Friday, July 22, 2016

නෙළුම් ඇට + වරකා + ස්ප්‍රයිට් = විෂ​ද


  අනුරාදපුර​, කහටගස්දිගිලිය​, ඊතල්වැටුනුවැව නම් ගම්මානයේ සිදුවී ඇතැයි කියන අවාසනාවන්ත හා  අනුවේදනීය  සිද්ධියක්  ගැන වාර්තාවකි මේ... වට්සප් හරහා මට ලැබුනු තොරතුරේ ඇත්ත නැත්ත ගැන මට තහවුරුවක් නැති අතර සඳහන් සිද්ධිය සැකවින් මෙසේය​.

ඉහත සඳහන් ගම්මානයේ පදිංචි ගැහැණු ළමයි පස් දෙනෙකුගෙන් සමන්විත පවුලක පියා පිට රටක සේවය කරන අතර මව ළමයි සමඟ එම ගම්මානයේ ජීවත් වෙයි.


සිද්දියට 
සම්බන්ධ  මෙම ළමයි පස් දෙනාගෙන් අත දරුවා හැරෙන්න​ ඉතිරි සතර දෙනා පසුගිය​ 19.07.2016 දින නෙළුම් ඇට හා වරකා අනුභව කිරීමකින් පසු එයින් ඇති වූ බඩ පිපුම මගහරවා ගැනීමට ස්‍ප්‍රයිට් බීම පානය කර ඇති බව වාර්තා වෙයි. ස්ප්‍රයිට් බීම පානය කර සුළු මොහොතකින්, සිද්ධියට සම්බන්ධ දරුවන් සතරදෙනාම සිහිමූර්ඡා වී වැටී ඇති අතර පසුව ගම්වැසියන්ගේ උදව් ඇතිව සියළු දෙනා රෝහලට රැගෙනවිත් භාර කර ඇත​. හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවයකින් පෙළී සිහිසුන් නොමැතිව සිටී ළමයි 4 දෙනා අධි සත්කාර ඒකකයේ සිට​ ප්‍රතිකාර ලබන​ අතර ඒ අතර සිටි අවුරුදු හතක ළමයෙක් අවාසනාවන්ත​ ලෙස​ පසු දිනම රණයට පත් වී ඇතැයිද වාර්තා වෙයි.




ඉහත සඳහන් පරිදි එයට ආසන්නව​ නෙළුම් ඇට, වරකා හා ස්ප්‍රයිට් පානය කිරීම හැර වෙන කිසිවක් අනුභව හෝ පානය කර නොමැති අතර ඒ වනවිට ඔවුන් සමාන්‍ය සෞක්‍ය තත්වයකින් පසුවී ඇත​. මේ ලිපිය ලියන මේ වනවිටත් ඉතිරි දරුවන් තිදෙනා තව වෙනතුරු සුවය නොලබා ජීවිතය සඳහා 
 පොරබදමින් 

 සිටින බවයි කියවෙන්නේ.

නෙළුම් ඇට ???


වරකා ???


ස්ප්‍රයිට් ???


නෙළුම් ඇට + වරකා = ???


වරකා + ස්ප්‍රයිට් = ???


නෙළුම් ඇට + ස්ප්‍රයිට් = ???


නෙළුම් ඇට + වරකා + ස්ප්‍රයිට් = ???


මේ සටහන මා මෙහි තබන්නේ මගේ බ්ලොග් කියවන්නන්ට මේ පිළිබඳව​ සුළුපහේ දැනුවත් කිරීමක් වශයෙන්ද, කාලයක් යවත්කාල නොවී තිබූ මගේ බ්ලොගය යාවත්කාල කිරීමක් වශයෙන්ද වෙයි.


ඉහත සඳහන් සිද්දියේ ඇත්ත නැත්ත හා එයට හේතු කාරක වන්නට ඇතැයි සිතෙන​, සැක කරන හෝ නිශ්චිතවම දැන සිටින යමක්, මෙය කියවන යමෙක් දනී නම්, ඒවා මෙහිදී අප සමඟ බෙදා ගන්නා ලෙස ඉල්ලා සිටින අතර​  එවැන් යමක් තිබේ නම් මෙවැනි අවසානාවන්ත සිදුවීම්වලින් වැලකී සිටීමට එය​ අපට උපකාරී වනු ඇත​.


6 comments:

  1. අනුවෙදිනීය නෙවෙයි අනුවේදනීය

    සිද්දිය නෙවෙයි සිද්ධිය

    සම්භන්ද නෙවෙයි සම්බන්ධ

    සිහිමුර්ජා නෙවෙයි සිහිමූර්ඡා

    පොරබදිමින් නෙවෙයි පොරබදමින්

    ReplyDelete
    Replies
    1. වචන නිවැරදි කලා,

      ඔබට ස්තූතියි.

      Delete
  2. මේ දවස් වල කථාවක් තියෙනවා නේද දූරියන් කාලා කොකා කෝලා බිව්වොත් මාරාන්තික සිශයි කියලා.
    මේ වගේ කථා වල ඇත්ත නැත්ත ගැන වෛද්‍ය වරු නිහඬව ඉඳීම වැරදියි.
    මේවා ගැන වඩා විද්‍යාත්මකව කරුණු පැහැදිලි කිරීම වැදගත්.

    ReplyDelete
    Replies
    1. ඔව්, කරුණු පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් තමයි මං මේ සටහන තිබ්බේ,

      ඔබට ස්තූතියි

      Delete
  3. Replies
    1. it is beyond my knowledge, it is appreciated if you can share your knowledge with us, thank you

      Delete