Saturday, October 7, 2017

වෙදහාමිනේ සමඟ මගේ තෙවෙනි සහවාසය​!

තෙවෙනි සහවාසය ගැන කියන්න නම්, දෙවෙනි සහවාසය ගැනත් සටහනක් තියන්නම වෙනවා, වැදගත් නොවුනත්, අදාල පෙර කතාව​ සිහිනයටම සීමා වූ​ සිහින සිත්තම හා මෙම පරිච්චේදය​​​​ සම්භන්ද වන්නේ නැති වෙයි. කතා පෙලක් හැටියට මට මෙය අරගෙන යන්න සිදුවන්නේද​ මෙහි කතා නායිකා 'වෙද හාමිනේ' හා සම්භන්ද මගේ ජීවිතේ සිදුවෙන ඕනෑම වෙනස්කමක් පාටක​ ඔබ හා බෙදා ගන්නා බවට ආදල ප්‍රතම කතාව​  වෙද ඇස් දෙකකට පෙම් බැඳී ඒකපාර්ශ්වික​ ප්‍රේමය ​ තුලින් මා පොරොන්දු වූ නිසයි. මගේ ප්‍රතම හමුවීමේ දී  35ක්ව​ සිටි වෙද හාමිනේ අද වයස 38 පසු වන්නීය​.

දෙදහස් දාසයේ ජනවාරි අට මගේ සිහින මාලිගා බිඳ දමමින් නැවතත් මට හමුවුනු වෙද හාමිනේ සමඟ මගේ වූ දෙවෙනි සහවාසය දීර්ග නොවුනේ, අන්සතු බව පැහැදිලි නිසාද​, එවන් සහවාස තහනම්ද​​, අඤාණවන්තද වන නිසාද, කලකිරීම ඉහ වහා ගිහින් තිබුනු නිසාද​, ​බලාපොරොත්තු තියා ගන්න කිසිවක් ඉතිරිව නැති නිසාද​ , ඈව හිතින් බැහැර කරන්න මට තිබුනු උවමනාව නිසාද​ වැනි කාරනා වෙයි.

ඒවා පමනක්ම නොවී, ඈ ගැන මගේ තිබූ බලාපොරොත්තු​ නිට්ටාවටම​ පහව තිබූනු හේතුවෙන්, ඇයව මගේ ගෙදරට හඳුන්වා දී, මං මගේ අං තට්ටුව​ හොඳ හැටි ඔපමට්ටං කරගෙන සිටි අවදියක​. ගෙදර කීවාම අනිර්වාර්‍යයෙන්ම එය බිරිඳනේ. ඇස් වහ කට වහ දුරු කරන්න අපේ ගෙදරටත්, ඔය වෙද හාමිනේ ගෙන්න ගන්න අපි පුරුදු වුනෙමු. අපි කිව්වට මොකද, මමයි නැන්දම්මයි මිසක් ​මගේ නෝන නොවෙයි ඕං.​ ඔය අපි හිංදා 'හා' උනා​ මිසක්, මගේ එක්කෙනාට ඕවයේ විශ්වාසයක් තිබුනේම නෑ.

වෙද හාමිනේ අපේ ගෙදර පැමිනි ප්‍රතම දිනයේ දී 'ඇය ලස්සනයි' ලෙස​ මගේ බිරිඳ කීවේ, ඇගේ පියකරු බව ප්‍රතම වතාවට දැකීමෙනි. ඒ බවක් කීමෙන්, තමා සතු එක්තරා උසස් ගුණයකුත් ඇය ප්‍රදර්ශනය කලේ  තමා නොදැනුවත්මය​​​. ඇය පියකරු බව මා දන්නා බවක් කීවේයින්,​ 'ඔබ කෙසේ දන්නවාද​?' ලෙස මගෙන් විමසුවේ, වෙද හාමිනේගේ මුහුන මා දැක නැති බව ඇය දන්නා නිසයි. 'කෙනෙක්ගේ පියකරු බව දකින්න​ නේත්‍රා යුගල සෑහෙන බව​ මට නිකමට කියවුනේ, වචනවල​ බැරෑරුම් කම කල්පනාවට නොවීමෙනි. ඒ මොහොතේම එය මතක් වී වරදකාරී හැඟීමක් මා තුල ඇති කලත්, කිසිදු විශේෂ ප්‍රතික්‍රියාවක් ඇගෙන් මා නොදුටුවේ ඇය ඇයම වූ නිසාය​. මගේ ඒ වචන ටිකට​​ සැහැල්ලුවෙන්​ සවන් දුන්නා මිසක්, එයින් ඇය රිදුනු බවක ලක්‍ෂනයක් ඇගෙන් දිස් නොවීය​​.

ඒ, මගේ කල්ක්‍රියාව ගැන ඇයට තිබුනු විශ්වාසය නිසාද​? මා ඇගෙන් නො අඩු සෑහීම් ලබන​ බවට ඇය තමන් ගැන තබා තිබුනු අධි තක්සේරුවද? නැති නම්, ඈ සතු අධික දේපල මුදල් ආදියට ඇති කෑදර කම නිසා වෙන අතක් මා නොසින බව ඇය​ මවන සිහිනය නිසාද හෝ එවැනි සංවේදී කාරණා දැනෙන්නැති හැඟීම් බර සිතක් ඇයට නොතිබීම නිසාද යන කිසිවක් මට නොත්තෙරිනි. අනාගතයේ දී ආර්තිකව මා ශක්තිමත් වෙන්න අවස්තාවක් ලැබුනොත්, තව විවාහයක් කර ගන්නා බවට, ඇගෙන් මට අඩු ලුහුඩු කම් ලැබූ සෑම අවස්තාවකම මා නන්දොඩවන්න වූ බව ඇයට අමතක වන්නට හේතුවක් නැත. තමා සතු දේපල ගැන අධි තක්සේරුවක සිටිනද, මගේ ඒ වචන සිහිනයක්ම වන බවට තදින්ම විශ්වාස කරන නිසාද, ඇය​ 'මට වටින්නැති මිනිහෙක් නුඹ​'කියන දේ නොකියා කිව්වාද මන්දා?​ කෙසේ නමුත්, මා අනුමත රාමුවෙන් පිට නොයන කෙනෙක් බව නම් ස්තීරවම ඇය දන්නීය​​​​.

