Wednesday, July 5, 2017

වසංගතය​!

  වසංගතය වනාහි අසහනයකි, වදයකි, බියකි, කනස්සලකි, පොදුවේ එය කාගෙත් අකැමැත්තකි. වසංගතයක් ඇති වූ කල නිදහස් ජීවනයට වැට බැඳෙයි, ජීවන​ රටාව උඩු යටි කුරු වෙයි, සාමාන්‍ය ජීවන ක්‍රමය වෙනස්කර​ ජනයා උත්සාහ ගන්නේ, වසංගතයෙන් ආරක්‍ෂා වීමටයි. එයට විරුද්ධව සටන් කිරීමටයි. වසංගතයේ සුළ මුල සොයා එය උත්පාටනය කරන්න උත්සාහ කරයි. නැවතත් වසංගතයක් ඒම වලකාලීමට වග බලයි හෝ එයට​ උපරිමව​ උත්සාහ දරයි.

කලකට ඉහත​ හදිස්සියකට උපකාරකයක්, අතේ ඇති මුදලට සේවාවක්, සුළු ඉඩ පරිහරණයකින් විශාල ප්‍රයෝජනයක්, හිත මිතුරෙක්, එකට නූපන් සහෝදරයෙක් වී, එය දුප්පතාගේ හිතවතාම විය​. එවක​ එය කාගෙත් සතුටකි, සහනයකි. පොදුවේ එය දුප්පත් පෝසත් කාගෙත් කැමැත්තකි.