Saturday, April 26, 2014

මා දකින​ ස්ත්‍රී මනෝවිඥානය​!

   කෙනෙකු ගැහැණු ළ​මයෙකු සමඟ ආදරයක පැටලෙන්න සිතනවානම් හෝ විවාහයක් කරගන්න තීරණය කරනවා නම්අන්න​, ලෝකයේ ඇති අති අවදානම්ද, බැරෑරුම් කටයුත්තට​ තමා අත ගසනන්න යන බව පළමුවෙන් ඔහු තේරුම් ගත යුතුයි (පෝරකයට යනව වගේ වැඩක් කියල හිතන්නකෝ ) ඒ, ඔබ ප්‍රතමවරට ගැහැණියක් සමඟ පැටලෙන්න යන නිසාය. ලෝකයේ ප්‍රසිද්ද කවියන්, කතෲන් බිහිවෙන්න ගැහැණුන් හේතු පාදක වී ඇති බව ඉතිහාසයන් සඳහන් කරයි​. ගුප්ත යන වචනයට ඇති උචිතම නිර්වචනය​ ගැහැණියයි.

ගැහැණියගේ මුහුනේ ඉරියව් දැක, කෙනෙක් යම් නිගමනයකට ඒවි නම්, ඔහු මුලාවෙලාය​. උදාහරයකට​, ඔබගේ ගැහැණිය හෝ ආදරවන්තිය​ තම හොඳම මිතුරිය සමඟ සතුටු සාමිච්චියක යෙදී සිටිනවයි කියල හිතමු. ඇය තම මිතුරිය සමඟ විහිළු තහළු කරමින් කතා කරනවා ඔබ දකින්න​ඇති. පසුවී ඔබ වෙත පැමිනෙන​ ඔබේ ස්ත්‍රීය තම මිතුරියගේ අඩුපාඩු කම් ගැන ඔබ සමඟ කතා කරන සිදුවීම් අනන්තවත් ඔබේ ජීවිතයේ සිදුවී, මේක කියවන විට​ ඒවා එකින් එක දැන් ඔබට මතක් වෙනවත් ඇති. ඒ, ඇය එසේ හැසිරුනේ, තමා එම මිතුරියගෙන් දුටු අඩුපාඩු කම් නිසාම නොව, ඕන,නෝන දෙකේ දීම බලපෑම් කරන​​ ස්ත්‍රීයක සමඟම උපන් ඉරිසියාව නොහොත් නිඹුල් සහෝදරියක් වන ගැහැණු ගතිය​ නිසයි.

ඕනේ ජගතෙක් නොමග යවන්න තරම් ගැහැනිය දක්‍ෂය​. යුද්ධ ජයගන්නා අධිරාජයවාදීන් පවා ගැහැණු ඉදියේ දන ගසයි. ගැහැණියකගේ සිත අඳුරු ආගාදයකි. එහි ගැඹුර දැකපු කෙනෙක් ලොවේ නැත​. ගැහැණියක් තම සිත විවෘතව කතා නොකරයි​. ගැහැණියකගේ සිතේ ඇති දේ හොයනවා කියන්නේ මහ​ මුහුදේ ඉදිකට්ට සොයනවා වගෙයි. අඳුරේ අත පත ගානවා වගෙයි. ඔබේ ප්‍රශ්නයකට ගැහැණිය කවදත් විවුර්ත පිළිතුරක් නොදෙයි. බොහෝවිට ඇය ඔබට තවත් ප්‍රශ්නයකින්ම පිළිතුරක් දෙයි, නැතහොත් ඔබව තවත් ප්‍රශ්න ගොඩක මැදිකරවයි. 


