Tuesday, February 21, 2017

මට හිතෙන හැටි ගැන මට හිතුනු හැටි!


   වෘතියෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරයෙකු වන සංගි ගුණසේකර බ්ලොග් කරුවෙකු වශයෙන් සිංහල බ්ලොග් ලෝකය තුල තම පළමු පියවර තබා ඇත. බ්ලොග් ලෝකයේ ඉන්න අනෙකුත් බ්ලොග් කරුවන් මෙන්ම සුන්දර මනසක් හිමි චාම් දිවිපෙවතක් ගෙවන සංගි ගුණසේකර ගීත ලෝලියෙකුද වෙයි. සෞඛ්‍ය ක්‍ෂේත්‍රය යමක් හෝ දෙයකින් දිනපතා දැනුවත් විය යුතුද, ජීවිතයේ අපට බැහැර කරන්නම බැරිද​, එකක් වෙයි.  බ්ලොග් අවකාශයේ අප සමඟ සිටින වෛද්‍යවරුන්ගේ අත්දැකීම් එකක් වන අතර සෞඛ්‍ය පරීක්‍ෂක වරයෙකුගේ අත්දැකීම් තව එකකි​. සෞඛ්‍ය සේවයේ කාලයක් නිරත වෙමින් තවමත් ඒ සේවයේම ඉන්න සංගි ගුණසේකරට ඒ ආශ්‍රිත අත්දැකීම් සම්භාරයක් තිබේ.

මොහු ගැන වැඩි විස්තර මා මෙතන නොලියන්නේ, තමා ගැන විස්තාරාත්මක හැඳින්වීමක් කරන්න ලිපියක අවකාෂයක් ඔහුට ඉතිරි කරනු පිනිසයි, එමගින් බ්ලොග් ලෝකයට තම දෙවනු අඩියත් ඔහු තබනු ඇත. එහෙයින් මොහුගේ ජීවිතයේ මොහු විඳී අත්දැකීම් එකින් එක බ්ලොග් අවකාශය තුල ගෙන ඒම කරුණු කොටගෙන මොහුට දිරියක් වෙන ලෙස සහෝදර​ බ්ලොග් කරුවන්ගෙන් අයදී සිටිමි. මොහුගේ බ්ලොගය සාදා ගන්නට උදව් වන ලෙස විශේෂයෙන් 'අටමා'ගෙන් ඉල්ලා සිටිමි.

සංගිගේ 'මට හිතෙන හැටි' බ්ලොගයේ ඔහු අතින් ලියවුනු පළමු ලිපිය මෙසේය​.


''මට හිතෙන හැටි 

මගේ යහළුවෙක් ඊයේ මට කරන ලද ආරාධනයක් මත බ්ලොග් ලියන්නට මටත් ආසාවක් ඇති වුණා.ඔහු මා බ්ලොග් ලිවීමට කරන ලද පෙළඹවීම මා මෙතෙක් දුරට ගෙන ඒවි යැයි ම නොසිතුවද අද එය යථාර්තයක් බවට පත් වී ඇත.මොනවා ලියන්නද ,කොහෙන් පටන් ගන්නද ,කාට මා ලියන ප්‍රයෝජනයක් වේද ,ලියන්නට මට කාලය තෙයේවිද ආදී නොයෙකුත් ගැටළු මා තුළ තිබුනද මොනවා හරි ලියන්න ඕනෑ යන පදනම හිතේ දරාගෙන මාත් වැඩේට නමෝ විත්තියෙන් අත ගැහුවා කියමුකෝ.

ඇත්ත කිව්වොත් බ්ලොග් කියන්නේ මොනවාද කියල මට අවබෝධයක් ඇත්තෙත් නැහැ.මේ වැඩේ ඉදිරිය ගැන අවබෝධයකුත් නැතුව තමයි මන් මේ වැඩේ පටන් ගන්නේ.බලමු මා කොහේ නතර වේවිද කියල,,කෙසේ උනත් මාව මේ තරම් දුරට ගෙන ආව මගේ e-සහෝදරයට මම ගොඩක් නය ගැතියි ඔන්න''

                            මට හිතෙන හැටි

මොහුට දිරිමත් ප්‍රතිචාර ලබා දී බ්ලොගයේ අඩුපාඩු සාදා ගැනීමට උපකාර වන්න​. තම තමන්ගේ බ්ලොගවල​ මොහුගේ බ්ලොගයද එල්ලා ගෙන සින්ඩිවලට එකතු කර ගැනීමටත් සහාය වන්න​.

No comments:

Post a Comment