Friday, March 13, 2015

ගෝජි බෙරී !

images (3)'ගෝජි බෙරී' (Goji berry) අපට නුහුරු නමක් වගේම නුහුරු රසයකි, 'වුල්ෆ් බෙරී' ( Wolf berry)ලෙසත් හඳුන්වන මෙය රසවත් අධි පෝශ්‍යදායී පළතුරකි. පැනි​, ඇඹුල් හා තිත්ත රසයන්වලින් මුසු ආමෝදයකින් යුතු​ මෙය මිහිපිට ඇති අධිතම පෝෂනීය පළතුර ලෙස සැලකෙයි. නැවුම් පලතුරක් ලෙසද​, වියලාගත් ආහාරයක් ලෙසද භාවිතයට ගැනෙන ගෝජි බෙරී​ය සාමාන්‍යයෙන් ඇට නැති දිගටි මිදී ගෙඩියක හැඩයක්ද​ තැඹිලි මිශ්‍ර​ තද රතු වර්ණයක්ද ගනීයි.

( Lycium barbarum ) විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගෝජි බෙරී, සාමාන්‍ය එළවලු වන තක්කාලි, අල​, වම්බටු, මිරිස් වර්ග මෙන්ම අධි විෂ සහිත පැලෑටියක් වන 'බෙලඩෝනා' ( Belladonna ) ශාකයන් අයත් වන​ විෂ ගෙඩි ශාක (Solonaceae, Nightshade ) පවුලට අයත් වෙයි. මෙය ටිබෙටය සහ මොන්ගෝලියාව සම්භන්දවන හිමාලය කඳු ආශ්‍රිතය නිජබිම කර ගනී. පසු කාලීනව එයින් බැහැරව​​ ඒ ආශ්‍රිත අනිකුත් ප්‍රදේශවලද විවිද රටවල්වලද ගෝජි බෙරී වගා කරනු ලබයි. බටහිර රටවල මෙය හඳුන්වා දෙනු ලැබුවේ මෑතක දීය​. ආසියාවේම රටක් වූ අප ලංකාවේ මේ පළතුර වගා කර ඇති වගට වගතුගක් නම් නැත.

download (5)අවුරුදු දහස් ගනනකට පෙර ඉඳන්ම ගෝජි බෙරී ටිබෙටය සහ චීනයේ, ආහාරයක් වශයෙන්ද ආයුර්වේදයක් වශයෙන්ද භාවිතා කරනු ලැබින. පළතුරු වර්ග අතර 'ගෝජි බෙරී' අද්විතීය වන්නේ මිනිස් ශරීරයට​ අවශ්‍යම​ ඇමැයිනෝ අම්ල සියල්ල​ එහි අඩංගු වන නිසාය​. පළතුරු වර්ග අතර ප්‍රෝටීන් බහුලවම අඩංගු පළතුර වන්නේද ගෝජි බෙරිය​. ගෝජි බෙරිවල අඩංගු විටමින් අගයද ඉතා ඉහල බවක් දරන​අතර එහි අඩංගු කැරැටනොයිඩ් ( Carotenoids ) අගයද අනෙක් ඕනෑම ආහාරයක අඩංගු වනවාට වඩා අධිකය​. මිනිස් ශරීරයට අවශ්‍ය ඛනිජ වර්ග විසි එකක් ගෝජි බෙරිවල අඩංගු වන අතර කෙඳි අඩංගුවද ගෝජි බෙරිවල ඉතා ඉහලය​. නිවිතිවල මෙන් පස​ලොස් ගුණයක යකඩ තමන් සතු බවට​ පුරාජේරු වන​ ගෝජි බෙරීවල කැල්සියම්, තුන්තනාගම්, සිලේනියම් හා තවත් බොහෝ ශරීරයට​ අවශ්‍ය ඛනිජ අඩංගු වෙයි. එහෙයින් 'පුරාජේරුවීම සාදාරනය' බවට අපට​ පිළිගන්නම වන අතර​'ගෝජි බෙරී' පෝෂ බලාගාරයක් ලෙසද පිළිගත යුතුව ඇත.​

මේ විශ්මිත කුඩා පළතුරේ ස්වාභාවික ප්‍රති-බැක්ටීරීය ( Anti-bacterial ), ප්‍රති-ප්‍රදාහ ( Anti-inflammatory )​, ප්‍රති-දිලීර  (Anti-fungal) සංයුක්තද අඩංගු වෙයි. එහි අඩංගු ශක්තිමත් ප්‍රති-ඔක්සිකරණ ( Antioxidant ) ගුණ සහ 'පොලිසැකරයිඩ (Polysaccharides) ප්‍රතිශක්තිකරණ පද්දතිය (Immune-system ) නගා සිටුවීමට බෙහෙවින්ම උපකාරී වෙයි. එහෙයින්, ශරීර ශක්තියයි, දීර්ඝායුවයි රඳවා ගැනීම පිළිබඳව පාරම්පරික චීන වෙදකම කීර්තියක් ඉසිලීම විශ්මයක් නොවෙයි. මා කරුනු උපුටා ගත් වෙබ් අඩවියේ සඳහන් නොවුනත්, ටෙස්ටෝතෙරෝන් නිපදවන්න උපකාරී වන ප්‍රෝටීන් හා සිzන්ක් අගයන් ගෝජි බෙරීවල ඉතා ඉහලව ඇති නිසා, එය ස්වාභාවික පුරුෂ ශක්ති වර්ධකයක් ලෙසද සඳහන් වෙයි. 