ඔබ හිස දුන්නුවිට ඇය වලිගේ ඉල්ලන්න වන අතර​ ඔබ වලිගේ දුන්නුවිට​ ඇය නැවතත් ඔබේ හිසම​ ඉල්ලයි. ඇය ඉදිරියේ ඔබ අසමබරව සිටිනු දැකීමට ඇය බොහෝ සෙයින් කැමැතියි. ඔබේ අනෙකුත් කටයුතු පසුවීමක් ගැන තැකීමක් නොකරමින්​ තමා ගැනම සිතා සිටින තත්වයට ඔබව පත් කරන්න ඇය සමත්. ඇය මේ දේ කරන්නේ තමාගේ පිරිමියාට හෝ තම සිත ගත් පිරිමියාටයි. 

අනෙකුත් පිරිමීන් සමඟ ඇය සාමාන්‍ය​ හා සෞම්‍ය ලෙස හැසිරෙන්නෙ ඔබේ සිතට කටු අනිමිනි. මේ දේ ඇය කරන්නේ ඔබට දැනෙන පරිදියි. ඔබ දරා ගත නොහැකි වේදනාවෙන් පෙළෙයි. ඔබට නොතේරුනත් ඇය ඒ දේ කරන්නේ ඔබේ සිත තුල තව තවත් පැළපදියම් වන්න සිතාගෙනයි. ඒ ඇගේ ආදරය ඉල්ලා පින්සන්ඩු වෙන තත්වයකට ඔබව පත් කිරීමේ උත්සාහයකි. ඇගේ එවන් හැට හතර මායම් නිසා ඔබ තව තවත් ඈ වෙත ඇදී ගොස් ඇති බවක් ඔබට නොතේරෙයි. ඇගේ සිතේ ඔබ ගැන යම් අදහසක් හෝ තිබෙන බව ඔබ මෙයින් හඳුනා ගන්න​ ගන්න​.

ඔබ සමඟ ආදරයක පැටලෙන්න පෙර ඉතා සුහදව ඇසුරු කරන්න පුරුදුව සිටි ඇය, ඔබ ගන සිතක් ඇති කර ගත්තායින් පසු ඇය හැසිරෙන්නේ ඇවිදින වදකාගාරයක් ලෙසයි. සැරින් සැරේ සිත් රිදුම් ඇති කරන​ මෙවන් ගති ලක්‍ෂන ඔබ ඇගෙන් නොදකිනවානම් ඇය ඔබ වෙත පාන ආදරයේ ඇති සත්‍යතාවය පිළිබඳ විමසිලිමත් වන්න​.

ගැහැණිය හෝ තරුණිය තම සිත ගත් පිරිමියා සැමවිටම තමන් ගැන තැකීමෙන් සිටිනවා දකින්න බොහෝ සෙයින් කැමැතියි. පෙලක් වෙලාවට තමන්ගේම දරුවන්ට පාන ආදරය ගැන පවා ඇය ඉරිසියාවෙන් පසු වෙයි. තම පිරිමියා මානසිකව දරදඬුව හැසිරීම ගැහැණිය කොහොමටත් නොරුස්සයි. ඒ නොරුස්සන බව ඈ ප්‍රදර්ශනය කරන්නේ පිරිමියාට එහා ගිය​ මුරන්ඩු බවක් පෙන්වමිනියි. එලිපිට නොකීවත් තම පිරිමියා මානසිකව​, කායිකව දරදඬුව සිටීම ගැන​ ඇය​ බොහෝ සෙයින් ප්‍රිය කරන්නීය​​.

ඒ, තම පිරිමියා එසේ වීමෙන් තම ආරක්ශාව තහවරුවන බවට ඇගේ විශ්වාසය ගොඩනැගෙන නිසාද පෞරුශත්වයකින් යුතු කායික පාලනයකට කොටුවීමකට ඇය ප්‍රිය කරන නිසාද වෙයි​. ඔබ කොපමන පිළිතුරු දුන්නත් එකම දේ නැවත නැවතත් ඇය ඔබෙන් ප්‍රශ්න කරයි. ඇගේ කන්දොස්ක්‍රියාව ඇය නවත්වන්නේ තමා කැමැති පිළිතුර ඇයට​ ලැබුනුනායින් පසුවයි. ඔබ බොරුවක් කීවත් ඇයට කම් නැත​. ඔබේ ඉවසීමේ සීමාව මැන බලන්න ඇය විටින් විට උත්සාහ කරයි. ඔබ නිස්පාසුවේ වැඩක් කරනවා බලාගෙන සිටීම ඇයට කසනවා වැනිය​. සැරින් සැරේ පැමින ඔබව කරදර කිරීමෙන් ඇය අසාමාන්‍ය සතුටක් ලබයි. තමා නුරුස්සන යමක් ඇය ඔබෙන් දුටුවොත්, ඒ වඩුව ඇය ඔබෙන් ගන්නේ වෙනත් යමකිනි. සමහර විට ඔබ කිසිසෙත්ම නොසිතපු දෙයකිනි.

