Friday, July 20, 2018

මිරිස් ඇටයක් එහේ කොහොමද​?


    දැනට මා නිරතව ඉන්නේ වාහන වෙළඳාමේ බව පෙර ලිපියක දීත් මා කියල ඇති. ආනයනයේ දී මෙන්ම රට තුල කෙරෙන මිළ දී ගැනීම් හා අලෙවි කිරීම් වල දී විවිදාකාර පුද්ගලයන් අපට මුන ගැහෙනවා. අවසන් පාරිභෝගිකයාට අමතරව​, වාහන වෙළඳ ශේශ්ත්‍රයේම​ නියලී සිටින​ අප මෙන් ලොකු/පොඩි වෙළෙන්දුන්, තැරැව් රුවන් ඒ අතර වෙනවා. මා කියන්න යන මේ පුද්ගලයා පොඩි වෙළෙන්දාද තැරැව් කාරයාද නැත්නම් ලොකු වෙළෙන්දෙක්ද වත්ද කියල හිතන්න​ බැරි අපූරු තාලේ චරිතයක්.



නිකන් ජැන්ඩියට අඳින්න කැමැති, සපත්තු කුට්ටමක් කව්බෝයි තොප්පියක්, කලු කන්නාඩියක් නොපළඳා එළි නොබසින,​ මොහුව​ මුළුමනින්ම විශ්වාස තබාගෙන වැඩකට බහින එක නම් බොරු. 'පාන්දර වාහනේ අරං එන්න අපි කොළඹ යං' කියල පෙර දින​ පොරොන්දු වෙන​ මිනිහා, පොරොන්දු වෙලාවට සූදානම් වෙලා මම කතා කලාම, මට කියනවා ඇත්තේ, හිමිදිරියේ පිටත්වුනු බස් එකක නැගී යාපනය යන ගමන් ඉන්න තමන්​ ඒ වන විටත් ​අනුරාදපුරය පසු කර ඇති බවයි. ?!@%^&*?? කොහෝම තියේවිද​? මල පනින්නැද්ද මං අහන්නේ? න්නෑනේ! පුදුමේ කියන්නේ, එහෙම දෙයක් වෙන්නෑ මේ මනුස්සයත් එක්ක​​! ඔහු සමඟ ආශ්‍රයේ දී දැං මට ඕවා සාමාන්‍ය දේවල්. බොරු කාරයෙක් හෝ රැවටිලි කාරයෙක් කියන්න තරම් පුද්ගලයෙකුත් නෙමෙයි. ඔබටත් මුන ගැහිල ඇති, එවේලේ ඔබට "යකෝ,,,, මූ,,,,????" ඒ ඔබේ ඇඟිල්ල​ ඔබ නොදැනීම ඔබේ  නහය ස්පර්ශ කරන ගමන්... "මූ නම් මිනිහෙක්ම තමයි" කියලත් කියවෙන්න ඇති, ඒ ඔබේ ​ මවිත බවේ උච්චකම නිසාම.. අන්න ඒ වගේ චරිතයක්.

ළමිස්සියෙක් තරුණයෙක් කුඩා නිවුන් ගැහැණු දරුවන් දෙදෙනෙක් ඉන්න 'පිස්සු' තාත්ත කෙනෙක් මූ, මම ඔහොම කිව්වේ නිකමටම නෙවෙයි, මොහුව හැඳින්වීමේ දී​ නම අගට ඔය විශේෂණ පදය නෙයෙදුවොත්  සමහරුන්ට නොතේරෙන නිසයි මට එහෙම කියවුනේ. තම​ බිරිඳ හා දරුවන් ගෙනා ආගමේම ඉඳීද්දී, උපතින් හින්දුවෙක්  වූ මොහු දැන් ක්‍රිස්තියානියෙක්. විටක අතේ සතේ නැතිව ඉන්න මොහු තවත් විටක අලෙවිය සඳහා වාහන කිහිපයක් ගේ අසල නවතා ගෙන ඉඳියි. යොදවා ඇති මුදල් මොහුගේමද කියල වෙලාවට හිතුනත්, මොහුගේ නෙමෙයි කියල හිතන්නත් කරුණු නොදෙයි. සමහරුන් මොහු සමඟ ගනු දෙණු කරන්න බියක් දක්වන​ අතර තවත් සමහරු දීර්ග කාලයක් තිස්සේ ප්‍රශ්නයකින් තොර ගනු දෙණු කරගෙන යයි. අවුරුද්දකට වඩා කාලයක්​ මා ආශ්‍රය කරන මොහු, දැනෙන්න අවස්තා ඇති වෙලාත්, අමාරුකම කියා සුළු පහේ අතමාරුවක් හෝ මගෙන් ඉල්ලලා නැහ​. එවැනි අවස්තාවක් මට ඇතිවෙලත් නෑ. ඒ නිසා, බලාපොරොත්තුවලින් තොර අපි හොඳ මිතුරන් විමු.