කෙසේ නමුත්, මා පිළිබඳව නොව වෙද හාමිනේ පිළිබඳව​, තමන්ට ඇය 'අකටයුත්තක් කරනවාද' යන වගට ඇයට​ මතු වූ මනස්ගාතයක් නිසා, වෙද හාමිනේව ගෙදරට ගෙන්වා ගැනීම, අැගෙන් වෙදකමක් කර ගැනීම මට තහනම් විය. එවැනි වෙදකමක අවශ්‍යම තත්වයක් ඇති වූ අවස්තාවක​ මා හඳුනන එවැනි වෙද මහතෙක් ලවා ශාන්තිකර්ම කරගන්නා ලෙසට​ මගේ ගෙදර හාමිනේගෙන් මට නිර්දේශ විය​.

වෙද හාමිනේට හදිස්සියේ ඇති වූ මුදල් අවශ්‍යතාවයක්, මා මගේ බිරිඳගෙන් ඉල්ලා ඇයට ලබා දී, පොරොන්දු පරිදි වෙද හාමිනේට එය පියවන්න බැරි වී යාමද, මගේ බිරිඳ ඇයව නොරිස්සීමට හේතු වූ කරුණක් විය​. ඒ මුදල බිරිඳගෙන් ලබා ගෙන එය වෙද හාමිනේට දෙන්න මට​ සිද්දවුනේ, ඒ අවස්තාව වන විටත් මගේ ආර්තික තත්වය නරකෙටම තිබීම නිසයි. කෙසේ නමුත් පසුවී මා විසින් එම මුදල මගේ බිරිඳට ලබා දී ඇයව සන්සුන් කරන්න සමත් විමි. ඒ හුටපටය නිසාම කාලයක් වෙද හාමිනේ අපව මග හැරම සිටියාය​.

එයින් මෙයින්, ඒ ඉහත කී කාරනා ​නිසාම​ වෙද හාමිනේ සමඟ මගේ දෙවෙනි සහවාසය නතර​ වුනි​.

කෙසේ නමුත් පසු කලක මා හමුවන්න සිදුවූ වෙද හාමිනේ, ඒ මුදල ආපසු දෙන්න බැරි වූ හේතුව මට පැහැදිලි කලාය​. නියමිත කාලයේ දී තම වැඩි මහල් සහෝදරයා මාර්ගයෙන් එම මුදල අප වෙත එවා ඇති නමුදු, එම සහෝදරයා එම මුදල හා තවත් මුදල්ද සමඟ පලා ගොස් ඇති බවයි මට දැනගන්නට ලැබුනේ. එය​ සත්‍යයක්ම විය හැකියි ලෙස ​මාව​ සිතන්නට සැලැස්වූයේ, පෙර දවස්වල ඇගේ ගෙදර මා නිතර පහේ දකින ඇගේ ඒ වැඩිමහල් සහෝදරයා පසු කිසි දිනක දකින්නට නොසිටීමයි​. මේ කරුණේ දී, මගේ බිරිඳ ධනාත්මකවත් වෙදහාමිනේ රිනාත්මකවත් මට​ පෙනුනෝය​.

මා වෙනුවෙන් කල කිසි දෙයක් වෙද හාමිනේ තාන්න මාන්න බලාපොරොත්තුවෙන්ම නොකල බව මා හොඳින් දනිමි. පෙර දිනවල මට කල වෙදකම් වල දී, මගේ තිබූ අග හිඟ කම් දැන අවශ්‍ය ප්‍රාතමික වියදම් පවා වෙද හාමිනේ තමා විසින්ම සපුරා ගත්තේ මහත් සිතකිනි​. අදටත් එය එසේම වන්නේය​. කල ගුණ සැළකිය යුතු නිසාද​, බිරිඳගේ ප්‍රශ්නයද අහවර වී තිබූ නිසාද,​ ඒ වන විටත්, එය දරාගන්න මට හැකියාව ඇති වී තිබූනු නිසාද​, ඒ ණය ගැන මා තැකීමක් නොකලෙමි. ඈ වෙත, මගේ හිතේ සැඟවී තිබුනු ආදරය නිසා එය​ දරාගැනීම මට ඉමහත් සතුටක් විය.

වෙද හාමිනේ සමඟ මගේ තෙවෙනි සහවාසය​ ඇති වන්නේ, බිරිඳ සම්භන්ද නොවන මගේ පවුලේ කටයුත්තක් සඳහා ඇයව කැඳවන්නට සිදුවීමෙනුයි. මට මේ දේ කරන්න සිදුවුනේ මට අයිති මගේ ස්තානයක  බිරිඳට රහසිනි. දෛවය මට සරදම් කලේ අමුතු විලසකිනි, කාලයක් මා බලන්න​ ආෂා කල, දකින්න පෙරුම් පුරාගෙන සිටි, අතිශයින්ම​ ​සුඛෝමලයි ලෙස සිත්තම් කරගෙන සිටි, වෙද හාමිනේගේ මුහුන මා ප්‍රතමව​ දැක ගත්තේ යක්‍ෂ මුහුනකිනුයි. එදින,​ මගේ ඒ කී අවශ්‍යතාවය වෙනුවෙන්​​ යක්‍ෂයෙක් තමා තුලට ගෙන්වා ගැනීමට​ඇයට​ සිදුවී තිබුනි.

