Sunday, August 21, 2016

මා උන්මත් කල ගී 16

  හැමෝම ගී තෝරන එකේ, මාත් හිතුවා ඉයන්ගේ​ ජීවිතය හා බැඳුණු ගීත සහ පොඩි තරඟයක් මගින් දියත් කල සොඳුරු අභියෝගය බාර ගෙන​ ගී දාසයක් තෝරන්න​. රැල්ලෙන් බැහැර​ ව කල් පසුවී, මා මේ කටයුත්තට ඉදිරිපත් වී ඇත්දෝ කියල මට සිතුනත්, පසු වී හෝ, මගේ සිත ගත් ගීත කිහිපය තෝරන්න මා ඉදිරිපත් උනේ මෙය ම​ගේ හදවතට බොහෝම සමීප අංශයක් වූ නිසයි... 'නිකං ආවාට ගියාටත් බෑනේ, සිංදු තෝරන්න'​... 'හෙඩින් එකේ වචනාර්තයටම වෙන්න එපෑයැ තෝරන සිංදු, 'මෙමරි කැපෑසිටිය​​ මේ ගීත රසනය කල​ කාලේ වගේ උනා නම්, 16ක් නෙමේ 16න් 10ක් තෝරන්න තිබුනා, අද ඇති මෙමරියේ තරමට 16 තෝරගත්ත නම්, ඒකත්​ ලොකු හපන්කමක්'  ද්‍රවිඩ​ ගීතයන් සමූහයක්ද මා දරුණු ලෙස උන්මාද කර ඇති මුත් මා සම්භන්ද වී ඉන්නේ සිංහල බ්ලොග් ලෝකය සමඟම වන බැවින්, මා සිත උන්මත් කල සිංහල ගීත පමනක් තෝරගන්න මෙහිදී මා තීරනය කලා​.

බොහෝ විට තුරුණු විය පැවැතුනු කාල වකවානුවන්ට​ අනූව, එම තෝරා ගැනීම් එකිනෙකාට​ වෙනස්වෙන අතර ඕනෑම කෙනෙක්ගේ සිතේ විශේෂයෙන් රැඳෙන්නේ ඔහු/ඇය තරුණ වියේ දී ශ්‍රවනය කල ගී පදයන්ම වීම සාමාන්‍යයකි. එම සාමාන්‍යයට විරුද්දව,​ සිත්වල ගැඹුරෙහි මිහිදත් වන සදාහරිත ගීතයන්ද අපමනය...ඒවාට කාල වකවානුවන් බල නොපායි...එවන්,​ කාලයන්හි හා අකාලයන්හි මා ශ්‍රවනය කල, 16 සීමාව​ට හසුවී, ​සිතේ පැලපදියම් වූ, ක්‍රමයෙන් මා උන්මත් කල, බොහෝ ආයාසයකින් මා තේරූ සිංහල ගීත කිහිපය​ මෙසේයි.


 රෝහන වීරසිංහයන් ගැයූ මේ ගීතය මාව බෙහෙවින්ම උන්මත් කල එකක්, මගේ අමායා ...මගෙ දෙවඟන (අමායා) 1 කතාවේද මේ ගීතය ගැන මා සඳහන් කර
තිබෙනෙවා.  
 රූකාන්ත ගුණතිලක ගැයූ මේ ගීතයද මාව උන්මත් කල එකක්. 
 නාමල් උඩුගම ගැයූ මේ ගීතයේ​, ඒ තරම් විරහවක් නොතිබුනත්, ගීතයේ ඇති තනුවල  රසය මාව උන්මත් කලා.
ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගැයූ මේ 'සඳ රේණු වෑහෙනා'  ගීතය මා උන්මත් කල එකක්
 ෂෙල්ටන් මුතුනමගේ ගැයූ 'මේ දෙව් මැදුරේ' ගීතය මා උන්මත් කල එකක්.
 ජගත් වික්‍රමසිහ ගැයූ මේ ගීතය මා බෙහෙවින්ම උන්මත් කල එකක්, පොදුවේම මා ජගත් වික්‍රමසිහගේ ගීතවලට කැමැති අතර ඔහුගේ බොහෝමයක් ගීත මා උන්මත් කල ඒවායි. 1960 දී  නිකුත් වූ බටහිර ගීතයක් වන​ Seald With a Kiss මා මුල්වරට ශ්‍රවනය කලේද​ ජගත් වික්‍රමසිංහගේ මියුරු හඬිනි. ඒ ගීතයට මගේ තිබුනු කැමැත්ත නිසාම, පසුව​ එහි මුල් ගීතය ශ්‍රවනය කරන්න වූ මට, ඒ ගීතය තුල ජගත්ගේ හඬින් මා විඳී ආශ්වාදය නොලැබුනි. මුල් ගීතය අභිබවා ගිය රසනයක් ලබා දී එම ගීතයට ජගත් අතිසාධාරනයක් ඉටුකර ඇති බව කිව යුතුමයි. එදා මෙදා තුර ජගත් මගේ ප්‍රියතම ගායකයාය.​

