Showing posts with label යුක්‍රේනය​. Show all posts
Showing posts with label යුක්‍රේනය​. Show all posts

Friday, December 10, 2021

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 3

"විසිනව වසක් හද​ ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව​ සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු,  සුන්දර අතීතය තුල ​ඔබද රඳවාගන්නයි'

"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 2


ෆේජි !

(පරිච්චේදය) 3

ඕං ඉතිං කාමර අංක 4, කතාවේ හැටියට ඔය කාමරයේ ඉන්න ඕනේ මම නේ හරිනං! ඕං එහෙනං, ඔය කාමරය අයිති එක්කෙනා.

ඒ තමයි ‘රියාල්’ අපේ ලංකාවේ සම්මන්තුරේ පැත්තෙන් ඇවිත් හිටිය 'රියාල්' මට වඩා අවුරුදු අටකින් විතර වැඩිමල්.

රියාල් 'අකදේමියා'(ඇකඩමි) වේ මට අවුරුද්දක් ඉදිරියෙන් සිටියේ. කොට මහත​, කකුලේ තිබුනු ගල් තැලුම් නිසා අමාරුවෙන් ඇවිදින රියාල්​, පෙනුමක් ඇති පුද්ගලයෙක් නොවූවේය​.

ඔය කාමරය වගේම ඔය කාමරයේ තිබූ බඩු බාහිරාදිය​ සියල්ල රියාල්ගේ ඒවාම විය​. රියාල් අහිංසකයෙක්.

ඔය කෝම්නතය​(කාමරය​) රියාල්ගේ නම්, මම කොහොමද ඔතෙන්ට ආවේ​​? ඒ වග කියන්න නම්, තව විශේෂ පුද්ගලයෙක් ගැනත් කියන්න වෙනවා.

ඒ තමයි 'ෆේජි' (ඒ ෆේජී, තමාට තමාම තියාගත්තු නමක්) හැදුනු වැඩුනු ෆෙජීගේ වයස අවුරුදු 21යි. ආවේ අක්කරෙයිපත්තුවෙන්.

ෆේජීයි මමයි උක්‍රේනයට ආවේ එකටයි​. ෆේජිගේ අප්පච්චි පුත්තන්ඩියාව බලා ගන්න කියලා මටයි බාර දුන්නේ. ලංකාවේ දී ෆේජි හිටියේ නිකං හාවෙක් වගෙයි.

ආවායින් පස්සේ නේ වැඩේ තේරුනේ, ඕකා නාහෙට අහන්නැති එකෙක්.1993 දෙසෙම්බරයේ අකදේමියාවට ලියාපදිංචි වුනු අපි දෙන්නටම​ ලැබූනේ 3 වන එතාෂ්zෂ් (මහල​) යේ කාමරයක්.

ලංකාවෙන් අරගෙන ගිය බඩු බාහිරාදිය පිළිවෙල කරගෙන අපි එහේ නැවතුනා.

මේ ‘ෆේජී’ එක තැන හිටියේ නෑ, ආපූ දවසේ ඉඳලම මූ එහේ මෙහේ යනවා, බීගෙන ඇවිත් මග්නිතෆෝනය (හයිෆයි සෙට් එක) දාගෙන නටනවා.

රුසියානු අකුරක් ඉගෙනගෙන නෑ (රුස්කීන්ට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි බෑ) රුස්කී කෙල්ලෝ කාමරේට එක්කං එනවා.​ සිංදු අහන්න, ජීවිතය විඳින්න මාත් කැමැතියි, ඒත් මූ වගේ බෑ.

මට ෆේජී එක්න ඉන්න එක වදයක් උනා. පියා බාර කලාට, මට බැරිවුනා ඕකව මෙල්ල කරන්න.​ කියන දෙයක් අහන එකෙක් නෙමෙයි මේකා.

ඕකා zසියාඩ්ට අන්තයි. ඇවිල්ල සතියක් යන්ට මත්තෙන් හැම දේම පටං අරං. වසවර්තියත් එක්ක සතියකට වඩා මට ඉන්න බැරිවුනා.

මම කාමරය ඔහුටම දීලා ගියා රියාල්ගේ කාමරේට​. දෙකාන් (පරිපාලක​) ට කියල කාමරයක් ඉල්ල ගන්නකං රියාල් එක්ක ඉන්නම් කියලයි මගේ අදහස තිබුනේ.

