Showing posts with label අමායා. Show all posts
Showing posts with label අමායා. Show all posts

Saturday, December 11, 2021

අමයා මගේ සිහින දෙවඟන​ 8

 අමාය මගේ සිහින දෙවඟන​ 7

(සත්‍ය සිදුවීමක් ඇසුරින්)


අමායා, අමායා, අමායා, අමායා, අමායා. 
ඒ, මසිත නිතර කියවන, 
නිතර ජපකරන මන්ත්‍රයයි.
 

මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!

‘සිහින දෙවඟනයි! 


යථාර්තය!


(පරිච්චේදය) 8


සතියක් ගෙවී ගියත් අමායොගෙන් පිළිතුරක් මට නොලැබුනි. ඇමැතුම් ගැනී⁣ම මා සාමාන්‍යයෙන් නොකරන මුත් මා එයද කලෙමි. ඇගේ අංකය වැඩ නෑ, දුරකතනය නිවා දමා තිබුනි.


සතියකින් පමන පසු, රාත්‍රි නින්දේ සිටි මට ඇහැරුනේ, ඒ ශබ්දය නිසයි. වෙලාව බැලුවෙමි, මධ්‍යම රාත්‍රියේ 3 යි. ශබ්දය නිකුත්වුනේ මා අසල තබාගෙන නිදා සිටි මගේ දුරකතයෙනි. ‘එස්.එම්.එස්’ පනිවුඩ හඞයි.


වතාවක් දෙකක් නෙවෙයි තිස්තුන් වතාවක් එය නාද විය. ඒ පනිවුඩ 33 ක් පිළිබඳ කරන දැනුම් දීමයි. අරං බැලුවෙමි.


ඒවා අමායා මට එවා තිබුනු පනිවුඩ නෙවෙයි. ඒ මං ඇයට එවූ පනිවුඩ ඇයට ලැබී ඇති බවට, එහෙමත් නැත්නම්, ඇය ඒවා විවෘත කර ඇති බවට තහවුරු කරන ඇඟවීම් පෙළයි.


මට දිග හුස්මක් පිට විය. සතියක් තුල සැරින් සැරේ අමායාට මා එවූ කෙටි පනිවුඩ ඇයට ලැබිලාය.


එයින් එකුදු පනිවුඩයක් හෝ වචන 100 කින් අඩුව ඒවා නොවෙයි.


දැඩි සාංඛාව මැද්දේ, පෑරුනු සිතකින් මා ලියූ ලිපියන් තමයි කෙටි පනිවුඩයන් ලෙසින් මේ පාන්දර ජාමේ අමායා අතට පත් වී තිබෙන්නේ.


ඒ පනුවුඩ එකින් එක කියවන්න පැයක්වත් ඕනේ, ඒත් අමායා,,,


කියන කියනකොටම,,,


‘හරියට​ පැය බාගෙකින්,


මා බලාපොරොත්තු වූවා සේම​,


කෙටි පනිවුඩයක් ලැබින,


ඒ අමායාගෙන්මනි!


'තනි වාක්‍යයක්!


යොමුකල​ ප්‍රශ්නයක්!


හදවතට දැනිනි!


අමයා හදවතින් කතා කර තිබුනාය​!


ප්‍රතම වතාවට!​


“ඔයාට විකාරද?”


සමාප්තයි…


පසු වදන,


‘දෙවඟන’ කතාවේ මා යොදා ගත්තේ, ශීර්ෂය සරසන්නත්, කතාවේ අලංකරණය පවත්වා ගන්නත් තිබුනු උවමනාව නිසයි. දෙවඟනුන් පිළිබඳ මගේ පිළිගැනීම එයම නොවෙයි.


*මේ කතාවේ එක් විශේෂ දෙයක් තියෙනවා, තේරුන කෙනෙක් ඉන්නව නම්, ප්‍රතිචාරයකින් කියන්න.  හිතට එකඟව පිළිගන්නම්.


සමාප්තයි.

අමයා මගේ සිහින දෙවඟන 7

 අමාය මගේ සිහින දෙවඟන​ 6

(සත්‍ය සිදුවීමක් ඇසුරින්)


අමායා, අමායා, අමායා, අමායා, අමායා. 
ඒ, මසිත නිතර කියවන, 
නිතර ජපකරන මන්ත්‍රයයි.
 

මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!

‘සිහින දෙවඟනයි! 


ප්‍රතම හමුවීම!


(පරිච්චේදය) 7


ඒ ඉරුදිණ​ උදාවිය,


‘තෑග්ගක් ගන්න උමනා වූ තිබුනු නිසා, කාලය ටිකක් ඉතිරිව තියාගෙනම මම නුවර ගියා!


‘අමායා මොනවා එපා කීවත් රත්තං වලට ගැහැණු කොහොමත් ආසයි නේ!


‘චේන් එකකුයි, A අකුර කොටාපු පෙන්ඩන් එකකුයි මහනුවරින් මං ගත්තා’


‘අග හිඟ කං මට තිබුනත් අමායා වෙනුවෙන් මේ දේ කරන්න මට ඕනම වුනි’


‘ඒක මට සතුටක්!


“අනික හිස් අතින් යන්න පුළුවන්ද පළමු වතාවට? කොච්චර එපා කීවත් බලාපොරොත්තුවක් තියේවිනේ” කල්පනා කලෙමි.


අහවල් දිනට හමුවෙන්නට එන බව පවසමින්,


“ඔයාට මගෙන් මොනාද ඔනේ” ලෙස මා ඇසූ වේලේ,


“ඔයා විතරමයි” ඇගේ පිළිතුරයි.


‘නැවතත් මා ඇසූ විට’


“ඔයා විතරමයි” අමායා කීවාය​.


(පේරාදෙණිය වටරවුම පහු කරගෙන ගලහ පාරට අතුල් උනා විතරයි, පරිසරය එහෙම් පිටින්ම වෙනස් විය. ඈතක නොවෙන්න පාර දෙපැත්තෙම වවා තිබුනු පයින් ගස්, කොන්ඩේ දනහිස තෙක් වවාගෙන හිටං ඉන්න යොදියෝ වගේ පෙනිනි)


“මට මොනාද ඔයා දෙන්නේ” ලෙස මා ඇගෙන් ඇසූ විට,


“අමතක නොවන දෙයක්” තනි වාක්‍යකින් පිළිතුරු දුන්නාය​.


‘ඇය මට මොනව දෙන්න තබාගෙන ඉන්නවා ඇත්ද​? කුතුහළය හිතේ තබාගෙන වාහනය පදින්න විමි’


(පේරාදෙණිය බැලූ බැලූ හැම අතෙම කොළ පාටින් දිස්විනි. සරුවට වැවුනු ලොකු පොඩි ගස් වැල්, වටකරගෙන තිබුනු කොළ පාටින්ම පෙනුනු නකල්ස් කඳුවැටිය, පේරාදෙණියටම ආවේනික ඒ සෞම්‍ය පරිසරය, ගත සිත කළඹන්න විය)


'අමායා මාව පිළිගනීවිද? චකිතය, මා අතැර ගියේම නෑ.


(පොකුනක් සහිත විශාල වටරවුම මා පසු කලෙමි. දීගට අතු බෙදී තිබුනු ‘ලෝප්‍රකට’ අර ගස මට හමුවුනි)


විශ්ව විද්‍යාල පරිශ්‍රයට මා ඇතුලු වී සිටියෙමි.


පේරාදෙණි වාසිටිය, උද්‍යානයක්ව පෙනුනි.


‘තැනින් තැන, සෑම තැන කෙළිලොල් වියේ පසුවන තරුණ තරුණියෝ!


‘බැගයන් කරේ එල්ලං උකුළු මුකුළු පාමින් ඇවිදං යන තරුණියන්!


‘එකිනෙකාට විහිළු කරමින් කෑ කෝ ගසන තරුණයන්!


පරන සරමක් පාට සේදුනු කමිසයක් ඇඳගෙන පරිසරය සුද්ද පවිත්‍ර කරන සෙවකයන්!


‘සාරියක්, ෂල්වාරයක්, කලිසමක් ෂර්⁣ට් එකක් පැළඳ ඉක්මන් පයිං යන දෙශක දෙශිකාවන්!


(ලැජ්ජාවක් දැනුනත් නොකියා බැරි නිසාම, මා අද පැමිනියේ බිරිඳගේ ‘ටවුන්ඒස්’ වෑන. එකෙන්)


‘මා හිල්ඩා ශාලාව අසලයි’


(හිල්ඩා ශාලාව’ අමායා මට සළකුනක් හැටියට කියූ ⁣තැන)


‘අංගනයේ වෑන් රථය නවතා, මා බැස ගතිමි’


‘වට පිට බැලුවේ, මිනිස්සු ඉන්නවද බලන්නයි’


“නොදනින් යකෝ! මිනිස්සු නොඉඳීවියැ වාසිටියක් උනාම?”