ඇය සාමාන්‍යයෙන් තම මුහුන අන් පුරුෂයන්ට නොපෙන්වන නමුත්, ඒ මොහොතේ, ස්ව සිහියෙන් නොසිටි නිසාද, ඇයව වෙලාගෙන සිටියේ යක්‍ෂයෙක් නිසාද, එදින ඇගේ මුහුන සාමාන්‍යයෙන් මට විවෘත විය​. මා එදා දැක්කේ සිතේ මවාගෙන සිටි ඒ වශීකර මුහුනමද, නැතහොත් වෙනස් එකක්ද කියන්න මට බැරි, එදින​ ඇය සහමුලින්ම බැලීමට නුරුස්සන යක්‍ෂනියකි. සැබෑවම කියනව නම්, ඇය තව විවාහයක් කරගෙන බව දැනගත් ඒ නිමේෂයේ පටන් ඇයව දකින ආෂාව සිතෙන් මා බැහැර කරලයි සිටියේ. 'මතු කිසිදිනක ඇගේ මුහුන මා නොබලමි' යන​ අධිෂ්ඪානයක් මා තුල තිබුනේ පරාජිත මනසකුත් සමඟිනි.  ​

මා එසේ අධිෂ්ඪාන කරගෙන සිටී නමුත්, වෙද හාමිනේ කලේ කිසිසෙත් මා නොහිතපු දෙයකි. මට ඇගේ නිවසට යන්න සිදුවූ පසු දිනක​​, ඇය​​ මට​ දසුන් දුන්නේ තම ​මුහුනාවරණය නැතිවය​. ඇය එසේ කලේ කිසි සැළකිල්ලක් නැති ගානට සැහැල්ලු බරවයි. ஆரும் அது ஆலம் இல்ல, அது சேரும் கடல் ஆலம் இல்ல, ஆலம் ஏது அய்யா,  இண்தப்பொம்பல​ மணசு தாண்யா.....'ගඟ හෝ එය එක්වෙන මුහුද නෙවෙයි ගැඹුරු, මේ ගැහැණු හදවතයි ගැඹුරු' ලෙස ගැයෙන දෙමළ ගීතයක් මට මතක් වුනේ ඒ මොහොතේමය​. වත වැස්ම නැති අවස්තාවක අතේ ඇති රෙදි කැබැල්ලකින් හෝ මුහුන වසා ගන්නා මැය​, මෙලෙස විවෘතව​ දකින්න ලැබීමෙන් පුදුම වීම කෙසේ වෙතත් මා මුලුමනින්ම​ අසමබර විමි. කරකියාගන්න බැරිව තටමන්න වූ මා ඉඳන් සිටි අසුනෙන් නැගිට ගත්තේ දිගටම අසුන් ගෙන ඉන්න මට බැරි වූ නිසයි. මෙය මා කිසිසෙත් බලාපොරොත්තු නොවූ දෙයකි. එම අවස්තාවේ දී මා පෙළුනේ, උදේ හිරු කදම්භ දෙස කෙලින් බලන්න උත්සාහ කල කෙනෙකු එය බලන්න බැරිව බැල්ම පහත දාගන්නා වැනි අපහසුතාවකි​.

ඇස් කිති කැවෙන්න වීමෙන් මට මගේ දෘෂ්ටිය පහත හෙලා ගන්න සිදු විය. අමතක වීමකින් විය හැකියි සිතා මා බිම බලාගෙනම සිටියේ, ඇය තම මුහුන වසා ගන්න තුරුයි. මා විඳින අපහසුතාවය තේරුනාදෝ, නැතිදෝ නැතිනම් උවමානාවෙන්මදෝ ඇය කිසිත් ගනන් නොගෙන මාව නිරීක්‍ෂනයේ යෙදුනාය​. 'හිස ඔසවන්න​, මා දිහා බලන්න, මම ලස්සනද​, මා ඔබ හිතුවා වගේද​' ලෙස​ ඇය​ මගෙන් අසනවා වගේ මට දැනිනි. බිම බලා ගත්තේ මා අලුතෙන් දුටු ඇගේ මුහුන නිසා හෝ එයින් දුටු පියකරු බව​ නිසා හෝ නොවෙයි, ඒ 'ඇයව කිසි දින මා නොබලමි' යන මගේ අධිෂ්ඪානය ආරක්‍ෂා කරන්න මා යෙදුනු නොසෑහෙන උත්සාහය නිසයි. තලෙළු, පළල් මුහුනක් සතු මියුරු සිනාවක් ඇති ඇය ලස්සනයි, නමුත් මගේ සිත් සන්තකයේ, මගේ මනෝ ලෝකයේ ඉන්න වෙද හාමිනේ මැයට වඩා ලස්සනයි, ඇය​​ අතිශයින්ම පියකරුයි.

