Wednesday, December 22, 2021

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 10

 "විසිනව​ වසක් හද​ ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව​ සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු,  සුන්දර අතීතය තුල ​ඔබද රඳවාගන්නයි''


"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"
සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 9


ඉරණම වෙනස් කල විනාඩි කිහිපය !

(පරිච්චේදය) 10

මාර්තු 8 වෙනි දින රාත්‍රිය, අපේ කොහොමද කියල මං දැකලා නෑ, එදා, ඒ දපාzෂයේ නම්, හඳක් පායලා තිබුනා. පුන්සඳක් වගෙයි මතකේ.

ආර්ද්‍රතාවය නිසා නොපැහැදිලිව විහිදුනු හඳේ එළිය අප මත සුමුදුවට වැටුනි. එයින් එළිය ලැබූ zසෝයාගේ පිරිපුන් වත සඳක් මෙන් මට පෙනිනි.

(එදා මට මංගල රාත්‍රියයි, මෙපමන කලක් ස්ත්‍රී ආශ්‍රයක් නොතිබී, ‘අ’ අකුරෙන් අරඹන​ මගේ ආදර ගමනේ, මංගල හමුවීම රාත්‍රියක දී සිදුවන නිසා, එය මගේ මංගල රාත්ත්‍රිය විය)

ස්වෙටරයවත් දාගන්න නොදී ජැකට් එක බාගෙට පොරවාගෙන මාව ඇදගෙන ගිය zසෝයා, එළිමහනේ මාව සීතලේ වෙව්ලන්න ඇරියාය.

''සිගරට් පැකට් එකක්වත් ගන්න දුන්නෑ හැතිරී" හිතින් (නො) බැන වැදුනෙමි.

තමාගේ උසින් අඩක් පමන වූ කොන්ක්රීට් බංකුවක් වගේ එකක මාව ඉන්දවූ zසෝයා,

මගේ දෙකකුල් අතරට පැමිනියාය. පසුව සුපුරුසු ඝර්වාන්විත ස්වරයෙන්ම

''තීඃ මින්ය ලූබිෂ් (ඔබ මට ආදරය කරනවද​)?’’ ලෙස මගෙන් ඇසුවේ, පිහියක් බෙල්ලේ තබා ‘සල්ලි දෙනවද නැද්ද’ ලෙස අසන ආකාරෙකිනියි.

(ආදරේද බව දැන ගන්න මෙහෙම ක්‍රමයකුත් තියෙන බව එදයි මං දැන ගත්තේ)​

මා ‘’ධාඃ (ඔව්)’’ ලෙස මා ඇයට කීවේ කියන්න කිසි දෙයක් දෙයක් මට නොදැනුනු නිසයි.

''නියතඃ නියතඃ ප්රාව්ධා ස්කෂීඃ, තීඃ මින්ය ලූබිෂ්, ඉලි නියත් (නෑ..නෑ..ඇත්ත කියන්න, ඔබ මට ආදරය කරනවද..​නැත්නම් නැද්ද​)?’’

zසෝයා නැවතත් ඇසුවේ ‘දොන් නං දොං සිමං නං සිමං. දොංසිමං දෙකම බෑ’ කියනාකාරෙටයි. ඇගේ ස්වරය තරමක් ඉස්සී තිබිනි.

ඇගේ දඟකාර කමට මා කැමැතියි. ⁣එයට මා ගොඩාක් කැමැතියි. ඒ රුචිය පංතියේ දීත් මට තිබුනි,

නමුත්, කිසිදිනක ඉස්මතු නොවීය. අද මේ අවස්තාව වන තෙක්ම එය​ ඉස්මතු නොවීමයි තිබුනේ. හේතුව මට නොතේරිනි.

ඒ තත්පර කිහිපය තුල, අතීතයේ දී අප අතර වූ සංවාද, zසෝයා මාව ආකර්ෂණය කල නොකළ​ තැන්, වෙනත් කාරණා,

සියල්ල​ එක්තැන් වෙලා, මා ඉදිරියට පැමිනීහ, ඇය නියතවම මා ආකර්ශනය කර ඇති බව නිගමන් විය.

සමහර දේ හරහට හිටියත්, ඕවා zසෝයාව බැහැර කරන්න තරම් සාදක නොවන බව මට ඒත්තු ගන්වන්න සිත පෙළෙඹුනේය. එයින් මෙයින්

'කොළ එළිය දැල්වින'

''ධාඃ, යා තිබ්ය ඕඕචින් ලුබුලූඃ (ඔව් මා ඔබට ගොඩාක් ආදරෙයි)’’ කියන අතර තුර මගෙන් උනුසුම් සුසුමක්ද පිට විය.

''ඔබ දැන් කී දේ සත්‍යයි, ඒ බව මා ඔබේ ඇස්වල දුටුවා'' මගේ ඇස්වලින් මගේ හදවත කියවූ 17ක් වත් නුපිරුනු zසෝයා ගැන​ මම පුදුම විමි.

ඒ ගෙවුනු තත්පර කිහිපය තුල, ඈ වෙත මට ඇති වු මගේ ආදරය ​නොනැවතී ඉහළ යමින් තිබිනි.

ගෙවුනු සෑම තත්පරයක්ම මට ඒ බව පසක් කලේය. මගෑරුනු මතක සටහන් එකින් එක මතකෙට එමින් ඒ දේ කලේය.

එය ආදරයක්මද නැත්නම් ආක්ෂනයක්ද වග නම් පැටලවිල්ලක්ම වූ නමුත්,

'දැං යමක් වෙලා හමාරයි. වචන දී හමාරයි. විශ්වාසය ඇති කරලයි තියෙන්නේ. ආයේ වෙනස් කරන්න බෑ' ලෙස සිත තුල ඝට්ටන ඇති වුනත්, පසුව එය ආදරයක්මයි ලෙස තීරණ වුනි.

zසෝයා දැං මගේ පධෲගා (ආදරවන්තිය) යි. හරියට තර⁣ඟෙක දුවල පළමු තැන ගත්තාවගෙයි ඒ වෙලේ මට දැනුනේ.

ජීවිතයේ ප්‍රතම වතාවට ආදරයක් දැකීම? කෙල්ලෙක් එලව එලව ඇවිත් ආදරේ කරීම. සියළු දේ එකව සිද්ද වුනි. අසීමිත සතුටක්, සැහැල්ලුවක් දැනුනි.

ඔරොත්තු දෙන්න බැරි සීතල නිසා නාසයෙන් පිටවෙන සොටු පිසදා ගන්න යමක් සොයමින් මා ලතැවෙන්නට වූ මොහොතේ,

zසෝයා තම කබා සාක්කුවෙන් ලේන්සුවක් ගෙන මගේ සොටු පිස දැම්මාය​.

ආදරයේ රසය මං ප්‍රතම වතාවට වින්දෙමි. ආදරය පිදීම සතුටක් නම්, ආදරය ලැබීම කොපමන සතුටක් වෙයාද? මම එය ලැබුවෙමි.

මම කිසිවක් කතා නොකර සිටියත්, zසෝයා ඔහේ දෙඩෙව්වාය.

මං ගැන කියවන්න ගත්තාය.

තමා ආදරය කලේ මට නොව මගේ ඇස් දෙකට බවයි ඇය කීවේ.

ඈ දෙස සෙනෙහසින් බලා සිටියා මිසක් කිසිත් කියන්න මම නොගියෙමි.

කුඩා ළමයෙක් මෙන් zසෝයා හැසිරුනාය.

ඇය කියන කරන සෑම දෙයක්ම මට​ සතුටක් විය​.

මොහොතකට පෙර ගෝස්ති පැමිනි දේවුෂ්කා, රියාල්, ෆේජි, ඊගර්, zසියාඩ් තාන්‍යා සියල්ලෝවම මට අමතක වී තිබිනි.

මගේ අරමුණු, එංගලන්ත සිහිනය මා වැදූ පිදූ දෙමාපියන් මට අමතක වී තිබුනි.

මා ඉදිරියේ සිටියේ zසෝයා පමනි! සිත පුරාම zසෝයා!

zසෝයා! zසෝයා!

(කොහොමද විනාඩි කිහිපයකින් කෙනෙක්ගේ ඉරණම වෙනස් වුනු හැටි. සත්තකින්ම එය මගේ ඉරණම වෙනස් කරපු මගේ ජීවිත ගමන වෙනස් කරවූ සනදිස්තානයකි)

සිතට උවමනාවක් දැනිනි. හමුවීම සතුට සනිටුහන් කරන්න ඔන වෙලා තිබුනි.

චකිතය නිසා ‘න්නෑ...නැත්තම් ඕන්නෑ, ලෙස කරබාගත්තෙමි.

