Tuesday, February 21, 2017

මට හිතෙන හැටි ගැන මට හිතුනු හැටි!


   වෘතියෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරයෙකු වන සංගි ගුණසේකර බ්ලොග් කරුවෙකු වශයෙන් සිංහල බ්ලොග් ලෝකය තුල තම පළමු පියවර තබා ඇත. බ්ලොග් ලෝකයේ ඉන්න අනෙකුත් බ්ලොග් කරුවන් මෙන්ම සුන්දර මනසක් හිමි චාම් දිවිපෙවතක් ගෙවන සංගි ගුණසේකර ගීත ලෝලියෙකුද වෙයි. සෞඛ්‍ය ක්‍ෂේත්‍රය යමක් හෝ දෙයකින් දිනපතා දැනුවත් විය යුතුද, ජීවිතයේ අපට බැහැර කරන්නම බැරිද​, එකක් වෙයි.  බ්ලොග් අවකාශයේ අප සමඟ සිටින වෛද්‍යවරුන්ගේ අත්දැකීම් එකක් වන අතර සෞඛ්‍ය පරීක්‍ෂක වරයෙකුගේ අත්දැකීම් තව එකකි​. සෞඛ්‍ය සේවයේ කාලයක් නිරත වෙමින් තවමත් ඒ සේවයේම ඉන්න සංගි ගුණසේකරට ඒ ආශ්‍රිත අත්දැකීම් සම්භාරයක් තිබේ.

මොහු ගැන වැඩි විස්තර මා මෙතන නොලියන්නේ, තමා ගැන විස්තාරාත්මක හැඳින්වීමක් කරන්න ලිපියක අවකාෂයක් ඔහුට ඉතිරි කරනු පිනිසයි, එමගින් බ්ලොග් ලෝකයට තම දෙවනු අඩියත් ඔහු තබනු ඇත. එහෙයින් මොහුගේ ජීවිතයේ මොහු විඳී අත්දැකීම් එකින් එක බ්ලොග් අවකාශය තුල ගෙන ඒම කරුණු කොටගෙන මොහුට දිරියක් වෙන ලෙස සහෝදර​ බ්ලොග් කරුවන්ගෙන් අයදී සිටිමි. මොහුගේ බ්ලොගය සාදා ගන්නට උදව් වන ලෙස විශේෂයෙන් 'අටමා'ගෙන් ඉල්ලා සිටිමි.

සංගිගේ 'මට හිතෙන හැටි' බ්ලොගයේ ඔහු අතින් ලියවුනු පළමු ලිපිය මෙසේය​.

Friday, February 10, 2017

සුදු මල් පොකුරක් අතේ තබාගෙන !​




       ලියන්න දෙයක් නෑ, මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුනා, දැම්මා. 



Sunday, February 5, 2017

සීත උක්‍රේනයේ ​සුමුදු සැඳෑවක්!

''විසිතුන් අවුරුද්දක් පාරමින් හද​ ගැඹුරෙහි මිහිදත්ව තිබඅකුරක් පාසා සත්යට ජීවය දෙන​ උත්සාහමහන්සියෙන් ගොඩ දමා අකුරු කල​ ආදර සිහිවටනය​, මෙසේ ඔබ වෙත​ දිග ඇරෙන්නේමට​  දැනුනු සතුට සොම්නස තුලට ඔබවත් කැන්දං යන්නයිආගන්තුක පරිසරයක් තුල ජාත්‍යන්තරව​ සිදුවූ වූ ප්රේම පුරානයක, සිදුවීම් සියල්ල ඒ අයුරින්ම​ ගොනු කරන්න​ වූ උවමනාව​ නිසා, ලිපියේ දිග පරයමින්, එතුල වූ විවිදවන් රසයන් ඔබට ලැබී, ඒ පරිසරය තුලට ඔබවත් කැන්දං යාවීයි බලාපොරොත්තු වෙමි''

එදා, 1994 ක්රිස්තු වර්ශයේ මාර්තු අට වෙනි දිනයි, අප එදා සිටී පරිසරයට අනූව, එදින​ ''වස්මෝවා මාර්තා'' (මාර්තුවේ අට)යි. එය බව ලත්තන්ගේ දිනයයි, ස්ත්රීන් වර්ණනාවන්ගෙන් නැහැවෙන​, ​ ආවතේව, ඝරු බුහුමන් උපරිමයෙන් ලබන​ ඔවුන්ගේම දිනයයි. එදින​, පුරුෂ පක්ෂය විසින් ඥාතීත්ව, මිත්රත්වයට​ අනුකූලව, කේජු-කැවිලි, මාල-වලළු, මුදු-කරාඹු, ඩෙනිම්-බොටොම්, රෙද්ද-හැට්ට​, සාය-සෙරෙප්පු, සෙන්ට්- පවුඩර්, පුෂ්ප​-කලඹ වැනි තෑගි බෝගද​, හාදු-මෝදු, වැඳුම්-පිදුම්ද, අරව-මේව, සුභම්-පැතුම්ද වැනි ආදර-සංග්රහද​, ලබා දී තම ස්ත්රී පාක්ෂිකයන්ව සතුටු කරන දිනයයි. ​අනෙක් තැන් කෙසේ වෙතත්, බටහිර යුරෝපය​, එසේමත් නැති නම්, මා එදා සිටී උක්රේනයට නම් එය එවන්ම​ දිනයක් විය​.