රියාල්ගේ අකැමැත්තක් තිබුනෙත් නෑ ඔකට, කොහොමටත් රියාල් අහිංසකයා නේ. මම රියාල්ගේ බඩු මුට්ටු පාවිච්චි කලා වගේම​ කෑම​ වියදමේ ලොකු හරිය මම කලා.

ඒක රියාල්ට සහනයක් වුනා, එයින් ඔහු සතුටු වුනු බවත් මට තේරුම් ගියා.

එහෙයින්, වරදකාරී හැඟීමක් නැතිව දිගටම එහේ නවතින්නත් ​මට පුළුවන් වුනා. අනික, අපි දෙන්නට අනෙක් උවමනාවනුත් නොතිබුනු නිසා, තනි කාමර සොයාගෙන යන්න තිබුනු උවමනාව මට නැතිවම ගියා.

පසු කාලෙක 'යානා' කියල පොඩි හුරුබහුටි කෙල්ලෙක් එක්ක ෆේජී යාළුවුනා. ඇය සමඟ කාලයක් ෆේජී එකට සිටිය බව මට මතකයි. සුදෝ සුදු බෝනික්කියක් වගේ හිටි යානා තම 14 වෙනි උපන් දිනය සැමරුවේ ෆේජී සමඟ ඔහුගේ කාමරයේයි. එම උපන් දින සැමරුමට අමුත්තෙක් ලෙස මාද සහභාගී වුනා.


(ඉතිරිය සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 4)

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 2

"විසිනව වසක් හද​ ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව​ සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු,  සුන්දර අතීතය තුල ​ඔබද රඳවාගන්නයි'

"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 1



සතරවෙනි කාමරය !

(පරිච්චේදය) 2

හරි හැටි විදුලි එළියක් හෝ නැති අඳුරු පිවිසුමක් හරහා සෝපානයෙන්ද පඩි පෙලෙන්ද ලඟාවිය හැකි එවන් අඳුරු මැද zසාල් (සාලය).

පොදු මුළුතැන්ගෙයි 2ක්, පංති කාමරයක් සහිතව නිදන කාමර හතරකින් සමන්විතව 6ඒ, 6බී, 6සී, 6ඩී ලෙස වෙන් කර තනවා ඇති,

අතුරු සාලයන් හතරෙන් 6බී සාලයේ,

පදිංචිකයන් සියළු දෙනාගේ සහභාගිත්වයෙන් මේස පුටු සොෆා ආදිය යොදා, වෝල් පේපර් අලවා කාපට් අතුරා, ෆ්ලෝරසෙන්ට් ආලෝකයෙන් නහවාලූ.

ශීතකරණ, මයික්රෝවේව්, සපත්තු ඇඟලුම් රාක්ක සමන්විතව, දොර ජනේල් බැල්කනිය, පිළිවෙලකට අලංකාරව තබාගෙන ඇති ඒ පරිශ්‍රෙය්.

(එය හාත්පසින්ම වෙනස් පරිසරයකි)

වෝල් පේපර් අලවා කාපට් අතුරා, රූපවාහිණියක්, අල්මාරියක්, කැබිනෙට්ටුවක්, කැසට් රෙකෝඩරයක් තිබුනද,

තැනින් තැන ගමන් මලුද තවත් දේවල්ද කිසි පිළිවෙලක් නැතිව තබා ඉඩ අහුරා යාබද සාලයටත් නිගා කරමින් විකාරව තිබූ අංක 4 කාමරයේ,

පෙති කල​ යාබ්ලකා(ඇපල්)ගෙඩි කිහිපයක්, නපීතක් (පළතුරු බීම​​) ස්තකාන්ස්කි(වීදුරු) 20 LM (සිහරේට්- සිගරට් වර්ගයක්) පැකට් එකක්,

අලි සයිස් 'ස්පීච්කි (ගිනිපෙට්ටි) යක්, අතුරා තිබූ වීදුරු ටීපෝවක් ඉදිරියේ ඇති ඇඳක් ලෙස අකුලා දිග ඇරිය හැකි සෝෆා සැටි⁣යේ,

''සඳ කුමාරියක් දීගෙක යනවා,
රබන් සුරල් හඬ රැව් දෙනවා,
තුරු ලතා මඩුල්ලේ''

('ප්‍රින්ස්’ පසුබිම සංගීතවත් කරගෙන සිටියේය​)

කෝම්නතා (කාමර) අංක 1කේ හිටියේ ශිෂ්‍යයෙක් බවට​ ව්‍යාජ ලියාපදිංචියක් ගෙන සුළු වෙළඳාමේ නිරතවෙමින් සිටි​ ඊගර්. ඔහු උක්‍රේනුවෙකි.

