(සත්‍ය සිදුවීමක් ඇසුරින්) |
අමායා, අමායා, අමායා, අමායා, අමායා.
ඒ, මසිත නිතර කියවන,
නිතර ජපකරන මන්ත්‍රයයි.
මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!
‘සිහින දෙවඟනයි!
මා හා මගේ වටපිටාව!
(පරිච්චේදය) 2
ඒ වනවිටත් වයස හතලිස් එකක්ව වී, පියාගෙන් උරුම ලද වෙළඳාම ජීවනෝපාය කරනෙ සිටි මා, දරු දෙදෙනෙකුගේ පියෙකි.
මගේ විවාහයට වසර දාහතරක් ගෙවී තිබුනු අතර වැඩිමල් පුතාට දහ තුනක්ද, දෙවන දුවට හතක්ක්වද වයස් පිරී තිබුනි.
මට විසි හතේ සිදුවුනු මගේ විවාහය දෙමාපියන් පිළියෙල කර දුන් එකකි.
වත් පොහොසත්, දේපළ හිමි මගේ කසාද බිරිඳ විවාහදා විසිතුන්වෙනි වියේ පසුවුනාය.
වතු පිටි දේපළ හිමි, වෙළඳාම වෘතිය කරගෙන සිටි ඇගේ පියා ප්‍රසිද්ද පුද්ගලයෙකි. තම නගරයෙන් ඔබ්බටද ඔහු ප්‍රසිද්දව සිටියේය.
පියාට සරිලන්න, ඇගේ මවද දේපළ උරුමක්කාරියකි. වතු පිටි ඉඩ කඩම් ඇයටද තිබුනි. ගමකින් නගරයයට විතැන්වූ පවුලක වූ මගේ නැන්දනීය ශෝභන ගති පැවතුම් හෙබී කාන්තාවක් වූවාය. අනුගමනය කරවානම්, ඇය ආදර්ශමත් ගෘහණියකි.
වැඩිමල් සහෝදරයන් දෙදෙනෙක්ද බාල සහෝදරයෙක්ද සිටි බිරිඳ, ඇගේ පවුලේ තනි ලමිස්සියයි. ඒ නිවසේ ඇය ‘රජ කුමරියයි’
රදළ පැවැත්මක් තිබුනු නිසාද, එයම ආභාශය
කරගෙන සිටි නිසාද, ඒ රදළ ගතාණුගති තුලම මගේ බිරිඳ කොටුවී සිටියාය. ඇගේ පවුල් පරිසරය ඇයට ලෝකයකි. භාහිර ලෝකය තිබුනේ, ඇගෙන් බොහෝ ඈතිනි.
තම පවුල් අභිමානය තරම් දෙයක් මගේ බිරිඳට නොතිබුනි. ඒ ගැන කියවන්න දින ගනන් වුනත් වැය කරන ඇය, කියවන අදහසකින් පොතක් අතට ගන්නවා කිසි දින මා දැක නැහැ. පත්තරයක් නං පවන් සලන්නවත් ගන්නේ නෑ.
(මම ඉස්කෝලේ යන කාලේ සතියකට පත්තර හතයි, මදිවට ඉන්දියාවෙන් එන දෙමළ කතා පොතුත් කියවනවා. දෙමළ හෝඩියේ අකුරක්වත් ඉගෙන ගත්තු නැති මං, දෙමළ කියවන්නේ සිංහල කියවනවා හා සමානවයි, ලියන්න නං බෑ)
තම පුවලේ නමට කැළැලක් ඇති වීම ඇගේ ප්‍රානයට යමක් සිදුවීම හා සමානව මගේ බිරිඳ දකී. මගේ නමට කැළලක් ඇති නොවීම පිළිබඳවත් ඇය සැළකිලිමත් වුනාය.
අගනුවරද, බිරිඳගේ නගරය ඇතුලුව තවත් තැන්වල දෙපළ ඇතිව, ස්තාවරව සිටි පවුලක ඉපිද, අගනුවර පාසලක අධ්‍යාපනය ලැබ, විදේශ අත්දැකීම් ඇතුලු ව්‍යාපාරික දැනුම් මට තිබුනද, මා අභාශය කරගත්තේ ගැමි පරිසරයයි. මා ප්‍රිය කලේ සැහැල්ලු දිවි පෙවෙතකටයි.
‘අනුන් නිසා නොවන, මගේම වූ ජීවිතයකට මා ප්‍රිය කරන්නෙකි’
ඒ මගේ පියාගේ ගමය, උපත අසල ගමේ ග්‍රාමීය රෝහලේම වී, ළදරු අවදිය මව තුරුලේම ගෙවුනද,
මගේ ළමා විය බොහෝ සෙයින් ගෙවුනේ නගරබදවය. ඒ අධ්‍යාපන කටයුතු නිසයි.
(අවශ්‍යම කාලයේ මා අහිමි කර ගත්තු ඒ සුන්දර ජීවිතය ගැන සාංඛාව මට තවම තිබෙයි)
පියාව විවාහ කරගෙන නගරයෙන් ගමට පැමිනි මගේ මව, තවත් ආදර්ශමත් ගෘහණියකි. අරපිරිමැස්මට, ගෘහස්ත කළමනාකරණයට ඇය පූර්වාදර්ශී ගෘහණියකි.