මොකුත්ම නැති තැන නිකරුනේ දරුවන්ට හෝ බැන වැද තම ආතතිය දුරු කර ගිනීයි. සීකරයක් උස ඔබේ ප්‍රශ්නයක්, දූවිල්ලකට​ වත් මායිම් නොකරන ඇගේ,​ දූවිල්ලක් තරම්  ප්‍රශ්නයක් සීකරයක් උස තබා, ඔබ ඇයව​ අස්වැසිය​ යුතුමයි. ඔබට වෙන මගක් නැත​. එසේ නොකලහොත් එලෙඹෙන රාත්‍රියේ දී ඒකේ ප්‍රතිවිපාක ඔබට විඳින්න සිදුවෙනු ඇත​. එකම දෙය නැවත නැවතත් කියවයි. ඔබේ සියලු අවශ්‍යතා පසෙක තබා එය ඔබා අසා සිටිය යුතුමයි. ගැහැණුන් සාමාන්‍යයෙන් පිරිමීන් තරම් කාමයට කෑදර​බවක්  නොදක්වයි. ගැහැණිය​ ඒ ගැන බලන්නේ තරමක උදාසීනව හා අලස බවකිනි. ගැහැණිය කාමයට ඉහලින් අයිස් ක්‍රීම්ද චොකොලට්ද තෝරාගන්නා බව කියවෙයි. මෙය කියවෙන්නේ බටහිරින් වන අතර සමහර විට අපේ ස්ත්‍රීන් කාමයට ඉහලින් රටකජු  මුරුක්කු වැනි දෑ තෝරා ගනීද මන්දා? ඇය කාමය වෙත නැඹුරුවන්නේ සිතපිරුනු මානසික සම්භහනයකින් අනතුරුවයි.

ගැහැණිය පිරිමියාගෙන් සැබෑ ලෙස පින්සන්ඩු වෙන එකම අවස්තාව විය හැක්කේ සයනයේ දී ආපසු නොහැරෙන තත්වයකට ඇය පත් වී ඇති මොහොතකයි. සයනයට ඇය අකමැතිනම් හිටි හැටියේම ඇයට බඩේ අමාරුවක් හට ගනීයි, නැතහොත් තදබල හිසේ ඇම්මක් හෝ ඇතිවී වික්ස් බාම් පවා ඇය තවරා ගනීයි. පැනඩෝල් පෙති ගන්නා ලෙස ඔබ කී විට​තමා ඒවා අරගෙන ඇති බවක් කියා ඔබට ඇය බොරු කරයි. ඒ රැයේදී, ඇය නිදියනකම්ම ඇගේ හිස සම්බහනය කරන්න ඔබට සිදුවෙයි. 

