Friday, February 10, 2017

සුදු මල් පොකුරක් අතේ තබාගෙන !​




       ලියන්න දෙයක් නෑ, මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුනා, දැම්මා. 




සද රේනු වෑහෙනා,.. මේ සීත රත්‍රියේ,..
ඔබ ඉන්න,.. මාගේ ලගින්,..
හද පිරුණු වේදනා,.. පිසදා සිනා සලා,..
මට දෙන්න ආදරේ,.. ඔබගේ හදින්,..

.
පියවී ලොවේ කිසිදා,.. එක්වන්නෙ ඈ,..
එනමුදු මගේ සිතින්,.. වෙන්වන්නෙ නෑ,..
දෙතැන තනි වී සදා,.. හෙලන සුසුමන් නිවා,..
ඔබ ඉන්න මා,....ගේ ලගින්.....



සද රේනු වෑහෙනා,.. මේ සීත රත්‍රියේ,..
ඔබ ඉන්න,.. මාගේ ලගින්,..
හද පිරුණු වේදනා,.. පිසදා සිනා සලා,..
මට දෙන්න ආදරේ,.. ඔබගේ හදින්,...


තිබුණත් හදේ පැතුමන්,.. ඉටුවන්නෙදෝ,..
ඔබ ගැන පැතූ සිතින්,.. වැලපෙන්නදෝ,..
කදුළු හසරැල් මවා,.. මසිත ලතැවුල් නිවා,..
ඔබ ඉන්න මා....ගේ ලගින්,..



සද රේනු වෑහෙනා,.. මේ සීත රත්‍රියේ,..
ඔබ ඉන්න,.. මාගේ ලගින්,..
හද පිරුණු වේදනා,.. පිසදා සිනා සලා,..
මට දෙන්න ආදරේ,.. ඔබගේ හදින්,...



වෙරල කොනක,.. හිද බලා හිදින්නේමී,..
ඔබ එන මග,.. මා පවන් සැලී,...
පෙර දිනයක අප,.. හමුවූ තැන හිද,..
වෙන් වන්නට,.. මුනගැසෙමු යලී,..


වෙරලේ හැපෙනා,.. රල රල අතරේ,..
මුමුනයි හෙමිහිට,.. අපේ කතා,..
රැල්ලට නොපෙනී,.. වෙනතක ගියමුත්,..
සුදු වැලි මුමුනයි,.. අපේ කතා,..



වෙරල කොනක,.. හිද බලා හිදින්නේමී,..
ඔබ එන මග මා,.. පවන් සැලී,..
පෙර දිනයක,.. අප හමුවූ තැන හිද,..
වෙන් වන්නට,.. මුනගැසෙමු යලී,..


ඔබ හා දොඩනට,.. ගත සිත සක්තිය,..
නැති ලෙස හදවත,.. හඩා වැටේ,..
එනමුදු අප පෙම්,.. කතාව නිමවී,..
සමු ගන්නම් අද,.. තරහ නොවී,..



වෙරල කොනක හිද,.. බලා හිදින්නේමී,..
ඔබ එන මග මා,.. පවන් සැලී,..
පෙර දිනයක අප,.. හමුවූ තැන හිද,..
වෙන් වන්නට,.. මුනගැසෙමු යලී,..



ඔබ පෑ,.. පෙම් සිනා,..
මා හදේ,.. වේදනා,..
ආදරෙන්,.. මලක් සේ,.. 
රැක බලා,.. ගන්නෙමි,..

කවුලුවකින්,.. දෑස් අයා,.. 
පෙරමග බලා,.. ඉඳීයි,.. 
ඔබ තුරුලේ හිඳ,. 
නැලවී ඉන්නට,.. 
දෑඟිලි ගනින්නෙමි,...

ඔබ පෑ,.. පෙම් සිනා,..
මා හදේ,.. වේදනා,..
ආදරෙන්,.. මලක් සේ,.. 
රැක බලා,.. ගන්නෙමි,..

මුකුලු කතා,.. ඔබ ගොතනා
මිහිරීයි,.. සවන් පුරා
ඔබගෙන් ලැබෙනා,.. 
ඔවදන් අසලා,..
මා බිළිඳෙකු වේවි,...

