Tuesday, January 12, 2016

සිහිනයටම සීමා වූ​ සිහින සිත්තම​​!

අවුරුද්දකින් විතර පසු 2016යේ ජනවාරි 8 වෙනි දින, මා සිත මගෙන් උදුරාගෙන​ තම සන්තකයේ තබාගෙන සිටින​ වෙද හාමිනේ මට​ නැවැතත් හමුවුවාය​​. මා මේ කියන දෙය​ ඒ තරම් විශේශිත​ හෝ මට සතුටක් නොවන කරුණක් වුනත්, මේ පසු සිදුවීම ගැන​ සටහනක් මෙතන තියන්න ඕන වුනේ, මේ වෙද හාමිනේ සම්භන්දයෙන් මතුවට​ ඇති වෙන ඕනෑ යම් කරුණක්, මගේ රචිකයන් සමඟ බෙදා ගන්නා බවට වෙද ඇස් දෙකකට පෙම් බැඳී ඒකපාර්ශික ප්‍රේමය! ලිපියෙන් මා පොරොන්දු වූ නිසයි.


මට මේ අවස්තාව උදාවුනේ, මගේ මවට නිතර පහේ හැදෙන තදබල හිසේ ඇම්මක් සඳහා ප්‍රතිකාරයක් කරගන්න, මෙම වෙදහාමිනේ සොයා යන්න අපට අවශ්‍ය වූ නිසයි. මගේ මවට විටින් විට ඇතිවූ තදබල හිසේ ඇම්මක් කිසිවිටකත් දොස්තර බෙහෙත්වලින් සුව නොවූ අතර නිට්ටාවටම නොවුනත්, හටගත් සෑම අවස්තාවක දීම​ මවට තාවකාලික සහනයක් හෝ​ ලැබුනේ මෙම වෙදහාමිනේගේ දිවැස් වෙදකම් තුලිනුයි.


මවට බෙහෙත් කරන්න යන්න සිදුවූ  සියලු පෙර අවස්තාවන්වලදී උවමනාවෙන්ම මා මග ඇරී සිටී නමුත් මෙවර​ මට ඇය සොයා යන්න සිදුවුනේ, ඈ වෙත මව කැටුව​ යාමට​ මගේ සහෝදරවරුන් කවුරුත් නොසිටි නිසයි. ඇය දැකීම මා මග ඇර සිටියේ, 
දැකීමට තිබුණු අකැමැත්ත නිසා නොව​, ඇය මුන ගැහෙන්න සුදුසු වාතාවරණයක් තවමත් මට​ සැකසිලා නැති නිසයි. මගේ ආර්තිකය සුභ අතකට ගමන් අරඹා තිබුනත් තවම එය පරිනතය දැක තිබුනේ නැත​. හැකි පමනින් ඇය දැකීම වලකාලීම ම උවමනාව වෙලා තිබුනේ, මා ආර්තිකව ස්ථාවර වන තුරුයි. 'අවුරුදු හයක් ඉක්මන් නොවූ ඇය ඒ ටිකට ඉක්මන් වෙයිද?' ලෙස මා අධිතක්සේරුවක සිටීමත් තවත් හේතුවක්.

කුමන දේ කලත් සපල නොවී පරාජයම දැක ඒ පරාජිත මනසින්ම එදා ජීවත් වූ මා අද 
ක්‍රමයෙන් විශ්වාසය ගොඩනගාගෙන එන​ ව්‍යාපාරිකයෙක්....ජපානයෙන් වාහන ගෙන්වා අලෙවි කරන (මෑතක​ රවි'කෙළිනකම්ම) සාර්තක ව්‍යාපාරිකයෙක්. මා පෙර පසු කල ​ඒ 'අබුද්දස්ස කාලය' මට දැනුනේ, ''ඇස් නිදහසේ ඇර, අත් පා බැඳ දමා, විවෘත වාහනයක පසු පස​ මා නංවා, රට වටේ ගෙන යමින්, විච්චූරන පෙන්වා, විකුර්ති සතුටක් ලබන්න වූ, විකාර ඝනයේ සතුරෙකු වගෙයි'' එම තත්වයෙන්  මා මිදී ඒමට​තැරව්කාර කම් කලේ මේ වෙද හාමිනේ බවයි මාගේ විශ්වාසය. ඇය නිර්දේශ කල වෙද පිළිවෙත් අදත් මා පිළිපදින්නේ, එම  විශ්වාසය නිසයි. ඇගේ මතකය මගේ සිතේ සදාතනික වීමට මේකත්  හේතුවක් වුනා.

