Saturday, December 11, 2021

අමායා මගේ සිහින​ දෙවඟන 1

(සත්‍ය සිදුවීමක් ඇසුරින්)


අමායා, අමායා, අමායා, අමායා, අමායා. 
ඒ, මසිත නිතර කියවන, 
නිතර ජපකරන මන්ත්‍රයයි.
 

මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!

‘සිහින දෙවඟනයි! 




කෙටි පනිවුඩය!


(පරිච්චේදය) 1


එදා, දෙදහස් එකොළහ ජූනි විසිතුන, උදෑසන අට පසුවී විනාඩි විස්සයි. ඒ හරියටම ඇගේ විසිවෙනි උපන් දිනය ගෙවී දින දහ හතයි,


සහෝදරවරුන් හා එක්ව මා පවත්වාගෙන ගිය ව්‍යාපාරයේ සුපුරුදු උදෑසන කටයුතුවල නියලී සිටියෙමි. කිසි උවමනාවක් නිසා දුරකතනය අතට ගන්නවූ මට, නෙත ගැටුනේ, ඒ කෙටි පනිවුඩයයි.


(ඒ දිනවල එය 'ටිගෝ’ ජාලයයි) ටීගෝ ජාලයේ මිත්‍ර සමාජය හරහා මා වෙත ලැබී තිබුනු කෙටි පනිවිඩයකි,


‘අමායාගෙනියි’


(ඒ දිනවල, ස්මාර්ට් ෆෝන් භාවිතාව අවමව​ තිබුනි. මා භාවිතා කලේද ‘සම්සුන්ග්, කලර් ඩිස්ප්ලේ’ එකක්. එනිසා ‘වට්සප්, වයිබර්’ වෙනුවට ‘එස්.එම්’ එස් භාවිතාවයි, ගොඩක් දෙනෙක් අතර තිබුනේ)


‘අමෘතයකක්ව දැනිනි’


ඔය මිතුරු ජාලයන් හරහා ඔවැනි ඇරයුම් සාමාන්‍යයෙන් ලැබෙනවා. අපද ඔවාට සාමාන්‍යයෙන් ප්‍රතිචාර කරනවා. සමහරකට පිළිතුරු දෙනවා සමහරක් මගාරිනවා. ඒ, හිතට දැනෙන විදිහ.


හැඳිනුම් කමක්, කවුද, කොහේද, කින්ද මන්ද, කිසිත් නොදත් කෙනෙක් සමඟ, හිටි හැටියේම කතා කරන්න ලැබීම සතුටක්, ඊට වඩා කුතුහළයක්,


‘මේ ඇරයුමේ තිබුනු විශේෂය කුමක්ද?’


‘ඒ කෙටි පනිවුඩය මා ආකර්ශනය කරන්න වූ කාරණය කුමක්ද?’


‘ඒ ඇගේ නමයි, එය තුල මා දුටු මිහිරයි’


‘අමායා! නමයි මාව ආකර්ශනය කරේ.


‘අමායා’ තරම් මා ප්‍රිය කල වචනයක් නැති තරම්.


'ප්‍රතමව​ තම නමින් ‘අමායා’ මාව ආකර්ශනය කලාය​!





No comments:

Post a Comment