‘’ච්තෝ (ඇයි) පච්චිමෝ තිඃ නිස්පකොයිනොයි, ආආ (ඇයි ඔයා අසහනයෙන් ආආ)’’ ලෙස මගෙන් ඇසුවේ, පැතිකඩ සිනහවක්ද පාමිනි.

ඇයට තේරිලා වගෙයි?​, මම ලැජ්ජාවෙන් ඇඹරුනෙමි. ඇගේ සුපුරුදු සිනහව ඇතිවම, මොහොතක් උපේක්ෂාවෙන් මා දිහා බලා ඉඳ,

මගේ කලව අතරින් තව තවත් මට​ ලංවුනු zසෝයා, එය මට​ ලබා දුන්නාය.

ඒ දේ මට ඇය දුන්නේ, මා ඇගෙන් එය නොඉල්ලාමය​.

zසෝයා තම ප්‍රතම හාදුව මගේ තොල්වල පතිත කලාය.

​ (ඇගෙන් පමනක් නොව, ජීවිතයේ මා ලැබූ පළමු හාදුවද එය විය) සීතල පසුබිමක ඒ උනුසුම් හාදුවක රසය &)&&)&$!!&$$' විය.

''කියන්න තෙරෙන්නැති එකට මං මොනව කරන්නද''

හිස් අවකාශයක පාවෙනවා වගේත් මට එවේලේ දැනිනි.

''ඒ මට ලැබුනු හාදුව ඇගෙන් සමුගෙන උක්‍රේනයෙන් මා පිටවෙන තෙක්ම මාව ආරක්ෂා කලේය.

අවසන් වචන පේලිය මා ඔබ ඉදිරියේ කැබුවේ, එක්තරා විශේෂ කරුණක් නිසයි.

ඊගර්ගේ සහායට ඉදිරිපත්ව මගේ අඩුව මකාලූ zසියාඩ්, මොකක්ක්දෝ ලෙඩක් නිසා සති දෙකක් පමන කාලයක් බෙහෙත් කල බවට ආරංචියක් මට පසුව දැනගන්නට ලැබුනා.

පසු වදන​'

මේ කතාව තුල මා ගොනු කරන්නේ, මා ඝෘජුවම සම්භන්ද වුනු, මා ආසන්නව ඉඳන් හෝ ඈත ඉඳන් දුටු, අසා දැන ගත්තු කාරණා හෝ වෙන යම් කරුණු අදාල කරගෙනයි. මේ කෙටි කතාව මා ලියා කිබෙන්නේ මට නිගමන් වූ සැටි ආදාල කරගෙනයි.

කතාව හෝ කතාවේ අඩංගු කරුණු සමඟ කවුරුන් එකඟ නොවේ නම්, එය ඔවුන්ගේ නිගමන් හෝ ඔවුන්ගේ මත වන අතර ඒ පිලිබන්ද මගේ තර්කයක් නැහ.

සැමට ජය,,,

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 9

  "විසිනව​ වසක් හද​ ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව​ සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු,  සුන්දර අතීතය තුල ​ඔබද රඳවාගන්නයි''


"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"
සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 8
'ප්‍රින්ස්' ගේ පිටුව !

(පරිච්චේදය) 9

ඉතිං කරුණු කාරණා තේරුනානේ......

කල්පනා කරන්න වෙලාවක් මට තිබුන්නෑ , මිටි රියාල්ගේ පිටුපසින් පැමින​ යෝදියෙක් වගේ මතුවුනු zසෝයා එක්වරම මට​ දසුන් දුන්නාය. කලු පාට ස්කිනියකින්, තැඹිලි පාට මේස් රෙද්දකින් නිමවුනු අත්දිග ටොප් එකකි, න්න් න්, න්න්,

'ම්ම්ම්න්නෑ,,,,....නේ?​ ත්ත්ත්තිබුනා, නේ!’

‘ක්ලාස් එකේ මං දැකල තියෙනව​!’

ලෙස, නොපෙනෙන්න වුනු ඇගේ යමක් සොයන්න මහන්සි ගත් මගේ වනචර සිත, පසුව සාමදාන වුනේ, සවස් වරුවේ ඇය සැහැල්ලු ඇඳුමකමට මාරු වී ඇති බව තේරුම් ගිය නිසයි..

''සඳ රේනු වෑහෙනා,
මේ සීත රාත්‍රියේ,
ඔබ ඉන්න, මාගේ ළඟින්,

හද පිරුනු වේදනා,
පිසදා සිනා සලා,
මට දෙන්න ආදරේ, ඔබගේ හදින්''

(මග්නිතෆෝනයේ සිටි ‘ප්‍රින්ස්’ මෙහෙමත් ගයන්න විය)

ඒ දොරකඩම නැවැතී, තමාගේ සුපුරුදු වසීකර සිනහව පාමින් සිටි zසෝයා,

ඝර්වාන්විතව​ ‘'ප්‍රීවියත්’’ (හායි)' කීවාය.​

මාද පෙරලා,

‘'ප්‍රීවියත්’’ සමඟ සිනහවක් උපදවන්න උත්සාහ කලා මුත්, එය​ මතු නොවුනේ, කම්පනයෙන් මා තව මිදී නැති නිසයි.

සැරෙන් ''ච්තෝ?’’ (ඇයි)? ඒ ඝර්වයෙනිම,

‘’නියත්,,,නිච්චිවෝ’’ (න්නෑ,,, මුකුත් න්නෑ) කියමින්,

''zසහදී (එන්න ඇතුලට​)'' ලෙසත් මා කීවෙමි.

ඈව ගෙට​ ඇරයුම් කරන අතර තුර මාව සමබර කර ගන්න මා උත්සාහ කලෙමි.

මගෙන් ඇරයුමක් එනකං හිටීවියෑ zසෝයා, මා ඇට ඇරයුම් කරනනොට ඇය සිටියේ මා ඉදිරියේ දන ගසාගෙනයි.(ක්‍රිස්තියානීන් දෙව්මැදුරුවල සමාව ගන්න දනගසන් ඉන්නේ, අන්න ඒ වගෙයි)

පුදුම කෙල්ලෙක්! කවදත් අපි බලාපොරොත්තු නොවන දේ කරන කෙල්ලෙක් තමයි zසෝයා,

zසෝයා දිහා මොහොතක් බලාගෙනම සිටියෙමි, ​(හදවත් දොරට සියුම් තට්ටුවක් වැටුනාක් මෙන් දැනිනි) zසෝයා මගේ අත අල්ලා ගත්තාය​, ඇය මගේ අත් දෙකෙන්ම අල්ලාගෙන ඇද්දාය​.

''පියවී ලොවේ කිසිදා,
එක්වන්නේ නෑ,
එනමුත් මගේ හදින්,
වෙන්වන්නෙ නෑ''

(ලෙස කාමරය පුරා ‘ප්‍රින්ස්ගේ’ හඞ පැතිරී තිබුනු ඒ මොහොතේ) zසෝයා

''එක දෙයක් කියන්නම්, අහනවද​?’’ ඇසුවාය​.

‘’අහන්න​! මොකක්ද ඒ ?’’ඇසුවෙමි,.

‘’ෆේජී මට කරදර කරනවා?’’ කීවාය.

‘‘ඒකද? එකටද! එහෙනං? ඇවිත් ඉන්නේ''

(ඊට වඩා දෙයක් මං අගෙන් බලාපොරොත්තුවුනා වත්ද, එහෙනං? මට අලස බව දැනින. මම දැන හිටියා, ෆේජී කවද හරි ඈ පස්සෙන් යන බව​)

‘’ආ..ආ එයාද? ඒ ඇයි? මං එයාට කතා කරන්නම්! ඔයා බය නොවී ඉන්න’’ මා කීවෙමි.

(පංතියේ කට්ටිය හිතං හිටියේ ෆේජී මට අවනතයි, මං කියන දෙයක් අහන එකෙක් කියල)

‘'ඔයා කලබල නොවී ඇවිත් මෙහේ වාඩිවෙන්නකෝ'’ මගේ අසලම ඉඩක් පෙන්වා මම කීවේ, මා ඉදිරියේ ඇය දන ගසන් ඉන්න එකෙන් මට අසහනයක් දැනුනු නිසයි.

​තවමත් චායිනී (කේතල​) ය අතේ තියාගෙන​ සිටි රියාල්, අපි දිහා ආඳෙක් වගේ බලාගෙන සිටියේය. (නිකං දෙමළ​ පිචර් සීන් එකක් නේ දුවන්නේ) තමනුත් ඔතන ඉන්නවයි කියන එක අඟවන්නදෝ,

‘'සහෝ! තේ එකක් හදන්නද​? ඇසුවේය​.

