නැහැ'යි කියන කුර්-ආන් පදය ගේන්න​,
      ප්‍රශ්න මග ඇරීම​,

      එය තරම් නැතෝ
      ලිස්සන ගසේ කටුත් ඇතෝ
      පරෙස්සම් වෙයං ලොකු පුතෝ

      මොකක්ද බං අර කිරිජ්ජපල්ල කියන එක?

      Delete
    10. කවියෙන් කලේ විහිලුවක්

      Delete
    11. ///ඔබ මේ ඉදිරිපත් කර තිබෙන ඉංගිරීසි අකුරු ටික බලලා මට ABC ඉගෙන ගන්නද ​කියන්නේ? කුර්-ආන් පද තියෙන්නේ කුර්-ආනයේ,(ඔබට නම් කුනු පොත​) විකිපීඩියාවේ නොවෙයි, ///

      දැන් ඔහේ මට කියන්නේ ඔය පොතක් අරගෙන මෙතන කියවන්න කියලද. වෙබ් එකේ තියෙන දේ පිළිගන්න බැරි ඔබ වැනි උන්මන්තකයෙකු සමග වාද කිරීමෙන් පලක් නැහැ...

      මම දාපු ලින්ක් එකේ ඔය කොටස කී වෙනි පදයද කියල පැහැදිලිව සඳහන් වෙනවා...
      ඔබට උවමනා උත්තර නොදෙන්න හේතු හොයමින් කල් මරන්න, මේ සම්බන්ධව ඔබ සමග නැවත අදහස් නොදක්වන්න තීරණය කලා...
      අඩු ගානේ ඔබ කියවන කුරාණේ ලියල තියෙන්නේ මොන භාෂාවෙන්ද කියලවත් නොකියන ඔබ සමග කතා කිරීමත් මේ බ්ලොග් එක කියවන්නට පැමිණීමත් නිෂ්ප්‍රයෝජනයි...

      Delete
    12. පිළිතුර පහුවෙනකොට මම හිතුවා ඔබ මෙහෙම දෙයක් කියයි කියලා,

      උන්මන්තයකු බව දැන හෝ නොදැන ඔබ මා සමඟ දැං වාදයක පැටලිලයි ඉන්නේ, වාදය ඔබ අතර මග දමලා ගියා නම් ඔබ ගෙනා තර්කයට අසාදාරනයක් වෙයි. අනික​, ඔබ මෙසේ දමලා ගියා නම් අනුන් හිතයි ඔබ ලිස්සලා ගියා කියලා. ඒක ඔබේ කීර්ති නාමයට හොඳ නෑනේ.

      ඒ නිසා, මම උන්මන්තකයෙක් කියන එක ඔබ වැඩියෙන් හිතන්නෙපා, ගෙනාපු තර්කය දිනන්න බලන්න​. ඕක ඔය හැටි දෙයකුත් නෑ, ඔබ කුර්-ආනය (කුනු පොත​) කියවන්න ඔනෙත් නෑ. ඔබට කරන්න තියෙන්නෙ සුලු දෙයක්, ඔය විකිපීඩියාවේ හොයා ගත්තු ඔබ කිසිම 'විකුර්තියක් නැහැයි' කියන කුර්-ආන් වැකියට ආදාල චේද අංකයයි, පද අංකයයි හරහා කුර්-ආන් පිටුව මේ අන්තර්ජාලයෙන්ම හොයාගන්න​. ඔක්කෝටම ඒක පේන්න මෙතන පල කරන්න​. එතකොට මම මගේ වලිගෙ අකුලගෙන හැරිලවත් බලන්නැතුව දුවන්නම්.

      ඔබට මගේ සුභ පැතුම්

      Delete
    13. මට කීර්ති නාමය සම්බන්ධ ගැටළුවක් නැහැ, නමුත් හරි අප්‍රසන්නයි මේ වගේ මරී මෝඩ කපටි කම් දකිනකොට...

      ///මම දාපු ලින්ක් එකේ ඔය කොටස කී වෙනි පදයද කියල පැහැදිලිව සඳහන් වෙනවා...///
      හෝද හෝද මඩේ දානවා කියන්නේ මේකට...
      විකියෙන් හොයාගෙන ලින්ක් එකක් දැම්මට පස්සෙත් ආපහු මට කියනවා හොයල දාන්නලු...
      "විකෘර්තියක් නැහැ" කියලා කුරාන් වැකියක් තියෙන බවක් නෙමෙයි මම කිව්වේ,

      ///මගේ පෙර ලිපියේ ඇති කුර්-ආන් පදයමයි, නමුත් ඔබේ සටහනේ ඇති වචන වල ස්වභාවය අනූව ඔබට සම්භ වී ඇත්තේ විකුර්ති කර ලියන ලද ඒ කුර්-ආන් පදයම බව පෙනේ.///

      මම එහෙම කිව්වේ මම කියවා ඇත්තේ විකෘති කල පදයක් බව ඔබ කියූ දේට පිළිතුරක් වශයෙන්...
      කුරානයේ කියවෙන භීෂණය ඔහේල වගේ උදවිය සොෆ්ට් කරන්න හදනවා...

