(සත්‍ය සිදුවීමක් ඇසුරින්) |
මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!
‘සිහින දෙවඟනයි!
බලාපොරොත්තුව!
(පරිච්චේදය) 5
උසස් පෙළෙන් විශිශ්ටව සමත් වීමෙන් වෛද්‍ය පීඨයට තේරීපත්ව, විශ්වවිද්‍යාල අපේක්ශාවෙන් සිටි අමායා පේරදෙණිය, කරාපිටිය හෝ කොළොඹ බලාපොරොත්තුවෙන් සිටියාය.
‘ලීඩශිප් ට්‍රේනින්ග්’ එකට අමායා ගියේ, මා සමඟ ‘චැට්’ කරන්න පටං ගත්තු මුල් කාලයේයි.
කරාපිටිය ලැබුනොත් තමාට දුරක් නොවන බවත්, පේරාදෙණිය ලැබුනොත් දුරක් ගෙවා එන්න සිදුවෙන මුත්, මා මුන ගැසීමේ අවස්තා සැළසෙන නිසා, පේරාදෙණිය ලැබෙනවාටයි තමා වඩා කැමැති බව අමායා මට පැවසුවාය.
‘කරාපිටිය නෙවෙයි, පේදුරු තුඩුව ලැබුනා උනත්, ඇයව බලන්න මම යන්න ඕනා’
ඒ අමායාගේ ඉල්ලීම (ආඥාව)!
කරාපිටිය හෝ පේරාදෙණිය, එයින් කොයි එක ලැබුනත්, ගෙදර යෑමක් සාමාන්‍යයෙන් නිතර සිදු නොවන්නක් නිසාද, අපේ මුන ගැසීමේ පහසුව නිසා. “පේරදෙණියම ලැබේවා” යි අප දෙදෙනාම පැතුවෙමු.
‘කොළොඹ ලැබුනොත් කරන්නේ මොනවාද?’ කියන සංවාදය අපට ඇති වුනේම නෑ.
‘පසු කාලවල දී අප අතර සිදුවුනු චැට් හුවමාරුවල,
“මාව බඳිනවද?” ,
“ඔයා මගේ නේද?”
“මගේ විතරමයි නේද?”
‘නිතර පාහේ අමායා මගෙන් අසන ප්‍රශ්නය!
‘ඒවා සියල්ල එක දිගට ඇය පෙළ ගස්සනවා!
‘මේවා මාව අමාරුවේ දමන ප්‍රශ්න!
‘ඒ බව ඇයත් හොඳාකාරම දන්නවා!
‘එහෙනං ඇයි?
‘ඒ බව දැන දැනයි අමායා ඕවා අහන්නේ!
‘මාව උරගා බලන්නත් එහෙම අහනවා ඇති! ලෙසයි මට සිතුනේ.
කෙසේ හෝ,
“ඔව්, අපි හොඳ විදිහක් කරමුකෝ” ලෙස ඇඟට නොදැනෙන්න මං දීපු පිළිතුරෙන් ඇය කරබාගෙන සිටියා.
‘එයින්, මං සැනසුනා,
‘අමායා මාව මගේ කතාව විශ්වාස කරලා’ ලෙස මං හිතාගෙන හිටියා!
(ඉතිරිය අමාය මගේ සිහින දෙවඟන 6)
No comments:
Post a Comment