සැළකිය යුතු විරාමයකින් පසු දිටී මාව ඇය පිළිගත්තේ, සුපුරුදු සිනාභරණ​යෙන්
තම​ මුව අග සරසමිනි (ඇය සිනාසෙන බව ඇගේ ඇස්වලින් දිටිමි ) ඇස්......ඒ ඇස්...ඒවා අතිශයින්ම ආකර්ශනීයයි...තත්පරයක් දෙකකට වඩා එක දිගට​ ඒවා බලා සිටීමට එදිනත් මට බැරි විය.​ කතා බහ අතර තුර සැරින් සැර මගේ දෘෂ්ටිය අහකට ගන්න මට සිදුවුනේ, සංවාදයට බාදා ඇති කරවමිනි​....ඇගේ ඇස්වල තිබුන කාන්තිය මගේ ඇස් දැවුලුවේ පෙර නොවූ කෲර ලෙසිනි​.... මගේ පෙර ලිපියේ ඇගේ ඇස් ගැන ඇති තරම් වර්ණනා කර තිබෙනවා....

මාස කිහිපයකින් පසු ඇයව දැකීමෙන් සිතේ වැලලී තිබූ මතකයන් නැවතත් මතුවන්න වු
නේ හද​ ගැස්ම ඉහළ​ දමමිනි. පහුගිය කාලයේ අප අතර සිදුවුනු වචන හුවමාරු SMS හුවමාරු කිසිවක් නොවූනා සේ ඇය මා සමඟ කතා බහේ යෙදෙන්න වුනාය​. උක්ත කාරණයට​ ආදාල කරුණු පමනක්  කතා කළ ඇය​, ඒවා ගැන ඉතා උවමනාවෙන් අවදානයට​ ගත්තාය​​. කිසිවිටෙක​ ඇය​ කිසි වෙනසක් දිස්නොකල​ අතර තමා සාමාන්‍යම බව මට නොකියා කීවාය​.​

මතුවූ ඇගේ මතකයන් එය​ ලැගුම් ගෙන සිටි සැකිල්ලෙන් වටවූ බැලූනය​ සොයා,​ නැවතත් 
එහි හැංගෙන්න​ පෙළෙඹුනේ, ඇගේ ශරීරයෙන් මා අලුතින් දුටු වෙනස්කම් නිසාය​. ගත වූ මාස කිහිපයේ විරාමය තුල ඇය තරමක් මහත් වී ඇති බව දුටිමි. ඇගේ ශරීර වර්ණය තව තවත් ඔප ගැන්වී ඇති බව ඇගේ අත්වල දිස්වූ පුෂ්ටිමත් බවින් පෙනිනි. මගේ සිතට දැනුනු කම්පනයේ බලවත් බවින් ඇතිවූ අසමබරතාවය වසා ගන්න බැරිව මා තටමන්න වුනේ, මගේ මව මා අසලම සිටියදීමයි. මා කම්පනයට පත්වුනේ මගේ දෑසට අලුතක් වූ ඇගේ මහත දැකීමෙන් පමනක් නොව, ඇගේ උදරයෙන් දිස්වූ වෙනස​ දැකීමෙනි. ඔව්,,,,ඇය ගැබ් ගෙනයි හිටියේ....

ඇය අලුත​ විවාහයක් කරගෙනය​,,,,එය නිස්චිතවම මා නොදන්නා නමුත් 'සාමාන්‍යයට අනූව එය එසේ විය යුතුයි' මට සිතිනි. කට්ටකින් නොවෙයි පරාල ඇනයකින්,,,,,නැහැ,,,,අලවංගුවකින් ඇන්නාක් මෙන් මට දැනුනි. කවදා හෝ දිනක ඇය හිමි කර ගන්නවා ලෙස මවාගෙන තිබූ මගේ සිහින මාලිගාව 
මගේ හිස මුදුනම​ කඩා වැටුනේ මගේ හවත තලා පොඩි කරමිනුයි. එයින් නික්මුනු අලු දූවිලි අප සිටි සාලය පුරා විහිදී ඒවායෙන් ඇති කල පරාජිත රූංගාර මගේ කන් අඩිවල​ අඬ බෙර ගැසුවේ ඇනුම් පද කියමිනි. වැඩි විස්තර දැනගන්න සිතුනත්, අවිනීත බවක් දැනුනු නිසා, එය නොඅසාම මව සමඟ ​මා පිටව ගියේ, තව දුරටත් එතන අසුන් ගෙන සිටීම​ මට වේදනා සහගතව දැනුනු නිසයි....තනිවෙන්නයි මගේ උවමනාව තිබුනේ....තනි වී ඉඳන්කල්පනා කරන්නයි මට ඕන​ කලේ. තනිවී ඉඳන් අඬන්නයි මට උවමනා කලේ.

