මා හා උක්රේනු ජන ජීවිතය !(පරිච්චේදය) 4
ව්‍යාපාර කලමනාකරණය පිළිබඳ උසස් අධ්‍යාපනය ලබන්න උක්‍රේනයට මම ආවාය කිව්වොත් ඔහේල මට හිනා වෙයිද මන්දා. එහෙමයි අපි ඒ දවස්වල කියා ගත්තේ.
මා උක්‍රේනයට පැමිනියෙ එලඹෙන ගිම්හානයේ දී විසාවක් අරගෙන එන්ගලන්තයට පැන ගන්න හිතාගනෙයි. ඒ දිනවල ගොඩක් දෙනෙක් උක්‍රේනයට ආවේ ඔන්න ඔය කාරනේටයි.
මා සමඟ ඔය ෆේජි පැමින සිටියෙත් ඕකටමයි. ඒ හේතුව නිසාවෙන්ම, ප්‍රශ්න ඇති කරන කාරනා වලින් හැකිතාක් ඈත්වී ඉන්නයි මා උත්සාහ කරේ. සාදයක දී ටිකක් තොල ගෑවත්, මම සල්ලාලයකු වගේ බොන්න ගියේ නෑ.
(සාදයක් නොතිබුනු දවසක් නැතිව තිබුනු එකයි ගැටළුවට තිබුනේ)
අනිත් කාරනා වලිනුත් මම ඈත් වෙලයි හිටියේ. ඒ කරුණේ දී මා ප්‍රතිපත්තියකුත් අනුගමනය කලා.
කාගෙත් පිළිගැනීමට අනූව, මා එහේ දී හොඳ ගති පැවැතුම් ඇති තැන්පත් චරිතයක්. එම හේතුවෙන්ම, පොදුවේ කවුරුත් මට ප්‍රියයි.
මෙහි දී කවුරුත් පිළිගත්තත් නැතත්, මේ කියන ඒ මොහොත වන තුරුත්, අවුරුදු 23 ක වයසකින් පසුවුනු මා, ලංකාවේ දී හෝ මාස 3 ක උක්‍රේන ජීවිතයේ දී හො වේවා ‘නොඉඳුල්’
වේලාව: උක්‍රේන වෙලාව සවස 8.30
නියැලී සිටියේ,
‘ආගන්තුක සත්කාරයක් පිළියෙල කරමිනුයි, විශේෂ අවස්තාවකට ලක ලැහැස්ති වෙමිනුයි’
(දේවුෂ්කි (තරුණි) යන් දෙදෙනාම වයස අවුරුදු 18 කට වඩා නැති බව කියවුනා. ඒ උනාට උස මහතින් අම්මන්ඩිලා. තරුණියක් පැමින සිටියේ ඊගර් ගාවට නම්,
උක්‍රේනු ජන ජීවිතය
ඒ රැයේ දී එම තරුණිය තම මිතුරියව තනි කරයි නම්, ඒ කෙල්ල? ඇය කොහේ නවතීවිද? 'ඇය කරදරේ වැටැන්නැදද?' ලෙස හැදී වඩුනු පරිසරයේ ආභාශයට අනූව ප්‍රෂ්නයක් මකුවුනත්, එහෙම දෙයක් වෙන්නේ නැහ.
තමාට ලැබෙන සුළු කාල අවකාශය තුල ඒකට පිළියමක් ඈ සොයා ගන්නීය.
කවුරුන් හෝ කෙනෙක් අනිර්වාර්‍යයෙන් ඇය වෙනුවෙන් ඉදිරිපත් වෙනවාමයි. මොවුන් ඔවුන්ද එහෙනං? ලෙස අපට සිතුනත්,
ඒ ලෝප්‍රකට වචනය එහේ, ඒ උක්‍රේන රටේද, ඔවුන්ගේ භාෂාව තුලද ඒ අර්ථයෙන්ම කියවුනත්, මා එදා දුටු උක්‍රේන ජන ජීවිතයට අනූව, ඒවාට එහෙම මුද්‍රාවක් නෑ.
