Sunday, August 21, 2016

මා උන්මත් කල ගී 16

  හැමෝම ගී තෝරන එකේ, මාත් හිතුවා ඉයන්ගේ​ ජීවිතය හා බැඳුණු ගීත සහ පොඩි තරඟයක් මගින් දියත් කල සොඳුරු අභියෝගය බාර ගෙන​ ගී දාසයක් තෝරන්න​. රැල්ලෙන් බැහැර​ ව කල් පසුවී, මා මේ කටයුත්තට ඉදිරිපත් වී ඇත්දෝ කියල මට සිතුනත්, පසු වී හෝ, මගේ සිත ගත් ගීත කිහිපය තෝරන්න මා ඉදිරිපත් උනේ මෙය ම​ගේ හදවතට බොහෝම සමීප අංශයක් වූ නිසයි... 'නිකං ආවාට ගියාටත් බෑනේ, සිංදු තෝරන්න'​... 'හෙඩින් එකේ වචනාර්තයටම වෙන්න එපෑයැ තෝරන සිංදු, 'මෙමරි කැපෑසිටිය​​ මේ ගීත රසනය කල​ කාලේ වගේ උනා නම්, 16ක් නෙමේ 16න් 10ක් තෝරන්න තිබුනා, අද ඇති මෙමරියේ තරමට 16 තෝරගත්ත නම්, ඒකත්​ ලොකු හපන්කමක්'  ද්‍රවිඩ​ ගීතයන් සමූහයක්ද මා දරුණු ලෙස උන්මාද කර ඇති මුත් මා සම්භන්ද වී ඉන්නේ සිංහල බ්ලොග් ලෝකය සමඟම වන බැවින්, මා සිත උන්මත් කල සිංහල ගීත පමනක් තෝරගන්න මෙහිදී මා තීරනය කලා​.

බොහෝ විට තුරුණු විය පැවැතුනු කාල වකවානුවන්ට​ අනූව, එම තෝරා ගැනීම් එකිනෙකාට​ වෙනස්වෙන අතර ඕනෑම කෙනෙක්ගේ සිතේ විශේෂයෙන් රැඳෙන්නේ ඔහු/ඇය තරුණ වියේ දී ශ්‍රවනය කල ගී පදයන්ම වීම සාමාන්‍යයකි. එම සාමාන්‍යයට විරුද්දව,​ සිත්වල ගැඹුරෙහි මිහිදත් වන සදාහරිත ගීතයන්ද අපමනය...ඒවාට කාල වකවානුවන් බල නොපායි...එවන්,​ කාලයන්හි හා අකාලයන්හි මා ශ්‍රවනය කල, 16 සීමාව​ට හසුවී, ​සිතේ පැලපදියම් වූ, ක්‍රමයෙන් මා උන්මත් කල, බොහෝ ආයාසයකින් මා තේරූ සිංහල ගීත කිහිපය​ මෙසේයි.


 රෝහන වීරසිංහයන් ගැයූ මේ ගීතය මාව බෙහෙවින්ම උන්මත් කල එකක්, මගේ අමායා ...මගෙ දෙවඟන (අමායා) 1 කතාවේද මේ ගීතය ගැන මා සඳහන් කර
තිබෙනෙවා.  
 රූකාන්ත ගුණතිලක ගැයූ මේ ගීතයද මාව උන්මත් කල එකක්. 
 නාමල් උඩුගම ගැයූ මේ ගීතයේ​, ඒ තරම් විරහවක් නොතිබුනත්, ගීතයේ ඇති තනුවල  රසය මාව උන්මත් කලා.
ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගැයූ මේ 'සඳ රේණු වෑහෙනා'  ගීතය මා උන්මත් කල එකක්
 ෂෙල්ටන් මුතුනමගේ ගැයූ 'මේ දෙව් මැදුරේ' ගීතය මා උන්මත් කල එකක්.
 ජගත් වික්‍රමසිහ ගැයූ මේ ගීතය මා බෙහෙවින්ම උන්මත් කල එකක්, පොදුවේම මා ජගත් වික්‍රමසිහගේ ගීතවලට කැමැති අතර ඔහුගේ බොහෝමයක් ගීත මා උන්මත් කල ඒවායි. 1960 දී  නිකුත් වූ බටහිර ගීතයක් වන​ Seald With a Kiss මා මුල්වරට ශ්‍රවනය කලේද​ ජගත් වික්‍රමසිංහගේ මියුරු හඬිනි. ඒ ගීතයට මගේ තිබුනු කැමැත්ත නිසාම, පසුව​ එහි මුල් ගීතය ශ්‍රවනය කරන්න වූ මට, ඒ ගීතය තුල ජගත්ගේ හඬින් මා විඳී ආශ්වාදය නොලැබුනි. මුල් ගීතය අභිබවා ගිය රසනයක් ලබා දී එම ගීතයට ජගත් අතිසාධාරනයක් ඉටුකර ඇති බව කිව යුතුමයි. එදා මෙදා තුර ජගත් මගේ ප්‍රියතම ගායකයාය.​

 රෝහන සිරිවර්දන ගැයූ 'දේව මන්දීරේ' ගීතය මා බෙහෙවින් උන්මත් කල එකක්
 විජය බන්ඩාර වැලිතුඩුව ගායනා කල 'ඇරයුම්පතක්' ගීතය මාව දරුණුව උන්මත් කල එකක්. 
 චඳ්‍රසේන හෙට්ටි ආරච්චි ගැයූ 'යෙහෙළියක සේ' ගීතය මා බෙහෙවින් උන්මත් කල එකක්. 
 ෂර්ලි වයිජයන්ත ගැයූ 'ඈත සිතීජයේ' ගීතය මා බෙහෙවින්ම උන්මත් කල එකක්. 
 දයාරත්න පෙරේරා ගැයූ 'ඔබට සිත ආදරේ කරයි' ගීතය මා උන්මත් කල එකක්. 
 මිල්ටන් මල්ලව ආරච්චි ගැයූ 'මේ මැයි ගහ යට​' ගීතය මා බෙහෙවින් උන්මත් කල එකක්.
 අතුල අදිකාරී ගැයූ ' පාරාදීසේ' ගීතය මා උන්මත් කල එකක්. 

ගී 16 යේ සීමාවේ නතර කරන්න සිදුවුනු නිසා නතර කලා මිසක් කැමැත්තෙන් නතර කලා නම් නෙවෙයි, මේ ගී ටික තෝරන අවස්තාවේ මා ඒ ගීතයන් තුල ජීවත් උනා. ඒ තරම් සුන්දර විඳීමක් මා ලැබුවේ. ගී දාසයේ සීමාවේ නතර වීමෙන් මා උන්මත් කල අනෙකුත් ගීතයන්ට මා මේ  අසාධාරණයක්දෝ කියලත් හිතෙනවා මට. කපුගේගේ 'උන්මාද සිතුවම්' ටී.එම් ගේ ගීත කිහිපයක්, සුනිල් එදිරිංහගේ ගීත සමූහයක් මාව පිස්සු වට්ටපු ඒවා.





            මගේ සත්‍ය ආදර කතාව සීත උක්‍රේනයේ ​සුමුදු සැඳෑවක්! කියවා  ප්‍රතිචාර දෙන්න.


මාව මගේ සුන්දර අතීතය කරා රැගෙන ගිය 'ඉයන්ට' නැවතත් මගේ ස්තූතිය​.