පෝටිකෝව තුල අලුත් අංක පුවරුවක් සහිත TVS JUPITER වර්ගයේ රතු පාට ස්කූටරයක් නවතා තිබෙනවා, ගෙට ඇතුල් වෙන අවස්තාවේ දී
 මා දුටුවත්, එය එතරම් අප්‍රසන්න එකක් බව මා දුටුවේ ගෙයින් පිටවෙන ඒ මොහොතේ දීය​. ආපසු හැරී ගෙදර යන අවස්තාවේ දී වාහනය පැදවූ මට,​ පාර තියා මෙලෝ දෙයක් කල්පනාවේ නොතිබුනි. ඇගේ මතකයන් රිපීට් වුනේ ඔටෝ රිවයින්ඩිං ක්‍රමයටයි....දැං ඇති...දැං ඇති...ආයේ එපා...සිත සමාදාන කරන්න පෙළෙඹුනෙමි....ඇයව අමතක කළ යුතුයි යන මතයට ආවෙමි,...අධිශ්ඪානයකට පැමිනියෙමි...පිළිගන්න අදිමදි කල සිතට ඇයව අමතක කිරීමට හේතු පෙන්වා දෙන්නට උත්සාහ කලෙමි

ඇය මගේ නොවෙයි, මේ වෙන විටත් වෙනෙකුගේය​, තමාට සුදුසු කෙනෙක් ඇය තෝරාගෙනය​, මට වඩා ඔහු හොඳයි ලෙස ඇයට සිතෙන්න ඇති, තම පවුලේ සාමාජිකයන් හය හත් දෙනෙක් ජීවත් කරවන්න තරම් ආර්තිකයෙන් ඔහු ශක්තිමත් කෙනෙක් වෙන්න ඇති. හොඳ පෞරුෂත්වයෙන් හෙබී පුද්ගලයෙක් වෙන්න ඇති, ඇයට ආදරය පාන මෘදු මනසක් හිමි පුද්ගලයෙ
ක් වෙන්න ඇති. කොටින්ම මට වඩා ඇයට වඩාත්ම ගැලපෙන පුද්ගලයෙක් වෙන්න ඇති,  මට එහෙම සිතුනේ ඇය බුද්දිමත් හා ඉවසිලිවන්ත කාන්තාවක් නිසා වැරදි හෝ ඉක්මන් තීරණ නොගන්නා බව දැන සිටි නිසයි.

නමට හෝ මා සහකාරියක් හිමි කෙනෙකි, ඇය සහකාරයෙක් නිහිමිව සිටි කෙනෙකි , දැන් ඇයට එය හිමිවී තිබේ, ඇගේ ජීවිතයේ ඇය​ එළියක් දැකීම සතුටට කරුණකි. මා ආර්ත්මාථකාමීයෙක් නොවේ නම්, ඒ දේ සිදුවිය යුතුයි, හිමි නොවුනත් ජීවිතය එළිය කල ඇයට මා ආශිර්වාද කල යුතුයි. ඔහොමයි මම මගේ සිත සමාදාන කර ගත්තේ. දිළිදු පවුලක, දරු තුන්දෙනෙක් හිමි කනවැන්දුම් ගැහැණියක් විවාහ කර ගැනීමට පෙරට ඒම පිළිබඳව​, ඔහු ගැන මට ඇති වුනේ මහත් ඝෞරවයකි....විරහ වේදනාවෙන් විලාප දෙන්න වූ සිත මා සන්සුන් කර ගත්තේ බොහෝම අමාරුවෙනි..


සිතින් මම ඇයව ඉවත් කරන්න තීර
ණ​ය කලත්, ඇය තමාට සිදුකරගෙන ඇති එම වෙනස​ මට දැනී ඇති බව​ ඇය දැනගන්නට සැලැස්වීමට​ මට අවශ්‍ය විය. එයට ඇගේ ප්‍රතිචාරය කෙසේ වේද යන්නත්, එය​ දැනගැනීමත් මගේ කැමැත්ත​ විය​. එම පනිවුඩය ඇයට මා කිව්වේ, දුරස්ව ඇයව අමතන්න මා පුරුදුව සිටී කෙටි පනිවුඩයක් හරහාය. එවරත් ඇයව මා ඇමතුවේ දෙමළ භාෂාවෙන්මයි.

