Saturday, December 11, 2021

අමයා මගේ සිහින දෙවඟන​ 8

 අමාය මගේ සිහින දෙවඟන​ 7

(සත්‍ය සිදුවීමක් ඇසුරින්)


අමායා, අමායා, අමායා, අමායා, අමායා. 
ඒ, මසිත නිතර කියවන, 
නිතර ජපකරන මන්ත්‍රයයි.
 

මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!

‘සිහින දෙවඟනයි! 


යථාර්තය!


(පරිච්චේදය) 8


සතියක් ගෙවී ගියත් අමායොගෙන් පිළිතුරක් මට නොලැබුනි. ඇමැතුම් ගැනී⁣ම මා සාමාන්‍යයෙන් නොකරන මුත් මා එයද කලෙමි. ඇගේ අංකය වැඩ නෑ, දුරකතනය නිවා දමා තිබුනි.


සතියකින් පමන පසු, රාත්‍රි නින්දේ සිටි මට ඇහැරුනේ, ඒ ශබ්දය නිසයි. වෙලාව බැලුවෙමි, මධ්‍යම රාත්‍රියේ 3 යි. ශබ්දය නිකුත්වුනේ මා අසල තබාගෙන නිදා සිටි මගේ දුරකතයෙනි. ‘එස්.එම්.එස්’ පනිවුඩ හඞයි.


වතාවක් දෙකක් නෙවෙයි තිස්තුන් වතාවක් එය නාද විය. ඒ පනිවුඩ 33 ක් පිළිබඳ කරන දැනුම් දීමයි. අරං බැලුවෙමි.


ඒවා අමායා මට එවා තිබුනු පනිවුඩ නෙවෙයි. ඒ මං ඇයට එවූ පනිවුඩ ඇයට ලැබී ඇති බවට, එහෙමත් නැත්නම්, ඇය ඒවා විවෘත කර ඇති බවට තහවුරු කරන ඇඟවීම් පෙළයි.


මට දිග හුස්මක් පිට විය. සතියක් තුල සැරින් සැරේ අමායාට මා එවූ කෙටි පනිවුඩ ඇයට ලැබිලාය.


එයින් එකුදු පනිවුඩයක් හෝ වචන 100 කින් අඩුව ඒවා නොවෙයි.


දැඩි සාංඛාව මැද්දේ, පෑරුනු සිතකින් මා ලියූ ලිපියන් තමයි කෙටි පනිවුඩයන් ලෙසින් මේ පාන්දර ජාමේ අමායා අතට පත් වී තිබෙන්නේ.


ඒ පනුවුඩ එකින් එක කියවන්න පැයක්වත් ඕනේ, ඒත් අමායා,,,


කියන කියනකොටම,,,


‘හරියට​ පැය බාගෙකින්,


මා බලාපොරොත්තු වූවා සේම​,


කෙටි පනිවුඩයක් ලැබින,


ඒ අමායාගෙන්මනි!


'තනි වාක්‍යයක්!


යොමුකල​ ප්‍රශ්නයක්!


හදවතට දැනිනි!


අමයා හදවතින් කතා කර තිබුනාය​!


ප්‍රතම වතාවට!​


“ඔයාට විකාරද?”


සමාප්තයි…


පසු වදන,


‘දෙවඟන’ කතාවේ මා යොදා ගත්තේ, ශීර්ෂය සරසන්නත්, කතාවේ අලංකරණය පවත්වා ගන්නත් තිබුනු උවමනාව නිසයි. දෙවඟනුන් පිළිබඳ මගේ පිළිගැනීම එයම නොවෙයි.


*මේ කතාවේ එක් විශේෂ දෙයක් තියෙනවා, තේරුන කෙනෙක් ඉන්නව නම්, ප්‍රතිචාරයකින් කියන්න.  හිතට එකඟව පිළිගන්නම්.


සමාප්තයි.

2 comments:

  1. ඔබ වසරක කාලයකට පසුව ලියන්නට පටන් ගැනීම පිළිබඳව අපගේ බලවත් සතුට. පසුගිය කාලය පුරාවට ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ "පුරා වස්තු - වසර 1 - 3 නොලියවුනු" කොලමේ දක්වා තිබුනි. දැනට එය "කැටපත් පවුර" කොලමේ දක්වා ඇති බව සතුටින් දන්වා සිටිමු. දැනට අවකාශයේ පවතින මෙරට විශාලතම බ්ලොග් ප්‍රමානයක් වෙත ලඟාවිය හැකි වන්නේ අපගේ බ්ලොගය තුලිනි. එයට ගොඩවැදී බලන්න. අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය තුල ප්‍රචාරණයක් ලබා දෙන්නේ නම් එය ඉතා අගය කොට සලකමු. එසේම මේ ඇරඹුම දිගටම අඛණ්ඩව පවත්වාගෙන යනු ඇතැයි අප උදක්ම විශ්වාස කරණ්නෙමු!

    ReplyDelete
  2. අපගේ සින්ඩියේ ඔබට ඉඩක් වී ඇත! ගොඩවී බලන්න - කැටපත් පවුරේ!

    මේ දැනට ක්‍රියාත්මක වැඩිම වපසරියක් තුල පැතිරුණු සින්ඩියයි. බ්ලොග් 1150 ක්!

    අළුතින් බ්ලොග් ලියන්නන් සඳහා වෙන්වුනු "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමට ගොඩවී දුහුනන්ගේ මැවුම් සඳහා දිරි දෙන්න අමතක කරණ්න එපා!

    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දීමට කාරුණික වන්න!

    ReplyDelete