ඒ අතර​ තුර​  මිතුරියගෙන් දුරකතන ඇමැතුමක් ලැබුනොත් ඇගේ බඩේ හිසේ අමාරු නිදි පැදුරටත් නොකියා දුවයි. මිතුරිය ඈට සතුටක් වන යමක් ගැන​ පවසන්න වුවොත් සියල්ල අමතක වී කන රත්වෙනතෙක් දුරකතනයේ එල්ලී වැටෙයි. එම සංවාදයට සවන් දීගෙන සිටින්නට ඔබට අවස්තාව ලැබුනොත් තේරේවි කොයිතරම් වැදගත් දේවල්ද ඇය මෙපමන වෙලා කතා කරන්න ඇත්තෙ කියා. 'හ්ම්හ්ම්හ්ම් මෙහෙමත් ගැහැණු' ලෙස ඔබට කියවෙනවා නොඅනුමාය​. ඔබ ඈ වෙත අවදානයෙන් ඉන්න බව තේරුනොත් තම හිස බඩ අත ගා තමා විඳින වේදනාව ඔබට ප්‍රදර්ශනය කරයි. පසුවී, තමාට හිරිහැරයක් ලෙස ඇමැතුම් ගත් තම මිතුරියට ඔබ ඉදිරියේ දොස්ද තියයි. ඈ කරන මේ සියළු දේ සංයමයෙන් යුතුව බලා සිටින්නට ඔබට සිදුවෙයි. ඔබ දෙපල අතර කොපන ප්‍රශ්න තිබුනත් අනුන් ඉදිරියේ ඔබව හෑල්ලුවට ලක්වනවාට ඇය ඉඩ නොතියයි. ඒ ඔබ ඇගේ ස්වාමියා නිසාය​. නැතහොත් ඔබ ඇගේ ආදරවන්තයා නිසාය​. 

අනුන් ඉදිරියේ ඔබ කැපී පෙනෙන ලෙස වැන්ජබෙනවාට ඇය බොහෝ සේ කැමැතියි. එයද මා කලින් කී කාරනය නිසාම වෙයි. කොපමන අග හිඟ කම් තිබුනත් අනුන් ඉදිරියේ ඒවා පෙන්නන්න හෝ අනුන් එවා දැන ගැනීම ඇය නොරුස්සයි. ඒ නිසා තමාගේ නෑදෑ හිතමිතුරු ඉදිරියේ ඔබේ පිරිපුන් බව පෙන්වමින් ඔබ ජැන්ඩියට ඇඳ පැලඳ සිටීම ගැන ඇය වැඩි උනන්දුවක් දක්වයි. තම රූ සපුව ආරක්‍ෂා කරන්න ඇය උපරිමව උත්සාහ දරයි, ඇය ඒ දේ කරන්නේ අනෙක් පිරිමීන් ආකර්‍ෂනය කර ගන්නයි ලෙස ඔබ සිතනවානම් ඔබ වැරදියි. හේතුව ස්ත්‍රීන් පොදුවේ අනෙකුත් ස්ත්‍රීන් ඉදිරියේ කැපී පෙනෙන්න බොහෝ සෙයින් කැමැතියි. මෙයින් පිරිමි ආකර්‍ෂනයද ඇය බලාපොරොත්තුවන අතර එම ස්ත්‍රීයගේ එවිට පවතින විවාහක​, අවිවාහක​, පෙම්වත් නොපෙම්වත් භාවයන්ට​ අනූව වෙනස් විය හැකියි . සංවර විවාහක ස්ත්‍රීන් අනෙක් පිරිමීන් ආකර්‍ෂනය ගැන තැකීමක් නොකරයි.

 තමා හැර වෙන විකල්පයක් ඔබට​ නැති බවක් ​ඔබට සම්භන්ද ස්ත්‍රීයට වැටහුනු තැන ඔබ වෙත ඇගේ ග්‍රහනය උග්‍ර වන අතර විකල්පයක් හෝ ඔබට තිබෙන​ බවට​සැකයක් මතුවුනොත්,ඇය​ ඔබ සමඟ බොහෝම සෞම්‍යව කටයුතු කරනු ඇත​. එවැනි අවස්තාවක ඔබට​ එවැනි දෙයක් තිබේද යන්න​ දැනගන්නකම් ඇයට ඉස්පාසුවක් නැත​. එවන් මොහොතක ඇය සිටින්නේ ලිප්  හබලේ  වද විඳින්නෙකුගේ අසහනයනි. 

