Wednesday, December 22, 2021

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 10

 "විසිනව​ වසක් හද​ ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව​ සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු,  සුන්දර අතීතය තුල ​ඔබද රඳවාගන්නයි''


"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"
සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 9


ඉරණම වෙනස් කල විනාඩි කිහිපය !

(පරිච්චේදය) 10

මාර්තු 8 වෙනි දින රාත්‍රිය, අපේ කොහොමද කියල මං දැකලා නෑ, එදා, ඒ දපාzෂයේ නම්, හඳක් පායලා තිබුනා. පුන්සඳක් වගෙයි මතකේ.

ආර්ද්‍රතාවය නිසා නොපැහැදිලිව විහිදුනු හඳේ එළිය අප මත සුමුදුවට වැටුනි. එයින් එළිය ලැබූ zසෝයාගේ පිරිපුන් වත සඳක් මෙන් මට පෙනිනි.

(එදා මට මංගල රාත්‍රියයි, මෙපමන කලක් ස්ත්‍රී ආශ්‍රයක් නොතිබී, ‘අ’ අකුරෙන් අරඹන​ මගේ ආදර ගමනේ, මංගල හමුවීම රාත්‍රියක දී සිදුවන නිසා, එය මගේ මංගල රාත්ත්‍රිය විය)

ස්වෙටරයවත් දාගන්න නොදී ජැකට් එක බාගෙට පොරවාගෙන මාව ඇදගෙන ගිය zසෝයා, එළිමහනේ මාව සීතලේ වෙව්ලන්න ඇරියාය.

''සිගරට් පැකට් එකක්වත් ගන්න දුන්නෑ හැතිරී" හිතින් (නො) බැන වැදුනෙමි.

තමාගේ උසින් අඩක් පමන වූ කොන්ක්රීට් බංකුවක් වගේ එකක මාව ඉන්දවූ zසෝයා,

මගේ දෙකකුල් අතරට පැමිනියාය. පසුව සුපුරුසු ඝර්වාන්විත ස්වරයෙන්ම

''තීඃ මින්ය ලූබිෂ් (ඔබ මට ආදරය කරනවද​)?’’ ලෙස මගෙන් ඇසුවේ, පිහියක් බෙල්ලේ තබා ‘සල්ලි දෙනවද නැද්ද’ ලෙස අසන ආකාරෙකිනියි.

(ආදරේද බව දැන ගන්න මෙහෙම ක්‍රමයකුත් තියෙන බව එදයි මං දැන ගත්තේ)​

මා ‘’ධාඃ (ඔව්)’’ ලෙස මා ඇයට කීවේ කියන්න කිසි දෙයක් දෙයක් මට නොදැනුනු නිසයි.

''නියතඃ නියතඃ ප්රාව්ධා ස්කෂීඃ, තීඃ මින්ය ලූබිෂ්, ඉලි නියත් (නෑ..නෑ..ඇත්ත කියන්න, ඔබ මට ආදරය කරනවද..​නැත්නම් නැද්ද​)?’’

zසෝයා නැවතත් ඇසුවේ ‘දොන් නං දොං සිමං නං සිමං. දොංසිමං දෙකම බෑ’ කියනාකාරෙටයි. ඇගේ ස්වරය තරමක් ඉස්සී තිබිනි.

ඇගේ දඟකාර කමට මා කැමැතියි. ⁣එයට මා ගොඩාක් කැමැතියි. ඒ රුචිය පංතියේ දීත් මට තිබුනි,

නමුත්, කිසිදිනක ඉස්මතු නොවීය. අද මේ අවස්තාව වන තෙක්ම එය​ ඉස්මතු නොවීමයි තිබුනේ. හේතුව මට නොතේරිනි.

