හැමෝම ගී තෝරන එකේ, මාත් හිතුවා ඉයන්ගේ ජීවිතය හා බැඳුණු ගීත සහ පොඩි තරඟයක් මගින් දියත් කල සොඳුරු අභියෝගය බාර ගෙන ගී දාසයක් තෝරන්න. රැල්ලෙන් බැහැර ව කල් පසුවී, මා මේ කටයුත්තට ඉදිරිපත් වී ඇත්දෝ කියල මට සිතුනත්, පසු වී හෝ, මගේ සිත ගත් ගීත කිහිපය තෝරන්න මා ඉදිරිපත් උනේ මෙය මගේ හදවතට බොහෝම සමීප අංශයක් වූ නිසයි... 'නිකං ආවාට ගියාටත් බෑනේ, සිංදු තෝරන්න'... 'හෙඩින් එකේ වචනාර්තයටම වෙන්න එපෑයැ තෝරන සිංදු, 'මෙමරි කැපෑසිටිය මේ ගීත රසනය කල කාලේ වගේ උනා නම්, 16ක් නෙමේ 16න් 10ක් තෝරන්න තිබුනා, අද ඇති මෙමරියේ තරමට 16 තෝරගත්ත නම්, ඒකත් ලොකු හපන්කමක්' ද්‍රවිඩ ගීතයන් සමූහයක්ද මා දරුණු ලෙස උන්මාද කර ඇති මුත් මා සම්භන්ද වී ඉන්නේ සිංහල බ්ලොග් ලෝකය සමඟම වන බැවින්, මා සිත උන්මත් කල සිංහල ගීත පමනක් තෝරගන්න මෙහිදී මා තීරනය කලා.
බොහෝ විට තුරුණු විය පැවැතුනු කාල වකවානුවන්ට අනූව, එම තෝරා ගැනීම් එකිනෙකාට වෙනස්වෙන අතර ඕනෑම කෙනෙක්ගේ සිතේ විශේෂයෙන් රැඳෙන්නේ ඔහු/ඇය තරුණ වියේ දී ශ්‍රවනය කල ගී පදයන්ම වීම සාමාන්‍යයකි. එම සාමාන්‍යයට විරුද්දව, සිත්වල ගැඹුරෙහි මිහිදත් වන සදාහරිත ගීතයන්ද අපමනය...ඒවාට කාල වකවානුවන් බල නොපායි...එවන්, කාලයන්හි හා අකාලයන්හි මා ශ්‍රවනය කල, 16 සීමාවට හසුවී, සිතේ පැලපදියම් වූ, ක්‍රමයෙන් මා උන්මත් කල, බොහෝ ආයාසයකින් මා තේරූ සිංහල ගීත කිහිපය මෙසේයි.
තිබෙනෙවා.
ෂෙල්ටන් මුතුනමගේ ගැයූ 'මේ දෙව් මැදුරේ' ගීතය මා උන්මත් කල එකක්.
ගී 16 යේ සීමාවේ නතර කරන්න සිදුවුනු නිසා නතර කලා මිසක් කැමැත්තෙන් නතර කලා නම් නෙවෙයි, මේ ගී ටික තෝරන අවස්තාවේ මා ඒ ගීතයන් තුල ජීවත් උනා. ඒ තරම් සුන්දර විඳීමක් මා ලැබුවේ. ගී දාසයේ සීමාවේ නතර වීමෙන් මා උන්මත් කල අනෙකුත් ගීතයන්ට මා මේ කල අසාධාරණයක්දෝ කියලත් හිතෙනවා මට. කපුගේගේ 'උන්මාද සිතුවම්' ටී.එම් ගේ ගීත කිහිපයක්, සුනිල් එදිරිංහගේ ගීත සමූහයක් මාව පිස්සු වට්ටපු ඒවා.
මාව මගේ සුන්දර අතීතය කරා රැගෙන ගිය 'ඉයන්ට' නැවතත් මගේ ස්තූතිය.
සුන්දර ගී පෙළක්.. ඔබේ සිනා ළඟ,මුතු කුඩ ඉහලන මාත් කැමති ම ගිත..!
