Tuesday, April 1, 2014

සමලිංග සේවනය ! Homosexuality !


'නොයෙකුත් කෙටි කතා මෙන් ලිපිද මේ බ්ලොගය තුල කතා කළ මා මේ ලිපිය තුලින් කතා කරන්න අදහස් කරන්නේ සමලිංගික සේවනය ගැනයි. ලෝකයේ මෙය නීතිගත කිරීම හරිද වැරදිද යන්න තර්ක​ කරන්න හෝ මා මේ පිළිබඳව දැනමුත්තෙකු කියමින් මෙහි අඩංගුවන සියල්ල​ හරියි කියන්න​ හෝ නොවන අතර මේ කරුණ​ පිළිබඳව මගේ සිතත නැඟුනු යමක් ඔබ ඉදිරියේ තැබීමයි මෙම ලිපිය ලිවීමේ අරමුන​. මා බඳුන් කරන මේ කාරනාව ලෝකයේ අදටත් විසඳුමක් නැති ප්‍රශ්නයක් බව පෙන්වා සිටින අතර​ මගේ අනිකුත් කෙටි කතා, ලිපි මෙන්ම මෙයද මනසාශ්‍රිතව සිතිය යුතු කාරනාවක් බව පෙන්වනයි උත්සාහ කරන්න්නේ. 



මේ තුලින් මා ප්‍රතමයෙන් සංවාදයට ගන්න අදහස් කරන්නේ මිනිසාගේ මනස ගැනයි. මනස යනු ජිවියකගේ කැමැත්ත, අකැමැත්ත​, අශාව​, පිළිකුල​, සතුට, වේදනාව යන මෙකී නොකී මානසිකව බලපාන සියුම් දේ හා සම්භඳ වන සංවේදී ඉඳ්‍රීයකි. ප්‍ර​බල​ මනසක් ඇති දුබල ශරීරයක් ඇති පුද්ගලයෙකු මහමේර පෙරලන්න වුනත් ඉදිරිපත් වන අතර​  හර්කියුලස් වැනි ශරීරයක් තිබී මනස දුබල පුද්ගලයෙක්  සුළු විරෝදයක දී පවා ​බියසුළු බවක් පෙන්වයි. මනසක් සමතුලිනතාවයකින් තොර වූ ජීවියා අසාමාන්‍ය සත්වයෙකි. 



  • ජීවිතය සාර්තක කර වෙන්න මනස අති ප්‍රබල සාදයකයකි. ජීවයක් මත, තමන් අකැමැති යමක්  එපිට වූ බලයක් මගින් බලෙන් පටවන්න තැනුවෝතින් හෝ  කැමැති දෙයක් නොකරන ලෙස බලයක් යෙදුවෝතින් එම​ මනස පීඩනයට ලක්වෙයි​. උදාහරනයක් හැටියට ​ක්‍රීඩාවට කැමැති දරුවෙක් එයින් බැහැර කර ඉගෙනීමට යොමු කිරීම සඳහා ඔහු වෙත බලයක් යෙදීමයි. මේකේ ඇති වැරද්ද මොකක්ද ලෙස යමෙකුට සිතෙන්න පුළුවන් නමුත් මා මෙතන අදස් කරන්නේ 'බලයක් යෙදීම' පිළිබඳවයි. තමාගේ දරුවාම හෝ වේවා සියුම් ලෙස යමක් පහදා දීමට උත්සාහ කරනවා වීනා​ බලයක් යොදා හෝ තමාගේ කැමැත්තට නම්මවා ගැනීමට​ තැත් කිරීම​ වැරැදියි. එය එම මනසට ඇතිවෙන අසහනයකි. 




අනිර්වාරයෙන් කළ යුතුයි! එය කල යුත්තේ බලයක් යෙදීමෙන් නොව පහදා දීමෙනි. එය​එසේ නොවේනම්, මානසික අපහසුතාවය​න්ට ලක්වන​එම දරුවා පසු කාලීනව​ මානසික අසමබරතාවයන්ට ලක් වන්න පුළුවන්, සමහරවිට ඊට එහා ගිහින් මානසික​ රෝයෙගීකු වෙන්නටත් පුළුවන්. 

  මානසික රෝගියෙකුසැමවිටම​ අප පාර තොටේ දකිනා පිස්සෙක්ම විය යුතු නැත​. අසාමාන්‍ය ලෙස අමතක වීම්, බලාගෙනම අතේ ඉඳීම්, හේතුවක් නැතිව කෝප වීම් තනියම සිනාසීම් වැනි මෙකී නොකී කාරනාද මනසේ අසමතුලිනතාවය නිසා ඇති වෙන අතුරු පලයන්‍ය​. අපි යමෙක් සමඟ වචන හුවමාරු කර ගැනීමේ දී සෞම්‍ය වචන යෙදීමෙන් හා ප්‍රිය මනාපව හැසිරීමෙන් එම පුද්ගලයාගේ මනස සතුටු වී ප්‍රභෝදමත් වන්නේය​. ඔහුද පෙරලා ඒ අයුරින්ම හැසිරීමට උත්සාහ කරන්නේය​​.සිදුවූ මෙම ක්‍රියාවලිය නිසා මෙහිදී සම්භන්ද වන දෙදෙනාගෙම මනස සතුටු වී ඇත​. ඔවුන්ගේ සිත් නිරෝගිමත් වන්නටද කාරණා වන්නේය​. එසේනම්, ජීවිතය ජයගන්න නම් මනස සතුටින් තබා ගත යුතුමයි.