(ඒ, මගේ යටිහිත මගේ හිතට බැන වැදුනු ආකාරයයි)


‘මං අද හොරෙක් වගේ දැනුනි!


‘මගේ වාසනාවට දෝ කොහේදෝ එතරම් සෙනඟක් හිටියේ නෑ අද!


‘අද ඉරිදා නේ? සැනසීමෙන් කියවිනි.


‘⁣කවුරුත්ම නොහටිය නම්!


‘හදිස්සි උවමනාවක් නිසා අමායා ගෙදර ගිහින් තිබුනා නම්!


“මොකටද ආවේ” කියල, ලෙක්චර්ස්ලා මගෙන් අහයිද?’


(ඔය වගේ ගොන් සිතුවිලි කාලෙක ඉඳන් මට තියෙනවා)


‘සිතේ ගැස්ම වැඩි වන්නට විය!


‘පපුව ගැහෙන්න විය!


‘මං කරන දේ හරිද?


‘අමායා පොඩි ළමයෙක්නේ?’


‘මිනිස්සු මොනව හිතයිද?’


(සාදාරන ප්‍රශ්න)


‘මිනිසුන්ගෙන් මට වැඩක් නෑ!


‘ඇය කැමැතිනම් මට එච්චරයි!


‘ලෝකෙම එරෙහිවුනත් මට කමක් නෑ!


(හිත හදා ගන්න මා කල උත්සාහයයි ඔය)


‘එපා කියයි වත්ද?


‘ආපහු හැරිලා යමුද නැත්තම්?’ කියලත් මට සිතිනි,


(කලිනුක් මං කීවේ, කාලෙක ඉඳන් මට ඔය ගතිය තියෙනවා කියලා)


‘අමායා තම ‘ෆොටෝ එකක් mms එකෙන් මට දාලා, මගේ එකකුත් ඉල්ලා හිටියා, එය දීමෙන් එදා මා වැලකුනේ, 'ෆොටෝ එකෙන් දැකලා, අමායා මාව එපා කියයි’ කියල බයක් දැනුනු නිසයි’


‘මගේ බලාපොරොත්තුව ඇගේ සිත මිස වෙන කිසිවක් නොව!


‘සිත සතුටු කරන​ ආදරයක උවමනාවයි මට තිබුනේ!


‘අමායාට තිබුනේ වයසට වඩා මුහුකුරා ගිය මනසක්!


‘අන්න එයයි මගේ උවමනාව​!


‘හිල්ඩා ශාලාව දෙසට සීරුවෙන් ඇවිදින්න විමි!


‘මීටර් 100 දුවන තැතිගැස්ම මට තිබිනි!’


(සුසන්තිකාලා, ජයසිංහලා, උසේන්ලා බෝල්ට්ලා, කොච්චර වදක් විඳින්න ඇත්ද? කියලත් මට සිතිනි)


‘දිව කට වේලිලා!’


මැද්දේ විශාල පිවිසුම් දොරක් තබා තට්ටු දෙකකට එය තනා තිබුනි. අර්ධ නවීනව පෙනුනු ‘හිල්ඩා ශාලාව’ දොර ජනේල් සිමෙන්ති වලින් කැටයම් කර තිබුනි.


පඩි තුනක පය තබා ඇතුල් ඇතුල්විය හැකිව තිබුනු හිල්ඩා ශාලාව වටා කොන්ක්‍රිට් පොලොවකි. එයින් ඔබ්බට පිට්ටනියක්, එහි තකකොළ වවා තිබුනි.


තැනින් තැන මල් පොච්චි තබා බෝගන්විලා වැල් සිටුවා තිබිනි. පිළිවෙලකට තබාගෙන තිබුනු ඒ පරිසරය මනරම්‍යව තිබුනි.


'එළිමහනේ තිබුනු කොන්ක්‍රීට් බංකුවක​!


‘පින්තූරයේ සිටි ඈ අසුන්ගෙන සිටියාය!


ඒ අමායාම බව නිසැකව මා හඳුනා ගතිමි!


ඩෙනිමකින්, රෝස පාට මල් දැමූ සුදු ටොප් එකකින් සිටි අමායා බිම බලාගෙන කල්පනාවක ගිලී සිටියාය.


පළමු හමුවීම නිසා, තැති ගැස්ම වෙන්ටැති’ මට සිතුනි.


මට වාගේ ඇයටත් තියේවි නේ? මාව සමාදාන කර ගතිමි.


මගේ සුපුරුදු ඇඳුම ‘ඩෙනිමයි ‘ට් ෂර්ට්’ එකකුයි මං ඇඳගෙන ආවේ පහසුව තකයි.


'මා අසලට පැමින සිටීම අමායා දුටුවෙ නෑ!


'අමායා තමාගේ කල්පනාවේම​ ගිලී සිටියාය!


‘මගේ​ චලනය නිසා ඇගේ කල්පනාව බිඳිනි!


‘තිගැස්සී හැරුනාය!


‘මා දෙස බැලුවාය!


‘විපරමින් බැලුවාය!


‘කල්පනාවේ කිරණ මුහුනේ පුරා දිවින​!


(ඩිග්ඩිග්ඩිග්ඩිග්ඩිග්,,,පපුව නවතින්න වගෙයි)


‘මුහුන වෙනස් වූ බවක් පෙනිනි!


(‘ඩිඩිඩිඩිඩිඩිඩි,,,මගේ හදේ ගැස්ම උපරිමයට​ ගිය හැටි)


‘හඳුනගෙන බව නම් තේරුනා!


ඒත්?


???


‘පිළිගැනීම?


‘මොන වගේ එකක් වෙයිද?’


'සිනහ රේඛයක් මතුවිය​!


‘මඳ සිනහවක්!


‘එය ඉස්මතු විය!


‘මුහුන පුරා පැතිරින!


‘ඇස් විශාල විය!


‘ආලොකමත් විය!


‘සතුටින් බව පෙනිනි!


‘විශ්වාසයක් පෙනිනි!


‘ඇස්වලින් පෙනිනි!


'ඒ සිනහ මුසුවම ඇය​ මා පිළිගත්තාය!


‘මා අනුමත කලාය!


‘ අමායා මා පිළිගෙනය!


‘මීටර් සීය දින්න වගේ මට තිබුනි!


‘ඩ්ඩිග්ග්,,ඩ්ඩිග්ග්,,,ඩ්ඩිග්ග්,,,හදේ ගැස්ම ක්‍රමක් ක්‍රමයෙන් පහත වැටෙනවත් දැනුනි!


‘ඉඳ සිටි බංකුවෙන් අමායා නැගිට්ටාය​!


‘මා වෙත හැරුනාය!


‘කෙටි පියමං තබමින් සෙමෙන් සෙමෙන් මා වෙත ඇදෙන්න වුවායා!


‘කැට් වෝක්’ එකක් බලනව වගෙයි මට​ තිබුනේ. උස අඩි සෙරෙප්පු පැළඳි අමායා, තමා පය එකින් එක පිළිවෙලකට තබගෛන, ඉදිරියට එනකොට එහෙමයි පෙනුනේ!


“ඉතිං ඇගේ ගමන් විලාසය ලස්සනයි” කියන එකයි මං කිව්වේ’


‘අමායා සිටියේ මගෙන් අඩි දහයක පමන ඈතකිනි.


“ඇය ආකර්ශනීයයි”


ඒ කියවුනේ, ඇගේ පියකරු බව නිසා විතරක්ම නොවෙයි. ඇගේ තොරා බේරා ගැනීමේ, නිගමනයනට ඒමේ මනොශක්තිය නිසයි.


‘අමායා පිංතූරයකින් හෝ මා දැක නොතිබුනාය, නමුත් දුටු ප්‍රතම වතාවේම, වචනයකු හෝ කතා නොකර, මා අසවලාම බව ඇය නිගමනයට ආවේ, ඈට තිබුනු ඒ විශේෂ හැකියාව නිසයි!


‘අමායා’ සැබෑ ලස්සනයි!


‘දිගටි ඇගේ මුහුන!


‘ඇගේ නේත්‍රා යුගල!


‘කොපුල්, කන්, නාස සියල්ලම!


‘මා ෆොටෝ එකෙන් දැක්කාට වඩා ලස්නයි!


ෆොටෝ එකකින් කෙනෙක්ගේ හරි පෙනුම බලන්න බෑ. එය අඩු වැඩියෙන් පෙන්නනවා.


‘ඇගේ පෙනුම අඩු කරලයි පිංතූරේ මට පෙන්නුවේ!