‘’නැත්නම් කෝපියක්?’’ නැවතත් මගෙන් අසා,

‘’'සෝයා! හෝචස් දමාzෂ්නී කොෆී (සෝයා! නිවසේ කුඩුවලින් සෑදූ කෝපියකට කැමැතිද​?)’’ ඔහු ඇගෙනුත් ඇසීය.

හප්පේ, ඇත්තටම රියාල්! කතා කරන කොටයි රියාල් මතක් උනේ. රියාල් තාම ඔතන!

‘’ෂ්තෝ තී හෝචස් පීත්ච් (ඔයා මොනවද බොන්⁣නට කැමැති)’’ වගකීමකට මමත් ඇගෙන් ඇසුවා.

(ඇහුවට මොකද, මම දන්නවා zසෝයා කවුද කියලා)

''දෙතැන තනිවී සදා,
හෙලන සුසුමන් නිවා,
ඔබ එන්න මාආආ,

(‘ප්‍රින්ස්’ දිගටම ගයන්න වූ අතර)

‘’නිඃ නාධා!...ඵෂ්ලී පඃ​ දෙවියාතම් එතාzෂ (එපා! අපි යමු නවවෙනි මහලට​)’’ ආයෙමත් zසෝයා මාව හොල්මන් කලාය​.

අපේ හොස්ටල් එකේ නවවෙනි මහලක් නෑ, තියෙන්නේ ගොඩනැගීල්ලේ අවසන් එළිමහන් බිමයි.

මැයට විකාරද මන්දා (මම කලින්ම කිව්ව නේ, zසෝයා කවදත් වෙනස් කියල​)

‘’මේ සීතලේ එහේ මොකට?’’ මං කෙඳිරිවුවෙමි..

‘’ච්තෝ? තීඃ නිප්රිද්යෝෂ්? ම්ම්ම්ම් නොඃ යා පෂ්ලාඃ (ඇයි? ඔයා එන්නැද්ද? එහෙනං ම්ම්ම්ම් මං යන්නම් ​)?’’ zසෝයා කීවේ, ඇගේ සුපුරුදු ඝර්වයේ ඉඳන්මයි.

​ප්රිදූඃ (එනවා) ලෙස එසැනම මට කියවෙන්න ඇත්තේ, කල් ගත්ත නම් දමල යයි කියල බයක් දැනුන්නිසා විය යුතුයි. .

ම්ම්ම්,,මොකක්ද ඒ? මට මොකද වුනේ? ඈට පිටුපාන්න මට මට බැරි වෙලා.

(පහුරු බැඳන් සිටි මගේ හදාරක්ෂක​ කොටුවේ සිදුරු වැටිල බව ඉවෙන් මෙන් දැනෙන්න විය, ආදාල අංශයේ සීමිත දැනුමක් තිබුනත්,

'මෙලහකට​ත් මම වැටිල’ යන වග නම් මට තේරිලා) මම ඇය පසු පසින් යන්න ගියෙමි (වනන්න මට වලිගයක් නොතිබුනි)

(‘සඳ රේණු වෑහෙනා’ ගීතය හා මගේ මේ මතක සටහන අතර තදබල බැඳීමක් තිබෙනවා. එහෙයින්, අපෙන් වෙන්වී, තුරන්වී ගිය ‘ප්‍රින්ස් උදය ප්‍රියන්ත’ ගායකයාට උපහාරයක් පුදන්න, මේ පිටුව මා යොදා ගන්නවා)

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 8

  "විසිනව​ වසක් හද​ ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව​ සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු,  සුන්දර අතීතය තුල ​ඔබද රඳවාගන්නයි''


"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"
සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 7

රියාල්ගේ කලබලේ !

(පරිච්චේදය) 8

ගෝස්ති පැමිනි දේවුෂ්කි(කෙල්ලෝ) දෙන්නම බිම් මහලට නාන්න ගිය නිසා, ඔවුන් එනකං මම කාමරයට වෙලා හිටියා.

ඒ අතරෙයි තේ එකක් හදන්නයි කියා රියාල් කුස්සියට ගියේ, කුස්සියට ගිය රියාල් හනි හනිකට දුවගෙන ඇවිත්,

‘‘ය… යා..යාළු….යාළුවාආ… අන්න...අරයාආ ඇවිත්!’’ (දුම දාන චායිනී (කේතලේ) අතේ තියාගෙන නැවතත්,

''අන්න අරයා ඇවිත්! ඔයාව හොයනවා!'' කිව්වේ හති දාගෙනමයි. ඔහු ඕක කිව්වේ මට ලොතරැයියක් ඇදිලයි, කියන ගානටයි, ඇස් උඩ ගිහිනුයි තිබුනේ...

කවුද​? ...කවුරුන් කිව්වා? ලෙස මම කුතුහලයෙන් ඇසුවේ රියාල්ගේ කලබලය නිසයි.

ඔයාගේ පංතියේ ඉන්න සෝයා- කිත්තායි (''zසෝයා" කියන ඇගේ රුස්කි නමයි, ''ඛිතායි'' රුස්කීන් චීනයට කියන නමයි, රියාල් උච්චාරණය කල සැටියි) ඇවිල්ලා! රියාල් කියාගෙන ගියේය, හති ඇරියේය.

(විහිළුව කියන්නේ, zසෝයා 'රියාල්'ගේ නම උච්චාරණය කලේත් වැරදියටයි, ඇය ඔහුට කීවේ 'ලියාල්' කියලයි. ඇය මගේ නම උච්චාරණය කලෙත් වැරදියි. (හිහ් හිහ් හී...)

ඉතිං? ඔහු දෙස බලා නැවතත් ඒ බව ඇසුවේ, මට මොකුත් තේරුම් නොගිය නිසාම නොවෙයි. ​මගේ කන වැටුනු ඒ දෙය, නැවත නැවත කියවගෙන මගේ සතුට වැඩි කර ගන්නයි.

(උක්‍රේනයට ඇවිත් මාස 6ක් වන එකේ, ඊගර්, zසියාඩ්ලා එක්ක ආශ්‍රය කරන එකේ, මටත් යම් කිසි දැනුමක් දැං තියේවිනේ, මොකද මං අහන්නේ)

'සෝයා ඇවිත් ඉන්නේ ඔයාව හොයාගෙනයි' රියාල් ආයෙමත් ඒක කීවේ සැරෙනුයි, තරහකුත් ගිහිල්ලයි​ තිබුනේ.

​ ''හහ්'' කියවිනි.

'මොකක්ද යකෝ මේ වෙන්නේ​?' මට නිකං කැරකවිල්ල වගේ. ඇඟ සීතල වෙලා ගියේය.

'අද මගේ ලග්නය කන්‍යාව වත්ද​?, කියවිනි.

එක කෙල්ලෙක් රාත්‍රිය ගෙවන්න බලං ඉන්නවා. තව එකක් (ඊගරයගේ) එක, ඕකා වෙනුවෙන් ආවයි කිව්වට මොකෝ, ඕකිත් ඇවිත් මේ අස්සෙමයි රිංගන්නේ.

යනවා කිව්වට මොකෝ, අරූ ඇවිල්ලා එක්කං යනවා. ඇවිස්සිල්ලක් තිබුනත් ඊගරයා පෙන්න ගත්තේ නෑ. මං මොනව කරන්නද?... ඉතිං අඬ ගැහුවයැ?

මගේ ප්‍රෙහෙළිකාව උනේ,

'zසෝයා මොකටද මාව හොයං ආවේ'

'සත්තකින්ම! මා ඇයව බලාපොරොත්තු වුනේ නෑ'

'එහෙම උවමනාවක් මට තිබුනෙත් නෑ'

'ඇය මගේ පද්ෆාක්' (පහත චේදයේ හඳුන්වන රුzස්කි පදය කෙටියෙන්) පංතියේ....එච්චරයි

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 7

  "විසිනව​ වසක් හද​ ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව​ සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු,  සුන්දර අතීතය තුල ​ඔබද රඳවාගන්නයි''


"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"
සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 6

මගේ පිඹුරුපත !

(පරිච්චේදය) 7

මුවකින් නික්මෙන වචනය පෙළක බලගතු බව මාව විමතියට පත් කලේය. ඒ වචන කිහිපය ඇගේ සිතේ ගැඹුරට. කා වැදිලා, ඒවා එහි පැලපදියම් වෙලා බව මට පසුවයි තේරුනේ.