ජීවයක් නිර්මානය හෝ පරිමානය වෙලා තියෙන්නේ එය එක්තරා රාමුවක් තුල සිට ලෝක, පාරසරික​, ආගමික​, දාර්ශනික සාරධර්මයන්ට අනුකූලය​. මෙහිදී, මානවයා හා තිරිසනා ස්වභාවයන්ට අනූව වෙනස් වෙන අතර​ එම ජීවයන් අතර ඉහත කී සාරධර්මයන්ට විරුද්ද හා විකෘති මානසිකත්වයන් ඇති ජීවීන්ද ලෝකයේ අප අතර සිටීයි. මෙතෙන් සිට අප තිරිසනා අමතක අකර මනුස්වයා ගැන පමනක් හා එකී මනුස්වයාට ආකර්ශනය වන කාරනා පිළිබඳව සංවාදයට ගමු. 


මිනිසාට ආකර්ශනය වන නොයෙකුත් කාරනාවන් අතරින් කාමය ප්‍රධාන තැනක් ගනී. ලෝකයේ කවුරුන් හෝ වේවා කිසියම් අයුරකින් කාමය කෙරෙහි ආකර්ශනය වන්නේය​. එසේ නොවන්නෙක් අසාමාන්‍යය​හෝ රෝගීයෙකු වෙයි. පොදු න්‍යායයට අනූව, කෙනෙකුට කාමුක ආකර්ශනයක් ඇතිවිය යුත්තේ තමාගේ විරුද්ද ලිංගිකයකු සමඟයි. එකිනෙකාගේ ශරීරයන් නිර්මානය වී ඇත්තේ එයට අනුකූලවයි. අසාමාන්‍ය ක්‍රම තිබුනත් සාමාන්‍ය ලෙස කිසියම් ශාරීරික වින්දනයක් ලබා ගැනීමද​ තම වර්ගයා බිහි කර ගත යුත්තේද​ මේ පිළිගත් ක්‍රමය​ තුලිනුයි. මෙය ඒ ආකාරයෙන් වීමෙන් සමබරතායී පවුල් සංස්තාවක් ගොඩනැගෙන අතර සමාජයේ පිළිගැනීම ඇත්තේද පිළිගත් මේ ක්‍රමයටයි.




මා කතා කරන්න යන්නේ මෙම සාමාන්‍ය න්‍යායයට පරිභාහිරව තමාට සමාන ලිංගිකයන් වෙත ආකර්ශනය වෙන වුකුර්ති ආසාවන් ඇති අය පිළිබඳවයි. මොවුන් සමාජයේ සමලිංගිකයන් Gays හා සමලිංගිකාවන් Lesbians ලෙස හඳුන්වනු ලබයි. සමලිංගිකයන් යනු තවත් පුරුශයෙක් කෙරෙහි ආකර්ශනය වන​ විලාසවත් පුරුශයන් වෙන අතර ඔවුන් සංසර්ගයක යෙදීමේ දී එකා අනිකාගේ ගුදය හා කලවා භාවිතා කරයි. සමලිංගිකාවක් යනු තවත් ස්ත්‍රීයක් කෙරෙහි ආකර්ශනය වන ලෙස්බියනි ස්ත්‍රීයන්ව වෙන අතර මුඛාශ්‍රිත​ සංසර්ගවල​යෙදෙමින් ඔවුන් තම අවශ්‍යතාවයන් සපුරා ගනීයි. පොදුවේ මෙවෙනි අය විරුද්ද ලිංගිකයන් කෙරෙහි ආකර්ශනය වීම විරලයි. සමාජීය බලපෑම නිසා විරුද්ද ලිංගිකයන් සමඟ එකතු වෙන්න සිදු වූවත් මොවුන් එයින් තෘප්තියක් නොලබයි.







