Friday, December 18, 2015

​හොඳ සිහියෙන් කුර්-ආනය දකින ලාංකික සිතිවිල්ලක්!

ප්‍රතිචාරයකින් කියන්න ගිය දෙය දික් වුනු නිසා ලිපියක් වශයෙන් පිලිගන්වන්න සිදුවූ මගේ පැහැදිලි කිරීම,


මටත් ඕනේ වෙලා තියෙන්නේ මේ සංවාදයෙන් ඉවත් වෙන්න​​,..ඒත් ඉදිරිපත් ව ඇති කාරණයට සාධාරනයක් ඉටු නොකර ඉවත් වෙන්න බැහැනේ, බ්ලොගයන් තුල අපේ කර්තව්‍යයත් එකනේ. ඔබ ඉදිරිපත් කල දේ අපැහැදිලි  කියල මම කිව්වේ නෑ, ඔබ ඉදිරිපත් කල දේ සාදකයක් නෙවෙයි කියන එකයි මම​ කිව්වේ.​ කොපමන තේරුම් කලත් ඔබ නොතේරුනු ගානට​ ඒ තැටියම හරව හරව දානවා, ඒක්කෝ සත්‍යය දැනගෙන බබා පාට් (ආආං 'බබා පාට්' ඔබින තැන​) දානවා 

ජන සමූහයක් හිස මුදුනින් පිලිගෙන අදහන ආගමකටයි ඔබ මෙම අභූත චෝදනාව ඉදිරිපත් කරේ. මාතලංගේ බ්ලොගයේ ඒ ඔබ යෙදූ ''වැරදි කරන්න ඔවුන්ට ආගමෙන්ම උගන්වා තිබීමයි'' වචනය වැරදියි කියලා සහතිකවම මම දන්නවා, ඒ සඳහා ඔබ ආදාරකයන් ලෙස ගෙන ඉදිරිපත් කල කුර්-ආන් වැකි සියල්ල ඔබ අර්තකථනය කලා වැරදියි කියලත් මම ඔප්පු කලා. වැරදි සොයන චේතනාවෙන්ම ඔබ කුර්-ආනයේ හා සුන්නාහ්වේ පිටු පෙරලුවාට මම ඒවායේ පිටු පෙරලුවේ ජීවිතය කර ගන්න.​ නියතවම, ඕවායේ අන්තර්ගත ඔබට වැඩිය මට තේරෙනෙවා, ඔබ කොපමන නන් දෙඩුවත්, ඕවා වැරදි නැහැ කියලත් මම දන්නවා, ඒ ඔබගේ දෙයක් මට වඩා ඔබ දන්නවා වගෙයි.

ඉස්ලාම් ආගම කුර්-ආනයම බව ඔබ තේරුම් ගන්න​, නීති, උපදෙස්, අවවාද​, අනතුරු ඇඟවීම් සියල්ලම කුර්-ආනයයයි, ඒ අතර ඉතිහාසයනුත් තිබෙනවා, ඒවා ඉතිහාසයන්ම වීනා නීති රාමු නෙවෙනයි​.'හදීස්' අටු ( මේ වචනයට සිංහල අර්තය මා ඉගෙන ගත්තේ ඔබගෙන්, ස්තූතියි) වක්තෲ ජීවිතයයි, එය ​ඉස්ලාමික ජීවනයකට අමතර සහායකයක් (මා අටු බැහැර කරනවා නෙවෙයි) කුර්-ආනයට ඉහලින් සිටිනද ​, එයට පටහැනිද වන්නටද අටුවට බැරිය​, එහෙම වාක්‍යයන් අටුවේ නැත​, එහෙම එකක් තිබේ නම්, ඒ අටුව වැරදිය​ හෝ එය අප අතට පත් වී ඇති මාර්ගය​ සැක සහිතය​ (මා දේ කිව්වේ තොරතුරක්  ලෙස මිසක් අල්ලගෙන ඉහලට ඇදෙන්න ඔබට පොටක් හැටියට​ නම් නෙවෙයි)