images (6)යටි කොන්දේ ආබාද, කරකැවිල්ල සහ ඇස් පෙනිමේ දුර්වලතා මග හරවා ගැනීමට උපකාරයක් ලෙස,​ පාරම්පරික චීන වෙදකමේ දී , මිනිස් වකුගඩුව සහ අක්මා ආධ්‍රවකය මත ගෝජි බෙරීය​ ක්‍රියා කරවා ඇති බව කියවේ. ගෝජි බෙරීය​ බොහෝ විට නැවුම් පළතුරක් ලෙස ආහරයට ගන්නා ලබන​ග අතර තේ පානයේදී මිරිකාගත් මිශ්‍රනයක් ලෙසද​, සූප් ව්‍යාඤනයට රසද්‍රව්‍යයක් හැටියටද ගෝජි බෙරීය​ භාවිතා කරන ලබයි.  විජලනය කල ගෝජී පළතුරක් මෙන්ම​ ඕට්ස් ( Oatmeal )සහ මුසේලි ( Muesli ) වැනි අතුරු ආහර පිළියෙල කිරීමේදී ඒවාට එකතු කිරීමෙන්ද පැය කිහිපයක් පෙඟෙන්නට ඇර පෙරාගත් ජලය රසවත් පානයක් ලෙස හෝ බෙරී හා පෙරාගත් ජලයද​ එකතු කිරීමෙන් රසවත් අතුරුපසයන්ද සදා ගත හැකියි.images (8)images (9)

මදුමේහය  (Diabetes ), රුදිර පීඩන  ( Blood pressure ) වැනි රෝගවලට මාත්‍රාවන් ගන්නා අය හා රුධිරය උකු කිරීම සඳහා Warfarin වැනි බෙහෙත් භාවිතා කරන්නන් ගෝජි බෙරී ආහාරයට ගැනීමෙදී වෛද්‍ය උපදෙස් මතම ඒවා ආහාරයට ගැනීම සුදුසුයි. ඒ, ඒ තුලින් අහිතකර අන්තර්ක්‍රියා ඇති වීමට ඉඩ ඇති බැවිනි.

images (5)ආසියානු ආහාර වෙලඳ පොලේ බහුලව දක්නට ලැබෙන ගෝජි බෙරී බොහෝ සෙයින් වෙළඳපොලට එන්නේ චීනයේ හා ටිබෙටයේ ඇති වානිජ ගොවිපොලවල් හරහාය​. මේවායේ අධික කෘමිනාශක ද්‍රව්‍යය හා කෘත්‍රීම පොහොර අඩංගුව තිබිය​ හැකියි. කාබනික බවට​ හිමිකම් කීවත් සමහර ඒවා එසේ නොවන්නට ඉඩ තිබෙන්නේ  අධික​ ලාභ බලාපොරොත්තුවෙන් ඒවා මහා පරිමානයෙන් කෙරෙන නිසාය​. එම නිසා විශ්වාසයට බඳු මාර්ගයන් හරහාම මේවා මිල දී ගැනීම සුදුසුයි. වෙළඳපොලේ ගෝජී අධි මිළ ගනන්වලට අලෙවි වන අතර එහි ඇති අධිතර පෝශ්‍ය ගුණය නිසා ​ලෝක වෙළඳපොලේ කාබනිකව ක්‍රමයට ලබා ගත් ගෝජිවලට හොඳ ඉල්ලුමක්ද ඇත​. 

ආදාර කර ගත්තු වෙබ අඩවිය​ http://thehealthyeatingsite.com/the-health-benefits-of-goji-berries/

පසුවදන​,

අපට ආවේනික නොවන පළතුරක් ගැන මේ තරම් ලියන්නට හේතුව මන්දැයි කවුරුන් හෝ ප්‍රශ්න කරනවා නම්, ඕනෑම භෝගයක් නගා සිටුවීමේ දේශගුණයක් ඇති අප රටේ මෙම පළතුර වගා කරන්නට හැකිවේ නම්, මෙම අධ්විතීය පළතුරෙන් ලැබෙන පෝෂනය ප්‍රයෝජනයට ගන්න මුදල් ඇති, නැති අප සියල්ලටම වාගේ පහසු වනවා පමනක් නොව​ විදේශයට ගලා යන අප විනිමයද ඉතිරි කර පෙරලා විදේශ විනිමය ගෙන්වා ගැනීමේ මාර්ගයක් කර ගත හැකි වන බවට අදහසක් ඇති කිරීමයි මෙම ලිපිය ලිවීමේ අරමුන​..............

No comments:

Post a Comment