
පසුගිය ජූලි 26 තිරුවනන්දපුරම්හි මනෝජ් සී මානූ නම් 16 හැවිරිදි තරුණයා ගෙදර වහලයේ එල්ලී ගෙල වැල දාගෙන සිය දිවි නසාගෙන ඇත. ඔහුගේ මව කියා සිටියේ තම පුතු අන්තර්ජාලය හරහා කිසියම් තරඟයක් ක්රීඩා කරන බව තමා දැන සිටියත් මෙතරම් දෙයක් ඔහු සිදු කර ගනීයි කියා කිසිසෙත් නොසිතූ බවයි. වීදුරු කැබැලිවලින් තමාගේ අතේ ඔහු කැටයම් කරගෙන තිබූ දසුන තමා දුටු බවත් ඇය පැවසූවේ හැඬූ කඳුලෙනි. තරඟ අවසානයේ එක්කෝ කෙනෙක් මරුමුවට පත් කල යුතුයි හෝ තම දිවිය නසා ගත යුතුව ඇති බව තම පුතු කියා තිබුනා තමාට මතක බවත් එම මව වැඩි දුරටත් කියා සිටියාය. අවුරුදු 22ක් වියති සවන්ත් ගෙදර බල්කයේ එල්ලී මිය යාමද සිදුවන්නේ මෙම කේරලයේමය, එයටත් හේතු කාරකයාද මේ නිල් තල්මසාමයි. ඉන්දියාවේ පළමු නිල් තල්මස් සිය දිවි හානිය වාර්තා වන්නේ මුම්බායිහිය. ලොව නන් දෙසින් මෙවන් අවාසනාවන්ත මරණ සිය ගනන් වාර්තා වන්නේ මේ නිල් තල් මස් අභියෝගය හේතුවෙනි.