Wednesday, January 27, 2016

එම්බාම් චූන්!

මට මේ කතාව මතකෙට ආවේ අජිත් කුමාර බ්ලොග් දර්ශකයේ හඳුන්වලා දුන්නු අලුත්ම බ්ලොගයක් වන http://karakoppuwa.blogspot.com/යේ කියවන්න ලැබුනු http://karakoppuwa.blogspot.com/2016/01/blog-post.html ලිපිය නිසායි.


මා මෙතන මේ කතාව කිව්වට මොකද මේකේ සත්‍ය අසත්‍යාවය ගැන නම් තහවරුවක් වෙන්න බෑ.

වැල්ලම්පිටිය හංදියේ 2000 වසරේ මා කරගෙන ගිය ග්‍රොසරියක නිතර පහේ එන යන පාරිභෝගිකයෙක් මට සත්‍යයයිද රහසයිද ලෙස රසකර විස්තර කල​ කතාවකි මේ..........


මා මේ සඳහන් කල වකවානුවට කාලයකට පෙර ඔය කොලොන්නාවේ හිටියා චන්ඩියෙක්, පාතාල නායකයෙක් කිව්වත් වැරදි නෑ. සුදුවට හිටපු මහත්මයකු ලෙසයි ඔහු හැඳින්වෙනු ලැබුවේ. එවක කෙරුනු දේශපාලනික මිනී මැරුම් බොහොමයක් මොහු සිදු කරායිද​, ලලිත් අතුලත් මුදලි ඝාතනය සිදු කලේද මොහු විසින්ම බවටද රාවයක් ඇත​.


සාමාන්‍ය මිනිසෙකුට ඔහුගෙන් ප්‍රශ්නයක් නිතිබුනත්, ඔහුට බියෙන් ජීවත්වීමට එවක කොලොන්නාවේ මිනිස්සු පුරුදුව සිටි අතර තිබෙන බිය නිසාම පලාතේ මිනිස්සු ඔහුට මෙන් ඔහුගේ සගයන්ට පවුලේ උදවියට ඝරු සරු දීමෙන් ජීවත් වූහ​. 

එවක සිදුවූ දේශපාලනික පෙරළියෙන් පසු වැඩි කල් යන්ට මත්තෙන්ම ​සිදු කල මෙහෙයුමකින් මෙම පාතාල නායකයා ඝාතනය කරනු ලැබිනි. එය කරනු ලැබුවේ ඔවුන් අතරින්ම මතුවූ තවත් පාතාල කල්ලියක් විසින් වූ අතර එම අවස්තාවේ ඝාතනයට ලක්වුනේ එම පුද්ගලයා පමනක් නොව ඔහුගේ බිරිඳද ඇතුලුවයි.

එම්බාම් කිරීම සඳහා මොවුන්ගේ මෘත ශරීර ගෙන ගොස් තිබුනේ කොලොන්නාව ආසන්නයේම ඇති වෙනමම පලාත් පාලන ආයතනයකින් පාලනය වන​ තවත් නගරයක තිබූ මල් ශාලාවකටයි.

මල් ශාලාවේ  එම්බාම්කරුවා පාතාල නායකයාගේ මිනියේ එම්බාම් කටයුතු සාමාන්‍යයෙන් සිදුකල බව කියවෙන අතර පාතාල නායකයාගේ බිරියගේ මිනිය එම්බාම් කිරීමේ දී ඔහු විසින් කිසියම් විශේෂයක් කල බවයි මෙතන​ කියවෙන්නේ.

'මෙම පාතාල නායකයා ජීවතුන් අතර ඉඳල තිබුනොත් මෙවැනි දෙයක් කරන්න මොහුව පනපිටින් ඉතුරු කරයිද' කියලයි අහවල් පාරිභෝගිකයා කතාව අවසන් කලේ...