ඔය අටු කියන ඒවා කුර්-ආනය මෙන් අනූපමක් නෙවෙයි, මුස්ලීම් ලෝකයට ඕවා නොයෙකුත් මූලාග්‍රයන් හරහා ලැබී තිබෙනවා, ඕවායේ පිළිගන්න පුලුවන්ද, නුපුලුවන්ද, මතභේදාත්මකද​, ලිහිල්ද​, ශක්තිමත්ද ලෙස වෙන් කෙරෙන අටු තිබෙනවා, අනෙකුත් අටු හා ග්‍රන්තයන් සමඟ සසඳන විට ඔබ ඉදිරිපත් කල 'සුන්නාහ් අබූ දවූද්' ග්‍රන්තයට ලැබෙන තැන හා ඔබ සඳහන් ඒ ඉතිහාසය ඒ තුල සටහන් වෙලා තිබෙන අයුරු ඒ ලෙසමද​ කියන එක නැවැතත් සොයා බලන්න​.(ඔබ සඳහන් කල පරිදිම විය යුතුයි, මතක තබා ගන්න​)

මාතලංගේ බ්ලොගයේ දී ඔබ අදාල සටහන තබන මොහොතේ චියර් පාරක බලාපොරොත්තුවක් මිසක් විරුද්ද හඬක් එසවෙයි කියල ඔබ සිතුවේ නැතිව ඇති සමහර විට​. මදිවට වචන අවදි කලේ උම්මත්තයෙක්ම නිසා ටොක්කකින් දෙකකින් ප්‍රතිවාදියා බිම දාගන්නත් ඔබ සිතන්න ඇති ​. ප්‍රතිචාරවල​ ඔබ සටහන් කල ඇනුම් පදවලින් ඕක පෙනුනා.

'අවස්තානුකූලව යොදව ගන්න ඕනේ' ලෙස කියූ මගේ වචන අසා, 'මෙහිදී සැමවිටම මේ කැත වැඩ වසාගනිමට ඉස්ලාම් භක්තිකයන් (මා දැක්ක ඔබත් මෙය කරනවා) කියන දෙයක් තමයි එම අවස්ථාවට' කියල​, ඔබ දෝෂාරෝපනය කලා, නමුත් එවැනි අවස්තාවක මුස්ලිම් නොවන කෙනෙක් කරන්නේ කොහොමද කියන එක​ කියන්න ඔබට අමතක වුනා, තලගොයි කන්න ඕන විට මුස්ලීමුන් කබරගොයි හිටං කනවැයි කියල ඔබ  කීවේ ඒ හේතුව නිසාමයි, මුස්ලිම් නොවන අය කන දේවල් මෙතන ආදාල නැති නිසා ඔබ ඕවා කිව්වේ නෑ​.​ 'මධ්‍යස්ත' හොරාගේ අම්මගෙන් පේන අහන බව​ත් ඔබ කීවා. එතන හොරාගේ අම්මා මමය​, හොරා අල්ලාහ්‍ය.​ ඔබ 'හොරුන්' කියල සඳහන් කර තිබුනා නම් අපට වක්තෲන්වත් එකතු කර ගන්න තිබුනා.

''අන්තර්ජාලය කියන දේ හෙළුවෙන් ඉන්න පිරිස බැලීමට යොදවනවා වගේ ලෝකේ වෙන දේවල් සොයන්න පුරුදු වෙන්න'' කියලත් ඔබ කිව්වා, ඒක ඔබ කීවේ මට නොව වෙනත් ප්‍රතිචාර කරුවෙකුට, එයින් අන්තර්ජාලයේ හෙළුවෙන් ඉන්න පිරිස හෙතෙම බලපු එක ඔබ බලා සිටියා, නැති නම් අංජනමක් හරි බලල ඒ බව ඔබ​ දැනගත්තා, නැත්ත නම් එච්චර විශ්වාසෙකින් ඔබට ඕවා කියන්න බැහැනේ. අතරින් පතර සිංහලුන්ව උසි ගන්නන්නත් ඔබ නොසෑන්න උත්සාහ කලා, ඒ සහයට යමෙක් පැමිනෙනවා නම් හොඳා කියල ඔබ හිතන්න වූ මොහොතකයි ඔබේ වාසනාවට ලොකුස් ඔබට එකතු උනේ. දෙන්න එකතු වුනාම මාව කම්බස් කරන්න පුළුවං වෙයි කියලත් ඔබ සිහින මැව්වා.

අනුන්ගේ ප්‍රතිචාර තුල බැහැලා ඔවුන්ට යම් යම් දැනමුතුක්ම්, උපදෙස් දීමද සංවාදය තුල ඔබ සාමාන්‍ය ලෙස කරගෙන​ ගි​යා. මෙහි ඇති වැරද්දක් නැතත් තරමක Over riding උත්සාහයක් කියලයි කියන්න තියෙන්නේ. 