ප්‍රතිපත්තියයි ගැහැණියයි අතර තරඟයක් ඇති වී, ගැහැණිය ජය ගත්තාය​. මම වෙදහාමිනේ දිහා සාමාන්‍යයව බලන්න විමි. මොන දේට ඈ එය කලාද බව මට නොතේරෙන මුත්, මේ දේ කරමින් සිතේ වැලලී 'අළු යට ගින්දර' වී තිබුනු මගේ හැඟීම් ඇය​ යලිත් මතු කලාය​. ව්‍යවහාර සිංහලෙන් නම් 'පිස්සු වැඩක්' ඇය කලාය​ 'දැං ඉතිං ආයේ විඳවපංකෝ, නවත්තපු තැන ඉඳං' මම මටම පටිසං දුනිමි. ​

මේ අවස්තාව​ වන විටත්, වෙද හාමිනේ දෙවෙනි කසාදය කරගෙන අවුරුදු එකහමාරක් පමන ගතවී තිබුනි. එමගින් දරුවෙකුත් ලැබී ​ඇගේ එම ජීවිතය දැන් ඇයට​ අලුතක් නොවීය​. කොයි කෙනෙකුටත්, කොයි ජීවිතයටත් බලපාන, ජීවිතයක​ සාමාන්‍යව දැනෙන කරුණු ඇයටත් වෙනසක් නොවී​ දැනින. අතුරු ඵලයන් වූ හොඳ-නරක, සතුට-කඳුල, දුක-දොම්නස වන් සියල්ල​ ඇයත් අත් වින්දාය​. ඒවා මා සමඟ කියන අවස්තාවල ඇගෙන් දිග සුසුමන් නික්මුනි. අවස්තා දෙකක දී ඇගේ ඇස්වලින් කඳුලු ඉනනවාද​ මා දුටිමි. වෙද හාමිනේ තම පෞද්ගලික දේවල් මා සමඟ බෙදා ගත්තේ බොහෝ විට අප තනිව සිටි අවස්තාවලයි. වෙද හාමිනේ සමඟ එලෙස තනිවෙන්න මට අවස්තා තුනක් ලැබුනත් ඉන් දෙවෙනි එක​ මම උවමනාවෙන්ම මග ඇරියේ 'එය ප්‍රශ්නයකට තුඩු දිය​ හැකියි' ලෙස මා බිය වූ නිසයි. පැය තුනක් පමන ලැබූ අපේ ප්‍රතම තනිකම ලැබූ රිය ගමන,​ තැති ගැස්මෙන් වූ එකක් නිසා, ඇය​ සමඟ නිදහසේ  කතා කරන්න මට බැරි විය​. ඒ මොහොත වන විටත් මා ඇගේ මුහුන දැක නොතිබුනෙමි.

මට වැඩි කාලයක් ඇරගෙන වෙද හාමිනේ සමඟ තනිවෙන්න අවස්තාවක් උදාවුනි. ඒ අප පවුල,​ එනම් මගේ බිරිඳගේ පවුල වෙනුවෙන් කරන්න වුනු ශාන්තිකර්මයක් සඳහා අප දෙදෙනාට ත්‍රිකුණාමලය යන්න සිදුවූ අවස්තාවයි. එය තරමක් බරපතල රාජකාරියක් වූ අතර එම කාර්‍යය සඳහා මුහුදක් සොයා යන්නම අපට සිදු විය​. සාමාන්‍යයෙන් බොරු නොකියන මට මෙම අවස්තාව වෙනුවෙන් බිරිඳට​ බොරු කිහිපයක් කියන්නම සිද්ද වුනි. මෙය මගේ බිරිඳගේ පවුලාශ්‍රිත කාර්‍යයක් නිසා මුදල් සම්පාදනය සම්පූර්ණයෙන්ම ඇගෙන් වූ අතර ගමන සඳහා අප රැගෙන ගිය කාරයද ඇගේම විය​​. මා සමඟ ගිය ඒ පුද්ගලයා ඇරෙන්න කාපුවා බීපුවා දුටු නොදුටු කල කී දේවල් කිසිවක් මගේ බිරිඳට රහසක් නොවීය​. අදටත් ඇය දන්නා විදිහට මා සමඟ පැමිනියේ අරකී වෙද මහත්තයාය​.

ගමන​ අතර තුර​ විටින් විට​ දුරකතන ඇමතුම් දෙන​​ මගේ බිරිඳගේ පැනයන්ට පිළිතුරු දෙන්න මට සිදුවුනේ වෙද හාමිනේ මා සමඟ කාරයේ සිටියදීමය. කිහිප වතාවක්ම එසේ කිරීමටත් කෙරෙන දේ ගැන විවරණයන් දෙන්නටත් වී 'මා දැලි පිහියෙන් කිරි කෑවෙමි' බැරි වෙලාවක, වෙදහාමිනේට කිඹුහුමක් හරි ගිහින් තිබුනා නම් ඕං, මම සුනේ සුන්. මෙවන් කෙනෙක් සමඟ මෙවන් ගමනක් යන බව මා මගේ මවට මා කියූ අතර ඇයද ඒ ලෙසම තම මවට කියා තිබුනාය​. මගේ මව සමඟ මාද, ඈ සමඟ මේ ගමන යන​​ බව කියමින්, වෙද හාමිනේ තම මහත්තයාට බොරුවක් කියා තිබුනාය​. තමන් ගැන​ තම මව දැන සිටින තරමට වෙන කවුරුන් දනීවිද​​?