එහෙම මුද්‍රා තබනවා නම් මග ඇරෙන කෙනෙකුත් නැතුවා සේ. අප සංස්කෘතිය තුල විවාහයකින් පසුම සිදු විය යුතුයි සැළකෙන සමහර කරුණු, මල්වර වීමත් සමඟම උක්‍රේන තරුණියෝ කරගනී.
දෙමාපියන්ගෙන් හෝ ඔවුන්ගේ රජයෙන් ඕවාට බලවත් තහංචි ඇති බවක් දැනෙන්නටත් නොතිබුනි. 16 වඩා අඩු වයසේ ගෑණු ළමයෙක් රාත්‍රියක නවතා ගැනීම ඒ නීතියට අනූව වරදක් බව නම් දැනගත්තා
එනිසා, ඔවුන් අති සාමාන්‍ය දේවුෂ්කි(තරුණි)යන්‍ය. කාලයක් ඒ පරිසරය තුල ජීවත් වුනු නිසාදෝ අපට ඔවුන්ව වපරැසකින් නොබැලුනි.
ඔවුන් ගෝස්ති (ආගන්තුක) ගෙන්වා ගන්න පුද්ගලයාට ඔවුන් වෙනුවෙන් උපරිමයෙන් වියදම් කරන්න සිදුවුනේ, එදින රාත්‍රි භෝජනයට අමතරව ෂැම්පේන් හෝ වොඩ්කා සමඟ සිගරට් කිහිපයක් පමනි
එදා උක්‍රේනෙය් තිබූ සරල ජීවිතයට අනූව වොඩ්කා බෝතලයක් අපේ මුදලින් රු 200 කට වඩා තිබුනද කියලා මගේ මතකේ නෑ. ෂැම්පේන් තරමක් මිළ බව නම් මතකයි
තරුණියන් පමනක් නොවෙයි, ස්වාමියන් ඇති zෂෙන්‍ෂිනි (ගැහැණියන්) පවා මෙලෙස ආගන්තුකයන් ලෙස පැමින යනවා සාමාන්‍යයයි
ඒවා එහේ සාමාන්‍යයකි. වානිජයක්/වෙළඳාමක් බඳුව දුටුවා මිසක් ආදරයක් සෙනෙහසක් මා නිදිටිවෙමි. ඔවුන්ව මට අගයෙන් නොපෙනුනි.
හැමදේම උක්‍රේන කියල මා හැඳින්වුවාට, අවුරුදු 26 කට පෙර, මා එහි සිටි ඒ කාලයේ උක්‍රාන්ස්කි (උක්‍රේනුවන්) පවා තමන්ව හඳුන්වා ගත්තේ රුස්කි (රුසියානුවන්) ලෙසිනි.
ඒ රුසියාවෙන් වෙන් වී සිටි අලුත නිසාම විය යුතුයි. පෙර දී ඔවුන් රුසියානුවන් නේ
ඉතින්, අහම්බෙන් ලැබුනු අවස්තාව ප්‍රයෝනයට ගන්න මා යුහුසුළුවෙන් සප්පායම් වෙමින් සිටියෙමි. උක්‍රේන කාන්තාවන් සාමාන්‍යයෙන්ම පියකරු (‘සුදු තමයි පියකරු’ ලෙස මා එදා හිතං හිටියා) නිසාද,
පලපුරුදු කම නැති නිසාද අහම්බෙන් ලැබුනු අවස්තාව වුනද ඉතා උවනාකමින් යොදවා ගන්න උත්සාහ ගත්තෙමි.
''අහම්බෙන් ලැබුන’’ බවක් සඳහන් කලේ, ඒකක් එක්තරා රාජකාරියක් වූ නිසයි, ඒ කාර්‍යය සඳහාත් තරමක වෙහෙසක් දැරිය යුතුව තිබුනි.