      ආගමික සංවාදයකට TV එකේ වැඩසටහනකට ආපු මුස්ලිම් ආගමික නායකයෙක් වතාවක කිව්වා "අපේ ආගමේත් සත්තු මරණ එක අනුමත කරලා නැහැ, මරනවානම් මරන්න කියල තියෙන්නේ ගිනියම් වෙච්ච යකඩ තහඩුවක් මත හිටගෙන" කියලා...
      ඒ ලෙබ්බේ ගේ නම මතක නැහැ, මට මතක විදිහට වැඩසටහන "දොරමඩලාව" වෙන්න ඕනේ...
      ඒ කියන්නේ සතාට දැනෙන වේදනාව වගේ වේදනාවක් තමන්ටත් විඳින්න පුළුවන්නම් විතරයි ආගමෙන් සතෙක් මරන්න අවසර දීල තියෙන්නේ කියන එක තමයි ඔහු ප්‍රකාශ කලේ...
      මම ඕක ආරාබි මුතව්වෙක්ගෙන් ඇහුවහම ඌ හිනා උනා, මොන පිස්සුද එහෙම එකක් නැහැ කියලා...
      ඔන්න ඕකයි තත්ත්වේ...

      Delete
    14. ඔබේ පලමු කොමෙන්ටුවෙන් සටහන් කල වචන ටික මා පෙර ලිපියේ පල කල 'සූරා අන් නිසා' හි විකුර්තියක් ලෙස මා සඳහන් කල අතර එම සූරාවේ අඩංගු සිංහලයට පරිවර්තනය කරන ලද වචන 100කට වඩා නැත​. ඔබ 'කිසිම විකුර්තියක් නැහැ'යි කියන (එහෙම එකක් තිබුනොත්) කුර්-ආන් පදයට තව වචන 50ක් එකතු කලත් වචන 150ට වඩා එන එකක් නෑ. 'කිසිම විකුර්තියක් නැහැ'යි කියා විශ්වාසයකින් කියන ඔබ, එම සූරාව මෙතෙන්ට නොගෙන ඔබේ තර්කය දිනන්න ඔබ ගෙනා නොයෙකුත් කරුණු සඳහා ඔබේ සියලුම කොමෙන්ට් වලින් වචන 500 කට වඩා වැය කරල තිබෙනවා. එහෙම මහන්සි වෙන ඔබ ඔබ කියූ ඔය 'කිසිම විකුර්තියක් නැහැ'යි කියන පදය මෙතන සඳහන් කලා නම් ඔබ තරකය දිනලා නේ මිත්‍රයා. මෙච්චර වචන පාවිච්චියක් අවශ්‍ය නැහැනේ. ඔබ තවත් පරක්කු නෑ, ඔබ කියපු ඒ පදය මෙතෙන්ට ගේන්න මම මගේ පරාදය පිළිගන්නම්. උත්සාහ කර බලන්න​, ඔබට පුලුවන්..................

      Delete
  8. හැම අාගමක ම කියැවෙන්නේ ඒකම දේ.... මිනිස්සු ඒක වරනැගීමේ වැරැද්දක් විතරයි තියෙන්නේ.........

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට මගේ ස්තූතිය​

      Delete
    2. සමාවෙන්න ඕනේ කුරුටු ගෑ ගී පවුර,//
      හැම අාගමක ම කියැවෙන්නේ ඒකම දේ....//

      මෙහෙම කියන හුගක් අය ඉන්නවා, මේ බොහෝදෙනා එකම ආගමක්වත් හරියට දන්නා අය නෙමෙයි.

      Delete
  9. ආගමික ඉගැන්වීම් වල විශේෂයෙන්ම තිබිය යුත්තේ මිනිස් චර්යාවන් ආකල්ප ගුණාත්මක වශයෙන් සංවර්ධනය විය යුතු කරුනු.නමුත් මුස්ලිම් ආගමේ මෙම කරුණු වෙනත් කරුණු ගිහිපයක් ප්‍රකටම ඉගැන්වීම් ලෙස මතු වෙන්න පටන් ගෙන තිබෙනවා.මට එක් අවස්තාවක මුස්ලිම් ඉගැන්වීම් ඇතුලත් වෙලා තිබුන පුංචි පොතක් කියවන්න ලැබුනා.එහි දෙමාපියන් සම්බන්ධයෙන් දරුවන් ක්‍රියා කල යුත්තේ කෙසේද යන්න පිළිබදව ඉතා වටිනා කරුණු කිහිපයක් ඇතුලත්ව තිබුනා.නමුත් මෙවැනි දේ වෙනුවට මිලෙච්ඡත්වය ප්‍රකට කෙරෙන කරුණු වැඩිපුර සමාජගතවීම විශාල ගැටලුවක්...

    ReplyDelete
    Replies
    1. ඔබේ වටිනා ප්‍රතිචාරයට මගේ ප්‍රසංසාව​

      Delete
  10. //කුර්-ආනය ත්‍රස්තවාදී ක්‍රියා අනුමත කලේ නෑ//

    මුලින්ම ඔබ "ත්‍රස්තවාදී ක්‍රියා" යනු මොනවාදැයි පැහැදිලි කල යුතුයි ඊට පසු අපි ඒවා කුර්-ආනය තුල ඇද්ද නැද්ද බලමු !

    //එනිසා මුස්ලිම් බහුතරය දේව වචනය ලෙස අදහනවා නම් වෙන්නේ, මුස්ලිම්වරු වෙතින් ලෝකයට, සමාජයට වෙන හානිය අවම වෙනවා කියන එකයි. //

    මෙන්න මෙතන තමයි ප්‍රශ්නය කුරානය කියවා තේරුම් ගැනීමට මුස්ලිම් බහුතරයකට නොහැකියි (මතකනේ ඔබේ පෙර පරිවර්තනය කියවපු මේක කියවන අයට හැදෙන්න ගිය ලෙඩේ ) මෙහිදී එය විස්තර කිරීමට ඔබ කියන //වක්තෲන්ගේ ජීවිතය අලලා ලියවුනු පොතකින් එන වාක්‍යයක් ලෙසයි සඳහන් වෙන්නේ//
    කියන http://sunnah.com/abudawud/12/110 කොටස මුස්ලිම් සමාජය තුල ඇති පිළිගනිම මුස්ලිම් ආගමික නායකයකුගේ කටින්ම අසාගත හැකියි https://www.youtube.com/watch?v=L-4jC5iAl8E

    මෙහිදී ඔවුන් මෙම පොත කුරානය තරම්ම විශ්වාසය තබනවා, මේ ග්‍රන්ථ තමයි මිනිසුන්ට කියවා තේරුම් ගතහැකි මේවායේ තිබෙන්නේ අන් ජාතින් මරා කොල්ලකන සහ ගැහැනුන් දුෂණය කරන අයුරුයි.

