Thursday, June 29, 2017

මිරිස් ඇටයක් එහේ කොහොමද​?


    දැනට මා නිරතව ඉන්නේ වාහන වෙළඳාමේ බව පෙර ලිපියක දීත් මා කියල ඇති. ආනයනයේ දී මෙන්ම රට තුල කෙරෙන මිළ දී ගැනීම් හා අලෙවි කිරීම් වල දී විවිදාකාර පුද්ගලයන් අපට මුන ගැහෙනවා. අවසන් පාරිභෝගිකයාට අමතරව​, වාහන වෙළඳ ශේශ්ත්‍රයේම​ නියලී සිටින​ අප මෙන් ලොකු/පොඩි වෙළෙන්දුන්, තැරැව් රුවන් ඒ අතර වෙනවා. මා කියන්න යන මේ පුද්ගලයා පොඩි වෙළෙන්දාද තැරැව් කාරයාද නැත්නම් ලොකු වෙළෙන්දෙක්ද වත්ද කියල හිතන්න​ බැරි අපූරු තාලේ චරිතයක්.


නිකන් ජැන්ඩියට අඳින්න කැමැති, සපත්තු කුට්ටමක් කව්බෝයි තොප්පියක්, කලු කන්නාඩියක් නොපළඳා එළි නොබසින,​ මොහුව​ මුළුමනින්ම විශ්වාස තබාගෙන වැඩකට බහින එක නම් බොරු. 'පාන්දර වාහනේ අරං එන්න අපි කොළඹ යං' කියල පෙර දින​ පොරොන්දු වෙන​ මිනිහා, පොරොන්දු වෙලාවට සූදානම් වෙලා මම කතා කලාම, මට කියනවා ඇත්තේ, හිමිදිරියේ පිටත්වුනු බස් එකක නැගී යාපනය යන තමන්​ ඒ වන විට​අනුරාදපුරය පසු කර ඇති බවයි. ?!@%^&*?? කොහෝම තියේවිද​? මල පනින්නැද්ද මං අහන්නේ? න්නෑනේ! පුදුමේ කියන්නේ, තරහක් එන්නෙත් නෑනේ මේ මනුස්සයත් එක්ක​! ඔහු සමඟ ආශ්‍රයේ දී දැං මට ඕවා සාමාන්‍ය දේවල්. බොරු කාරයෙක් හෝ රැවටිලි කාරයෙක් කියන්න තරම් පුද්ගලයෙකුත් නෙමෙයි. ඔබටත් මුන ගැහිල ඇති, එවේලේ ඔබට "යකෝ,,,, මූ,,,,????" ඒ ඔබේ ඇඟිල්ල​ ඔබ නොදැනීම ඔබේ  නහය ස්පර්ශ කරන ගමන්... "මූ නම් මිනිහෙක්ම තමයි" කියලත් කියවෙන්න ඇති, ඒ ඔබේ ​ මවිත බවේ උච්චකම නිසාම.. අන්න ඒ වගේ චරිතයක්.