සවස් භාගයේ නා -ඌලිත්සේ (පාර තොටේ), පාර්ක් (උද්‍යාන) යේ ඇවිදමින්, පීවා(බීර) බොමින් (හරියට මාළු දැල් විසිකරනවා වගේයි
අවස්තාව බලං ඉඳලා හරි එක්කෙනා හැඳිනගෙන ගෙන කතා බහ කර, හොස්ටල් එකට ගෝස්ති (ආගන්තුක) යන් කැන්දං ඒම තරමක වෙහෙසකාරි වැඩක්
තරුණියන්ට කතා කර, ඔවුන්ව පිලිසඳරකට හෝ රාත්‍රී භෝජනයක ඇරයුම් කිරීම ඒ රටේ සාමාන්‍ය කරුණක්ව තිබුනි.
ගෝස්ති ඇරයුම් කරන්නාට කිපීම් බැනවැදීම් වැනි කිසි දෙයක් ඔවුන් නොකරයි. සාදරයෙන් පිළිගැනීමට බැරිනම්, එය සාමාන්‍යව ප්‍රතික්‍ෂේප කරයි. නැති නම් වෙනත් දිනයක් ලබා දෙයි.
රුසියානුවන් බීර බොන්නෙ හරියට අපි වතුර බොනව වගෙයි, පේමන්ට්වල, උද්‍යානවල, රීනක් (පොල) වල, කියෝස්ක් (පෙට්ටි කඩ) වල, අරහේ මෙහේ හැමතැනම ඕවා තියෙනවා.
මෙහේ වට්ටි අම්මලා ඉඳගෙන බුලත් විකුන්නන්නේ, අන්න ඒවගේ බාබුෂ්කි (මැහැල්ලී) ලා තැන තැන ඉඳං එහේ පීවා (බීර) විකුනනවා.
ඉස්සර අපේ සමූපකාරවල බැරල්වලින් කරාමේ ඇරල ලාම්පු තෙල් දෙන්නේ මතකද? එහේ සමූපකාරවල ඒ දවස්වල පීවා වික්කෙත් ඒ වගේයි.
ප්ලාස්ටික් භාවිතයක් නොතිබුන උක්‍රේනයේ අපි පීවා අරගෙන එන්නේ ලීටර් පහේ විශාල වීදුරු බොතල් වලයි, අපි එළ කිරි අරගෙන එන්නෙත් ඔය බොතල් වලයි.
මා එහේ දී දුටු විශේෂ ලක්‍ෂනයක් තමයි ශාක්‍ෂරතාවය, ඔවුන්ගේ ශාක්‍ෂරතා අගය ඉතා ඉහළ බවක් මට පෙනුනි. ලියන්න කියවන්න බැරි කිසි කෙනෙක් මා එහි දුටුවේම නෑ.
වයස 80ක විතර බාබුෂ්කියක් දේදුෂ්කෙක් වුනත් ඉතාමත් හොඳින් ලිවීම කියවීම කරයි. ගනු දෙනුවල දී ඔවුන් ගනන් හදන්න පාවිච්චි කලේ ''ඇබකස්'' ලෑල්ලයි.
බලන්න එපෑය අවුරුදු 90ක විතර ආච්චි කෙනෙක් 'ටික්, ටික්' ගාල ඇබකස් එකෙන් ගනන් හදන ලස්සන.
අනෙක් ගැටලුව තමයි තරුණියන් සමූහයෙන් මුදවාගෙන ඒම. තරුණියන් තිදෙනෙක් සිටියා නම්, ඒ තිදෙනාවම ගෝස්ති ගෙනියන්න ආදාල පුද්ගලයාට සිදුවෙයි.
එම නිසාම අපේ කට්ටිය ඇවිදීමට යන්නෙත් කිහිප දෙනෙක් එකතුවයි. වයස, ජාතිය, ආගම, වර්ණය, කිසිත් ඔවුන්ට ආදාල නෑ.
ආසන්න වනතුරුම කොමියුන්ට් වාදයේම රැඳී සිටි නිසාදෝ පොතේ පතේ උගත් දේ මිස ආගමක් දහමක් කිසිත් ඔවුන් නොදැන සිටියෝය.
ඒ දිනවල උක්‍රේන තරුණියන් zෂිමිලියාකී (සුජාතික) යින්ට වඩා ඉනස්ත්‍රානී (විජාතික) යින් සමඟ ඇයි හොඳයි කම් පවත්වන්නට කැමැත්තක් දැක්වූහ.