කාලයක් තිස්සේ අපි අතර හුවමාරු වුනු වචන​, සංවාද එකින් එක ගෙතිලා, ඒ එකලැස් වූ ඒ කාරණා ඉඟියන්, පනිවිඩයන් වෙලා, ඇයට මා ගැන අභිප්‍රායක් ඇති කරලයි තිබුනේ.

zසෝයා නිතරම වගේ මගේ ඇස් දෙක වර්ණනා කරන්නත් පුරුදුව සිටියා, දුඹුරුවට තිබුනු මගේ ඇස් ලස්සනයි කියන එක ඇය කියලයි මං දැන ගත්තේ.

තාන්‍යාත් ඒ බවක් කියනවා මට මතකයි. තාන්‍යාගේ මිතුරිය (වරක් හෝ දෙකක් අපට උගන්නලා තියෙන) ඉරීනාත් මගේ ඇස් වර්ණනා කලා.

මට මදෑ ඕක, ඉතිං තරමක අහංකාර කමකුත් ඇතිවුනා​.

''යකෝ, කොල්ලෙක් කෙල්ලෙක්ව වර්ණනා කරන එක සාමාන්‍ය දෙයක්. උඹ මොන -ත්තෙක්ද (සමාවෙන්න​ අපේ සාමාන්‍ය ව්යවහාරය ටිකක් භාවිතා උනා)​

'එහෙනං උඹ කලේ, බොරුවක්ද? අයි ඇයට ආපහු මොකුත් නොකියා සිටියේ ?'ලෙස සමහරුන් මගෙන් අහන එකත් මට තේරෙනෙවා.

'බොරුවක් ඕනේ නෑ, zසෝයා හැබෑවටම ලස්සනයි, ඇය පිළිබඳ අදහසක් මට ඇතිවෙලා තිබුන් නැති එකයි කාරණේ'

මට එහෙම අදහසක් නොඑන්න වූ කාරණා තිබුනා, ප්‍රතම කාරණාව වුනේ, මගේ පිඹුරුපතේ මගේ අවසන් ගමනාන්තය ලෙස තිබුනේ උක්‍රේනය හෝ චීනය නොව එංගලන්තයයි.

තව මාස දෙකකින් එළඹෙන ගිම්හානයේ අංග්ලීස්කි (එංගලන්ත) වීzසා වක් ලබා ගන්න නම්, මම​ ගෙම්බෙක් (උක්‍රේනය හරහා යුරෝපයට පැනගන්න පැමිනෙන පිරිස, ඒ දිනවල හැඳින්නවූ වචනය) නොව, ‘ශිශ්‍යයෙක්’ බවට තහවුරු කර ගන්න උවමනයි.

ඒකට​ හොඳට රුzස්කි (රුසියානු) ඉගෙනගෙන එය සරලව කතා කරන අවශ්‍යතාවයක් තිබුනා.

ඒ නිසාම, අපේ දෙකාන් (පීඨාධිපති) ගේ උපදෙස් (ඒ උපදේසය දුන්නේ අපිත් එක්ක එකට ඉඳන් බොන අවස්තාවකයි) වුනේ ඉක්මනට රුසියානු ඉගෙන ගන්න නම්,

රුසියානු කෙල්ලෙක් යාළු කරගන්නා ලෙසයි.

ඒ ප්‍රධාන කාරණාවට අමතරව, ඉතාම සංවේදී මං මොනව හරි රෙද්දක පැටලූනා නම්, ගලවනකොට ඉරෙන්නේ රෙද්ද නෙවෙයි මගේ පපු කැත්තම​ බව මා හොඳින් දැන සිටියා.

එහෙයින්, ඉතාමත් කල්පානාකාරීව තීන්දු තීරණ​ ගන්න මා සැළකිලිමත් වුනා.

අපේ රුzස්කි යෙzසික් (රුසියානු භාෂා) පංති කාමරය තිබුනේ අපේ හොස්ටල් එකේමයි. ලැබෙන සුළු විරාමයක දී පවා අපේ සාලයට දුවං යන පුරුද්දක් මට තිබුනා.

එයින් කෝප්පි කෝප්පයක් බීලා සිගරට් එකක් දල්වා ගන්න මට අවස්තා සැලසෙනවා.

සිකුරාදා පංති ඉවරවුනු ගමන්ම අපි ලාංකිකයෝ තුන්දෙනාම 'දැපේ' නමින් හැඳින්වුනු ප්‍රධාන නගරයේ ඇති අපේ රටේ යාලුවන්ගේ හොස්ටල් එකට යනවා. අපි ආයේ අපේ හොස්ටල් එන්නේ ඉරුදින රාත්‍රියේයි.

එයින්, zසෝයා මුන ගැසීමේ හෝ ඇය පිළිබන්ද සොයා බැලීමේ අවස්තා මට​ නැතිව තිබුනා. එහෙම විශේෂ උවමනාවක් මට තිබුනෙත් නෑ.

zසෝයා ගැන මම සොයා නොබැලුවාට, ඇය ගැන සොයා බැලූ තොරතුරු එක්ලැස් කරපු කෙනෙක් අපේ හිටියා, ඒ තමයි අපේ ෆේජී.

ඇත්තටම zසෝයා ගැන නෙමෙයි, මට පොඩි පහේ ආසාවක් ඇති වී තිබුනේ, ඒ අපේ ක්ලාස් එකේම හිටිය යංඪනීයි zසෝයාගේම යාළුවෙක් වූ ''යංඞ්නී'' ට මට පොඩිපහේ ඇල්මක් තිබුනා.

එයා කුඩාවට හුරුබුහුටිව පෙනුනු නිසයි ඒ ඇල්ම. චීන බෝනික්කියක් වාගේ පෙනුමට හිටී ඇය හොඳයි කියල හිතුනා විතරයි.

ඇයට වචන යොමු කරන්න, ඇරයුම් කරන්න​, හීන මවන්න කිසි දෙයක්කට මම ගියේ නෑ. මා මෙතන කියන්න එන්නේ, යංඞ්නී වෙත මට ඇති වී තිබුනු ඇල්ම පවා zසෝයා වෙත මට ඇති වී නොතිබීම පිළීබඳවයි.

සැරයක්, මට හිත ගිය මාලිගාව (යංඞ්නී) ගැන නිකමට යාළුවන්ට කියන්න ගියා

''අම්මෝ! උඹට යහතින් ගෙදර යන්නෝන්නැද්ද​? චීන්නු රෝත්තම එයි උඹව කම්බස් කරන්න​''

යාළුවෝ එකිනෙකා මාව බය කරන්න පෙළෙඹුනා.

''ඔන්න ඔව්ව අත් ඇරලා රුස්කියක් දාගනින්'' යාළුවෝ උපදෙස් දෙන්න වූහ.

එක පාරටම මට අපේ පංතියේ සිටි සාෂා! zසව්දුංග්! ඌචැන්ව! ලාව මතක් වෙන්න ගත්තේ, යාළුවොන්ගේ ඒ කතාවෙන් පස්සෙයි.

අහිංසකයෝ වගේ හිටියට චීන අඩි! කරාටේ! කුංෆූ! වලින් ඔවුන් මට නෙලාවි දෝ කියල හිතුනි. රුසියානුවොත් ඒ දවස්වල බයයි චින්නුන්ට​. ඇයි, ජැකී චෑන්, ජෙට්ලීලගේ පිචර් බලනවනේ.

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 6

  "විසිනව​ වසක් හද​ ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව​ සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු,  සුන්දර අතීතය තුල ​ඔබද රඳවාගන්නයි''


"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"
සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 5


තත්චියානා ලියානිදව්නා !

(පරිච්චේදය) 6

'තාන්‍යා' නොහොත් තත්චියානා ලියානිව්දව්නා, වයස 23යි. මගේම වයසේ පසුවූ වූ ඇය අපේ පංති භාර, භාෂා ගුරුතුමියයි. සාමාන්‍ය රූ සපුවක් තිබූ නමුත් ඇය නියම ස්ත්‍රී ලක්ෂන හොබවූ කාන්තාවක් වූවාය.

ඇය අහිංසක, ගුප්ත, නොහොල්කම් සහිත තැනැක්කියක් වූවාය. පංති ආරම්භ කල කාලයේ තාන්‍යා ඉතා උනන්දුවෙන්න් විෂයන් මෙහෙයැව්වාය.

ඒ, මා, ෆේජී සහ තේජී තුන් දෙනා පමනක් පංතියේ සිටි කාලයේයි.

කලින් වතාවක් ‘රුස්කී’ ඉගෙන ගන්න ඇවිත් හිටි ඇමැරිකන් කොලලෙක් එක්ක හාදයක් ඇතිවෙලා, ඔහු සමුගෙන බැහැර ගිය බැවින්, තමා අසීමිත විරහ වේදනාවක් වින්ද බව බවත්,

පසුව කා සමඟව හෝ හාදයන් ඇති කර ගන්න කැමැත්තක් තමාට නොතිබුනු බවත් තාන්‍යා අපට පවසා තිබුනාය​​.

