Tuesday, February 21, 2017

මට හිතෙන හැටි ගැන මට හිතුනු හැටි!


   වෘතියෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරයෙකු වන සංගි ගුණසේකර බ්ලොග් කරුවෙකු වශයෙන් සිංහල බ්ලොග් ලෝකය තුල තම පළමු පියවර තබා ඇත. බ්ලොග් ලෝකයේ ඉන්න අනෙකුත් බ්ලොග් කරුවන් මෙන්ම සුන්දර මනසක් හිමි චාම් දිවිපෙවතක් ගෙවන සංගි ගුණසේකර ගීත ලෝලියෙකුද වෙයි. සෞඛ්‍ය ක්‍ෂේත්‍රය යමක් හෝ දෙයකින් දිනපතා දැනුවත් විය යුතුද, ජීවිතයේ අපට බැහැර කරන්නම බැරිද​, එකක් වෙයි.  බ්ලොග් අවකාශයේ අප සමඟ සිටින වෛද්‍යවරුන්ගේ අත්දැකීම් එකක් වන අතර සෞඛ්‍ය පරීක්‍ෂක වරයෙකුගේ අත්දැකීම් තව එකකි​. සෞඛ්‍ය සේවයේ කාලයක් නිරත වෙමින් තවමත් ඒ සේවයේම ඉන්න සංගි ගුණසේකරට ඒ ආශ්‍රිත අත්දැකීම් සම්භාරයක් තිබේ.

මොහු ගැන වැඩි විස්තර මා මෙතන නොලියන්නේ, තමා ගැන විස්තාරාත්මක හැඳින්වීමක් කරන්න ලිපියක අවකාෂයක් ඔහුට ඉතිරි කරනු පිනිසයි, එමගින් බ්ලොග් ලෝකයට තම දෙවනු අඩියත් ඔහු තබනු ඇත. එහෙයින් මොහුගේ ජීවිතයේ මොහු විඳී අත්දැකීම් එකින් එක බ්ලොග් අවකාශය තුල ගෙන ඒම කරුණු කොටගෙන මොහුට දිරියක් වෙන ලෙස සහෝදර​ බ්ලොග් කරුවන්ගෙන් අයදී සිටිමි. මොහුගේ බ්ලොගය සාදා ගන්නට උදව් වන ලෙස විශේෂයෙන් 'අටමා'ගෙන් ඉල්ලා සිටිමි.

සංගිගේ 'මට හිතෙන හැටි' බ්ලොගයේ ඔහු අතින් ලියවුනු පළමු ලිපිය මෙසේය​.

Friday, February 10, 2017

සුදු මල් පොකුරක් අතේ තබාගෙන !​




       ලියන්න දෙයක් නෑ, මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුනා, දැම්මා.