Thursday, May 28, 2015

බොඳවී ගිය අපනයන සිහිනය​ !


downloadකරගෙන යන ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම පවුල් නඩත්තුවට සරිලන්නේ නැති බවින් කනස්සලින් පසු වුනු මගේ වාසනාවටමදෝ ඉතාලියේ ඉඳන් පැමිනි බිරිඳගේ ඥාතියෙක් අපනයනයක් ගැන යෝජනාවක් ගෙනාවේ​. ඒ, ලංකාවෙන් රෝමයට එළවළු හා පළ​තුරු අපනයක් පිළිබඳ යෝජනාවයි, රෝමයේ සිට ආනයන කරුවා වන්නේ එම ඥාතියා වන අතර එම අපනයනය ලංකාවේ සිට සිදුකල යුතු පුද්ගලයා මා වනවාට ඔහු යෝජනා කලේය​. ඔහු යෝජනා කල මිලද සිත් ගත් නිසා, අපනයනය ගැන කිසිත් නොදත් මා ලහි ලහියේ සාධ්‍යතාවන් ගැන සොයන්න ගත්තේ, ඥාතියා 'මා හැර වෙන කෙනෙක් සොයා ගනීවිදෝ'​ බවට  ඇති වුනු චකිතය නිසයි.

Friday, May 22, 2015

අපේ උසාවි හා අපේම පොලිසි !

'අපේ බදු මුදලින් නඩත්තුවෙන​, අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින​, ​අපට සාධාරනය කරන, අප වෙනුවෙන්ම ස්ථාපිත වී ඇති අපේම උසාවී හා එම බදු මුදලින්ම වැටුප් ලබන අපේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කරන​ අපේම පොලිසි'

චූදිතයෙකු,පැමිනිලි කරුවෙකු හෝ සාක්‍ෂි කරුවෙකු   ලෙස තම නඩුව විභාගයට ගන්නා තුරු රැඳී සිටින පිරිස, කාකිය දරා සිටින පොලිස් මාමා දකින්නේ මහා පිළිකුල් සහගත නරුමයන් ලෙසයි. පොලිස් මාමා ඒ වනවිටත් ඔවුන් සියල්ලන්ව​ වරදකරුවන් ලෙස දැක තිබූ නිසයි ඒ, කෙනෙක් උසාවියකට පයගහපු පමනින් වරදකරුවකු වෙතැයි චිත්‍ර මවන​ පොලිස් මාමාගේ නොදැනුවත්කමයි. ආසන පිරුනු පසු අසුන් නොමැතිකම නිසා සිටගෙන ඉන්නා පිරිස ඔහු නඩත්තු කරන්නේ ගව ගාල ඉඩ ආවමයෙන් තෙරපෙන ගවයන් හා සමානවය​. 

Friday, May 1, 2015

අපේ ඇත්තෝ ආදරය පාන​ අපූරුතම​ අන්තර්ජාතික කම්කරු දිනය !


මැයි පළවෙනි දිනය ගැන කියවෙනවිට අපට මතක් වෙන්නේ අග නගරයේ වීදියෙන් වීදියේ පැවත්වෙන පෙළපාලිය​. කම්කරු අයිතීන් වෙනුවෙන් සටන් පාට කියන පෙළපාලි කරුවන්‍ය. රතු ඇඳගත්තු ගැහැණුන් පිරිමින්ය​. ඔවුන් කම්කරුවන්‍ය​. නැත්නම් ඔවුන්ගේ සෙනෙහවන්තයන්ය​. 
වේදිකාව මත නැග තම ස්නේහය පෙන්වන නායකන්‍ය​.