ඔබ තද නින්දක සිටින විට දී පවා ඔබට බාදා කර එය තහවරු කර ගැනීමට​ ඇය උත්සාහ ක​රයි. අවසානයේ දී ඇය නියතවම ජය ගන්නවා, එහෙම නොවෙයි කියන කෙනෙක් ඉන්නවනම් ඕනෑම ඔට්ටුවකට මම සූදානම්. තමාට අවශ්‍ය යමක් ඇයට ඔබෙන් කරගන්න තිබෙනවානම් එදින ඇය හැසිරෙන්නේ ඔබ මවිත කරවන ලෙසය​. ඇය ඔබේ පිස්සු ඩබල් ඩබල කරයි. සමහර විට ඔබ ගෙවන ඒ රාත්‍රිය ඔබ ගෙවූ සතුටුම රාත්‍රිය වෙන්නත් පුළුවන්. මෙවන් ගැහැණියක් ලැබීම මහත් භාග්‍යයක් ලෙසත් ඔබට සිතී, පසු දිනක 'මේ යක්‍ෂනී දාලා හිස කොහේ හරි යන්න ඇත්නම්' කියල හිතෙන්න වෙන්නෙත් ඔබේ සිතටමයි. තමාගේ පිරිමියා තමාගේ පියකරු බව නිතරම පාහේ වර්ණනා කරනවාට ස්ත්‍රීය කැමැතියි. 'බොරු කියන්න එපා' ලෙස කියමින් නැවත නැවතත් ඔහුගේ කටින් ඇගේ පියකරු බව​ කියව ගැනීමට ඇය උත්සාහ රයි. 

තම සහායකය බොරු කීම ගැන ඇයට තැකීමක් නැත​. තම සහායකය තමාට පාන ආදරය උරගා බලන්න ඇය නොයෙක් ලෙසින් උත්සාහ කරයි. ඇය හේතුවක් නැතිව ඔබෙන් ඈත් වෙලා ඉඳියි. බොරුවට කෝප වෙයි. ඇය එසේ කරනවිට ඔබ ඇගෙන් නැවත නැවතත් පින්සෙන්ඩු වෙනවා දැකීමෙන් ඇය අප්‍රමාන​ සතුටක් විඳීයි. ඇය වැරදි කරන්නේම නැත​. එනිසා කිසි දිනක ඇය ඔබෙන් සමාවක් නොඉල්ලයි. ඈ කළ වරදට සමාව දී නිදොස් කරන්න ඇගෙන් පින්සෙන්ඩු වෙන්න ඔබට සිදුවෙයි​. 

ඔබේ සහායිකාව කවර දිනක ඔබ ඉදිරියේ හෝ ඔබට ඇසෙන පරිදි වාතයක් පිට කර තිබෙනවාද යන්න මතක් කර බලන්න. එවැනි ලැජ්ජාසහගත සමහර දේ ඇය හොර රහසේම කරයි. තමා ලඟ දහසක් අඩුපාඩු තියාගෙන කිසිම පැකිළීමකින් තොර තවත් ගැහැණියකගේ අඩුපාඩු කියයි. තමා නාන්නේ නැතිව ඉඳ දිනපතා නාන ඔබට ගඳයි කියා අහකට එලවයි. බැරි වෙලාවත් ඇය සමඟ තරහක් ඇති වී ඔබ ඇගෙන් ඈත් වී ඉඳීයි නම් ඇය තම​ හැට හරත මායිම නොහොත් අති බලගතු ආයුදය භාවිතයෙන් ඔබව කම්බස් කරයි. පසුව, වලිගේ හකුලාගත් ඔබව, කිව්වොත් තම දෙපා ලෙව කන්න වුනත් සූදානම් හීලෑ සුනකයකුගේ තත්වයකට පත් කරයි. 

