Sunday, July 17, 2022

වසංගතය​!

වසංගතය වනාහි අසහනයකි, බියකි, කනස්සලකි, පොදුවේ එය කාගෙත් අකැමැත්තකි. වසංගතයක් ඇති වූ කල නිදහස් ජීවිතයට බැඳෙයි, ජීවන​ රටාව උඩු යටි කුරු වෙයි, කාගෙත් උත්සාහය වසංගතයෙන් ආරක්‍ෂා වීමටයි, එයට විරුද්ධව සටන් කිරීමටයි. සුළ මුල සොයා එය උත්පාඨනය කරන්නටය. නැවත හිස එසවීව වලකාලීමටය...
කලකට ඉහත,​ හදිස්සියකට උපකාරකයක්, අතේ ඇති මුදලට සේවාවක්, සුළු ඉඩ පරිහරණයකින් විශාල ප්‍රයෝජනයක්, හිත මිතුරෙක්, එකට නූපන් සහෝදරයෙක් වී, එය දුප්පතාගේ හිතවතාම විය​. එවක,​ පොදුවේ එය දුප්පත් පෝසත් කාගෙත් කැමැත්තකි.

නමුත් අද​! එය එයම නොවෙයි, පිරිසකට එය සතුටක්,  උනත් තවත් පිරිසකට එය වහ​ කදුරක්. මුල දී ඉතා සුළු මුදලකින් අතට පත්වූ එය අද එයින් සය ගුණයක් පමන ඉහළය​. එය එසේම වුවත්, එයට කමැති උන් එය මිළදී ගන්නට ගන්නට පොරොත්තු ලේඛනයේ මාස ගණන් මග බලා ඉඳීයි ඒ, එය ඔවුන්ගේ ආශාවට වඩා හීනයකි

එය එසෙම වන්නෙං බොහෝ විට විට​ තරුණ විය පසු කරන කොලු ගැටයින්ගේය​. ඔවුන් රටක අනාගතයයි, කොඳු නාරටියයි. වෙනකක් නොව, ​ඔවුන් තුල සැඟව ඇති හැකියාවයි. කළමනාකරනයකින් තොරව, එවා උපන් ගෙයින්​ වැලලී යන්නේය. ඒ, ඔවුන් නොදැනුවත්මය​. ඒ, දෙමාපියන්ට මෙය වහ කදුරකි.

රටේ පොදු නීතිය ඔවුන්ට ආදාල නැත​, තරුණ මහළු මැදිවිය කියල වෙනසක් නැත​. ආගම් භේදයක්ද නැත​. එතන තිබෙන්නේ වෙනම වූ සංස්කෘතියකි. 

අමු අමුවේ නීති උල්ලංඝනය වෙන්නෙ​ මාමා බලාගෙන ඉඳිද්දීමය​. මාමට වැරදි කියන්නත් බැරි, නිතර පහේ දකින නිසා මාමාටත් ඕවා සාමාන්‍ය වීමය. ඕවුන් නොතකන මාමා වෙනකෙක්ව වරදට අසු කරන්නේ ඒ කාරනේටමය​​.

''පව් අහිංසකයා, කීය හරි හොයාගත්තු දෙන්'' කියන මාමා, ඔවුන්ව අහිංසකයන් ලෙස දකීයි. මාමාගේ සිත ලාමක වීම සතුටක් නමුත්, නීතිය කාටත් සමද, එය උල්ලංඝනය කරන කවුරුත් වැරදිද යන යන්මොන පසෙකලා මොවුන් අහිංසකයන් ලෙස දකින්න, මාමා මනින්නේ මොන මිනුම් දන්ඩෙන්ද? කියා අසන්න සිතෙයි. අපටත් ඉතිං මොකුත් කියන්නත් බැරි "මට නීති කියා දෙන්න එනවද​?'' කියලා මාමා අසන නිසය.

(නීතිය නියමාකාරව ක්‍රියාකරවන නිළදාරීන් මෙයින් බැහැර වෙයි)

අනිකාගේ අයිතීන් උදුරාගෙන ආදාලවුන් උරන වෙන්නේ තමන්ට වුනා හා සමානවය​. බොහෝ විට ඔවුන්ට ඉඩ දී අනෙකා යන්නේ වලිගය හකුලාගෙනය​. ගැටුනොත් අනෙකාගේ අලාභය ​ බරපතලය​. එය ඔවුන්ද හොඳින්ම දනීයි. 

අතුරෙන් පැමින හොම්බ හෝ කඳද​ ඇතුලුව දැමීම, හිටි හැටියේම රවුම් ගැසීම​, දෙපැත්ත නොබලා එකවර රිංගීම, අනුන්ට අපහසු කර සුළු විවරයකින් රිංගා යෑම ​එදිනෙදා දකින සාමාන්‍ය සිද්දින්. 

වම දකුණ ගැන එතරම් සැලකිල්ලක් නැත්තේ බොහෝ විට රියදඅරු අසුන හිරි මැද ස්තානගත කර ඇති නිසා විය යුතුයි. 

ඉහත කී කාරණාවලට පරිභාහිරව අතුරුව සිදුවෙන දෑද බොහෝය​......

සමාජයේ හොඳ මෙන් නරකටද මොවුන් දායක වෙයි.  මා මෙයින් අදහස් කරනනේ, මොවුන්ට ලැබෙන අවස්තා ඉහළ බවයි. ප්‍රතිපත්තිමය ස්තාවරයක ඉඳ සේවා සපයන විනීත සේවාදායකයන් දෝෂාරෝපණයෙන් නිදහස් වන අතර පෙර කී හා පසු කීමට නියමිත කාරණා වලදීද එය පොදුයි​. සියල්ල එක ගොන්නට දමා කතා කිරීම වැරදි මුත් පොදුවේ සිතට නැගුනු කාරණායි මෙහි අඩංගු කලේ.