 රෝහන සිරිවර්දන ගැයූ 'දේව මන්දීරේ' ගීතය මා බෙහෙවින් උන්මත් කල එකක්
 විජය බන්ඩාර වැලිතුඩුව ගායනා කල 'ඇරයුම්පතක්' ගීතය මාව දරුණුව උන්මත් කල එකක්. 
 චඳ්‍රසේන හෙට්ටි ආරච්චි ගැයූ 'යෙහෙළියක සේ' ගීතය මා බෙහෙවින් උන්මත් කල එකක්. 
 ෂර්ලි වයිජයන්ත ගැයූ 'ඈත සිතීජයේ' ගීතය මා බෙහෙවින්ම උන්මත් කල එකක්. 
 දයාරත්න පෙරේරා ගැයූ 'ඔබට සිත ආදරේ කරයි' ගීතය මා උන්මත් කල එකක්. 
 මිල්ටන් මල්ලව ආරච්චි ගැයූ 'මේ මැයි ගහ යට​' ගීතය මා බෙහෙවින් උන්මත් කල එකක්.
 අතුල අදිකාරී ගැයූ ' පාරාදීසේ' ගීතය මා උන්මත් කල එකක්. 

ගී 16 යේ සීමාවේ නතර කරන්න සිදුවුනු නිසා නතර කලා මිසක් කැමැත්තෙන් නතර කලා නම් නෙවෙයි, මේ ගී ටික තෝරන අවස්තාවේ මා ඒ ගීතයන් තුල ජීවත් උනා. ඒ තරම් සුන්දර විඳීමක් මා ලැබුවේ. ගී දාසයේ සීමාවේ නතර වීමෙන් මා උන්මත් කල අනෙකුත් ගීතයන්ට මා මේ  අසාධාරණයක්දෝ කියලත් හිතෙනවා මට. කපුගේගේ 'උන්මාද සිතුවම්' ටී.එම් ගේ ගීත කිහිපයක්, සුනිල් එදිරිංහගේ ගීත සමූහයක් මාව පිස්සු වට්ටපු ඒවා.





            මගේ සත්‍ය ආදර කතාව සීත උක්‍රේනයේ ​සුමුදු සැඳෑවක්! කියවා  ප්‍රතිචාර දෙන්න.


මාව මගේ සුන්දර අතීතය කරා රැගෙන ගිය 'ඉයන්ට' නැවතත් මගේ ස්තූතිය​. 


23 comments:

  1. සුන්දර ගී පෙළක්.. ඔබේ සිනා ළඟ,මුතු කුඩ ඉහලන මාත් කැමති ම ගිත..!

    ReplyDelete
    Replies
    1. ඔබේ පැමිනීම මට සතුටක්, අපිත් ඔය පැත්තට වර්තා කලා, ඒත්, එය​ ඔබ පැමින ගියාට පසුවයි,,, මට තරමක ලැජ්ජාවකි,,, අනුන් සතුටු කිරීමෙහිලා,,, මා සිටින්නේ ඔබ පසුපසයි....

      ඔබට ජය​

      Delete
    2. අපොයි ඒකට කමක් නෑ.. ඉයන් මාමාගේ බ්ලොග් එකෙන් තමා මේ පැත්තට එන පාර හොයා ගත්තේ.