'වෙද හාමිනේ ගැන කියන්න මා නොදන්නා නමුත් සහතිකවම මෙය මගේ උවමනාව නම් නොවීය​, මගේ උවමනාව වුනේ උක්ත කාරණය නිසියාකරව නිම​කර සිදුවී තිබෙන​ කරදරයෙන් මිදීමයි' ලෙස කියා ඔබට ඒත්තු ගන්නන්න මා උත්සාහ නොගනිමි. ඇය සමඟ තනි වී කතා කරන්න අසාවක් සහතිකවම​ මගේ සිතේ තෙරපුනත්, මා තුල වද දෙන​ වරදකාරී හැඟීම මාව ආපස්සට අදින්න වුනි. 'ඔයාගේ මහත්තයා අපිත් එක්ක එනවට මගේ අකමැත්තක් නෑ​' ලෙස​ අපේ ගමනට දින කිහිපයකට පෙර දීම මා ඇයට කීවත් 'එපා...එපා...එයාව අඞ ගහන්න එපා' ලෙස මගේ සිත මට කෙඳුරුවේ​​ අඞන්න තැත් කරමිනි.​ මගේ සිත පැතූ දෙය දුරකනයේ ඉන්න වෙද හාමිනේට ඇසුනදෝ මන්දා 'එයා එන එකක් නෑ, ඔයාට ඕනම නම් මං මගේ අක්කා එක්කං එන්නං' ලෙස කීවාය​ 'ඔයත් එක්ක තනියම යන එක මට ප්‍රශ්නයක් නෑ' ලෙසත් කියා ඇය මා මත තබා තිබෙන විශ්වාසය තහවුරු කලාය​.

එය​ මට ආඩම්බරයක් විය​. අනික,​ ඇය චිත්ත ධෛරියයෙන් සපිරි, මොකකටවත් බිය නැති ගැහැණියක් බව මා දන්නා කරණයකි (රෑ දෙගොඩ ජාමේ තනියම, ඒ කියන්නේ රාත්‍රී 1.00 ට ඔබ කවුරු හරි ගඟකට බැහල දිය නානවද​? මෙන්න මෙයා නානවා, තේරෙන්න ඇති නේද ධෛරියය ගැන) පැකිළුනේ මමයි, 'චිකෙයි... ලැජ්ජාවේ තරම, ගැහැණියක් එතරම් විශ්වාසයකින් මාත් එක්ක තනියම ගමනක් යන්න එනකොට,​ මම මොකට පැකිලෙන්නද' ලෙස සිතමින්, මාද සිතට ධෛරිය ගෙන​ 'ඔබේ මහත්තයා එන්නැත්තම් තවත් ගැහැණියක් එක්කං යන්න ඕනන්නෑ, එහෙනං අපි දෙන්නා විතරක් යමු' ලෙස ඇයට කීවේ, සිතේ ඉපදුනු කුතුහලය වසා ගනිමිනි. ඈ සමඟ තනි වෙන්න යන පැය කිහිපය මෙනෙහි කරන්න වූ මගේ සිත සතුටින් පාවෙන්න විය​​. ඉතිං යන්න එන්න පැය නවයක් පමන වූ ඒ ගමන අප දෙදෙනා පමනක් ගියෙමු.

ගමන යන එන අතරේ නොයෙක් දේ ගැන ඇය සමඟ කතා කරන්න ලැබීම​ මට සතුටක් විය​,​ සිතට සෞම්‍යයක් විය​, බොහෝ කරුණු වලදී අප සිත් යා වින​​. සරල දිවි පෙවතක් ගෙවන ඇගේද සරල දිවියකට කැමති මගේද හැඟීම් බොහෝ දුරට සමානව තිබූනි​​. ආෂාවන්, චේතනාවන්, බලාපොරොත්තුවන් වැනි අපේ හදවත් වල තිබූ බොහෝ හැඟීම් සමානව පෙනුනි. ගමන යනෙන අතරේ අප කැමති කෑම බීම ගැන පවා  අප කතා කලේ හදවත් උරගා බලන්නයි. ඒවාද සමාන බවක් පෙන්නුම් කලේ හදවත් පාරමිනුයි. කොටින්ම​, වචන දෙකකට වඩා කතා කලා නම් ඝට්ටන ඇති වන අවුරුදු 20 ක විවාහ​ දිවියක් ගෙවන මට​, මේ ලැබූ අහඹු අවස්තාව, 'තුවාලයට බෙහෙතක් වී​, තිබහට පැන් පොදක් විය​'

ඒ නිලාවලී වෙරලේ දී, මා ඇය සමඟ ඉතා විනීතව හැසිරුනෙමි, ඇය අපට ශාන්තිකර්මය කරන්න වූ එහි දී, 'තමාව වාරු කරගන්න කවුරුන් හෝ සිටියා නම්, කාගේ හෝ සහායක් තමාට ලැබුනා නම්' යන තත්වයක සිටී මොහොතක​, සෙනේහේ නිසාද, යුතුකම නිසාද මා ඇයට සහාය වුනේ සීමාවන් ආරක්‍ෂා කර ගනිමිනි. උර දීමක් වශයෙන් මා ඇගේ අතක් අල්ලා ගත්තේ ඈ පැළඳ සිටි වස්ත්‍රය මතිනි. අපේ අත් එකින් එක ස්පර්ශ නොවෙන්න මා වග බලා ගත්තේ බොහෝම ප්‍රවේශමෙනුයි. නමුත් වාරුව තව ඉහළින් අවශ්‍යව දැනුනු මොහොතක ඇය මගේ විවෘත අතක් අල්ලා ගත්තේ, එය වරදක් නොවන​ නිසාය​​.