    රටක මුස්ලිම් සුළුතරය පවතිනවිට මෙවැනි අංශ උලුප්පා දැක්වීමට මුස්ලිම් ආගමික නායකයන් ක්‍රියාකරන්නේ නෑ ඔවුන් සැමවිට සාමය ගැනමයි කතාකරන්නේ, එසේ කරමින් අදාළ රටේ සම්පත් යොදාගෙන වියාපාර කරමින් තම වර්ගයා වේගයෙන් බෝකිරීම් සිදුකරනවා. මෙසේ කර යම් සීමාවකට පැමිණිවිට ඔවුන්ට තේරෙනවනම් තමන් අදාළ ප්‍රදේශයේ ජනගහනයෙන් වැඩි පිරිසක් බව, මුස්ලිම් ආගමික නායකයන් හෙමින් සීරුවේ තම සැගවූ ආගමික නියාය පත්‍රය ඉදිරියට ගෙනවා.

    මේ පිළිබද ඉතිහාසය උන්මත්තක මිත්‍රයාගෙන් අසුවහම ඔහු දෙන්නේ //ඉතිහාසය සම්භන්ද ඔබ කියූ අනෙක් කරුණු ගැන කියන්න මා නොදනිමි නමුත්// වැනි පිලිතුරකුයි.

    අපේ ඉකොනොමැට්ටා Economatta අපුරු ලිපියක් පළකර තිබෙනවා http://economatta.blogspot.com/2015/12/blog-post_15.html

    මෙහිදී ඔහු තොරාගන ඇත්තේ ඉරානයයි.

    අයතුල්ලා කුම්මෙනි ඉරානය අත්පත් කරගැනීමට පෙර පැවතියේ https://www.youtube.com/watch?v=dF47rrHd7wo වැනි තත්වයකයි
    අද ඉකොනොමැට්ටා ගේ ලිපියේ තියෙන්නේ අද නීතියයි.

    අපේ උන්මත්තක මිත්‍රයා බබා පාර්ට් එකේ කියන්නේ ඉස්ලාම් ආගම හරිම සාමකාමී මේ ඇමරිකාව වැනි බටහිර රටවල් තමයි චිත්‍රපටි වලින් යකෙක් නිර්මාණය කරන්නේ කියල. මේක කියවන සාමාන්‍ය දැනීම ඇති මිනිසකුට මෙය බොහොම පහසුවෙන් තේරුම් ගත හැකියි.

    මේ නිසයි මම කිව්වේ වෙන්නේ මොකද්ද කියල බලන්න කියල. ඔය පොතේ මොන කුනුහරුපයක් තිබුනත් වැදගත් නෑ එක ලෝකේ ක්‍රියාත්මක වෙන හැටි බලන්න එච්චරයි හරිම සරලයි!

    ReplyDelete
    Replies
    1. //මුලින්ම ඔබ "ත්‍රස්තවාදී ක්‍රියා" යනු මොනවාදැයි පැහැදිලි කල යුතුයි ඊට පසු අපි ඒවා කුර්-ආනය තුල ඇද්ද නැද්ද බලමු!//

      ඒක පැහැදිලි කරන්න වෙන්නේ ඔබටයි, එවනි දෙයක් ගැන මුලින්ම් සඳහන් කලේ ඔබයි. මම දුන්නේ ඔබට පිළිතුරක් විතරයි.
      මෙන්න ඔබ කියපු ටික​,

      //Lankika SithuwiliNovember 26, 2015 at 8:09 PM
      මගේ වචනයෙන් කිව්වොත් හරි සරලයි, මුස්ලිම් බහුතරය කුරානය දෙව වචනයක් ලෙස අදහනවානම් සහ කුරානයේ ඇත්තටම මේ [[ත්‍රස්තවාදී ක්‍රියා]] අනුමත කරනවානම් ඉස්ලාම් ආගමට වැඩි ඉඩක් ලබාදෙනවා කියන්නේ ත්‍රස්තවාදය ප්‍රවර්දනය කිරීමයි, ඔබ කියන්නේ මෙය දැනගැනීමට මට ඉස්ලාම ආගම ගැන PhD එකක් උවමනා කියලද?//

      එකත් එක්කම කුර්-ආනය තුල අරව ඇත්ද නැද්ද කියන එක බලල, තියෙනවා නම් ඒවත් අපට පෙන්නල දුන්නොත් එහෙනං!