තාන්‍යා මා වෙත​ විශේෂ සැලකිල්ලක් දැක්වූ බව නං කිව යුතුමයි. ඇය පංති නායකයා කර ගත්තෙත් මාවයි. ඒ, අනෙක් දෙදෙනාට වඩා පංතියේ විශයන්වල මා කැපී පෙනුනු නිසයි. ඒ, එදා තිබුනු තත්වයයි.

මාස තුනකින් පසුව zසෝයා ඇතුළු චීන කන්ඩායමේ ආවඩනයින්, සියල්ල කන පිට හැරුනි. මම නිකංම නිකං පුහු මොනිටර් කෙනෙක් වුනෙමි. එතනින් එහා වැඩ කිඩ ඔක්කෝම චීන්නුන්ගෙනුයි උනේ.

(චීන්නු දක්ෂයෝ බව අවුරුදු 26 කට පෙර දී, ඔවුන් සමඟම ඉඳං මා දුටුවෙමි. මා මේ කියන කාලය වනවිටත් ලෝක අපනයනිකයන්ගේ දර්ශකයේ චීනය සිටියේ 10 තැනටත් පහතින්. ඒත් 1995 වසරේ 10 වෙනි තැනට පැමිනෙන චීනය වසර 18 කින් 2012 දී ලෝක අපනයන බලවතා බවට පත්වෙන්නේ, 'එහෙම වුනු එක අරුමයක් නොව, ඔබ එදා දුටු අපේ හැකියාව සැබෑවකි' ලෙස මට නැවතත් මතක් කරමිනුයි)

තාන්‍යාගේ මුහුනේ පෙර දකින්නට තිබූ සතුට නෑ. කලකිරීමකින් සිටි බවක් පෙනිනි.

සම වයසේ වුනත්, මට අකුරු කියා දුන් ගුරුතුමිය නිසා, තාන්‍යා වෙත නිරන්තර​ ​ඝෞරවයක් මගේ තිබිනි.

ඇගේ සිත කියවන්න තරම් දැනීමක් එදා මට නොතිබුනු බව නම් සැබෑවයි, ඒ බව මතක් වෙනකොට අදටත් සිතට වේදනාවක් දැනෙනවා, වරදකාරී හැඟීමකුත් එනවා.

පංතියේ විෂයන් අතරේ දී, මා වෙත විවිදාකාර ප්‍රශ්න යොමු කරන්න zසෝයා පුරුදුව සිටියා. මගේ අතේ පටලවාගෙන තිබූ මුද්දක් අත ගා බලමින් 'ඔබ බැඳලද​? කියා මගෙන් ඇසුවාය​.

මට දරුවන් දෙදෙනෙකුද සිටින​ බව කියා විහිළුවෙන් මා ඇයට පිළිතුරු දුන්නේ විහිළුවටයි.

තවත. විටෙක, විනොද චාරිකාවන් (විනොද චාරිකා ලෙස අප හඳුන්ව ඒ ක්‍රියාව රුසියානුවන් හැඳින්වූවේ නිදහසේ ඉන්න/ විවෙක ගන්න යන අර්ථයෙනි) පිළිබඳ​ විෂයක දී, 'කවුරුන් කා සමඟ විවේක ගන්නද වඩාත් කැමැතියි' යන ප්‍රශ්නය එකිනෙකා වෙත යොමු කර​ ගන්නා මොහොතක​,

''ස්කෙම් තී ලූබිශ් ව්-අද්හච්? (කා සමඟ විවෙක ගන්නද ඔබ කැමැති?)'' ලෙස ඉතා උවමනාවෙන් zසෝයා මගෙන් ඇසුවාය.

කනියච්නා, ස්තබෝයි! (සහතිකවම, ඔබ සමඟයි) ලෙස විෂයට අදාලව වචන දෙකකින් මා පිළිතුරු දුන්නත්, එහි ගැබ්වී තිබුනු ඇතුලාරිථය නිසා, මා හිස පහත් කර ගතිමි.

තරමක ලැජ්ජාවක්ද මට ඇති විය. ඒ වචන පෙළ ඇයට තව පුරුකක් නව ප්‍රවේශයක් ලබා දී තිබුනි.

නොදකිං! ඒ බව මට නොවෙයි තේරුනේ. ඒ බවක් මට පෙන්නල දුන්නේ තාන්‍යා විසිනි

''මලදියත්ස් ශ්‍රී ලංකී!, ස්මත්රී ඉයෝ ලිත්සෝ! ස්මත්‍රී ඉයෝ ග්ලzසා! අනා ඕචින් ප්‍රියත්නා! (අපූරුයි ශ්‍රී ලාංකිකයා! ඇගේ මුහුන බලන්න​! ඇගේ ඇස් දිහා බලන්න​! ඇය හරිම සතුටින්!)

ඒ, zසෝයාගේ ඇස්වල තිබූ සතුට තාන්‍යා මට පෙන්නල දුන්නු ආකාරයයි.

Saturday, December 11, 2021

අමයා මගේ සිහින දෙවඟන​ 8

 අමාය මගේ සිහින දෙවඟන​ 7

(සත්‍ය සිදුවීමක් ඇසුරින්)


අමායා, අමායා, අමායා, අමායා, අමායා. 
ඒ, මසිත නිතර කියවන, 
නිතර ජපකරන මන්ත්‍රයයි.
 

මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!

‘සිහින දෙවඟනයි! 


යථාර්තය!


(පරිච්චේදය) 8


සතියක් ගෙවී ගියත් අමායොගෙන් පිළිතුරක් මට නොලැබුනි. ඇමැතුම් ගැනී⁣ම මා සාමාන්‍යයෙන් නොකරන මුත් මා එයද කලෙමි. ඇගේ අංකය වැඩ නෑ, දුරකතනය නිවා දමා තිබුනි.


සතියකින් පමන පසු, රාත්‍රි නින්දේ සිටි මට ඇහැරුනේ, ඒ ශබ්දය නිසයි. වෙලාව බැලුවෙමි, මධ්‍යම රාත්‍රියේ 3 යි. ශබ්දය නිකුත්වුනේ මා අසල තබාගෙන නිදා සිටි මගේ දුරකතයෙනි. ‘එස්.එම්.එස්’ පනිවුඩ හඞයි.


වතාවක් දෙකක් නෙවෙයි තිස්තුන් වතාවක් එය නාද විය. ඒ පනිවුඩ 33 ක් පිළිබඳ කරන දැනුම් දීමයි. අරං බැලුවෙමි.


ඒවා අමායා මට එවා තිබුනු පනිවුඩ නෙවෙයි. ඒ මං ඇයට එවූ පනිවුඩ ඇයට ලැබී ඇති බවට, එහෙමත් නැත්නම්, ඇය ඒවා විවෘත කර ඇති බවට තහවුරු කරන ඇඟවීම් පෙළයි.


මට දිග හුස්මක් පිට විය. සතියක් තුල සැරින් සැරේ අමායාට මා එවූ කෙටි පනිවුඩ ඇයට ලැබිලාය.


එයින් එකුදු පනිවුඩයක් හෝ වචන 100 කින් අඩුව ඒවා නොවෙයි.


දැඩි සාංඛාව මැද්දේ, පෑරුනු සිතකින් මා ලියූ ලිපියන් තමයි කෙටි පනිවුඩයන් ලෙසින් මේ පාන්දර ජාමේ අමායා අතට පත් වී තිබෙන්නේ.


ඒ පනුවුඩ එකින් එක කියවන්න පැයක්වත් ඕනේ, ඒත් අමායා,,,


කියන කියනකොටම,,,


‘හරියට​ පැය බාගෙකින්,


මා බලාපොරොත්තු වූවා සේම​,


කෙටි පනිවුඩයක් ලැබින,


ඒ අමායාගෙන්මනි!


'තනි වාක්‍යයක්!


යොමුකල​ ප්‍රශ්නයක්!


හදවතට දැනිනි!


අමයා හදවතින් කතා කර තිබුනාය​!


ප්‍රතම වතාවට!​


“ඔයාට විකාරද?”


සමාප්තයි…


පසු වදන,


‘දෙවඟන’ කතාවේ මා යොදා ගත්තේ, ශීර්ෂය සරසන්නත්, කතාවේ අලංකරණය පවත්වා ගන්නත් තිබුනු උවමනාව නිසයි. දෙවඟනුන් පිළිබඳ මගේ පිළිගැනීම එයම නොවෙයි.


