Friday, July 22, 2016

නෙළුම් ඇට + වරකා + ස්ප්‍රයිට් = විෂ​ද


  අනුරාදපුර​, කහටගස්දිගිලිය​, ඊතල්වැටුනුවැව නම් ගම්මානයේ සිදුවී ඇතැයි කියන අවාසනාවන්ත හා  අනුවේදනීය  සිද්ධියක්  ගැන වාර්තාවකි මේ... වට්සප් හරහා මට ලැබුනු තොරතුරේ ඇත්ත නැත්ත ගැන මට තහවුරුවක් නැති අතර සඳහන් සිද්ධිය සැකවින් මෙසේය​.

ඉහත සඳහන් ගම්මානයේ පදිංචි ගැහැණු ළමයි පස් දෙනෙකුගෙන් සමන්විත පවුලක පියා පිට රටක සේවය කරන අතර මව ළමයි සමඟ එම ගම්මානයේ ජීවත් වෙයි.


සිද්දියට 
සම්බන්ධ  මෙම ළමයි පස් දෙනාගෙන් අත දරුවා හැරෙන්න​ ඉතිරි සතර දෙනා පසුගිය​ 19.07.2016 දින නෙළුම් ඇට හා වරකා අනුභව කිරීමකින් පසු එයින් ඇති වූ බඩ පිපුම මගහරවා ගැනීමට ස්‍ප්‍රයිට් බීම පානය කර ඇති බව වාර්තා වෙයි. ස්ප්‍රයිට් බීම පානය කර සුළු මොහොතකින්, සිද්ධියට සම්බන්ධ දරුවන් සතරදෙනාම සිහිමූර්ඡා වී වැටී ඇති අතර පසුව ගම්වැසියන්ගේ උදව් ඇතිව සියළු දෙනා රෝහලට රැගෙනවිත් භාර කර ඇත​. හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවයකින් පෙළී සිහිසුන් නොමැතිව සිටී ළමයි 4 දෙනා අධි සත්කාර ඒකකයේ සිට​ ප්‍රතිකාර ලබන​ අතර ඒ අතර සිටි අවුරුදු හතක ළමයෙක් අවාසනාවන්ත​ ලෙස​ පසු දිනම රණයට පත් වී ඇතැයිද වාර්තා වෙයි.