Wednesday, December 22, 2021

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 7

  "විසිනව​ වසක් හද​ ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව​ සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු,  සුන්දර අතීතය තුල ​ඔබද රඳවාගන්නයි''


"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"
සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 6

මගේ පිඹුරුපත !

(පරිච්චේදය) 7

මුවකින් නික්මෙන වචනය පෙළක බලගතු බව මාව විමතියට පත් කලේය. ඒ වචන කිහිපය ඇගේ සිතේ ගැඹුරට. කා වැදිලා, ඒවා එහි පැලපදියම් වෙලා බව මට පසුවයි තේරුනේ.

කාලයක් තිස්සේ අපි අතර හුවමාරු වුනු වචන​, සංවාද එකින් එක ගෙතිලා, ඒ එකලැස් වූ ඒ කාරණා ඉඟියන්, පනිවිඩයන් වෙලා, ඇයට මා ගැන අභිප්‍රායක් ඇති කරලයි තිබුනේ.

zසෝයා නිතරම වගේ මගේ ඇස් දෙක වර්ණනා කරන්නත් පුරුදුව සිටියා, දුඹුරුවට තිබුනු මගේ ඇස් ලස්සනයි කියන එක ඇය කියලයි මං දැන ගත්තේ.

තාන්‍යාත් ඒ බවක් කියනවා මට මතකයි. තාන්‍යාගේ මිතුරිය (වරක් හෝ දෙකක් අපට උගන්නලා තියෙන) ඉරීනාත් මගේ ඇස් වර්ණනා කලා.

මට මදෑ ඕක, ඉතිං තරමක අහංකාර කමකුත් ඇතිවුනා​.

''යකෝ, කොල්ලෙක් කෙල්ලෙක්ව වර්ණනා කරන එක සාමාන්‍ය දෙයක්. උඹ මොන -ත්තෙක්ද (සමාවෙන්න​ අපේ සාමාන්‍ය ව්යවහාරය ටිකක් භාවිතා උනා)​

'එහෙනං උඹ කලේ, බොරුවක්ද? අයි ඇයට ආපහු මොකුත් නොකියා සිටියේ ?'ලෙස සමහරුන් මගෙන් අහන එකත් මට තේරෙනෙවා.

'බොරුවක් ඕනේ නෑ, zසෝයා හැබෑවටම ලස්සනයි, ඇය පිළිබඳ අදහසක් මට ඇතිවෙලා තිබුන් නැති එකයි කාරණේ'

මට එහෙම අදහසක් නොඑන්න වූ කාරණා තිබුනා, ප්‍රතම කාරණාව වුනේ, මගේ පිඹුරුපතේ මගේ අවසන් ගමනාන්තය ලෙස තිබුනේ උක්‍රේනය හෝ චීනය නොව එංගලන්තයයි.

තව මාස දෙකකින් එළඹෙන ගිම්හානයේ අංග්ලීස්කි (එංගලන්ත) වීzසා වක් ලබා ගන්න නම්, මම​ ගෙම්බෙක් (උක්‍රේනය හරහා යුරෝපයට පැනගන්න පැමිනෙන පිරිස, ඒ දිනවල හැඳින්නවූ වචනය) නොව, ‘ශිශ්‍යයෙක්’ බවට තහවුරු කර ගන්න උවමනයි.

ඒකට​ හොඳට රුzස්කි (රුසියානු) ඉගෙනගෙන එය සරලව කතා කරන අවශ්‍යතාවයක් තිබුනා.

ඒ නිසාම, අපේ දෙකාන් (පීඨාධිපති) ගේ උපදෙස් (ඒ උපදේසය දුන්නේ අපිත් එක්ක එකට ඉඳන් බොන අවස්තාවකයි) වුනේ ඉක්මනට රුසියානු ඉගෙන ගන්න නම්,

රුසියානු කෙල්ලෙක් යාළු කරගන්නා ලෙසයි.