      හැබැයි ඔබ කියා තිබූ එක කාරණයක් එක්ක මං සම්පූර්ණයෙන් ම එකඟ වෙන්නෙ නෑ.ශ්‍රාවකයා තරුණ විය පසු කල අවදිය ගීත රසවින්දනයෙදි යම් ආකාරයකින් බලපානවා ඇති.ඒත් එ්ක එකම කාරණය නෙමෙයි.උදාහරණයක් විදියට තාම මගෙ තරුණ විය පටන් ගත්තා පමණයි.ඒත් මං වැඩිපුර අහන්න ආසා කරන්නෙ පැරණි ගීත.ඒ නිසා ඒක රසවින්දනය සම්බන්ධ කාරණයක් කියලා මම නම් හිතන්නෙ.

      Delete
    3. ඔබ හරී, මම කියපු කාරණ​ය තුල මා තරයේ නෙවෙයි සිටින්නේ, ඒත් ඒක​ ගොඩාක් දුරට බලපාන සාදකයක් බවයි මා කියන්නේ. පහත මා කියන කාරණා මගේ ඉහත කී අනුමානයට විහිළු කරයි.

      ගුණදාස කපුගේ 'උන්මාද සිතුවම්' ගීතයට මා බොහෝ කැමතියි, එය පළමුව ගැයුනේ මගේ තරුණ කාලයට බොහෝම ඉහතවයි.

      මම මගේ කතාවක කීවා සේ ''එහි කතා නායකයා, 21 වියේ පසුවන කතා නායිකාව වෙත, තමාගේ කැමැතිම ගීතය හඳුන්වා දෙන්න උත්සාහ කල අවස්තාවක​, ඔහුට​ ඇති වූ සුළු පැටලවීමකින් ගායකයාගේ නම වරද්දගත් මොහොතේ, වහාම ඉදිපත් වුනු කතා නායිකාව, එය නිවැරදි කරන්නේ, ඔහුව විශ්මයට පත් කරමිනි. ඒ වෙනකක් නෙවෙයි, ඒ ගීතය පළමුව​ ගැයවී තිබුනේ ඇය ඉපදෙන්නට​ත් පෙර බව ඔහු දැන සිටි නිසයි, (මෙය සත්‍ය කතාවක්​)

      Delete
  2. "බැස යන සඳ දැසින්" මමත් ආසා කරන ගීයක්.. නාමල්ගේ හඬ උමතු නොකලා නම් තමයි පුදුමේ උන්මන්තක..

    ReplyDelete
    Replies
    1. ඔබගේ පැමිනීම ගැනත් මගේ සතුට​, 'වැසි දැරිය'ට කියූ දෙයමයි මා ඔබටත් කියන්න වෙන්නේ, මා ඔබේ දිහාවටත් පැමින මගේ පැමිනීමේ සටහන තබලයි මේ පිළිතුරට ආවේ.

      //නාමල්ගේ හඬ උමතු නොකලා නම් තමයි පුදුමේ// ඒ උමතුවයි මට තවම තිබෙන්නේ......

      ඔබට ජය​

      Delete
  3. ඈත සිතිජයේ සිංදුවට මං ගොඩාක් කැමති.. මේක දකිනකොට මට ඒ සිංදුව මගහැරුනා කියලා දැනුනා...
    අපූරු එකතුව උණ්මන්තකයෝ....

    ReplyDelete
    Replies
    1. ඔබගේ පැමිනීම ගැනත් මගේ සතුට​, මගේ නම වැරදියට කියන්නෙපාපාඅ.......

      Delete
  4. පුළුවන්නම් ඔබ කැමති දෙමළ සිංදු ලැයිස්තුවක් දමන්න සිංහලෙන් විස්තරත් එක්ක. එය සිංහල කියවන්නන්ට දෙමළ සිංදු ලෝකයට ප්‍රවේශ වීමට උදවුවක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ පැමිනීම ගැනත් මගේ සතුට, ඔබේ අදහස ගැන සිතල බලන්නම්, ස්තූතියි අදහසට​

      Delete
  5. බොහොම ලස්සන් ගීත එකතුවක්.

    මෙතනින් මගේ කැමැත්ත තියෙන්නේ ජගත් වික්‍රමසිංහ ගේ සින්දු තුනට.