ළමිස්සියෙක් තරුණයෙක් කුඩා නිවුන් ගැහැණු දරුවන් දෙදෙනෙක් ඉන්න 'පිස්සු' තාත්ත කෙනෙක් මූ, මම ඔහොම කිව්වේ නිකමටම නෙවෙයි, ඔහුව හඳුන්වන්න​ නම අගට ඔය වචනේ නෙයෙදුවොත් ශේශ්ත්‍රයේ සමහරුන්ට නොතේරෙන නිසයි මට එහෙම කියවුනේ. තම​ බිරිඳ හා දරුවන් ගෙනා ආගමේම ඉඳීද්දී, උපතින් හින්දුවෙක්  වූ මොහු දැන් ක්‍රිස්තියානියෙක්. විටක අතේ සතේ නැතිව ඉන්න මොහු තවත් විටක අලෙවිය සඳහා වාහන කිහිපයක් ගේ අසල නවතා ගෙන ඉඳියි. යොදවා ඇති මුදල් මොහුගේමද කියල වෙලාවට හිතුනත්, මොහුගේ නෙමෙයි කියල හිතන්නත් කරුණු නොදෙයි. සමහරුන් මොහු සමඟ ගනු දෙණු කරන්න බියක් දක්වන​ අතර තවත් සමහරු දීර්ග කාලයක් තිස්සේ ප්‍රශ්නයකින් තොර ගනු දෙණු කරගෙන යයි. අවුරුද්දකට වඩා කාලයක්​ මා ආශ්‍රය කරන මොහු, මට දැනෙන්න අවස්තා ඇති වෙලාත්, තම අමාරුකමක් නිසා සුළු පහේ අතමාරුවක් හෝ මගෙන් ඉල්ලලා නැහ​. එවැනි අවස්තාවක් මට ඇතිවෙලත් නෑ. ඒ නිසා, බලාපොරොත්තුවෙකින් තොර අපි හොඳ මිතුරන් විමු.

තේවතු හිමි ඉතා ධනවත් පවුලකින් පැමින ඇති මොහු, දැනට​ කල් ගෙවන්නේ එදිනෙදා ජීවිතය ගැට ගසාගෙනයි, උරුමයෙන් ලැබුනු කුඩා නිවසක තම බිරිඳ, වියපත් මව හා දරුවන් සමඟ ජීවත් වන​ මොහු තමන්ටම ආවේනික තමන්ගේම ප්‍රතිපත්තියක් ඇතිව​​ සැහැල්ලු ජීවිතයක් ගත කරයි. අනුන් නිසා නොවන තම සිත පරිදි ජීවිතයක් ගත කරන මොහුගේ ඒ ප්‍රතිපත්තියට මා බෙහෙවින් කැමතියි. මොහු, මගේ සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් හි එන 'ෆේජි'ගේ කාබන් කොපියක් වත්ද කියලත් වෙලාවකට සිතෙයි. ​ මොහු! සුන්දර මිනිසෙක්! මොහු සුන්දර බවක් මට වඩාම දැනුනේ, ආසන්න වයසේම සිටින අපි දෙදෙනාගේ හැඟීම් සමානව තිබුනු නිසා, අපේ තරුණ වයස ගෙවෙන්න ඇත්තේ සම කාලයේම නිසා, තරුණ කාල මතක සටහන් අපේ සිත්වල මිහිදත්ව තිබෙන​ නිසා, ඒවා වමාරන්නට අවස්තාවක උමනාවක් දැඩිව දැනුනු නිසා, මෙය එම අවස්තාව වූ නිසා වැනි කාරණායි.

අපේ තරුණ කාල රසවත් සිද්දීන්, කරපු ගොංකං
අපි මතක් කර ගත්තේ සිත විවෘර්තව​ අව්‍යාජවය​.

කුමක් හෝ විහිළුවක් කර අසල ඉන්නන්ව​ සතුටින් තබා ගැනීමේ හැකියාව මොහුගේ විශේෂයි. අවුරුදු විස්සක පමණ විරාමයකින් පසු මා බඩ පැලෙන්න හිනා වුනා නම් හිනා වුනේ මොහුගේ කතාවලටයි. දුක් කරදර පීඩා ආදියෙන් මිදී සැහැල්ලු බවක් ලබා මොහොතකට හෝ සතුටක්, මොහු නිසා මා​ විඳී බව නම් සහතිකයි. මොහුගේ ජීවිතය රසවත් කතාවලින් පිරුනු එකක්. අන්න ඒ වගේ රසවත් කතාවක් තමයි මෙහෙම දිග ඇරෙන්නේ. මිළ දී ගැනීමේ අරමුනින් වාහනයක් පරික්‍ෂා කරන්න යන්න වූ අවස්තාවක​, අපි වාහනයේ යන අතර තුර​ 'ඔබ මගේ මේ කතාව අහල නැද්ද?' කියල​ පටන් ගෙන ඔහු දිගටම කියාගෙන ගිහින් කතාව අවසන් කරන විට මට ඇති වූ බඩ පැලෙන හිනාව නතර කර ගන්න මට බැරි විය​, එය​ සැරෙන් සැරේ මතක් කරමින් ගමනාන්තය දක්වාම ඒ කතාව​ මාව ​හිනැස්සවිය​......​
මගේ සිත ගත් මේ මිත්‍රයා අත්දුටු මේ අපූරු සිද්දිය ඔබ සමඟ මේ ලෙස මා බෙදා ගන්න සිතුවේ ඔහුගේ අනුමැතියද ඇතිවය​.