අසාමාන්‍ය රසයන් ඇති මොවුන් සාමාන්‍යයෙක්/යක් සමඟ විවාහ වෙන්න සිදුවුනත් රසාස්භාවයේ ඇති වෙනස්කම් නිසා ඝට්ටන ඇති වී එම විවාහය දෙදෙරා යන ප්‍රවනාතා බහුලය​. එසේත් නැති නම්, තම පවුල් වටපිටාවට හා සමාජය වෙත ප්‍රශ්නය වසන් කර තමන්ගේ සිත් තුල පමනක් සිර කර තබ​මින් අසහනකාරී ජීවිතයක් ගත කරයි. මෙයින් පලමු දේ වුනොතින් කෙනෙකුගේ හෝ ප්‍රශ්නය එතනින් අහවර වන අතර​ දෙවෙනුව කී දේ වෙනවානම් තත්වය භයානකය​. එයින් දෙදෙනෙකුගේ ජීවිත පීඩාවට ලක් වෙයි. සමලිංගිකයෙක් සමලිංගිකාවක් සමඟ විවාහ වී තමන් අසාමාන්‍ය කෙනෙකු නොවන බවක් සමාජයට අඟවන්න සමහරුන් පෙළඹෙයි. එසේ ඉඳගෙන​ කැමැති පරිදි තම තමන්ගේ මාර්ගයේ ගිහින් හොර රහසේම තම උවමනාවන් සපුරාගන්නත් ඔවුන් සමත් වෙයි. ප්‍රසිද්ද දේශපාලන පක්‍ෂයක උසස් නිලයක් දරන පුද්ගලයෙක්‍ හා ඔහුගේ බිරිඳ එවැනි අය බවට රාවයක් තිබේ


god curse
ලෝකයේ ඇති ආගම් හා දර්ශනයන් මේ පිළිබඳව විවිද මත දරයි. දේවවාදී ආගම් දේශනා කරලා තියෙන්නේ මෙය​ වැරදියි හා මෙවන් දේ කිරීමෙන් පව් සිද්ද වෙන බවත් එවන් දේ කිරීම නිසා දඬුවම් ලැබෙන බවයි. ශාස්තෲන් ලූත්/ ලොට් වරයාගේ කාලයේ දී මෙවන් විකුර්ති කාමාර්ශනිකයන් සිටී ප්‍රදේශයක් මැවීම්කරු විසින් පොලොව ආපිට පෙරලා විනාශ කළ බව කුර්-ආනයේ මෙන්ම බෛබලයේද සඳහන් වෙයි. දැනට මල මුහුද ලෙස හඳුන්වන වන අධි සාඳ්‍රනයකින් යුත් මුහුදු ප්‍රදේශය මෙය බව එම ආගමික ඉතිහාසයන් සඳහන් කරයි. මැදුම් පිලිවෙතක් දරන බුද්ධාගමේ මෙය වලකාලන හෝ අනුබල දෙන ආකාරයේ කිසිම වදනක් දක්නට නොලැබෙන අතර හානිකර නොවන කිසි දෙයක් කිරීමේ තහනමක් නැතැයිද සඳහන්. (කරන දේ හානිකරද, නොවෙයිද​ යන්න එය කරන්නාම දනී ) 


හින්දු ආගමේද ඒ පිළිබඳව පැහැදිලි කිසිවක් සඳහන් වෙලා ඇති බවක් නොපෙනෙයි.  අනෙකුත් ආගම් මේ පිළිබඳව මොනවා කියා තිබේද යන්න මා නොදන්නා අතර දන්න කෙනෙක් සිටියෝතින් ප්‍රතිචාරයක් මගින් අප සමඟ බෙදා ගන්නා ලෙසද ඉල්ලා සිටිමි. ගුදය භාවිතා කරමින් සංසර්ගවල යෙදීම නිසා මෙවන් අයට මාරාන්තික සමාජ රෝගවලට ගොදුරුවන්නට සිද්ද වෙන බව විද්‍යාව කියයි. මෙවන් කෙනෙකු සමාජයේ හඳුනාගනු ලැබුවෝතින් ජනයා ඔවුන් දෙස බලන්නේ පිළිකුල් සහගතව වන අතර​ හැකි තාක් දුරට ඔවුන්ගෙන් ඇත් වී සිටීමටත් උත්සාහ දරයි. 



lonely man
හඳුනා ගැනීමකින් පසු මෙවැනි අයවලුන්ව ගෙදරින් පන්නා ගැනීමේ අවස්තාද ඇතිවෙයි. එහෙයින් මොවුන්ට වෙන්නේ හව් හරනක් නැතිව පාරට වැටීමටය​. එයින් නොනැවතී සමාජයේ අඩතෙට්ටම් වලට මුහුන දෙන්නත් මොවුන්ට සිදුවෙයි. ඔවුන්ට සිදුවෙන්නේ සමාජයෙන් ඇත් වී කොන්වී සිටීමටයි. එ නිසා ඔවුන්ගේ මානසිකත්වය තව දුරටත් පහත වැටෙයි. මානසිකව පීඩනයට ලක් වී ඇති මොවුන් නොයෙකුත් ප්‍රචන්ඩ ක්‍රියාවන් වල යෙදෙන්නට පවා පෙළෙඹෙයි. එය සමාජ සුභ සිද්දියට වන බරපතල හානියකි. බටහිර රටවල ඉන්න මෙවැන්නන් ඔවුන්ගේ අයිතීන් උදෙසා සටන් කර එයන අතර සමහරු එම අයිතීන් දිනාගෙනද ඇත​. නමුත් සංස්කෘතියන්ගෙන් පොහොසත් අප වගේ ආසියාතික රටවල ඉන්න මෙවන් අයගේ තත්වය අනුවේදිනීයයි. ඔවුන්ට වෙලා තියෙන්නේ තමන්ගේ ඇති මෙම විකුර්ති අශාවන් යටපත් කරගෙන මානසිකව පීඩා විඳීමටයි.