මගෙන් ගිලිහුනු වචනයක් පාසා ආවුදයක් කර ගන්න ඔබ නොසෑහෙන්න​ උත්සාහ කලා, සැලකිල්ල වෙන අතකත යොමු කරන්න.​ 'මාතලං බ්ලොග් වාක්‍යය' සාධාරණීකරනය කරන්න,​ මැද පෙරදිග පටන් අප්‍රිකාව දක්වා ගොහිං ඔබ කරුණු හෙව්වා සැම විටම ඔබ උත්සාහ කලේ සබැඳියාවක් ලබා දී ඇඟ බේර ගන්නයි. ඉඳි ආප්පය තුල මම කොටුවෙයි කියන බලා පොරොත්තුව, එක්කෝ ඒ ඉඳි කෙන්දේ වෙන තැනක මතුවී මම​ ඔල්මරන්දං වෙයි කියන බලාපොරොත්තුව​.

ඔබ 'ලොකුකු පුතා' අමතමින් ලියූ ප්‍රතිචාරයේ 'යම්විදියකින් පල්ලිය කිව්වොත් හෝ සහයෝගය දැක්වුවොත් කිසියම් නීති විරෝදී වැඩක් කිරීමට සැලකියයුතු පිරිසක් ඊට සහබාගි වනු ඇති' බව කිව්වා. ඉතිං මිත්‍රයෝ ඕවා ගැන මෙතන කිය කියා ඉන්න එකේ එවැනි සිදුවීමක වාර්තාවක් හෝ ඉදිරිපත් කරන්නකෝ. ඔබගේ මනස්ගාත මෙතන ලියලා මිනිස්සු කුලප්පු කරන්නනේ නැතිව​. මෙතන දී ඔබේ ඔබේ ඇඟිල්ල ඔබ දෙසටම දික් නොවෙනවාමද බව සිතන්න ඔබ අමතක කරා.

ඔබ 'ලොකු පුතාට' ලියූ අනෙක් කරුනු අතරේ රේගුවලදී මුස්ලිම් ව්‍යාපාරිකයන් කරන වැරදි සඳහන් කලා, ඒ පිලිබඳ මට ඔබ සමඟ තර්කයක් නෑ, මුස්ලීමුන් ඔහොම කරන බව මාත් දන්නවා​, මුස්ලීමුන් පමනක්ම ඕවා කරන බව හූවා දැක්වීමට ඔබ උත්සාහ කිරීමයි මෙතන වැරද්ද​. එතෙන දී රේගුව පමනක් නොව සමස්ත ව්‍යාපාරික ක්‍රමයම කරුණට ගැනීමයි වැදගත්, පොදුවේ සිද්ද වෙන වරදක් ගැන තනි ප්‍රජාවක් වෙත ඇඟිල්ල දික් කිරීම ඔබගේ කූහක කමයි. ඔබ සිතට එකඟව වචන හසුරුවන බවක් මෙතන පෙනෙන්න නෑ. 

ඔබ 'ලොකු පුතාට' ලියූ 'කුරානය කියන්නේ ඔවුන් අන්ධ බක්තියෙන් පිළිගන්න පොතක් මෙය මා දන්නෙ උගත් මුස්ලිම් මිතුරන් ගෙන් 90% පමණ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පිලිගන්නවා ඒ අතර මට සිටිනවා 10 % පමණ මත් පැන් පාවිච්චිකරන සාමාන්‍ය බටහිර ආබශය ඇති අය ඔවුන් මේ ආගම විවේචනය නොකර සිටින සාමකාමී මිනිසුන්.' මේ වාක්‍යයට සටහනක් තියන්න මට තේරෙන්නේ නෑ නමුත් මෙය මෙතන අඩංගු කරන්න මට සිතුනේ, ආගමකට​ අනුකූල නොවන පිරිසක් ගැන කියමින් 'ඔවුන් හරීයි' යන​මතයක සිටින​ ඔබේ මනෝභාවය ඉස්මතු කර පෙන්වන්නයි.

කෙසේ නමුත්, ඔබ වැරදි පුද්ගලයෙක් බව මම මෙතන​ කියන්නේ නෑ, මගේ දැනීමට අනූව මට පෙනුනේ ඔබ හොඳ පුද්ගලයෙක් වශයෙනි. ඔබට පිළිකුලක් වූ කරුණක සංවාදයක් වුනත් කොතැනක හෝ අල්ලාහ්ට හෝ වක්තෲන්ට අපහාස කෙරෙන වචන ඔබ යෙදුවේ නැත​. ඔබ, ඔබ ගැන හා ඔබේ තර්කයන් ගැන තද විශ්වාසයකින් සිටි නිසාද හා ආදාල කරුන ඔබට පිළිකුලක්ව තිබුනු නිසාද​, විතර්ක ගෙනෙන්නා හෝ ඔහු සමඟ සමාධානව ප්‍රතිචාර දෙන්නා ඔබට වහ​කදුරුම විය​. විතර්ක ගෙනෙන්නාව (මාව​) ඔබ දුටුවේ බොරු කියන සත්‍ය වසං කරන පිළිකුල් සහගත නරුමයෙක් ලෙසයි. ඔබ, ඔබ ගැන අධිතක්සේරු කරගෙන සිටියා සේම​ අනෙකුත් සමහරුන් ගැන ඔබ අවතක්සේරු කරගෙනයි සිටියේ.