තේවතු හිමි ඉතා ධනවත් පවුලකින් පැමින ඇති මොහු, දැනට​ කල් ගෙවන්නේ එදිනෙදා ජීවිතය ගැට ගසාගෙනයි, උරුමයෙන් ලැබුනු කුඩා නිවසක තම බිරිඳ, වියපත් මව හා දරුවන් සමඟ ජීවත් වන​ මොහු තමන්ටම ආවේනික තමන්ගේම ප්‍රතිපත්තියක ඉඳ​​​ සැහැල්ලු ජීවිතයක් ගත කරයි. අනුන් නිසා නොවන තම සිතැඟි ජීවිතයක් ගත කරන මොහුගේ ඒ ප්‍රතිපත්තියට මා බෙහෙවින් කැමතියි. මොහු, මගේ සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් හි එන 'ෆේජි'ගේ කාබන් කොපියක් වත්ද කියලත් වෙලාවකට සිතුනත්, ෆේජිට නොතිබුනු එල්ලයක් සපත කර ගැනීමේ අධිෂ්ඪාන ශක්තිය මොහුගේ ඉහළින්ම තිබුනි.. ​


මෙහි මා නම විවුර්ත නොකරන මේ අපූරු මිනිසා කොටින්ම​! සුන්දර මිනිසෙක්! මොහු සුන්දර බවක් මට වඩාම දැනුනේ, ආසන්න වයසේම සිටින අපි දෙදෙනාගේ හැඟීම් සමානව තිබුනු නිසා, අපේ තරුණ වයස ගෙවෙන්න ඇත්තේ සම කාලයේම නිසා, තරුණ කාල මතක සටහන් අපේ සිත්වල මිහිදත්ව තිබෙන​ නිසා, ඒවා වමෑරීමේ උවමනාවන් දැඩිව තිබුනු නිසා, මෙය එම අවස්තාව වූ නිසා වැනි කාරණායි.



අපේ තරුණ කාල රසවත් සිද්දීන්, කරපු ගොංකං
අපි මතක් කර ගත්තේ සිත විවෘර්තවයි!​ අව්‍යාජවයි!


කුමක් හෝ විහිළුවක් කර අසල ඉන්නන්ව​ සතුටින් තබා ගැනීමේ හැකියාව මොහුගේ විශේෂයි. අවුරුදු විස්සක පමණ විරාමයකින් පසු මා බඩ පැලෙන්න හිනා වුනා නම් හිනා වුනේ මොහුගේ කතාවලටයි. දුක් කරදර පීඩා ආදියෙන් මිදී සැහැල්ලු බවක් ලබා මොහොතකට හෝ සතුටක්, මොහු නිසා මා​ විඳී බව නම් සහතිකයි. සිත අසහනයෙන් තෙරපෙන අවස්තාවන්වල දී එය පහකර ගන්නා උවමනාවෙන්ම​ මා මොහු සොයා ගිය අවස්තා තිබේ. මොහුගේ ජීවිතය රසවත් කතාවලින් පිරුනු එකක්. අන්න ඒ වගේ රසවත් කතාවක් තමයි මෙහෙම දිග ඇරෙන්නේ. මිළ දී ගැනීමේ අරමුනින් වාහනයක් පරික්‍ෂා කරන්න යන්න වූ අවස්තාවක​, වාහනයේ යන අතර තුර​ 'ඔබ මගේ මේ කතාව අහල නැද්ද?' කියල​ පටන් ගෙන ඔහු දිගටම කියාගෙන ගිය ඒ කතාව ඔහු අවසන් කරන විට මට ඇති වූ බඩ පැලෙන හිනාව නතර කර ගන්න ගමනාන්තය දක්වා මට බැරි විය​, එය​ සැරෙන් සැරේ මතක් වෙමින් නිවසේ දීත්​ මාව ​හිනැස්සවිය​......​
මගේ සිත ගත් මේ මිත්‍රයා අත්දුටු මේ අපූරු සිද්දිය ඔබ සමඟ මේ ලෙස මා බෙදා ගන්න සිතුවේ ඔහුගේ අනුමැතියද ඇතිවය​.