‘පින්තූරෙන් ඔබ්බට ගිය!


‘මගේ සිතේ තිබුනු ඒ රූපයම!


‘අමායාට තිබුනි!


‘සරිලන උසකින් හීන්දෑරිවට!


‘තරුණියකුට තිබිය යුතු කරුණු සියල්ල අඩුවක් නැතිව, ඒ ඒ අකාරයනටම පිහිටා!


‘අමායා පරිපූර්ණව සිටියාය!


‘ඈත ඉඳන්ම ‘හායි’ කීවාය!


‘ඇගේ ඇස්වල කාන්තිය එයින් මා දුටුවෙමි!


‘පිංතූරේ දැක්කාට වඩා ඒවා විශාලයි!


‘ඇගේ කට හඞත් මිහිරියි, නමුත් සිතේ තිබුනට වඩා ටිකක් බරවයි!


‘ඇගේ ලස්සන එකින් එක මා විඳින්න විමි!


මං හිටියේ මනෝ ලෝකෙක වග මට තේරුනේ, අමායා මගේ අසලටම පැමින ඇගෙන් හැමුනු කුමක් හෝ කොලෝඞ් සුවඳක් මගේ නාසයට දැනීමෙනි!


‘අමාය මා ඉදිරියේම!


‘අපි කිසිත් කතා නොකලෙමු!


‘එකිනෙකා දිහා බලාගෙන පමනක් අපි සිටියෙමු!


‘ආදරයෙන් බලා සිටියෙමු!


‘සෙනේහෙන් බලා සිටියෙමු!


‘ප්‍රේමයෙන් බලා සිටියෙමු!


(ඒ බැලූ තුන් බැලිල්ලම එකයි වග මට පසුවී තේරුනි)


‘ඇය ම⁣ගේ අතකින් අල්ලා ගත්තාය!


‘අනිත් අතින් එය පිරිමදින්න උනාය!


‘මං ඈ කරන කියන දේ බලා සිටියා මිසක් මුකුත් කරන්න කියන්න ගියේ නෑ !


‘අසල තිබුනු බංකුවක් පෙන්නා, එහේ මා එක්කං ගියාය​!


‘එහි මා ඉන්දන්න සැලැස්සුවාය!


‘ඈව අනුගමනය කලෙමි!


‘සැපහසුවට මා එහි හාන්සි කර ගත්තාය!


(නොකීවට මොකෝ? අද දින එය මගේ ප්‍රමුඛ අවශ්‍යතාවත් ඒකයි)


මාද ඇගේ කැමැත්ත පරිදිම, හරි බරි ගැහී බංකුවේ හාන්සි වුනේ, ඇයට හීලෑ පූස් පැටියෙකු වගෙයි!


‘මගේ දුරකනය මගේ අතේම විය. යමක් මා දැනුවත් කරන්න අමායා එවූ අවසන් පනිවුඩය බලන්න මා අතට ගත්තු එය, තාමත් අතේමය’


‘අසල බංකුවේ අසුන් ගෙන කතාබහේ යෙදෙමින් සිටි තරුණ ජෝඩුවක් දැක මට ලැජ්ජාවක් ඇතිවිය.


‘ඔවුන් අපි දිහා බලනවත් ඇති’ ලෙස මට සිනිනි.


‘ඔවුන් මං ගැන මොනවා හිතනවා ඇත්ද?’ ලෙසත් සිතිනි.


අමායාට නං කිසි ගානක් නෑ. ඇය ඔවුන් ගැන මායිමකටවත් ගත්තෙත් නෑ, ඔවුන් දිහා ඇය බලන්න ගියෙත්. “ඒ තමයි අමායා” ඒ අමායාගේ විශේෂන ගුණයන්ගෙන් එකක්’


ඒ සිටි යුව⁣ලේ තරුණයාගෙන් සාමාන්‍යයට විරුද්ද දෙයක් මා දුටුවෙමි. පුරුද්ද නිසාද නැත්නම් නිකමටද බව මට නොතේරිනි.


‘ඔහු ගීත රස විඳින්න උනේ ශබ්දටයි.


ඔහු ගීත රස වින්දේ, තම දුරකතනයේ ස්පීකරය දමාගෙනයි. ඔහු අසමින් සිටියේද පැරණි එවායි.


‘මගේ තරුණ කාලේ ඒවායි!


‘විවිදවූ ලොකයේ විවිද වූ මිනිස්සු’ ඉබේට කියවිනි.


‘දහවල් එකොලහයි වෙලාව!


‘ප්‍රසන්න පරිසරය ඇඟට සනීපව තිබුනේය!


‘අමායා මා ඉදිරියට පැමිනියාය!


‘ඇගේ මුහුහු මගේ පපු ප්‍රදේශයේ ගෑවී නොගෑවී තිබිනි!


‘අප තවමත් නිශ්ශබ්දවයි!


‘අපේ ප්‍රතම හමුවේ වචන හුවමාරුවක් තව වන තුරු සිදුවුනේ නෑ!


‘එය එහෙම කරන්න අප දෙදෙනාම අධිඨං කරගෙන ආවද මන්දා!


‘ඇයිද කියන්න දන්නෑ!


‘අපි කතා නොකලෙමු!


‘ඇස් වලින් පමනක් අපි කතා කලෙමු!


‘අමායාගේ ඇස් දහසක් දේ මට කීහ!


‘මුවකින් කියනවට වඩා ශබ්දවටයි!


‘ඉතා පැහැදිලිවයි!


‘ඔබ මා සිතේ මවාගෙන සිටි ‘අරෂ්’ මයි!


ඇගේ ඇස් මට කී සුභාරංචි දුන්හ​!


‘ඇගේ ඇස් වල තිබුනු අධිතර කාන්තිය!


‘මගේ ඇස් පියවන්න තරම් විය!


‘ඒ ඇස් එක දිගටම බලාගෙන ඉන්න මට බැරි විය!


‘ඇස් පියවිනි!


‘සැබෑවටම පියවිනි!


‘මගේ රුචියටම පසුබිම් සංගීතයකුත් තිබුනු හින්දා, ආයේ අහන්න දෙයක් යෑ!


එය ඒ ලෙසම සිදුවුනි!


‘අමායාගේ හුස්ම මගේ පපුවේ දැවටෙනවා මට දැනිනි!


‘මගේ මුහුනේද දැවටිනි!


‘මගේ බෙල්ලේ කනේ හැම තැන එය දැවටිනි!


‘ඇගේ උනුහුම් හුස්ම පරිසයේ සීත සුළං සමඟ සම්මිශ්‍රවී මගේ ශරීරය පුරා සිසාරන්න විය!


‘මට සනීපෙට දැනුනි!


‘ඇය යමක් කියනවාද මට ඇසිනි!


'හීන් හඞකින් කීවාය​!


‘අමායා මගේ වම් උරහිස පිරිමදින්න උනාය!


‘ඇය කියූ දේ මට පැහැදිළි නොවීය!


“සිහිනෙන් සිහිනෙන්,, මා හඞවනවා,,,මා හඞවනවා,,,

සැබෑ ලොවේදී ඔබ,,,මා නෑ මුණගැසිලා,,,නෑ මුණගැසිලා,,,

නෑ…”


‘කාලෙකින් අහන්න ලැබුනු නාමල් උඩුගමගේ ගීතය, තරුණයාට සිතින් ස්තූති කලෙමි!


‘මගේ උරහිස අමායා තදින් හොල්ලන්න වූවාය!


එවර ඇය කියන දේ මට දැනුනා වගෙයි!


‘‘නැගිටින්න, නැගිටින්න’’ කියනවා විතරයි මට එයින් මට තේරුනේ!


මගේ උරහිස සොලවා සිටි අමායා එයට පහරක් දෙකක් ගසන්නත් පෙළෙඹුනාය!


“නැගින්න! නැගින්න අනේ! මොකක්ද ඔයාට වෙලා තිනේනේ” ලෙස ඇය තරහකින් මට තරවටු කරන්නවත් මට දැනිනි!


‘මගේ ඔලුව ඔල්මරන්ඥං විය!


බයිස්කෝප් එකේ ලව් සීන් එකක් දුවන අස්සේ, ගැලරියේ ඉඳන් ලවුස්පීකරයකින් මොනාදෝ කියනවා වගෙත් යමක් මට ඇසිනි!


‘මට ඇහැරුනි!


‘අමායා නොසිටියාය!


‘කොන්ක්‍රිට් බංකුව නෑ!


‘තරුණ ජෝඩුව එහා බංකුවේ නෑ!


‘කැම්පස් එකක් එතන නෑ!


ම්ම්ම්ම්ම්,,??,$&$@&???


‘උඩ බැලුවෙමි!