සුඛෝමල ලෙස භාහිරව පෙනුනත් දරා ගැනීමේ මානසික ශක්තිය අතින් පිරිමීන්ට වඩා ගැහැණුන් බොහෝ සෙයින් ඉදිරියෙන් සිටින අතර පහසුවෙන් ඔවුන් අදෛරියමත් නොවෙයි. එනිසාම, අධි රුධිර පීඩන මධුමේහය වැනි රෝගවලට පිරිමියා ගොදුරු වන පමනට​ ගැහැණුන් ගොදුරු නොවෙයි​. ගැහැණියක් සම වයසේ ඇති පිරිමියෙකුට වඩා බුද්දියෙන් ඉහලය​. හොඳ අධිෂ්ඪානයක් ඇති ගැහැණියක් ලොව ජය ගැනීම කරා තම පිරිමියා බුද්දිමත්ව නඩත්තු කරන අතර එසේ නොවන​ගැහැණියක් තම සහායකයා පයෙන් ඇද බිම දමයි.


අර මොකක්දේ මුඛය වඩා තව මොකක්දෝ මුඛයක් බලවත් කියන්නේ. ලෝකයේ සුන්දරම සත්වයා ගැහැණිය වන අතර භයානකම සත්වයාද ඇයම වෙයි . ලිපිය තුලින් මා අදහහස් කරන්නේ, පිරිමි අප​ ස්ත්‍රී මනෝභාවයන් තේරුම් ගෙන කටයුතු කල යුතු බවයි. අපේ ගැහැණිය අපේ සිතැති පරිදි හැඩ ගස්සවා ගෙන​අපේ සිතැති පරිදි ජීවත් වන්නට​ අපට පුළුවන් වුනොත් ලොව ජයගන්න එක අපට අපහසු කාර්‍යයක් නොවෙයි. අප ඇයට සත්‍යවන්තයකු විය යුතු නමුත් සැමවිට සත්‍ය ප්‍රකාශ කරන්නෙකුම විය යුතු නැත. විවාහ ජීවිතය සතුටු කර ගැනීම සඳහා බොරුවක් දෙකක් කියන්නම සිදුවෙන බවත් කියා සිටිය යුතුයි. මා මෙතන කියූ කාරනා විවාහක කාන්තාවන් හා අවිවාහක ආදරය කරන යුවතියන් වෙතින් වෙන වෙන ගති ලක්‍ෂන ප්‍රදර්ශනය වනු ඇත​. 

මෙම ලිපියේ සංවාදයට නගා ඇති කරුනු අතර සමහරක් විවාහක කාන්තාවන්ටද සමහරක් යව්වනියන්ටද තවත් සමහරක් දෙපාර්ශවයටම පොදු ඒවාද වෙයි. ඉහත මා සඳහන් කල කරුනු මා ආශ්‍රය කල ස්ත්‍රීයන් තුලින් මා දුටු ගති ලක්‍ෂන හා හැඟීම් රටාවන් වන අතර ලෝකය විවිදාකාර හා එහි මනුෂ්වයන්ද විවිදාකාර නිසා මගේ අදහසට පරිභාහිර ලක්‍ෂන ඇති ස්ත්‍රීන් ඕනේ තරම් සිටිය හැක​. මා මගේ කතාවක සඳහන් කලා සේම ගැහැණියන් ගැන පිටු සියයක පොතක් වුනත් මට ලියන්න හැකි බව කියා සිටින මා ලිපිය නිමා කරන්නේ මෙයට ආදාල වන​ අන්තර්ජාලයෙන් ලබා ගත්තු විද්‍යාත්මක කරුනු සමහරක් ඔබ ඔබ ඉදිරියේ තබමිනි.

කලලයක් හට ගැනීමේදී සති අටක් යනතුරුම දරු ගැබේ ඇති එම කලලය තුලට එස්ට්‍රෝජන නොහොත් ස්ත්‍රී ක්‍රියාකාරී හෝමෝන පමනක් ගලා යන්න වන අතර පුරුෂ ක්‍රියාකාරී ටෙස්ටෝටියරෝන් නැමැති හෝමෝනය ගලා යන්නේ ඉන් පසුවයි. කලලයේ ස්ත්‍රී පුරුෂ භාවය තීරනය වන්නේද ඉන් අනතුරුවයි. ස්ත්‍රී පුරුෂ දෙපිරිසටම ඉහත කී හෝමෝන දෙවර්ගයම අඩු වැඩිව පිහිටන අතර ස්ත්‍රීයකට එස්ට්‍රෝජන් හෝමෝනය වැඩියෙන්ද ටෙස්ටෝටියරෝන් අවමයෙන්ද පිහිටා කලලය ස්ත්‍රී ක්‍රියාකාරිත්වය ආක්‍රමනය කරයි. එසේම පුරුෂයෙකුට ටෙස්ටෝටියරොන් බහුලවද එස්ට්‍රෝජන අවමයෙන්ද පිහිටා  පුරුෂ බලය තහවුරු කරයි. 