      //මෙන්න මෙතන තමයි ප්‍රශ්නය කුරානය කියවා තේරුම් ගැනීමට මුස්ලිම් බහුතරයකට නොහැකියි (මතකනේ ඔබේ පෙර පරිවර්තනය කියවපු මේක කියවන අයට හැදෙන්න ගිය ලෙඩේ ) මෙහිදී එය විස්තර කිරීමට ඔබ කියන //වක්තෲන්ගේ ජීවිතය අලලා ලියවුනු පොතකින් එන වාක්‍යයක් ලෙසයි සඳහන් වෙන්නේ//
      කියන http://sunnah.com/abudawud/12/110 කොටස මුස්ලිම් සමාජය තුල ඇති පිළිගනිම මුස්ලිම් ආගමික නායකයකුගේ කටින්ම අසාගත හැකියි https://www.youtube.com/watch?v=L-4jC5iAl8E//

      කුර්-ආනය තේරුම් ගන්න​ ඔබට නොතේරුනාට මුස්ලීමුන්ට තේරෙනවා,

      ඔබ කියන ඔය පොතට මුස්ලිම් ලෝකයේ ඇති පිලිගනීමේ තරම ගැන විපරම් කර බලන්න​!

      ඒ මුස්ලිම් ආගමික නායකයා කියන්නේ ඒ පොත ගැනමද කියන එක ඔබ නැවතත් බලන්න​!

      //මේ පිළිබද ඉතිහාසය උන්මත්තක මිත්‍රයාගෙන් අසුවහම ඔහු දෙන්නේ //ඉතිහාසය සම්භන්ද ඔබ කියූ අනෙක් කරුණු ගැන කියන්න මා නොදනිමි නමුත්// වැනි පිලිතුරකුයි.//

      නොදන්න දෙයක් නොදන්නවයි කියනව මිසක් වෙන මොනව කියන්නද​? එහෙම අවස්තාවක දී ඔබ කරන්නෙ මොනවද​?

      අපේ උන්මත්තක මිත්‍රයා බබා පාර්ට් එකේ කියන්නේ ඉස්ලාම් ආගම හරිම සාමකාමී මේ ඇමරිකාව වැනි බටහිර රටවල් තමයි චිත්‍රපටි වලින් යකෙක් නිර්මාණය කරන්නේ කියල. මේක කියවන සාමාන්‍ය දැනීම ඇති මිනිසකුට මෙය බොහොම පහසුවෙන් තේරුම් ගත හැකියි.

      බබා පාට් දැමිල්ලක් මෙතන සිද්ද වෙලා නෑ, ඕකයි ඇත්ත​.

      Delete
    2. ඔබ මෙතන කියනවා //කුර්-ආනය ත්‍රස්තවාදී ක්‍රියා අනුමත කලේ නෑ// කියල.
      මම කියනවා කිසියම් ජනකොට්ටසයක් මරා ඔවුන්ගේ බිරියන් දුෂණය කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් බව.

      ඔබ කියනව්ව්නම් ඉහත ප්‍රකාශය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව අපි මුලින්ම "ත්‍රස්තවාදී ක්‍රියා" කියන වචනය තෙරුම්බතයුතු වෙනවා.

      ඔබට අනුව "කිසියම් ජනකොට්ටසයක් මරා ඔවුන්ගේ බිරියන් දුෂණය කිරීම" ඉතා හොද ක්‍රියාවක් කියල ඔබ නිර්වචනය කරනවානම් එහෙනම් ඔබට අනුව ත්‍රස්තවාදී ක්‍රියාවක් නෙමෙයි තමයි.


      //මුස්ලිම් ආගමික නායකයා කියන්නේ ඒ පොත ගැනමද කියන එක ඔබ නැවතත් බලන්න​!//

      ඔහු පැහැදිලි ලෙස කියනවා නේද To Understand the Quran you have to go to the commentary of the Quran. The commentary of the Quran is the Hadith is the authentic saying of prophet muhammad

      කුරානය තේරුම් ගැනීමට ඔබට එහි අටුවාව බැලීමට සිදුවෙනවා එහි අටුවාව නම් Hadith වන අතර එය මොහොමඩ් තුමාගේ සත්‍ය වචනයයි.

      උන්මත්තක තුමෝ //කුර්-ආනය තේරුම් ගන්න​ ඔබට නොතේරුනාට මුස්ලීමුන්ට තේරෙනවා// ඉහත ආගමික නායකයාගේ ප්‍රකාශයට අනුව ඔවුන්ටත් කුරානය තේරුම් ගැනීමට එහි Hadith උවමනා උනත් ඔබට එය උවමනා නැතුව ඇති. කරුණාකර නැවත වරක් හොද සිහියෙන් මෙය බලන්න https://www.youtube.com/watch?v=L-4jC5iAl8E


      //බබා පාට් දැමිල්ලක් මෙතන සිද්ද වෙලා නෑ//

      මේක හොද සිහියෙන් බැලුවම ඔබටම තේරෙයි මහත්තයෝ !

      Delete
    3. //ඔබ මෙතන කියනවා //කුර්-ආනය ත්‍රස්තවාදී ක්‍රියා අනුමත කලේ නෑ// කියල.
      මම කියනවා කිසියම් ජනකොට්ටසයක් මරා ඔවුන්ගේ බිරියන් දුෂණය කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් බව.

      ඔබ කියනව්ව්නම් ඉහත ප්‍රකාශය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව අපි මුලින්ම "ත්‍රස්තවාදී ක්‍රියා" කියන වචනය තෙරුම්බතයුතු වෙනවා.

      //ඔබට අනුව "කිසියම් ජනකොට්ටසයක් මරා ඔවුන්ගේ බිරියන් දුෂණය කිරීම" ඉතා හොද ක්‍රියාවක් කියල ඔබ නිර්වචනය කරනවානම් එහෙනම් ඔබට අනුව ත්‍රස්තවාදී ක්‍රියාවක් නෙමෙයි තමයි. //

      මම කොහේද කිව්වේ "කිසියම් ජනකොට්ටසයක් මරා ඔවුන්ගේ බිරියන් දුෂණය කිරීම" ඉතා හොද ක්‍රියාවක් කියල'' මම නොකියපු දෙයක් නේ ඔබ මෙතන කියන්නේ, ඔබට මෙන්ම මටත් එය පිලිකුල් සහගත ක්‍රියාවක් තමයි.