‘බිම බැලුවෙමි!


‘ඇහ වටේම නැරකුවෙමි!


‘ඉඳං සිටි තැන බැලුවෙමි!


‘තේරුනි!


‘සියල්ල තේරුනි!


‘මගේ ආදර බිරිඳ මා ඉදිරියේ සිට⁣ගෙන සිටියාය!


'රවාගෙන හිටියාය​!


‘නොසනසුන් බවෙන් පෙළුනාය​!


‘අපේ ගෙදර සොෆා සැටියේ මා ඉඳගෙන හිටියෙමි!


‘හරි බර වී එහි හාන්සි වී හිටියෙමි!


‘ම⁣ට ඉහළින් කැරනේන වූ ෆෑන් එකේ හුළඟ කෙලින්ම වදින්න උනේ මටයි!


මගේ ඉස්සරහින් තිබුනු ටී. වී එකේ,


“දෙතන රැඳී,,, අප දෙදෙනා,,, අද තනි වෙනවා,,,,ආආ,, සිත,, සසලනවා,,,ආආ”


ගීතයේ අවසන් පද පේළිය‘නාමල් උඩුගම’ ගයමින් සිටියේය!.


ගැලරියේ මොනවදෝ කියෝමින් හිටියේ මගේ බරිඳයි, ඇය කියාගෙන හිටියෙත්,


“ඒක නේ කියන්නේ දවල්ට නිදා ගන්න එපා කියල”


“මොනවද ඔයා කර කර හිටියේ, ‘මිස්ට බීන්’ වගේ”


‘මම දවල් හීනයක ඉඳ තිබුනෙමි!


‘ලැජ්ජාවෙන් ඇඹැරුනෙමි!


“ටවුමට කතා කලාම එන්නෙත් නෑ, දවල් නිදාගෙන මෙතන කෝළං කරනවා” තවත් මොනාදෝ කියමින් ඇය ගස්සගෙන ගෙතුලට ගියාය.


‘නිවාඩු දවසනේ, උදේට කාලා අවිල්ල, ටී.වී එකත් දාගෙන සැටියේ ටිකක් හාන්සියෙන් ඉඳගත්තා. මට නොදැනීම නින්දක් ගිහිල්ල. දිගටම මහන්සි වෙන හින්දා නිවාඩුවක් ලැබෙන දවසට තෙහෙට්ටුවටත් එක්ක ඔහොම තමා,,, ආආ,,’


තෙහෙට්ටුට වඩා,,,!


‘මතක් වුනි!


‘අතේ බැලුවෙමි!


මගේ ජංගම දුරකතයේ සටහන් වෙලා තිබුනු අමායා⁣ගේ අවසන් පනිවුඩය තිබුනි!


‘එය අරං මා නැවතත් කියෙව්වෙමි!


‘‘අනේ පන, මට ලැබුනේ කරාපිටිය නේ” එයයි අමායගෙන් මට ලැබුනු අවසන් පනිවුඩය!


‘මගේ බිරිඳ මට රවාගෙන ගේ පුරාම ඇවිදිනවා මට පෙනුනි’


‘ඉක්මන් ගමන නිසා මතුවූ ඇගේ ගෙවුනු සෙරෙප්පුවේ හඞ, සාලය පුරා පැතිර ගොසින්,​

මගේ කන් අඩි සොයා ඇවිත්, ඒ තුල 'රූන්ගාර​' දෙන්න වුනේ, ආදරයෙන් කොඳුරන්නාක් විලසනි. 


අමයා මගේ සිහින දෙවඟන​ 6

 අමාය මගේ සිහින දෙවඟන​ 5

(සත්‍ය සිදුවීමක් ඇසුරින්)


අමායා, අමායා, අමායා, අමායා, අමායා. 
ඒ, මසිත නිතර කියවන, 
නිතර ජපකරන මන්ත්‍රයයි.
 

මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!

‘සිහින දෙවඟනයි! 


පේරාදෙණිය ලැබීම!


(පරිච්චේදය) 6


අමායා මගේ සිතේ ස්තීරවම පදින්චියට ආවේ ඒ ප්‍රවෘර්තියත් සමඟයි. ඒ, අපි දෙදෙනාම පැතූ ‘පේරාදෙණිය ඇයට ලැබී තිබීමයි.


ප්‍රවෘතිය අමායා මට සැළ කලේ ‘'මං ඔයා ලඟටම ආවා’' ලෙස​ තම ස්වාමියාට සතුට බෙදන බිරියක් ලෙසිනි.


‘අමායා දුරක නෙවෙයි දැං!


???)$&”&


‘අමායා අසලට පැමින සිටියත්?


‘ඇය මට කොපමන පෙරැත්ත කළත්?


'මටද ඇයව දැකීමට කොපමන ආසාවක් තිබුනත්?


‘මා ඇයව දැකීමට යාම මග ඇරලමයි හිටියේ!


‘දින දින කියන්න හේතු සොයන්න වුයේ!


‘චකිතයයි!


'මාව ඇයට පෙන්වීමට තිබූ මගේ චකිතයයි!


‘අපේ තිබූ විශාල වයස් පරතරය?


‘අමායා තම සිතේ මවාගෙන ඇති මගේ රූපය?


ඒ ‘අරෂ්’!


‘මා ඔහුම විය යුතුයි?


‘ඔහුගේ රූපයම?


'මා වෙයිද​?


මට හැකි වෙයිද?


මං ‘අරෂ්’ වෙන්නේ කොහොමද?


‘ඔහු වගේ මං නුවුනා නම්?


ඒ රූපයම ට නුතිබුනානම්?


‘පිළි නොගනීද?


ඇගේ බලාපොරොත්තු බිඳ වැටේවි නේද?


‘ඇය මාව පිළිගන්නේ නැතිවෙයි එහෙනං?


එහෙම උනානම්?


මගේ හුස්ම හිරවේවි වත්ද?


‘ඉඩෝරයට සිසිලක් බඳු ඇය!


'පෑරුනු හදට බෙහෙතක් බඳු ඇය​!


‘මට ඔනෙමයි!


‘නැති කර ගන්න මට බෑ!


‘අමායාගේ උවමනාව තදින්ම දැනුනේ මගේ හදටයි!


'ගතට නොවෙයි!


'ඒ නිසාම​!


‘ඒ ආදර හැඟීම් කෙටි පනිවිඩ වලින් පමනක් විඳගෙන!


'ඇයව නොබලා ඉන්නටයි මට ඕන උනේ!


‘ඒ නිසයි මං ඈව මග අරින්නේ’


‘අමායා මගෙන් නිතතරම අහන ප්‍රශ්න අතුරින් අති බැරෑරුම්ම ප්‍රශ්නය?


“ඔයා කවදද මාව බඳින්නේ?” ?


?????


කට හඞ වත් අහල නැති!

'වතාවක් හෝ දැකල නැති!


'තව කෙනෙක් එක්ක දැනටමත් පවුල් කන, පිරිමියෙක්ගෙන් ඔහොම ප්‍රශ්නයක් ඇසුවොත් ඔහු උත්තර දෙන්නේ කොහොමද?


‘පුළුවන් දෙයක්ද ඕක?


‘'විශ්වවිද්‍යාලේ ඉවර කරල ඔයා ඩොක්ටර් කෙනෙක් වෙන්නකෝ”


‘‘අපි පස්සේ ඒ ගැන කතා කරමු” ලෙසට මං ඇයට පිළිතුරු දුන්නේ!


ඕවා සිද්දවෙන්නේ නැති බව මං දන්න නිසයි!

'අනික වැඩි වැඩ කරන්න ගිහින්, මේ කෙල්ල⁣ට කතා කරන එකත් මට නැති වෙයි කියන බයයි.


‘'මට එච්චර කල් ඉවසන්න බෑ!”


‘ඔයා මාව ඉක්මනට බඳින්න! අමායා දිගටම ඇවිටිලි කලාය’


‘උභථෝතොඨික ප්‍රශ්නයකටයි මං මැදිවුනේ!


“මම පනස් පහ වෙනකොට ඔයාට තිස්පහයි, එතකොට ඔයා තරුණයි, මම නාකියි'’ ලෙස ඇයට තේරුම් කරන්න මං උත්සාහ කළෙමි.


“කමක් නෑ ඔයාට පුළුවන් වෙනකන් සතුටින් ඉන්නවා, ඊට පස්සේ මැරෙනකන් ආදරේ කරනවා” ඒ ඇගේ ස්තාවරයයි’


‘මට පුදුම හිතිනි!


මේ කෙල්ලගේ කතා මං විශ්වාස කරන්නද, එපාද?


‘කොයි තරම් දුරටද?


‘පොඩි කෙල්ලනේ?