තරමක් ඉක්මන්වන පාසල් ළමුන්ද මෙවන්නන්ගෙන් සේවා ලබා ගනී. මේ සඳහා ඒ ළමුන් තෝරා ගන්නේ තරුණ සේවා දායකයන්‍ය. ඒ, තමන් වැන්නන්ගේ සිත් තමන් වැන්නන්ම හඳුනන නිසාද, මැදිවියේ හෝ වයක උදවිය තම අවශ්‍යතාවය​ කඩා කප්පල් කරයිදෝ යන සැකය​ නිසාද වෙයි​. 

මෙතන​ තිබෙන දරුණු පැත්ත​! මෙයට සම්භන්ද අය ගැටවර වියේම අය නිසා. සේවාව ලැබූ ගැහැණු ළමයා තනි වී ඇති මොහොතක​ අහම්බෙන් හෝ සේවාව ලබාදුන් ඒ තරුණයා නැවත මුන ගැහෙන්න අවස්තාවක් ඇති වුනෝතින්ද (එහෙම සිද්දියක් ගැන මට දැනගන්ට ලැබුනු නිසයි කියන්නේ) එම තරුණයා හොඳ කෙනෙක් නොවේ නම්ද, ගැහැණු ළමයගේ තත්වය අවදානමයේය​. ඉතිං ඒ ගැහැණු දරුවාගේ දෙමාපියන්ටත් මෙය වහ කදුරුයි

තවද නොයෙකුත් සේවාවල​ උවමනාවන් නිසා හැඳුනුම් කම් ලැබ, එයින් නොමග ගිහින් ජීවිතය විනාශ කර ගත් පුරුෂයා එතෙර ඉන්න විවාපත් ගැහැණුන් (මෙවැනි සිද්දීන් බොහෝමයක් මා අසා ඇති නිසා) මේ කාරණයට මොවුන් ඝෘජුවම වග කිවයුත්තන් ලෙස මම නොකියන අතර වරදක ​පැටලෙන්න​ මොවුන්ට ලැබෙන අවස්තා වැඩි බවයි මා කියන්නේ. 

දිනෙන් දින එකතුවෙන නව සාමාජිකයෝ නිසා මේවායේ ඝහනයත් දැං වැඩි වෙලයි තියෙන්නේ. පාරිභෝගිකයාගේ පැත්තෙන් සිතුවොත් එය සුභවාදීව තිබුනත්, තදබදය නිසාද තරඟකාරී බව වැඩි නිසාද ශ්‍රම හා මුදල් නාස්තියක් මෙයින් සිදුවෙන බව උලුප්පා දක්වන්න පුළුවං. 

වටිනා තරුණ කාලයේ වටිනා කාල පරාසය නොවටිනා ලෙස ගෙවී යන බවයි මෙයින් කියන්නේ, ඵලදායිතාවක් නැහැයි කියන්නේ, අන්න ඒක​.

පාසලේ කැපී පෙනෙන්න ඉගෙනුම ලබමින් සිටි ලා බාල තරුණයෙක්, පිට​ රට බැලමෙහෙවර කම් කරන ​මව ඉපයූ මුදලින් තම අවශ්‍යතාවය මිළ දී ගන්න උත්සාහ කර​, එම මුදල මදි පාඩු වූ නිසා, අවුරුද්දටම බත ගෙනත් දුන් කුඹුරු කෑල්ල විකුණා තම කැමති එය අලුතවම ලබා ගත්තේය​. 

සංගීතයත් නැතිව බැරි හින්දම ගෙදර හිටිය කුඹුරේ ගොයමේ යන මී දෙනද විකුණා ඔහු එයත් සපුරා ගත්තේය​. ඉගෙනුමත් ක්‍රමයෙන් බල්ලට ගියේ කොටු වී සිටි මායා ලෝකය ඔහුගේ ඇස් වසා දැමූ නිසාත්, පවතින ජීවන රටාවට ඔහු හුරුවූ නිසාත් එයින් ලැබෙන සොච්චමෙන් සෑහීමක් ඇති වූ නිසාද වෙයි (මෙය මා අසා දැන ගත් ගැමි පරිසරයක​ සත්‍යයෙන් සිදුවූ එක් ඛේදවාචයකි)

මේ ජීවිතය විනාශ කර ගත්තු එක තරුණයෙක්ගේ කතාවයි, මෙලෙස තම අනාගතය පටු රාමුවකට කොටු කර ගත්තු තරුණයන් කී දාහක් අප අතර ඉඳීද​. එහෙයින් ඉහත පහත සඳහන් දේ ආදාරයෙන් මා දකින්නේ ආදාල දෙයද එක්තරා වසංගතයක් ලෙසය​.

මෙහි වහින් ඔරෝ මා අදහස් කල (ඔබ හඳුනාගෙන ඇති) ඒ දෙය ගැන හා එය නිසාවෙන් සෞභාග්‍යයන් අහිමි කර ගත්ත්තයි මා අදහස් කරන තරුණ ජීවිත පිළිබඳ එකඟ නේකඟවන ඔබේ මතයන් ඉදිරිපත් කරන්න​.

ස්තූතියි. ​

No comments:

Post a Comment