      ඔව්, මම දැනුත් කියනවා කුර්-ආනය ත්‍රස්තවාදී ක්‍රියා අනුමත කලෙ නැහැයි කියා, ඔබට මම නැවැතත් කියන්නේ ත්‍රස්තවාදී ක්‍රියා කුර්-ආනය අනුමත කල තැනක් පෙන්වන්න කියලයි. ඔබ පටලවගෙනයි ඉන්නේ....

      //මුස්ලිම් ආගමික නායකයා කියන්නේ ඒ පොත ගැනමද කියන එක ඔබ නැවතත් බලන්න​!//

      ඔහුගේ පැහැදිලි කිරීමත් හරි, ඔබගේ පැහැදිලි කිරීමත් හරි, ඒත් මම ඔබගෙන් අහන්නේ ඔහු එතන කිව්වේ ඔබ කියපු ඒ පොත ගැනමද කියලයි.

      හදීස් නූමනායි කියලා මම කොහේද කිව්වේ? මම ඇහුවේ ඔහු කිව්වේ ඔබ කියන ඒ පොත ගැනමද කියලයි. මගේ සිහියට කිසිම ප්‍රශ්නයක් නැහැ මෙතන, ඒ ගැන ඔබ තැකීමක් නොකර මගේ ප්‍රශ්නවලට පිලිතුරු දෙන්න​.

      //බබා පාට් දැමිල්ලක් මෙතන සිද්ද වෙලා නෑ//

      මේක හොද සිහියෙන් බැලුවම ඔබටම තේරෙයි මහත්තයෝ !//

      ආයෙත් ඔබ සිහියක් ගැන කතා කරනවා මෙතන​.......

      Delete
    4. ඔබ මගේ ප්‍රශ්නය මගහරිනවා
      මගේ ප්‍රශ්නය "කිසියම් ජනකොට්ටසයක් මරා ඔවුන්ගේ බිරියන් දුෂණය කිරීම" ත්‍රස්තවාදී ක්‍රියාවක්ද? නැද්ද?

      Delete
    5. මොහුට සිංහල තේරෙන්නේ නැති හැඩයි, අනේ පිං සිද්ද වෙයි, කවුරු හරි දන්න කෙනෙක් ඉන්නව නම් මොහුගේ භාෂාවෙන් මගේ කලින් කොමෙන්ටුවේ තියෙන දේවල් තේරුම් කරල දෙන්න,
      .
      .
      .
      .
      .
      .
      .
      .
      මේ ඒක නෙවෙයි සහෝ, මගේ පිටේ වරද පටවල ලෙස්සලා යන්න නේද හදන්නේ.................මොකද කියන්නේ! මාතලං ගේ බ්ලොගයේ කියපු ඒ වාක්‍යය ඉල්ලා අස් කර ගන්නවද එහෙනං...එහෙම නැත්නම් කුර්-ආනය ත්‍රස්තවාදී ක්‍රියාවන්ට අනුබල, දිරි දුන්නු තැනක් ගැන මෙතන සඳහන් කරනවද​....ත්‍රස්තවාදය කියන්නේ ගහන එකාට ගහන එක නෙවෙයි, නිකං ඉන්න එකාට ගහන එකයි, ඕං......නැත්නම් ආයේ එකක් ඇහිඳං ඇවිත් කියයි කුර්-ආනයේ මෙහෙම තියෙනවයි කියල​​....සොයල​ බලන්න ඔබට සම්භ වෙයි...අනික මං වගේ උම්මත්තකයෙක් නෙවෙයි නේ ඔබ...හොඳ සිහියකින් ඉන්න​ කෙනෙක් නේ...බබා පාට් දාන්නෙත් නෑනේ....කබරගොයා තලගොයා කරන්නෙත් නෑනේ....ඔබ එහෙම නැති හින්දනේ අනුන් ඔහොමයි කියල කිතන්න ඇත්තේ.....සමාවෙන්න ඕනේ මෙහෙම කියන්න වුනාට​

      ඔබට ජය​

      Delete
    6. අපුරුයි ඔය දීල තියෙන්නේ උත්ත්තරේ !!!

      // ත්‍රස්තවාදය කියන්නේ ගහන එකාට ගහන එක නෙවෙයි, නිකං ඉන්න එකාට ගහන එකයි//

      ඈ උන්මත්තක මහත්තයෝ එතකොට මේ ගෑනුත් ළමයිනුත් ගහන්න ආවද, අපි හිතමු පිරිමි ටික ගහන එකට සම්බන්ද උනා කියල එතකොට ගෑනුයි ළමයිනුයි දුෂණය කිරීම ගැන මොකද කියන්නේ.

      මෙම සටනට සහබාගි නොවූ ගෑනුත් ළමයි නුත් දුෂණය කිරීම ත්‍රස්තවාදය වෙනවා නේද ? එහෙම වෙනවා නම් මොහොමඩ් නබි තුමා එයට අවසර දී තිබෙන වා නේද ? එක තමයි කියන්නේ කුරානය ත්‍රස්තවාදයට අනුබල දී ඇති බව.

      උබේ තර්ක හොදයි කොණ්ඩේ බැදපු චීන්නුන්ට (දැන්නම් චිනත් කොන්ඩේ කපල ඉන්නේ !!)