‘මාව විහිළුවකටවත් ගනං ගත්තද?


‘වෙන්ඩත් පුළුවන්!


‘මේ කාලේ ගැහැණු ළමයි එහෙමයි?


‘යන්ඩ ඇරල කකුලෙන් අදිනවා, එයින් බිම වැටුනාම තැලෙන්නේ හොම්බයි!


‘ඒවගේ නොයෙකුත් ප්‍රශ්න මගේ හිසේ දිව්වේය’


‘ඒත්, අමායා අතාරින පාටක් නෑ!


‘ඇය දිගටම තම උත්සාහයේ රැඳී හිටියා!


“මාව දකින ප්‍රතම වතාවෙ ඔබට මොන වගේ හැඟීමක්ද ඇතිවෙන්නේ?” ඈ මගෙන් විමසුවාය!


“හැඬේවි!


‘මට හැඬේවි!


‘මාව දෑහින් නොදැක මට ආදරේ කරන, මේ පුංචි දෙවඟන දකිකොට මට ඇඬේවියි” ඇයට මා පිළිතුරු දුදිමි


(සත්තකින්ම මට හැඬේවි! 'සංවේදයේ උරුමය ගැහැණුන්ට පමනක්ද?)


අමායා මා අමතන්න පුරුදුව සිටියේ,


‘මගේ පන!


‘ඇයි පන!


‘මගේ රත්තරන්!


‘ඇයි රත්තරන්!


‘වැනි ආදර වදන් වලිනි’


‘ඇයව ඇමතීමට මට කොතෙකුත් ආදර වදන් මට තිබුනත්, 'අමායා' කියන ඇගේ නමට වඩා දෙයකින්, ඈව අමතන්න මට කැමැත්තක් නොතිබුනි.


'හනී!


‘මයි ඔව්න් ඒන්ජල්!


‘වැනි වාක්‍ය වලිනුත් මං අමායා ඇමැතුවෙමි’


ඉවරයක් නැති අමායාගේ කරදරේ නිසා,


‘‘ඕනේ එකක් වුනදෙන්” කියා,


‘මා අමායා බලන්න යන්න තීරණය කරා!


‘මං ඉරිදා දිනයක් තෝරා ගත්තේ, එදා මට නිවාඩු දිනයක් වන නිසයි.


‘මං අමායා දකින මුල්ම අවස්තාව එය වන නිසා, ඇයට තෑග්ගක් දෙන්නත් මං තීරණය කලා.


එය අමතක නොවන එකක් වෙන්න ඕන​, දෙන්නෙ මොකක්ද කියල මං කල්පනා කලා. 


(ඉතිරිය අමාය මගේ සිහින දෙවඟන​ 7)

අමයා මගේ සිහින දෙවඟන​ 5

අමාය මගේ සිහින දෙවඟන​ 4 

(සත්‍ය සිදුවීමක් ඇසුරින්)


අමායා, අමායා, අමායා, අමායා, අමායා. 
ඒ, මසිත නිතර කියවන, 
නිතර ජපකරන මන්ත්‍රයයි.
 

මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!

‘සිහින දෙවඟනයි! 


බලාපොරොත්තුව!


(පරිච්චේදය) 5


උසස් පෙළෙන් විශිශ්ටව සමත් වීමෙන් වෛද්‍ය පීඨයට තේරීපත්ව, විශ්වවිද්‍යාල අපේක්ශාවෙන් සිටි අමායා පේරදෙණිය, කරාපිටිය හෝ කොළොඹ බලාපොරොත්තුවෙන් සිටියාය.


‘ලීඩශිප් ට්‍රේනින්ග්’ එකට අමායා ගියේ, මා සමඟ ‘චැට්’ කරන්න පටං ගත්තු මුල් කාලයේයි.


කරාපිටිය ලැබුනොත් තමාට දුරක් නොවන බවත්, පේරාදෙණිය ලැබුනොත් දුරක් ගෙවා එන්න සිදුවෙන මුත්, මා මුන ගැසීමේ අවස්තා සැළසෙන නිසා, පේරාදෙණිය ලැබෙනවාටයි තමා වඩා කැමැති බව අමායා මට පැවසුවාය.


‘කරාපිටිය නෙවෙයි, පේදුරු තුඩුව ලැබුනා උනත්, ඇයව බලන්න මම යන්න ඕනා’


ඒ අමායාගේ ඉල්ලීම (ආඥාව)!


කරාපිටිය හෝ පේරාදෙණිය, එයින් කොයි එක ලැබුනත්, ගෙදර යෑමක් සාමාන්‍යයෙන් නිතර සිදු නොවන්නක් නිසාද, අපේ මුන ගැසීමේ පහසුව නිසා. “පේරදෙණියම ලැබේවා” යි අප දෙදෙනාම පැතුවෙමු.


‘කොළොඹ ලැබුනොත් කරන්නේ මොනවාද?’ කියන සංවාදය අපට ඇති වුනේම නෑ.


‘පසු කාලවල දී අප අතර සිදුවුනු චැට් හුවමාරුවල,


“මාව බඳිනවද?” ,


“ඔයා මගේ නේද?”


“මගේ විතරමයි නේද?”


‘නිතර පාහේ අමායා මගෙන් අසන ප්‍රශ්නය​!


‘ඒවා සියල්ල එක දිගට ඇය පෙළ ගස්සනවා!


‘මේවා මාව අමාරුවේ දමන ප්‍රශ්න!


‘ඒ බව ඇයත් හොඳාකාරම දන්නවා!


‘එහෙනං ඇයි?


‘ඒ බව දැන දැනයි අමායා ඕවා අහන්නේ!


‘මාව උරගා බලන්නත් එහෙම අහනවා ඇති! ලෙසයි මට සිතුනේ.


කෙසේ හෝ,


“ඔව්, අපි හොඳ විදිහක් කරමුකෝ” ලෙස ඇඟට නොදැනෙන්න මං දීපු පිළිතුරෙන් ඇය කරබාගෙන සිටියා.


‘එයින්, මං සැනසුනා,


‘අමායා මාව මගේ කතාව විශ්වාස කරලා’ ලෙස මං හිතාගෙන හිටියා! 


(ඉතිරිය අමාය මගේ සිහින දෙවඟන​ 6)




අමයා මගේ සිහින දෙවඟන 4

අමායා මගේ සිහින දෙවඟන 3

(සත්‍ය සිදුවීමක් ඇසුරින්)


අමායා, අමායා, අමායා, අමායා, අමායා. 
ඒ, මසිත නිතර කියවන, 
නිතර ජපකරන මන්ත්‍රයයි.
 

මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!

‘සිහින දෙවඟනයි! 



බලාපොරොත්තුව!


(පරිච්චේදය) 4


උසස් පෙළෙන් විශිශ්ටව සමත් වීමෙන් වෛද්‍ය පීඨයට තේරීපත්ව, විශ්වවිද්‍යාල අපේක්ශාවෙන් සිටි අමායා පේරදෙණිය, කරාපිටිය හෝ කොළොඹ බලාපොරොත්තුවෙන් සිටියාය.

‘ලීඩශිප් ට්‍රේනින්ග්’ එකට අමායා ගියේ, මා සමඟ ‘චැට්’ කරන්න පටං ගත්තු මුල් කාලයේයි.

කරාපිටිය ලැබුනොත් තමාට දුරක් නොවන බවත්, පේරාදෙණිය ලැබුනොත් දුරක් ගෙවා එන්න සිදුවෙන මුත්, මා මුන ගැසීමේ අවස්තා සැළසෙන නිසා, පේරාදෙණිය ලැබෙනවාටයි තමා වඩා කැමැති බව අමායා මට පැවසුවාය.

‘කරාපිටිය නෙවෙයි, පේදුරු තුඩුව ලැබුනා උනත්, ඇයව බලන්න මම යන්න ඕනා’

ඒ අමායාගේ ඉල්ලීම (ආඥාව)!

කරාපිටිය හෝ පේරාදෙණිය, එයින් කොයි එක ලැබුනත්, ගෙදර යෑමක් සාමාන්‍යයෙන් නිතර සිදු නොවන්නක් නිසාද, අපේ මුන ගැසීමේ පහසුව නිසා. “පේරදෙණියම ලැබේවා” යි අප දෙදෙනාම පැතුවෙමු.

‘කොළොඹ ලැබුනොත් කරන්නේ මොනවාද?’ කියන සංවාදය අපට ඇති වුනේම නෑ.

‘පසු කාලවල දී අප අතර සිදුවුනු චැට් හුවමාරුවල,

“මාව බඳිනවද?” ,

“ඔයා මගේ නේද?”

“මගේ විතරමයි නේද?”

‘නිතර පාහේ අමායා මගෙන් අසන ප්‍රශ්නය​!