ප්‍රතම විවාහයෙන් දික්කසාද වී සිටින ඊගර් නේවාසිකාගාරයේ තනියෙන් ජීවත් වෙයි. ඊගර් ඉක්මනින් කලබල වෙන, නිතරම සැකෙන් බලන,​ ඉඳ හිට සියුම් ඊර්ෂියා පාන​ එක්තරා බොළඳ පුද්ලයෙකි.

වයස 28ක් වූ මොහු පිරිසිදු භාවය​ ගැන බොහෝම ​සැළකිලිමත් වෙයි. ඔහු තම මතයේ දැඩිව සිටින පුද්ගලයෙකි.

ඔහුගේ අසාර්ථක පළමු විවාහයට හේතු කාරකත් ඔහුගේ ඔය ගති ලක්ෂනමද කියලත් සිතෙයි.

ප්‍රීවියත්! (හායි) පකා! (බායි,චෙරියෝ) දෝබ්‍රි ඌත්රා! (සුභ උදෑසනක්) ස්පකොනොයි නොත්ච්! (සුභ රාත්‍රියක්)

මට්ටමින් තබා ගෙන සිටියොත්, හොඳින් ඉඳිය හැකි මුත්, ලංවී ගනු දෙනු කරන්න ගියානං තරහ කරගන්න වෙන, අමුතු චරිතයක් 'ඊගර්'

සතියට වරක් හෝ ඊගර් හොස්ටල් එකට 'දේවුෂ්කෙක්' (කෙල්ලෙක්) ව අඞ ගහගෙන එයි. සුළු පහේ භෝජන සංග්‍රහයක් කර, එම​ රාත්‍රියේ තමා සමඟ ඈව තියාගන්නා ඊගර්,

පසු දින උදයම ඇයව ඔහු පිටමන් කරන්නේ අප අවදි වන්නටත් පෙරාතුවයි.

ඒ, ඊගර්ගේ හැටියක් වන අතර මෙය ඔහුගේ සතියේ චර්‍යාවන්ගෙන් එකක්. එකම ස්ත්‍රීය නැවතත් මොහු එක්කං එනවා මං දැකලා නැහ.

උක්‍රේන ජාතිකයන් විවිදත්වය ප්‍රිය කල බවට මෙය එක්තරා සාදකයක්​. විවාහ භන්දනය තුල සිටිය පයා විවිදත්වය සොයා දෙන්නා දෙපැත්තේ යෑම එදා මා සිටි උක්‍රේනෙය් සාමාන්‍ය දෙයක්.

කාමර අංක 2 සිටියේ යෙමන් ජාතික zසමීර්, මොහු ගැන කියන්න මට වැඩි දෙයක් නැත්තේ, ඔහු සමඟ මා වචන හුවමාරු කර ගත්තේ බොහෝම සීමිත නිසයි. මොහු අනුයුක්ත වී සිටියේ වෛද්‍ය පීඨයටයි.

සිකුරාද සවස තම පදෲගා (මිතුරිය​​) 'කාත්‍යා’ සම​ඟ අපේ හොස්ටල් එකට ඔහු පැමිනෙයි. ​​සඳුදා උදේම තම මිතුරියද කැටුව ඔහු නික්ම යයි. නැවතත් එන්නේ එළඹෙන සිකුරාදාවටයි.

වෛද්‍ය පීඨයට අයත් නේවාසිකයක කාමරයක් හිමි මොහු, ඉහත කී අංක 2 කාමරය අරගෙන තිබුනේ කාත්‍යා සමඟ නිදහසේ නැවැතුම් ගැනීමට​යි.

වෛද්‍ය පීඨයේ මොහු බෝධිසත්වයෙක් වෙන්නත් ඇති​ සමහරවිට, අපි නොදන්නවාට!