      Delete
    7. මෙන්න බොලාට ඉතිහාසය කෙටියෙන් https://www.youtube.com/watch?v=1h9w65wzsp0

      Delete
    8. //අපුරුයි ඔය දීල තියෙන්නේ උත්ත්තරේ !!!//

      මම දන්නව මම ලියපු එකක් අල්ලගෙන ඒක දිගේ ඉවුරට ඇදෙන්න උත්සාහ කරයි කියල, සංවාදය පටන් ගත්තු දා ඉඳං ඔබ කලේ ඒකනේ...ඔබ ඕක කරන්නේ දිරච්ච ලනු පොටකින් වැටෙන්න කලින් තව පොටක් අල්ල ගන්න උත්සාහ කිරීමයි...මම ඒ කිව්වේ ආරක්‍ෂාව පිනිස හෝ ප්‍රතිප්‍රහාරයක් ගැන සඳහන් වාක්‍යයක් අල්ලගෙන ඔබ මාව කොටු කරන්න උත්සාහ කරයි බව දැනගෙනයි, දැං ඕකම උනානේ...

      හරි දැං අපි මාතෘකාවට එමුකෝ,

      //ඈ උන්මත්තක මහත්තයෝ එතකොට මේ ගෑනුත් ළමයිනුත් ගහන්න ආවද, අපි හිතමු පිරිමි ටික ගහන එකට සම්බන්ද උනා කියල එතකොට ගෑනුයි ළමයිනුයි දුෂණය කිරීම ගැන මොකද කියන්නේ.//


      ඈ සහෝ, මට නොතේරෙන නිසයි මේ අහන්නේ මෙතන ඔබ මෙන්ටල්ද? නැත්තම් කියවන අනුන්ව මෙන්ටල් කියල හිතං ලියනවද? වගක් තුගක් නැතිව ලියන්නේ ඔහොම ලිව්වාම ට්‍රැක් එක වෙනස් වෙයි කියල හිතාගෙනද​? ඔව්ව බොරු,

      //මෙම සටනට සහබාගි නොවූ ගෑනුත් ළමයි නුත් දුෂණය කිරීම ත්‍රස්තවාදය වෙනවා නේද ? එහෙම වෙනවා නම් මොහොමඩ් නබි තුමා එයට අවසර දී තිබෙන වා නේද ? එක තමයි කියන්නේ කුරානය ත්‍රස්තවාදයට අනුබල දී ඇති බව.//

      නිකං අගක් මුලක් නැතුව මේවා පල කලාම වැරැද්දක් අල්ල ගත්තා වෙන්න බෑ....කෝ මේවායේ මූලාශ්‍ර​....මතක තියා ගන්න ඔබ ඉහත ලියූ වචනෙට හරියන මූලාශ්‍රයක් ඉදිරිපත් කල යුතුයි.

      එහෙනං ඕනෑ එකෙක් ඕනෑ එකක් කියල ගියාම ඕනෑ එකක් මත වරද පටවන්න පුලුවන්...එහෙමද​?

      මොකෙක් මොකක් කිව්වත් මොකක්වත් වැරැද්දත ලක් කරන්න බෑ...

      පිලිගන්න පුලුවන් සාදක ඉදිපත් කරන්න ඕනෑ...නිකං ලින්ක් එකක් දීල ෂේප් වෙන්න බෑ...ලින්ක් දුන්නොත් ඒ ලින්ක් එක මොකක්ද? ඔබ තේරුම් ගත් හැටි කොහොමද? ඔව්වා ඔබ මෙතන ලියන්න ඕනේ...

      ඔබ එකම රෙකෝඩ් එක නැවැත නැවැතත් ප්ලේ කරලා බොරුවක් ඇත්ත කරන්න හදන්න උත්සාහ කරන්න එපා...ඔබේ කෙසේ වෙතත් ඔබ අපේ කාලෙත් නාස්ති කරනවා....

      //උබේ තර්ක හොදයි කොණ්ඩේ බැදපු චීන්නුන්ට (දැන්නම් චිනත් කොන්ඩේ කපල ඉන්නේ !!)//

      ඔබ කොන්ඩෙ බැඳගෙන බවක් නම් මටත් හිතුනා පසුවුනු කොමෙන්ට් කිහිපයකින්...ඒක මට ආදාල නෑ....ඔබගේ දෙයක්...

      අවසන් චේදයේ ඔබ යෙදූ 'උබේ' කියන වචනය, වැරදීමකින් කියල ගන්නද නැත්නම් ඒ ඔබේ හැටි කියල ගන්නද?





      මෙම සටනට සහබාගි නොවූ ගෑනුත් ළමයි නුත් දුෂණය කිරීම ත්‍රස්තවාදය වෙනවා නේද ? එහෙම වෙනවා නම් මොහොමඩ් නබි තුමා එයට අවසර දී තිබෙන වා නේද ? එක තමයි කියන්නේ කුරානය ත්‍රස්තවාදයට අනුබල දී ඇති බව.

      Delete
    9. http://sunnah.com/abudawud/12/110 මා පැහැදිලිව මෙය ඉදිරිපත් කරලා තියනවා.
      ඔබ සමග මෙය මිට වඩා කතා කිරීම නිෂ්පල සහ කාලය නාස්ති කිරීමක්.

      තවත් බ්ලොග් කරුවකු මෙය පැහැදිලි කිරීමට පැමිණියොත් මම අදහස් ඉදිරිපත් කරන්නම්.
      එතෙක් https://www.youtube.com/watch?v=6st_tFj6ouM බලා සතුටු වන්න.

      ආයුබෝවන් !!