අවුරුදු කිහිපයකට ඉහත දී මැණික් ගල් වෙළෙඳාමක් සඳහා තමන්ට

මැලේසියාවට යන්න සිදුවී කාලයක් එහි නැවැතී සිටීමටත් සිදුවූ බව කී මොහු, එහිදී තමා අත්දුටු අපූරු සිද්දියක් ගැනයි මේ කියන්නේ. අනෙකුත් රටවල්වල මෙන්ම​ මැලේසියාවේද රාත්‍රී සමාජ ශාලා තිබෙන බවත්, ඒවා තරාතිරම, වාණිජ තත්වයන්ට අනූව බෙදී වෙන්වෙන​ බවද කියයි. මුදල් බහුලව ගැවසෙන වෙලාවල්වල ලොකු තැන් වලට යන තමන්, ඒවා අඩු වෙලාවල්වල යන්නේ එවැනි තැන්වලට බව බායාදු හිනාවක් පාමිනි.. රිංගිත් පනහක් දුන්නොත් ලොකු ජොග්ගුවක තරම් වීදුරුවක් පුරවා බියර් ලැබෙන බව කියන මොහු, තරාතිරම අඩුවුනා කියල ලැබෙන ආශ්වාදයේ අඩුවක් නැති බවත් කීවේය​. "මොකද එහෙම මදිකමුකුත් නැහ​, ඒවාට එන්නෙත් හොඳ වැදගත් බවක් පෙනෙන උදවියයි" ලෙසත් කියන්න​ තමාට සිතුනේ, අසල මේසයේ අසුනක  ඉඳ සුහද සිනහවක් පාමින් තමා වෙත පැමිනි ඒ මැදිවියේ කාන්තාව නිසයි, ලෙසත් කීවේය.

මෙතෙන් සිට ඔහුගේ වචන වලින්ම.......


හොඳ පොෂ් විදිහට ඇඳ පැළඳ සිටි ඇය අවුරුදු පන​හ ඉක්මව ගිය කෙනෙක් බව නම් මට හොඳටෝම තේරිනි. මට වැඩිය වයසින් වැඩි බව පෙනුනු ඇය හිටි ගමන් මා වෙත පැමිනි කාරණය ඉවෙන් වගේ දැනුනත්, මැලේසියානු ජීවිතයේ මට​ දැනුනු තනි පංගලම නිසාම 'ඔහේ කමක් නැහැ' යි  සිතා මාද ඇයව සුහදව පිළිගත්තෙමි. ක්‍රමක් ක්‍රමයෙන් අපි අතරේ කෙටි සම්භාශනයක් ඇති විය​. ආ ගිය කතාවෙන් පටංගෙන නොයෙකුත් මාතෘකා අපගේ ප්‍රිය සම්භාශනයේ හුවමාරු විය​​. කාර්‍යයට අවතීර්න වෙන්න නම් කුමක් හෝ (මොකක් හෝ මගුලක්) දෙයක් කතා කල යුතුව තිබුනු නිසා සත්‍යද අසත්‍යද වූ කාරණාවන් සමූහයක් මොහොතක් අප අතර වූ පිළිසඳරේ කාලය රැඳෙව්වේය​​​. බැලූ බැල්මට ඉන්දියානු සම්භවයකින් පැමින ඇතෙයි සිතිය හැකි ඇය සුදුත් නැති කලුත් නැති හීන්දෑරී කාන්තාවක් වූවාය​. එම වයසේ දී වුවත් තම පියකරු බව රඳවා ගන්න ඇය නොසෑහෙන්න මහන්සි ගන්නා බවක් ඇගේ ශරීර ලක්‍ෂනයෙන් මට දිස්වූ අතර​ වයසට නොගැලපෙන බොළඳ බවක් ඇය පාන බවත් ඇගේ කතාවෙනුත් දිස්විය​. කෙසේ නමුත් යම් දෙයක අවශ්‍යතාවයක එම කාන්තාව පෙලෙන බවක් නම් මගේ ජීවිත අත්දැකීම මට ඉඟි කලේය​. ඇත්තම කියනව, නම් ඇගේ පියකරු බව හෝ ඇගේ හැදියාව​, කල්ක්‍රියාව ඒ වෙලේ මට වැදගත් බවක් නොවීය​. ළමයි කිසිවෙක් අසල නැති ඇය දික්කසාද ගැහැණියක් බව ඇගෙන් ලැබුනු තොරතුරු අතරින් මට මට වැදගත්ම තොරතුර විය​.