friends zone
එලිපිට ධෛරියමත් සමාජයට​ තමාව පෙන්වාගන්න මැලි වෙන මොවුන් තමාගේ රසාස්වාදියන් හඳුනා ගෙන​ තමන්ගේ උවමනාවන් සපුරාගන්න විකල්පයක් වශයෙන් අන්තර්ජාලයේ මිතුරු සමාජ වෙබ් අඩවිවි හරහා දැන්වීම් පලකර තමාගේ සහායකයා සොයන්න උත්සාහ ගනී. මෙම වෙබ් අඩවිවල පලවෙන ඇරයුම් අතරින් අති බහුතරය මෙවන් විශමාකර්ශනීය පුදලයන්ගෙන් බව දැකීමෙන් අප රටේද සාංකාවෙන් පෙලෙන මෙවැනි අසහනකාරී පුද්ගලයන් කොපන සිටීද යන්න පැහැදිලි වෙයි. ආගම් හා දාර්ශනිකයන් මොනවා දේශනා කර බාදා පමුනුවා තිබුනත් ජීවයක් තම සිතේ හැටියට ජීවත් වෙන්න අපොහොසත් වුවොත් එය එම ජීවයට වන​ මානසික අසහනයක් ලෙස වෛද්‍ය​ විද්‍යාව කියයි. 


එම මානසික අසහනය නිසාම ඔවුන් සමාජයේ පිළිකුල් කරන නොයෙකුත් වැරදි සහගත ක්‍රියාවන් කරන්න පෙළෙඹෙයි. එසේත් නැති තැන එම අසහනයෙන් පෙළෙන්නා එය තම සිත තුලම සිර කරගෙන පීඩා විඳී හර්ද රෝග වැනි නොයෙකුත් රෝගවලට ගොදුරු වෙයි. අප නීතිය හා ආගම පසෙක දමා මානසිකව සිතුවෝතින්, තමා කැමැති පරිදි ජීවත් වීමට ඇති මොවුන්ගේ  අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට පසක් වන බැවින්, මේ තත්වය මොවුන්ට වන බලවත් අසාදාරනයකි. මා මෙයින් අදහස් කරන්නේ මොවුන්ගේ ක්‍රියා කලාපයන් අනුමත කර මෙය නීතිගත කල යුතුයි යන්න නොව මෙයට විසඳුමක් සෙවිය යුතුයි යන්නයි.



psychiatrist
තැකීමක් නොකර​ මොවුන්ව මෙසේ නිදැල්ලෙ ඇරීම මොවුන්ට මෙන්ම සමාජයටත් වන බලවත් හානියකි. ලමා පරපුරේ ඉදිරි අනාගතයටත් මෙය බෙහෙවින් බලපායි. මෙවැනි මානසිකත්වයන් ඇත්තවුන් සාමාන්‍යයන් නොවෙයි. මොවුන්ගේ ක්‍රියා කලාපයන් වැරදිමයි. එහි තර්කයක් නෑ. මොවුන් ගැන අවදානය යොමුකල යුතුමයි. එහෙනම් කොහින්ද පටන් ගන්නේ. මොවුන් මෙසේ වීමට හේතුව මොවුන්ගේ වරදින්මද​? නැතිනම් මොවුන් හැදී වැඩුනු පරිසරයේ වරදින්ද? උපතේ දීම මොවුන් ලැබූ ස්වභාවයමද​? නැතිනම් අතරමගදී ඇති වූ වෙනස්කම් නිසා වූ බලපෑමද​? යන කාරනා ගැන සොයා බැලිය යුතුව ඇත​. අනිර්වාරයෙන් මෙයට මුල්වූ කාරනාවක් තිබෙන්නම ඕනේ. අන්න ඒකටයි ප්‍රතිකාර කලයුතුව ඇත්තේ. අපි මොවුන් දෙස බලන්න ඕනේ සානුකම්පිත භාවයකිනුයි, එසේ නැතිව මොවුන්ට බැන වැදීම හෝ තරවටු කරන්න යෑම වැරදියි. කොටින්ම ඔවුන්ව සමාජයෙන් කොන් කිරීම වැරදි දෙයකි. මොකද ඔවුනුත් සාමාන්‍යයන් අතර ජීවත් වෙන අසාමාන්‍ය මිනිස් කොට්ටාශයකි. අපි කතා කල යුත්තේ ඔවුන්ගේ මනසටයි. ඔවුන්ගේ වැරදුනු තැන් සොයා එයටයි ප්‍රතිකාර කල යුත්තේ.