මෙතන මා උලුප්පා පෙන්නුවේ මාතලං බ්ලොග් 'වැකිය' සාධාරණීය කරන්න ඔබ කල උත්සාහයේ දී ඔබ යොදා ගත්තු සමහර උපක්‍රම පමනක්ම නොව, අනුන්ගේ පෞද්ගලිකත්වයට ඔබ හොට දැමූ ආකාරයත්​ පෙන්වන්නයි.​ එහෙයින්, තවද​ ඔබ කොයි වැනි මනෝභාවයකින් යුතු පුද්ගලයෙක්ද​ කියන එකත් මට මේ බ්ලොගය තුල පෙන්වන්නට අවශ්‍යයි​. ඔබ කොතරම් දෝශාරෝපනය කර තිබුනත් 'ඉස්ලාම් ආගමේ සාමය පිලිබදව ඉතා ප්‍රගතශීලි අදහස් සදහන් වෙනවා' බව කියමින් ඉස්ලාමය ගැන ඔබ සුභ අදහසක් ප්‍රකාශ කිරීම ගැනත් ප්‍රසංසා කල යුතුමයි.

නොයෙකුත් හේතුන් නිසා ඔබ මුස්ලීමුන් නුරුස්සනවා ඇති, ඔබ පමනක්යැ මා නිරිස්සූ එවැනි අවස්තා කොතෙකුත් ඇත. එවැනි අවස්තා මට ඇතිවුනේ වුනේ ලැජ්ජාවද කෝපයද​ ගෙන දෙමිනි. විශේශයෙන් පොදු ස්තානවල මුස්ලීමුන් වෙතින් සිදුවෙන නොගැලපෙන ක්‍රියා නිසා.  අද ලෝකයේ මුස්ලිමුන් ඉන්න හැමැ දිහාවකම යුද්ධ, නොයෙකුත් ප්‍රශ්න, ඒවාට හේතු වූ මුල් බැසගත් කාරනා මොකක් වුනත් සියල්ල ජවනිකා ගත​ වෙන්නේ මුස්ලිම් වෙසකිනි, (අන්න ලිව්වා ඔබට අල්ල ගන්න පොටක්) ඕවා (මෙතන ඒ ගැන කතා කරන්න ගියොත් ලිපිය දිග වැඩි වෙයි) නිතර පහේ  දකින, ඇසෙන නිසාද, මදිවට සෞදි අරාබිය වැනි රාජ්‍යයන් තුල ඇති අන්තෝනමතික​​ නීති, හා දඬුවම් ක්‍රම​ නිසාද ඔබට එසේ සිතෙන එකේ වැරද්දකුත් නැහ​.

කරුණට ආදාල වන්නේ මුස්ලීමුන්ම නිසා මා මෙතන ආදාල කරගන්නේ මුස්ලීමුන් කරන වැරදි පමනයි, අනෙකුන් වැරදි කරනවාද නැද්ද බව සිතට එකඟව නිගමනයකට ඒම ඔබ සතුයි.

මුළු සකල​ මුස්ලිම් ජන ​බිලියන 1.6 ම වැරදි කලත්, ආගම එයට වග උත්තර නෑ, ආගමේද ඔවුන් වැරදි කරුවන්‍ය​.

අප සංවාදය ඇරඹුවේ ''වැරදි කරන්න ඔවුන්ට ආගමෙන්ම උගන්වා තිබීමයි'' සම්භන්දවයි, ඒකට මම පිළිතුරු දීල ඉවරයි,​ පිළිතුරක් දුන්නහම ඒක ඔබ​අනුමත කරන්නේ නෑ, එයින් බැහැර වෙලා ඒ වෙනුවට ඔබ වෙනත් කරුනු හොයනවා, එකින් එක අමුනනවා, බොහෝ ඒවා ඔබේ  මනස්ගාත, ඔවාට​ පිළිතුරු දෙන්න මට තේරෙන්නේ නෑ, පිළිතුරු දෙන්න මම බැඳිලත් නෑ. අනුමත කරන්නේ නැත්නම් ඔබට පිලිතුරු දෙන එකේ පලක් නෑ............