*මේ කතාවේ එක් විශේෂ දෙයක් තියෙනවා, තේරුන කෙනෙක් ඉන්නව නම්, ප්‍රතිචාරයකින් කියන්න.  හිතට එකඟව පිළිගන්නම්.


සමාප්තයි.

අමයා මගේ සිහින දෙවඟන 7

 අමාය මගේ සිහින දෙවඟන​ 6

(සත්‍ය සිදුවීමක් ඇසුරින්)


අමායා, අමායා, අමායා, අමායා, අමායා. 
ඒ, මසිත නිතර කියවන, 
නිතර ජපකරන මන්ත්‍රයයි.
 

මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!

‘සිහින දෙවඟනයි! 


ප්‍රතම හමුවීම!


(පරිච්චේදය) 7


ඒ ඉරුදිණ​ උදාවිය,


‘තෑග්ගක් ගන්න උමනා වූ තිබුනු නිසා, කාලය ටිකක් ඉතිරිව තියාගෙනම මම නුවර ගියා!


‘අමායා මොනවා එපා කීවත් රත්තං වලට ගැහැණු කොහොමත් ආසයි නේ!


‘චේන් එකකුයි, A අකුර කොටාපු පෙන්ඩන් එකකුයි මහනුවරින් මං ගත්තා’


‘අග හිඟ කං මට තිබුනත් අමායා වෙනුවෙන් මේ දේ කරන්න මට ඕනම වුනි’


‘ඒක මට සතුටක්!


“අනික හිස් අතින් යන්න පුළුවන්ද පළමු වතාවට? කොච්චර එපා කීවත් බලාපොරොත්තුවක් තියේවිනේ” කල්පනා කලෙමි.


අහවල් දිනට හමුවෙන්නට එන බව පවසමින්,


“ඔයාට මගෙන් මොනාද ඔනේ” ලෙස මා ඇසූ වේලේ,


“ඔයා විතරමයි” ඇගේ පිළිතුරයි.


‘නැවතත් මා ඇසූ විට’


“ඔයා විතරමයි” අමායා කීවාය​.


(පේරාදෙණිය වටරවුම පහු කරගෙන ගලහ පාරට අතුල් උනා විතරයි, පරිසරය එහෙම් පිටින්ම වෙනස් විය. ඈතක නොවෙන්න පාර දෙපැත්තෙම වවා තිබුනු පයින් ගස්, කොන්ඩේ දනහිස තෙක් වවාගෙන හිටං ඉන්න යොදියෝ වගේ පෙනිනි)


“මට මොනාද ඔයා දෙන්නේ” ලෙස මා ඇගෙන් ඇසූ විට,


“අමතක නොවන දෙයක්” තනි වාක්‍යකින් පිළිතුරු දුන්නාය​.


‘ඇය මට මොනව දෙන්න තබාගෙන ඉන්නවා ඇත්ද​? කුතුහළය හිතේ තබාගෙන වාහනය පදින්න විමි’


(පේරාදෙණිය බැලූ බැලූ හැම අතෙම කොළ පාටින් දිස්විනි. සරුවට වැවුනු ලොකු පොඩි ගස් වැල්, වටකරගෙන තිබුනු කොළ පාටින්ම පෙනුනු නකල්ස් කඳුවැටිය, පේරාදෙණියටම ආවේනික ඒ සෞම්‍ය පරිසරය, ගත සිත කළඹන්න විය)


'අමායා මාව පිළිගනීවිද? චකිතය, මා අතැර ගියේම නෑ.


(පොකුනක් සහිත විශාල වටරවුම මා පසු කලෙමි. දීගට අතු බෙදී තිබුනු ‘ලෝප්‍රකට’ අර ගස මට හමුවුනි)


විශ්ව විද්‍යාල පරිශ්‍රයට මා ඇතුලු වී සිටියෙමි.


පේරාදෙණි වාසිටිය, උද්‍යානයක්ව පෙනුනි.


‘තැනින් තැන, සෑම තැන කෙළිලොල් වියේ පසුවන තරුණ තරුණියෝ!


‘බැගයන් කරේ එල්ලං උකුළු මුකුළු පාමින් ඇවිදං යන තරුණියන්!


‘එකිනෙකාට විහිළු කරමින් කෑ කෝ ගසන තරුණයන්!


පරන සරමක් පාට සේදුනු කමිසයක් ඇඳගෙන පරිසරය සුද්ද පවිත්‍ර කරන සෙවකයන්!


‘සාරියක්, ෂල්වාරයක්, කලිසමක් ෂර්⁣ට් එකක් පැළඳ ඉක්මන් පයිං යන දෙශක දෙශිකාවන්!


(ලැජ්ජාවක් දැනුනත් නොකියා බැරි නිසාම, මා අද පැමිනියේ බිරිඳගේ ‘ටවුන්ඒස්’ වෑන. එකෙන්)


‘මා හිල්ඩා ශාලාව අසලයි’


(හිල්ඩා ශාලාව’ අමායා මට සළකුනක් හැටියට කියූ ⁣තැන)


‘අංගනයේ වෑන් රථය නවතා, මා බැස ගතිමි’


‘වට පිට බැලුවේ, මිනිස්සු ඉන්නවද බලන්නයි’


“නොදනින් යකෝ! මිනිස්සු නොඉඳීවියැ වාසිටියක් උනාම?”


(ඒ, මගේ යටිහිත මගේ හිතට බැන වැදුනු ආකාරයයි)


‘මං අද හොරෙක් වගේ දැනුනි!


‘මගේ වාසනාවට දෝ කොහේදෝ එතරම් සෙනඟක් හිටියේ නෑ අද!


‘අද ඉරිදා නේ? සැනසීමෙන් කියවිනි.


‘⁣කවුරුත්ම නොහටිය නම්!


‘හදිස්සි උවමනාවක් නිසා අමායා ගෙදර ගිහින් තිබුනා නම්!


“මොකටද ආවේ” කියල, ලෙක්චර්ස්ලා මගෙන් අහයිද?’


(ඔය වගේ ගොන් සිතුවිලි කාලෙක ඉඳන් මට තියෙනවා)


‘සිතේ ගැස්ම වැඩි වන්නට විය!


‘පපුව ගැහෙන්න විය!


‘මං කරන දේ හරිද?


‘අමායා පොඩි ළමයෙක්නේ?’


‘මිනිස්සු මොනව හිතයිද?’


(සාදාරන ප්‍රශ්න)


‘මිනිසුන්ගෙන් මට වැඩක් නෑ!


‘ඇය කැමැතිනම් මට එච්චරයි!


‘ලෝකෙම එරෙහිවුනත් මට කමක් නෑ!


(හිත හදා ගන්න මා කල උත්සාහයයි ඔය)


‘එපා කියයි වත්ද?


‘ආපහු හැරිලා යමුද නැත්තම්?’ කියලත් මට සිතිනි,


(කලිනුක් මං කීවේ, කාලෙක ඉඳන් මට ඔය ගතිය තියෙනවා කියලා)


‘අමායා තම ‘ෆොටෝ එකක් mms එකෙන් මට දාලා, මගේ එකකුත් ඉල්ලා හිටියා, එය දීමෙන් එදා මා වැලකුනේ, 'ෆොටෝ එකෙන් දැකලා, අමායා මාව එපා කියයි’ කියල බයක් දැනුනු නිසයි’


‘මගේ බලාපොරොත්තුව ඇගේ සිත මිස වෙන කිසිවක් නොව!


‘සිත සතුටු කරන​ ආදරයක උවමනාවයි මට තිබුනේ!


‘අමායාට තිබුනේ වයසට වඩා මුහුකුරා ගිය මනසක්!


‘අන්න එයයි මගේ උවමනාව​!


‘හිල්ඩා ශාලාව දෙසට සීරුවෙන් ඇවිදින්න විමි!


‘මීටර් 100 දුවන තැතිගැස්ම මට තිබිනි!’


(සුසන්තිකාලා, ජයසිංහලා, උසේන්ලා බෝල්ට්ලා, කොච්චර වදක් විඳින්න ඇත්ද? කියලත් මට සිතිනි)


‘දිව කට වේලිලා!’


මැද්දේ විශාල පිවිසුම් දොරක් තබා තට්ටු දෙකකට එය තනා තිබුනි. අර්ධ නවීනව පෙනුනු ‘හිල්ඩා ශාලාව’ දොර ජනේල් සිමෙන්ති වලින් කැටයම් කර තිබුනි.


පඩි තුනක පය තබා ඇතුල් ඇතුල්විය හැකිව තිබුනු හිල්ඩා ශාලාව වටා කොන්ක්‍රිට් පොලොවකි. එයින් ඔබ්බට පිට්ටනියක්, එහි තකකොළ වවා තිබුනි.


