Wednesday, January 27, 2016

එම්බාම් චූන්!

මට මේ කතාව මතකෙට ආවේ අජිත් කුමාර බ්ලොග් දර්ශකයේ හඳුන්වලා දුන්නු අලුත්ම බ්ලොගයක් වන http://karakoppuwa.blogspot.com/යේ කියවන්න ලැබුනු http://karakoppuwa.blogspot.com/2016/01/blog-post.html ලිපිය නිසායි.


මා මෙතන මේ කතාව කිව්වට මොකද මේකේ සත්‍ය අසත්‍යාවය ගැන නම් තහවරුවක් වෙන්න බෑ.

වැල්ලම්පිටිය හංදියේ 2000 වසරේ මා කරගෙන ගිය ග්‍රොසරියක නිතර පහේ එන යන පාරිභෝගිකයෙක් මට සත්‍යයයිද රහසයිද ලෙස රසකර විස්තර කල​ කතාවකි මේ..........


මා මේ සඳහන් කල වකවානුවට කාලයකට පෙර ඔය කොලොන්නාවේ හිටියා චන්ඩියෙක්, පාතාල නායකයෙක් කිව්වත් වැරදි නෑ. සුදුවට හිටපු මහත්මයකු ලෙසයි ඔහු හැඳින්වෙනු ලැබුවේ. එවක කෙරුනු දේශපාලනික මිනී මැරුම් බොහොමයක් මොහු සිදු කරායිද​, ලලිත් අතුලත් මුදලි ඝාතනය සිදු කලේද මොහු විසින්ම බවටද රාවයක් ඇත​.

සාමාන්‍ය මිනිසෙකුට ඔහුගෙන් ප්‍රශ්නයක් නිතිබුනත්, ඔහුට බියෙන් ජීවත්වීමට එවක කොලොන්නාවේ මිනිස්සු පුරුදුව සිටි අතර තිබෙන බිය නිසාම පලාතේ මිනිස්සු ඔහුට මෙන් ඔහුගේ සගයන්ට පවුලේ උදවියට ඝරු සරු දීමෙන් ජීවත් වූහ​. 

එවක සිදුවූ දේශපාලනික පෙරළියෙන් පසු වැඩි කල් යන්ට මත්තෙන්ම ​සිදු කල මෙහෙයුමකින් මෙම පාතාල නායකයා ඝාතනය කරනු ලැබිනි. එය කරනු ලැබුවේ ඔවුන් අතරින්ම මතුවූ තවත් පාතාල කල්ලියක් විසින් වූ අතර එම අවස්තාවේ ඝාතනයට ලක්වුනේ එම පුද්ගලයා පමනක් නොව ඔහුගේ බිරිඳද ඇතුලුවයි.

එම්බාම් කිරීම සඳහා මොවුන්ගේ මෘත ශරීර ගෙන ගොස් තිබුනේ කොලොන්නාව ආසන්නයේම ඇති වෙනමම පලාත් පාලන ආයතනයකින් පාලනය වන​ තවත් නගරයක තිබූ මල් ශාලාවකටයි.

මල් ශාලාවේ  එම්බාම්කරුවා පාතාල නායකයාගේ මිනියේ එම්බාම් කටයුතු සාමාන්‍යයෙන් සිදුකල බව කියවෙන අතර පාතාල නායකයාගේ බිරියගේ මිනිය එම්බාම් කිරීමේ දී ඔහු විසින් කිසියම් විශේෂයක් කල බවයි මෙතන​ කියවෙන්නේ.

'මෙම පාතාල නායකයා ජීවතුන් අතර ඉඳල තිබුනොත් මෙවැනි දෙයක් කරන්න මොහුව පනපිටින් ඉතුරු කරයිද' කියලයි අහවල් පාරිභෝගිකයා කතාව අවසන් කලේ...

22 comments:

  1. මළසිරුරු කෙලෙසීම මානසික රෝගයක්.ට්‍රාන්සැල්වේනියා බ්ලොග් එකේ විස්තර සහිතව කතා වෙලා තිබුනා.. ලිංකුව හොයාගන්න බෑ හදිස්සියට..
    ජයවෙවා..!!

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි,

      ඔබටත් ජයම වේවා

      Delete
  2. මේ ගැන කව්රු හෝ කෙටිකතාවක් ලියා තිබුනු බවත් මතකයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි,

      Delete
  3. එම්බාම් කරන අයකුගෙන් මම ඔය ගැන ඇහුවා.මෘත ශරීර සමග ලිංගිකව එක්වෙන සමහරු ඉන්නව කියලා ඔහු කීවා.ඔය ගැන පුවත්පතක ලිපියකුත් පලවෙලා තිබුනා.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි,

      Delete
  4. මට මතක විදිහට ට්‍රාන්ස් මේ ගැන කතා කරා නේද???????? 

    ReplyDelete
    Replies
    1. මට ඔය ලිපිය කියවන්න බැරි වුනා,

      ප්‍රතිචාරයට ස්තූතියි,

      Delete
  5. මොකද්ද ඩෝ අගක් මුලක් නැති නිකන් ඕපාදූප ලියන්නේ. උඹ රෑට චීත්ත කෑලි අඳින වැලේ වනලා තියන ගෑණු ජංගි හොරකම් කරගෙන ගිහින් ඉඹින එකෙක් වගේ උඹේ බොගේ නමටම ගැලපෙන මනෝ ගහපු පොරක්

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොගයේ නමම නිරූපනය කරන්න පුලුවන් වීම ගැන මට සතුටක්, ඒ බවක් සනාත කිරීම ගැන ඔබත ස්තූතියි

      Delete
  6. මෙහෙම දෙයක් ගැන මමත් අහලා තියෙනවා. ඒ හන්දා එහෙම දේවල් වෙන්න ඉඩ තියෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ලිපියට අරුතක් ඇතැයි බවක් කියා සිටීම ගැන ඔබට ස්තූතියි

      Delete
  7. ඔය ලෙඩේට කියන්නේ necrophilia කියලයි. වැඩිදුර දැනගන්න https://en.wikipedia.org/wiki/Necrophilia කියවන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ ලබා දුන් ලිංකුව පිලිබඳව මගේ ස්තූතිය​

      Delete
  8. මමත් මේ වගේ කිහිප දෙනෙක් ගෙන අහලා තියෙනවා. හැබැයි ඉතින් උගේ ආසවනේ..කාටවත් කරදරයක් නැතුව උගේ ෆන් එක ඌ ගන්නවා...

    ReplyDelete
    Replies
    1. කරදරයක් නෑ, මේ ඔබගේ අදහසයි.....ඒත්....අනේ මන්දා.....

      Delete
  9. මලමිනී එක්ක ඔව්ව කරන එවුන් ඇත්තෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ යුතුයි..

    ReplyDelete
    Replies
    1. ඔව්, එය එක්තරාවූ පිළිකුල් සහගත රෝගයකි

      Delete
  10. මෙය රෝගී තත්වයක් බව වෙද්‍ය රුවන් ලිපියක් තිබුණා. නමුත් සමහර එම්බාම් කරුවන්ට මෙය සාමාන්‍ය දෙයක්.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. ඔබගේ වටිනා ප්‍රතිචාරයට මගේ ස්තූතිය​

      Delete