අප අතරේ ඇතිවූ කතා බහ අතර තුර​ ඇගෙන් ලැබුනු අමතර බියර් වීදුරු දෙක මාව උපරිමව පදම් කලේය​. එයින් මා උතුර දකුණ නොතේරෙන තරමට මත් වී සිටියෙමි. මාව එම තත්වයට පත් කිරීම​ ඇගේ උවමනාව බව තේරුණත් මා ඇගේ උවමනාව පරිදි හැසිරුනේ​ ස්ව​ කැමැත්තෙන්මයි. නිවසින් බැහැර කාලයක් ගෙවී ඇති බවින් මා ලද විරාමය​, වෙනසක උවමනාවක්, කුතුහලයක් මටද තිබුනි. සමහර කාරණා වලට​ හොඳ සිහිය බාදාවක් බව දන්නා නිසා සියල්ල අනුමත කලෙමි. කාලය එසේ ගෙවමින් තිබිය දී, වෙරි මරගාතේ සිටි මාව, ඇය තම වාහනයේ නංවාගෙන නිවස කරා රැගෙන යාම​, තම නිදන කාමරය දක්වාම මා කැටුව​ යාම​, වැනි සියළු ජවනිකා මට හීනයක් පමනක් විය​. එතනින් එහා සිද්ද වුනු දේවල්ද හීනයන්ම​​ මිස පියවී සිහියකින් සිදුවුනු දේවල් නම් නොවන බව​ කතාව​ අවසානයේ දී ඔබටත් තේරුම් යනු ඇත​.


තෙහෙට්ටුවෙන් මා අවදිවෙන විට එළිය වැටී ඇගේ නිදන කාමරයේ ජනේලයෙන් රිංගා ඇතුල් වුනු සූර්‍ය කිරණ කෙලින්ම​ වැටුනේ මගේ මුහුනටයි. තව දුරටත් නිදා ගන්න හැකියාවක් නැතිව, වහා නැගිට ඒ ඇඳේම කොනක​ මා හිඳ ගත්තේ පමනට වඩා ගත්තු රාත්‍රී මදුපානයේ විපාකය විඳිමිනි. මත් ගතිය පමනක් නොවී තෙහෙට්ටුවද මට තදින්ම දැනුනි. තෙහෙට්ටු ගතියක් මගේ ශරීරයට දැනුනත් එය ඊට වඩා දැනුනේ මගේ වෙනත් අවයවයකටයි (ඔබ අනුමාන කලා වැරදියි සහෝ...ඒක නෙවෙයි අවයවේ) ඒ මගේ දිවයි. රාත්‍රියේ සිද්දවෙන්න​ ඇතෙයි කියන​ දේ මට තේරිනි (දැං ඔබටත් තේරිල ඇති) ඈලි මෑලි කම,​ තෙහෙට්ටුව නැති කරන්න​,​​ දිව එහෙට්ට මෙහෙට්ට කර සුළු ව්‍යායාමයක යෙදුනු මට අමුත්තක් දැනුනි. ඒ මගේ දිවේ අග හරියේ දැවටී තිබුනු දෙයක් නිසයි. අතට අරගෙන බලන්න වූ මට එය මිරිස් ඇටයක් බව තේරුණි. මිරිස් ඇටයක්? එහේ කොහොමද මිරිස් ඇටයක්? මගේ රාත්‍රි ආහරයේත් මිරිස් අඩංගු නොවී තිබීම​​ මට ඒකාන්තව විශ්වාසයි. එහෙනං! ??? මේ මිරිස් ඇටේ? රාත්‍රීයේ වෙරි තව නොහිඳවූ මත්තෙන්, මිරිස් ඇටේ ප්‍රශ්නය මගේ හිස අවුල් කලේය​.


"හායි ශ්‍රී ලංකන් ගයි! යූ ආ රියලි මාවලස්...වට් අ ග්‍රේට් එක්ස්පීරියන්ස් ඉට් වෝස්....මයි ගෝඩ්! අයි හෑව් නෙවර් හැඩ් සච් අ වොන්ඩෆුල් ටයිම්! අයි කැන් නොට් රියලි බිලීව් ඉට්! අයි කැන් සේ ඉට් ඉවන් තව්සඩ් ටයිම්ස්, දැට් යූ ආ රියලි මාවලස්! තෑන්ක් යූ! තෑන්ක් යූ! වෙරි මච්!" දොඩොවමින්, එතෙන්ට පැමිනි ගෑණි අවුල් වෙලා තිබුනු මගේ හිස තවත් අවුල් කලාය. "වෙරි මච්! වෙරි මච් නම් තමයි, මං වෙරි මච් වෙලා කරල තියෙන දේවල් මට තේරිල ටිකක් වෙලා" ඒත් අර ඔයාල අනුමාන කරපු ඒ අවයවේ! ඒක නම් කිසිම තෙහෙට්ටුවක් නැතිව​ සාමාදානයෙන් සැතපෙනවා. පෙර දින රාත්‍රිය දීත් එය මර නින්දක්ම පහකරල තියෙන වග නම් ආයේ දෙකක් නෑර මට තේරිනි. ලඟකදී අර කවුදෝ කලා වගේ, කපල මුහුදට විසිකරන්න හිතුනි.