තැනින් තැන මල් පොච්චි තබා බෝගන්විලා වැල් සිටුවා තිබිනි. පිළිවෙලකට තබාගෙන තිබුනු ඒ පරිසරය මනරම්‍යව තිබුනි.


'එළිමහනේ තිබුනු කොන්ක්‍රීට් බංකුවක​!


‘පින්තූරයේ සිටි ඈ අසුන්ගෙන සිටියාය!


ඒ අමායාම බව නිසැකව මා හඳුනා ගතිමි!


ඩෙනිමකින්, රෝස පාට මල් දැමූ සුදු ටොප් එකකින් සිටි අමායා බිම බලාගෙන කල්පනාවක ගිලී සිටියාය.


පළමු හමුවීම නිසා, තැති ගැස්ම වෙන්ටැති’ මට සිතුනි.


මට වාගේ ඇයටත් තියේවි නේ? මාව සමාදාන කර ගතිමි.


මගේ සුපුරුදු ඇඳුම ‘ඩෙනිමයි ‘ට් ෂර්ට්’ එකකුයි මං ඇඳගෙන ආවේ පහසුව තකයි.


'මා අසලට පැමින සිටීම අමායා දුටුවෙ නෑ!


'අමායා තමාගේ කල්පනාවේම​ ගිලී සිටියාය!


‘මගේ​ චලනය නිසා ඇගේ කල්පනාව බිඳිනි!


‘තිගැස්සී හැරුනාය!


‘මා දෙස බැලුවාය!


‘විපරමින් බැලුවාය!


‘කල්පනාවේ කිරණ මුහුනේ පුරා දිවින​!


(ඩිග්ඩිග්ඩිග්ඩිග්ඩිග්,,,පපුව නවතින්න වගෙයි)


‘මුහුන වෙනස් වූ බවක් පෙනිනි!


(‘ඩිඩිඩිඩිඩිඩිඩි,,,මගේ හදේ ගැස්ම උපරිමයට​ ගිය හැටි)


‘හඳුනගෙන බව නම් තේරුනා!


ඒත්?


???


‘පිළිගැනීම?


‘මොන වගේ එකක් වෙයිද?’


'සිනහ රේඛයක් මතුවිය​!


‘මඳ සිනහවක්!


‘එය ඉස්මතු විය!


‘මුහුන පුරා පැතිරින!


‘ඇස් විශාල විය!


‘ආලොකමත් විය!


‘සතුටින් බව පෙනිනි!


‘විශ්වාසයක් පෙනිනි!


‘ඇස්වලින් පෙනිනි!


'ඒ සිනහ මුසුවම ඇය​ මා පිළිගත්තාය!


‘මා අනුමත කලාය!


‘ අමායා මා පිළිගෙනය!


‘මීටර් සීය දින්න වගේ මට තිබුනි!


‘ඩ්ඩිග්ග්,,ඩ්ඩිග්ග්,,,ඩ්ඩිග්ග්,,,හදේ ගැස්ම ක්‍රමක් ක්‍රමයෙන් පහත වැටෙනවත් දැනුනි!


‘ඉඳ සිටි බංකුවෙන් අමායා නැගිට්ටාය​!


‘මා වෙත හැරුනාය!


‘කෙටි පියමං තබමින් සෙමෙන් සෙමෙන් මා වෙත ඇදෙන්න වුවායා!


‘කැට් වෝක්’ එකක් බලනව වගෙයි මට​ තිබුනේ. උස අඩි සෙරෙප්පු පැළඳි අමායා, තමා පය එකින් එක පිළිවෙලකට තබගෛන, ඉදිරියට එනකොට එහෙමයි පෙනුනේ!


“ඉතිං ඇගේ ගමන් විලාසය ලස්සනයි” කියන එකයි මං කිව්වේ’


‘අමායා සිටියේ මගෙන් අඩි දහයක පමන ඈතකිනි.


“ඇය ආකර්ශනීයයි”


ඒ කියවුනේ, ඇගේ පියකරු බව නිසා විතරක්ම නොවෙයි. ඇගේ තොරා බේරා ගැනීමේ, නිගමනයනට ඒමේ මනොශක්තිය නිසයි.


‘අමායා පිංතූරයකින් හෝ මා දැක නොතිබුනාය, නමුත් දුටු ප්‍රතම වතාවේම, වචනයකු හෝ කතා නොකර, මා අසවලාම බව ඇය නිගමනයට ආවේ, ඈට තිබුනු ඒ විශේෂ හැකියාව නිසයි!


‘අමායා’ සැබෑ ලස්සනයි!


‘දිගටි ඇගේ මුහුන!


‘ඇගේ නේත්‍රා යුගල!


‘කොපුල්, කන්, නාස සියල්ලම!


‘මා ෆොටෝ එකෙන් දැක්කාට වඩා ලස්නයි!


ෆොටෝ එකකින් කෙනෙක්ගේ හරි පෙනුම බලන්න බෑ. එය අඩු වැඩියෙන් පෙන්නනවා.


‘ඇගේ පෙනුම අඩු කරලයි පිංතූරේ මට පෙන්නුවේ!


‘පින්තූරෙන් ඔබ්බට ගිය!


‘මගේ සිතේ තිබුනු ඒ රූපයම!


‘අමායාට තිබුනි!


‘සරිලන උසකින් හීන්දෑරිවට!


‘තරුණියකුට තිබිය යුතු කරුණු සියල්ල අඩුවක් නැතිව, ඒ ඒ අකාරයනටම පිහිටා!


‘අමායා පරිපූර්ණව සිටියාය!


‘ඈත ඉඳන්ම ‘හායි’ කීවාය!


‘ඇගේ ඇස්වල කාන්තිය එයින් මා දුටුවෙමි!


‘පිංතූරේ දැක්කාට වඩා ඒවා විශාලයි!


‘ඇගේ කට හඞත් මිහිරියි, නමුත් සිතේ තිබුනට වඩා ටිකක් බරවයි!


‘ඇගේ ලස්සන එකින් එක මා විඳින්න විමි!


මං හිටියේ මනෝ ලෝකෙක වග මට තේරුනේ, අමායා මගේ අසලටම පැමින ඇගෙන් හැමුනු කුමක් හෝ කොලෝඞ් සුවඳක් මගේ නාසයට දැනීමෙනි!


‘අමාය මා ඉදිරියේම!


‘අපි කිසිත් කතා නොකලෙමු!


‘එකිනෙකා දිහා බලාගෙන පමනක් අපි සිටියෙමු!


‘ආදරයෙන් බලා සිටියෙමු!


‘සෙනේහෙන් බලා සිටියෙමු!


‘ප්‍රේමයෙන් බලා සිටියෙමු!


(ඒ බැලූ තුන් බැලිල්ලම එකයි වග මට පසුවී තේරුනි)


‘ඇය ම⁣ගේ අතකින් අල්ලා ගත්තාය!


‘අනිත් අතින් එය පිරිමදින්න උනාය!


‘මං ඈ කරන කියන දේ බලා සිටියා මිසක් මුකුත් කරන්න කියන්න ගියේ නෑ !


‘අසල තිබුනු බංකුවක් පෙන්නා, එහේ මා එක්කං ගියාය​!


‘එහි මා ඉන්දන්න සැලැස්සුවාය!


‘ඈව අනුගමනය කලෙමි!


‘සැපහසුවට මා එහි හාන්සි කර ගත්තාය!


(නොකීවට මොකෝ? අද දින එය මගේ ප්‍රමුඛ අවශ්‍යතාවත් ඒකයි)


මාද ඇගේ කැමැත්ත පරිදිම, හරි බරි ගැහී බංකුවේ හාන්සි වුනේ, ඇයට හීලෑ පූස් පැටියෙකු වගෙයි!


‘මගේ දුරකනය මගේ අතේම විය. යමක් මා දැනුවත් කරන්න අමායා එවූ අවසන් පනිවුඩය බලන්න මා අතට ගත්තු එය, තාමත් අතේමය’


‘අසල බංකුවේ අසුන් ගෙන කතාබහේ යෙදෙමින් සිටි තරුණ ජෝඩුවක් දැක මට ලැජ්ජාවක් ඇතිවිය.


‘ඔවුන් අපි දිහා බලනවත් ඇති’ ලෙස මට සිනිනි.


‘ඔවුන් මං ගැන මොනවා හිතනවා ඇත්ද?’ ලෙසත් සිතිනි.