අවශ්‍ය කරන දෙයක් අප සොයා සිටින මොහොතක, ඒ සොයා සිටි, ඒ දේම, මව අපට අරගෙන දෙන්නේ අපව විමතියට පත් කරමිනි. ආරක්‍ෂා කර තබා ගන්නා ඇගේ පූරුද්ද, ඇගේ මතක ශක්තිය අපූරුයි.
සාමාන්‍ය පවුලක සිට උත්සාහයෙන් ඉදිරියට පැමිනි මගේ පියා, තම අවසන් කාලයේ දී නිතරම මට කීවේ, තමාගේ දියුණුවේ පසුපස සිටියේ මගේ මවම බවයි.
බාල සහොදරයන් තුන්දෙනෙක් මට සිටි අතර නැගැණියක්ද සිටියාය.
මගේ නැගැණියව පියා ආවාහ කර දුන්නේ වයිද්‍යවරයෙකුටය. නගරයේ ඇයට නිවසක් සාදා දුන් මගේ පියා, එදා තිබුනු නව පන්නයේ ලියාපදිංචි නොකල කාර් එකකුත් අරගෙන දුන්නේය.
‘පියාගේ කැමැත්ත අවසන් 'තීරණය' ව අප නිවසේ තිබුනු නිසාවෙන්, මගේ රුචිය අරුචිය ඔහු ඉදිරියේ පවසන්න මා මැළි වුයෙමි. මගේ සහොදරයන් කෙසේ වෙතත්, මා ඔහුට ‘බිය’ පුතෙකුව සිටියෙමි.
පසු කාලෙයේ පියාගෙ ව්‍යාපාර කරට ගෙන කටයුතු කරන්න සිද්දවුනේ මටයි. ඒ මා පවුලේ වැඩිමලා වූ නිසයි.
ව්‍යාපාරික ලෝකය සැමවිට එකමාකාර නොවූ අතර එය වෙනස්වන සුළු එකකි. නොයෙකුත් හේතූන් ඒකට පාදක වෙයි.
පෙර සැළසුමක් නොතිබීම, අධි තක්සේරුව, අනිසි කළමනාකරණය ව්‍යාපාරයක් වට්ටන ප්‍රධාන සාදක වෙයි.
කාලගුණික, දේශපාලනික විපර්‍යාස, සුනාමි, වසංගත වැනි හදිසි අවස්තා, ජාතික ආර්ථිකයම වෙනස් කරයි.
නව සොයා ගැනීම්, නව නැඹුරුතා වැනි නැවුම් ආකර්ශනද, නවක ජීවන රටා වැනි විශේෂ කාරණාද, ප්‍රවනතාවය උඩු යටිකුරු කරයි.
ඉකිං, අපේ ව්‍යාපාරයද හිටි හැටියේ කඩං වැටුනා. එයට, ඉහත කී කිනම් හෝ කාරණාවක් හේතු වෙන්න පුළුවන්,
නැතිනම්,
මුල් පරිපාළක (මගේ පියා) ගේ තිබුනු අත්ගුණය, ඔහුට තිබුනු ලැබීම, මට! හෝ අපට! ( මගේ සහොදර වරු ඇතුලුව) නැතිව ඇති යන අද්‍යාත්මික (හෝ මිත්‍යාව) කාරණාව හෝ හේතු වෙන්නත් ඇති, සමහරවිට.
ඒ කිසිත් නැතිනම්, සියල්ලට පරිභාහිර වූ අත්භූත කාරණාවක් මුල් වෙන්නත් ඉඩ තිබුනා. මට එහෙමත් සිතුනේ, අපේ ව්‍යාපාරය වැටුනු සැටිය නිසයි.
තම අවසන් කාලයේ දී “මා උපයා ගත් ධනය මා ඉදිරියේම නැති වී ගියා නේ” ලෙස මගේ පියා කනස්සලින් දොඩවූවේ වේදනා බර සිතකිනි.
නිවසේ වාහන දෙකක් තිබී, එවා මාරුවෙන් මාරුවට පදින්න වූ මම පසුව ගමන් ගියේ පොදු ගමනා ගමන සේවයෙනි.
බිරිඳ ළමයි හා එක්ව ගමන් යාමේදී, මා ඇගේ වාහනය භාවිතා කලෙමි.
මගේ අත්තා මගේ අම්මාට දෑවැදි දුන් ව්‍යාපාර ස්තානයක් ඇරෙන්න සියල්ලම අපට නැතිවිනි. ‘සහොදරවුන් එක්ව සුළු ව්‍යාපාරයක් කරගෙන යනවාය’ ලෙස මා පෙර සඳහන් කලේ, ඒ ස්තානය ගැනයි.
අපේ අනපේක්ෂිත ආර්තික කඩා වැටීමෙන් ගොඩ ඒම අරඹයා, මගේ බිරිඳගේ පියා මෙන්ම මගේ බාල සහොදරයෙකුගේ පවුලේ අයද අපට උර දුන්හ.
කඩා වැටීම නැවැතුනු නමුත් ගොඩ ඒම පහසු කාර්‍යයක් නොවින.
අප කෙමෙන් කෙමෙන් උඩුගම් බලා පීනුවෙමු,,,
(ඉතිරිය අමායා මගේ සිහින දෙවඟන 3 )
No comments:
Post a Comment