කාරය තුලට වෙරළෙන් එකතු වූ වැලි අහක් කරනු පිනිස, මා කාරයේ පාපිසි පිරිසුදු කරන වේලේ, ඒ මත තිබූ වෙද හාමිනේගේ පාවහන් යුගල, මගේ අතකින් ඔසවා ගන්න මට සිදුවුනි. 'එපා..එපා...ඕවා මං ගන්නම්...මෙහාට දෙන්න​' ලෙස කියමින් කිසියම් අපහසුතාවයකින් පෙළුනු ඇය, ඒවා මගෙන් උදුරන්නත් තැත් කලාය (ආදරවන්තියට තියෙන ආදරේ නිසාම, ආදරවන්තිය භාවිතා කල ඇඳුම් ආයිත්තම්, තොල් ගෑ වීදුරු-කෝප්ප​, ස්පර්‍ෂ කල අරව-මෙව්වා​, ඇගේ පූසා, වත්තේ ඇති ගස් කොලන්, ගෙයි වට කර ඇති තාප්පය​, සියල්ලටම ආදර අවන්තයා ආදරය කරයි (දෙමළ පිචර්වලත් ඕව පෙන්නනවනේ)) ඉතිං මටත් ඕකම වුනි.

ඔබ මොනවා හිතුවත්, සුහද ආශ්‍රයෙන් ඔබ්බට​ ඇගෙන් කිසිදු බලාපොරොත්තුවක් මට නොතිබුනි. එවැනි දෑ අසික්කිතද​, අශීලාචාරද බව සලකන මා, එය මහා පවක් බවද දැන ඉන්නෙමි​. මට මේ වෙද හාමිනේ වෙත තිබුනේ පිවිතුරු ආදරයකි. ඇය කා සමඟ පවුල් කෑවද​, ඇගේ සහවාසය නම් මට නිරන්තරයෙන්ම ඕනෑ වුනි, සිත නිතරම එය පැතුවේය​. දින දෙකකට සැරයක් ඇය සමඟ වචනයක් හෝ කතා කරන්න නොලැබෙනවා නම් මට සාංඛාවක් දැනෙයි. කිනම් හේතුවක් නිසාදෝ, සතියක් පමන කාලයක් මගේ දුරකතන ඇමතුම්වලට පිළිතුරු නොදී වෙද හාමිනේ මාව මග හරිමින් සිටිය එකෙන්, ඒ බව​ මට හොඳටෝම දැනිනි.

ඇයව නැවතත් කතා කරන තත්වයට මා ගෙන්වා ගත්තේ, දිගට හරහට SMS පනිවුඩ ලබා දීමෙනි. 'දවස් දෙක තුනක් කතා කලේ නැත්තම් ඉන්න බෑනේ, මැසේජ් එවන්න පටං ගන්නවනේ​? ලෙස පසුව ඇති වූ දුර කතන ඇමතුමක් තුලින් ඇය මට විහිළුවෙන් ප්‍රශ්න කලේ මා විඳී පීඩාව දැනීමෙනි. මොන​ හේතුවක් ඇය කීවත් ඇය මට කතා නොකර හිටියේ, ඇයට​ මාව මග අරින්න තිබුනු උවමනාව නිසාම​​ බව මා දනිමි. පසු දිනක රාත්‍රියක,  மணசுக்கு கச்டமாக​ இரிக்குது, துவா செய்யுண்க 'සිත වද දෙනවා, ප්‍රාර්තනා කරන්න​' ලෙස SMS පනිවුඩයක් මගින් මගෙන් අයද සිටීමෙන් මෙය තහවරු වෙයි.

වැටෙන් එහා මල් බඳුනේ...
මල් පිපී වැනෙයි අත නුදුරේ...
මිලින වුනත් ඝන අඳුරේ...
මල් නෙලන්න නම් තහනම්..

ලෙස දයාන් විතාරණ හඬ නගා ගයන ගීතය මගේ මතෙකෙට ආවේ මේ ලිපිය ලියන අතර තුරය​.

ඇය දැකීමම මට​ අවශ්‍ය නොවන අතර​ ​ඈ සමඟ කරන​ දුරකතන සංවාදයක් පවා මගේ ආත්ම ශක්තිය ඉහළ දමයි. ඒ නිසාම, දින දෙකකට සැරයක් හෝ මොනව හරි හේතුවක් හොයාගෙන ඇයට කතා කරන්න මා උත්සාහ කරමි. නැති දෝෂයක් ගැන විස්තර හොයන්න මා ඇයට ඇමතුම් දෙමි, මගේ හිතවතුන්ගේ කරදරයන් වෙනුවෙන්ද මා ඇයට කතා කරමි. මා කරන මේ දෙයින් කරුණු දෙකක් සිදුවෙයි. ඇය සමඟ කතා කරන්න මට අවස්තාවක් ලැබෙනවා වගේම​, දරුවන් හතර දෙනෙක්, මව හා සැමියාද ඇතුළු ඇගෙන් උපකාර ලබන පවුලේ අනෙකුත් උදවියගේ ජීවනය රැඳී තිබෙන, මේ වෙද හාමිනේට ආර්තික සහායක්ද සැලසෙයි. එයද මගේ උවමනාවකි.

ඇය මාව ඉතා ඉහලින් අගයන බවත්, ඒ තරමටම මාව​ විශ්වාස කරන බවත් මා දනිමි. මා දුරස් පුද්ගලයෙක් ලෙස ඇය නොබලන්නීය​. අයිවාසිකම් ඇතුව ඇය මගෙන් යමක් ඉල්ලයි. ඇය එසේ කරන එවැනි අවස්තාවන් වලදී මා විඳින​ සතුට මා වැනියෙක්ම දනීයි. ඇගේ සමහර පෞද්ගලික කාරණා වල තීරණ ගැනීමේ දී ඇය මගේ අදහස් පැතූ​වේ ඒ නිසාමය​. ඇය කියන්නේ, එලෙස​ අදහස් ලබා දීම සඳහා කිට්ටුවන්ත කවුරුන් හෝ තමාට නැති බවයි. මම නම් අදහස් ලබන මුවාවෙන් ඇයට කතා කලේ ඈ සමඟ කතා කරන්න තිබූ උවමනාව නිසයි.