    ඔය ඉසුරු කොදෙව්වේ සින්දුවට ලස්සන වීඩියෝ එකක් තිබ්බා. මතකද?
    පහල ලින්ක් එක බලන්නකෝ.

    රූපවාහිනයේ "යාත්‍රා " ප්‍රෝග්‍රෑම් එකේ තමයි මේකත් ගියේ.

    https://www.youtube.com/watch?v=y4mWrL-vCAc

    ReplyDelete
    Replies
    1. ඔන්න සහෝ ඔබගේ කැමැති 'ඉසුරු කොදෙව්ව​' වීඩියෝව මාරු කලා

      ස්තූතියි

      Delete
  6. බොහොම ලස්සන් ගීත එකතුවක්.මෙ හැම ගීතයක්ම වගේ බෙහෙවින් කැමති ගීත මමත්.

    ReplyDelete
    Replies
    1. ඔබේ පැමිනීමත්, වටිනා වූ ඔබේ වචන ටිකයි මට දිරිය දෙයි,

      ඔබට මගේ ස්තූතිය හා ජය පැතුම​.

      Delete
  7. යටපත් වෙලා අමතක වේගන ගිය අපූරු ගීයක් 'පාරාදීසේ' නැවත මතක් උනා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අමතක වී ගිය ගීයක් මතක් කරමින් ඔබව සතුටු කරන්න හැකි වීම මටත් සතුටකි.

      ඔබට ජය​

      Delete
  8. මුතු කුඩ ඉහලන සිට මේ මැයි ගහ යට දක්වාම ++++++++++++++++++++
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔබේ අගේ කිරීම මට අගනා දිරි දීමකි

      මගේ ස්තූතිය හා ජය පැතුම​

      Delete
  9. මේ සින්දු වලින් සමහර ඒවා දන්නේ නැහැ. මිල්ටන්ගේ, ෂෙල්ටන් ගේ ෂර්ලි ගේ සින්දු වලට මාත් කැමතියි. ශර්ලි චන්ද්‍රලේඛා එක්ක මුලින්ම කියුඅ ගීතය මතකද? "ඈත ක්ෂිතිජයේ " ලස්සන සින්දුව.

    ReplyDelete
    Replies
    1. නැහ සහෝ, එහෙම සිංදුවක් අහපු මතකයක් වත් නෑ මට​. අනික මට තිබුනු එක්තරා පුරුද්දක් නිසා පුරුෂ හඬින් ගැයුනු ගීත ඇරෙන්න, ස්ත්‍රී හඬ හෝ මිශ්‍ර හඬින් ගැයුනු ගීත ඇසුවා බොහෝම අඩුයි. ඒ නිසා ඒවායේ මතකයුනුත් ඒ වගේමයි.

      Delete
  10. 16 යේ සීමාව බ්ලොග් පෝස්ට් එකටම නිසා, මග ඇරුනු තවත් සමහරක් ගීතවල තොරතුරු කොමෙන්ට් එකක්, දෙකක් හරහා මෙලෙස මා බෙදාගන්න මා සිතුවේ, ඒවා එසේ ඉවතලෑම හිතට හරි වදයක් වූ නිසයි.

    'ප්‍රේම මායා දැලේ' නිමල් ගුණසේකර​ https://youtu.be/XHZ-Zp8CKos

    'ඔබටයි මේ ආරාධනා' රෝහණ බෝගොඩ https://youtu.be/Uhv0kvm59HA

    'තනිවෙන්න ඉඩ දෙන්න' අජිත් ආරියරත්න https://youtu.be/LvvdAt8s120

    'ඔබ මා හමුවුනු මේ ඉර හඳ යට' කරුණාරත්න දිවුල්ගනේ
    https://youtu.be/Yt-h-S8-lXs

    මේ ඒවායින් සමහරක්

    ReplyDelete
  11. මුතුකුඩ ඉහලන සහ ඔබේ සිනා ලඟ......:)

    ReplyDelete
    Replies
    1. ඔබේ පැමිනීම හා ප්‍රතිචාර කිරීම ගැන මගේ ස්තූතිය​

      Delete