එහෙනං! රාජකාර්‍යය සම්පූර්නයෙන්ම වග බලාගෙන තිබෙන්නේ මගේ දිවයි. ඒක ඉතිං සාමාන්‍ය කාරණාවක් නේ! ලෝකේ සිද්ද නොවෙන දෙයක්ද ඉතිං ඕක​! ඒකේ ඇති වැරද්දක් නෑනේ! ලෙස දොඩෝමින් මං මාවම සනසා ගන්න උත්සාහ කලේ කම්පනයෙන් මිදෙන්නයි. මගේ වූ ඒ සාංඛාව දුරු කර ගන්නයි. වැඩක් බලාපොරොත්තුවෙන් පැමින තමාටම හිමි තමාගේම වැඩේ නොකර ඉඳීම​ සාංඛාවක් නොවෙයිද​, එහෙනං මට? ආයේ ලැබෙයිද මේ වගේ අවස්තාවක්, වියදමක් නොදරපු, මහන්සියක් නොවිඳපු, විහිං ආපු අවස්තාවක්, ආයේ ලැබෙයිද​, මගේ අඳෝනාව ඇතිවුනු මොහොතේ ඔය ගෑණි මා සිටි දිහාවට​ නාවනං එහෙම, මට ඇඬෙන්නත් ඇති​. රාත්‍රියේ බීපු බියර් වීදුරු කිහිපයට පටිසං දුනිමි.


අසහනයෙන් සිටි මට, නොනවත්වා කියවන නාකි ගෑණිගේ කන්දොස්ක්‍රියාව වදයක් විය. ඒත් මගේ කන වැටුනු ඇගේ අවසාන වචන කිහිපය​! ඒවා ඉඳගෙන සිටි මාව ඇඳෙන් නැගිට්ටවිය​​. නැගිට්ටෙව්වේ විකාරයෙක් ලෙසිනි  ?!@%^&*?? යකෝ!?!@%^&*?? මං මොකෙක්ද!?!@%^&*?? චික්කෙයියා! ?!@%^&*??නොදකින්!?!@%^&*?? කාල කන්නියා!?!@%^&*?? බේබෙද්දා#$I  බීල නන්නත්තාර වෙලා,?!@%^&*?? උඹ මොකක්ද බං කරේ!?!@%^&*?? මටම දෝෂ දෙන්න වී ලැජ්ජාවෙන් ඇඹරුනෙමි. ලැජ්ජාව??!@%^&*?? ලැජ්ජාවද ලොකු??!@%^&*?? චිහ්!?!@%^&*?? යකෝ?!@%^&*??, අප්පිරියාව​!?!@%^&*?? දැං තේරිලද දන්නෑ? "මට මාරුවෙලා මචෝ, වෙරි මරගාතේ මට මාරුවෙලා" තේරුනාද​? තවමත් නැත්තං ඕං...'බීට්ලයේ ඉස්සරහ පස්ස​ මාරුවෙලා! කන පිට පෙරලිල මචෝ....    කන පිට පෙරලිලා....​. ඕකයි මිරිස් ඇටයක් දිව අගට ආවේ. දැනුත් නොතේරුනා නම් මට කරන්න දෙයක් නෑ.

ඕං ඉතිං බනින කෙනෙක් බැනල හරි කොමෙන්ට් එකක් කොටන්න​.


ස්තූතියි............

6 comments:

  1. මේ කතාව මම කලින් කියවල තියනව. කලින් මේක FB හරි වෙන තැනක හරි ශෙයා කලාද?

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එකේම ප්‍රචාරය කලා, බ්ලොගර් කොමෙන්ට් බොක්ස් එකේ දෝෂයක් තිබිලා ප්‍රතිචාර නොතිබුනු නිසා, ආයෙත් පල කලා.....

      Delete
  2. ෂික් එපාවෙනවා

    ReplyDelete
  3. හිහ් හිහ් හිහ්.....

    ReplyDelete
  4. සාමාන්‍යයෙන් එතන විතරක් මදි. එතනින් නැවතෙන්නේ නෑ. විශේෂයින් ඔයතරම් හොඳයි කියන්න නම්.

    ReplyDelete
    Replies
    1. අප්පෝ... වැඩි දෙයක් කියන්න, අපිට නං අත්දැකීම් නෑ ඕංං......

      Delete