ඇගේ ස්වාමි පුරුෂයා, එක්තරා වූ මිනිසෙකි, මොහු නරකෙක් නොවන අතර කියන්න තරම් හොඳක්ද​ මොහුගෙන් සිදු නොවෙන බව මේ වෙද හාමිනේම කියයි. වෙද හාමිනේගේ නානාවිද යැපෙන්නන් අතර මොහුද යැපෙන්නෙකි. පවුලේ සියළු බර කර ගහන්නේ මේ වෙද හාමිනේම බව කිව යුතුමය​. ඇය විවාහ කර ගන්න පෙර සිටම මා හඳුනන මොහු, මා ගෙදර ගිය අවස්තාවල මා සමඟ සුහදව කතා කරයි. මගේ සිතේද වරදකාරී හැඟීම් නැති නිසා පැකිලීමකින් තොර ඔහුට කතා කරන්න මටත් පුළුවන් විය​​. මා මොනවා කීවත්, මොහු වෙත මගේ සිතේ ඉරිසියාවක් නම් නිරන්තරයෙන්ම තිබිනි. එය සැරෙන් සැරේ ඇවිදින් මටත් හොරෙන් මගේ සිතට වද දුනි. ඒ නමුත්, ඇයව මුළුමනින්ම හිමිකර ගන්න මා කාලයක් පෙරුම් පිරුවා මිසක් ඇගේ පවතින ජීවිතයට ප්‍රශ්නයක් වෙන්න කිසිසෙත් මා නොසිතුවෙමි. හැකි අයුරින් ඇයට හා ඇගේ පවුලට සහාය වීමයි මගේ දැනට ඇති උවමනාව​​.

ඇගේ වැඩිමහල් ගැහැණු දරුවාට මම බොහෝම ආදරෙයි, ඇගේ සුළු පියා වීමට මට වරම් නොලැබීම ගැන මා බෙහෙවින් කනස්සල් වෙනවා. ඉහත කී පුද්ගලයාට දාව උපන් ඇගේ මාස අටක බිලිඳිය ඇය වගේමයි. අවුරුදු 37ක් පමන වෙද හාමිනේව ආපස්සට ගෙන ගියා නම් මෙහෙමයි ඇය ඉන්න ඇත්තේ. 79 දී ඔබ​ ඉන්න ඇත්තේ මැය වගේමයි ලෙස මා වෙද හාමිනේට​ කීවේ විහිළුවට මෙනි. මෙය ඇසූ අසල සිටි ඇගේ මව මට​ කීවේ  ඒ වයසේ වෙද හාමිනේ මැයට වඩා ලස්සනව සිටි බවයි. වෙනසක් නොවී වෙද හාමිනේගේ අනෙකුත් දරුවන්ටත් මා කරුණාව​ පාමී. හැකියාව තිබුනෝතින් මේ දරුවන්ගේ අනාගත සුභ සිද්දීන් සඳහා මට හැකි දායකත්වයක්  ලබා දෙන බවට මා ඉටාගෙන ඉන්නේ බොහෝ කලක් සිටය​. අවශ්‍යතාවයක් වුනොත්, ඇගේ ස්වාමියාටද උදව්වක් කිරීමට මා සැදී පෑදී ඉන් නේ ඇයට මගේ තියෙන ආදරේ නිසාමය​. 'ඕකත් අර උඩ මං කියපු දෙමළ පිචර් එකේ කෑල්ලක් තමයි'

තමාට අහිමි වී ගිය යමක් ගැන වෙද හාමිනේ පසුතැවිලි වන්න​ වන වගක්  නම් මට ඉඟි කෙරෙයි...........

පෙර දවස්වල මා දකින වෙද හාමිනේ පළඳින​ සරළ කලු වස්ත්‍රයටයි මා කැමැති, ඇය දැනට පළඳින ලා පැහැති වස්ත්‍රයන් ඇයට නොගැලපෙයි, ඇගේ පෙර තිබුනු තැන්පත් බව එයින් අතුරුදහන් වෙලා. ඇය දැනට පළඳින වස්ත්‍ර ඇගේ අගය මට අවම කර පෙන්වයි. ඒ ඇගේ මහත්තයාගේ කැමත්තක් නම්, අපි මොනව කියන්නද​?

'මොකක්ද බං තොයිල් නටන්න තරම් උඹට ඔච්චර ලෙඩ​?' කියල ඔබලා අහන්න කලින්ම, 'ඉතිං කලින්ම  මම කාරනේ කිව්වනේ, වෙද හාමිනේ එක්ක කතා කරන්න ඕන නිසයි' කියල මම කිව්වත් කාරනා නොතිබුනා මත් නොවෙයි. දේපල තන්හාව නිසා මගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයෙක් විටින් විට අපට කරන්න වූ වින්නැහියන් එකින් එක​ අප වෙනුවෙන් දුරු කරන්න​​ ඉදිරිපත් වුනේ මේ වෙද හාමිනේයි. ඔය නිලාවලි ගමනත් යන්න සිද්ද වුනේ ඔය කාරණයක් නිසයි.