peculiar
ප්‍රතම පියවරක් ලෙස සැමවිටම​ දෙමාපියන් තමන්ගේ දරුවන්ගේ චර්‍යාවන් ගැන අවදානයෙන් සිටිය යුතුයි. ඔවුන්ගේ හැසිරීම්, ආශ්‍රය කරන්නවුන්, රසයන්, කතා බහ කරන විලාසයන්, අඳින පලඳින ආකාරයන් වැනි නොයෙකුත් දේ ගැන අවදානයට ගත යුතුයි. තම​ දරුවා අයත්වන ලිංගික භාවයට වෙනස්ව ප්‍රතිවිරුද්ද ලිංගික භාවයට අයත් හැසිරීම්වල යෙදෙනවානම් ඔහුව මනෝචිකිත්ස වෛද්‍යවරයෙක් වෙත රැගෙන යෑම සුභදායකයි. ලදරු අවදියේ මෙවන් විකෘති ලක්‍ෂන දකිනවානම් එය හෝමෝන අසමතුලිනතාවයන් නිසා ඇති වූ වක් වන්නට බොහෝ විට ඉඩ ඇත​. 


සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට හෝමෝන දෙවර්ගයම පිහිටන අතර පිරිමි දරුවාට පිරිමි හෝමෝන වැඩියෙන්ද ගැහැණු දරුවාට ගැහැණු හෝමෝන වැඩියෙන්ද පිහිටයි. එ පිරිමි දරුවෙක්ට​ අසාමාන්‍ය ලෙස ගැහැණු හෝමෝන වැඩිවීමක් නිසාද ගැහැණු දරුවෙක්ට​ අසමාන්‍ය ලෙස පිරිමි හෝමෝන වැඩිවීමක් නිසාද මෙම විකෘති භාවයට පත්වන්නට ඉඩ ඇත​. වාසනාවකට​ වෛද්‍ය විද්‍යාවේ දියුනුව හේතුවෙන් මෙවන් අයට තමා අයත් ලිංගික වර්ගයට අයත් හෝමෝන ශරීර ගත කිරීමෙන් මෙය යතා තත්වයත පත් කර ගත හැක​. පොරොවෙන් කොටනවට වඩා නියපොත්තෙන් ගලවන එක පහසුයි නේද​?මෙවැනි විකුර්ති පුද්ගලයන් අතර තවත් වෙනස් වූ ආකාරයෙන් මෙවන් තත්වයට පත්වූවන්ද සිටී. එනම් කාලයක් එක ලිංගික කොට්ටාශයට අයත්ව ඉඳ පසුව ඇතිවූ හෝමෝන වෙනස්වීමක් හේතුවෙන් විරුද්ද ලිංගික ගති පැවැතුම් ඇති වීමයි. මොවුන්ව Transgender ලිංගවෙනස් වුවන් ( ස්වභාවයට අනූව නොවුනත් නොවුනත් මානසිකව ) ලෙස හැඳින්විය හැකියි. ඇය-පුරුෂ​, Shemale ස්ත්‍රී-කොල්ලා Lady boy යන නම් වලින් හඳුන්වනු ලබන්නේත් ඉහත කී අයවලුන්මය​.



peculiar
අනික් කාරනය නම්, පිරිමි ළමයි කිහිප දෙනෙක් සිටින නිවසක තනි ගැහැණු දරුවෙක් සිටී නම් එම ගැහැණු දරුවා තම ගැහැණු ගතියෙන් බැහැර වී පිරිමි ලක්‍ෂන උපයොද කර ගන්නා අතර එම දරුවා සමලිංගිකාවක්ම නොවූනත් පසු කළක දරදඬු ලක්‍ෂන හිමී ආදිපත්‍යය පතුරන තාලේ මුරන්ඩු ගැහැණියක් වෙනවා. තනි ළමයා පිරිමී නම් මේ කියූ දෙයින් අනෙක් පැත්ත සිදු වෙනවා. සමලිංගිකයෙක් හෝ සමලිංගිකාවක් නොවී මේ ලක්‍ෂන හිමිවෙනවා වුනත් එය ඉදිරි අනාගතයේ දී ගත කරන්න බලාපොරොත්තු වන විවාහ ජීවිතයට මෙය​බෙහෙවින්ම බලපානු ඇත​. 


මේ අවස්තාවන් සඳහාද මනෝචිකිත්ස ප්‍රතිකාර මගින් රෝගියාගේ යටි මන​සට කතා කර​ උපදෙස් දීම තුලින් සුව කල හැක​. රෝග විනිශ්චය තරමක් අසීරු වුවත් රෝග නිවාරනය සඳහා පොදුවේ ලදරු අවස්තාව පහසු වන අතර රෝගය උඩු යෑමෙන් ඇතිවන පල විපාකද අවම වෙයි. පාරසරික බලපෑම් Environmental effect හා මනෝවිඥාන බලපෑම් Psychological effect  නිසාද මිනිසා මෙවන් තත්වයන්ට ගොදුරු වෙයි. පාරසරික බලපෑම් හා මනෝවිඥාන බලපෑම් එකිනෙක සම්භද වී මිනිසා ගොදුරු කරගන්නා බවක් මට සිතෙයි. මෙවන් බලපෑම්වලට අසුවන්නන් බොහෝ දුරට ගොදුරු වන්නේ පෙර තුරුණු වියේ හා තුරුණු විය තුල නේවාසිකා ගාරවල, ආශ්‍රමවල හා අනෙකුත් සමලිංගිකයන් ලඟින පොදු ලැගුම් හල්වල ඉන්න අවස්තා ඇති වන අයටයි. ලිංගික ආශාවන් ඇති වීමේ මූලාරම්‍භය සිදුවන්නේ පෙර යොවුන් වියේ සිටමයි. එය යොවුන් විය වන විට තව තවත් වර්ධනය වී පරිපූර්න වන්නේය​.