මා මේ සටහන විශේශයෙන් තිබ්බේ ඔබ වෙනුවෙන් නොවෙයි, ඔබට තේරුම් කර ගැනීමේ හැකියාවක් නැති නිසා මේක බලන තේරෙන අය වෙනුවෙනුයි.

මීට වැඩිය පැහැදිලි කරන්න දෙයක් මට ඉතිරි වෙලා නෑ, ඔබ හිතන දෙයක් හිතා ගන්න​.



ඔබට ජය​



4 comments:

  1. දහසක් අන්තවාදීන් අතර උන්මත්තක සොයුරාගේ උත්සාහය අගයකරනවා !

    නමුත් ඔබ කියූ නබීතුමාගේ කාලයේ මුහුනපාන්නට සිදු වූ යුද්ධ කුමන්ත්‍රන ආක්‍රමන ප්‍රති-ආක්‍රනම මේ සියල්ලටම යටත්ව සෙසු ආගමීක මගපෙන්වීම් වලට සාපේක්ශව ඉතා වෑඩියෙන් ම්ලේච්චත්වය ග්‍රන්තාරූඩ කරතියෙනවා...........

    නමුත් අවාසනාවට කාරනය වර්තමානයේ ඉස්ලාම් උගද්න් යෑයි කියාගන්නා බොහෝදෙනා ඔය ඔබ කියන ඵ්තිහාසික පසුබිම අමතකකර අද කාලයේත් ඵ් වදන් ඵ් ආකාරයෙන්ම ක්‍රියාවට නගන්නට උත්සාහ කිරීමයි...............

    මිනිස්සුන්ගේ චින්තනය මොට වෙලා තියන මේ වගේ සමාජයක ඵ්වෑනි මවාගත් පෞර්ශයකින් යුතු සටකපට නලුවන් විසින් අති දක්ශ රගපෑම්වලට මිනිසුන් රෑවටීමේ ප්‍රවනතාවය වෑඩීයි.................
    උලමාවරු පමනක් නොවෙයි.........විතිත්‍ර ධර්මකතික ස්වාමීන්වහන්සේලාද............දේශනාවාදී කතෝලික පියවරුන් යෑයි හදුන්වාගන්නාපිරිස...........ක්‍රිස්තියානි ගෑලවීමේ පාස්ටර් තුමන්ලාද මේ දේ මේ විදියටම කරනවා............

    ඵ් තුලින් ඵම නලුවන්ගේ බලය තහවුරුවීමද සෑප වෑඩිවීමද සිද්ද උනත් සාමාන්‍ය ජනතාවසිය සහෝදර අසල්වෑසියා දෙස වෛරයෙන් යුතුව බලන්නත් අවසානයේ ඵ් වෛරය ම යුද්දයකට පෙරලෙන්නත් පුලුවන්...............

    ජනතාව වශයෙන් අපි ඔක තේරුම්ගත්තොත්...............

    සිoහ ලේ තියන මිනිසුන්ද..............
    දෙයියන්ගේ මෑට්ටෙන් හදපු දේව දරුවන්ද...........

    නොව අපි හෑමෝම ඵ්ක හා සමාන මිනිස්සු බව තේරුම් යාවි...............අන්න පදාට ඔය ජිහාඩ් ඈන්ටි-ජිහාඩ් කෘසේඩ් මුකුත් ඔනවෙන ඵකක් නෑ...............

    ඵ්ත් මේ මජර ක්‍රමය තුල කොහෙන්ද ඵහෙම හිතන්න ඉඩක්................

    ඵ්ක හිතන්න ඔන අපි අපිම මිසක් !

    කෘසේඩ් කරන්න කියන පාහර ඈමරිකාවත් ජිහාඩ් කරන්න කියන වේස සවුදි අරාබියත් ඵක පතේ කනවා බලබල.......... ම්නිස්සු දෙකට බෙදිලා මරාගන්න හෑටි දෑක්කම ජනතාව කොච්චර බුද්මත්ද කියලා තේරෙනවා !