‘ඒවා සියල්ල එක දිගට ඇය පෙළ ගස්සනවා!

‘මේවා මාව අමාරුවේ දමන ප්‍රශ්න!

‘ඒ බව ඇයත් හොඳාකාරම දන්නවා!

‘එහෙනං ඇයි?

‘ඒ බව දැන දැනයි අමායා ඕවා අහන්නේ!

‘මාව උරගා බලන්නත් එහෙම අහනවා ඇති! ලෙසයි මට සිතුනේ.

කෙසේ හෝ,

“ඔව්, අපි හොඳ විදිහක් කරමුකෝ” ලෙස ඇඟට නොදැනෙන්න මං දීපු පිළිතුරෙන් ඇය කරබාගෙන සිටියා.

‘එයින්, මං සැනසුනා,

‘අමායා මාව මගේ කතාව විශ්වාස කරලා’ ලෙස මං හිතාගෙන හිටියා!

 

(ඉතිරිය අමාය මගේ සිහින දෙවඟන​ 5)

අමාය මගේ සිහින දෙවඟන​ 3

අමායා මගේ සිහින දෙවඟන 2

(සත්‍ය සිදුවීමක් ඇසුරින්)


අමායා, අමායා, අමායා, අමායා, අමායා. 
ඒ, මසිත නිතර කියවන, 
නිතර ජපකරන මන්ත්‍රයයි.
 

මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!

‘සිහින දෙවඟනයි! 



අමායා!


(පරිච්චේදය) 3


‘හායි!’ ඇය,


‘හායි!’ ඒ මං,


‘ඔයා කොහොමද?’


නම මොනවද?’ දෙ⁣දෙනාම,


‘වයස කීයද?’ වැනි කින්ද මන්දවලින් පසු,


'බැඳදලද?’ යන ප්‍රශ්නෙටත් මගේ පිළිතුර,


'ඔව්!’ වූ පසුත්,


තවමත් විසි වියේ පසුවෙන මේ කෙල්ල, නමින්,


‘+++ අමායා ++++’


දිගටම මා සමඟ ‘චැට්’ කරාය,.


ඔවැනි ‘චැට්’ කිරිලි සාමාන්‍යයෙන් දිනකින් දෙකකින්, සතියකින් අහවර වෙයි. ඒවාට වයස් පරතර හෝ කිසිත් බල නොපාන අතර​ එවා නිකම්ම නිකම් කාලය පසුකිරීමක් පමනකි.


‘ඉතිං කවුරුත් ‘චැට්’ කලහ, වින්දනයක් ලැබූහ’


දෙකොනේ දෙන්න⁣ම බොහෝම ප්‍රවේසමෙන් වග බලා ගත්තේ, අනෙක් කෙනා, උදහස් නොවන්නය​. එහෙම නොවුනා නම් එල්ලය බිඳී සතුට ගිලිහී යන්නේය. බොහෝ දුරට තෝර ගැනෙන්නේ විරුද්ද ලිංගිකයනුයි. නියම වින්දනය ලැබෙන්නේ එවිටය.


ඒ, මනෝවිඥානීය බලපෑමකි.


අමායාගෙයි මගෙයි ‘චැට්’ කිරිල්ලත් ඔය වගෙයි පටං.ගත්තේ. නමුත්, එය ඒ සාමාන්‍යයට වඩා දුර ගියා.


මගේ විරාම කාලවල දී අමායා සමඟ ‘චැට්’ කරන්න මම පුරුදුව සිටියා. ඒක හරියට මට ප්‍රභොදජනක (‘එනර්ජි ඩ්‍රින්ක්’) පානයක් වගෙයි.


‘මම ‘චැට්’ කරා නෙමෙයි! මේ කෙල්ල දිගට හරහට මට ‘මැසේජ්’ දුන්නා. ඒවට මං උතිතර දුන්නා විතරයි.


'එච්චරයි!


'අපි එකිනෙකාගේ විස්තර බෙදා ගත් අතර ආදල නැති දේවලුත් කතා කලෙමු. ඒකනේ ‘කාලය පසු කිරීමක්’ කියන්නේ.


'නමුත්, අපට එය නිකම්ම නිකං කාලය පසුකිරීමකින් පමනක් නොනැවැතිනි. එයින් අපි අපේ පොදු දැනුම වර්ධනය කර ගතිමු.


'සහතිකවම, අපේ වයස් පරතරය අපට දැනුන් නෑනේ?


'එකිනෙකාගේ බුද්ධි මට්ටම මැන බැලීම​, හැඟීම් උරගා බැලීම වගේ දේවල් එයින් සිදුවුනි. මං කිසි දෙයක් හංගන්න ගියේ නෑ, එහෙම උවමනාවකුත් මට තිබුන්නෑ. ඇගෙනුත් එහෙම සිදුවුනා කියලයි මට හිතුනේ.


අමායාගේ ‘මැසේජ්’ සැහැල්ලුවට ගෙන සැහැල්ලුවෙන්ම මා පිළිතුරු දුනිමි. ඔය ‘චැට්’ වලට ජීවයක් ආයුෂක් නැති බව මං දන්නවා. ඒවා බරපතලව ගන්නත් මම ගියේ නෑ. මුල දී සැහැල්ලුවටම කෙරුනද, කාලය ගෙවෙත්ම​, එය ඒ ලෙසම නොපැවතිනි.


‘චැ⁣ට්’ වල මුහුනුවර වෙනස් විය!


‘චැට්’ නව ආරයක් ගන්න විය!


‘චැට්’ අලුත් දිසාවක් කරා යන්න විය!


‘චැට්’ හද තුලට රූටන්න විය!


‘චැට්’ එහි බලපෑම් කරන්න විය!


‘චැට්’ එහි බලෙන් රැඳෙන්න විය!

‘ඒවා හදට දැනෙන්නද විය!


‘ඇයට කෙසේද බව මං නොදන්නා නමුත්, මගේ සිත කැලඹිලයි තිබුනේ’


‘නිමක් නොපෙනෙන අඳුරු ගුහාවක් තුලට මා ඇදී යමින් සිටියෙමි’


‘මට එය ආලොකමත්ව පෙනිනි’


‘මං අමායාට වශී වෙන්න අරං!


‘⁣මගේ වයසෙන් හරි අඩකටත් අඩු වයසේ මේ කෙල්ල, මාව වශී කරගෙන!


‘ලකෂෙකින් හෝ සොයා ගන්න බැරි චරිතයක් වූ අමායාට කෙනෙක් වශී නොවීමයි
 අරුමය!


‘ඇය ඒ තරම් ආකර්ශනශීලියි!’


තත්පරයෙන් තත්පර ඇගේ ‘මැසේජ්’ මා බලාපොරොත්තු වුනෙමි!


පනිවුඩ පහු වෙන කොට වැඩ අතපසු කරගෙන කල්පනාවේ වැටුනෙමි!


කනස්සලෙන් පසුවන මා පනිවුඩයක් ලැබුනු විගස ප්‍රභොද වන්නෙමි.


මේවා තරුණ කාල අත්දැකීම්!


‘අවුරුදු දාහත පසුවන විටම ස්ත්‍රී ආකර්ශණ වලට පාත්‍ර වුනු මගෙන්, උත්සාහයක් දෙකකුත් සිදු උනා!


ඈත ඉඳන් අත වනන්නයි, ලියුම් කඩදහි දෙන්නයි, ඒවා සීමා වින!


2/ චොකලට් වලටත් මං වියදම් කලා!

‘කැන්ඩෝස්, චෙස්ටෝ, ඩෙල්ටා, ස්ටාර් ටොෆී’ තිබුනේ, ඒ කාලයෙයි.


විදෙස් රටක දී විදෙස් තරුණියක් සමඟ ඇති වූ මගේ ප්‍රේමය ටිකක් දුර දිග ගිය එකක්!


ඇයට සැබැවින්ම මා ආදරය කල අතර, එය මගේ ප්‍රතම ප්‍රේමය විය.


‘එය මගේ ගමන් මග ⁣වෙනස් කල, මට සිදුවූ එක්තරා අනතුරක්!


කිසි දේකට ජීවයක්, පැවැත්මක් නැති වග මා හදාලූ ජීවිත පාඩමේ, එය අගනා පරිච්චේදයක්’


මේ අමායාගෙන් මා දුටුවෙත්, ඒ විදෙස් තරුණිය වෙතින් මා දුටු, ඒ අසමාන්‍ය චරිත ලක්ෂනමයි!


‘අමායාගේ පිළිගැනීම්, ඉදිරිපත් කිරීම් අති උත්කෘශ්ටව තිබුනි!


කියන පරක්කුවට දේවල් ඇය ග්‍රහණය කර ගත්තාය!