එම යොවුන් වියේ ඇතිවන කාමාශාවන් විරුද්ද ලිංගිකයන් කෙරෙහි වුවත් එවැනි කෙනෙකු වෙත පහසුවෙන් ලඟා විය නොහැකි තැන​ උපදින කාමාශාව කෙසේ හෝ සපුරා ගත යුතුයි යන තත්වය නිසාත් පහසු විකල්පය වන සම ලිංගිකයෙක්ගේ සේවනය පැතීම සිදුවෙයි. වරක් දෙකක් එසේ කිරීමෙන් පසු එය සාමාන්‍ය දෙයක් බවට පත් වී මොවුන් මෙයට ඇබ්බැහි වෙන තත්වයත පත් වෙයි. මෙවන් දේ කිරීමේ දී විශේෂයෙන් ස්ත්‍රීන් තම කන්‍යා පටලයට හානියක් නොසිදුවෙන නිසාත් පසු කලක එය තමාට ප්‍රශ්නයක් නොවේ යැයි සිතන නිසාත් බියෙන් සැකෙන් තොර මෙවන් කාර්‍යයන්වල නිරත වෙයි. වයසින් වැඩි කෙනා වයසින් අඩු කෙනාව මෙයට යොදා ගැනීම මෙහිදී බොහෝ දුරට සිදුවෙයි. පසුව එම වයසින් අඩු කෙනා වයසින් වැඩිවන විට හෝ ඒ වයසේම සිටියදීම තමාට බාලයෙක්ව එම කාරනයටම යොදා ගන්න පුරුදු වෙයි. 


විවාහය තහනම් කර ඇති ආගමික පරිසරයක් ඇති තැන්වල මේවා බහුලව සිදුවෙන බව වාර්තා වෙයි. හේතුව ස්වාභාවිකව ඇතිවන ශාරීරික ආශාවන් සපුරාගන්නට බලාපොරොත්තු තියාගෙන ඉන්න ​තරම් මතුකාලයක දී වුවත් ඔවුන්ට සාමාන්‍ය ලෙස අවස්තාවන් උදානොවන බව නිස්චිතවම​ දන්නා නිසාය​. එම නේවාසික කාලයේ දී මෙවන් දේට පුරුදු වී සිටියත් එහෙන් බැහැර වූ පසු කලක එම පුරුද්දෙන් බැහැර වී සාමාන්‍ය ජීවිතයට හැඩ ගැහෙන්න සමහරුන්ට​ හැකි වුවත් තවත් සමහරුන් ඇබ්බැහි වූ ඒ පුරුද්ද මත්තෙන්ම නියලී සිට දිගටම විෂමලිංගිකයන් වී සිටීමමයි රෝගය​. අප හඳුනාගත යුත්තෙත් ප්‍රතිකාර කල යුත්තෙත් මෙවන් අයටයි.



psychiatrist
ප්‍රතිකාරයන් කුඩා දරුවන්ට මෙන්ම වෙනසක් නැතිව වැඩි හිටියන්ටත් තිබීම හේතුවෙන් වැඩි වියේ සිටින මෙවන් අයද වෛද්‍යවරුන් වෙත යොමු කිරීමේ අවස්තාවන් අපට ඇත​. මෙවෙනි අයව අප හඳුනා ගන්නේ කෙසේද​? මෙය සිදුකල යුත්තේ පවුල් පරිසරයේ සිටමයි. තම පවුලේ විකුර්ති ගති ලක්‍ෂන පෙන්නුම් කරන යමෙක් දුටුවෝතින් ඔහුට මෙය කෙලින් නෝඟවා හෝ පහදා දීමකින් පසු ඔහුව මනෝචිකිත්ස වෛද්‍යවරයෙක්ට පෙන්වීම කල යුතුයි. කිසිසෙත්ම ඔහුගේ හෝ ඇයගේ මේ තත්වය අනුන්ට එලි නොකිරීමට වග බලාගත යුතු අතර ඔහුව/ඇයව කොන් කිරීම හෝ ඔහුගේ/ඇයගේ සිත රිදවීම හෝ නොකල යුතුයි. කාර්‍යාලවල හෝ වෙන යම් තැනක මිතුරු මිතුරියන්ට පවා මේ දේම කල හැකියි. 