එය එසේ වීම නිසාමයි පිරිමියෙකුගෙන් විටක ගැහැණු ලක්‍ෂනද ගැහැණියෙකුගෙන් විටක පිරිමි ලක්‍ෂනද මතුවන්නේ. මෙවන් සාමාන්‍ය​ ගති ලක්‍ෂන ඇතිවෙන්න නම් මනුශ්වයකුට තම පාර්ශවයන්ට​ අනූව හෝමෝන​ අවශ්‍ය ප්‍රතිශතයනක​ අනූව පිහිටා තිබිය යුතුයි. අසමාන්‍ය ලෙස ප්‍රතිශතය වෙනස්වී ඉහත කී හෝමෝන විකෘතිව​ ලෙස​ පිහිටීම හේතුවෙනුයි අසාමාන්‍ය ගති ලක්‍ෂන ඇති  'සමලිංගික සේවනය' ලිපියේ හඳුන්වා දුන් තාලේ නපුංසකයන් හා එවැන්නවුන් අපට දකින්න ලැබෙන්නේ. 

මෙවැනි ගති ලක්‍ෂන ඇත්තන් වෛද්‍ය විද්‍යාව තුලින් සුව කර ගත හැකි බව පෙන්වා දෙමින් එම​ ලිපිය තුලින් මගේ අදහස් ප්‍රකාශ කළෙමි. මේ ලිපියේ දී මේ විද්‍යාත්මක කරුනු මා මේ ලිපියට​ එකතු කර ගන්නේ යම්විට, අප ඇසුරු කරන ස්ත්‍රීයන්ගෙන් අසාමාන්‍යය ගති ලක්‍ෂන පෙන්නුම් කරනවානම් ඉහත කී විද්‍යාත්මක කරුනු ආධාර කරගෙන අපට යම් නිගමනයකට එන්න පුළුවන් හෝ ඔය කෝනයෙන් සිතා වැඩි දුරටත් අධ්‍යයනය කරන්න පුලුවන් වන නිසයි.

මේ ලිපිය මා ලියන්නේ පෞද්ගලිකව මගේ සිතට දැනුනු සමහර කාරනා තුලින් වන අතර සමහර විද්‍යාත්මක කරුනු අන්තර්ජාලය හරහා ලබා ගත්තු ඒවා වෙයි​. මගේ බ්ලොගය වෛද්‍ය විද්‍යාව හදාරන හා එයට සම්භන්ද අයද කියවන බව මා දනිමි. මා මෙහි සඳහන් කල මනෝවිඥාන අදහස් හා හෝමෝන පිළිබඳ කරුනු වල වැරද්දක් දුටුවේනම් හෝ එකඟතාවයක් නැත්නම් හා අමතර කරුනු ඇත්නම් මේ බ්ලොගය තුලින්ම තම අදහස් පළ කර පාටකයන් දැනුවත් කරන්න​.



           මගේ සත්‍ය ආදර කතාව සීත උක්‍රේනයේ ​සුමුදු සැඳෑවක්! කියවා  ප්‍රතිචාර දෙන්න.

" ලිපිය පල කරන්නේ,  එල්ල වන්නට නියමිත දරුණු (කොසු, ඉදල්)ප්‍රහාරවලට ඔරොත්තු දෙන්න​ හොඳ​ පට්ටයක් පිටේ බැඳගෙනයි ඕං"​

No comments:

Post a Comment