උක්‍රේන සාමාන්‍යයට අනූව මොහුට සිටියේ පස්තයාන්ස්කයා පදෲගා(ස්තීර මිතුරිය​​)කි.

'ස්තීර' කිව්වට විවාහයෙන් අවසන් වෙනවාම කියන එක නෙමෙයි අර්ථය, තරමක වැඩි කාලයක් එකට සිටීමයි.

කාමර අංක 3 සිටියෙත් යෙමන් ජාතිකයෙක්, ඔහුගේ නම 'සියාඩ්'. සියාඩ් අනුන්ට උදව් කරන හොඳ හිතක් තිබුනු පිස්සු පොරක්.

ඔහුගේ කාමරයේ මෙන්ම පොදු සාලයේ තිබුනු බොහෝ බඩු මුට්ටු ඔහුගේ ඒවාම විය​, කිසිම ගානක් නැතිව අපි ඒවා බාවිතා කරන්නේ අපේ ඒවා මෙනි.

ගමනක් යනවිට අපි අපේ කාමරයේ දොර වසාගෙන යනමුත් ඔහු කිසි දිනක එය නොකරයි. බැහැරව​ යනවිටත් ඔහු අපට කියල යන්නේ '

'උවමනා යමත් ඇත්නම් අරගන්න’ කියලයි.

සැහැල්ලුව විනෝදකාමීව ජීවත් වෙන්න කැමැති zසියාඩ් නිහතමානීයි, ‘සියාඩ්’ වලියට බර එකෙකි.
බීගත්තු වෙලාවක,

අහල පහල උක්‍රේනුවන් සමඟ zසියාඩ් වලියට යයි, මැදට පැන දෙපැත්ත සමදාන කරන්නේ බොහෝ විට මමයි.

විහිළුව නෙවෙයි කියන්නේ, බීගත්තු නිසානේ මූ රන්ඩු උනේ, ඉතිං පසුවදා ආයෙත් බීපංකෝ අපි, ඒ රන්ඩු කර ගත්තු එවුනුත් එක්ක.

කියන්නේ නම් කොම්ප්‍රෝමයිස් ෂොට් එක​​​ කියල.
ඕක ෂොටයකින් නවතින්නෑ, හවස් වෙනකං යනවා පාටිය.

සමහරවිට, පහුවදා උදේම 'පහඃමලීත්සා' (හිසේ ඇම්ම නැති කරන උදේට බොන, බෙහෙත් ෂොට් එක​) අන්න ඒකත් අපිට​ බොන්න සිදුවෙනවා.

බොන්න උවමනාවට රුස්කීන් (රුසියානුවන්) එක එක නම් හදාගෙනයි තිබුනේ. රුස්කීන්ට නම් වොඩ්කා බොන්න හඃලේබ් (පාන්) පෙත්තකුයි, අගෲස්කි (පිපිංඤා (විනාකිරිවල පදම් කල​)) තිබුනොත් ඇති.

ඉතිං මං මෙතන කියන්න ආවේ, zසියාඩයා රුස්කීන්ට අන්තයි බව කියන්නයි. ඊගර් වගේ නෙවෙයි මූ, බර හැදුනාමයි පිට්ටනි හොයන්නේ ගන්නේ. වෙරි වැඩි උනාම රෑ දෙගොඩ ජාමේ අපිවත් එක්කං මූ යනවා හොස්ටල් එක වටේ.

පුදුමයි කියන්නේ, මූ හරියටම​ දන්නවනේ හොස්ටල් එකේ කෙල්ලොන්ගේ කාමර​. අහවල් කාමරේ ඉන්න අහවල් එකීගේ නම කියල කතා කරනවනේ හරියටම​.

කොහොම නමුත් අවසානයේ මූත් පස්තයානාවක් (ස්තීර) එකක් සමඟ සෙට්ල් වුනා. ඒකෙන් මූගේ කරච්චලෙන් අපිත් නිදහස් උනා.

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 1

"විසිනව වසක් හද​ ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව​ සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු,  සුන්දර අතීතය තුල ​ඔබද රඳවාගන්නයි'

"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"



උක්රේනය !