''உண்கலிடம் புதிதாக நாண் கண்ற மாட்றம், நீண்கல் மருமனம் செய்து இரிப்பதாக என்ன சொள்கிரது. மணம் மிகவும் ஆசய் கண்டு ஆவழ் தண்த ஓரு ஐீவண் இணி ஏணகில்லய் ஏண்பது வேதணையாக இருண்தாலும், அட்டூலியம் புரியும் செய்தாணுக்கு வலி மரித்து இருப்பதய் கன்று நிம்மதியும் அடய்கிரேண். உண்கலுக்கு அல்லாஃ அருல் புரிய ஏனது மணமார்ன்த துஆக்கல்....''(
ඔබගෙන් මා දුටු වෙනස ඔබ නැවත විවාහයක් කරගෙන ඇති බව ඒත්තු ගන්වයි, සිත බොහෝම කැමැත්තෙන් ඉඳ ආෂා කල ජීවයක් මතුවට මට නැතැයි යන බවින් වේදනාවක් දැනුනත්, වරදට පොළොඹවන සාතාන්ට වැට බැඳී ඇති බව දැනී සහනයක් ඇති වෙයි. ඔබට අල්ලාහ්ගේ ආශිර්වාදය ලැබීමට මගේ හර්දයාන්ග ප්‍රාර්තනාවන්)

මේ මා ඇයට තැබූ පනිවුඩයයි. පිළිතුරක් ගැන හීන් බලාපොරොත්තුවක් තිබුනත්, ඇගෙන් පිළිතුරක් ලැබුනේ නැති අතර එවන්නක් සිදු නොවෙන බවත් මා දැන සිටියා.  .

මවට පිළියෙල කර තිබූ බෙහෙත් ටික ගන්න පසුදිනත් එහෙට්ට යන්න මට සිදුවිය​...සිතින් අහක් කරන තීරණයේ මා ස්තාවරයේ සිටි නිසා සාමාන්‍ය ලෙස මා ඇගේ ගෙදර ගියෙමි....ගෙදර අසලට යන තෙක්ම මම සාමාන්‍යයෙක් වුනිමි....රතු පාට ජුපිටරය නවතා තිබිනි, එය දැකීමත් මට සාමාන්‍යයක් විය​....දොර අසලටම පැමිනියෙමි... සාමාන්‍යයක් විය...පෝටිකෝවට නැග්ගෙමි...එයද මට සාමා.....න්‍ය​....න්න්නෑ,..ක්,.නොවීය....ගේ දොරකඩ සිටගෙන සිටි, මා කිසිසෙත්ම මෙතන බලාපොරොත්තු නොවූ පුද්ගලයා දැක​....

ඈඈ....යකෝ මූ! මූ කොහෙද මෙහේ? මට කියවින...බලාපොරොත්තු නොවූ ලෙස මාව දුටු ඔහු ඇඹරෙන්න විය​...සිනාසෙන්න උත්සාහ කර මට විරිත්තුවේය​...පෙරලා මාද විරිත්තුවෙමි...සරමකින්ද බැනියමකින්ද සැරසී තුවායක් අතැතිව ගෙදරින් එළි බසිමින් සිටි ඔහු, කතා නොකර බැරි නිසාදෝ ආආ...ම්මචාආන්...කොහේද මෙහේ.....ගෙයක් කියන එක පෞද්ගලික වුනත් වෙද ගෙයක් පොදු එකක් වගේ නිසාත්, පෙරලා මගේ මුවින්ද පිටවුනේ ප්‍රශ්නයකි ​​....ආඅ,,ආඅ මචාඅන්...ඔයා කොහේද මෙහේ' ලෙස මා ඇසුවායින්,....ම්ම්මේඑ...මම්ම් ​.....මමයි මෙයා,,,..ගේ....න්න්න්​...මෙයායි මගේ....වයිෆ් තමයි.... කියා එම හිස් ගෙය පෙන්වා මට කීවේය​....

කිසිම අපහසුවකින් තොරව, ඔහු කී ඒ කාරණාව මට පහසුවෙන් වැටහිනි....නියමෙටම​...බොක්කටම වැදිනි...

මා විවාහ වී ඔය කියන නගරයට පැමින අවුරුදු 19ක් වූ කාලයක පටන් මා මොහුව හඳුනමි. මගේ වයසේම වන මොහු, ඉස්කෝලේ මගේ බිරිඳගේ සහෝදරයෙක්ගේ පංතියේ ඉඳ තිබුනු නිසා, විවාහ වී අලුත සිටම මා මොහු හඳුනමි, ඔහු මා සමඟ බොහෝම කුළුපගව සිටියේය​. 