මේ තුලින් සමාජයට වන හානියක් වැලකීමට කල උත්සාහය නිසා මානසික තෘප්තියක්ද ලැබෙනු ඇත​. කුඩා ළමුන්ව මෙන් පහසුවෙන් වැඩි වියේ පසුවන මොවුන්ව නම්මවා ගැනීම පහසු කාර්‍යයක් නොවන අතර තමා ගැන වැරදි අවබෝදයක් ඇති කරගෙන ඉන්නා බව කියමින් කෝපාවිෂ්ඪ වී ප්‍රශ්න ඇති කරන්නත් මොවුන් පෙළෙඹෙන්න ඉඩ ඇත​. අනික තමා ඇබ්බැහි වී ඇති සතුටින් එපිට සතුටක් ගැන නොදන්නා මොවුන් තමාගේ සතුට නැති කරන්න තනන ද්‍රෝහියකු, විරුද්දවාදියකු ලෙසත් ඔබව දකින්නට​ පුළුවන්.



psychiatrist
එම නිසා බොහෝම කල්පනාකාරීව ඔවුන්ව කලමනා කිරීම කල යුතුව ඇත​. මෙය ඇරෙන්න සෞඛ්‍ය බලධාරීන් මැදිහත් වී මේ පිළිබඳව අවබෝදයක් ලබා දී මාද්‍යයන් මගින් හෝ වෙන යම් මගකින් ජනයා දැනුවත් කිරීමෙන් හා සෞඛ්‍ය සායන, වැඩමුළු වැනි දෑ පැවැත්වීමෙන් මෙවැනි අසාමාන්‍යයන් අවම කර ගත හැකි වන​ අතර ඒ තුලින් සමාජයටත් සෙතක් සැලසිය හැකියි. අපි වගේ ආසියාතික රටක ඉන්න තමාව එලිපිට නොපෙන්ව ගන්නා මෙවන් අයව හඳුනා ගැනීම තරමක් අසීරු කාර්‍යයක්ම වන අතර කෙසේ හෝ හඳුනාගෙන යහ මාර්ගයට ඔවුන්ව ගැනීම අප සියළු දෙනාගේම පාහේ වගකීමකි. 


රටක නියම දියුනුව ඇත්තේ පාරවල් සෑදීම, අහස උසට ගොඩනැගිලි තැනීම ගුවන් තොටුපොලවල්, වරායවල් හෝ වෙන ඕනෑම යමක් සෑදීම පමනකින් නොව රටේ නියම සංවර්දනය ඇත්තේ නිරෝගී පුරවැසියන් බිහි කිරීමෙනි. මිනිසා නිරෝගී වීමට නම් මනස නිරෝගී විය යුතුයි. ඒ නිසා මා අදහස් කරන්නේ මෙවැන්නන් යතා තත්වයත පත් කිරීම පිනිස පවතින රජය මැදිහත් වී සධ්භාවනීය උත්සාහයක යෙදෙන්න ඕනේ ලෙසයි. 




ලිපියේ මාතෘකාවට බැහැරවයි මා දේ කියන්නේ, රටේ සෙස්සන් තම එදා වේල හොයාගෙන කන්නවත් බැරිව දුක් විඳින කාලයක කිහිප දෙනෙක් පමනක් රජ සැප විඳිමින් රට​ දියුනුයි ජී. ඩී. පී ය ඉහල ගිහිනුයි කියමින් පම්පෝරි ගසන එකේ තේරුමක් තියේද​? ඉහල ගියාද මං දන්නේ නෑ, එසේ  ජී. ඩී. පී ය ඉහල ගිහින් තිබුනත් යන්න ඇත්තේ ඒ කිහිපදෙනාගේ මුදල් සම්භාරය රටේ ඉන්න ඔලු ගනනෙන් බෙදීම නිසාවෙනි. එයින් නිරෝගී මනසක් නම් ඇතිවෙයිද​? අනුන් දෙස බලා සිතේ ගිනි ඇවිලමින් දුක් විඳින මොවුන්ගේ හදවත තවත් රෝගී වෙයිනේ.



complicated
ලිපිය අවසන් කිරීමට ප්‍රතම සිතට නැගුනු අදහසක් මට​ කියන්න සිතෙයි. මොකද මා සියලු දේම මනස මුල් කරගෙන බලන කෙනෙක් නිසයි. මා ඉහත කතා කල අස්වභාවික මානසිකත්වයක් ඇත්තන් නිට්ටාවට හෝ තරමක් දුරට වෛද්‍ය විද්‍යාවෙන් සුව කරන්න හැකිව තිබුනත් යතා තත්වයට පත් කරන්නම බැරි වෙන රෝගීන්ද සිටිය හැකි බවත් එම වෛද්‍ය විද්‍යාවම කියයි. එහෙනම්? මගේ ප්‍රශ්නය එතනයි. මොවුන්ට යන කල දසාව මොනවද​?