    ReplyDelete
    Replies
    1. අපි මනුස්සයෝය කියන අර්තය දෙන ඔබේ වටිනා ප්‍රතිචාරයට මගේ ස්තූතිය​

      Delete
  2. උන්මන්තක​ මිත්‍රය,

    //මධ්‍යස්ත' හොරාගේ අම්මගෙන් පේන අහන බව​ත් ඔබ කීවා. එතන හොරාගේ අම්මා මමය​, හොරා අල්ලාහ්‍ය.​//
    අහක යන නයි රෙද්ද අස්සේ දා ගෙන කනවා කනවා නියන්නේ මොකද ?
    මෙතන උපමාව ගැන කිව්වොත් මධ්‍යස්ත කිව්වේ ඔහු තමන්ගේ මුස්ලිම් මිතුරකු ගෙන් අසනලද බවයි මෙතැනදී හොරාගේ අම්ම (අපහාස කිරීමට නෙමෙයි උපමාව පිණිසයි ) ලෙස සදහන් කලේ එම මුස්ලිම් මිතුරටයි හොරා ඔබ කියන අල්ලෙක් නෙමෙයි අද පවතින මුස්ලිම් නායකත්වයයි. ඔබ සියල්ල පටලවාගෙන සිටින්නේ.



    //අන්තර්ජාලයේ හෙළුවෙන් ඉන්න පිරිස හෙතෙම බලපු එක ඔබ බලා සිටියා, නැති නම් අංජනමක් හරි බලල ඒ බව ඔබ​ දැනගත්තා, නැත්ත නම් එච්චර විශ්වාසෙකින් ඔබට ඕවා කියන්න බැහැනේ.//

    මට කරන්න දෙයක් නෑ ඔබ නබි තුමාගේ කුඩාරම අස්සේ හිටියට, ඔබ ඔබට අවාසි සහගත දේ කියවන්නේ නැතුව ඇති.
    http://www.dailymirror.lk/24551/sri-lanka-is-no-1-nation-in-sex-searches-on-google


    //ඉතිං මිත්‍රයෝ ඕවා ගැන මෙතන කිය කියා ඉන්න එකේ එවැනි සිදුවීමක වාර්තාවක් හෝ ඉදිරිපත් කරන්නකෝ. ඔබගේ මනස්ගාත මෙතන ලියලා මිනිස්සු කුලප්පු කරන්නනේ නැතිව//

    ඇයි ඔබට මතක නැද්ද හලාල් ක්‍රමය ගැන මිට පෙර සිදුවුන දේ (ඇත්තටම ඔබ ශ්‍රී ලංකාවේ නෙමෙයිද ඉන්නේ ?) මෙයට මුලික උනේ මුස්ලිම් පල්ලියයි. අන්තිමට දැඩි පීඩනයක් ඇතිවුනාට පසු එය අකුලගත්තෙත් මුස්ලිම් පල්ලිය මුලික නායකවරුනුයි, දැනටත් රහසිගතව මේ ක්‍රියාව පවතිනවා.

    //මුස්ලීමුන් පමනක් ඕවා කරන බව හූවා දැක්වීමට ඔබ උත්සාහ කල එකයි වැරැද්ද​නොව පොදුවේම ඔය දේ සිද්ද වෙන බවයි සත්‍යය//
    අපෝ නෑ මේවගේ වැඩ සිංහල අයත් කරනවා නමුත් සිංහල අය මෙතරම් සංවිදාන ශිලිව මාහාපරිමානයෙන් මෙය සිදුකරන්නේ නෑ. (හැබෙයි එකනම් සිංහලයාගේ තියන කුහක ගතිය කියලයි මම සිතන්නේ )

    //විතර්ක ගෙනෙන්නාව (මාව​) ඔබ දුටුවේ බොරු කියන සත්‍ය වසං කරන පිළිකුල් සහගත නරුමයෙක් ලෙසයි.//
    ඔබ සිටින්නේ සිතින් මවාගත් ලෝකයකයි, ඔබවැනි සිතින් මවාගත් ලෝකවලට මෙරටේ අනෙක් මිනිස්සුන් ගියහම වෙන්නේ ලෝක සත්‍ය ඉදිරියේ කඩා වටිමයි. මෙතැනදී ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව සත්‍ය වසං කරනවා කියන දෙයට කිසිම සැකයක් නෑ.