අවුරුදු කිහිපයකට ඉහත දී මැණික් ගල් වෙළෙඳාමක් සඳහා තමන්ට
මැලේසියාවට යන්න සිදුවී කාලයක් එහි නැවැතී සිටීමටත් සිදුවූ බව කී මොහු, එහිදී තමා අත්දුටු අපූරු සිද්දියක් ගැනයි මේ කියන්නේ. අනෙකුත් රටවල්වල මෙන්ම​ මැලේසියාවේද රාත්‍රී සමාජ ශාලා තිබෙන බවත්, ඒවා තරාතිරම, වාණිජ තත්වයන්ට අනූව බෙදී වෙන්වෙන​ බවද කියයි. මුදල් බහුලව ගැවසෙන වෙලාවල්වල ලොකු තැන් වලට යන තමන්, ඒවා අඩු වෙලාවල්වල යන්නේ එවැනි තැන්වලට බව බායාදු හිනාවක් පාමිනි.. රිංගිත් පනහක් දුන්නොත් ලොකු ජොග්ගුවක තරම් වීදුරුවක් පුරවා බියර් ලැබෙන බව කියන මොහු, තරාතිරම අඩුවුනා කියල ලැබෙන ආශ්වාදයේ අඩුවක් නැති බවත් කියයි. "මොකද එහෙම මදිකමුකුත් නැහ​, ඒවාට එන්නෙත් හොඳ වැදගත් බවක් පෙනෙන උදවියයි" ලෙසත් කීවේය. තමාට එහෙම  සිතුනෙත්, සුහද සිනහවක් පාමින් අසල මේසයේ ඉඳ තමා වෙත පැමිනි ඒ මැදිවියේ කාන්තාව නිසයි, ලෙසත් කීවේය.

මෙතෙන් සිට ඔහුගේ වචන වලින්ම.......

හොඳ පොෂ් විදිහට ඇඳ පැළඳ සිටි ඇය අවුරුදු පන​හ ඉක්මව ගිය කෙනෙක් බව නම් මට හොඳටෝම තේරිනි. මට වැඩිය වයසින් වැඩි  ඇය හිටි ගමන් මා වෙත පැමිනි කාරණය ඉවෙන් වගේ දැනුනත්, මැලේසියානු ජීවිතයේ දැනුනු තනි පංගලම නිසාම 'ඔහේ මොකක් වුනත් කමක් නැහැ' යි  සිතා ඇය සමඟ කතාවට වැටුනෙමි. ආ ගිය කතාවෙන් පටංගෙන නොයෙකුත් මාතෘකා අපගේ ප්‍රිය සම්භාශනයට එක්විය​. කාර්‍යයට අවතීර්න වෙන්න කුමක් හෝ දෙයක් කතා කල යුතුව තිබුනු නිසා සත්‍යද අසත්‍යද වශයෙන් මොහොතක් අප අතරේ වූ පිළිසඳර ඇදී ගියේය​​. බැලූ බැල්මට ඉන්දියානු සම්භවයකින් පැමින ඇතෙයි සිතිය හැකි ඇය සුදුත් නැති කලුත් නැති හීන්දෑරී කාන්තාවක් වූවාය​. ඇත්තට කියනව, නම් ඇගේ පියකරු බව ඒ වෙලේ මට එතරම් වැදගත් නොවීය​. ළමයි කිසිවෙක් අසල නැති ඇය දික්කසාද ගැහැණියක් බව ඇගෙන් ලැබුනු තොරතුරු අතරින් මට මට වැදගත්ම තොරතුර විය​.