සහවන්තයා මැදිවියේ හෝ මහළු වියේ වීම ගැන තැකීමක් නොතිබුනි. තමන්ගේම හැඩි දැඩි කඩවසම් තරුණයින් සිටියදී පිටස්තරයන් සොයා ඔවුන් ගියේ එතැන වඩා සතුටක් තිබේවි යයි සිතූ නිසයි.
විජාතිකයින් ලඟ මුදල් හදල් වැඩිපුර ගැවසුනු බව මතයක් එදා සිටි උක්‍රේනයේ තිබුනා. එදා තිබුනු සැබෑ තත්වය ඒකම වුනත්,
මා එහි සිටි 1994 වර්‍ෂය අවසන් වන්නටත් පෙරාතුව ඒ තත්වය වෙනස්වීගෙන යන බවක් මා හොඳාකාරව දැක්කා.
හැඩි දැඩි කියනකොටයි මතකෙට ආවේ, ඔවුන්ගේ හිටියා ''ෂහ්තියෝර්'' කියල හඳුන්වන පිරිසක්, ඌගල් (ගල් අඟුරු පතල්) වල සේවය කරන මොවුන් යෝදයෝ වගේයි.
දේහධාරී මොවුන් හරිම ශක්තිවන්තයි. අපට අතට අත දුන්නොත්, අපි කුඩා ළමයෙකුගේ අතක් අල්ලනවා වගේ ඔවුන්ට දැනෙනවා ඇති.
පොදුවේම රුසියානුවන්ට රළු කට හඬකුයි තිබෙනේ, මදිවට උගුරෙන් උච්චාරණය වන ඔවුන්ගේ භාෂාව, එකට තව තවත් රළු බව එක් කරයි.
කෙසේ නමුත්, පොදුවේම මනසින් ඔවුන් හරිම මෘදුයි, ඔවුන් මිත්‍රශීලියි, ආකල්ප අඩුයි. (ඒ සමාජවාදයේ ආභාෂය නිසාම විය යුතුයි
අපි කියන ඕනෑම බොරුවක් හිස මුදුනින් ඔවුන් පිළිගන්නවා. ස්ත්‍රී ආධිපත්‍යයක් මට ඉව වැටුනා. එහේ පිරිමීන් තමන්ගේ සත්‍රීන් ඉදිරියේ පූසෝ වගෙයි.
රාජ්‍ය ආයතනවල පාලන තනතුරු බොහෝමයන් ඉසුලුවේ සත්‍රීන් ලෙසයි මා දුටුවේ
නොකීවාට මොකද, මිතුරන්ගේ පෙරැත්තය නිසාම මං ඉදිරිපත් වුනා මිසක්, ඔය කාරණය මගේ කැමැත්තම නොවුවෙය.
රියාල් ඕවා පස්සෙන් යන්නේ නැති එකා උනත්, ඇවිදින් මට කිව්වේ, උක්‍රේනයට ආවා නම් ඕවායේ අත්දැකීම් තියෙන්න ඕනෑය කියලයි.
ඒ රැය ගත කරන්න තමා වෙන කාමරයකට යන බවත් ඔහු පැවසුවා, ඒ මා දිරිමත් කරන්න තිබුනු උවමනාවටයි.
zසියාඩ් ගැන කියන්නත් ඕන නෑ, ඌ ඕවට මාස්ටර්. ඔහු මට ලෙක්චර් දෙන්න පටං ගත්තා.
ඊගර් නම් ආවේ ආදරේකට නෙවෙයි, නැත්නම් නම් මිනිහගේ වැඩේත් සුංනේ! ඒකයි.
'අහිංසකයෙක් නරක් කරන්න මුංගේ තිබුන උවමනාව යකෝ!
පව් කාරයෝ!
කොච්චර නැහැයි කිව්වත් ඉතිං, කුතුහලය කියන එකකුත් තියෙනවනේ. එයින් මෙයින් මමත් හා වුනා.