(පරිච්චේදය) 1

එදා, 1994 ක්‍රිස්තු වර්ශයේ මාර්තු අට වෙනි දිනයි, අප එදා සිටී පරිසරයට අනූව, එදින​ ''වස්මෝවා මාර්තා'' (මාර්තුවේ අට) යි. එය බවලත්තන්ගේ දිනයයි,

ස්ත්‍රීන් වර්ණනාවන්ගෙන් නැහැවෙන​, ​ආවතේව ඝරු බුහුමන් උපරිමයෙන් ලබන​, එය ඔවුන්ගේම දිනයයක් විය. එදින​, පුරුෂ පක්ෂය විසින් ඥාතීත්ව, මිත්‍රත්වයන්ට අනුකූලව,

කේජු-කැවිලි, මාල-වලළු, මුදු-කරාඹු, ඩෙනිම්-බොටොම්, රෙද්ද-හැට්ට​, සාය-සෙරෙප්පු, සෙන්ට්- පවුඩර්, පුෂ්ප​-කලඹ වැනි තෑගි බෝගද​.

හාදු-මෝදු, වැඳුම්-පිදුම්ද, සුභම්-පැතුම්, අරව මේවා වැනි ආදර සංග්‍රහද ලබා දී තම ස්ත්‍රී පාක්ෂිකයන්ව සතුටු කරන දිනයයි. ​

අනෙක් තැන් කෙසේ වෙතත්, බටහිර යුරෝපය​ එසේමත් නැති නම්, මා එදා සිටී උක්‍රේනයට එය එවන්ම​ දිනයක් විය​.

මා ඉඳ​ සිටී තැන,

ලෝහ​​ තිරයට ආවරණයව සිට​ (පොලිස් කාරයාගේ උප්පරවැට්ටියකින්ද කොහිද)​ සී සී කඩ වූ රුසියාවෙන් මිදී.

ප්‍රතිපත්තිමය පෙරළියක්ද සමඟ, 1991 පටන් '​මාද දැන් ධනවාදියෙකි' කියමින්.

බොලඳ අඩි තබන, නවතම ගමනක් ඇරඹා ඇති වයස 3 කට වඩා නොමේරූ.

ආගමක් දහමක් මරණයක් මතු ජීවිතයක් නැතෙයිම නම්, මිහිමත සුරපුරයක් වූ ''උක්‍රේනයේ’’,

දනියත්ස්ක්,

දිස්ත්රික්ක සතරකින් සමන්විත දනියස්ක් මහදිසාවේ පරිපාලක​ දනියස්ක් දිස්ත්රික්කයේ ඇති 'ස්තූදියන්ත්චෙස්කි ගරදොෆ්' (ශිෂ්‍ය නගරය)​ ලෙස​ හඳුන්වනු ලැබූ,

බැලූ බැලූ හැම අතේම දිග ලෝම කබා​, කොට හම් කබා, කන් වසන විශාල ලෝම තොප්පි, බෙල්ල වටා මෆ්ලර්, කලවාවල තදට​ ඇඳී ස්කිනි, දනහිස තෙක් වසන හැඩ දැමූ සපත්තු පැලඳ, ක්‍රීම් පුයර තොල් සායම් සුවඳ තවරාගෙන​,

පසුවෙන්නට යන දේශනාව අල්ලගන්ට කඩිසර ගමනින් යන සුඛොමල ශිෂ්‍යාවියන්ගෙන්ද,

දිග ඝන කබා කන වසන ඝන තොප්පි, මෆ්ලර්, දනහිස දක්වා ඝන සපත්තු පළඳාගෙන,

''ඉදී, පභීස්ත්රේ, මීඃ, ඌzෂේ අප​zස්ධීලීඃ, භිල්යාත් (විගහට පලයං හු, අපි දැනටමත් පරක්කුයි)’’ලෙස,

ඉක්මන් කරවන​ මිතුරාගේ ගොරෝසු හඬ නෑසුනාක් මෙන් අතේ තිබුනු 'සිහරේට්'ටයෙන් තවත් උගුරක් අදිමින්,

සැහැල්ලු ගමන් යන කඩවසම් ශිෂ්‍යයන්ගෙන්ද,

රුසියානු ගෘහ නිර්මාණ ශිල්පය ගැන ලොවට කියන අලංකාර ගොඩනැගිළිවලින් පිරිපුන්, ​ඒ සුන්දර 'දනියත්ස්ක්' නුවර,

