Showing posts with label අපනයනය​. Show all posts
Showing posts with label අපනයනය​. Show all posts

Thursday, May 28, 2015

බොඳවී ගිය අපනයන සිහිනය​ !


downloadකරගෙන යන ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම පවුල් නඩත්තුවට සරිලන්නේ නැති බවින් කනස්සලින් පසු වුනු මගේ වාසනාවටමදෝ ඉතාලියේ ඉඳන් පැමිනි බිරිඳගේ ඥාතියෙක් අපනයනයක් ගැන යෝජනාවක් ගෙනාවේ​. ඒ, ලංකාවෙන් රෝමයට එළවළු හා පළ​තුරු අපනයක් පිළිබඳ යෝජනාවයි, රෝමයේ සිට ආනයන කරුවා වන්නේ එම ඥාතියා වන අතර එම අපනයනය ලංකාවේ සිට සිදුකල යුතු පුද්ගලයා මා වනවාට ඔහු යෝජනා කලේය​. ඔහු යෝජනා කල මිලද සිත් ගත් නිසා, අපනයනය ගැන කිසිත් නොදත් මා ලහි ලහියේ සාධ්‍යතාවන් ගැන සොයන්න ගත්තේ, ඥාතියා 'මා හැර වෙන කෙනෙක් සොයා ගනීවිදෝ'​ බවට  ඇති වුනු චකිතය නිසයි.

Friday, March 13, 2015

ගෝජි බෙරී !

images (3)'ගෝජි බෙරී' (Goji berry) අපට නුහුරු නමක් වගේම නුහුරු රසයකි, 'වුල්ෆ් බෙරී' ( Wolf berry)ලෙසත් හඳුන්වන මෙය රසවත් අධි පෝශ්‍යදායී පළතුරකි. පැනි​, ඇඹුල් හා තිත්ත රසයන්වලින් මුසු ආමෝදයකින් යුතු​ මෙය මිහිපිට ඇති අධිතම පෝෂනීය පළතුර ලෙස සැලකෙයි. නැවුම් පලතුරක් ලෙසද​, වියලාගත් ආහාරයක් ලෙසද භාවිතයට ගැනෙන ගෝජි බෙරී​ය සාමාන්‍යයෙන් ඇට නැති දිගටි මිදී ගෙඩියක හැඩයක්ද​ තැඹිලි මිශ්‍ර​ තද රතු වර්ණයක්ද ගනීයි.