අප අතරේ ඇතිවූ කතා බහ අතර තුර​ ඇගෙන් ලැබුනු අමතර බියර් වීදුරු දෙක මාව උපරිමව පදම් කලේය​. එයින් මා උතුර දකුණ නොතේරෙන තරමට පත් වී සිටියෙමි. එය ඇගේ උවමනාව බව මට තේරුණත් මා ඇගේ උවමනාව පරිදි හැසිරුනේ​ කැමැත්තෙන්මයි. වෙනසක උවමනාවක් මටද තිබුනු අතර සමහර කාරණා වලට​ හොඳ සිහිය බාදාවක් බව දන්නා නිසා මා එසේ කලෙමි. කාලය එසේ ගෙවමින් තිබිය දී, වෙරි මරගාතේ සිටි මාව, ඇය තම වාහනයේ නංවාගෙන නිවස කරා රැගෙන යාම​, තම නිදන කාමරය දක්වාම මා කැටුව​ යාම​, වැනි සියළු ජවනිකා මට හීනයක් පමනක් විය​. එතනින් එහා සිද්ද වුනු දේවල්ද හීනයන්ම​​ මිස සිහියකින් සිදුවූ දේවල් නම් නොවෙයි. අවසානයේ දී එය ඔබටත් තේරෙනු ඇත.

තෙහෙට්ටුවෙන් මා අවදිවෙන විට එළිය වැටී ඇගේ නිදන කාමරයේ ජනේලයෙන් රිංගා ඇතුල් වුනු සූර්‍ය කිරණ කෙලින්ම​ වැටුනේ මගේ මුහුන මතටයි. තව දුරටත් නිදා ගන්න හැකියාවක් නැතිව තිබුනු නිසා, වහා නැගිට ඒ ඇඳේම කොනක​ හිඳ ගත්තෙමි. තෙහෙට්ටු ගතියක් මගේ ශරීරයට දැනුනත් එය ඊට වඩා දැනුනේ මගේ වෙනත් අවයවයකටයි (ඔබ අනුමාන කලා වැරදියි සහෝ...ඒක නෙවෙයි අවයවේ) ඒ මගේ දිවයි. රාත්‍රියේ සිද්දවෙන්න​ ඇතෙයි කියන​ දේ මට තේරිනි. ඈලි මෑලි කම,​ තෙහෙට්ටුව නැති කරන්න​,​​ දිව එහෙට්ට මෙහෙට්ට කර සුළු ව්‍යායාමයක් කරන්න වූ මට අමුත්තක් දැනුනි. ඒ මගේ දිවේ අග හරියේ දැවටී තිබුනු දෙය නිසයි. අතට අරගෙන බලන්න වූ මට එය මිරිස් ඇටයක් බව තේරුණි. මිරිස් ඇටයක්? එහේ කොහොමද මිරිස් ඇටයක්? මගේ රාත්‍රි ආහරයේත් මිරිස් අඩංගු නොවී තිබීම​​ මට ඒකාන්තව විශ්වාසයි. එහෙනං! ??? මේ මිරිස් ඇටේ? රාත්‍රීයේ වෙරි තව නොහිඳවූ මත්තෙන්, මිරිස් ඇටේ ප්‍රශ්නය මගේ හිස අවුල් කලේය​.