දපාෂ්,

ප්‍රධාන නගරයේ සිට​ ත්‍රිලේ බසයකින්, අෆ්තෝ බසයකින් හෝ ටැක්සියකින් ලඟා විය හැකි ප්‍රධාන නගරයෙන් තරමක් එපිට,

ගමක් හෝ නගරයක් ලෙස හැඳින්විය නොහැකිව තිබුනු තට්ටු නිවාසවලින් සමන්විත 'දපාෂ්’ වල,

නගරයේ තිබුනු අලංකරණය, තදබදය​, ගොඩනැගිලි, වාහනවල ශබ්ද​, සිසු සිසුවියන්ගේ උසුලු විසුලු සිනා හඬ,

කිසිවක් නැති නිස්කලංක පරිසයක, පොරෝගෙන හිම වස්සන තවමත් සීත ඍතුව පසුකරන "zෂිමා (සීත සමයේ)

මහ මෝසම් කාලයේ අප සවස් කාලයේ දකින්නා වැනි අහස් අඳුරක් මුළු දවාලෙම පතුරුවාගෙන, වියලන ලද පොල් කුඩු පුළුං එකතුව බිම එළලා,

සුදෝ සුදින් පලාතම ආවරණය කර ඇතිවා සේ දසුනක්, හිම වසා ඇති​ දපාෂය දවසේම​ දිස් කලේය.

සුළු සඳ එළියක දී පවා විදුලි ආලෝකයක් නොමැතිව රාත්‍රියේ පියමන් කල හැකි පරිසරයක් නිර්මාණය වී තිබුනේ,

සුදු හිම මත පතිත වන සඳ එළිය උපරිමයෙන් පරාවර්තනය වන්න වූ නිසාය.​

දේශගුණික විපර්යාසයන් නිසා නඩත්තු නොවී අඳුරුව දුඹුරුවී තිබුනු මහල් නිවාස​, කෙස් නැති තට්ටයන් මෙන් දිස්වුනු මුළුමනින්ම කොළ හැලී මොටු නොමැති ගස් වැල්,

හිමවලින් වැසී තැනින් තැන මතුවට පෙනුනු විදුලි හෝ දුර​කතන නඩත්තු කුටි,

අනාතව පෙනුනු කපා හෙලන ලද ගස්වල මහත අඩි දපාෂය මූසලව තබාගෙන උන්නෝය.

නොගිහින් බැරි නිසාම අපහසුවෙන් එළිබැස බෑගයක් උස්සං ඇවිදගෙන යන කබා තොප්පි කාර දේදුෂ්කෙක් (මහල්ලෙක්),

ලනුව අතේ අල්ලං සුනඛයගෙ වේගෙට ඔරොත්තු දෙන්න බැරිව ඌ පසු පසින් ඇදී යන ​කබා තොප්පි කාර බාබුෂ්කියක් (මැහැල්ලියක්),

ඉඳල හිටල ‘බෲම්ම්ම්’ හඬ නගමින් මද වේගෙන් දිව යන ලාඩා, වොල්ගා, මොස්ක්විච් (මෂ්ෂීනා(කාර්)) එකක්,

ඇරෙන්න මුළු වටා පිටාවම පාලුවට තිබුනි. මේ සවස් කාලයේ පෙනෙන දපාෂයයි.

රාත්‍රියට හොල්මනක් දෙකක් හරි යනව ඇති සමහරවිට, රෑ ජාමෙට නම් හොල්මන් යන්නෙත් නැතිව ඇති,

මොකද! ​පොරෝගෙන නිදාගන්න එක ඒ තරම් සනීපයි, ඒ තිබුනු සීතලේට.

​බැනියමක්, ටී ෂර්ට් එකක්, ස්වේටරයක්, බෙලි ආවරණයක්, බොටෝමයක්​, හිම කබායක්, කන් තෙක් වසන​ හිස වැස්මක්,

ඝන සපත්තු කුට්ටමක් හා අත් ආවරණ​ නැතිව ඒළි මහනේ අඩියක් වත් තියන්න බැරි, තද​ සීත බලෙන්ම​ රිංගා ශරීරයට කටු අනින කාලයක්.

මේ ඇඳුම් එකින් එක ඇඳගෙන එළි බහින්න අවමව පැය බාගයක්වත් ඕනෑ.

