"විසිනව වසක් හද ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු, ඒ සුන්දර අතීතය තුල ඔබවද රඳවාගන්නයි''
"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"
සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 8
'ප්‍රින්ස්' ගේ පිටුව !
(පරිච්චේදය) 9
ඉතිං කරුණු කාරණා තේරුනානේ......
කල්පනා කරන්න වෙලාවක් මට තිබුන්නෑ , මිටි රියාල්ගේ පිටුපසින් පැමින යෝදියෙක් වගේ මතුවුනු zසෝයා එක්වරම මට දසුන් දුන්නාය. කලු පාට ස්කිනියකින්, තැඹිලි පාට මේස් රෙද්දකින් නිමවුනු අත්දිග ටොප් එකකි, න්න් න්, න්න්,
'ම්ම්ම්න්නෑ,,,,....නේ? ත්ත්ත්තිබුනා, නේ!’
‘ක්ලාස් එකේ මං දැකල තියෙනව!’
ලෙස, නොපෙනෙන්න වුනු ඇගේ යමක් සොයන්න මහන්සි ගත් මගේ වනචර සිත, පසුව සාමදාන වුනේ, සවස් වරුවේ ඇය සැහැල්ලු ඇඳුමකමට මාරු වී ඇති බව තේරුම් ගිය නිසයි..
''සඳ රේනු වෑහෙනා,
මේ සීත රාත්‍රියේ,
ඔබ ඉන්න, මාගේ ළඟින්,
හද පිරුනු වේදනා,
පිසදා සිනා සලා,
මට දෙන්න ආදරේ, ඔබගේ හදින්''
(මග්නිතෆෝනයේ සිටි ‘ප්‍රින්ස්’ මෙහෙමත් ගයන්න විය)
ඒ දොරකඩම නැවැතී, තමාගේ සුපුරුදු වසීකර සිනහව පාමින් සිටි zසෝයා,
ඝර්වාන්විතව ‘'ප්‍රීවියත්’’ (හායි)' කීවාය.
මාද පෙරලා,
‘'ප්‍රීවියත්’’ සමඟ සිනහවක් උපදවන්න උත්සාහ කලා මුත්, එය මතු නොවුනේ, කම්පනයෙන් මා තව මිදී නැති නිසයි.
සැරෙන් ''ච්තෝ?’’ (ඇයි)? ඒ ඝර්වයෙනිම,
‘’නියත්,,,නිච්චිවෝ’’ (න්නෑ,,, මුකුත් න්නෑ) කියමින්,
''zසහදී (එන්න ඇතුලට)'' ලෙසත් මා කීවෙමි.
ඈව ගෙට ඇරයුම් කරන අතර තුර මාව සමබර කර ගන්න මා උත්සාහ කලෙමි.
මගෙන් ඇරයුමක් එනකං හිටීවියෑ zසෝයා, මා ඇට ඇරයුම් කරනනොට ඇය සිටියේ මා ඉදිරියේ දන ගසාගෙනයි.(ක්‍රිස්තියානීන් දෙව්මැදුරුවල සමාව ගන්න දනගසන් ඉන්නේ, අන්න ඒ වගෙයි)
පුදුම කෙල්ලෙක්! කවදත් අපි බලාපොරොත්තු නොවන දේ කරන කෙල්ලෙක් තමයි zසෝයා,
zසෝයා දිහා මොහොතක් බලාගෙනම සිටියෙමි, (හදවත් දොරට සියුම් තට්ටුවක් වැටුනාක් මෙන් දැනිනි) zසෝයා මගේ අත අල්ලා ගත්තාය, ඇය මගේ අත් දෙකෙන්ම අල්ලාගෙන ඇද්දාය.
''පියවී ලොවේ කිසිදා,
එක්වන්නේ නෑ,
එනමුත් මගේ හදින්,
වෙන්වන්නෙ නෑ''
(ලෙස කාමරය පුරා ‘ප්‍රින්ස්ගේ’ හඞ පැතිරී තිබුනු ඒ මොහොතේ) zසෝයා
''එක දෙයක් කියන්නම්, අහනවද?’’ ඇසුවාය.
‘’අහන්න! මොකක්ද ඒ ?’’ඇසුවෙමි,.
‘’ෆේජී මට කරදර කරනවා?’’ කීවාය.
‘‘ඒකද? එකටද! එහෙනං? ඇවිත් ඉන්නේ''
(ඊට වඩා දෙයක් මං අගෙන් බලාපොරොත්තුවුනා වත්ද, එහෙනං? මට අලස බව දැනින. මම දැන හිටියා, ෆේජී කවද හරි ඈ පස්සෙන් යන බව)
‘’ආ..ආ එයාද? ඒ ඇයි? මං එයාට කතා කරන්නම්! ඔයා බය නොවී ඉන්න’’ මා කීවෙමි.