      Delete
    10. Lanka Sithuwili,

      මේ පහල ලින්ක් එකේ තියෙන්නේ මෙයාලගේ ප්‍රොෆට්ගේ චරිත සහතිකේ, තාම කාටවත් මේවා බොරු කියල ඔප්පු කර ගන්න බැරුව ඉන්නවා. සියල්ල කරුණු කාරණා සමග තියෙනවා...

      උම්මන්තක වගේ නෙමෙයි මුස්ලිම් ලෝකේ ඉන්න කුරාණේ අරාබියෙන්ම කියවන උන්ට මේ චෝදනා බොරු කියල ඔප්පු කරගන්න බැරුව ඉන්නෙ ඒ ලිඛිත කරුණු බොරුය කියල කියන්න විදිහක් නැති නිසා වෙන්න ඇතිනේ...

      උම්මන්තක,
      මේවා බොරු කියල කියනවනම් ට්‍රයි එකෙක් දීල මේ ඩොලර් 50,000 ගන්නකො...

      http://www.faithfreedom.org/challenge.htm

      Delete
    11. ලොකු පුතා,

      මම ඉගනගත් පාසල තුල මගේ පන්තියේ සිසුන් අතර ඉතා වැඩි පිරිසක් හිටියේ මුස්ලිම් ජාතික සගොදර සිසුන් සමහර වසර වල සිංහල සිසුන් ට වඩා මුස්ලිම් සහෝදරවරු සිටියා.

      මා කරපු මුල් රැකියා ව කලෙත් දිවයිනේ විශාල මුස්ලිම් අයිතිකාරීත්වය ඇති සමාගමක.

      මා මේ උන්මත්තක මිත්‍රයා එන පොට හොදට දන්නවා, එකයි මේ සාකච්චාවට මා මුලපිරුවේ ඔබ මගේ බ්ලොග් අඩවියට ගියොත් ඔබට මේ විෂය පිළිබද කිසිම සටහනක් දකින්න නැත්තේ අප අද ලෝකය මුහුණදෙන විශාලම අනතුර මෙය නොවන නිසා.

      නමුත් අදින් වසර 20 ඇතුලත ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහොරටවල් මේ උවදුරට මුනුන දෙනු ඇති.

      කුරානය කියන්නේ ඔවුන් අන්ධ බක්තියෙන් පිළිගන්න පොතක් මෙය මා දන්නෙ උගත් මුස්ලිම් මිතුරන් ගෙන් 90% පමණ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පිලිගන්නවා ඒ අතර මට සිටිනවා 10 % පමණ මත් පැන් පාවිච්චිකරන සාමාන්‍ය බටහිර ආබශය ඇති අය ඔවුන් මේ ආගම විවේචනය නොකර සිටින සාමකාමී මිනිසුන්.

      මුස්ලිම් මිනිසුන්ගේ ඇති මුලික ලක්ෂණයක් තමයි පල්ලියේ සිටින නායකයන්ට ඇති අවනත බාවය (මෙන්න මෙතන තමයි අනතුර ඇත්තේ ) යම්විදියකින් පල්ලිය කිව්වොත් හෝ සහයෝගය දැක්වුවොත් කිසියම් නීති විරෝදී වැඩක් කිරීමට සැලකියයුතු පිරිසක් ඊට සහබාගි වනු ඇති.

      මට මතකයි අපි උසස් පෙළ පන්තියේ සිටිනවිට පන්තියේ මිතුරන් මුස්ලිම් සිංහල බේදයකින් තොරව අපේ කෑම එක කෑවේ සියලු දෙනා එකතුවයි එහිදී මුස්ලිම් මිතුරකු අපේ කෑමට සහබාගි උනේ නැත්තම් ඒ කිසියම් සිංහල මිතුරෙකු උරු මස් සහිත ආහාරයක් ගෙන පැමිණියොත් විතරයි.

      නමුත් ඔබට මතක ඇති මිට සුළු කලකට පෙර ඇතිවුන හලාල් ප්‍රශ්නය, මෙහිදී හලාල් සහතිකය නොමැති ආහාර වර්ජනය කිරීමට මේ මුස්ලිම් සාමාන්‍ය වැසියන් පෙලබුනා නේද ? දැන් හිතල බලන්න අපි කුඩාකල නොතිබුන ප්‍රශ්නයක් ඉබේම ඇතිඋනේ කොහොමද ? මෙය තමයි මුස්ලිම් පල්ලියේ ක්‍රියාකාරිත්වය, මෙය තමයි අපේ උන්මත්තක මිත්‍රයා එක්කෝ නොදන්නේ නැත්නම් නොදන්නවා වගේ රගපාන්න්නේ.

      කුරානයේ ඉතා විනාශකාරී දේ සදහන් වනවා ඒවා ක්‍රියාවට පැමිණෙන්නේ පල්ලිය විසින් අදාළ නියෝගය ලබාදුන් පසුවයි. ඉස්ලාම් ආගම හරියට Dormant Virus වගෙයි එය ක්‍රියාකාරිත්වය පටන්ගන්නේ නිසි වෙලාවෙයි.

      ඉස්ලාම් ආගමික නායකයන් සිදුකරන්නේ කුරානයේ ඇති ඉතා යහපත් දේවල් නැවත නැවත අදාළ සමාජයේ අනෙකුත් ආගමිකයන් සමග බෙදාහරිමයි නමුත් යම් අවස්ථාවක් ඔවුන්ට ජනබලය ලැබුනද එදා සිට අනෙක් ජාතිකයන් එක්කෝ මුස්ලිම් වියයුතුයි නැතිනම් මැරුම් කෑ යුතුයි.