ඔබ පෑ,.. පෙම් සිනා,..
මා හදේ,.. වේදනා,..
ආදරෙන්,.. මලක් සේ,.. 
රැක බලා,.. ගන්නෙමි,..


පිණි වැටෙනා.., මල් යායේ,..
පාවී යයි,.. සුනිල් වලා,..
බොඳ මීදුම්,.. කඳු අතරේ,..
ඔබව සොයා,.. මා එන්නේ,..       ( 2 )

නිල්වන් දෑසින්,.. මා මත් කරනා,.. 
සුන්දර අරුණැල්ලේ....
රන්වන් සමනල,.. තටු සලමින් යන, 
ඔබ වෙත මා එන්නේ....

පිණි වැටෙනා.., මල් යායේ,..
පාවී යයි,.. සුනිල් වලා,..

එකම ඉසව්වක,.. බැඳී සිටින සඳ...
හමුවන්නට,.. නොහැකිය ළතැවී,..
සිත රැඳි පැතුමන්,.. පොදි බැඳ එන අද,..
ඔබට කියන්නට,.. ප්‍රිය ළඳුනේ...

නිල්වන් දෑසින්,.. මා මත් කරනා,.. 
සුන්දර අරුණැල්ලේ.....
රන්වන් සමනල,.. තටු සලමින් යන, 
ඔබ වෙත මා එන්නේ....

පිණි වැටෙනා,..මල් යායේ,..
පාවී යයි,.. සුනිල් වලා,..
බොඳ මීදුම්,.. කඳු අතරේ,..
ඔබව සොයා,.. මා එන්නේ,..

අපේ ලොවක,.. තනි වෙන්නට පැතුමන්,..
කොතරම් පිරුණත්,.. වරම් නැතේ,..
බාධක හමුවේ,.. නොසැලී ඉමු අපි,..
භවය පුරා,.. පෙම්වතුන් ලෙසේ,..

නිල්වන් දෑසින්,.. මා මත් කරනා,.. 
සුන්දර අරුණැල්ලේ,....
රන්වන් සමනල,.. තටු සලමින් යන, 
ඔබ වෙත,.. මා එන්නේ.....

පිණි වැටෙනා,..මල් යායේ,..
පාවී යයි,.. සුනිල් වලා,..
බොඳ මීදුම්,.. කඳු අතරේ,..
ඔබව සොයා,.. මා එන්නේ,..


සමු දෙන්න,.. සමු ගන්න නම්,..
හඬවන්නෙ,.. ඇයි මේ තරම්,..
නොරිදා සිතින්,.. බැඳි පෙම් නමින්,..
සමු දෙන්න,.. සමු ගන්න නම්,..        ( 2 )

ඔබගේ ලොවේ හී,.. සැතපී දිවා රෑ,.. 
මා ගෙව්,.. අතීතේ පුරා,..                  ( 2 )
කවුදෝ ඔබේ සිතහී සැඟවී,... 
කවුදෝ ඔබේ,.. සිතහී සැඟවී,...
මිනිසා මෙසේ,.. වේවිදෝ,....

සමු දෙන්න,.. සමු ගන්න නම්,..
හඬවන්නෙ,.. ඇයි මේ තරම්,..
නොරිදා සිතින්,.. බැඳි පෙම් නමින්,..
සමු දෙන්න,.. සමු ගන්න නම්,.. 

සිතුදේම නොමවී,.. 
පැතුමන් නිමා වී,.. 
කුරිරුයි ඔබේ චේතනා,..                ( 2 )
ලං වී මෙසේ,.. ඔබේ දෑසේ වෙලී,..
ලං වී මෙසේ,.. ඔබේ දෑසේ වෙලී,..
මිනිසා මෙසේ,.. වේවිදෝ,..

සමු දෙන්න,.. සමු ගන්න නම්,..
හඬවන්නෙ,.. ඇයි මේ තරම්,..
නොරිදා සිතින්,.. බැඳි පෙම් නමින්,..
සමු දෙන්න,.. සමු ගන්න නම්,.. 

No comments:

Post a Comment