අපි මාලු, මස් ගත්තනම්, ඒව තියන්නේ අපේ බැල්කනියේයි, එළවලු පළතුරු තිබ්බත් නරක් නොවී නැවුම්ව තියෙන පරිසරයක්.

මේවා ගැන සිතෙනකොටයි තේරෙන්නේ අපි කොයි තරම් වාසනාවන්තයෝද කියා

ගොඩනැගිල්ල: අකදේමියාවට අනුයුක්ත සයවෙනි නේවාසිකාගාරය.

පිට අවකාශයට සම්භන්ද වන සෑම දොරක් ජනේලයක්ම සීතලයට ඔරොත්තු දෙනු පිනිස​, පලු දෙක ගානේ යොදා, තනවා ඇති බ්ලොක් ගල් කොන්ක්රීට් වලින් නිමවා,

රජයේ විශ්ව විද්යාලයට අනුබද්ධ​​​ මහල් අටකින් යුත් කලු දුඹුරටම පෙනුනු සයවෙනි නේවාසිකාගාරයේ,

පිට දොරෙන් ඇතුල් වී දෙවෙනි දොරින් මතුවට ඇති නේවාසිකාගාරය මතු කලේ හාත්පසින්ම වෙනත් පරිසරයකි. පිටත අවකාශයේ තිබුනු තද සීතල එහි නොතිබුනි​.

ගොඩනැගිල්ල පුරාවටම මධ්‍යම සැපයුම් පද්දතියක් හරහා සපයා තිබුනු තාපක රශ්මිය ශරීරයට සනීපයක් ගෙන​ දුනි.

ෆ්ලෝරසන්ට් එළියෙන් නැහැවී තිබූ බිම් මහලේ සෝෆා සැටිවල ඉඳං කුමන හෝ කර්තව්යයක් සඳහා රැඳී සිටින තරුණ තරුණියන්,

ඔවුන්ගේ කෙළිලොල් කතා හඬ පරිසරය පුරා පැතිර තිබුනේය​.

විරාමයක් නැතිව ඉහළ පහළ යන එන විදුලි සෝපානයේ දොර ඇරෙන වැසෙන සියුම් හඬ, එය තුලින් යන එන පිරිස්,

ඔවුන්ගේ ඉක්මන් අඩි ශබ්ද පරිසරයට කාර්යබහුල බවක් නිර්මාණය කර තිබුනි.

නේවාසිකාගාරයේ නාන කාමර පෙළ සකසා තිබුනේ ප්‍රධාන සාලයට යාබදව බැවින්, ඒ හරහා නිතර පහේ නාන කාමර වෙත එන යන​ තරුණ තරුණියන්ගේ පියමං හඬ,

එහි කාර්‍ය බහුල බව තව තවත් වැඩි කලේය.

ජම්පරයකින් බොටොමක් සමඟ නෑමට යන තරුණයන් වෙත පතිත වෙන අවදානය කෙසේ වෙතත්,

සුළු තන පටයක්, කෙටි තුවායක් පැළඳ සමහර කරුණු චායාවන් ලෙස දිස් කරමින්,

නාන්න ඇදෙන​ තරුණියන්ගේ දර්ශන ගත සිත පිනවනයි.

සේවා කාලයේ දී ලැබෙන සුළු විරාමයක දී ඕපාදූප කියමින් ''ප්චූස්' ගා කන තෙක් ඉස්සූ අතක් සැරෙන්
ව​නා​ සිනාසෙන,

'බාබුෂ්කි'ලාගේ කොක් හඬ, ඉඳ හිට කාට හෝ කඩා පනින කමින්දාන් (නිවාස පාලක​) ගේ ගෝරනාඩුව වින්දනයක් ඇති කලේය​.

ඉහළ මහල්වල මග්නිතෆෝන් (හයි ෆයි සෙට්) තුල යටි උගුරෙන් කෑ ගසන 'විට්නී හියුස්ටන්' අහසේ පාවෙන 'පෙට් ශොප් බොයිස්'

පඩි පෙල දිගේ දුවන 'හැඩවේ' මදිවට 'මෝරේ සීල්නී මරීයියා' කියමින් නටන 'යූරාද' අපේ කන්වලට ආයසයකින් කෙඳිරුවෝය.

ඒ නේවාසිකාගාරයේ බිම් මහලයි. ​