    //'ඉස්ලාම් ආගමේ සාමය පිලිබදව ඉතා ප්‍රගතශීලි අදහස් සදහන් වෙනවා' බව කියමින් ඉස්ලාමය ගැන සුභ අදහසක් ප්‍රකාශ කිරීම ගැනත් ප්‍රසංසා කල යුතුමයි.//

    මා කොහෙද "සාමය පිලිබදව ඉතා ප්‍රගතශීලි අදහස් සදහන් වෙනවා" කියල තියෙන්නේ මා කියල තියෙන්නේ
    ඔබ විසින් මා කියන ලද {ඉස්ලාම් ආගමික නායකයන් සිදුකරන්නේ කුරානයේ ඇති ඉතා යහපත් දේවල් නැවත නැවත අදාළ සමාජයේ අනෙකුත් ආගමිකයන් සමග බෙදාහරිමයි නමුත් යම් අවස්ථාවක් ඔවුන්ට ජනබලය ලැබුනද එදා සිට අනෙක් ජාතිකයන් එක්කෝ මුස්ලිම් වියයුතුයි නැතිනම් මැරුම් කෑ යුතුයි.}

    මිට ඉහත කොමෙන්ටුවෙන්

    {රටක මුස්ලිම් සුළුතරය පවතිනවිට මෙවැනි අංශ උලුප්පා දැක්වීමට මුස්ලිම් ආගමික නායකයන් ක්‍රියාකරන්නේ නෑ ඔවුන් සැමවිට සාමය ගැනමයි කතාකරන්නේ, එසේ කරමින් අදාළ රටේ සම්පත් යොදාගෙන වියාපාර කරමින් තම වර්ගයා වේගයෙන් බෝකිරීම් සිදුකරනවා. මෙසේ කර යම් සීමාවකට පැමිණිවිට ඔවුන්ට තේරෙනවනම් තමන් අදාළ ප්‍රදේශයේ ජනගහනයෙන් වැඩි පිරිසක් බව, මුස්ලිම් ආගමික නායකයන් හෙමින් සීරුවේ තම සැගවූ ආගමික නියාය පත්‍රය ඉදිරියට ගෙනවා.}

    කොටසින් ඔබට උවමනා කොටස, ඔබ කැමති ලෙස අර්ථ දක්වලා.


    //නොයෙකුත් හේතුන් නිසා ඔබ මුස්ලීමුන් නුරුස්සනවා ඇති//
    කොහෙද එහෙම කියල තියෙන්නේ මට ප්‍රශ්නය ඇත්තේ මුස්ලිම් මිනිසුන් නෙමෙයි ඔවුන්ව අන්තවාදී ආකාරයට මෙහෙයවන පල්ලියත් එම පල්ලියට අදාළ අන්තවාදී තොරතුරු සපයාදෙන කුරානය ඇතිලු අනෙක් ඔවුන්ගේ අටුවා ග්‍රන්තත්.

    //මදිවට සෞදි අරාබිය වැනි රාජ්‍යයන් තුල ඇති අන්තෝනමතික​​ නීති, හා දඬුවම් ක්‍රම​ නිසාද ඔබට එසේ සිතෙන එකේ වැරද්දකුත් නැහ//

    මෙය හොදම උදාහරණයක් ෂරියා නිතිය රජපවුලට අදාළ වන්නේ නෑ කොහොමද එක සිදුවුනේ කුරානයේ කොහෙද ? සදහන්වන්නේ මෙය ?
    http://www.news.com.au/entertainment/tv/sex-lies-and-sharia-law-the-secret-life-of-the-sultan-of-brunei/news-story/6eac970ff7aa06716f95356a5470d3f4

    මේකෙන් පේනවා බලය තියනවානම් මේ මුස්ලිම් ආගමික නායකයන් දෙකට නැමෙන බව.

    මෙන්න මේ නිසා තමයි රටක ආගම් වල නීති සියල්ලම අහෝසි කර රටේ පර්ලිමේන්තුව මගින් සමාන නීතියක් ක්‍රියාත්මක කල යුතුයි කිව්වේ.
    මේ රටේ නීතියක් දැම්මොත් කිසිම ආගමක නීතියක් මගින් රටේ මුලික නිතිය උල්ලංගනය කල නොහැකි බව සහ එසේ කර අසුවුනොත් වසර 20 වැනි සිරදඩුවමක් පුද්ගල තරාතිරම නොබලා ක්‍රියාත්මක කලොත් මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති නුවනු ඇති.

    මම මේ අදහස් ඉදිරිපත් කලේ මෙතන ඉන්න සිංහල අය ඇවිස්සීමට වත් මුස්ලිම් මිනිසුන්ට පහර ගැසීමටවත් නෙමෙයි සිදුවන ක්‍රියාවලිය ගැන බුද්ධිමත් ලෙස කල්පනා කර ඉදිරියේ ඇතිවන අනතුරින් බේරී යාමටයි.