ඒ තත්පර කිහිපය තුල, අතීතයේ දී අප අතර වූ සංවාද, zසෝයා මාව ආකර්ෂණය කල නොකළ​ තැන්, වෙනත් කාරණා,

සියල්ල​ එක්තැන් වෙලා, මා ඉදිරියට පැමිනීහ, ඇය නියතවම මා ආකර්ශනය කර ඇති බව නිගමන් විය.

සමහර දේ හරහට හිටියත්, ඕවා zසෝයාව බැහැර කරන්න තරම් සාදක නොවන බව මට ඒත්තු ගන්වන්න සිත පෙළෙඹුනේය. එයින් මෙයින්

'කොළ එළිය දැල්වින'

''ධාඃ, යා තිබ්ය ඕඕචින් ලුබුලූඃ (ඔව් මා ඔබට ගොඩාක් ආදරෙයි)’’ කියන අතර තුර මගෙන් උනුසුම් සුසුමක්ද පිට විය.

''ඔබ දැන් කී දේ සත්‍යයි, ඒ බව මා ඔබේ ඇස්වල දුටුවා'' මගේ ඇස්වලින් මගේ හදවත කියවූ 17ක් වත් නුපිරුනු zසෝයා ගැන​ මම පුදුම විමි.

ඒ ගෙවුනු තත්පර කිහිපය තුල, ඈ වෙත මට ඇති වු මගේ ආදරය ​නොනැවතී ඉහළ යමින් තිබිනි.

ගෙවුනු සෑම තත්පරයක්ම මට ඒ බව පසක් කලේය. මගෑරුනු මතක සටහන් එකින් එක මතකෙට එමින් ඒ දේ කලේය.

එය ආදරයක්මද නැත්නම් ආක්ෂනයක්ද වග නම් පැටලවිල්ලක්ම වූ නමුත්,

'දැං යමක් වෙලා හමාරයි. වචන දී හමාරයි. විශ්වාසය ඇති කරලයි තියෙන්නේ. ආයේ වෙනස් කරන්න බෑ' ලෙස සිත තුල ඝට්ටන ඇති වුනත්, පසුව එය ආදරයක්මයි ලෙස තීරණ වුනි.

zසෝයා දැං මගේ පධෲගා (ආදරවන්තිය) යි. හරියට තර⁣ඟෙක දුවල පළමු තැන ගත්තාවගෙයි ඒ වෙලේ මට දැනුනේ.

ජීවිතයේ ප්‍රතම වතාවට ආදරයක් දැකීම? කෙල්ලෙක් එලව එලව ඇවිත් ආදරේ කරීම. සියළු දේ එකව සිද්ද වුනි. අසීමිත සතුටක්, සැහැල්ලුවක් දැනුනි.

ඔරොත්තු දෙන්න බැරි සීතල නිසා නාසයෙන් පිටවෙන සොටු පිසදා ගන්න යමක් සොයමින් මා ලතැවෙන්නට වූ මොහොතේ,

zසෝයා තම කබා සාක්කුවෙන් ලේන්සුවක් ගෙන මගේ සොටු පිස දැම්මාය​.

ආදරයේ රසය මං ප්‍රතම වතාවට වින්දෙමි. ආදරය පිදීම සතුටක් නම්, ආදරය ලැබීම කොපමන සතුටක් වෙයාද? මම එය ලැබුවෙමි.

මම කිසිවක් කතා නොකර සිටියත්, zසෝයා ඔහේ දෙඩෙව්වාය.

මං ගැන කියවන්න ගත්තාය.

තමා ආදරය කලේ මට නොව මගේ ඇස් දෙකට බවයි ඇය කීවේ.

ඈ දෙස සෙනෙහසින් බලා සිටියා මිසක් කිසිත් කියන්න මම නොගියෙමි.

කුඩා ළමයෙක් මෙන් zසෝයා හැසිරුනාය.

ඇය කියන කරන සෑම දෙයක්ම මට​ සතුටක් විය​.

මොහොතකට පෙර ගෝස්ති පැමිනි දේවුෂ්කා, රියාල්, ෆේජි, ඊගර්, zසියාඩ් තාන්‍යා සියල්ලෝවම මට අමතක වී තිබිනි.