'මේ විසි එක්වෙනි සියවසේ ඔව්ව විශ්වාස කරනවද බං' කියල ඔබලා අහන්නත් කලියෙන් ' 1.5 මුදල්ද​, 1.4 චෙක්ද වශයෙන් පොරොන්දු පිට​ මා කල මිලියන 2.9 ක​ වාහන වෙළඳාමක දී, ගැනුම් කරු ගැන මා තබා තිබූ නොමනා විශ්වාසයකින්, ලිය කියවිලිද සමඟ ලබා දුන්නු ලියාපදිංචි නොකල​ වාහනයක මුදල්, පොරොන්දු වූ පරිදි පොරොන්දු දිනට නොදී, එම ලිය කියවිලිම තබා මට රහසින් ඔහු ලබා ගන්න තැත් කල​ රු ලක්‍ෂ 21ක ණය මුදලක්, ඔහු විසින්ම මගේ ගිණුමට බැර කරන්න සලස්වා කිසි කරදරයකින් තොරව​ සියළු මුදල් අය කරගන්න මට සහය වුනේ මේ වෙද හාමිනේය​. පිලිගන්න​, මගේ මුදල් මට ලැබෙන​ තුරු මේ පුද්ගලයා හැසිරුනේ නිකන් මතුරලා ඇරියාක් මෙනි, මට උවමනා පරිදි මගේ උවමනා තැනට ඔහු පැමිනියේ, මා විශ්වාස නොකල පරිදිය​. මොහු මගේ කකුල වටේ කැරකුනා කිව්වත් වැරදි නෑ.

සුළු ඉඩම් වෙළඳාමක දී, මට විකිනීමට අවශ්‍ය වපරිසය වෙනුවට ඊට වඩා තරමක් වැඩි වපරිසයක් විකුණන්නට කරුණු යොදන්න ලෙස මට උපදෙස් දී, ඒ සඳහා වන යම් සාන්තිකර්මයන් ඇය කලායින්, දින කිහිපයකින් අඩුත් නොවී වැඩිත් නොවී, ඇය කී ඒ ඉඩම් වපරිසයම මට විකුණා ගන්න හැකි වුනේ මවිතයනි.

මගේ බිඳගේ සහෝදරයන්ට අයත් නගරයේ තිබුනු කඩයක් එක්තරා පාතාලයෙකු අතට පත්වී තිබී, එය මුදවා ගන්න උදව් කලේ මේ වෙද හාමිනේයි. කඩේ හුටපටය පසකලා, ඒ පාතාලයා මා සමඟ අදත් සුහදව හැසිරෙන්නේ මා දෙස විශේෂ ගෞරවයකුත් පාමිනි. එවැනි පාතාලයෙකුට අසුවී තිබූ කඩයක් මා එතරම් පහසුවෙන් මුදවා ගත්තේ කෙසේදැයි යන්න දැන සිටියන්ට තවමත් ප්‍රෙහෙළිකාවකි.

මගේ පසුම්බියේ තිබෙන යම් කිසි මුදලක්​, මගේමද​ නැද්ද බව කියන්න පවා මේ වෙද හාමිනේට හැකියාව තිබුනි.

ඉහත කී කාරණා ඈ ලබා ඇති හැකියාව පෙන්වන්න මා දක්වන උදාහරණ කිහිපයක් වන අතර, එවැනි විශ්මිත කාරණා බොහෝමයක් ඇය විසින් සිදුකලද මා දුටුව ඇතිද වග සත්‍යයකි. මේ වෙද හාමිනේ අකටයුත්තක් සිදුවී ඇති කෙනෙකුට සහනය වෙනුවෙන් ඉදිරිපත් වන මුත්, කිසි කෙනෙකුට අකටයුත්තක් කරන්න, විනයක් කරන්න​ ඉදිරිපත් නොවෙයි.

ஆசய் கொல்வதய் மரண்து விடு, ஆசய் கொண்டதய் மரண்து விடாதே 'අසා කරන එක අමතක කරන්න​, ආසා කල දෙය අමතක නොකරන්න​' මෑතක දී මා කියවූ දෙමළ වාක්‍යයක් මෙතන සඳහන් කරන්නේ, එය මෙතනට ඔබින නිසයි.

මෙය පවතින සත්‍ය කතාවක් වන අතර මා වෙද ඇස් දෙකකට පෙම් බැඳී ඒකපාර්ශ්වික​ ප්‍රේමය කතාවේ අවසානයේ දී කිව්වා සේම 'මා අද පරාජිතයෙක් නොවෙයි' මම ඇගේ සිත දිනාගෙනයි ඉන්නේ, ඇගේ සිතේ මා ඉන්නවාය​, සැවෝටම ඉහළින් මා ඉන්නවාය​ 'ශරීර දෙකක් යාවෙන එක නොව​, සිත් දෙකක් යාවෙන එකයි ආදරය​' බව මා මෙතන අවදාරණය කරමි.

කෙසේ නමුත්, මා මේ කරන දෙය දෙවියන් ඉදිරියේ පවකි, එය සාධාරණීය කරන්න මට කොහෙත්ම බැරිය​, ක්‍ෂමාව පැතීම අවශ්‍යමය, එයින් පමනක් නොනැවතී වරදින් මිදෙන්නද ඕනෑය​, වරදින් නොමිද  ක්‍ෂමාවවද නොලැබ​ මියදෙන්න සිදුවුනෝතින්, ඉරණම නරකකි. මහත් අභාග්‍යයකි. දෙවියන්ගේ කරුණාව මත අසීමිතව​විශ්වාසය තබන මා, අපට වඩා අප සිත් හඳුනන දෙවියන් අපට නියතව​ ක්‍ෂමාව දෙනු ඇති බව මා තරයේ විශ්වාසය තබමි.  


Post a Comment