නොලැබී තිබුනු මගේ ‘උවමනාකම්’ බලෙන් පොවන ලැබූ මට ‘එපාකම්’, අමායා හරියටම තේරුම් ගත්තාය!


‘ඒවා මට මතු කර පෙන්නුවේ. “මේකයි මිත්‍රයා ජීවිතේ කියන්නෙ” කියන විලාසිනි!


‘මාන්නය කියන ‘රෝගය’ ඈට ගෑවිලාවත් නොතිබුනි!


‘විස්සේ පසුවන මේ කෙල්ල, සති දෙකක කාලයකින් මගේ මුළු සිතම කියවන්න සමත් උනාය.


අලස බව නැතිව ගිහින් තිබිනි!


‘සිත​ ප්‍රභොදමත් විනි!


‘ගත සැහැල්ලු විනි!


‘තරුණකම ලැබිනි!


‘වැලි කතරක සිටි මට ඇය, සීතල දිය පොදක් වූවාය’
‘ගිලන්ව තබූ මහදට ඇය, සංවාතයක් වූවාය’
වෙදචාරයේ යන මග සිටින ඇය, මට ප්‍රතිකාරකයක්. වූවාය’
‘අමායා, අමායා, ලෙස මා මතුරන මන්ත්‍රයද ඇය. වූවාය’


‘කවි ලියවුනේ පුරුද්ද නිසා නොවෙයි, ප්‍රභොදයේ අනුඵලයක්!


‘අමතකව ගිහින් තිබුනු ගීතයන්, මගේ මතකෙට පැමින, ඒවා මා මිමුනුවෙමි,


මුතුකුඩ ඉහළන, මල් වරුසාවේ,,,
කුඩ ඉහළන විට වැහිළීනී,, එබී බලා,,,
රිය කව්ලු දොරින්ය, යට ගිය දවසේ දී,,,

දෑස, ගියා,, ඉගිලී,,,

අඳුරු ලලා, සෙන්කඩගල වැස්සේ,,,
දිය දහරා., පාටයි දෙදුන්නේ,,,
තෙමී,, තෙමී,, ආදර මදු වැස්සේ,,,
ගිය දෙදෙනා,, අද යනවා දෙමන්තලේ,,,

රිය ඇතුලේ,, උනුසුම ඔබට තියේ,,,
නහවයි මා,, රියසක මඩ වතුරේ,,,
නෑ හිත රිදුනේ,, අදත් එදා සිහිවී,,,
අපේ සම්බඳකම,, නෑ රියසක දන්නෑ,,,

මුතුකුඩ ඉහළන, මල් වරුසාවේ,,,
කුඩ ඉහළන විට, වැහිළීනි,, එබී බලා,,,
රිය කව්ලු දොරින්ය, ට ගිය දවසේ දී,,,
දෑස, ගියා,, ඉගිලී,,,

‘මෙම ගීතයට මා වඩාත් කැමැතියි’ ලෙස පවසමින්, ගායකයාව මතෙකට ගන්න කල උත්සාහයේ දී, මට ඇතිවූනු පැටලවිල්ලක්, ඒ


“රෝහණ වීරසිංහයන්” බව දන්වමින් අමායා මා නිවැරදී කලේ, මට විමතිය ගෙන එමිනි.


'විමතියක් නොඑයිද?


‘ඒ, ඇය ඉපදෙන්නට පෙර ගයනු ලැබූ ගීයක්!


‘කොහහොමද සරදම?

‘කාගෙද?


‘ධෛවයේද?’


‘ අමායාගේද?’


මේ ඇරෙන්න මයිකල් ජැක්සන්ගේ ‘ලයිබීරියන් ගර්ල්’ ගීතයටත් මා බොහොම කැමැතියි බව පැවසූ මට අරෂ් හා ඇලේනා ගැයූ ‘පියෝ ලව් සහ බ්‍රෝකන් ඒන්ජල්’ ගීතවලට තමා වඩාත් කැමැති බව අමායා මට කීවාය.


‘බ්‍රෝකන් ඒන්ජල්’ ගීතයේ එක් ජවනිකාවක, ජලාශයක පාරුවක් හබල් ගාමින් සිටි ‘අරෂ්’ ගේ තුරුලට වී, සතුට විඳින, කෙටි ඇඳුමකින් සිටි ‘ඇලේනා’ ගැන කියමින්,


‘‘තමන්ටත් මා තුරුලේ එහෙම ඉන්න තිබුනා නම්’’ලෙසයි.


අමායා ඒ දෙයින් මට කීවේ, ‘ ඔබේ හා මගේ රුචිය සමානයි, ඒවා අතර වෙනසක් නෑ’ බවයි


“ඔයා මගේ පවුලේ ඉපදිලා හිටියනම්, සමහරවිට මං ඔයාව වඩා ගන්නත් ඇතියි” ලෙස මා කී වේලේ,


“එහෙම වෙලා තිබුනානම් හොඳයි” ලෙස​ අමායා මට පැවසුවේ, මගේ සිත් පතුලේ වූ තම උරුමය තව වරක් ස්තීර කර ගනිමිනි.


‘මා මෙපමන ⁣දෙයක් මේ කෙල්ල ගැන කියන්නේ, ඇගේ කට හඞ වත් මා අසා නැති තත්වයකයි.


‘අපි ‘චැට්’ කලාට, එක වතාවක් හෝ ඇමතුමක් ගෙන කතා කරලා නෑ. අපට එහෙම හිතුනෙත් නෑ. අප මෑම දේම බෙදා ගත්තේ කෙටි පනිවුඩ මගිනි.


හේතුව කියන්න මං දන්නෙත් නෑ!


කොපමන වැඩ තිබුනත්, අතරින් පතර පනිවුඩ හුවමාරු කර ගන්න නම් අපි දෙන්නම අමතක නොකලෙමු.


අතරින් පතර තම පවුල් පරිසරය, වට පිටාව පිළිබඳ අමායා මට කියා තිබුනාය. මගේ පවුද්ගලික විස්තර දැනගන්නත් ඇය උත්සුක වුනා.


‘අමායාගේ දැනුමේ තරම දැක මා විමතියට පත් නොවූ දවස් නැත!


ඇගෙන් මා දුටු අතිවිශිශ්ටම ලක්ෂනයක් වුනේ!


‘තනි වාක්‍යයකින් කියනව නම්’


‘අනුන්ගේ සිත කියවීමෙහිලා ඇය ලබා තිබුනු අග්‍රගනයේ පිහිටීමයි.


‘අමායා’ අතිශයින්ම ආකර්ශනීයයි!


ඊට වඩා බර කරලා කියන්නට, මං වචන දන්නෑ!


‘මගේ කාලයේ දීම, වයස් පරතරයකින් තොර මේ ‘අමායා’ මට නොලැබීම ගැන මා දුක් වුනෙමි’ 


අමායා මගේ සිහින​ දෙවඟන 2

අමාය මගේ සිහින දෙවඟන​ 1

(සත්‍ය සිදුවීමක් ඇසුරින්)

අමායා, අමායා, අමායා, අමායා, අමායා. 
ඒ, මසිත නිතර කියවන, 
නිතර ජපකරන මන්ත්‍රයයි.
 

මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!

‘සිහින දෙවඟනයි! 



මා හා මගේ වටපිටාව!


(පරිච්චේදය) 2


ඒ වනවිටත් වයස හතලිස් එකක්ව වී, පියාගෙන් උරුම ලද වෙළඳාම ජීවනෝපාය කරනෙ සිටි මා, දරු දෙදෙනෙකුගේ පියෙකි.


මගේ විවාහයට වසර දාහතරක් ගෙවී තිබුනු අතර වැඩිමල් පුතාට දහ තුනක්ද, දෙවන දුවට හතක්ක්වද වයස් පිරී තිබුනි.


මට විසි හතේ සිදුවුනු මගේ විවාහය දෙමාපියන් පිළියෙල කර දුන් එකකි.


⁣වත් පොහොසත්, දේපළ හිමි මගේ කසාද බිරිඳ විවාහදා විසිතුන්වෙනි වියේ පසුවුනාය.


වතු පිටි දේපළ හිමි, වෙළඳාම වෘතිය කරගෙන සිටි ඇගේ පියා ප්‍රසිද්ද පුද්ගලයෙකි. තම නගරයෙන් ඔබ්බටද ඔහු ප්‍රසිද්දව සිටියේය​.


පියාට සරිලන්න, ඇගේ මවද දේපළ උරුමක්කාරියකි. වතු පිටි ඉඩ කඩම් ඇයටද තිබුනි. ගමකින් නගරයයට විතැන්වූ පවුලක වූ මගේ නැන්දනීය​ ⁣ශෝභන ගති පැවතුම් හෙබී කාන්තාවක් වූවාය. අනුගමනය කරවානම්, ඇය ආදර්ශමත් ගෘහණියකි.