      මෙය තමයි අපේ උන්මත්තක මිත්‍රයා සිනි තවරා අපේ මෝඩ සිංහල අයියලට කන්න දෙන්නේ.

      මුස්ලිම් සමාජය සිංහල සමාජයට වඩා අතිශයෙන් වියාපාරික ලෙස දිවුනුයි, ඔබ දන්නවාද කිසියම් විශාල මුස්ලිම් වියාපරිකයකුට ඉතා විශාල මුදලක් උවමනානම් ඔවුන් කරන්නේ පෑනක් සහ කොලයක් ගෙන අදාළ පණිවිඩය ලියා අත්සන්කර තම විශ්වාස වන්ත සේවකයකු අතේ අනෙක් වියාපරිකයාට යැවීමයි, මෙනිසා ඔවුන් බැංකු පොලි ගෙවීම වැනි අනවශ්‍ය වියදම් වලින් බොහෝවිට නිදහස්, ඔවුන් එතරම් විශ්වාස වන්ත සහ අවංකයි නමුත් ලොකු පුතෝ බැරි වෙලාවත් මේක දකින කෙනෙකු හිතයි හරිම අවංක මිනිසුන් කොටසක් තමයි මේ මුස්ලිම් අය කියල නමුත් මොවුන් තමයි අද ශ්‍රී ලංකාවේ සිටින ලොකුම ආනයන බදු වන්චාකරුවෝ, අද ලංකාවට ආනයනය කරන බඩු වල ඇත්ත වටිනාකම සගවා කරන වියාපාරික වැඩ බැලුවහම ඔබ පුදුම වෙයි, ඔවුන් තමන්ගේ කෙනෙකු රැවටීම ඉතා පහත් දෙයක් ලෙස සැලකුවත් අන් ඉස්ලාම් නොවන මිනිසකු රැවටීම පිළිබද ඔවුන්ට ගැටළුවක් නැත.

      නමුත් මාදකිනවා සිංහල මිනිසුන් කුලල්කා ගන්න අතර මුස්ලිම් මිනිසුන් තමන්ගේ කෙනෙකුට ඉහලට පැමිණීමට අත දෙනවා. මේවගේ දේවල් අපි ඔවුන්ගෙන් ඉගන ගැනීම හොදයි.

      Delete
  11. Joe Wong ·

    CEO of GIFTS (Global Investment For Theocratic Souls) at My Father's Business

    I don't wish to offend our peace-loving, law-abiding, and life-progressing fellow Muslim Singaporeans here. But I would like to share that the Terrorism in Paris today is the result of mass immigration of Arab Muslims plus the excessive human rights given to them without recognising their religious/political agenda in their belief as one ex-Muslim contributed his personal view on this horrible terror:-
    "153 People killed in Paris France by the Jihadist:
    These type of terrorism can only stop when the West acknowledge the fact that Islam is the greatest threat to Humanity and World Peace and stop being politically correct about Islam. Even though not all Muslims are terrorist but any Muslim who take teaching of Muhammad seriously would have no choice but 'KILL THE INFIDELS WHEREVER THEY FIND THEM' Quran (2:191-193).
    Islam and Secularism is diametrically opposite...They cannot coexist.. Islam does not acknowledge presence of other religion or culture.... Islam has problem with woman's right and Non-Muslims rights.
    Europe has not learn their lesson from Muslims, It's the same Europeans often defend the Muslims and claim that it has nothing to do with Islam and its the same European would welcome them as migrants and claim that they're fleeing persecution and deserve protection in the West, but the truth is that Muslims are not in Europe to live and assimilate into Western society, Muslims are in Europe to kill as many as they can to takeover Europe.
    When Israel defend themselves against Arabs terrorists, Israeli get condemnation from European Governments without acknowledging the fact that Israel has been in forefront fighting a war the Europeans themselves would find it difficult to fight. Israel is the only Country in heart of Savege Middle Eastern region defending Western Civilization and Democracy but instead of the Europeans to support and defend Israel, they condemn Israel and support the Arabs Barbarism, but when you condemn Israel and support the Arabs, you will surely taste what Israel has been fight against for decades because you thought that the enemies are the victims.
    ISIS had promised to flood Western Countries with 500,000 Jihadist disguised as refugees, but Western Countries ignore the threats despite Jordanian and Libyan Army Generals warned that there could be thousands of ISIS sympathizers among the so called Refugees.
    Of the multiple current world conflicts in the Muslim World, The West are yet to understand that Islam is the greatest threat to world peace not their Nations, It's the Islamic ideology the Muslims embrace inspires them to destabilize their own region.
    Quran (8:12) - 'Cast TERROR into the hearts of those who disbelieve. Therefore strike off their heads and strike off every fingertip of them'
    Quran (3:151) - 'Soon shall We cast TERROR into the hearts of the Unbelievers, for that they joined companions with Allah, for which He had sent no authority.'
    Quran (4:74) - 'Let those FIGHT in the way of Allah who sell the life of this world for the other. Whoso FIGHTETH in the way of Allah, be he slain or be he victorious, on him We shall bestow a vast reward.'
    Quran (9:14) - 'FIGHT against them so that Allah will punish them by your hands and disgrace them and give you victory over them and heal the breasts of a believing people.'
    Quran (48:29) - 'Muhammad is the messenger of Allah. And those with him are hard (ruthless) against the disbelievers and merciful among themselves.'
    Say NO to Political correctness and identify the threats and defeat Jihad. If you ignore this message you might end up as one of their next victims. I am an Ex-Muslim and I know what Islam teach and act like this is 100% justified in Islam according to Quran and Sunna. The above verses from the Quran are just few of it." - Karim Bin Abdullah

    ReplyDelete