 මොවුන්ව එසේම අයාලේ අරිනවද නැතිනම්  'ඔහොම හිටපං' කියා වැට බැඳ කොටු කර තියා ගන්නවද​? ආගම, දර්ශනය, නීතිය පසෙක දමා මට මගේ සිතට හැඟුනු දෙය කියන්නම්. සුව කිරීමට උපරිම උත්සාහයක යෙදීමෙන් පසු විකල්පයක් නැතිම තැන අනෙක් සාමාන්‍යයන් මෙන් ඔවුන්ටත් තමන්ට උවමනා ජීවිතයක් ගත කිරීමේ අයිතියක් ඇති බවක් මට සිතෙයි. කෙසේ නමුත් සෞඛ්‍ය සායනයන් තුලින් ඔවුන් මුහුන පෑ හැකි සෞඛ්‍යමය ගැටලු ගැන දැනුවත් කර සමාජයේ හැසිරිය ආකාරයන් ගැන විධානයන් ලබා දෙමින් ඔවුන්ව ඔවුන්ගේ සිතේ හැටියත සමාජයේ ජීවත් වන්නට ඉඩ ඇරීම මානුශීය ක්‍රියාවක් බව මට සිතෙයි.



complicated
මේ මගේ සිත කියූ දෙයයි, එය ආගමානුකූලව දාර්ශනානුකූල හා පවතින නීතියානුකූල වැරදි බවකුත් මා දනිමි. නීතිය පසෙකට දමා අප ආගම් දර්ශනයන් ගැන සිතුවොත්, කෙනෙක්ව වැරදිකරු ලෙස දකින්නේ හා දඬුවම් පමුනුවන බවට පවසා ඇත්තේ ක්‍රියාවට නොව චේතනාවටයි. යහ ක්‍රියාවක් කිරීමේ චේතනාවක් තිබී එය ඉටුකර ගන්න බැරිව යමෙක් මියදුනානම් එම ක්‍රියාව කළම බවට පිං ලබාදෙන බවට සමහර ආගම් පවසන බව පොත පතෙහි සඳහන්. චේතනාවෙන් තොර කල වැරද්දක් ගැන පවතින නීතිය පවා සැලකීමක් දක්වයි. 


එහෙනම් මා ඉහත කතා කල මැවීම් හෝ පරිනාමයන් තමන් අකමැත්තෙන් විකල්පයක් නැතිව චේතනාවකින් තොර කරන එම වැරද්දට දඬුවම්ක් තිබිය හැකිද​??? ඔවුන් මියදෙනකම්ම තම ආශාවන් යටපත් කර ගනිමින් පිඩා විඳිමින්ම ජිවත් විය යුතුමද​? ඇයි ඔවුන්ව ඒ තත්වයෙන් ලොවට බිහි කලෙත් එම ශක්තියමනම්, එම ශක්තිය මෙම අසාමාන්‍යයාගේ සැබෑ තත්වය හා ඔහු හෝ ඇය මුහුන පා ඇති තතවයන් ගැන නොදනීද​? මොවුන් තම ජීවිත කාලය පුරාවට නොසපිරුනු පිපාසයකින් ජීවත් විය යුතුමයි ලෙස එම ශක්තිය බලාපොරොත්තු වෙයිද? මේ සියල්ල මටනම් විසඳුම් නොතේරෙන ප්‍රශ්නාන්තරයකි. දන්නා අයෙක් පිළිතුරු දෙන්න​!




පසු වදන​,





මා මේ ලිපියේ මුලින් සඳහන් කලා සේ මා මේ පිළිබඳව දැනමුත්තෙක් නොවන අතර මා මෙහි අදහස් දක්වා ඇත්තේ මගේ සිතට නැගුනු ඒවා පමනි. මෙහි අඩංගු මා නොදන්නා යම් යම් තොරතුරු මගේ ඥාති වෛද්‍ය වරයෙකුගෙන් ලබා ගත්තා. මා මේ පිළිබඳ සංක්‍යා ලේකන සොයා සඳහන් කරන්න උත්සාහ නොකලේ, එසේ සංක්ක්‍යා ලේකන තිබුනත් අනිර්වාරයෙනම එය වැරදි විය යුතුයි ලෙස මා සිතූ නිසයි. මොකද මෙහිදී මා කතා කල පිරිස සාමාන්‍යයෙන් තමන්ව එලිපිට පෙන්වා ගන්නා අය නොවන නිසයි. මගේ මේ පිළිබඳ වූ දැනුම බොහෝම සුළු බවක් මෙය කියවූ ඔබට වැටහෙනවා ඇති. එම නිසා දයාබර පාට​ක ඔබෙන් ඉතාමත් බැගෑපත්ව ඉල්ලා සිටින්නේ මගේ අනෙකුත් කුනු හරුප ලිපි, කතා මෙන් කියවා පසෙක නොදමා මේ කරුන ගැන​ තමන් දන්නා කියන යමක් හෝ ප්‍රතිචාරයක් වශයෙන් ඉදිරිපත් කර සියල්ලන් සමඟ බෙදා ගන්නා ලෙසයි. කුනු හරුප ලියනවාට බැනවැදුනත් කමක් නෑ,



ස්තූතියි,

No comments:

Post a Comment