    ReplyDelete
  3. මම මොහුට පිලිතුරු දෙන්නේ නෑ මෙතන​, මොහු තටමන හැටි කියවන ඔබලාම වටහන්න​.

    මොහු බොරු කියන බවට මෙන්න සාදක​,

    මොහු මේ ලිපියේ තැබූ සටහනක්:

    //මා කොහෙද "සාමය පිලිබදව ඉතා ප්‍රගතශීලි අදහස් සදහන් වෙනවා" කියල තියෙන්නේ මා කියල තියෙන්නේ
    ඔබ විසින් මා කියන ලද {ඉස්ලාම් ආගමික නායකයන් සිදුකරන්නේ කුරානයේ ඇති ඉතා යහපත් දේවල් නැවත නැවත අදාළ සමාජයේ අනෙකුත් ආගමිකයන් සමග බෙදාහරිමයි නමුත් යම් අවස්ථාවක් ඔවුන්ට ජනබලය ලැබුනද එදා සිට අනෙක් ජාතිකයන් එක්කෝ මුස්ලිම් වියයුතුයි නැතිනම් මැරුම් කෑ යුතුයි.}//

    මේ මොහු 'සූරා මුහම්මද් (අදියරය: 47 පදය​: 35)' ලිපියේ කල ප්‍රතිචාරය:

    (අවසානයට පෙර චේදය බලන්න)​

    Lankika SithuwiliDecember 1, 2015 at 8:22 PM
    මධ්‍යස්ථ මතධාරියා සහ උන්මන්තක,

    //මෙම සූරාව ප්‍රකාශ වී ඇත්තේ අනර්තකාමී පරිසරයක් තුල දුෂ්කරතාවයෙන් පෙලෙන පිරිසක් වෙනුවෙනි.//

    මේ ලෝකයේ මිනිසා ඇතිවූ කාලයේ සිට අදදක්වා පවතින මුළු කලපච්චේදයේම අනර්තකාමී පරිසරයක් තුල දුෂ්කරතාවයෙන් පෙලෙන පුද්ගලයන් සිටියා සහ සිටිනවා. මේඅනුව මේ නිතිය අහවල් කාලයට පමණයි අදාළ මේ කාලයට අදාළ නෑ වැනි දෙයක් හොද සිහියෙන් කිව නොහැකියි (උම්මත්තකයකුට නම් කිව හැකියි :) )

    ඔබ බලන්න ආසියාව දිහා දැනට ශතවර්ෂයකට පෙර පැවති ඉන්දුනීසියාව, බංගලිදේශය පමණක් නෙමෙයි පාකිස්තානයේ පවා බලයෙන් ඉස්ලාම් ආගමට හරවා ගත අවස්ථා නැද්ද?.

    ඔබට කියන්න පුලුවන්ද බහුතරය ඉස්ලාම් දර්මය අදහන රටක සිටින අන් ජාතිකයන්ට නිදහසේ තම ආගම අදහන්න දෙන ? මා දන්නා පමණින් තුර්කිය පමණයි යම් හෝ නිදහස්සක් ඇත්තේ නමුත් තුර්කිය පුර්නලෙස රජය පාලනය ආගමෙන් වෙන් කර තමයි පවතින්නේ.

    මා කියන්නේ ඉස්ලාම් ආගමට පමණක් නෙමෙයි කිසිම ආගමික සන්විදානයකට රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමට ඉඩදිය යුතු නෑ.
    රටේ පොදු නිතිය මෙඅනි අන්තවාදී ආගම්වාදී සංවිදාන උල්ලංගනය කරනවා නම් දැඩි දඩුවම් පමුනවා නතර කල යුතුයි.

    අනෙක් වැදගත් ම කාරණය ඉස්ලාම් ආගමේ සාමය පිලිබදව ඉතා ප්‍රගතශීලි අදහස් සදහන් වෙනවා නමුත් ඔබ දැනගත යුතු ඉස්ලාම් ආගම අදහන පිරිස් ඔබට නොකියන දෙය නම් පසුව සදහන් යුද්දය පිළිබද තොරතුරු වලින් අදාළ සාමය පිළිබද තොරතුරු අහෝසිවීම පිලිබදවයි.

    බුදුරජානන් වහන්සේ භික්ෂුන්ට දේශනා කර තිබෙනවා රටේ නීතියට අනුව කරයුතු කල යුතු බව.////////////

    උපුටා ගැනීම​,

    ලිපිය​: සූරා මුහම්මද් (අදියරය: 47 පදය​: 35)

    http://unmanthaka.blogspot.com/2015/11/47-35.html#comment-form

    ReplyDelete