පෙර දී මගේ බිරිඳගේ පවුලේ අය සමඟ ඉතා හොඳින් ඇසුරු කල මුත් මගේ බිරිඳගේ සහෝදර තම ​මිත්‍රයාට මොහු කල අකටයුතුකමක් නිසා, අපේ පවුලේ උදවියට මොහු සමඟ සහාවාසය තහනම් විය​. තහනම මටද බලපැවැත්වෙන්න වූ නමුත් පවුලේ අය අසල නැති මොහොතක​ මොහුව​ දකින්න ලැබුනොත් හොර රහසින් වචනයක් හෝ කතා කර යෑම මගේ සිරිතක්ව තිබිනි. 

මොහුගේ තිබුනු විශේෂත්වය වන්නේ මා ඔහුව හඳුනන ඒ අවුරුදු 19යක කාලය තුල කිසිම වෙලහෙළඳාමක් හෝ රස්සාවක් නොකර ඉඳීමයි, එම හේතුවෙන් පසුතැවිලි හෝ ලැජ්ජා වන බවකුත් ඔහුගෙන් පෙනුනේ නැති අතර​ එයට උත්සාහයක් කල බවක් හෝ මා දැකලා නැත​. නමුත් ඔහු ඇන්දේ පැලැන්දේ ජැන්ඩියටයි. මුදල් හදල් අතේ නොගැවැසුනු බවක් දැනෙන්නත් නොතිබුනි. ඇසුරු කලේ පොෂ් උදවියයි. පක්‍ෂ විපක්‍ෂ දේසපාලකයන් සමඟත් ඇසුරුකම් ක මොහු මිත්‍රශීලී පුද්ගලයෙක් විය​

ඕනම කෙනෙක් මිත්‍ර කර ගන්න ඔහු දක්‍ෂයෙකි, පියකරු සිනහවකින් ඔහු සතුරාද මිතුරු කර ගනීයි. නළු පෙනුමක් තිබුනු මොහු, තම ලා තරුණ වියේ දී එවක නගරයේ ධනවත්ම ව්‍යාපාරිකයාගේ දුව සමඟ ප්‍රේම පැටලවිල්ල සිටී බවත් මිතුරන් අතර ප්‍රචලිතව තිබුනි. අවසානයේදී මා ඔහුව දකිනා තුරුම ඔහු අවිවාහකයෙක් බවත් මා දැන සිටියෙමි. නළු ගතියේ කොහොල් ගතියකුත් තිබෙන බව එක්තරාවූ කරුණකි. මොහු තම විය හියදම් සපුරා ගත්තේ ප්‍රධාන පෙලේ රටක මහකොමසාරිස් කාර්‍යාලයක සේවය කරන, අවිවාහක තම වැඩිමහල් සොහොයුරියකගෙන් බවත් මිතුරන්ගේ කතා බහට ලක්ව තිබුනි. එම සොහොයුරිය දැන් විශ්‍රාම ගොසිනි.

සිද්ද වෙන්න ඕන සියල්ල හරියාකාරවම සිද්ද වෙලා ඇති බව අවසානයේ මට හොඳටෝම වැටහිනි. 

අවුරුදු 30 කට විතර ඉහත ගලේවෙල දඹුල්ල මාර්ගයේ හමුවූ තලකිරියාගම නම් ගමේ තිබුනු තේ පැන් කඩයක් ගැන මගේ මතකයට ආවේ නිකමටයි​. එම කඩේ නම 'ගෑණි මිනිහා' කඩයයි. කඩයේ පරිපාලන ස්වභාවය දැකලාපැමිනෙන රියදුරන්  පටබැන්දූ නමයි 'ගෑණි මිනිහා කඩය' 

මවගේ බෙහෙත් වට්ටෝරු පිළිබඳව වෙදහාමිනේ සමඟ මා කතා බහේ යෙදී සිටින​ අවස්තාවේ, තම බිරිය සමඟ මා තනිකර​ පෝටිකෝවේ නවතා තිබූ ජුපිටරයේ නැගී ඔහු උජාරුවට යන්න පිටත්වීම දැකීමෙන් මට 'ගෑණි මිනිහා කඩය' නැවැතත් මතක් වුනි.

ඇගෙන් සමුගෙන මා ගෙදර ගියේ සැහැල්ලු බර සිතකිනි, දරු දෙදෙනා පෙරදරාගෙන ගේ දොරකඩ​ මා එනතුරු මග බලා සිටින මගේ බිරිඳගේ රුව මට මැවී පෙනුනේ ඒ අතර තුරයි...............




                මගේ සත්‍ය ආදර කතාව සීත උක්‍රේනයේ ​සුමුදු සැඳෑවක්! කියවා  ප්‍රතිචාර දෙන්න.
Post a Comment