(පංතියේ කට්ටිය හිතං හිටියේ ෆේජී මට අවනතයි, මං කියන දෙයක් අහන එකෙක් කියල)
‘'ඔයා කලබල නොවී ඇවිත් මෙහේ වාඩිවෙන්නකෝ'’ මගේ අසලම ඉඩක් පෙන්වා මම කීවේ, මා ඉදිරියේ ඇය දන ගසන් ඉන්න එකෙන් මට අසහනයක් දැනුනු නිසයි.
තවමත් චායිනී (කේතල) ය අතේ තියාගෙන සිටි රියාල්, අපි දිහා ආඳෙක් වගේ බලාගෙන සිටියේය. (නිකං දෙමළ පිචර් සීන් එකක් නේ දුවන්නේ) තමනුත් ඔතන ඉන්නවයි කියන එක අඟවන්නදෝ,
‘'සහෝ! තේ එකක් හදන්නද? ඇසුවේය.
‘’නැත්නම් කෝපියක්?’’ නැවතත් මගෙන් අසා,
‘’'සෝයා! හෝචස් දමාzෂ්නී කොෆී (සෝයා! නිවසේ කුඩුවලින් සෑදූ කෝපියකට කැමැතිද?)’’ ඔහු ඇගෙනුත් ඇසීය.
හප්පේ, ඇත්තටම රියාල්! කතා කරන කොටයි රියාල් මතක් උනේ. රියාල් තාම ඔතන!
‘’ෂ්තෝ තී හෝචස් පීත්ච් (ඔයා මොනවද බොන්නට කැමැති)’’ වගකීමකට මමත් ඇගෙන් ඇසුවා.
(ඇහුවට මොකද, මම දන්නවා zසෝයා කවුද කියලා)
''දෙතැන තනිවී සදා,
හෙලන සුසුමන් නිවා,
ඔබ එන්න මාආආ,
(‘ප්‍රින්ස්’ දිගටම ගයන්න වූ අතර)
‘’නිඃ නාධා!...ඵෂ්ලී පඃ දෙවියාතම් එතාzෂ (එපා! අපි යමු නවවෙනි මහලට)’’ ආයෙමත් zසෝයා මාව හොල්මන් කලාය.
අපේ හොස්ටල් එකේ නවවෙනි මහලක් නෑ, තියෙන්නේ ගොඩනැගීල්ලේ අවසන් එළිමහන් බිමයි.
මැයට විකාරද මන්දා (මම කලින්ම කිව්ව නේ, zසෝයා කවදත් වෙනස් කියල)
‘’මේ සීතලේ එහේ මොකට?’’ මං කෙඳිරිවුවෙමි..
‘’ච්තෝ? තීඃ නිප්රිද්යෝෂ්? ම්ම්ම්ම් නොඃ යා පෂ්ලාඃ (ඇයි? ඔයා එන්නැද්ද? එහෙනං ම්ම්ම්ම් මං යන්නම් )?’’ zසෝයා කීවේ, ඇගේ සුපුරුදු ඝර්වයේ ඉඳන්මයි.
ප්රිදූඃ (එනවා) ලෙස එසැනම මට කියවෙන්න ඇත්තේ, කල් ගත්ත නම් දමල යයි කියල බයක් දැනුන්නිසා විය යුතුයි. .
ම්ම්ම්,,මොකක්ද ඒ? මට මොකද වුනේ? ඈට පිටුපාන්න මට මට බැරි වෙලා.
(පහුරු බැඳන් සිටි මගේ හදාරක්ෂක කොටුවේ සිදුරු වැටිල බව ඉවෙන් මෙන් දැනෙන්න විය, ආදාල අංශයේ සීමිත දැනුමක් තිබුනත්,
'මෙලහකටත් මම වැටිල’ යන වග නම් මට තේරිලා) මම ඇය පසු පසින් යන්න ගියෙමි (වනන්න මට වලිගයක් නොතිබුනි)
(‘සඳ රේණු වෑහෙනා’ ගීතය හා මගේ මේ මතක සටහන අතර තදබල බැඳීමක් තිබෙනවා. එහෙයින්, අපෙන් වෙන්වී, තුරන්වී ගිය ‘ප්‍රින්ස් උදය ප්‍රියන්ත’ ගායකයාට උපහාරයක් පුදන්න, මේ පිටුව මා යොදා ගන්නවා)
(අවසානය සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 10)
No comments:
Post a Comment