ReplyDeleteඔබේ පැමිනීම මට සතුටක්, අපිත් ඔය පැත්තට වර්තා කලා, ඒත්, එය ඔබ පැමින ගියාට පසුවයි,,, මට තරමක ලැජ්ජාවකි,,, අනුන් සතුටු කිරීමෙහිලා,,, මා සිටින්නේ ඔබ පසුපසයි....
Deleteඔබට ජය
අපොයි ඒකට කමක් නෑ.. ඉයන් මාමාගේ බ්ලොග් එකෙන් තමා මේ පැත්තට එන පාර හොයා ගත්තේ.
Deleteහැබැයි ඔබ කියා තිබූ එක කාරණයක් එක්ක මං සම්පූර්ණයෙන් ම එකඟ වෙන්නෙ නෑ.ශ්‍රාවකයා තරුණ විය පසු කල අවදිය ගීත රසවින්දනයෙදි යම් ආකාරයකින් බලපානවා ඇති.ඒත් එ්ක එකම කාරණය නෙමෙයි.උදාහරණයක් විදියට තාම මගෙ තරුණ විය පටන් ගත්තා පමණයි.ඒත් මං වැඩිපුර අහන්න ආසා කරන්නෙ පැරණි ගීත.ඒ නිසා ඒක රසවින්දනය සම්බන්ධ කාරණයක් කියලා මම නම් හිතන්නෙ.
ඔබ හරී, මම කියපු කාරණය තුල මා තරයේ නෙවෙයි සිටින්නේ, ඒත් ඒක ගොඩාක් දුරට බලපාන සාදකයක් බවයි මා කියන්නේ. පහත මා කියන කාරණා මගේ ඉහත කී අනුමානයට විහිළු කරයි.
Deleteගුණදාස කපුගේ 'උන්මාද සිතුවම්' ගීතයට මා බොහෝ කැමතියි, එය පළමුව ගැයුනේ මගේ තරුණ කාලයට බොහෝම ඉහතවයි.
මම මගේ කතාවක කීවා සේ ''එහි කතා නායකයා, 21 වියේ පසුවන කතා නායිකාව වෙත, තමාගේ කැමැතිම ගීතය හඳුන්වා දෙන්න උත්සාහ කල අවස්තාවක, ඔහුට ඇති වූ සුළු පැටලවීමකින් ගායකයාගේ නම වරද්දගත් මොහොතේ, වහාම ඉදිපත් වුනු කතා නායිකාව, එය නිවැරදි කරන්නේ, ඔහුව විශ්මයට පත් කරමිනි. ඒ වෙනකක් නෙවෙයි, ඒ ගීතය පළමුව ගැයවී තිබුනේ ඇය ඉපදෙන්නටත් පෙර බව ඔහු දැන සිටි නිසයි, (මෙය සත්‍ය කතාවක්)
"බැස යන සඳ දැසින්" මමත් ආසා කරන ගීයක්.. නාමල්ගේ හඬ උමතු නොකලා නම් තමයි පුදුමේ උන්මන්තක..
ReplyDeleteඔබගේ පැමිනීම ගැනත් මගේ සතුට, 'වැසි දැරිය'ට කියූ දෙයමයි මා ඔබටත් කියන්න වෙන්නේ, මා ඔබේ දිහාවටත් පැමින මගේ පැමිනීමේ සටහන තබලයි මේ පිළිතුරට ආවේ.
Delete//නාමල්ගේ හඬ උමතු නොකලා නම් තමයි පුදුමේ// ඒ උමතුවයි මට තවම තිබෙන්නේ......
ඔබට ජය
ඈත සිතිජයේ සිංදුවට මං ගොඩාක් කැමති.. මේක දකිනකොට මට ඒ සිංදුව මගහැරුනා කියලා දැනුනා...
ReplyDeleteඅපූරු එකතුව උණ්මන්තකයෝ....
ඔබගේ පැමිනීම ගැනත් මගේ සතුට, මගේ නම වැරදියට කියන්නෙපාපාඅ.......
Deleteපුළුවන්නම් ඔබ කැමති දෙමළ සිංදු ලැයිස්තුවක් දමන්න සිංහලෙන් විස්තරත් එක්ක. එය සිංහල කියවන්නන්ට දෙමළ සිංදු ලෝකයට ප්‍රවේශ වීමට උදවුවක් වෙයි.