වැඩිමල් සහෝදරයන් දෙදෙනෙක්ද බාල සහෝදරයෙක්ද සිටි බිරිඳ, ඇගේ පවුලේ තනි ලමිස්සියයි. ඒ නිවසේ ඇය ‘රජ කුමරියයි’


රදළ පැවැත්මක් තිබුනු නිසාද, එයම ආභාශය
කරගෙන සිටි නිසාද, ඒ රදළ ගතාණුගති තුලම මගේ බිරිඳ කොටුවී සිටියාය. ඇගේ පවුල් පරිසරය ඇයට ලෝක⁣යකි. භාහිර ලෝකය තිබුනේ, ඇගෙන් බොහෝ ඈතිනි.


තම​ පවුල් අභිමානය තරම් දෙයක් මගේ බිරිඳට නොතිබුනි. ඒ ගැන කියවන්න දින ගනන් වුනත් වැය කරන ඇය, කියවන අදහසකින් පොතක් අතට ගන්නවා කිසි දින මා දැක නැහැ. පත්තරයක් නං පවන් සලන්නවත් ගන්නේ නෑ.


(මම ඉස්කෝලේ යන කාලේ සතියකට පත්තර හතයි, මදිවට ඉන්දියාවෙන් එන දෙමළ කතා පොතුත් කියවනවා. දෙමළ හෝඩියේ අකුරක්වත් ඉගෙන ගත්තු නැති මං, දෙමළ කියවන්නේ සිංහල කියවනවා හා සමානවයි, ලියන්න නං බෑ)


තම පුවලේ නමට කැළැලක් ඇති වීම ඇගේ ප්‍රානයට යමක් සිදුවීම හා සමානව මගේ බිරිඳ දකී. මගේ නමට කැළලක් ඇති නොවීම පිළිබඳවත් ඇය සැළකිලිමත් වුනාය​.


අගනුවරද, බිරිඳගේ නගරය ඇතුලුව තවත් තැන්වල දෙපළ ඇතිව, ස්තාවරව සිටි පවුලක ඉපිද, අගනුවර පාසලක අධ්‍යාපනය ලැබ, විදේශ අත්දැකීම් ඇතුලු ව්‍යාපාරික දැනුම් මට තිබුනද, මා අභාශය කරගත්තේ ගැමි පරිසරයයි. මා ප්‍රිය කලේ සැහැල්ලු දිවි පෙවෙතකටයි.


‘අනුන් නිසා නොවන, මගේම වූ ජීවිතයකට මා ප්‍රිය කරන්නෙකි’


ඒ මගේ පියාගේ ගමය, උපත​ අසල ගමේ ග්‍රාමීය රෝහලේම වී, ළදරු අවදිය මව තුරුලේම ගෙවුනද​,

මගේ ළමා විය බොහෝ සෙයින් ගෙවුනේ නගරබදවය. ඒ අධ්‍යාපන කටයුතු නිසයි.


(අවශ්‍යම කාලයේ මා අහිමි කර ගත්තු ඒ සුන්දර ජීවිතය ගැන සාංඛාව මට තවම තිබෙයි)

පියාව විවාහ කරගෙන නගරයෙන් ගමට පැමිනි මගේ මව, තවත් ආදර්ශමත් ගෘහණියකි. අරපිරිමැස්මට, ගෘහස්ත කළමනාකරණයට ඇය පූර්වාදර්ශී ගෘහණියකි.


අවශ්‍ය කරන දෙයක් අප සොයා සිටින මොහොතක, ඒ සොයා සිටි, ඒ දේම, මව අපට අරගෙන දෙන්නේ අපව විමතියට පත් කරමිනි. ආරක්‍ෂා කර තබා ගන්නා ඇගේ පූරුද්ද, ඇගේ මතක ශක්තිය අපූරුයි.


සාමාන්‍ය පවුලක සිට උත්සාහයෙන් ඉදිරියට පැමිනි මගේ පියා, තම අවසන් කාලයේ දී නිතරම මට කීවේ, තමාගේ දියුණුවේ පසුපස සිටියේ මගේ මවම බවයි.


බාල සහොදරයන් තුන්දෙනෙක් මට සිටි අතර නැගැණියක්ද සිටියාය.


මගේ නැගැණියව පියා ආවාහ කර දුන්නේ වයිද්‍යවරයෙකුටය. නගරයේ ඇයට නිවසක් සාදා දුන් මගේ පියා, එදා තිබුනු නව පන්නයේ ලියාපදිංචි නොකල කාර් එකකුත් අරගෙන දුන්නේය​.


‘පියාගේ කැමැත්ත අවසන් 'තීරණය​' ව​ අප නිවසේ තිබුනු නිසාවෙන්, මගේ රුචිය අරුචිය ඔහු ඉදිරියේ පවසන්න මා මැළි වුයෙමි. මගේ සහොදරයන් කෙසේ වෙතත්, මා ඔහුට ‘බිය’ පුතෙකුව සිටියෙමි.


පසු කාලෙයේ පියා⁣ගෙ ව්‍යාපාර කරට ගෙන කටයුතු කරන්න සිද්දවුනේ මටයි. ඒ මා පවුලේ වැඩිමලා වූ නිසයි.


ව්‍යාපාරික ලෝකය සැමවිට එකමාකාර නොවූ අතර එය වෙනස්වන සුළු එකකි. නොයෙකුත් හේතූන් ඒකට පාදක වෙයි.


පෙර සැළසුමක් නොතිබීම, අධි තක්⁣සේරුව, අනිසි කළමනාකරණය ව්‍යාපාරයක් වට්ටන ප්‍රධාන සාදක වෙයි.


කාලගුණික, දේශපාලනික විපර්‍යාස, සුනාමි, වසංගත වැනි හදිසි අවස්තා, ජාතික ආර්ථිකයම වෙනස් කරයි.


නව සොයා ගැනීම්, නව නැඹුරුතා වැනි නැවුම් ආකර්ශනද, නවක ජීවන රටා වැනි විශේෂ කාරණාද, ප්‍රවනතාවය උඩු යටිකුරු කරයි.

ඉකිං, අපේ ව්‍යාපාරයද හිටි හැටියේ කඩං වැටුනා. එයට, ඉහත කී කිනම් හෝ කාරණාවක් හේතු වෙන්න පුළුවන්,


නැතිනම්,


මුල් පරිපාළක (මගේ පියා) ගේ තිබුනු අත්ගුණය, ඔහුට තිබුනු ලැබීම, මට! හෝ අපට! ( මගේ සහොදර වරු ඇතුලුව) නැතිව ඇති යන අද්‍යාත්මික (හෝ මිත්‍යාව) කාරණාව හෝ හේතු වෙන්නත් ඇති, සමහරවිට.


ඒ කිසිත් නැතිනම්, සියල්ලට පරිභාහිර වූ අත්භූත කාරණාවක් මුල් වෙන්නත් ඉඩ තිබුනා. මට එහෙමත් සිතුනේ, අපේ ව්‍යාපාරය වැටුනු සැටිය නිසයි.


තම අවසන් කාලයේ දී “මා උපයා ගත් ධනය මා ඉදිරියේම නැති වී ගියා නේ” ලෙස මගේ පියා කනස්සලින් දොඩවූවේ වේදනා බර සිතකිනි.


නිවසේ වාහන දෙකක් තිබී, එවා මාරුවෙන් මාරුවට පදින්න වූ මම පසුව ගමන් ගියේ පොදු ගමනා ගමන සේවයෙනි.


බිරිඳ ළමයි හා එක්ව ගමන් යාමේදී, මා ඇගේ වාහනය භාවිතා කලෙමි.


මගේ අත්තා මගේ අම්මාට දෑවැදි දුන් ව්‍යාපාර ස්තානයක් ඇරෙන්න සියල්ලම අපට නැතිවිනි. ‘සහොදරවුන් එක්ව සුළු ව්‍යාපාරයක් කරගෙන යනවාය’ ⁣ලෙස මා පෙර සඳහන් කලේ, ඒ ස්තානය ගැනයි.


අපේ අනපේක්ෂිත ආර්තික කඩා වැටීමෙන් ගොඩ ඒම අරඹයා, මගේ බිරිඳගේ පියා මෙන්ම මගේ බාල සහොදරයෙකුගේ පවුලේ අයද අපට උර දුන්හ.


කඩා වැටීම නැවැතුනු නමුත් ගොඩ ඒම පහසු කාර්‍යයක් නොවින​.


අප කෙමෙන් කෙමෙන් උඩුගම් බලා පීනුවෙමු,,,