මගේ අරමුණු, එංගලන්ත සිහිනය මා වැදූ පිදූ දෙමාපියන් මට අමතක වී තිබුනි.

මා ඉදිරියේ සිටියේ zසෝයා පමනි! සිත පුරාම zසෝයා!

zසෝයා! zසෝයා!

(කොහොමද විනාඩි කිහිපයකින් කෙනෙක්ගේ ඉරණම වෙනස් වුනු හැටි. සත්තකින්ම එය මගේ ඉරණම වෙනස් කරපු මගේ ජීවිත ගමන වෙනස් කරවූ සනදිස්තානයකි)

සිතට උවමනාවක් දැනිනි. හමුවීම සතුට සනිටුහන් කරන්න ඔන වෙලා තිබුනි.

චකිතය නිසා ‘න්නෑ...නැත්තම් ඕන්නෑ, ලෙස කරබාගත්තෙමි.

‘’ච්තෝ (ඇයි) පච්චිමෝ තිඃ නිස්පකොයිනොයි, ආආ (ඇයි ඔයා අසහනයෙන් ආආ)’’ ලෙස මගෙන් ඇසුවේ, පැතිකඩ සිනහවක්ද පාමිනි.

ඇයට තේරිලා වගෙයි?​, මම ලැජ්ජාවෙන් ඇඹරුනෙමි. ඇගේ සුපුරුදු සිනහව ඇතිවම, මොහොතක් උපේක්ෂාවෙන් මා දිහා බලා ඉඳ,

මගේ කලව අතරින් තව තවත් මට​ ලංවුනු zසෝයා, එය මට​ ලබා දුන්නාය.

ඒ දේ මට ඇය දුන්නේ, මා ඇගෙන් එය නොඉල්ලාමය​.

zසෝයා තම ප්‍රතම හාදුව මගේ තොල්වල පතිත කලාය.

​ (ඇගෙන් පමනක් නොව, ජීවිතයේ මා ලැබූ පළමු හාදුවද එය විය) සීතල පසුබිමක ඒ උනුසුම් හාදුවක රසය &)&&)&$!!&$$' විය.

''කියන්න තෙරෙන්නැති එකට මං මොනව කරන්නද''

හිස් අවකාශයක පාවෙනවා වගේත් මට එවේලේ දැනිනි.

''ඒ මට ලැබුනු හාදුව ඇගෙන් සමුගෙන උක්‍රේනයෙන් මා පිටවෙන තෙක්ම මාව ආරක්ෂා කලේය.

අවසන් වචන පේලිය මා ඔබ ඉදිරියේ කැබුවේ, එක්තරා විශේෂ කරුණක් නිසයි.

ඊගර්ගේ සහායට ඉදිරිපත්ව මගේ අඩුව මකාලූ zසියාඩ්, මොකක්ක්දෝ ලෙඩක් නිසා සති දෙකක් පමන කාලයක් බෙහෙත් කල බවට ආරංචියක් මට පසුව දැනගන්නට ලැබුනා.

පසු වදන​'

මේ කතාව තුල මා ගොනු කරන්නේ, මා ඝෘජුවම සම්භන්ද වුනු, මා ආසන්නව ඉඳන් හෝ ඈත ඉඳන් දුටු, අසා දැන ගත්තු කාරණා හෝ වෙන යම් කරුණු අදාල කරගෙනයි. මේ කෙටි කතාව මා ලියා කිබෙන්නේ මට නිගමන් වූ සැටි ආදාල කරගෙනයි.

කතාව හෝ කතාවේ අඩංගු කරුණු සමඟ කවුරුන් එකඟ නොවේ නම්, එය ඔවුන්ගේ නිගමන් හෝ ඔවුන්ගේ මත වන අතර ඒ පිලිබන්ද මගේ තර්කයක් නැහ.

සැමට ජය,,,

1 comment: