මැයි පළවෙනි දිනය ගැන කියවෙනවිට අපට මතක් වෙන්නේ අග නගරයේ වීදියෙන් වීදියේ පැවත්වෙන පෙළපාලිය. කම්කරු අයිතීන් වෙනුවෙන් සටන් පාට කියන පෙළපාලි කරුවන්‍ය. රතු ඇඳගත්තු ගැහැණුන් පිරිමින්ය. ඔවුන් කම්කරුවන්‍ය. නැත්නම් ඔවුන්ගේ සෙනෙහවන්තයන්ය.
වේදිකාව මත නැග තම ස්නේහය පෙන්වන නායකන්‍ය.
කම්කරුවා ආර්තිකයට ප්‍රධාන සාධකයය...කොඳු නාරටියය...ඔහු රජුය...නෑ...නෑ...ඊටත් එහාය...රජුගේ අප්පොච්චිය...හිසපුපුරන හිරු රශ්මිය තිබියදීත් කම්කරුවාගේ ගත සිත සීතල වෙලා යන්නේය. කම්කාරිය ලේන්සුවෙන් කඳුලු පිස දාගන්නීය...මෙතරම් මිහිරි වදන් තම ආදරවන්තියගෙන් හෝ ආදරවන්තයාගෙන් පවා ඔවුන් අසා නැත. උන් හිටි තැන් අමතක කරන්නෝය...තවදඋරහිස මත අත යවා ලං කර ආදරයෙන් වැළඳගන්නා නායකයන්‍ය. විහිළු තහළු කරන නායකයන්‍ය. මෙවන් නායකයන් දැක ඇඟ සීතල වී ඇඟ කිලිපොලංවෙලා යන කම්කරුවන්‍ය...
මෙතරම් මිත්‍රජනක ජනතාවාදී නයකයෙක්ද? යන වග සිතා නහයේ අත තබන කම්කරුවන්‍ය. සක්කරයා තම ඉදිරියේ වත්ද ලෙස දකින සමහර කම්කරුවන්‍ය. එදින කම්කරුවන්ගේ අයිතීන් උපරිමව සපිරෙයි. සතුට පිරී ඉතිරෙයි 'සුරාමේරේ' අමතක වෙයි. 'මත් පැන් භාවිතය ශරීර සෞක්‍යයට අහිතකරයි' ලේබලය කියවන්න කාලයක් නැති කම්කරුවන්‍ය. ඒවා ලබා දී කම්කරුවන් සතුටු කර ඔවුන්ගේ දූ දරුවන්ගේ අනාගතය සුරකින සැබෑ නායකයන්‍ය. ඔවුන් මිහිපිට ඉන්නා සක්කරයන්‍ය.
රොෂේන් චානක රත්නසේකර කම්කරුවෙක්‍ය. ඔහු කටුනායක කර්මාන්තපුරයේ කර්මාන්ත සේවකයෙකු විය. එවිට ඔහුට වයස අවුරුදු 21 කකි. ඔහුද සතුටින් පිරුනු අනාගතයක් ගැන පෙරුම් පිරුවේය. 2011 වසරේ ජූනි මස ඇති වූ වර්ජනයකට ඔහු සහභාගී වූයේ තම අනාගතය සුරක්‍ෂිත කර ගැනීමට සිතාගෙනය. ඔහු දිවි පිදුවේ කම්කරු අයිතීන් ඉල්ලා වර්ජනය කිරීමට යෑමේ දීය. දිවි පිදුවේ පොලිස් වෙඩි පහරකට හසු වීමෙන්‍ය. ඔහුගේ ජීවිතය නැතිවුනේ දනහිසකට වෙඩිවැදී පැය දෙකක කාලයක් රෝහලකට නොගෙන යාම නිසාය. පොලිසිය ඔහුගේ වෛද්‍ය වාර්තාව තවවෙනතුරු මාද්‍යයට නිදහස් කර නැත.
පොලිසියද සෙනෙහෙවන්තයෝය...නායකයන්ගේ සෙනෙහෙවන්තයෝය...නායකයන් කම්කරුවන්ගේ සෙනෙහෙවන්තයන්‍ය...රොෂේන් චානක දිවි පිදුවේ ඒ සෙනෙහෙබර කම නිසාමය...ඔහුගේ ලේ වහනය වෙන්න ඉඩ දී බලා සිටි සෙනෙහෙවන්තයෝ නිසාය...සැමෝමම සැමෝටම සෙනෙහෙවන්තයෝය...+ යි +යි එකතුව + ම වන නිසා කම්කරුවා ධනාත්මකවම සිතා රොෂේන්ගේ මරනය අමතක කළ යුතුයි.
රටේ සෙසු නගරවල බස් නැවතුම් පොලවල ගමන් මලු කර තියාගෙන නොඑන බස් එනතුරු බලා සිටින මගීන්‍ය. ඒ කම්කරු අයිතීන් සුරකින්න ජාතික ගමනාගමන සේවයේ බසුත් පෙළපාලි ගිහින් ඇති නිසාය. ඒ කම්කරුවන්ට ඇති ආදරය නිසාය. ආදරය වැඩිකමට පෞද්ගලික බසුත් පෙළපාලි යන්නේය. එදාට කම්කරු අයිතීන් උපරිමව සුරකින්නේය. සෙසූ ජනයාගේ අයිතීන් දුරකින්නේය...+ හෝ - හෝ වේවා එය + ලෙසම සිතා සෙස්සන් විඳ දරා සිටිය යුතුමය...
මොකද මෙය කම්කරුවන්ගේ දිනය නිසාමය...කම්කරුවාගෙ අයිතීන් සුරැකීමේන් සෙසූ සියල්ලන්ගේම අයිතීන් සුරැකෙන නිසාය...නායකයන් ජනතාවාදී නිසාමය...අද දිනය කම්කරුවාට නම් තව දිනයක් අනිකුන් වෙනුවෙන් ඇති කර ගනීයි...කම්කරුවාට පිදූ ඒ තාන්න මාන්නම නායකයන් ඒ දිනයේ දී සෙස්සන්ට පුදයි...එ නිසා දුකක් නැත... ජනයා සැමදා සතුටින්‍ය...දුක් විඳින්නේ නායකයන්‍ය.
අද ලියමන හොඳයි. සමාජ යථාර්තය ගැන තමන්ගෙම අදහස් මේ විදිහට ලියන අය තමා වටින්නෙ.
ReplyDeleteස්තූතියි
Deleteඔවු ඔවු හොදටම හොදයි. තමන්ගෙ අදහස් මොනව වුනත් කිසිම සීමාවකින් කොටු නොවී නිදහසේ මෙහෙම ලියන්න.
ReplyDeleteස්තූතියි
Deleteකම්කරු කියන ගණයට අයත් වෙන්නේ නැති වැඩකරන අය කවුරුන්ද බන්?
ReplyDeleteඑහෙම සඳහනක් ලිපියේ නෑ, ඔබ ඒ ප්‍රශ්නය මගෙන්ද නැගුවේ?
Deleteශ්‍රමය විකුණල ජීවත් වෙන කම්කරුවෝ කීයක් අද පෙලපාලි වලට සහභාගි වෙයිද?
ReplyDeleteරැකියා ස්ථානයේ තමුන්ට නියමිත රැකියාව නොකරන නමුත් සමාජය විවේචනයේ යෙදෙන රැකියා සුරක්ෂිත මාස් පඩි කාරයෝ කීයක් අද පෙළපාලි වලට යයි ද?
අම්ම තාත්ත / බිරිඳ උපයෙන දෙයින් යැපෙන විප්ලවවාදීන් කීයක් පෙළපාලි වල මුලින් යයි ද?
අපේ මිනිස්සු කවදා මේක තේරුම් ගනීවිදෝ?
Deleteඅද හැමෝම කම්කරුවන්ට හරීම අාදරෙයි නේද උන්...........................
ReplyDeleteආදරෙයි, ආදරෙයි........කුරුටු ගී
Deleteවැඩකරන ජනයාගේ සුන්දර දිනයක් වන අද දිනයේ දේශපාලුවා විසින් බලෙන් තම පක්ශය වෙනුවෙන් වහල් සේවයේ යොදවන පජාත දවසක්.
ReplyDeleteඅද අප වෙනුවෙන් එදා දිවි කැප කළ ඔවුන්ට උපහාරය..!!
ඔවුන් විකුණන් කන අද උන්ට බඩපලයව්..
තමන් ගොනාට ඇන්දෙන බව අපේ මිනිස්සුන්ට කවද තේරෙයිද?
Deleteකම්කරුවෝ මතක් වෙන එකම එක දවස අදනේ.. ඒකත් ඉතින් තියෙන නිවාඩුවේ උගුර අප්සට් වෙනකන් කෑ ගහන්න කොහේ හරි එක්කන් යන්න තමයි ලොක්කෝ දන්නේ..
ReplyDeleteඔව් දිනේෂ්, උගුර වේලෙනකම් කෑ ගහන එක විතරයි ඉතුරු...
Deleteකම්කරුවෝ මතක් වෙන එකම දවස 1st of May
ReplyDeleteකම්කරු නායකයො නම් කම්බ හොරු හුඟක් තැන් වල.
ReplyDeleteමගේ දිහාවටත් පැමිනීම මගේ සතුට.........
Delete