අමායාට නං කිසි ගානක් නෑ. ඇය ඔවුන් ගැන මායිමකටවත් ගත්තෙත් නෑ, ඔවුන් දිහා ඇය බලන්න ගියෙත්. “ඒ තමයි අමායා” ඒ අමායාගේ විශේෂන ගුණයන්ගෙන් එකක්’


ඒ සිටි යුව⁣ලේ තරුණයාගෙන් සාමාන්‍යයට විරුද්ද දෙයක් මා දුටුවෙමි. පුරුද්ද නිසාද නැත්නම් නිකමටද බව මට නොතේරිනි.


‘ඔහු ගීත රස විඳින්න උනේ ශබ්දටයි.


ඔහු ගීත රස වින්දේ, තම දුරකතනයේ ස්පීකරය දමාගෙනයි. ඔහු අසමින් සිටියේද පැරණි එවායි.


‘මගේ තරුණ කාලේ ඒවායි!


‘විවිදවූ ලොකයේ විවිද වූ මිනිස්සු’ ඉබේට කියවිනි.


‘දහවල් එකොලහයි වෙලාව!


‘ප්‍රසන්න පරිසරය ඇඟට සනීපව තිබුනේය!


‘අමායා මා ඉදිරියට පැමිනියාය!


‘ඇගේ මුහුහු මගේ පපු ප්‍රදේශයේ ගෑවී නොගෑවී තිබිනි!


‘අප තවමත් නිශ්ශබ්දවයි!


‘අපේ ප්‍රතම හමුවේ වචන හුවමාරුවක් තව වන තුරු සිදුවුනේ නෑ!


‘එය එහෙම කරන්න අප දෙදෙනාම අධිඨං කරගෙන ආවද මන්දා!


‘ඇයිද කියන්න දන්නෑ!


‘අපි කතා නොකලෙමු!


‘ඇස් වලින් පමනක් අපි කතා කලෙමු!


‘අමායාගේ ඇස් දහසක් දේ මට කීහ!


‘මුවකින් කියනවට වඩා ශබ්දවටයි!


‘ඉතා පැහැදිලිවයි!


‘ඔබ මා සිතේ මවාගෙන සිටි ‘අරෂ්’ මයි!


ඇගේ ඇස් මට කී සුභාරංචි දුන්හ​!


‘ඇගේ ඇස් වල තිබුනු අධිතර කාන්තිය!


‘මගේ ඇස් පියවන්න තරම් විය!


‘ඒ ඇස් එක දිගටම බලාගෙන ඉන්න මට බැරි විය!


‘ඇස් පියවිනි!


‘සැබෑවටම පියවිනි!


‘මගේ රුචියටම පසුබිම් සංගීතයකුත් තිබුනු හින්දා, ආයේ අහන්න දෙයක් යෑ!


එය ඒ ලෙසම සිදුවුනි!


‘අමායාගේ හුස්ම මගේ පපුවේ දැවටෙනවා මට දැනිනි!


‘මගේ මුහුනේද දැවටිනි!


‘මගේ බෙල්ලේ කනේ හැම තැන එය දැවටිනි!


‘ඇගේ උනුහුම් හුස්ම පරිසයේ සීත සුළං සමඟ සම්මිශ්‍රවී මගේ ශරීරය පුරා සිසාරන්න විය!


‘මට සනීපෙට දැනුනි!


‘ඇය යමක් කියනවාද මට ඇසිනි!


'හීන් හඞකින් කීවාය​!


‘අමායා මගේ වම් උරහිස පිරිමදින්න උනාය!


‘ඇය කියූ දේ මට පැහැදිළි නොවීය!


“සිහිනෙන් සිහිනෙන්,, මා හඞවනවා,,,මා හඞවනවා,,,

සැබෑ ලොවේදී ඔබ,,,මා නෑ මුණගැසිලා,,,නෑ මුණගැසිලා,,,

නෑ…”


‘කාලෙකින් අහන්න ලැබුනු නාමල් උඩුගමගේ ගීතය, තරුණයාට සිතින් ස්තූති කලෙමි!


‘මගේ උරහිස අමායා තදින් හොල්ලන්න වූවාය!


එවර ඇය කියන දේ මට දැනුනා වගෙයි!


‘‘නැගිටින්න, නැගිටින්න’’ කියනවා විතරයි මට එයින් මට තේරුනේ!


මගේ උරහිස සොලවා සිටි අමායා එයට පහරක් දෙකක් ගසන්නත් පෙළෙඹුනාය!


“නැගින්න! නැගින්න අනේ! මොකක්ද ඔයාට වෙලා තිනේනේ” ලෙස ඇය තරහකින් මට තරවටු කරන්නවත් මට දැනිනි!


‘මගේ ඔලුව ඔල්මරන්ඥං විය!


බයිස්කෝප් එකේ ලව් සීන් එකක් දුවන අස්සේ, ගැලරියේ ඉඳන් ලවුස්පීකරයකින් මොනාදෝ කියනවා වගෙත් යමක් මට ඇසිනි!


‘මට ඇහැරුනි!


‘අමායා නොසිටියාය!


‘කොන්ක්‍රිට් බංකුව නෑ!


‘තරුණ ජෝඩුව එහා බංකුවේ නෑ!


‘කැම්පස් එකක් එතන නෑ!


ම්ම්ම්ම්ම්,,??,$&$@&???


‘උඩ බැලුවෙමි!


‘බිම බැලුවෙමි!


‘ඇහ වටේම නැරකුවෙමි!


‘ඉඳං සිටි තැන බැලුවෙමි!


‘තේරුනි!


‘සියල්ල තේරුනි!


‘මගේ ආදර බිරිඳ මා ඉදිරියේ සිට⁣ගෙන සිටියාය!


'රවාගෙන හිටියාය​!


‘නොසනසුන් බවෙන් පෙළුනාය​!


‘අපේ ගෙදර සොෆා සැටියේ මා ඉඳගෙන හිටියෙමි!


‘හරි බර වී එහි හාන්සි වී හිටියෙමි!


‘ම⁣ට ඉහළින් කැරනේන වූ ෆෑන් එකේ හුළඟ කෙලින්ම වදින්න උනේ මටයි!


මගේ ඉස්සරහින් තිබුනු ටී. වී එකේ,


“දෙතන රැඳී,,, අප දෙදෙනා,,, අද තනි වෙනවා,,,,ආආ,, සිත,, සසලනවා,,,ආආ”


ගීතයේ අවසන් පද පේළිය‘නාමල් උඩුගම’ ගයමින් සිටියේය!.


ගැලරියේ මොනවදෝ කියෝමින් හිටියේ මගේ බරිඳයි, ඇය කියාගෙන හිටියෙත්,


“ඒක නේ කියන්නේ දවල්ට නිදා ගන්න එපා කියල”


“මොනවද ඔයා කර කර හිටියේ, ‘මිස්ට බීන්’ වගේ”


‘මම දවල් හීනයක ඉඳ තිබුනෙමි!


‘ලැජ්ජාවෙන් ඇඹැරුනෙමි!


“ටවුමට කතා කලාම එන්නෙත් නෑ, දවල් නිදාගෙන මෙතන කෝළං කරනවා” තවත් මොනාදෝ කියමින් ඇය ගස්සගෙන ගෙතුලට ගියාය.


‘නිවාඩු දවසනේ, උදේට කාලා අවිල්ල, ටී.වී එකත් දාගෙන සැටියේ ටිකක් හාන්සියෙන් ඉඳගත්තා. මට නොදැනීම නින්දක් ගිහිල්ල. දිගටම මහන්සි වෙන හින්දා නිවාඩුවක් ලැබෙන දවසට තෙහෙට්ටුවටත් එක්ක ඔහොම තමා,,, ආආ,,’


තෙහෙට්ටුට වඩා,,,!


‘මතක් වුනි!


‘අතේ බැලුවෙමි!


මගේ ජංගම දුරකතයේ සටහන් වෙලා තිබුනු අමායා⁣ගේ අවසන් පනිවුඩය තිබුනි!


‘එය අරං මා නැවතත් කියෙව්වෙමි!


‘‘අනේ පන, මට ලැබුනේ කරාපිටිය නේ” එයයි අමායගෙන් මට ලැබුනු අවසන් පනිවුඩය!


‘මගේ බිරිඳ මට රවාගෙන ගේ පුරාම ඇවිදිනවා මට පෙනුනි’


‘ඉක්මන් ගමන නිසා මතුවූ ඇගේ ගෙවුනු සෙරෙප්පුවේ හඞ, සාලය පුරා පැතිර ගොසින්,​

මගේ කන් අඩි සොයා ඇවිත්, ඒ තුල 'රූන්ගාර​' දෙන්න වුනේ, ආදරයෙන් කොඳුරන්නාක් විලසනි.