ඒ ප්‍රධාන කාරණාවට අමතරව, ඉතාම සංවේදී මං මොනව හරි රෙද්දක පැටලූනා නම්, ගලවනකොට ඉරෙන්නේ රෙද්ද නෙවෙයි මගේ පපු කැත්තම​ බව මා හොඳින් දැන සිටියා.

එහෙයින්, ඉතාමත් කල්පානාකාරීව තීන්දු තීරණ​ ගන්න මා සැළකිලිමත් වුනා.

අපේ රුzස්කි යෙzසික් (රුසියානු භාෂා) පංති කාමරය තිබුනේ අපේ හොස්ටල් එකේමයි. ලැබෙන සුළු විරාමයක දී පවා අපේ සාලයට දුවං යන පුරුද්දක් මට තිබුනා.

එයින් කෝප්පි කෝප්පයක් බීලා සිගරට් එකක් දල්වා ගන්න මට අවස්තා සැලසෙනවා.

සිකුරාදා පංති ඉවරවුනු ගමන්ම අපි ලාංකිකයෝ තුන්දෙනාම 'දැපේ' නමින් හැඳින්වුනු ප්‍රධාන නගරයේ ඇති අපේ රටේ යාලුවන්ගේ හොස්ටල් එකට යනවා. අපි ආයේ අපේ හොස්ටල් එන්නේ ඉරුදින රාත්‍රියේයි.

එයින්, zසෝයා මුන ගැසීමේ හෝ ඇය පිළිබන්ද සොයා බැලීමේ අවස්තා මට​ නැතිව තිබුනා. එහෙම විශේෂ උවමනාවක් මට තිබුනෙත් නෑ.

zසෝයා ගැන මම සොයා නොබැලුවාට, ඇය ගැන සොයා බැලූ තොරතුරු එක්ලැස් කරපු කෙනෙක් අපේ හිටියා, ඒ තමයි අපේ ෆේජී.

ඇත්තටම zසෝයා ගැන නෙමෙයි, මට පොඩි පහේ ආසාවක් ඇති වී තිබුනේ, ඒ අපේ ක්ලාස් එකේම හිටිය යංඪනීයි zසෝයාගේම යාළුවෙක් වූ ''යංඞ්නී'' ට මට පොඩිපහේ ඇල්මක් තිබුනා.

එයා කුඩාවට හුරුබුහුටිව පෙනුනු නිසයි ඒ ඇල්ම. චීන බෝනික්කියක් වාගේ පෙනුමට හිටී ඇය හොඳයි කියල හිතුනා විතරයි.

ඇයට වචන යොමු කරන්න, ඇරයුම් කරන්න​, හීන මවන්න කිසි දෙයක්කට මම ගියේ නෑ. මා මෙතන කියන්න එන්නේ, යංඞ්නී වෙත මට ඇති වී තිබුනු ඇල්ම පවා zසෝයා වෙත මට ඇති වී නොතිබීම පිළීබඳවයි.

සැරයක්, මට හිත ගිය මාලිගාව (යංඞ්නී) ගැන නිකමට යාළුවන්ට කියන්න ගියා

''අම්මෝ! උඹට යහතින් ගෙදර යන්නෝන්නැද්ද​? චීන්නු රෝත්තම එයි උඹව කම්බස් කරන්න​''

යාළුවෝ එකිනෙකා මාව බය කරන්න පෙළෙඹුනා.

''ඔන්න ඔව්ව අත් ඇරලා රුස්කියක් දාගනින්'' යාළුවෝ උපදෙස් දෙන්න වූහ.

එක පාරටම මට අපේ පංතියේ සිටි සාෂා! zසව්දුංග්! ඌචැන්ව! ලාව මතක් වෙන්න ගත්තේ, යාළුවොන්ගේ ඒ කතාවෙන් පස්සෙයි.

අහිංසකයෝ වගේ හිටියට චීන අඩි! කරාටේ! කුංෆූ! වලින් ඔවුන් මට නෙලාවි දෝ කියල හිතුනි. රුසියානුවොත් ඒ දවස්වල බයයි චින්නුන්ට​. ඇයි, ජැකී චෑන්, ජෙට්ලීලගේ පිචර් බලනවනේ.

No comments:

Post a Comment