ReplyDeleteඔබගේ පැමිනීම ගැනත් මගේ සතුට, ඔබේ අදහස ගැන සිතල බලන්නම්, ස්තූතියි අදහසට
Deleteබොහොම ලස්සන් ගීත එකතුවක්.
ReplyDeleteමෙතනින් මගේ කැමැත්ත තියෙන්නේ ජගත් වික්‍රමසිංහ ගේ සින්දු තුනට.
ඔය ඉසුරු කොදෙව්වේ සින්දුවට ලස්සන වීඩියෝ එකක් තිබ්බා. මතකද?
පහල ලින්ක් එක බලන්නකෝ.
රූපවාහිනයේ "යාත්‍රා " ප්‍රෝග්‍රෑම් එකේ තමයි මේකත් ගියේ.
https://www.youtube.com/watch?v=y4mWrL-vCAc
ඔන්න සහෝ ඔබගේ කැමැති 'ඉසුරු කොදෙව්ව' වීඩියෝව මාරු කලා
Deleteස්තූතියි
බොහොම ලස්සන් ගීත එකතුවක්.මෙ හැම ගීතයක්ම වගේ බෙහෙවින් කැමති ගීත මමත්.
ReplyDeleteඔබේ පැමිනීමත්, වටිනා වූ ඔබේ වචන ටිකයි මට දිරිය දෙයි,
Deleteඔබට මගේ ස්තූතිය හා ජය පැතුම.
යටපත් වෙලා අමතක වේගන ගිය අපූරු ගීයක් 'පාරාදීසේ' නැවත මතක් උනා..
ReplyDeleteජයවේවා..!!
අමතක වී ගිය ගීයක් මතක් කරමින් ඔබව සතුටු කරන්න හැකි වීම මටත් සතුටකි.
Deleteඔබට ජය
මුතු කුඩ ඉහලන සිට මේ මැයි ගහ යට දක්වාම ++++++++++++++++++++
ReplyDeleteජයවේවා..!!
ඔබේ අගේ කිරීම මට අගනා දිරි දීමකි
Deleteමගේ ස්තූතිය හා ජය පැතුම
මේ සින්දු වලින් සමහර ඒවා දන්නේ නැහැ. මිල්ටන්ගේ, ෂෙල්ටන් ගේ ෂර්ලි ගේ සින්දු වලට මාත් කැමතියි. ශර්ලි චන්ද්‍රලේඛා එක්ක මුලින්ම කියුඅ ගීතය මතකද? "ඈත ක්ෂිතිජයේ " ලස්සන සින්දුව.
ReplyDeleteනැහ සහෝ, එහෙම සිංදුවක් අහපු මතකයක් වත් නෑ මට. අනික මට තිබුනු එක්තරා පුරුද්දක් නිසා පුරුෂ හඬින් ගැයුනු ගීත ඇරෙන්න, ස්ත්‍රී හඬ හෝ මිශ්‍ර හඬින් ගැයුනු ගීත ඇසුවා බොහෝම අඩුයි. ඒ නිසා ඒවායේ මතකයුනුත් ඒ වගේමයි.
Delete16 යේ සීමාව බ්ලොග් පෝස්ට් එකටම නිසා, මග ඇරුනු තවත් සමහරක් ගීතවල තොරතුරු කොමෙන්ට් එකක්, දෙකක් හරහා මෙලෙස මා බෙදාගන්න මා සිතුවේ, ඒවා එසේ ඉවතලෑම හිතට හරි වදයක් වූ නිසයි.
ReplyDelete'ප්‍රේම මායා දැලේ' නිමල් ගුණසේකර https://youtu.be/XHZ-Zp8CKos
'ඔබටයි මේ ආරාධනා' රෝහණ බෝගොඩ https://youtu.be/Uhv0kvm59HA
'තනිවෙන්න ඉඩ දෙන්න' අජිත් ආරියරත්න https://youtu.be/LvvdAt8s120
'ඔබ මා හමුවුනු මේ ඉර හඳ යට' කරුණාරත්න දිවුල්ගනේ
https://youtu.be/Yt-h-S8-lXs
මේ ඒවායින් සමහරක්
මුතුකුඩ ඉහලන සහ ඔබේ සිනා ලඟ......:)
ReplyDeleteඔබේ පැමිනීම හා ප්‍රතිචාර කිරීම ගැන මගේ ස්තූතිය
Delete