'ගෝජි බෙරී' (Goji berry) අපට නුහුරු නමක් වගේම නුහුරු රසයකි, 'වුල්ෆ් බෙරී' ( Wolf berry)ලෙසත් හඳුන්වන මෙය රසවත් අධි පෝශ්‍යදායී පළතුරකි. පැනි, ඇඹුල් හා තිත්ත රසයන්වලින් මුසු ආමෝදයකින් යුතු මෙය මිහිපිට ඇති අධිතම පෝෂනීය පළතුර ලෙස සැලකෙයි. නැවුම් පලතුරක් ලෙසද, වියලාගත් ආහාරයක් ලෙසද භාවිතයට ගැනෙන ගෝජි බෙරීය සාමාන්‍යයෙන් ඇට නැති දිගටි මිදී ගෙඩියක හැඩයක්ද තැඹිලි මිශ්‍ර තද රතු වර්ණයක්ද ගනීයි.