"හායි ශ්‍රී ලංකන් ගයි! යූ ආ රියලි මාවලස්...වට් අ ග්‍රේට් එක්ස්පීරියන්ස් ඉට් වෝස්....මයි ගෝඩ්! අයි හෑව් නෙවර් හැඩ් සච් අ වොන්ඩෆුල් ටයිම්! අයි කැන් නොට් රියලි බිලීව් ඉට්! අයි කැන් සේ ඉට් ඉවන් තව්සඩ් ටයිම්ස්, දැට් යූ ආ රියලි මාවලස්! තෑන්ක් යූ! තෑන්ක් යූ! වෙරි මච්!" දොඩොවමින්, එතෙන්ට පැමිනි ගෑණි අවුල් වෙලා තිබුනු මගේ හිස තවත් අවුල් කලාය. "වෙරි මච්! වෙරි මච් නම් තමයි, මං වෙරි මච් වෙලා කරල තියෙන දේවල් මට තේරිල ටිකක් වෙලා" ඒත් අර ඔයාල අනුමාන කරපු ඒ අවයවේ! ඒක නම් කිසිම තෙහෙට්ටුවක් නැතිව​ සාමාදානයෙන් සැතපෙනවා. පෙර දින රාත්‍රියේත් එය මර නින්දකම ​හිට ඇති බවත් සහතිකයි. එහෙනං, රාජකාර්‍යය සම්පූර්නයෙන්ම වග බලාගෙන තිබෙන්නේ මගේ දිවයි. ඒක ඉතිං සාමාන්‍ය කාරණාවක් නේ! ලෝකේ සිද්ද නොවෙන දෙයක්ද! ඒකේ ඇති වරදක් නෑනේ! මං මටම කියා ගතිමි. ඒත් මගේ සාංඛාව, වැඩක් බලාපොරොත්තුවෙන් පැමිනි අවයවේ වැඩ නොකර තිබීමයි. රාත්‍රියේ බීපු බියර් වීදුරු කිහිපයට පටිසං දුනිමි.

අසහනයෙන් සිටි මට නොනවත්වා කියවන නාකි ගෑණිගේ කන්දොස්ක්‍රියාව වදයක් විය. ඒත් මගේ කන වැටුනු ඇගේ අවසාන වචන කිහිපය​! ඒවා ඉඳගෙන සිටි මාව ඇඳෙන් නැගිට්ට විය​​. නැගිට්ටෙව්වේ විකාරයෙක් ලෙසිනි  ?!@%^&*?? යකෝ!?!@%^&*?? මං මොකෙක්ද!?!@%^&*?? චික්කෙයියා! ?!@%^&*??නොදකින්!?!@%^&*?? කාල කන්නියා!?!@%^&*?? බීල නන්නත්තාර වෙලා,?!@%^&*?? උඹ මොකක්ද බං කරේ!?!@%^&*?? මටම දෝෂ දෙන්න වී ලැජ්ජාවෙන් ඇඹරුනෙමි. ලැජ්ජාව??!@%^&*?? ලැජ්ජාවද ලොකු??!@%^&*?? චිහ්!?!@%^&*?? යකෝ?!@%^&*??, අප්පිරියාව​!?!@%^&*?? දැං තේරිලද දන්නෑ? "මට මාරුවෙලා මචෝ, වෙරි මරගාතේ මට මාරුවෙලා" තේරුනාද​? තවමත් නැත්තං ඕං...'වොක්ස්වෝගන් බීට්ලයේ ඉදිරිපස පසුපස මාරුවෙලයි රාත්‍රී වැඩ සිද්ද වෙලා තියෙන්නේ මට​. ඕකයි මිරිස් ඇටයක් දිව අගට ආවේ. දැනුත් නොතේරුනා නම් මට කරන්න දෙයක් නෑ.

ඕං ඉතිං බනින කෙනෙක් බැනල හරි කොමෙන්ට් එකක් කොටන්න​.

ස්තූතියි............
Post a Comment